Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7201-7300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවයධම්ම සුත්තං.
Sinhala BJTවයධම්ම සූත්‍රය
Pali BJT191. සාවත්ථියං:
Sinhala BJT191. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, වයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
Sinhala BJTරාධය, යමෙක් වැය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJTකො ච රාධ, වයධම්මො:
Sinhala BJTරාධය, කිමෙක් වැය වනසුලු වේ ද යත්:
Pali BJTරූපං ඛො රාධ, වයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං වයධම්මො. තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, වයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, රූපය වැය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය වැය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් වැය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 11.
Sinhala BJT2. 3. 11.
Pali BJTසමුදය ධම්ම සුත්තං.
Sinhala BJTසමුදයධම්ම සූත්‍රය
Pali BJT192. සාවත්ථියං:
Sinhala BJT192. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත් පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, සමුදයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
Sinhala BJTරාධය, යමක් හටගන්නාසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJTකො ච රාධ, සමුදයධම්මො: රූපං ඛො රාධ, සමුදයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං සමුදයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, සමුදයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, කිමෙක් හටගන්නාසුලු වේ ද යත්: රාධය, රූපය හටගන්නාසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය හටගන්නාසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් හටගන්නාසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 12.
Sinhala BJT2. 3. 12.
Pali BJTනිරොධ ධම්ම සුත්තං.
Sinhala BJTනිරෝධධම්ම සූත්‍රය
Pali BJT193. සාවත්ථියං:
Sinhala BJT193. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් කරා යොමුකළ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්, නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, නිරොධධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, නිරොධධම්මො: රූපං ඛො රාධ, නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිරොධධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධ, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJTආයාචනවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි ආයාචනා වර්‍ග යි
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමාරො ච මාරධම්මො ච අනිච්චෙන’පරෙ දුවෙ ක්ඛෙන ච දුවෙ වුත්තා අනත්තෙන තථෙව ච, ඛයවයසමුදයධම්මා නිරොධධම්මෙන ද්වාදසාති.
Sinhala BJTමාර-මාරධම්ම, අනිච්ච-අනිච්චධම්ම, දුක්ඛ-දුක්ඛධම්ම, අනත්ත-අනත්තධම්ම, ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම හා නිරෝධධම්ම යි සූත්‍ර දොළොසෙකි.
Pali BJT4. උපනිසින්නවග්ගො
Sinhala BJT4. උපනිසින්න වර්‍ගය
Pali BJT2. 4. 1.
Sinhala BJT2. 4. 1.
Pali BJTමාර සුත්තං
Sinhala BJTමාර සූත්‍රය
Pali BJT194. සාවත්ථියං:
Sinhala BJT194. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මන්තං රාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : යො ඛො රාධ, මාරො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, “යමෙක් මාර නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතුයැ. රාගය පහකට යුතුයැ, ඡන්‍දරාගය පහකට යුතුයි.
Pali BJTකො ච රාධ, මාරො: රූපං ඛො රාධ, මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො, යො ඛො රාධ, මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, කිමෙක් මරු ද යත්: රාධය, රූපය මාර යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. රාගය පහකටයුතු ය. ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව …සංඥාව … සංස්කාර … විඥානය මාර යැ. එහිලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමෙක් මාර නම් එහිලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු ය”යි.
Pali BJT2. 4. 2.
Sinhala BJT2. 4. 2.
Pali BJTමාරධම්ම සුත්තං
Sinhala BJTමාරධම්ම සූත්‍රය
Pali BJT195. සාවත්ථියං:
Sinhala BJT195. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : යො ඛො රාධ, මාරොධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් මාරධම්ම (මරණ ස්වභාව) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය, පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJTකො ච රාධ, මාරධම්මො: රූපං ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො, යො ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධ කිමෙක් මරණ ස්වභාව ද යත්: රාධය, රූපය මැරෙන සුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මැරෙනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමෙක් මැරෙනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 4. 3.
