Pali BJT246. සාවත්ථියං:
Sinhala BJT246. සැවැත්නුවර:
Pali BJT-පෙ- “එකන්තසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJT… “ආත්මය එකැතින් සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
Pali BJT3. 2. 24.
Sinhala BJT3. 2. 24.
Pali BJTඑකන්තදුක්ඛී අත්තා සුත්තං
Sinhala BJTඒකාන්ත දුක්ඛී අත්තා සූත්‍රය
Pali BJT247. සාවත්ථියං:
Sinhala BJT247. සැවැත්නුවර:
Pali BJT-පෙ- “එකන්තදුක්ඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJT… ආත්මය එකැතින් දුක් ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි.
Pali BJT3. 2. 25.
Sinhala BJT3. 2. 25.
Pali BJTසුඛදුක්ඛී අත්තා සුත්තං
Sinhala BJTසුඛ දුක්ඛී අත්තා සූත්‍රය
Pali BJT248. සාවත්ථියං:
Sinhala BJT248. සැවැත්නුවර:
Pali BJT-පෙ- “සුඛදුක්ඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJT… ආත්මය සුවදුක් ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි.
Pali BJT3. 2. 26.
Sinhala BJT3. 2. 26.
Pali BJTඅදුක්ඛමසුඛී අත්තා සුත්තං
Sinhala BJTඅදුක්ඛමසුඛ අත්තා සූත්‍රය
Pali BJT249. සාවත්ථියං:
Sinhala BJT249. සැවැත්නුවර:
Pali BJT-පෙ- “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJT… “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ දැ” යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”’ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති -පෙ- විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTවෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, මෙය නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති -පෙ- විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාරයෝ … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ?යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ, දුක්ඛෙ සති දුක්ඛං උපාදාය දුක්ඛං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති. -පෙ-
Sinhala BJTමහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ” යයි මෙබඳු දෘෂ්ටියක් උපදී. ...
Pali BJTගමනවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි ගමන වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTවාතං එතං මම සො අත්තා නො ච මෙ සියා, නත්ථි කරතො හෙතුච්ච මහාදිට්ඨෙන අට්ඨමං.
Sinhala BJTවාත, එතං මම, සො අත්තා නො ච මෙ සියා, නත්‍ථි දින්න, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍රය ය,
Pali BJTසස්සතො අසස්සතො චෙව අන්තා නන්තා ච වුච්චති, තං ජීවං අඤ්ඤං ජීවං ච තථාගතෙන චත්තාරො.
Sinhala BJTසස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තත්ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත, යන සූත්‍ර සතරය,
Pali BJTරූපී අත්තා යථා හොති අරූපී ච තථා පරං, රූපී චාරූපී ච අත්තා නෙව රූපී නාරූපී ච,
Sinhala BJTරූපී අත්තා සූත්‍රය, එසේම අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා යැ,.
Pali BJTඑකන්තසුඛී ච අත්තා එකන්ත දුක්ඛී තථා. සුඛදුක්ඛී අත්තා ච අදුක්ඛමසුඛී පරං, ඉමෙ ඡබ්බීසසුත්තන්තා දුතියවාරෙ සුදෙසිතාති.
Sinhala BJTඒකන්තසුඛී අත්තා එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය. අනෙක් අදුක්ඛමසුඛීඅත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ දෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.
Pali BJT3. තතියගමන වග්ගො
Sinhala BJT3. තතිය ගමන වර්‍ගය
Pali BJT3. 3. 1–25.
Sinhala BJT3. 3. 1-25.
Pali BJTවාත සුත්තං
Sinhala BJTවාත සූත්‍රය
Pali BJT250-274. සාවත්ථියං:
Sinhala BJT250-274. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසුරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස වාතයෝ නො හමති. ගංගාවෝ නො ගලාබසිති. ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරු නො ද උදාවෙති, නො ද පහ ව යෙති. ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි දෘෂ්ටියෙක් උපදී දැ යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- .
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදි යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමති … ඉන්‍ද්‍ර කීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති -පෙ- විපරිනාමධම්මං. අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTමහණෙනි, ‘ඒ කිමැ’යි හඟිවු ද? ‘රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමත් … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඉති ඛො භික්ඛවෙ, යදනිච්චං තං දුක්ඛං. තස්මිං සති තදුපාදාය එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති.(පඤ්චවීසති සුත්තන්තා එවං විත්ථාරෙතබ්බා.)
Sinhala BJTමහණෙනි, මෙසේ යමෙක් අනිත්‍ය ද එය දුක් යැ. එය ඇති කල්හි එය ඇසිරි කොට “වාතයෝ නො හමති … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී”යි. (සූත්‍ර 25 මෙසේ විස්තර කටයුතු යි.)
Pali BJT3. 3. 26.
Sinhala BJT3. 3. 26.
Pali BJTඅදුක්ඛමසුඛී අත්තාසුත්තං
Sinhala BJTඅදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
Pali BJT275. සාවත්ථියං:
Sinhala BJT275. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- .
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති, අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ යයි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති -පෙ- විපරිනාමධම්මං. අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති -පෙ- විපරිනාමධම්මං. අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද?, අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTඉති ඛො භික්ඛවෙ, යදනිච්චං තං දුක්ඛං. තස්මිං සති තදුපාදාය තං අභිවනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජෙය්ය: “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, මෙසේ යමෙක් අනිත්‍ය ද එය දුක් යැ. එය ඇති කල්හි එයඇසුරු කොට එයට පිවිස “ආත්මය නොදුක් නොසුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යි.
Pali BJTතතියගමනවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි තතිය ගමන වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවාතං එතං මම සො අත්තා නො ච මෙ සියා, නත්ථි කරතො හෙතු ච මහාදිට්ඨෙන අට්ඨමං.
Sinhala BJTවාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි දින්නං, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අටවැනි මහාදිට්ඨි සූත්‍ර ය,
Pali BJTසස්සතො අසස්සතො චෙව අත්තානත්තා ච වුච්චති, තං ජීවං අඤ්ඤං ජීවං ච තථාගතෙන චත්තාරො.
Sinhala BJTසස්සත ලෝක, අසස්සතලෝක, අන්තවා ලෝක, අනන්තවා ලෝක, තත් ජීව තත් ශරීර, අන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රයෝ ය. හොති තථාගත, නහොති තථාගත, හොති ච න ච හොති තථාගත, නෙච හොති න න හොති තථාගත යන සූත්‍ර සතර ය,
Pali BJTරූපී අත්තා යථා හොති අරූපී ච තථා පරං, රූපී චාරූපී ච අත්තා නෙව රූපී නාරූපී ච.
Sinhala BJTරූපී අත්තා සූත්‍රය, එසේම අනෙක් අරූපී අත්තා සූත්‍රය, රූපී ච අරූපී ච අත්තා, නෙච රූපී න අරූපී අත්තා,
Pali BJTඑකන්තසුඛී ච අත්තා එකන්තදුක්ඛී තථා, සුඛදුක්ඛී අත්තා ච අදුක්ඛමසුඛී පරං, ඉමෙ ඡබ්බීස සුත්තන්තා තතියවාරෙ සුදෙසිතාති.
Sinhala BJTඒකන්තසුඛී අත්තා, එකන්තදුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සූත්‍රයෝ ය, අනෙක් අදුක්ඛමසුඛි අත්තා සූත්‍රය දැ යි මේ සවිසි සූත්‍රයෝ තෙවෙනි වර මැනැවින් දෙසන ලදහ යි.
Pali BJT4. චතුත්ථ ගමන වග්ගො
Sinhala BJT4. චතුත්‍ථගමන වර්‍ගය
Pali BJT3. 4. 1-25.
Sinhala BJT3. 4. 1-25.
Pali BJTවාත සුත්තං
Sinhala BJTවාත සූත්‍රය
Pali BJT276-300. සාවත්ථියං:
Sinhala BJT276-300. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති; න වාතා වායන්ති න නජ්ජො සන්දන්ති න ගබ්භිනියො විජායන්ති න චන්දිමසුරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “වාතයෝ නො හමති. ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරු නො උදාවෙති, නො පහ ව යෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති න නජ්ජො සන්දන්ති න ගබ්භිනියො විජායන්ති න චන්දිමසුරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස එවංදිට්ඨි උප්පජ්ජති; න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො උදාවෙති, නො පහව යෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “වාතයෝ නො හමත්, … ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහ”යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති -පෙ- විපරිනාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම එසොහමස්මි එසො මෙ අත්තා”ති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … වෙනස් වනසුලු නම් තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- “විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති. -පෙ- විපරිනාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං : “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති.
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? වෙනස් වන සුලු නම් “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකින්නට සුදුසු දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං -පෙ- සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං -පෙ- සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ යම් කිසි රූපයක් වේ නම්, … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT(පඤ්චවීසතිසුත්තන්තා විත්ථාරෙතබ්බා)
Sinhala BJT(සූත්‍ර පස්විස්ස විස්තර කටයුතු යි.)
Pali BJT3. 4. 26.
Sinhala BJT3. 4. 26.
Pali BJTඅදුක්ඛමසුඛී අත්තා සුත්තං
Sinhala BJTඅදුක්ඛමසුඛී සූත්‍රය
Pali BJT301. සාවත්ථියං:
Sinhala BJT301. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය, කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති, අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය නොදුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTවෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTවේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය නො දුක් නො සුව ඇත්තේ මරණින් මතු නිරෝග වේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ- විපරිනාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ? යි
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති. -පෙ- විපරිනාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති.
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. … වෙනස් වනසුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට සුදුසු දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං -පෙ- සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං -පෙ- සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහිලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි රූපයක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි විඥානයෙක් වේ නම් … මනා නුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයන්හිත් කලකිරෙයි. විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
Pali BJTචතුත්ථගමනවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි චතුත්‍ථ ගමන වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTවාතා එතං මම සො අත්තා නො ච මෙ සියා, නත්ථි කරතො හෙතු ච මහාදිට්ඨෙන අට්ඨමං. සස්සතො අසස්සතො චෙව අන්තා නන්තා ච වුච්චති, තං ජීවං අඤ්ඤංජීවඤ්ච තථාගතෙන චත්තාරො, රූපී අත්තා යථා හොති අරූපී ච තථාපරෙ. නෙව රූපී නාරූපිනා එකන්තසුඛී අත්තා ච, එකන්තදුක්ඛී සුඛදුක්ඛී අදුක්ඛමසුඛී චා ති.
Sinhala BJTවාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථි අත්තා, කරතො, නත්‍ථි හේතු සූත්‍රයෝ ය. අට වැනි මහාදිට්ඨි සූත්‍ර ය, සස්සතලෝක, අසස්සතලෝක, අන්තවත් ලෝක, අනන්තවත් ලෝක, තංජීවං තංසරීරං, අන්‍යත් ජීවං අන්‍යත් ශරීර, සූත්‍රයෝ ය, හොති තථාගත, න හොති තථාගත, හොතිච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍ර සතර ය, රූපී අත්තා, අරූපී අත්තා එසේ ම අනෙක් රූපී අරූපී අත්තා, නෙච රූපී නාරූපී අත්තා, ඒකන්ත සුඛී අත්තා, ඒකන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛි අත්තා සූත්‍රයෝ ය යි සවිසි සූත්‍ර කෙනෙකි.
Pali BJTදිට්ඨිසංයුත්තං සමත්තං.
Sinhala BJTදිට්ඨි සංයුත්තය නිමියේ යි.
Pali BJT4. ඔක්කන්තිසංයුත්තං
Sinhala BJT4. ඔක්කන්ති සංයුත්තය
Pali BJT1. චක්ඛුවග්ගො
Sinhala BJT1. චක්ඛු වර්‍ගය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJTචක්ඛු සුත්තං
Sinhala BJTචක්ඛු සූත්‍රය
Pali BJT302. සාවත්ථියං:
Sinhala BJT302. සැවැත්නුවර:
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අනිච්චං විපරිණාමී{1} අඤ්ඤථාභාවී, සොතං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි, ඝානං අනිච්චං විපරිණාමී අඤ්ඤථාභාවි, ජිව්හා අනිච්චා විපරිණාමී අඤ්ඤථාභාවී, කායො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී, මනො අනිච්චො විපරිණාමී අඤ්ඤථාභාවී.
Sinhala BJTමහණෙනි, ඇස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. කන අනිත්‍ය යැ, පෙරැළෙනසුලුයැ, අන්පරිදි වනසුලු යැ. නැහැය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. දිව අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. කය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. මනස අනිත්‍ය යැ, පෙරැළෙන සුලු යැ, අන්පරිදි වනසුලු යැ.
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති, අයං වුච්චති සද්ධානුසාරී ඔක්කන්තො සම්මත්තනියාමං සප්පුරිසභූමිං ඔක්කන්තො වීතිවත්තො පුථුජ්ජනභූමිං, අභබ්බො තං කම්මං කාතුං යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්ය. අභබ්බො ච{2} තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, විමෝක්‍ෂය පිළිලබයි ද, මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි. (හෙ) ආර්‍ය්‍යමාර්‍ගයට පිවිසියේ යැ. සත්පුරුෂ භූමියට බැස ගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්‍මයක් කොට නිරයට වේවයි, තිරිසන් යෝනියට වේවයි ප්‍රේත විෂයට වේවයි (උපත් විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට අභව්‍ය (නො නිසි) යැ, යම් තාක් සෝතාපත්තිඵලය සාක්‍ෂාත් නො කෙරේ ද ඒ තාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි.
Pali BJTයස්ස ඛො භික්ඛවෙ, ඉමෙ ධම්මා එවං පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති, අයං වුච්චති ධම්මානුසාරී ඔක්කන්තො සම්මත්තනියාමං සප්පුරිසභූමිං ඔක්කන්තො වීතිවත්තො පුථුජ්ජනභූමිං. අභබ්බො තං කම්මං කාතුං යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්ය, අභබ්බො ච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, යමකුට මේ දහම්හු විදසුන් නුවණින් පමණ විසින් ධ්‍යානක්‍ෂම වෙත් ද, මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. (හෙ) සම්මත්ත නියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයට පිවිසියේ යැ, සත්පුරුෂ භූමියට බැසගත්තේ යැ, පෘථග්ජන භූමිය ඉක්මැ වූයේ යැ. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) එළැඹේ නම් ඒ කර්‍ම කරන්නට ද අභව්‍ය යැ. යම්තාක් සෝතාපත්තිඵලය සාක්‍ෂාත් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද අභව්‍ය වේ මැ යි.
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං ජානාති{3} එවං පස්සති, අයං වුච්චති සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ ධර්‍ම මෙසේ විදසුන් නුවණින් දනී නම් මෙසේ දකී නම් මේ පුද්ගල සෝතාපන්න යයි කියනු ලැබෙයි, (හෙ) සතර අපායෙහි නොහෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පාරායන කොට ඇත්තේ යි.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJTරූප සුත්තං
Sinhala BJTරූප සූත්‍රය
Pali BJT303. සාවත්ථියං:
Sinhala BJT303. සැවැත්නුවර:
Pali BJTරූපා භික්ඛවෙ, අනිච්චා විපරිනාමිනො අඤ්ඤථාභාවිනො, සද්දා අනිච්චා විපරිනාමිනො අඤ්ඤථාභාවිනො, ගන්ධා අනිච්චා විපරිනාමිනො අඤ්ඤථාභාවිනො, රසා අනිච්චා විපරිනාමිනො අඤ්ඤථාභාවිනො, ඵොට්ඨබ්බා අනිච්චා විපරිනාමිනො අඤ්ඤථාභාවිනො, ධම්මා අනිච්චා විපරිනාමිනො අඤ්ඤථාභාවිනො.
Sinhala BJTමහණෙනි, රූප අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන් පරිදි වනසුලු යැ. ශබ්ද අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ගන්‍ධ අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදිවනසුලු යැ. රස අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ස්ප්‍රෂ්ටව්‍යය අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ. අන්පරිදිවනසුලු යැ. ධර්‍ම අනිත්‍ය යැ, පෙරැළෙනසුලු යැ අන්පරිදි වනසුලු යි.
Pali BJTයො භික්ඛවෙ, ඉමෙ ධම්මෙ එවං සද්දහති අධිමුච්චති, අයං වුච්චති සද්ධානුසාරී -පෙ- අයං වුච්චති ධම්මානුසාරී ඔක්කන්තො සම්මත්තනියාමං, සප්පුරිසභූමිං ඔක්කන්තො, වීතිවත්තො පුථුජ්ජනභූමිං. අභබ්බො තං කම්මං කාතුං යං කම්මං කත්වා නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජෙය්ය, අභබ්බොච තාව කාලං කාතුං යාව න සොතාපත්තිඵලං සච්ඡිකරොති.
Sinhala BJTමහණෙනි, යමෙක් මේ දහමුන් මෙසෙයින් හදහයි ද, (හැදහීමෙන්) විමෝක්‍ෂය පිළිලබයි ද මේ පුද්ගල ‘සද්ධානුසාරී’යි කියනු ලැබෙයි … ආර්‍ය්‍ය මාර්‍ගයට බැසගත් සත්පුරුෂ භූමියට පිවිසි පෘථග්ජන භූමිය ඉක්මැ වූ මේ පුද්ගල ‘ධම්මානුසාරී’ යි කියනු ලැබෙයි. යම් කර්‍මයක් කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ (උත්පත්ති විසින්) නො එළැඹේ ද ඒ කර්‍ම කරන්නට නො නිසි යැ. යම්තාක් සෝතාපත්තිඵලය පසක් නො කෙරේ ද, ඒතාක් කලුරිය කරන්නට ද නො නිසි මැ යි.