Pali BJTභීතසුත්තං.
Sinhala BJTභීත සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT75. කිං සූ’ධ භීතා ජනතා අනෙකා මග්ගො ච නෙකායතනං පවුත්තො, පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ කිස්මිං ඨිතො පරලොකං න භායෙති.
Sinhala BJT75. මහාප්‍රාඥ වූ ගෞතමයන් වහන්ස, මුඹවහන්සේ විචාරමි. මාර්‍ගය ද (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇත්තක් කොට ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ ලෝකයෙහි නොයෙක් ජන සමූහයෝ කුමට බිය වූවාහු ද? කිමෙක සිටියේ පරලොවට බිය නොවන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTවාචං මනඤ්ච පණිධාය සම්මා කායෙන පාපානි අකුබ්බමානො, බව්හන්නපානං{1} ඝරමාවසන්තො සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ, එතෙසු ධම්මෙසු ඨිතො චතූසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙති.
Sinhala BJTවචනය ද සිත ද මනා කොට පිහිටුවා, කයින් පව් නොකරණ, බොහෝ ආහාරපාන ඇති ගෙහි වසන, ශ්‍රද්ධාවත්, මෘදුගුණ ඇති, බෙදා දී වළඳන සුලු, දන්කලු, සිවු දහම්හි සිටි පුද්ගල තෙමේ දහම්හි සිටියේ පරලොවට බිය නො වන්නේ ය.
Pali BJT1. 8. 6.
Sinhala BJT1. 8. 6.
Pali BJTනජීරතිසුත්තං
Sinhala BJTනජීරතී සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT76. කිං සු ජීරති{2} කිං න ජීරති කිං සු උප්පථොති වුච්චති, කිං සු ධම්මානං පරිපන්ථො කිං සු රත්තින්දිවක්ඛයො, කිං මලං බ්රහ්මචරියස්ස කිං සිනානමනොදකං.
Sinhala BJT76. කිමෙක් දිරා ද? කිමෙක් නො දිරා ද? කිමෙක් නොමග ය යි කියනු ලැබේ ද? දහමුන්ට උවදුරු කිමෙක් ද? කිමෙක් රෑදෙවෙහි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දියරහිත නෑම කිමෙක්ද?
Pali BJTකති ලොකස්මිං ඡිද්දානි යත්ථ චිත්තං න තිට්ඨති, භගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
Sinhala BJTයම් තැනක සිත නො සිටී නම් ලොව (එබඳු) සිදුරු කෙතෙක් ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි ඒ කෙසේ දනිමු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTරූපං ජීරති මච්චානං නාමගොත්තං න ජීරති, රාගො උප්පථොති වුච්චති ලොභො ධම්මානං පරිපන්ථො වයො රත්තින්දිවක්ඛයො ඉත්ථිමලං බ්රහ්මචරියස්ස එත්ථායං සජ්ජතෙ පජා, තපො ච බ්රහ්මචරියඤ්ච තං සිනානමනොදකං.
Sinhala BJTසත්ත්‍වයන්ගේ රූපය දිරයි. නාමගෝත්‍රය නො දිරයි. රාගය නොමග ය යි කියනු ලැබේ. ලෝභය දහමුන්ට උවදුරු ය. වයස රෑදෙවෙහි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ, තපස ද බඹසර ද (යන) එය දිය රහිත නමැයි.
Pali BJTඡ ලොකස්මිං ඡිද්දානි යත්ථ විත්තං න තිට්ඨති, ආලස්සං{3} ච පමාදො ච අනුට්ඨානං අසංයමො, නිද්දා තන්දි ච{4} තෙ ඡිද්දෙ සබ්බසො තං විවජ්ජයෙති.
Sinhala BJTයම් තැනෙක සිත නො සිටී නම් ලොව එබඳු සිදුරු සයෙකි. අලසබව ද පමාව ද නැගී නො සිටීම ද අසංවරය ද නින්ද ද තෙමරිය ද ඒ සිදුරු යි. එය සර්‍වප්‍රකාරයෙන් දුරු කරන්නේ ය.
