Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7301-7400 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහවයෙති, ඉන්‍ද්‍රකීලයන් මෙන් නො සැලී සිටියාහු යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු{1} ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛසමුදයෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති.
Sinhala BJTමහණෙනි,යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකහට මේ (දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්තපරියේසිත අනුවිචරිත යන) සතැන්හි සැක ප්‍රහීණ වූයේ වේ නම් දුක්ඛයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛසමුදයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධයෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනී පටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTඑතංමම සුත්තං
Sinhala BJTඑතං මම සූත්‍රය
Pali BJT207. සාවත්ථියං:
Sinhala BJT207. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස “මේ මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්මය“යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වේ දැ? අනිත්‍ය හෝ වේ දැ? යි.
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ? යි.
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය: “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස තෙල නො වේ මැ යි,
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය: “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයම්පිදං දිට්ඨං, සුතං, මුතං, විඤ්ඤාතං, පත්තං, පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වා’ති?
Sinhala BJTමේ යමකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති. දුක්ඛෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛසමුදයෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධෙ’පිස්ස කඞ්ඛා පහීනා හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදායපිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ (දිට්ඨාදි) සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. දුක්ඛ සමුදයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛ නිරෝධයෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTසොඅත්තා සුත්තං
Sinhala BJTසො අත්තා සූත්‍රය
Pali BJT208. සාවත්ථියං:
Sinhala BJT208. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති. “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි?
Pali BJTභගවම්මූලකා නො, භන්තෙ, ධම්මා -පෙ- භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි, ඇත්තෙමි’යි වේදනාව ඇති කල … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස මෙබඳු දෘෂ්ටියක් පහළ වෙයි: “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇත්තෙමි”යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, එ කුමැයි හඟිවු ද,රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් වූ කලී අනිත්‍ය ද එ දුක් හෝ වෙයි ද, සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති?
Sinhala BJTයමෙක් වූ කලී අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ද, එ ඇසිරි කොට මෙබඳු දෘෂ්ටියක් පහළ වේ ද: එ මම් ආත්මයෙමි, එ මම් ලෝකය වෙමි, එ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවි ඇතියෙමි” යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම් ආත්ම වෙමි, ඒ මම් ලෝක වෙමි, ඒ මම් පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නොවෙනස් වනසුල්ලෙමි” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එ ද නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ? යි.
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “ඒ මම ආත්ම වෙමි, ඒ මම ලෝක වෙමි, ඒ මම පරලොව වන්නෙමි නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො වෙනස් වනසුල්ලෙමි” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි,
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස්ස කඞ්ඛා පහීනා හොති අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් … දුක නැවැත්මට යන පිළිවෙතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, මේ අරිසවු තෙමේ සෝතාපන්න යැ, අපායෙහි නො වැටෙනසුලු යැ, නියත යැ, සම්බෝධිය පිහිට කොට ඇතැ යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTනොචමෙසියා සුත්තං
Sinhala BJTනො ච මෙ සියා සූත්‍රය
Pali BJT209. සාවත්ථියං:
Sinhala BJT209. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : නො චස්සං නො ච මෙ සියා න භවිස්සාමි න මෙ භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : නො චස්සං නො ච මෙ සියා න භවිස්සාමි න මෙ භවිස්සතීති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : නො චස්සං නො ච මෙ සියා න භවිස්සාමි න මෙ භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ ය. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො වන්නේ ය යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : නො චස්සං නො ච මෙ සියා න භවිස්සාමි, න මෙ භවිස්සතීති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. (මතු ද මම්) නො වන්නෙම් නම් (මතු ද) මට (පස්කඳෙක්) නො ද වන්නේ යයි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය… මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං තං දුක්ඛං වා සුඛං වාති?
Sinhala BJTයමෙක් වූ කලී අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය නො චස්සං නො ච මෙ සියා, න භවිස්සාමි න මෙ භවිස්සතීති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි කොට: ඉදින් (මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මතුදු (පස්කඳෙක්) නො ද වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙපිස්ස කඞ්ඛා පහීනා හොති. -පෙ- “දුක්ඛනිරොධගාමිනියා පටිපදායපිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකහට මෙ සතැන්හි සැකය ප්‍රහීණ වූයේ වේ ද, ඔහුට දුකෙහි දු සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි දු ඔහට සැකය ප්‍රහීණ වූයේ වෙයි. මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න යැ, අපායෙහි නො හෙනසුලු යැ, ගතිනියත යැ, සම්බෝධිය පරායණ කොට ඇත්තේ වේ ය යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJTනත්ථිදින්නසුත්තං
Sinhala BJTනත්‍ථි දින්න සූත්‍රය
Pali BJT210. සාවත්ථියං:
Sinhala BJT210. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුම්මහාභූතිකො අයං පුරිසො, යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති, අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසො මතං ආදාය ගච්ඡන්ති. යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්මන්තා{1} ආහුතියො. දත්තුපඤ්ඤත්තමිදං දානං නාම. තෙසං තුච්ඡං මුසා විප්පලාපො, යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්‍රහෙණක සත්කාරයෙහි ඵලවිපාක නැත. කුශලාකුශලකර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙ ලොවෙක් නැත. පරලොවෙක් නැත. මවක් නැත. (මවට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) පියෙක් නැත. පියාට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) ඕපපාතික (මැරෙන උපදින) සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට ප්‍රකාශ කෙරෙත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය (අනුලෝමප්‍රතිපදා ප්‍රතිපන්න එ බඳු) මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ චාතුර්මහාභුතයන්ගෙන් හටගත්තේ යැ. යම් කලෙක කලුරිය කෙරේ නම් (එ කල්හි) පඨවි ධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණෙ යි. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණෙයි, තේජෝධාතුව තේජෝ ධාතුව කරා යෙයි, පැමිණෙයි, වායෝධාතුව වායෝධාතුව කරා යෙයි, පැමිණේ. ඉඳුරෝ අහසට පැනගනිත්. මිනී ඇඳ පස් වැනි කොට ඇති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත් ඇට පරෙවි පැහැවන් වේ. හෝමදානයෝ අළු කෙළෙවර කොට ඇත්තෝ ය. මේ දානය නම් අඥානයන් විසින් පනවන ලද්දකි. යම් කිසි කෙනෙක් ආස්තිකවාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් බොරු ප්‍රලාපයෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කාබුන් මරණින් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙතැ යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස “දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කායභේදයෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති” යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ’යි හැඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය ….
