Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7401-7500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“තං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ….
Pali BJTඅපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය, ‘කරතො කාරයතො -පෙ- නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති.
Sinhala BJTඑය නොඇසුරු කොට “කරන්නහුට කරවන්නහුට … පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැතැ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තම්පි නිච්චං වා අනිච්චං වා”ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ…
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචතො සොචයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො. කරතො න කරීයති පාපං, ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය නත්ථි තතො නිදානං පාපං නත්ථි පාපස්ස ආගමො, දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො. නත්ථි තතො නිදානං පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට ක්ලාන්ත වන්නහුට ක්ලාන්ත කරවන්නහුට කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නසන්නහුට නස්වන්නහුට නුදුන් දේ ගන්නහුට ගන්වන්නහුට ගෘහසන්‍ධි සිඳින්නහුට ගම් පහරන්නහුට එක්ගෙයක් පහරන්නහුට මං පැහැරීමෙහි යෙදී සිටින්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි හැඟීමෙන්) කරන්නහුට පවෙක් නො කෙරෙයි. (පවෙක් නැත). ඉදින් යමෙක් කරවැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්‍රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංතෙරට ද යන්නේ නම් එ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරු ගං තෙරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙපිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛසමුදයෙපිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධෙපිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදායපිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි ආර්‍ය්‍යශ්‍රාවකගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්හටගැන්මෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්නැවැත්මෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි මේ ආර්‍ය ශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙන සැහැවි යැ, ගතිනියත යැ සම්බෝධිය පිහිට කොට ඇතැයි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTහෙතු සුත්තං
Sinhala BJTහේතු සූත්‍රය
Pali BJT212. සාවත්ථියං:
Sinhala BJT212. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති? “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය, අහෙතූ අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා. අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි විරියං{1} නත්ථි පුරිසථාමො නත්ථි පුරිසපරක්කමො සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා,{2} නියති සඞ්ගතිභාවපරිනතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ඇසුරු කොට කුමකට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධි වෙත්. (තමා සුවපත් කරනුවට) බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බල නැත්තාහු වීර්‍ය්‍ය රහිත වූවාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු සවැදෑරුම් (කෘෂ්ණ නීලාදී) අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භග්‍වත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය -පෙ- ඡස්වෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය -පෙ- ඡස්වෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “සත්ත්‍වයන් ගේ කෙලෙසීමට හේතුයෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … සවැදෑරුම් අභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ? යි
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ….
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය -පෙ- ඡස්වෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී”ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට “හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැත. … ෂඩ් භිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?”
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJT“වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- “යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වා”ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ…
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය? “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය, අහෙතු අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති, නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතු අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති, නත්ථි බලං නත්ථි විරියං නත්ථි පුරිසථාමො නත්ථි පුරිස පරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා, නියතිසඞ්ගතිභාවපරිනතා ඡස්වෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී”ති?
Sinhala BJTයමෙක් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැති. හේතු රහිත ව, ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුවෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, හේතුරහිත ව ප්‍රත්‍යය රහිත ව සත්ත්‍වයෝ විශුද්ධ වෙත්. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. සියලු සත්ත්‍වයෝ සියලු ප්‍රාණීහු සියලු භූතයෝ සියලු ජීවයෝ වශයෙහි නො පවත්නාහු බලරහිත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියත වශයෙන් සංක්‍රමණ වශයෙන් හා ස්වභාව වශයෙන් නන්වැදෑරුම් බවට පැමිණියාහු ෂඩභිජාතීන්හි ම සුවදුක් විඳිති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛ යෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTමහාදිට්ඨි සුත්තං
Sinhala BJTමහාදිට්ඨි සූත්‍රය
Pali BJT213. සාවත්ථියං:
Sinhala BJT213. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති? සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා{1} වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති න විපරිනමන්ති න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා, සුඛදුක්ඛාය වා:
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා මෙබඳු දෘෂ්ටියක් උපදී ද? කිසිවකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති, ඉදු බෙලෙනුදු නො මැවුණු, අන් කිසි ලෙසෙකිනිදු නො මවන ලද, වඳ වූ (කිසිවක් නො උපදවන), පර්‍වත කූටයක් සේ ස්ථිර (පරිනාම රහිත) ඉන්‍ද්‍රකීලයක් සෙයින් නො සැලී සිටුනා, මේ සත්කාය (සමූහ) කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරළෙති, උනුනට බාධක නො වෙති, උනුනට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුව දුක් දෙක ම පිණිස හෝ නො වෙත්.