Pali BJT1. 8. 7.
Sinhala BJT1. 8. 7.
Pali BJTඉස්සරසුත්තං.
Sinhala BJTඉස්සර සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT77. කිං සු ඉස්සරියං ලොකෙ කිං සු භණ්ඩානමුත්තමං, කිං සු සත්ථමලං ලොකෙ කිං සු ලොකස්මිං අබ්බුදං{5}.
Sinhala BJT77. ලොව අධිපති බව කිමෙක් ද? බඩු අතුරෙන් කිමෙක් උතුම් ද? ලොව මලබැඳි සැත කිමෙක් ද? ලොව උවදුරු කිමෙක් ද?
Pali BJTකිං සු හරන්තං වාරෙන්ති හරන්තො පන කො පියො, කිං සු පුනප්පුනායන්තං අභිනන්දන්ති පණ්ඩිතාති.
Sinhala BJTහැර ගෙණ යන කවරකු වළකත් ද? හැර ගෙණ යන කවරෙක් ප්‍රිය වේ ද? පුනපුනා එන කවරකු පණ්ඩිතයෝ පිළිගණිද් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTවසො ඉස්සරියං ලොකෙ ඉත්ථි භණ්ඩානමුත්තමං, කොධො සත්ථමලං ලොකෙ චොරා ලොකස්මිං අබ්බුදං{1}
Sinhala BJTලොව වශය (අණ පැවැත්වීම) අධිපති බව යි. බඩු අතුරෙන් ස්ත්‍රිය උතුම් ය. ලොව ක්‍රෝධය මලබැඳි සැතයි. සොරු ලොව උවදුරුහ.
Pali BJTචොරං හරන්තං වාරෙන්ති හරන්තො සමණො පියො, සමණං පුනප්පුනායන්තං අභිනන්දන්ති පණ්ඩිතාති.
Sinhala BJTහැර ගෙණ යන සොරහු වළකත්. හැර ගෙණ යන මහණ තෙමේ ප්‍රිය වේ. පුනපුනා එන මහණහු පණ්ඩිතයෝ පිළිගණිත්.
Pali BJT1. 8. 8.
Sinhala BJT1. 8. 8.
Pali BJTකාමසුත්තං
Sinhala BJTකාම සූත්‍රය.
Pali BJT[දෙවතා]
Sinhala BJT[දෙවි:]
Pali BJT78. කිමත්ථකාමො න දදෙ කිං මච්චො න පරිච්චජෙ, කිං සු මුඤ්චෙය්ය{2} කල්යාණං පාපික{3}ඤ්ච න මොචයෙති{4}.
Sinhala BJT78. වැඩ කැමති සත්ත්‍ව තෙමේ කුමක් නො දෙන්නේ ද? කුමක් නො හරනේ ද? යහපත් වූ කුමක් මුදන්නේ ද? ලාමක වූ කුමක් නො මුදන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅත්තානං න දදෙ පොසො අත්තානං න පරිච්චජෙ, වාචං මුඤ්චෙය්ය{2} කල්යාණං පාපිකඤ්ච{3} න මොචයෙති{4}.
Sinhala BJTසත්ත්‍ව තෙමේ තමා නො දෙන්නේ ය. තමා නො හරනේ ය. යහපත් වචන මුදන්නේ ය. ලාමක වචන නො මුදන්නේ ය යි.
Pali BJT1. 8. 9.
Sinhala BJT1. 8. 9.
Pali BJTපාථෙය්යසුත්තං
Sinhala BJTපාථෙය්‍ය සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT79. කිං සු බන්ධති පාථෙය්යං කිං සු භොගානමාසයො, කිං සු නරං පරිකස්සති කිං සු ලොකස්මිං දුජ්ජහං, කිස්මිං බද්ධා පුථු{5} සත්තා පාසෙන සකුණී යථාති.
Sinhala BJT79. කිමෙක මගඋවරණ බඳී ද? කිමෙක භෝගයන්ට පිහිට වේ ද? කිමෙක් මිනිසා අදනේ ද? ලොව කිමෙක දුර ලීමට දුෂ්කර ද? මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ කිමෙක බැඳුනාහු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්ධා බන්ධති පාථෙය්යං සිරී භොගානමාසයො, ඉච්ඡා නරං පරිකස්සති ඉච්ඡා ලොකස්මිං දුජ්ජහා, ඉච්ඡාබද්ධා පුථු{5}සත්තා පාසෙන සකුණී යථාති.
Sinhala BJTශ්‍රද්ධාව මගඋවරණ බඳී. ඓශ්වර්‍ය්‍යය භෝගයන්ට ප්‍රතිෂ්ඨාස්ථාන ය යි. තෘෂ්ණාව සත්ත්‍වයා අදනේ ය. ලොව තෘෂ්ණාව දුරලීමට දුෂ්කර ය. මළපුඩුවෙන් බැඳුනු ලිහිණියක මෙන් බොහෝ සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් බැඳුනෝ ය.
Pali BJT1. 8. 10.
Sinhala BJT1. 8. 10.
Pali BJTපජ්ජොතසුත්තං
Sinhala BJTපජ්ජෝත සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT80. කිං සු ලොකස්මිං{6} පජ්ජොතො කිං සු ලොකස්මිං{6} ජාගරො, කිං සු කම්මෙ සජීවානං කිමස්ස ඉරියාපථො.
Sinhala BJT80. ලොව පහන කිමෙක් ද? ලොව නිදිවරන්නා කවරෙක් ද? සමග ජීවත්වන්නවුන්ට කවරෙක් කර්‍මාන්තයෙහි (සහාය) වේ ද? කිමෙක් ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) වේ ද?
Pali BJTකිං සු අලසං අනලසඤ්ච මාතා පුත්තංව පොසති, කිං සු භූතූපජීවන්ති යෙ පාණා පඨවිංසිතාති.
Sinhala BJTකිමෙක් අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපඤ්ඤා ලොකස්මිං{1} පජ්ජොතො සති ලොකස්මිං{1} ජාගරො, ගාවො කම්මෙ සජීවානං සීතස්ස ඉරියාපථො.
Sinhala BJTනුවණ ලොව පහන ය. සිහිය ලොව නිදිවරන්නා ය. එක්ව ජීවත් වන්නවුන්ට කර්‍මාන්තයෙහි ගෙරිහු (සහාය) වෙති. හීවට ඔහුගේ ඉරියව්ව (දිවිපැවැත්ම) යි.
Pali BJTවුට්ඨි අලසං අනලසඤ්ච මාතා පුත්තංව පොසති, වුට්ඨිං භූතූපජීවන්ති යෙ පාණා පඨවිංසිතාති.
Sinhala BJTවැස්ස අලසයාත් අනලසයාත් මව පුතකු පුස්නාක් සෙයින් පුස්නේ ය, පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්‍වයෝ වැස්ස නිසා ජීවත් වෙත්.
Pali BJT1. 8. 11.
Sinhala BJT1. 8. 11.
Pali BJTඅරණසුත්තං
Sinhala BJTඅරණ සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT81. කෙ සූධ අරණා ලොකෙ කෙසං වුසිතං න නස්සති, කෙධ ඉච්ඡං පරිජානන්ති කෙසං භොජිස්සියං{2} සදා.
Sinhala BJT81. මේ ලෙව්හි කවුරු කෙලෙස් නැත්තෝ ද? කවුරුන්ගේ විසීම නො නැසේ ද? මෙහි කවුරු තෘෂ්ණාව පිරිසිඳ දනිද් ද? කවුරුන්ට හැමකල්හි නිදහස්බව වේ ද?
Pali BJTකිං සු මාතා පිතා භාතා වන්දන්තී නං පතිට්ඨිතං, කිං සු ඉධ ජාතිහීනං අභිවාදෙන්ති ඛත්තියාති.
Sinhala BJT(ශීලයෙහි) පිහිටි ඒ කවරකුට මවත් පියාත් බෑයාත් වැඳිද් ද? මෙලොව්හි පහත් ජාති ඇති කවරකුට ක්‍ෂත්‍රියයෝ වැඳිද් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසමණීධ අරණා ලොකෙ සමණානං වුසිතං න නස්සති, සමණා ඉච්ඡං පරිජානන්ති සමණානං භොජිස්සියං{2} සදා.
Sinhala BJTමෙලොව්හි ශ්‍රමණයෝ කෙලෙස් නැත්තෝ ය. ශ්‍රමණයන්ගේ විසීම නො නැසේ. ශ්‍රමණයෝ තෘෂ්ණාව පිරිසිඳ දනිත්. ශ්‍රමණයන්ට හැමකල්හි නිදහස් බව වේ.
Pali BJTසමණං මාතා පිතා භාතා වන්දන්ති නං පතිට්ඨිතං, සමණීධ ජාතිහීනං අභිවාදෙන්ති ඛත්තියාති.
Sinhala BJTශීලයෙහි පිහිටි ඒ ශ්‍රමණයාට මවත් පියාත් බෑයාත් වඳිත්. මෙහි පහත් ජාති ඇති ශ්‍රමණයාට ක්‍ෂත්‍රියයෝ වඳිත්.
Pali BJTඣත්වාවග්ගො අට්ඨමො.
Sinhala BJTඣත්‍වා වර්‍ගය අට වැනියී.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඣත්වා රථඤ්ච චිත්තඤ්ච වුට්ඨි භීතා න ජීරති, ඉස්සරං කාමං පාථෙය්යං පජ්ජොතො අරණෙනචාති.
Sinhala BJTඣත්‍වා, රථ, චිත්ත, වුට්ඪි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්‍ය, පජේජාත, අරණ ය යි සූත්‍ර එකොළොසෙකි.
Pali BJTදෙවතාසංයුත්තං සමත්තං.
Sinhala BJTදේවතා සංයුත්තය නිමියේ ය.
Pali BJT2. දෙවපුත්තසංයුත්තං
Sinhala BJT2. දේවපුත්ත සංයුත්තය
Pali BJT1. සුරියවග්ගො
Sinhala BJT1. සුරිය වර්‍ගය
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJTපඨමකස්සපසුත්තං
Sinhala BJTපඨමකස්සප සූත්‍රය
Pali BJT82. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො කස්සපො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි.
Sinhala BJT82. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති කසුප් දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය.
Pali BJTඑකමන්තං ඨිතො ඛො කස්සපො දෙවපුත්තො භගවන්තං එතදවොච: “භික්ඛුං භගවා පකාසෙසි. නො ච භික්ඛුනො අනුසාසනින්ති.”{1}
Sinhala BJTඑකත් පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “භාග්‍යවතුන් වහන්සේ මහණහු පැවසූ සේක. මහණහට අනුශාසනාව නො ද (පැවසූ සේක) යි.”
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතෙන හි කස්සප තඤ්ඤෙවෙත්ථ පටිභාතූති.
Sinhala BJTකාශ්‍යපය, එසේ වී නම් මෙහි ලා තොපට ම වැටහේවා.
Pali BJT[කස්සපදෙවපුත්තො:]
Sinhala BJTSegment missing in this edition
Pali BJT“සුභාසිතස්ස සික්ඛෙථ සමණූපාසනස්ස ච, එකාසනස්ස ච රහො චිත්තවූපසමස්ස චාති.”