Sinhala BJT2. 4. 3.
Pali BJTඅනිච්ච සුත්තං
Sinhala BJTඅනිච්ච සූත්‍රය
Pali BJT196. සාවත්ථියං:
Sinhala BJT196. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : යං ඛො රාධ, අනිච්චං තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බො.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: රාධය, යමෙක් අනිත්‍ය නම් එහි … ඡන්‍දරාගය පහකට යුත්තේ යි.
Pali BJT2. 4. 4.
Sinhala BJT2. 4. 4.
Pali BJTඅනිච්චධම්ම සුත්තං
Sinhala BJTඅනිච්චධම්ම සූත්‍රය
Pali BJT197. සාවත්ථියං:
Sinhala BJT197. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, අනිච්චධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය යමෙක් අනිත්‍යධර්‍ම නම් එහි ... ඡන්‍දරාගය ප්‍රහාණ කටයුත්තේ යි.
Pali BJT2. 4. 5.
Sinhala BJT2. 4. 5.
Pali BJTදුක්ඛ සුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT198. සාවත්ථියං:
Sinhala BJT198. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, දුක්ඛං තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය යමෙක් දුක් නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 6.
Sinhala BJT2. 4. 6.
Pali BJTදුක්ඛධම්ම සුත්තං
Sinhala BJTදුක්ඛධම්ම සූත්‍රය
Pali BJT199. සාවත්ථියං:
Sinhala BJT199. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, දුක්ඛධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය යමෙක් දුක්ඛධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 7.
Sinhala BJT2. 4. 7.
Pali BJTඅනත්ත සුත්තං
Sinhala BJTඅනන්ත සූත්‍රය
Pali BJT200. සාවත්ථියං:
Sinhala BJT200. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, අනත්තා තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය යමෙක් අනාත්ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 8.
Sinhala BJT2. 4. 8.
Pali BJTඅනත්තධම්ම සුත්තං
Sinhala BJTඅනත්තධම්ම සූත්‍රය
Pali BJT201. සාවත්ථියං:
Sinhala BJT201. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, අනත්තධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් අනාත්මධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 9.
Sinhala BJT2. 4. 9.
Pali BJTඛයධම්ම සුත්තං
Sinhala BJTඛයධම්ම සූත්‍රය
Pali BJT202. සාවත්ථියං:
Sinhala BJT202. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, ඛයධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් ක්‍ෂයධර්‍ම නම් එහි ... ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 10.
Sinhala BJT2. 4. 10.
Pali BJTවයධම්ම සුත්තං
Sinhala BJTවයධම්ම සූත්‍රය
Pali BJT203. සාවත්ථියං:
Sinhala BJT203. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, වයධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් ව්‍යයධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 11.
Sinhala BJT2. 4. 11.
Pali BJTසමුදයධම්ම සුත්තං
Sinhala BJTසමුදයධම්ම සූත්‍රය
Pali BJT204. සාවත්ථියං:
Sinhala BJT204. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, සමුදයධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් සමුදයධර්‍ම නම් එහි … ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 4. 12.
Sinhala BJT2. 4. 12.
Pali BJTනිරොධධම්ම සුත්තං
Sinhala BJTනිරෝධධම්ම සූත්‍රය
Pali BJT205. සාවත්ථියං:
Sinhala BJT205. සැවැත්නුවර:
Pali BJTයො ඛො රාධ, නිරොධධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJTකො ච රාධ, නිරොධධම්මො: රූපං ඛො රාධ, නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො, යො ඛො රාධ, නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි. රාධය යමක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ රාගය පහකට යුතු යැ ඡන්‍දරාගය පහකට යුතු ය යි.
Pali BJTඋපනිසින්නවග්ගො චතුත්ථො.