Pali BJTකතමෙ සත්ත : පඨවීකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක්ඛෙ, ජීවෙ. සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති න විපරිනමන්ති න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති{1} නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. යො’පි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති, සත්තන්නං ත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපවිසති.
Sinhala BJTකවර සතෙකැ යත්: පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛ, දුක්ඛ හා සත්වන ජීව යන සත යි. මේ සප්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ. නො මැවුණාහ නො මවන ලදහ, පර්‍වත කූටයක් සෙයින් සිටියහ, ඉන්‍ද්‍රකීලයක් සෙයින් තිරව සිටුනාහ. උහු තුමූ නො සැලෙති, නොම පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුව-දුක් පිණිස වේව යි නො ද පොහොසත් වෙත්. යමෙක් තියුණු සැතින් (යමකුගේ) හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කරයි. වැළිදු සප්තකාය අතරින් සැත විවරයට වැදගනී.
Pali BJTචුද්දස ඛො පන ඉමානි යොනිප්පමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි පඤ්ච ච කම්මුනො සතානි ච පඤ්ච ච කම්මානි, තීණි ච කම්මානි, කම්මෙ ච අඩ්ඪකම්මෙ ච ද්වට්ඨිපටිපදා ද්වට්ඨන්තරකප්පා ඡළභිජාතියො අට්ඨ පුරිසභූමියො එකූනපඤ්ඤාස ආජීවකසතෙ එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ එකූනපඤ්ඤාස නාගාවාසසතෙ{2} වීසෙ ඉන්ද්රියසතෙ තිංසෙ නිරයසතෙ ඡත්තිංස රජොධාතුයො සත්ත සඤ්ඤීගබ්භා සත්ත අසඤ්ඤීගබ්භා සත්ත නිගණ්ඨිගබ්භා සත්ත දිබ්බා සත්ත මානුසා සත්ත පිසාචා{3} සත්ත සරා සත්ත පවුධා{4} සත්ත ච පවුධසතානි සත්ත පපාතා සත්ත ච පපාතසතානි සත්ත සුපිනා සත්ත ච සුපිනසතානි චුල්ලාසීති මහාකප්පුනො{5} සතසහස්සානි යානි{6} බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.
Sinhala BJTමේ ප්‍රමුඛ යෝනි තුදුස් සිය දහසෙක් වෙයි, අන්‍ය වූ ද යෝනි සදහසෙක් ද සසියෙක් ද වේ. කර්‍ම පන්සියයෙක් ද (අන්සැටියකින්) කර්‍මපසෙක් ද (කාය-වාග් නම් වූ) පූර්‍ණ කර්‍ම ද (මනඃකර්‍ම නම් වූ) අර්‍ධකර්‍ම ද වේ. ප්‍රතිපත් දෙසැටෙකැ, අතුරුකප් දෙසැටෙකැ, (කණ්හාභිජාති ආදි) අභිජාති සයෙකැ, (මන්‍දභූමි ආදී) පුරුෂ භූමි අටෙකැ, ආජීවවෘත්ති එකුන්පනස් සියයෙකැ, පිරිවැජි පැවිදි එකුන්පනස් සියයෙකැ, නාමඬුලු එකුන්පනස් සියයෙකැ, ඉන්‍ද්‍රියයෝ එක්සිය විස්සෙකැ, නිරය එක්සිය තිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිර්ග්‍රන්‍ථගර්භ සතෙකැ, දේවගර්‍භ සතෙකැ, මනුෂ්‍යගර්භ සතෙකැ, පිසාචජාති සතෙකැ මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, ප්‍රපාත සතෙකැ, කුඩා ප්‍රපාත සත්සියයෙකැ, මහසිහින සතෙකැ, කුඩා සිහින සත්සියයෙකැ, බාලයෝ ද පණ්ඩිතයෝ ද (සසර) දුව හැවිද දුක් කෙළවර කෙරෙත් නම් එබඳු කල්ප සුවාසූ ලක්‍ෂයෙකි.
Pali BJTතත්ථ නත්ථි: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරිස්සාමී”ති හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකටෙ {7}සංසාරෙ. නත්ථි හායනවඩ්ඪනෙ. නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ්ඩිතෙ ච නිබ්බෙඨියමානා සුඛදුක්ඛං පලෙන්තීති?
Sinhala BJTඑහි “මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නො මුහුකළ කර්‍මය මුහුකුරු වන්නෙමි යි කියා හෝ මුහුකළ කර්‍මය විඳ විඳ කෙළවර කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුත්තෙක් නැති. ද්‍රෝණයෙන් මැන ප්‍රමාණ කරන ලද සෙයින් සුව දුක් (කියන ලද කාලය තුළ) කෙළවර කරන ලද වෙයි. සසර පිරිහීමෙක් වැඩීමෙක් නැත, නැගීමෙක් බැසීමෙක් නැති. යම් සේ දමා ලූ හූ වටෙක් ලිහෙමින් දිග ඇති පමණක් ම යේ ද, එසෙයින් ම බාලයෝ ද පණ්ඩිතයෝ ද (කාල වශයෙන් යෙමින්) සුවදුක් විඳුනාහ” යි. (මෙබඳු දෘෂ්ටියක් උපදී ද?)
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “සත්තිමෙ කායා අකටා අකටවිධා -පෙ- සුඛදුක්ඛං පලෙන්තී”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “සත්තිමෙ කායා අකටා අකටවිධා -පෙ- සුඛදුක්ඛං පලෙන්තී”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස නොකළ නොකරන ලද නොකළ විධාන ඇති මේ සප්තකායයෝ වෙති … සුවදුක් විඳුනාහ”යි. මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස නොකළ, නොකළ විධාන ඇති මේ සත් කයෙක් වෙයි … සුවදුක් විඳුනාහ”යි මෙබඳු දෘෂ්ටියෙක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය ද හෝ අනිත්‍ය ද හෝ යි?
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ. …
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති න විපරිනමන්ති න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා, සුඛදුක්ඛාය වා, කතමෙ සත්ත : පඨවීකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක්ඛෙ, ජීවෙ. සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති, සත්තන්නංත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපවිසති.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නොකරන ලද නොකළ විධාන ඇති නොමැවුණ නොමවන ලද වඳ වූ පර්‍වත කූටයක් මෙන් සිටි ඉන්‍ද්‍රකීලයන් සේ නොසැලී තිර වැ සිටි මේ සප්ත කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවීකාය යැ, ආපෝ කාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ සුඛ යැ, දුක්ඛ යැ, ජීවය”යි. මේ සත්තකායයෝ නො කරන ලදහ, නො කළ විධාන ඇතියහ, නොමැවුණහ, නොමවන ලදහ, වඳයහ, පර්‍වතකූටයක් සෙයින් සිටියහ. ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළෙත්, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි, වැලි සත් කය අතරින් ම සැත විවරයට පිවිසේ.
Pali BJTචුද්දස ඛො පනිමානි යොනිප්පමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි පඤ්ච ච කම්මුනො සතානි ච පඤ්ච ච කම්මානි, තීණි ච කම්මානි, කම්මෙ ච අඩ්ඪකම්මෙ ච, ද්වට්ඨිපටිපදා ද්වට්ඨන්තරකප්පා ඡළභිජාතියො. අට්ඨපුරිසභූමියො, එකූනපඤ්ඤාස ආජීවසතෙ, පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රිය සතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්තසඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දිබ්බා, සත්ත මානුසා, සත්ත පිසාචා, සත්ත සරා, සත්ත පවුධා, සත්ත ච පවුධසතානි, සත්ත පපාතා, සත්ත ච පපාතසතානි සත්ත සුපිනා, සත්ත ච සුපිනසතානි චුල්ලාසීති මහාකප්පුනො සතසහස්සානි යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. තත්ථ නත්ථි: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරිස්සාමී”ති හෙවං නත්ථි: දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකටෙ සංසාරෙ. නත්ථි හායනවඩ්ඪනෙ. නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථා’පි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ්ඩිතෙ ච නිබ්බෙඨියමානා සුඛදුක්ඛං පලෙන්තී”ති?
Sinhala BJTබාලයෝත් පණ්ඩිතයෝත් යමක් කරා දිව සැරිසරා දුක් කෙළවර කරන්නාහු නම් (එබඳු) මේ උතුම් යෝනි තුදුස්ලක්‍ෂ සදහස්සසියයෙක් ද කර්‍ම පන්සියයෙක් ද, කර්‍ම පසෙක් ද කර්‍ම තුනෙක් ද, කර්‍මයෙක් ද, අර්‍ධකර්‍මයෙක් ද වෙයි. ප්‍රතිපදා දෙසැටෙකැ. අතුරුකප් දෙසැටෙකැ, අභිජාති සයෙකැ, පුරුෂභූමි අටෙකැ, ආජීවකවෘත්ති එක්සියඑකුන් පනසෙකැ, පිරිවැජි පැවිදි එක්සිය එකුන්පනසෙකැ, නාමඬුලු එක්සිය එකුන්පනසෙකැ, ඉන්‍ද්‍රිය එක්සියවිස්සෙකැ, නිරය එක්සිය තිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිගණ්ඨගර්‍භ සතෙකැ, දෙවියෝ සත්දෙනෙකැ, මිනිස්සු සත්දෙනෙකැ, පිසාචයෝ සත්දෙනෙකැ, මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, මහාප්‍රපාත සතෙකැ, කුඩාප්‍රපාත සත්සියයෙකැ, මහසිහින සතෙකැ කුඩාසිහින සත්සියයෙකැ මහාකල්ප සුවාසුලක්‍ෂයෙකි. මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුහුකුරා ගිය කර්‍මයක් මූකුරු වන්නෙමි යි හෝ එහි නැත. මුහුකුරා ගිය කර්‍මයක් විඳිමින් ගෙවන්නෙමි යි හෝ මෙසේත් නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනින ලද මෙනි. සසර කරන ලද කෙළවර ඇත්තේ යැ. පිරිහීම් වැඩුම් නැත. උස්පහත් වීම් නැති. (පර්‍වතයෙක හෝ රුක් මුදුනෙක හෝ සිට) හූගුලක් දමා ගැසූ කල්හි යම් සේ (හුයේ පමණට) ලිහෙමින් යේ ද, එසෙයින් ම බාලයෝත් පණ්ඩිතයෝත් (කාල වශයෙන්) ලිහෙමින් සුවදුක් දෙකට යෙති යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද නම් අසන ලද නම් සුඹුනා විඳුනා පහස්නා ලද නම් දන්නා ලද නම් පැමිණෙන ලද නම් සොයන ලද නම් සිතින් හැසිරෙන ලද නම් හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “සත්ති’මෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති න විපරිනමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා, සුඛදුක්ඛාය වා, කතමෙ සත්ත : පඨවීකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක්ඛෙ, ජීවෙ. සත්ති’මෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා
Sinhala BJTයමෙක් දුක් නම් පෙරැළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට මෙබඳු දෘෂ්ටියක් උපදී ද? “නො කරන ලද, නො කළ විධාන ඇති නො මැවුණු නොමවන ලද වඳ වූ පවුකුළක් මෙන් සිටී, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටි මේ සත්කයෙකි. ඔහු නො සැලෙති, නො වෙනස් වෙති. ඔවුනොවුන් නො පෙළත්. ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. කවර සතෙකැ යත්: පඨවිකාය යැ, ආපෝකාය යැ, තේජෝකාය යැ, වායෝකාය යැ, සුඛ යැ දුක්ඛ යැ, ජීව ය යි. මේ සත්කායයෝ නො කරන ලදහ. නොකළ විධාන ඇතියහ. නො මැවුණහ, නො මවන ලදහ, වඳයහ,
Pali BJTකූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා, තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. යො’පි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති, සත්තන්නංත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපවිසති.
Sinhala BJTපවුකුළක් සේ සිටියහ. ඉන්‍ද්‍රකීලයක් මෙන් නො සැලී සිටියහ. ඔහු නො සැලෙති, නො වෙනස් වෙති. ඔවුනොවුන් නො පෙළති, ඔවුනොවුන්ට සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නො වැටෙත්. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳුනේ නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් නො තොර කෙරෙයි. හුදෙක් සත්කාය අතරින් මැ සැත විවරයට පිවිසේ.
Pali BJTචුද්දස ඛො පන ඉමානි යොනිප්පමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි, පඤ්ච ච කම්මුනො සතානි ච පඤ්ච ච කම්මානි, තීණි ච කම්මානි, කම්මෙ ච අඩ්ඪකම්මෙ ච, ද්වට්ඨිපටිපදා ද්වට්ඨන්තරකප්පා ඡළභිජාතියො. අට්ඨපුරිසභූමියො, එකූනපඤ්ඤාස ආජීවසතෙ, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රිය සතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දිබ්බා, සත්ත මානුසා, සත්ත පිසාචා, සත්ත සරා, සත්ත පවුධා, සත්ත ච පවුධසතානි, සත්ත පපාතා, සත්ත ච පපාතසතානි සත්ත සුපිනා, සත්ත ච සුපිනසතානි චුල්ලාසීති මහාකප්පුනො සතසහස්සානි යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.
Sinhala BJTබාලයෝත්, පණ්ඩිතයෝත් යමෙක දිව සැරිසරා දුක් කෙළවර කරන්නාහු නම් (එබඳු) මේ උතුම් යෝනි තුදුස් ලක්‍ෂ සදහස් සසියයෙක් වෙයි, කර්‍ම පන්සියයෙක් ද, කර්‍ම පසෙක් ද, කර්‍ම තුනෙක් ද කර්‍මයෙක් ද, අර්‍ධ කර්‍මයෙක් ද, වේ. ප්‍රතිපදා දෙසැටෙකැ. අතුරුකප් දෙසැටෙකැ, අභිජාති සයෙකැ, පුරුෂභූමි අටෙකැ, ආජීවක වෘත්ති එක්සිය එකුන්පනසෙකැ, පිරිවැජි පැවිදි එක්සිය එකුන්පනසෙකැ, නාමඬුලු එක්සිය එකුන්පනසෙකැ, ඉන්‍ද්‍රිය එක්සියවිස්සෙකැ, නිරය එක්සියතිසෙකැ, රජෝධාතු සතිසෙකැ, සංඥීගර්‍භ සතෙකැ, අසංඥීගර්‍භ සතෙකැ, නිගණ්ඨගර්‍භ සතෙකැ, දෙවියෝ සත්දෙනෙකැ, මිනිස්සු සත්දෙනෙකැ, පිසාචයෝ සත්දෙනෙකැ, මහවිල් සතෙකැ, මහගැට සතෙකැ, කුඩාගැට සත්සියයෙකැ, මහාප්‍රපාත සතෙකැ, කුඩාප්‍රපාත සත්සියයෙකැ මහසිහින සතෙකැ, කුඩාසිහින සත්සියයෙකැ, මහාකල්ප සුවාසූ ලක්‍ෂයෙකි.
Pali BJTතත්ථ නත්ථි: “ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරිස්සාමී”ති හෙවං නත්ථි: දොණමිතෙ සුඛදුක්ඛෙ පරියන්තකටෙ සංසාරෙ. නත්ථි හායනවඩ්ඪනෙ. නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථා’පි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙව බාලෙ ච පණ්ඩිතෙ ච නිබ්බෙඨියමානා සුඛදුක්ඛං පලෙන්තී?
