Pali BJT172. සාවත්ථියං:
Sinhala BJT172. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනිච්චං අනිච්චන්ති” භන්තෙ, වුච්චති. කතමන්නු ඛො භන්තෙ, අනිච්චන්ති?
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, අනිත්‍ය යැ, අනිත්‍ය’යි කියනු ලැබෙයි, වහන්ස, අනිත්‍ය නම් කිමෙක් දෝ”යි?
Pali BJTරූපං ඛො රාධ, අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. එවං පස්සං රාධ, සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ. විඥානය අනිත්‍ය යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJTඅනිච්චධම්ම සුත්තං
Sinhala BJTඅනිච්චධම්ම සූත්‍රය
Pali BJT173. සාවත්ථියං:
Sinhala BJT173. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනිච්චධම්මො අනිච්චධම්මො”ති භන්තෙ වුච්චති. කතමො නු ඛො භන්තෙ, අනිච්චධම්මොති?
Sinhala BJTඑකත්පසෙක හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, “අනිච්ච්‍ධම්ම යැ, අනිච්ච්‍ධම්ම”යි කියනු ලැබෙයි, වහන්ස, අනිච්ච්‍ධම්ම කිමෙක් දෝ යි?
Pali BJTරූපං ඛො රාධ, අනිච්චධම්මො වෙදනා අනිච්චධම්මො සඤ්ඤා අනිච්චධම්මො සඞ්ඛාරා අනිච්චධම්මො, විඤ්ඤාණං අනිච්චධම්මො. එවං පස්සං රාධ, සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය අනිත්‍ය ස්වභාවය ඇත්තේ යැ. වේදනාව අනිත්‍ය ස්වභාවය ඇත්තී යැ. සංඥාව අනිත්‍යස්වභාවය ඇත්තී යැ. සංස්කාරයෝ අනිත්‍ය ස්වභාවය ඇතියහ. විඥානය අනිත්‍යස්වභාවය ඇත්තේ යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJTදුක්ඛ සුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT174. සාවත්ථියං:
Sinhala BJT174. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “දුක්ඛං දුක්ඛ”න්ති භන්තෙ, වුච්චති. කතමන්නු ඛො භන්තෙ, දුක්ඛන්ති?
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.: වහන්ස, දුක්ඛ, දුක්ඛ යි කියනු ලැබෙයි, වහන්ස, දුක්ඛ නම් කිමෙක් දෝ”යි?
Pali BJTරූපං ඛො රාධ, දුක්ඛං, වෙදනා දුක්ඛා සඤ්ඤා දුක්ඛා සඞ්ඛාරා දුක්ඛා විඤ්ඤාණං දුක්ඛං. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. රාධය මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJTදුක්ඛධම්ම සුත්තං
Sinhala BJTදුක්ඛධම්ම සූත්‍රය
Pali BJT175. සාවත්ථියං:
Sinhala BJT175. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “දුක්ඛධම්මො දුක්ඛධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, දුක්ඛධම්මොති?
Sinhala BJTඑකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: “වහන්ස, “දුක්ඛධම්ම දුක්ඛධම්ම” යි කියනු ලැබේ” වහන්ස, දුක්ඛධම්ම කිමෙක් දෝ හෝ යි?
Pali BJTරූපං ඛො රාධ, දුක්ඛධම්මො වෙදනා දුක්ඛධම්මො සඤ්ඤා දුක්ඛධම්මො සඞ්ඛාරා දුක්ඛධම්මො විඤ්ඤාණං දුක්ඛධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය දුඃඛස්වභාවය ඇත්තේ ය, වේදනාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංඥාව දුඃඛස්වභාවය ඇත්තී ය, සංස්කාරයෝ දුඃඛස්වභාවය ඇතියහ. විඥානය දුඃඛස්වභාවය ඇත්තේ යි. මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJTඅනත්ත සුත්තං
Sinhala BJTඅනන්ත සූත්‍රය
Pali BJT176. සාවත්ථියං:
Sinhala BJT176. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනත්තා අනත්තා”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, අනත්තාති?
Sinhala BJTඑකත් පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්ම යැ. අනාත්ම යැ’ යි කියනු ලැබේ, වහන්ස, අනාත්මය නම් කිමෙක් දෝ?යි.
Pali BJTරූපං ඛො රාධ, අනත්තා වෙදනා අනත්තා සඤ්ඤා අනත්තා සඞ්ඛාරා අනත්තා විඤ්ඤාණං අනත්තා. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT“රාධය, රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්ම යි. රාධය, මෙසේ දක්නා මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJTඅනත්තධම්ම සුත්තං
Sinhala BJTඅනත්තධම්ම සූත්‍රය
Pali BJT177. සාවත්ථියං:
Sinhala BJT177. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “අනත්තධම්මො අනත්තධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, අනත්තධම්මොති?
Sinhala BJTඑකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘අනාත්මස්වභාව යැ, අනාත්මස්වභාව යැ’යි කියනු ලැබෙයි, වහන්ස, අනාත්මස්වභාවය ඇත්තේ කිමෙක් දෝ”යි.
Pali BJTරූපං ඛො රාධ, අනත්තධම්මො වෙදනා අනත්තධම්මො සඤ්ඤා අනත්තධම්මො, සඞ්ඛාරා අනත්තධම්මො, විඤ්ඤාණං අනත්තධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT“රාධය, රූපය, අනාත්මස්වභාව යැ, වේදනාව අනාත්මස්වභාව යැ, සංඥාව අනාත්ම ස්වභාව යැ, සංස්කාර අනාත්මස්වභාව යැ, විඥානය අනාත්ම ස්වභාව යැ. රාධය මෙසේ දක්නා … ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJTඛයධම්ම සුත්තං
Sinhala BJTඛයධම්ම සූත්‍රය
Pali BJT178. සාවත්ථියං:
Sinhala BJT178. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “ඛයධම්මො ඛයධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, ඛයධම්මොති?
Sinhala BJTඑකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “වහන්ස, ‘ඛයධම්ම, ඛයධම්ම (නැසෙන සුලු)“යි කියනු ලැබේ. වහන්ස කිමෙක් ඛයධම්ම වේ දැ යි.
Pali BJTරූපං ඛො රාධ, ඛයධම්මො, වෙදනා ඛයධම්මො, සඤ්ඤා ඛයධම්මො, සඞ්ඛාරා ඛයධම්මො, විඤ්ඤාණං ඛයධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය ඛයධම්ම යැ, වේදනාව ඛයධම්ම යැ, සංඥාව ඛයධම්ම යැ, සංස්කාර ඛයධම්ම යැ. විඥානය ඛයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී”.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJTවයධම්ම සුත්තං
Sinhala BJTවයධම්ම සූත්‍රය
Pali BJT179. සාවත්ථියං:
Sinhala BJT179. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “වයධම්මො වයධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, වයධම්මොති?
Sinhala BJTඑකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “වයධම්ම, වයධම්ම (වැනසෙන සුලු) යි කියනු ලැබෙයි, ‘වහන්ස කිමෙක් වයධම්ම වේ දැ”යි?
Pali BJTරූපං ඛො රාධ, වයධම්මො වෙදනා වයධම්මො සඤ්ඤා වයධම්මො සඞ්ඛාරා වයධම්මො, විඤ්ඤාණං වයධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය වයධම්ම යැ, වේදනාව වයධම්ම යැ, සංඥාව වයධම්ම යැ, සංස්කාර වයධම්ම යැ විඥානය වයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 11.
Sinhala BJT2. 2. 11.
Pali BJTසමුදයධම්ම සුත්තං
Sinhala BJTසමුදයධම්ම සූත්‍රය
Pali BJT180. සාවත්ථියං:
Sinhala BJT180. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “සමුදයධම්මො සමුදයධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, සමුදයධම්මොති?
Sinhala BJTඑකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘සමුදයධම්ම, සමුදයධම්ම (හටගන්නාසුලු)’යි කියනු ලැබෙයි, වහන්ස, කිමෙක් සමුදය ධම්ම වේ දැ යි?