Sinhala BJTසිව්වැනි උපනිසින්න වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTමාරො ච මාරධම්මො ච අනිච්චෙන’පරෙ දුවෙ දුක්ඛෙන ච දුවෙ වුත්තා අනත්තෙන තථෙව ච, ඛයවයසමුදයධම්මා නිරොධධම්මෙන ද්වාදසාති.
Sinhala BJTමාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනිච්ච, අනිච්චධම්ම ය යි අනෙක් සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ, දුක්ඛධම්ම ය යි සූත්‍ර දෙකෙක් ද වදාරන ලදහ. එසේ ම අනත්ත, අනත්තධම්මය යි සූත්‍ර දෙකෙකි. ඛයධම්ම, වයධම්ම, සමුදය ධම්ම සූත්‍රයෝ ද වෙත්. (මෙසේ) නිරෝධධම්ම සූත්‍රයෙන් සූත්‍ර දොළසක් වේ.
Pali BJT(එවං මාරසුත්තානි විත්ථාරෙතබ්බානි, එවං නිරොධධම්මෙන ඡත්තිංසවෙය්යාකරණානි. විත්ථාරෙතබ්බානි. එවං රාධසුයුත්තෙ පිණ්ඩිතෙ චතුනවුති වෙය්යාකරණානි හොන්ති.)
Sinhala BJT(මෙසේ මාර සූත්‍ර විස්තර කටයුතු යි. මෙසේ නිරෝධධම්ම සූත්‍රයෙන් සතිස් සූත්‍ර කෙනෙක් විස්තර කටයුත්තාහ. මෙසේ රාධ සංයුත්තය පිඬු කළ කල්හි සුඅනු සූත්‍ර කෙනෙක් වෙත්.)
Pali BJTරාධසංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTරාධසංයුත්තය නිමි.
Pali BJT3. දිට්ඨිසංයුත්තං
Sinhala BJT3. දිට්ඨි සංයුත්තය
Pali BJT1. සොතාපත්තිවග්ගො
Sinhala BJT1. සෝතාපත්ති වර්‍ගය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTවාත සුත්තං
Sinhala BJTවාත සූත්‍රය
Pali BJT206. සාවත්ථියං:
Sinhala BJT206. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතාති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මෙබඳු දෘෂ්ටියක් උපදී ද: “වාතයෝ නො හමති, නදීහු ගලා නො බසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු උදා නො වෙති නො ද බැසයෙති (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු” දැයි?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : ‘න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා’ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීල සෙයින් සිටියාහු යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පිවිස “වාතයෝ නො හමති, නදීහු ගලා නොබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳ හිරුහු නො ද උදාවෙති නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු” යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වෙයි ද, අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “වාතයෝ නො හමති, නදීහු නො ගලාබසිති, ගැබිනීහු ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදා වෙති, නො ද බැසයෙති, (මෙ හැම) ඉන්‍ද්‍රකීලයක් සෙයින් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියක් උපදී ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTවේදනාව… සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වෙ යි ද, අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “න වාතා වායන්ති, න නජ්ජො සන්දන්ති, න ගබ්භිනියො විජායන්ති, න චන්දිමසූරියා උදෙන්ති වා අපෙන්ති වා එසිකට්ඨායිට්ඨිතා”’ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය නො ඇසුරු කොට “වාතයෝ නො හමති, ගඞ්ගාවෝ නො ගලාබසිති, ගැබිනියෝ ප්‍රසව නො කෙරෙති, සඳහිරුහු නො ද උදාවෙති, නො ද පහ ව යෙත්, ඉන්‍ද්‍රකීලයන් මෙන් සිටියාහු “යි මේ බඳු දෘෂ්ටියෙක් උපදී ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයම්පිදං දිට්ඨං, සුතං, මුතං, විඤ්ඤාතං, පත්තං, පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමේ යමෙකුත් දක්නා ලද්දේ, අසන ලද්දේ, සුඹුනා රසවිඳිනා පහස්නා ලද්දේ, දන්නා ලද්දේ, පැමිණෙන ලද්දේ, සොයන ලද්දේ, සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද?