Pali BJTකිස්මින්නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා, -පෙ- එසො මෙ අත්තාති.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ… මේ මාගේ ආත්මය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJT(යථා පුරිමගමනසුත්තන්තං එවං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT(පළමු සූත්‍ර දශය යම් සේ නම් එමෙන් විස්තර කටයුතු යි).
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJTසො අත්තාසුත්තං
Sinhala BJTසො අත්තා සූත්‍රය
Pali BJT226. සාවත්ථියං:
Sinhala BJT226. සැවැත්නුවර:
Pali BJT-පෙ- “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මොති? -පෙ-
Sinhala BJT… ‘ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි”යි …
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා, -පෙ- අවිපරිනාමධම්මොති.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … වෙනස් වන සුල්ලෙමි’යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJTනොච මෙ සියාසුත්තං
Sinhala BJTනො ච මෙ සියා සූත්‍රය
Pali BJT227. සාවත්ථියං:
Sinhala BJT227. සැවැත්නුවර:
Pali BJT-පෙ- “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සතී”ති. -පෙ- න මෙ භවිස්සතීති.
Sinhala BJT… “ඉදින් මම නො වන්නෙම් නම් පස්කඳ මට නො ද වන්නේ ය. (මතු) ද (මම) නො වන්නෙම් නම් (මතු) ද මට පස්කඳ නො වන්නේ ය යි. … මතු මට පස්කඳ නොවන්නේ ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTනත්ථි දින්නසුත්තං
Sinhala BJTනත්‍ථි දින්න සූත්‍රය
Pali BJT228. සාවත්ථියං:
Sinhala BJT228. සැවැත්නුවර:
Pali BJT-පෙ- “නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති න හොන්ති පරම්මරණා”ති -පෙ-
Sinhala BJT… දෙන ලද්දෙහි විපාක නැත, හෝ මහා යාගයෙහි විපාක නැත ... කය බිඳීමෙන් සිඳෙති, වැනසෙති, මරණින් මතු නො වෙති” යි ...
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා, -පෙ- පරම්මරණාති.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. … මරණින් මතු නො වෙති යි. (මෙබඳු දිටෙක් උපදී.)
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTකරතොසුත්තං
Sinhala BJTකරොතො සූත්‍රය
Pali BJT229. සාවත්ථියං:
Sinhala BJT229. සැවැත්නුවර:
Pali BJT-පෙ- “නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති. -පෙ- භගවම්මූලකා නො භන්තෙ, ධම්මා, -පෙ- නත්ථි පුඤ්ඤස්ස ආගමොති.
Sinhala BJT... “පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ” යි … වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. .. පිනෙහි ඊමෙක් නැතැ යි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTනත්ථි හෙතුසුත්තං
Sinhala BJTනත්‍ථි හේතු සූත්‍රය
Pali BJT230. සාවත්ථියං:
Sinhala BJT230. සැවැත්නුවර:
Pali BJT-පෙ- “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය. අහෙතු අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති -පෙ- ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී”ති. -පෙ- පටිසංවෙදෙන්තීති.
Sinhala BJT… සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත, හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්, … අභිජාති සයෙහි ම සුවදුක් විඳිති”යි ... විඳිති යි (මෙබඳු දෘෂ්ටියක් උපදී)
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTමහාදිට්ඨි සුත්තං
Sinhala BJTමහාදිට්ඨි සූත්‍රය
Pali BJT231. සාවත්ථියං:
Sinhala BJT231. සැවැත්නුවර:
Pali BJT-පෙ- “සත්ති’මෙ කායා අකටා අකටවිධා -පෙ- නිබ්බෙඨියමානා සුඛදුක්ඛං පලෙන්තීති. භගවම්මූලකා -පෙ- සුඛදුක්ඛං පලෙන්තීති.
Sinhala BJT… “නො කරන ලද නො කළ විධාන ඇති,මේ සත් කයෙකි … සුවදුක්, ගෙවමින් විඳිති”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTසස්සතලොකසුත්තං
Sinhala BJTසස්සතලෝක සූත්‍රය
Pali BJT232. සාවත්ථියං:
Sinhala BJT232. සැවැත්නුවර:
Pali BJT-පෙ- “සස්සතො ලොකොති? භගවම්මූලකා -පෙ- සස්සතො ලොකොති.
Sinhala BJT… “ලෝකය ශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය ශාශ්වත යයි -(මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJTඅසස්සතලොකසුත්තං
Sinhala BJTඅසස්සතලෝක සූත්‍රය
Pali BJT233. සාවත්ථියං:
Sinhala BJT233. සැවැත්නුවර:
Pali BJT-පෙ- “අසස්සතො ලොකො”ති? භගවම්මූලකා -පෙ- අසස්සතො ලොකොති.
Sinhala BJT… “ලෝකය අශාශ්වත ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අශාශ්වත යයි (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 11.
Sinhala BJT3. 2. 11.
Pali BJTඅන්තවාලොක සුත්තං
Sinhala BJTඅන්තවත්ලෝක සූත්‍රය
Pali BJT234. සාවත්ථියං:
Sinhala BJT234. සැවැත්නුවර:
Pali BJT-පෙ- “අන්තවා ලොකො”ති? භගවම්මූලකා -පෙ- අන්තවා ලොකොති.
Sinhala BJT… “ලෝකය අන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. ... ලෝකය අන්තවත්ය යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී.)
Pali BJT3. 2. 12.
Sinhala BJT3. 2. 12.
Pali BJTඅනන්තවාලොක සුත්තං
Sinhala BJTඅනන්තවත්ලෝක සූත්‍රය
Pali BJT235. සාවත්ථියං:
Sinhala BJT235. සැවැත්නුවර:
Pali BJT-පෙ- “අනන්තවාලොකොති? භගවම්මූලකා -පෙ- අනන්තවා ලොකොති.
Sinhala BJT… “ලෝකය අනන්තවත් ය”යි. භගවත්හු මුල් කොට ඇතියහ. .. ලෝකය අනන්තවත් යයි.
Pali BJT3. 2. 13.
Sinhala BJT3. 2. 13.
Pali BJTතංජීවතං සරීර සුත්තං
Sinhala BJTතත් ජීව තත් ශරීර සූත්‍රය
Pali BJT236. සාවත්ථියං:
Sinhala BJT236. සැවැත්නුවර:
Pali BJT-පෙ- “තංජීවංතං සරීර”න්ති? භගවම්මූලකා -පෙ- තංජීවං තං සරීරන්ති.
Sinhala BJT… “එමැ ජීව යැ, එමැ ශරීරය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. එමැ ජීව යැ, එමැ ශරීර යයි.
Pali BJT3. 2. 14.
Sinhala BJT3. 2. 14.
Pali BJTඅඤ්ඤං ජීව අඤ්ඤං සරීර සුත්තං
Sinhala BJTඅන්‍ය ජීව අන්‍යත් ශරීර සූත්‍රය
Pali BJT237. සාවත්ථියං:
Sinhala BJT237. සැවැත්නුවර:
Pali BJT-පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති? භගවම්මූලකා -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJT… “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි? භගවත්හු මුල් කොට ඇතියහ. ... ජීවය අනෙකක, ශරීරය අනෙකකැයි.
Pali BJT3. 2. 15.
Sinhala BJT3. 2. 15.
Pali BJTහොති තථාගත සුත්තං
Sinhala BJTහොති තථාගත සූත්‍රය
Pali BJT238. සාවත්ථියං:
Sinhala BJT238. සැවැත්නුවර:
Pali BJT-පෙ- “හොති තථාගතො පරම්මරණා”ති? භගවම්මූලකා -පෙ- හොති තථාගතො පරම්මරණාති.
Sinhala BJT… “සත්ත්‍වයා මරණින් මතු වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු වේ.
Pali BJT3. 2. 16.
Sinhala BJT3. 2. 16.
Pali BJTනහොති තථාගත සුත්තං
Sinhala BJTනහොති තථාගත සූත්‍රය
Pali BJT239. සාවත්ථියං:
Sinhala BJT239. සැවැත්නුවර:
Pali BJT-පෙ- “න හොති තථාගතො පරම්මරණා”ති? භගවම්මූලකා -පෙ- න හොති තථාගතො පරම්මරණාති.
Sinhala BJT… “සත්ත්‍වයා මරණින් මතු නො වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු නො වේ යි.
Pali BJT3. 2. 17.
Sinhala BJT3. 2. 17.
Pali BJTහොති ච නචහොති තථාගත සුත්තං
Sinhala BJTහොති ච නච හොති තථාගත සූත්‍රය
Pali BJT240. සාවත්ථියං:
Sinhala BJT240. සැවැත්නුවර:
Pali BJT-පෙ- “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති? භගවම්මූලකා -පෙ- හොති ච න ච හොති තථාගතො පරම්මරණාති.
Sinhala BJT… “සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ ය”යි? භගවත්හු මුල් කොට ඇතියහ. .. සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ.
Pali BJT3. 2. 18.
Sinhala BJT3. 2. 18.
Pali BJTනෙව හොති න නහොති සුත්තං
Sinhala BJTනේව හොති න න හොති තථාගත සූත්‍රය
Pali BJT241. සාවත්ථියං:
Sinhala BJT241. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා, -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙ යි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? … සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වේ යයි.
Pali BJT3. 2. 19.
Sinhala BJT3. 2. 19.
Pali BJTරූපී අත්තා සුත්තං
Sinhala BJTරූපී අත්තා සූත්‍රය
Pali BJT242. සාවත්ථියං:
Sinhala BJT242. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “රූපී අත්තා හොති අරොගො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : රූපී අත්තා හොති අරොගො පරම්මරණා’ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “රූපී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, “රූපං නිච්චං වා අනිච්චං වා”ති -පෙ-
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ”යි? …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “රූපී අත්තා හොති අරොගො පරම්මරණා”’ති?
Sinhala BJTදුක් නම් වෙනස් වන සුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ මැ යැ.
Pali BJT“වෙදනා -පෙ- “සඤ්ඤා -පෙ- “සඞ්ඛාරා -පෙ- “විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති -පෙ-
Sinhala BJT“වේදනාව … “සංඥාව … “සංස්කාරයෝ … “විඥානය නිත්‍ය ද? හෝ අනිත්‍ය ද? හෝ යි …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “රූපී අත්තා හොති අරොගො පරම්මරණා”ති?
Sinhala BJTදුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට “ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ, දුක්ඛෙ සති දුක්ඛං උපාදාය දුක්ඛං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති; “රූපී අත්තා හොති අරොගො පරම්මරණාති.
Sinhala BJTමහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක ඇසුරු කොට දුකට පිවිස ආත්මය රූප ඇත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී යයි.
Pali BJT3. 2. 20.
Sinhala BJT3. 2. 20.
Pali BJTඅරූපී අත්තා සුත්තං
Sinhala BJTඅරූපී අත්තා සූත්‍රය
Pali BJT243. සාවත්ථියං:
Sinhala BJT243. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති ; “අරූපී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ආත්මය රූප නැත්තේ මරණින් මතු නීරෝග වේ ය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJT(සො යෙව පෙය්යාලො විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(ඒ පෙය්‍යාලය ම විස්තර කටයුතු යි)
Pali BJT3. 2. 21.
Sinhala BJT3. 2. 21.
Pali BJTරූපීච අරූපීච අත්තා සුත්තං
Sinhala BJTරූපී ච අරූපී ච අත්තා සූත්‍රය
Pali BJT244. සාවත්ථියං:
Sinhala BJT244. සැවැත්නුවර:
Pali BJT-පෙ- “රූපී ච අරූපී ච අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJT… ආත්මය රූප ඇත්තේත් රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි …
Pali BJT3. 2. 22.
Sinhala BJT3. 2. 22.
Pali BJTනෙව රූපී නාරූපී අත්තා සුත්තං
Sinhala BJTනේව රූපී නාරූපී අත්තා සූත්‍රය
Pali BJT245. සාවත්ථියං:
Sinhala BJT245. සැවැත්නුවර:
Pali BJT-පෙ- “නෙවරූපී නාරූපී අත්තා හොති අරොගො පරම්මරණා”ති.
Sinhala BJT… ආත්මය නො ම රූප ඇත්තේත් නො ම රූප නැත්තේත් මරණින් මතු නීරෝග වේ ය”යි.
Pali BJT3. 2. 23.
Sinhala BJT3. 2. 23.
Pali BJTඑකන්තසුඛී අත්තා සුත්තං
Sinhala BJTඒකාන්තසුඛී අත්තා සූත්‍රය