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නොවෙති” යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා ති?
Sinhala BJTවේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJT“යං පනා’නිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති” යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම ය.
Pali BJTයම්පිදං දිට්ඨං, සුතං, මුතං, විඤ්ඤාතං, පත්තං, පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
Pali BJTඅනිච්චං භන්තෙ, -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය. …
Pali BJTදුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුම්මහාභූතිකො අයං පුරිසො. යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසො මතං ආදාය ගච්ඡන්ති. යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්මන්තා ආහුතියො. දත්තුපඤ්ඤත්තමිදං දානං නාම. තෙසං තුච්ඡං මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති, න හොන්ති පරම්මරණාති?
Sinhala BJTදුක් නම් වෙනස්වන සුලු නම් එය නො ඇසුරු කොට දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්‍රහේණකසත්කාරයෙහි ඵල විපාක නැත කුශලාකුශල කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙලොවෙක් නැත. පරලෙ වෙක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට පවසත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය එබඳු මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත්තේ ය. යම් කලෙක කලුරිය කෙළේ නම් (එ කල්හි) පඨවිධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණේ. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණේ. තේජෝධාතුව තේජෝධාතුව කරා යෙයි. පැමිණේ. වායෝධාතුව වායෝධාතුව කරා යෙයි. පැමිණේ. ඉඳුරෝ අහසට පැන ගනිත්. මිනී ඇඳ පස්වැනි කොට ඇති පුරුෂයෝ මළසිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත්. ඇට පරෙවිපැහැ වන් වේ. හෝමයෝ අළු කෙළවර කොට ඇත්තාහ. මේ දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දෙක. යම් කිසි කෙනෙක් ආස්තික වාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් නන්දෙඩවිල්ලෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කය බිඳීමෙන් සිඳෙත් වැනසෙත්, මරණින් මතු නො වෙති”යි මෙ බඳු දිටෙක් උපදනේ දැ යි?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස තෙල නො වේ ම ය.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ පිස්ස කඞ්ඛා පහීනා හොති -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක නැවැත්මට පමුණුවන පිළිවතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති මේ අරිසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTකරතො සුත්තං
Sinhala BJTකරොතො සූත්‍රය
Pali BJT211. සාවත්ථියං:
Sinhala BJT211. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “කරතො කාරයතො{1} ඡින්දතො ඡෙදාපයතො{2} පචතො පාචයතො{3} සොචතො{4} සොචාපයතො කිලමතො{5} කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො{6} පාණමතිපාතයතො{6} අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො. පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං,{7} ඛුරපරියන්තෙන චෙ’පි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං. නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙ’පි ගඞ්ගාය තීරං{8} ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො, පාචෙන්තො, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙ’පි ගඞ්ගාය තීරං{8} ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො,{9} නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන{10} නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති.
Sinhala BJTඍමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද? (එනම්:) තමා ම කරන්නහුට මෙරමා ලවා කරවන්නහුට අනුන්ගේ අත්පා ආදිය සිඳිනහුට සිඳුවන්නහුට දඬුමුගුරු ආදියෙන් පෙළන්නහුට පෙළවන්නහුට මෙරමා තවන්නහුට තවවන්නහුට අනුන් වෙහෙසන්නහුට මෙරමා ලවා වෙහෙස කරවන්නහුට අනුන් කම්පිත කරන්නහුට කම්පිත කරවන්නහුට පරපණ නස්නහුට නස්වන්නහුට නොදුන් දෑ ගන්නහුට ගන්වන්නහුට ගෙවල් බිඳින්නහුට බිදුවන්නහුට මහාවිලෝප (සියල්ල පැහැර ගැනීම්) කරන්නහුට එක්ගෙයක් වටා සිට බඩු පැහැර ගන්නහුට මඟ රැක සිට යනෙනුවන් බඩු පැහැර ගන්නහුට පරඹුන් කරා යන්නහුට මුසා බණන්නහුට (පවක් කරමි යන හැඟීමෙන්) කරන්නහුට පවා පවක් නො කෙරේ. (පවෙක් නැත.) ඉදින් යමෙක් කර වැනි නිම්වළලු ඇති නොහොත් කරමුවහත් වැනි කෙළෙවර ඇති සකෙකින් මේ පොළොවෙහි ප්‍රාණීන් එක්මස් රැසක් එක්මස් පිඬක් කරන්නේ නම් ඒ හේතුයෙන් වන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැති. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් දකුණු ගංඉවුරට ද යන්නේ නම් ඒ හේතුයෙන් පවෙක් නැත. පවෙහි ඊමෙක් නැති. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් උතුරුගංතෙරට ද යන්නේ නම් ඒ හේතු යෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැති. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි කියා යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ …
Pali BJT“රූපං ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති, “කරතො කාරයතො -පෙ- දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන{10} නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “කරතො කාරයතො -පෙ- නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස කරන්නහුට කරවන්න හුට … දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත. පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දිටුයෙක් උපදියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස කරන්හුට කරවන්නහුට … සත්‍ය වචනයෙන් පිනෙක් නැත පිනෙහි ඊමෙක් නැති”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.