Sinhala BJT“මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නුමුහුකුරා ගිය කර්‍මය මුහුකුර වන්නෙමි යි හෝ එහි නැතැ, මුහුකුරා ගිය කර්‍මය විඳිමින් ගෙවන්නෙමි’යි මෙසේත් නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනින ලද මෙනි. සසර කරන ලද කෙළවර ඇත්තේ ය. පිරිහීම් වැඩීම් නැත. උස්පහත් බැව් නැති. හූගුලක් (පර්‍වතයෙක හෝ රුක් මුදුනෙක හෝ සිට) දමා ගැසූ කල යම්සේ (හුයේ පමණට) ලිහෙමින් යේ ද, එසෙයින් ම බාලයෝත් පණ්ඩිතයෝත් (කාල වශයෙන්) ලිහෙමින් සුවදුකට යෙත් දැ”යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදායපිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම්කලෙක මේ සතැන්හි අරීසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙන නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න යයි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJTසස්සතලොක සුත්තං
Sinhala BJTසස්සත සූත්‍රය
Pali BJT214. සාවත්ථියං:
Sinhala BJT214. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති සස්සතො ලොකොති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය ශාශ්වත යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති, “සස්සතො ලොකො”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “සස්සතො ලොකො”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය, ඇසුරු කොට විඥානයට පිවිස ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ. …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : සස්සතො ලොකො’ති?
Sinhala BJTදුක්, නම් වෙනස් වනසුලු, නම් එය නො ඇසුරු කොට ලෝකය ශාශ්වත ය යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද ද, අසන ලද ද, සුඹුනා-විඳුනා-පහස්නා ලද ද’ දන්නා ලද ද පැමිණෙන ලද ද, සොයන ලද ද, සිතින් හැසිරෙන ලද ද, හෙ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ …
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “සස්සතො ලොකො’ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය ශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි? “
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු{1} කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛසමුදයෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති. දුක්ඛනිරොධෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති. දුක්ඛනිරොධගාමිනියා පටිපදායපිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක හටගැන්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. දුක නැවැත්මට පමුණුවන පිළිවෙතෙහිත් ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTඅසස්සත ලොකසුත්තං
Sinhala BJTඅසස්සත සූත්‍රය
Pali BJT215. සාවත්ථියං:
Sinhala BJT215. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “අසස්සතො ලොකො”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස “අසස්සතො ලොකො”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “අසස්සතො ලොකො” ති.
Sinhala BJTමහණෙනි, රූපය, ඇති කල්හි රූපය, ඇසුරු කොට රූපයට පිවිස ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය ...
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අසස්සතො ලොකො”ති?
Sinhala BJTදුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය ද හෝ? අනිත්‍ය ද හෝ යි?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අසස්සතො ලොකො”ති?
Sinhala BJTදුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අශාශ්වත ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ? යි
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, මෙය නො වේ ම යැ.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබෙයි.
Pali BJT3. 1. 11.
Sinhala BJT3. 1. 11.
Pali BJTඅන්තවා සුත්තං
Sinhala BJTඅන්තවත් සූත්‍රය
Pali BJT216. සාවත්ථියං:
Sinhala BJT216. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “අන්තවා ලොකො”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “ලෝකය අන්තවත් (කෙළවර සහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “අන්තවා ලොකො”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : අන්තවා ලොකො’ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස, ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ‘රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි”?
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “අන්තවා ලොකො”ති?
Sinhala BJTදුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති -පෙ- දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අන්තවා ලොකො”ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි? … දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට ‘ලෝකය අන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක අරීසවුහුගේ … මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරීසවු තෙමේ ‘සෝතාපන්න’ ය යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 12.
Sinhala BJT3. 1. 12.
Pali BJTඅනන්තවා සුත්තං
Sinhala BJTඅනන්තවත් සූත්‍රය
Pali BJT217. සාවත්ථියං:
Sinhala BJT217. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “අනන්තවා ලොකො”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ‘ලෝකය අනන්තවත් (කෙළවර රහිත) ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති -පෙ- වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “අනන්තවා ලොකො”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි … වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? ‘අනිත්‍ය හෝ වේ දැ?” යි
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “අනන්තවා ලොකො”ති?
Sinhala BJTදුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ‘ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති ? -පෙ- දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “අනන්තවා ලොකො”ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ මුත විසින් ගන්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් හෙ ද නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි … එය නො ඇසුරු කොට ලෝකය අනන්තවත් ය’යි මෙබඳු දෘෂ්ටියක් උපදනේ දැ යි?