Sinhala BJT“වාක්සුචරිතය වඩන්නේ ය. ශ්‍රමණයන් විසින් එළඹිය යුතු අටතිස් අරමුණු ද කායවිවේකය ද (අෂ්ටසමාපත්ති වශයෙන්) සිත සංහිඳුවීම ද එකලාව වඩන්නේ” යි.
Pali BJTඉදමවොච කස්සපො දෙවපුත්තො සමනුඤ්ඤො සත්ථා අහොසි.
Sinhala BJTකසුප් දෙව්පුත් තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ සමාන අදහස් ඇති වූ සේක.
Pali BJTඅථ ඛො කස්සපො දෙවපුත්තො සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති කසුප් දෙව්පුත් තෙමේ ශාස්තෲන්වහන්සේ මාගේ (වචන) අනුමත කළ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJT2. 1. 2.
Sinhala BJT2. 1. 2.
Pali BJTදුතියකස්සපසුත්තං
Sinhala BJTදුතියකස්සප සූත්‍රය
Pali BJT83. සාවත්ථියං–
Sinhala BJT83. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො කස්සපො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි කසුප් දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTභික්ඛු සියා ඣායී විමුත්තචිත්තො ආකඞ්ඛෙ චෙ හදයස්සානුපත්තිං,ලොකස්ස ඤත්වා උදයබ්බයඤ්ච සුචෙතසො අනිස්සිතො තදානිසංසොති.
Sinhala BJTමහණ තෙමේ ඉදින් හෘදයානුප්‍රාප්තිසඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමතිවන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක් මිදුනු සිත් ඇත්තෙක් (එහෙයින් ම) මනා සිත් ඇත්තෙක් (තෘෂ්ණාදෘෂ්ටින්) අනිඃශ්‍රිතයෙක් ඒ අර්‍හත්ත්‍වය අනුසස් කොට ඇත්තෙක් වන්න්නේ යි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJTමාඝසුත්තං
Sinhala BJTමාඝ සූත්‍රය
Pali BJT84. සාවත්ථියං–
Sinhala BJT84. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො මාඝො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි . එකමන්තං ඨිතො ඛො මාඝො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති මාඝ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි මාඝදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකිං සු ඣත්වා සුඛං සෙති කිං සු ඣත්වා න සොචති, කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතමාති.
Sinhala BJTකුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක් දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකොධං ඣත්වා සුඛං සෙති කොධං ඣත්වා න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස වත්රභූ, වධං අරියා පසංසන්ති තං හි ඣත්වා න සොචතීති.
Sinhala BJTක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. ශක්‍රය, විෂ වූ මුල ඇති මිහිරි වූ අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
Pali BJT2. 1. 4.
Sinhala BJT2. 1. 4.
Pali BJTමාගධසුත්තං
Sinhala BJTමාගධ සූත්‍රය
Pali BJT85. සාවත්ථියං–
Sinhala BJT85. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො මාගධො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි මාගධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකති ලොකස්මිං පජ්ජොතා යෙහි ලොකො පකාසති, භවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
Sinhala BJTයමෙකින් ලොව බබාලා නම් එබඳු එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTචත්තාරො ලොකෙ පජ්ජොතා පඤ්චමෙත්ථ න විජ්ජති, දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්දිමා.
Sinhala BJTලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක නැත. දවල් හිරු බබලයි. සඳු රෑ බබලයි.
Pali BJTඅථ අග්ගි දිවාරත්තිං තත්ථ තත්ථ පකාසති, සම්බුද්ධො තපතං සෙට්ඨො එසා ආභා අනුත්තරාති.
Sinhala BJTතව ද ගින්න රෑදෙවෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර ය.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJTදාමලිසුත්තං
Sinhala BJTදාමලි සූත්‍රය
Pali BJT86. සාවත්ථියං–
Sinhala BJT86. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො දාමලි දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දාමලි දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති දාමලි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි දාමලිදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කී ය:
Pali BJTකරණීය මෙතං{1} බ්රාහ්මණෙන පධානමකිලාසුනා{2}, කාමානං විප්පහාණෙන න තෙනාසිංසතෙ{3} භවන්ති.