Pali BJTරූපං ඛො රාධ, සමුදයධම්මො වෙදනා සමුදයධම්මො සඤ්ඤා සමුදයධම්මො සඞ්ඛාරා සමුදයධම්මො විඤ්ඤාණං සමුදයධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය සමුදයධම්ම යැ. වේදනාව සමුදයධම්ම යැ. සංඥාව, සමුදයධම්ම යැ. සංස්කාර සමුදයධම්ම යැ. විඥානය සමුදයධම්ම යි. රාධය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 12.
Sinhala BJT2. 2. 12.
Pali BJTනිරොධධම්ම සුත්තං
Sinhala BJTනිරෝධධම්ම සූත්‍රය
Pali BJT181. සාවත්ථියං:
Sinhala BJT181. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “නිරොධධම්මො, නිරොධධම්මො”ති භන්තෙ වුච්චති. කතමො නු ඛො භන්තෙ, නිරොධධම්මොති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ‘නිරෝධධම්ම, නිරෝධධම්ම (නිරුද්ධ වනසුලු)’ යි කියනු ලැබෙයි. වහන්ස, කිමෙක් නිරෝධධම්ම වේ දැ”යි.
Pali BJTරූපං ඛො රාධ, නිරොධධම්මො වෙදනා නිරොධධම්මො සඤ්ඤා නිරොධධම්මො, සඞ්ඛාරා නිරොධධම්මො විඤ්ඤාණං නිරොධධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT“රාධය, රූපය ‘නිරෝධධම්ම යැ, වේදනාව නිරෝධධම්ම යැ, සංඥාව නිරෝධධම්ම යැ, සංස්කාර නිරෝධධම්ම යැ, විඥානය නිරෝධධම්ම යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අනෙකෙක් නැතැ”යි දැනගනීයි.
Pali BJTදුතිය මාරවග්ගො
Sinhala BJTදුතිය මාරවර්‍ග යි
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTමාරො ච මාරධම්මො ච අනිච්චෙන’පරෙ දුවෙ දුක්ඛෙන ච දුවෙ වුත්තා අනත්තෙන තථෙව ච ඛයවයසමුදයධම්මා නිරොධධම්මෙන ද්වාදසාති.
Sinhala BJTමාර සූත්‍රය ද, මාරධම්ම සූත්‍රය ද, අනික් අනිච්ච සූත්‍ර දෙකෙක් ද, දුක්ඛ සූත්‍ර දෙකෙක් ද කියන ලද යැ. එසේ ම අනත්ත සූත්‍ර ද දෙකෙකි. ඛයධම්ම වයධම්ම සමුදයධම්ම සූත්‍රයෝ ද වෙති. නිරෝධධම්ම සූත්‍රයෙන් (ඔහු) දොළසෙක් වෙත්.
Pali BJT3. ආයාචනවග්ගො
Sinhala BJT3. ආයාචන වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJTමාර සුත්තං.
Sinhala BJTමාර සූත්‍රය
Pali BJT182. සාවත්ථියං:
Sinhala BJT182. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, මාරො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො{1} පහාතබ්බො, ඡන්දරාගො{2} පහාතබ්බො. කො ච රාධ, මාරො :
Sinhala BJTරාධය, යමෙක් මාර ද, එහි තොපගේ ඡන්‍දය (දුර්‍වල රාගය) දුරු කටයුතු යැ. රාගය (බලවත් රාගය) පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය මාර කවරේ ද යත්:
Pali BJTරූපං ඛො රාධ, මාරො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො{1} පහාතබ්බො, ඡන්දරාගො{2} පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො{1} පහාතබ්බො, ඡන්දරාගො{2} පහාතබ්බො. යො ඛො රාධ, මාරො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධ, රූපය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මාර යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහ කටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. රාධය යමෙක් මරු ද එහි ඡන්‍දය පහකටයුතුය, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJTමාරධම්ම සුත්තං.
Sinhala BJTමාරධම්ම සූත්‍රය
Pali BJT183. සාවත්ථියං:
Sinhala BJT183. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, ... නිවන් පිණිස යොමුකළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දෙසනසේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, මාරධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, මාර ධම්මො: රූපං ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං මාරධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් මරණධර්‍ම (මැරෙනසුලු) නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කවරෙක් මරණධර්‍ම වේ ද යත්: රාධය, රූපය මරණධර්‍ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතුයැ, ඡන්‍දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය මරණධර්‍ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් මරණධර්‍ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJTඅනිච්ච සුත්තං.
Sinhala BJTඅනිච්ච සූත්‍රය
Pali BJT184. සාවත්ථියං:
Sinhala BJT184. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද භාග්‍ය වතුන් වහන්සේ එ බඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච රාධ, අනිච්චං? රූපං ඛො රාධ, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යං ඛො රාධ, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළ යුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. රාධය, කිමෙක් අනිත්‍ය ද යත්: රාධය, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළ යුතු යි. රාධය යමෙක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ, රාගය පහකළයුතු යැ, ඡන්‍දරාගය පහකළයුතු යි.
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJTඅනිච්චධම්ම සුත්තං.
Sinhala BJTඅනිච්චධම්ම සූත්‍රය
Pali BJT185. සාවත්ථියං:
Sinhala BJT185. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, අනිච්චධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
Sinhala BJTරාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු ය, රාගය පහකළයුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
Pali BJTකො ච රාධ, අනිච්චධම්මො: රූපං ඛො රාධ, අනිච්චධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, අනිච්චධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධ, කිමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍ද රාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනිත්‍ය ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකට යුතු යි.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJTදුක්ඛ සුත්තං.
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT186. සාවත්ථියං:
Sinhala BJT186. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයං ඛො රාධ, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කිං ච රාධ, දුක්ඛං: රූපං ඛො රාධ, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුක් ද යත්: රාධය, රූපය දුක් යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකළයුතු යැ. රාගය පහකට යුතු යැ. ඡන්‍දරාගය පහකළයුතු යි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJTදුක්ඛධම්ම සුත්තං.
Sinhala BJTදුක්ඛධම්ම සූත්‍රය
Pali BJT187. සාවත්ථියං:
Sinhala BJT187. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, … නිවන් කරා යොමු කළ සිතැති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනවැ”යි.
Pali BJTයො ඛො රාධ, දුක්ඛධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, දුක්ඛධම්මො: රූපං ඛො රාධ, දුක්ඛධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං දුක්ඛධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, දුක්ඛධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් දුක්ඛ ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් දුඃඛස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ. ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාරය … විඥානය දුඃඛස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය යමක් දුඃඛස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJTඅනත්ත සුත්තං.
Sinhala BJTඅනන්ත සූත්‍රය
Pali BJT188. සාවත්ථියං:
Sinhala BJT188. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, …: “නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් යහපතැ යි.
Pali BJTයො ඛො රාධ, අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, අන්තතා: රූපං ඛො රාධ, අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහ කටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ද යත්: රාධය, රූපය අනාත්ම යැ ; එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්ම යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 8.
Sinhala BJT2. 3. 8.
Pali BJTඅනත්තධම්ම සුත්තං.
Sinhala BJTඅනත්තධම්ම සූත්‍රය
Pali BJT189. සාවත්ථියං:
Sinhala BJT189. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, “…: නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවැ”යි.
Pali BJTයො ඛො රාධ, අනත්තධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, අනත්තධම්මො: රූපං ඛො රාධ, අනත්තධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, අනත්තධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් අනාත්ම ස්වභාව ඇත්තේ ද යත්: රාධය, රූපය අනාත්ම ස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනාත්මස්වභාව ඇත්තේ යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමක් අනාත්ම ස්වභාවය ඇත්තේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ. රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 9.
Sinhala BJT2. 3. 9.
Pali BJTඛයධම්ම සුත්තං.
Sinhala BJTඛයධම්ම සූත්‍රය
Pali BJT190. සාවත්ථියං:
Sinhala BJT190. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරනසේක්වා”යි.
Pali BJTයො ඛො රාධ, ඛයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, ඛයධම්මො: රූපං ඛො රාධ, ඛයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං ඛයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, ඛයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTරාධය, යමෙක් ක්‍ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් ක්‍ෂය වනසුලු ද යත්: රාධය, රූපය ක්‍ෂය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ක්‍ෂය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් ක්‍ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT2. 3. 10.
Sinhala BJT2. 3. 10.