Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7801-7900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං ජානාති පස්සති, අයං වුච්චති. සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ දහම් වෙසෙසින් දනියි ද, දකියි ද, මේ පුඟුල් සෝතාපන්න යැ, අවාහි නොහෙන සුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJTවිඤ්ඤාණ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT304. සාවත්ථියං:
Sinhala BJT304. සැවැත්නුවර:
Pali BJTචක්ඛුවිඤ්ඤාණං භික්ඛවෙ, අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි. සොතවිඤ්ඤාණං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි. ඝානවිඤ්ඤාණං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි. ජිව්හාවිඤ්ඤාණං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි. කායවිඤ්ඤාණං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි. මනොවිඤ්ඤාණං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි.
Sinhala BJTමහණෙනි, චක්ඛුවිඤ්ඤාණය අනිසයැ. වෙනස් වනසුලු යැ ‘අන් පරිදි වනසුලු යැ. සෝතවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. ඝාන විඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ජිව්හාවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. කායවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මනෝවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි.
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති අයං වුච්චති සද්ධානුසාරී -පෙ- සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ දහම් මෙසේ අදහා නම් විමෝක්‍ෂය පිළිලබා නම් ‘සද්ධානුසාරී’ මේ පුද්ගල … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJTඵස්ස සුත්තං
Sinhala BJTඵස්ස සූත්‍රය
Pali BJT305. සාවත්ථියං:
Sinhala BJT305. සැවැත්නුවර:
Pali BJTචක්ඛුසම්ඵස්සො භික්ඛවෙ, අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. සොතසම්ඵස්සො -පෙ- ඝානසම්ඵස්සො -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- කායසම්ඵස්සො -පෙ- මනොසම්ඵස්සො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී. යො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති -පෙ- සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සෝතසම්ඵස්සය … ඝානසම්ඵස්සය … ජිව්හාසම්ඵස්සය ... කායසම්ඵස්සය … මනෝසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා නම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ යයි කියනු ලැබේ.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJTවෙදනා සුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT306. සාවත්ථියං:
Sinhala BJT306. සැවැත්නුවර:
Pali BJTචක්ඛුසම්ඵස්සජා වෙදනා භික්ඛවෙ, අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. සොතසම්ඵස්සජා වෙදනා -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- කායසම්ඵස්සජා වෙදනා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. යො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ -පෙ- සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJTසඤ්ඤා සුත්තං
Sinhala BJTසඤ්ඤා සූත්‍රය
Pali BJT307. සාවත්ථියං:
Sinhala BJT307. සැවැත්නුවර:
Pali BJTරූපසඤ්ඤා භික්ඛවෙ, අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. සද්දසඤ්ඤා -පෙ- ගන්ධසඤ්ඤා -පෙ- රසසඤ්ඤා -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා -පෙ- ධම්මසඤ්ඤා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. යො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ -පෙ- සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, රූපසඤ්ඤාව අනිස ය. වෙනස් වනසුලු ය. ‘අන්පරිදි වනසුලු ය සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව … රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව අනිස යැ. වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJTචෙතනා සුත්තං
Sinhala BJTචේතනා සූත්‍රය
Pali BJT308. සාවත්ථියං:
Sinhala BJT308. සැවැත්නුවර:
Pali BJTරූපසඤ්චෙතනා භික්ඛවෙ, අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. සද්දසඤ්චෙතනා -පෙ- ගන්ධසඤ්චෙතනා -පෙ- රසසඤ්චෙතනා -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා -පෙ- ධම්මසඤ්චෙතනා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. යො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ -පෙ- සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, රූපසඤ්චේතනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව … රසසඤ්චෙතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චෙතනාව අනිස යැ. වෙනස් වනසුලු ය අන්පරිදි වනසුලුයි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ යයි.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJTතණ්හා සුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT309. සාවත්ථියං:
Sinhala BJT309. සැවැත්නුවර:
Pali BJTරූපතණ්හා භික්ඛවෙ, අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා -පෙ- ධම්මතණ්හා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. යො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ -පෙ- සම්බොධිපරායණොති.
Sinhala BJTමහණෙනි, රූපණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, සද්ද තණ්හාව ... ගන්‍ධතණ්හාව … රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJTධාතු සුත්තං
Sinhala BJTධාතු සූත්‍රය
Pali BJT310. සාවත්ථියං:
Sinhala BJT310. සැවැත්නුවර:
Pali BJTපඨවීධාතු භික්ඛවෙ, අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- ආකාසධාතු -පෙ- විඤ්ඤාණධාතු අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. යො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ -පෙ- සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, පඨවිධාතුව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, ආපෝධාතුව ... තේජෝ ධාතුව … වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව අනිස යැ, වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJTඛන්ධ සුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT311. සාවත්ථියං:
Sinhala BJT311. සැවැත්නුවර:
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවී.
Sinhala BJTමහණෙනි, රූපය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය.
Pali BJTවෙදනා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. සඤ්ඤා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. සඞ්ඛාරා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී. විඤ්ඤාණං අනිච්චං විපරිණාමි අඤ්ඤථාභාවි.
Sinhala BJTවේදනාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලු යැ. සංඥාව අනිස යැ, වෙනස්වන සුලු යැ, අන්පරිදි වනසුලුයැ. සංස්කාර අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ, විඥානය අනිස යැ, වෙනස් වනසුලු යැ, අන් පරිදි වනසුලුයි.
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති අයං වුච්චති සද්ධානුසාරී ඔක්කන්තො සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං, අභබ්බො තං කම්මං කාතුං, යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං{1} වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්ය, අභබ්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා ද, (හැදැහීමෙන්) විමෝක්‍ෂය පිළිලබා ද, මේ පුද්ගල සද්ධානුසාරී යැ, ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසියේ යැ, සත්පුරුෂභූමියට බටුයේ යැ, පෘථග්ජන භූමිය ඉක්මවාලී යැ, යම් කර්‍මයක් කොට නිරයට වේවයි තිරිසන් යෝනියට වේවයි ප්‍රේතවිෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට අභව්‍ය යැ, යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය යි කියනු ලැබේ.
Pali BJTයස්ස ඛො භික්ඛවෙ, ඉමෙ ධම්මා එවං පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති, අයං වුච්චති ධම්මානුසාරී ඔක්කන්තො සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං, අභබ්බො තං කම්මං කාතුං යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්ය, අභබ්බොච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, යමකුහට මේ දහම්හු විවසුන් නුවණින් පමණ විසින් ධ්‍යානක්‍ෂම වෙත් ද, මේ පුඟුල් ධම්මානුසාරී යැ, අරීමඟට පිවිසියේ යැ, සපුරිස් බිමට බටුයේ යැ, පුහුදුන් බිම ඉක්මවාලී යැ, යම් කර්‍මයක් කොට නිරෑහි වේවයි තිරිසන්යොන්හි වේවයි පේවිසාහි වේවයි (උපත්විසින්) එළැඹෙනුයේ නම්, ඒ කර්‍ම කරන්නට නො නිසි යැ, සෝතාපත්තිඵලය පසක් කරන තාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං ජානාති, එවං පස්සති, අයං වුච්චති සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ දහමුන් මෙසේ දනියි ද, මෙසේ දකියි ද, මේ පුද්ගල සෝතාපන්න යැ, සතර අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යයි කියනු ලැබේ.
Pali BJTචක්ඛුවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි චක්ඛු වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචක්ඛු රූපඤ්ච විඤ්ඤාණං ඵස්සො ච වෙදනාය ච, සඤ්ඤා ච චෙතනා තණ්හා ධාතුක්ඛන්ධෙන දසාති.
Sinhala BJTචක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යි සූත්‍ර දශයෙකි.
Pali BJTඔක්කන්තිකසංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTඔක්කන්ති සංයුත්තය නිමියේ යි.
Pali BJT5. උප්පාදසංයුත්තං
Sinhala BJT5. උප්පාද සංයුත්තය
Pali BJT1. උප්පාදවග්ගො
Sinhala BJT1. උප්පාද වර්‍ගය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJTචක්ඛු සුත්තං
Sinhala BJTචක්ඛු සූත්‍රය
Pali BJT312. සාවත්ථියං:
Sinhala BJT312. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො රොගානං ඨිති ජරාමරණස්ස පාතුභාවො. යො සොතස්ස -පෙ- යො ඝානස්ස -පෙ- යො ජිව්හාය -පෙ- යො කායස්ස -පෙ- යො මනස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, ඇස පිළිබඳ යම් ඉපැදීමෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුක්හි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි. කන පිළිබඳ යම් … නැහැය පිළිබඳ යම් ... දිව පිළිබඳ යම් … කය පිළිබඳ යම් … සිත පිළිබඳ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහි වීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැද්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ. ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච භික්ඛවෙ, චක්ඛුස්ස නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො. යො සොතස්ස නිරොධො -පෙ- යො ඝානස්ස නිරොධො -පෙ- යො ජිව්හාය නිරොධො -පෙ- යො කායස්ස නිරොධො -පෙ- යො මනස්ස නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, ඇස පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. කන පිළිබඳ යම් නිරෝධයෙක් … නැහැය පිළිබඳ යම් යම් නිරෝධයෙක් ... දිව පිළිබඳ යම් නිරෝධයෙක් … කය පිළිබඳ යම් නිරෝධයෙක් … සිත පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 2.
Sinhala BJT5. 1. 2.
Pali BJTරූප සුත්තං
Sinhala BJTරූප සූත්‍රය
Pali BJT313. සාවත්ථියං:
Sinhala BJT313. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො සද්දානං -පෙ- යො ගන්ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට්ඨබ්බානං -පෙ- යො ධම්මානං උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපයන්ගේ යම් ඉපැද්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ. රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමරණයෙහි පහළවීම යි. ශබ්ද යන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් ඉපැත්මෙක් පැවැත්මෙක් බිහිවීමෙක් පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම යැ, රෝගයන්ගේ පැවැත්ම යැ, ජරාමණයෙහි පහළවීම යි.
Pali BJTයො ච භික්ඛවෙ, රූපානං නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, රූපයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ, රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJTයො සද්දානං -පෙ- යො ගන්ධානං -පෙ- යො රසානං -පෙ- යො ඵොට්ඨබ්බානං -පෙ- යො ධම්මානං නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTශබ්දයන්ගේ යම් … ගන්‍ධයන්ගේ යම් ... රසයන්ගේ යම් … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ යම් … ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ යැ. රෝගයන්ගේ ව්‍යුපශම යැ. ජරා මරණයෙහි අස්තඞ්ගමය යි.
Pali BJT5. 1. 3.
Sinhala BJT5. 1. 3.
Pali BJTවිඤ්ඤාණ සුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT314. සාවත්ථියං:
Sinhala BJT314. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදො ඨිති -පෙ- මනොවිඤ්ඤාණස්ස උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, චක්ඛූවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම ය.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤාණස්ස නිරොධො -පෙ- යො මනොවිඤ්ඤාණස්ස නිරොධො -පෙ- ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, චක්ඛුවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … මනෝවිඤ්ඤාණයෙහි යම් නිරෝධයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 4.
Sinhala BJT5. 1. 4.
Pali BJTඵස්ස සුත්තං
Sinhala BJTඵස්ස සූත්‍රය
Pali BJT315. සාවත්ථියං:
Sinhala BJT315. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුසම්ඵස්සස්ස උප්පාදො ඨිති -පෙ- යො මනොසම්ඵස්සස්ස උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, චක්ඛුසම්ඵස්සස්ස නිරොධො වූපසමො -පෙ- මනොසම්ඵස්සස්ස නිරොධො වූපසමො ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 5.
Sinhala BJT5. 1. 5.
Pali BJTවෙදනා සුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT316. සාවත්ථියං:
Sinhala BJT316. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, චක්ඛුසම්ඵස්සජාය වෙදනාය උප්පාදො ඨිති -පෙ- යො මනොසම්ඵස්සජාය වෙදනාය උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, චක්ඛුසම්ඵස්සජාය වෙදනාය නිරොධො වූපසමො -පෙ- යො මනොසම්ඵස්සජාය වෙදනාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනායෙහි යම් නිරෝධයෙක්ව්‍යුපශමයෙක් වේ නම් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 6.
Sinhala BJT5. 1. 6.
Pali BJTසඤ්ඤා සුත්තං
Sinhala BJTසඤ්ඤා සූත්‍රය
Pali BJT317. සාවත්ථියං:
Sinhala BJT317. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපසඤ්ඤාය උප්පාදො ඨිති -පෙ- යො ධම්මසඤ්ඤාය උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසංඥායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම ය.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපසඤ්ඤාය නිරොධො වූපසමො -පෙ- යො ධම්මසඤ්ඤාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, රූපසංඥායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍මසංඥායෙහි යම් නිරෝදයක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 7.
Sinhala BJT5. 1. 7.
Pali BJTචෙතනා සුත්තං
Sinhala BJTචේතනා සූත්‍රය
Pali BJT318. සාවත්ථියං:
Sinhala BJT318. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපසඤ්චෙතනාය උප්පාදො ඨිති -පෙ- යො ධම්මසඤ්චෙතනාය උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධර්‍මසඤ්චේතනායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපසඤ්චෙතනාය නිරොධො වූපසමො -පෙ- යො ධම්මසඤ්චෙතනාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, රූප සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධර්‍ම සඤ්චේතනායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 8.
Sinhala BJT5. 1. 8.
Pali BJTතණ්හා සුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT319. සාවත්ථියං:
Sinhala BJT319. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපතණ්හාය උප්පාදො ඨිති -පෙ- යො ධම්මතණ්හාය උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ධම්මතණ්හායෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපතණ්හාය නිරොධො වූපසමො -පෙ- යො ධම්මතණ්හාය නිරොධො වූපසමො -පෙ- ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, රූපතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ධම්මතණ්හායෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි. ….
Pali BJT5. 1. 9.
Sinhala BJT5. 1. 9.
Pali BJTධාතු සුත්තං
Sinhala BJTධාතු සූත්‍රය
Pali BJT320. සාවත්ථියං:
Sinhala BJT320. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, පඨවීධාතුයා උප්පාදො ඨිති -පෙ- යො විඤ්ඤාණධාතුයා උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, පඨවීධාතුයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක් … ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, පඨවීධාතුයා නිරොධො වූපසමො -පෙ- යො විඤ්ඤාණධාතුයා නිරොධො වූපසමො -පෙ- ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, පඨවීධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … විඤ්ඤාණධාතුයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් … ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJT5. 1. 10.
Sinhala BJT5. 1. 10.
Pali BJTඛන්ධසුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT321. සාවත්ථියං:
Sinhala BJT321. සැවැත්නුවර:
Pali BJTයො භික්ඛවෙ, රූපස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො වෙදනාය -පෙ- යො සඤ්ඤාය -පෙ- යො සඞ්ඛාරානං -පෙ- යො විඤ්ඤාණස්ස උප්පාදො ඨිති -පෙ- ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් ඉපැත්මෙක්, පැවැත්මෙක්, බිහිවීමෙක්, පහළවීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැත්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයෙහි පහළවීම ය. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් ඉපැත්මෙක් පැවැත්මෙක් වේ නම් … ජරාමරණයෙහි පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපස්ස නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමො. යො වෙදනාය -පෙ- යො සඤ්ඤාය -පෙ- යො සඞ්ඛාරානං -පෙ- යො විඤ්ඤාණස්ස නිරොධො වූපසමො අත්ථගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්‍යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගමය යි. වේදනායෙහි යම් … සංඥායෙහි යම් ... සංස්කාරයන්ගේ යම් … විඥානයෙහි යම් … නිරෝධයෙක් ව්‍යුපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධ ය, රෝගයන්ගේ ව්‍යුපශම ය, ජරාමරණයෙහි අස්තඞ්ගම යි.
Pali BJTඋප්පාදවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි උප්පාද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTචක්ඛු රූපඤ්ච විඤ්ඤාණං ඵස්සො ච වෙදනාය ච, සඤ්ඤා ච චෙතනා තණ්හා ධාතුක්ඛන්ධෙන තෙ දසාති.
Sinhala BJTචක්ඛු, රූප, විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, තණ්හා යන ඒ සූත්‍රයෝ ධාතු ඛන්‍ධ සූත්‍ර දෙකින් දශයෙක් වෙති.
Pali BJTඋප්පාදසංයුත්තං සමත්තං.
Sinhala BJTඋප්පාද සංයුත්තය නිමියේ යි.
Pali BJT6. කිලෙසසංයුත්තං
Sinhala BJT6. කිලේස සංයුත්තය