Sinhala BJTනොමැලි වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා විසින් මේ වීර්‍ය්‍යය කටයුතු ය. වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ ඒ විශේෂ ප්‍රහාණිය හේතු කොට ගෙණ කිසි භවයක් නො පතයි.
Pali BJTනත්ථි කිච්චං බ්රාහ්මණස්ස (දාමලීති භගවා) කතකිච්චො හි බ්රාහ්මණො, යාව න ගාධං ලභති නදීසු ආයූහති සබ්බගත්තෙභි ජන්තු ගාධඤ්ච ලද්ධාන ථලෙ ඨිතො සො නායූහති පාරගතො හි සොති.{4}
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. දාමලි දේවපුත්‍රය, (බාහිත පාපී) බ්‍රාහ්මණයාට කිසෙක් නැත. ඒ බමුණු තෙමේ කළ කිස ඇත්තේ ම ය. සත්ත්‍ව තෙමේ ගඞ්ගාවන්හි යම්තාක් පිහිටක් නො ලබා ද? (ඒතාක්) සියලු අවයවවලින් වෑයම් කෙරෙයි. හෙ තෙමේ පිහිටක් ලැබ ගොඩ සිටියේ යම් හෙයකින් පරතෙරට ගියේ ද, (එහෙයින්) හෙ තෙමේ වෑයම් නො කෙරෙයි.
Pali BJTඑසූපමා දාමලි බ්රාහ්මණස්ස ඛීණාසවස්ස නිපකස්ස ඣායිනො, පප්පුය්ය ජාතිමරණස්ස අන්තං නායූහති පාරගතො හි සොති.
Sinhala BJTදාමලි, ධ්‍යාන කරණසුලු ප්‍රඥා ඇති ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයාට මේ උපමායෙකි. හෙ තෙමේ ජාතිමරණ දෙක්හි කෙළවරට පැමිණ පරතෙරට ගියේ ම වෑයම් නො කෙරෙයි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJTකාමදසුත්තං
Sinhala BJTකාමද සූත්‍රය
Pali BJT87. සාවත්ථියං–
Sinhala BJT87. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො කාමදො දෙවපුත්තො භගවන්තං එතදවොච: දුක්කරං භගවා සුදුක්කරං භගවාති.
Sinhala BJTඑකත්පසෙක සිටි කාමද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, (මහණදම් පිරීම) දුෂ්කර ය. භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය.
Pali BJTදුක්කරං වාපි කරොන්ති (කාමදාති භගවා) සෙඛා{5} සීලසමාහිතා, ඨිතත්තා අනගාරියුපෙතස්ස තුට්ඨි හොති සුඛාවහාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. කාමද, ශීලයෙන් යුත් ස්ථිරස්වභාව ඇති ශෛක්‍ෂයෝ දුෂ්කර වූත් (මහණකම) කෙරෙත්. ගිහිගෙන් වෙන්බවට පැමිණියහුට සුව එළවන සතුට වේ.
Pali BJTදුල්ලභා භගවා. යදිදං තුට්ඨීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, යම් ඒ සතුටෙක් වේ ද, (එය) දුලබ ය.
Pali BJTදුල්ලභං වාපි ලභන්ති (කාමදාති භගවා) චිත්තවූපසමෙ රතා, යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනොති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: කාමද,) යම් කෙනෙකුන්ගේ සිත දහවලුත් රෑත් භාවනායෙහි අලුනේ ද, සිත සංහිඳුවීමෙහි ඇලුනු (ඔහු) දුලබ වූත් සතුට ලබත්.
Pali BJTදුස්සමාදහං භගවා යදිදං චිත්තන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, යම් ඒ සිතෙක් වේ ද, එය එකඟ කිරීම දුෂ්කර ය.