Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
Pali BJT3. 1. 13.
Sinhala BJT3. 1. 13.
Pali BJTතං ජීවං තං සරීර සුත්තං
Sinhala BJTතත් ජීව තත් ශරීර සූත්‍රය
Pali BJT218. සාවත්ථියං:
Sinhala BJT218. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “තං ජීවං තං සරීර”න්ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “තං ජීවං තං සරීර”න්ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “තං ජීවං තං සරීර”න්ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘එමැ ජීවය ය, එමැ ශරීරය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘එමැ ජීව යැ, එමැ ශරීරය”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති. -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “තං ජීවං තං සරීර”න්ති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු දැ? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?... එය නො ඇසුරු කොට එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම ය.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති? -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “තං ජීවං තං සරීර”න්ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … ඒ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … එය, නොඇසුරු කොට ‘එමැ ජීව යැ, එමැ ශරීරය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් අරරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
Pali BJT3. 1. 14.
Sinhala BJT3. 1. 14.
Pali BJTඅඤ්ඤං ජීවං අඤ්ඤං සරීර සුත්තං
Sinhala BJTඅන්‍යත් ජීව අන්‍යත් ශරීර සූත්‍රය
Pali BJT219. සාවත්ථියං:
Sinhala BJT219. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”’න්ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති -පෙ- වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාරයන් ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? ... එය නොඇසුරු කොට ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති. -පෙ- අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසනලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. … එය නොඇසුරු කොට ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ මැයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
Pali BJT3. 1. 15.
Sinhala BJT3. 1. 15.
Pali BJTහොති තථාගත සුත්තං
Sinhala BJTහොති තථාගත සූත්‍රය
Pali BJT220. සාවත්ථියං:
Sinhala BJT220. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය, කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “හොති තථාගතො පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? -පෙ- දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය: “හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි ‘ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? ... දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වේය’යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම යැ,
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති -පෙ- දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
Pali BJT3. 1. 16.
Sinhala BJT3. 1. 16.
Pali BJTන හොති තථාගතසුත්තං
Sinhala BJTන හොති තථාගත සූත්‍රය
Pali BJT221. සාවත්ථියං:
Sinhala BJT221. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න හොති තථාගතො පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු නොවේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? -පෙ- දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය: “න හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි ... දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති -පෙ- දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො වේ ය’යි මෙ බඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි.
Pali BJT3. 1. 17.
Sinhala BJT3. 1. 17.
Pali BJTහොති ච න ච හොති තථාගතසුත්තං
Sinhala BJTහොති ච නච හොති තථාගත සූත්‍රය
Pali BJT222. සාවත්ථියං:
Sinhala BJT222. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති -පෙ- වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි ... වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය. ...
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTදුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි ’ යන මෙබඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති -පෙ- දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි. … දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි’ යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යි.
Pali BJT3. 1. 18.
Sinhala BJT3. 1. 18.
Pali BJTනෙව හොති න නහොති තථාගතසුත්තං
Sinhala BJTනේව හොති න න හොති තථාගත සූත්‍රය
Pali BJT223. සාවත්ථියං:
Sinhala BJT223. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නෙව හොති න නහොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : නෙව හොති න නහොති තථාගතො පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නෙව හොති න නහොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙ බඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි.
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය. ...
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නෙව හොති න නහොති. තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTදුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට “සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි” යන මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?.
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි.
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නෙව හොති, න නහොති තථාගතො පරම්මරණා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නොම නො වෙයි යන මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛසමුදයෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරීසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ, මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරිසවු සෝතාපන්න ය යි කියනු ලැබේ.
Pali BJTසොතාපත්තිවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සෝතාපත්ති වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTවාතං එතං මම සො අත්තා නො ච මෙ සියා නත්ථි කරොතො හෙතු ච මහාදිට්ඨෙන චා’ට්ඨමං. සස්සතො ලොකො අපරො අසස්සතො ච අන්තවා අනන්තවා ච තං වුත්තං තං ජීවං තං සරීරන්ති අඤ්ඤංජීවමඤ්ඤංසරීරං හොති තථාගතාදි ච න හොති තථාගතාදි පරම්මරණසුත්තෙන නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති.
Sinhala BJTවාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්‍ථිදින්න, කරතො, නත්‍ථිහේතු යන සූත්‍රය, අටවැනි මහාදිට්ඨි සූත්‍රය, අනෙක් සස්සතලෝක, අස්සසතලොක, අන්තවා ලෝක, අනන්තවාලෝක, තත්ජීව තත්සරීර, අන්‍යත් ජීව අන්‍යත් සරීර, හොති තථාගත, න හොති තථාගත, හොති ච නච හොති තථාගත, නෙච හොති න නහොති තථාගත සූත්‍රයෝ යයි සූත්‍ර අටළොසකි.
Pali BJT2. ගමනවග්ගො
Sinhala BJT2. ගමන වර්‍ගය
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJTවාත සුත්තං
Sinhala BJTවාත සූත්‍රය
Pali BJT224. සාවත්ථියං:
Sinhala BJT224. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති, නො ද බැස යෙති, ඉන්‍ද්‍රකීල සෙයින් නො සැලී සිටියාහු” කියා යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇතියහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ -පෙ- රූපෙ ඛො භික්ඛවෙ සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති. න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTඑසේ වී නම් මහණෙනි අසවු… මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු”යි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ මෙබඳු දෘෂ්ටියක් උපදියි. “වාතයෝ නො හමති, … ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කුමකැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං තං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඉති ඛො භික්ඛවෙ, දුක්ඛෙ සති දුක්ඛං උපාදාය දුක්ඛං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ …
Pali BJTවිපරිනාමධම්මං අපි නු තං උපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : න වාතා වායන්ති -පෙ- එසිකට්ඨායිට්ඨිතා”ති?
Sinhala BJTපෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට “වාතයෝ නො හමති… ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඉති ඛො භික්ඛවෙ දුක්ඛෙ සති දුක්ඛං උපාදාය දුක්ඛං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති. -පෙ-
Sinhala BJTමෙසේ වනාහි මහණෙනි, දුක ඇති කල්හි දුක නිසා දුකට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැස යෙති, ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ...
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJTඑතං මමසුත්තං
Sinhala BJTඑතං මම සූත්‍රය
Pali BJT225. සාවත්ථියං:
Sinhala BJT225. සැවැත්නුවර: