Pali BJTතං කිං මඤ්ඤසි ආනන්ද, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTආනන්‍දය, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි. වහන්ස, අනිත්‍ය ය.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ? යි. වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසොහමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය”යි දක්නට සුදුසු දැ”යි? වහන්ස, තෙල නො වේ මැ යැ .
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTතස්මාතිහ ආනන්ද, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කා චි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම -පෙ-
Sinhala BJTආනන්‍දය, එ හෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ විවසුන්නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, ...
Pali BJTඑවං පස්සං ආනන්ද, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTආනන්‍දය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයෙහිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි, ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරණ ලදී. මේබැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනි යි.
Pali BJTදිට්ඨිවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි දිට්ඨි වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඅජ්ඣත්තිකං එතං මම සො අත්තා නො ච මෙ සියා, මිච්ඡා සක්කාය අත්තානුද්වෙභිනිවෙසා ආනන්දෙනාති.
Sinhala BJTඅජ්ඣත්තික, එතං මම, සො අත්තා, නොච මෙ සියා, මිච්ඡාදිට්ඨි, සක්කායදිට්ඨි, අත්තානුදිට්ඨි යන සූත්‍ර සත යැ, අභිනිවේස සූත්‍ර දෙක යැ, ආනන්‍ද සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
Pali BJTඋපරිපණ්ණාසකො සමත්තො.
Sinhala BJTඋපරි පණ්ණාසකය නිමියේ යි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ග නාමාවලිය:
Pali BJTඅන්තො ධම්මකථිකාවිජ්ජා කුක්කුලො දිට්ඨිපඤ්චමං, තතියො පණ්ණාසකො වුත්තො නිපාතො තෙන වුච්චතීති
Sinhala BJTඅත්ත වර්‍ග යැ, ධම්මකථික වර්‍ග යැ, අවිජ්ජා වර්‍ග යැ, කුක්කුල වර්‍ග යැ, පස්වැනි වූ දිට්ඨි වර්‍ග යයි තුන් වන පණ්ණාසකය කියන ලද්දේ ය. එහෙයින් නිපාත යයි කියනු ලැබේ යි.
Pali BJTඛන්ධකවග්ගස්ස නිපාතකෙ තිපණ්ණාසකං සමත්තං.
Sinhala BJTඛන්‍ධකවර්‍ගය පිළිබඳ නිපාතයෙහි පණ්ණාසක තුන සමාප්ත යැ.
Pali BJTඛන්ධසංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTඛන්‍ධසංයුත්තය නිමියේ යි.
Pali BJT2. රාධසංයුත්තං
Sinhala BJT2. රාධ සංයුත්තය
Pali BJT1. පඨම මාරවග්ගො
Sinhala BJT1. පඨම මාර වර්‍ගය
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJTමාර සුත්තං
Sinhala BJTමාර සූත්‍රය
Pali BJT160. සාවත්ථියං:
Sinhala BJT160. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා රාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : මාරො මාරොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, මාරොති{1}.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මාර මාර” යි කියනු ලැබෙයි, වහන්ස කොපමණෙකින් මාර වේ දැ”යි?.
Pali BJTරූපෙ ඛො රාධ සති මාරො වා අස්ස මාරෙතා වා යො වා පන මීයති.{2} තස්මාතිහ ත්වං රාධ රූපං මාරොති පස්ස, මාරෙතාති පස්ස, මීයතීති පස්ස, රොගොති පස්ස, ගණ්ඩොති පස්ස, සල්ලන්ති පස්ස, අඝන්ති පස්ස, අඝභූතන්ති පස්ස. යෙ නං එවං පස්සන්ති තෙ සම්මා පස්සන්ති. වෙදනාය සති මාරො වා අස්ස මාරෙතා වා යො වා පන මීයති.{2} තස්මාතිහ ත්වං රාධ, වෙදනං මාරොති පස්ස මාරෙතාති පස්ස මීයතීති පස්ස -පෙ- යෙ නං එවං පස්සන්ති තෙ සම්මා පස්සන්ති. සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති මාරො වා අස්ස මාරෙතා වා යො වා පන මීයති. තස්මාතිහ ත්වං රාධ සඞ්ඛාරෙ මාරො’ති පස්ස මාරෙතාති පස්ස මීයතීති පස්ස -පෙ- යෙ නං එවං පස්සන්ති තෙ සම්මා පස්සන්ති. විඤ්ඤාණෙ සති මාරො වා අස්ස මාරෙතා වා යො වා පන මීයති. තස්මාතිහ ත්වං රාධ, විඤ්ඤාණං මාරොති පස්ස, මාරෙතාති පස්ස, මීයතීති පස්ස, රොගොති පස්ස, ගණ්ඩොති පස්ස, සල්ලන්ති පස්ස, අඝන්ති පස්ස, අඝභූතන්ති පස්ස. යෙ නං එවං පස්සන්ති, තෙ සම්මා පස්සන්තීති.
Sinhala BJTරාධය, රූපය ඇති කල්හි මරු (මරණය) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි රූපය මරු යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු, රෝග ය යි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසන යයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැ යි දකිවු. යම් කෙනෙක් එය (රූපය) මෙ සේ දකිත් ද ඔහු මැනවින් දකිති. වේදනාව ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි වේදනාව මරණ යයි දකිවු, මැරිය යුත්තා යයි දකිවු, මැරෙන්නා යයි දකිවු ... යම් කෙනෙක් එ වේදනාව මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි සංස්කාර මරු යයි දකිවු, මැරිය යුත්තා ය යි දකිවු, මැරෙන්නා ය යි දකිවු ... යම් කෙනෙක් මෙසේ දකිත් ද ඔහු මැනවින් දකිති. විඥානය ඇති කල්හි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ යැ. රාධය, එ හෙයින් මෙහි ලා තෙපි විඥානය මරු යයි දකිවු, මැරිය යුත්තා යි දකිවු, මැරෙන්නා යි දකිවු, රෝග යයි දකිවු, ගඩ යයි දකිවු, හුල යයි දකිවු, ව්‍යසනයයි දකිවු, ව්‍යසනයට පැමිණියෙකැයි දකිවු. යම් කෙනෙක් එ විඥානය මේ සේ දකිත් ද, ඔහු මොනොවට දකිත් යි.
Pali BJTසම්මාදස්සනං පන භන්තෙ, කිමත්ථියන්ති?
Sinhala BJTවහන්ස, මොනොවට දැක්ම කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
Pali BJTසම්මාදස්සනං ඛො රාධ, නිබ්බිදත්ථං.
Sinhala BJTරාධය, මොනොවට දැක්ම නිර්වේදය අර්‍ත්‍ථකොට ඇත.
Pali BJTනිබ්බිදා පන භන්තෙ, කිමත්ථියාති?
Sinhala BJTවහන්ස, නිර්වේදය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
Pali BJTනිබ්බිදා ඛො රාධ, විරාගත්ථා.
Sinhala BJTරාධය, නිර්වේදය විරාගය අර්‍ත්‍ථකොට ඇත.
Pali BJTවිරාගො පන භන්තෙ කිමත්ථියොති?
Sinhala BJTවහන්ස, විරාගය කුමක් අර්‍ත්‍ථකොට ඇත ද?
Pali BJTවිරාගො ඛො රාධ, විමුත්තත්ථො.
Sinhala BJTරාධය, විරාගය විමුක්තිය අර්‍ත්‍ථකොට ඇත.
Pali BJTවිමුත්ති පන භන්තෙ කිමත්ථියා’ති?
Sinhala BJTවහන්ස, විමුක්තිය කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
Pali BJTවිමුත්ති ඛො රාධ, නිබ්බානත්ථා.
Sinhala BJTරාධය, විමුක්තිය නිවන අර්‍ත්‍ථකොට ඇත.
Pali BJTනිබ්බානං පන භන්තෙ, කිමත්ථියන්ති?
Sinhala BJTවහන්ස, නිවන කුමක් අර්‍ත්‍ථකොට ඇත් ද?
Pali BJTඅච්චසරා{1} රාධ, පඤ්හං. නාසක්ඛි පඤ්හස්ස පරියන්තං ගහෙතුං. නිබ්බානොගධං හි රාධ, බ්රහ්මචරියං වුස්සති නිබ්බානපරායනං නිබ්බානපරියොසානන්ති.
Sinhala BJTරාධය, ප්‍රශ්නය ඉක්මැවූයෙහි, ප්‍රශ්නයේ කෙළවර ගන්නට අසමත් වූයෙහි. නිවනට බැසගත් නිවන පිහිට කොට ඇති නිවන අවසන් කොට ඇති මඟබඹසර වෙසේ යි.
Pali BJT2. 1. 2.
Sinhala BJT2. 1. 2.
Pali BJTසත්ත සුත්තං
Sinhala BJTසත්ත සූත්‍රය
Pali BJT161. සාවත්ථියං:
Sinhala BJT161. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සත්තො සත්තොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සත්තොති වුච්චති?
Sinhala BJTඑකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “සත්ත සත්ත” යි කියනු ලැබෙයි. වහන්ස කොපමණකින් සත්ත’යි කියනු ලැබේ දැයි?
Pali BJTරූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා. තත්ර සත්තො, තත්ර විසත්තො තස්මා සත්තොති වුච්චති. වෙදනාය යො ඡන්දො යො රාගො -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා තත්ර සත්තො තත්ර විසත්තො. තස්මා සත්තොති වුච්චති.
Sinhala BJTරාධය රූපයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එ හෙයින් “සත්ත’යි කියනු ලැබෙ යි. වේදනාවෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් ... සංඥායෙහි ... සංස්කාර යෙහි… විඥානයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එහෙයින් ‘සත්ත’යි කියනු ලැබේ.
Pali BJTසෙය්යථා’පි රාධ, කුමාරකා වා කුමාරිකායො{2} වා පංස්වාගාරකෙහි කීළන්ති{3} යාවකීවඤ්ච තෙසු පංස්වාගාරකෙසු අවිගත{4}රාගා හොන්ති අවිගත{4}ච්ඡන්දා අවිගත{4}පෙමා අවිගත{4}පිපාසා අවිගත{4}පරිළාහා අවිගත{4}තණ්හා තාව තානි පංස්වාගාරකානි අල්ලීයන්ති කෙලායන්ති ධනායන්ති{5}. මමායන්ති.
Sinhala BJTරාධය, යම්සේ කුඩාදරුවෝ හෝ කුඩාදැරියෝ හෝ වැලිගෙවලින් කෙළිද්ද, යම්තාක් ඒ වැලිගෙවල නොපහ වූ ඇලුම් ඇත්තෝ නොපහ වූ කැමැත්ත ඇත්තෝ නොපහ වූ ප්‍රේම ඇත්තෝ නොපහ වූ පවස් ඇත්තෝ නොපහ වූ පරිදාහ ඇත්තෝ නොපහ වූ ආශා ඇත්තෝ වෙද්ද, ඒතාක් ඒ වැලිගෙවල ඇලුම් කෙරෙති. කෙලායන (ලොල්බව) කෙරෙති. (එය) ධනයක් මෙන් හඟිති. මමත්‍වය කෙරෙත්.
Pali BJTයතො ච ඛො රාධ, කුමාරකා වා කුමාරිකායො වා තෙසු පංස්වාගාරකෙසු විගතරාගා හොන්ති විගතඡන්දා විගතපෙමා විගතපිපාසා විගතපරිළාහා විගතතණ්හා, අථ ඛො තානි පංස්වාගාරකානි හත්ථෙහි ච පාදෙහි ච විකිරන්ති විධමන්ති විද්ධංසෙන්ති විකීළනිකං.{6} කරොන්ති.
Sinhala BJTරාධය, යම් කලෙක කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ වැලිගෙවල පහ ව ගිය කැමැත්ත ඇත්තෝ පහවගිය ඇලුම් ඇත්තෝ පහවගිය පෙම් ඇත්තෝ පහවගිය පවස් ඇත්තෝ පහවගිය පරිදාහ ඇත්තෝ පහවගිය ආශා ඇත්තෝ වෙද්ද, එ කල්හි ඒ වැලිගෙවල් අතින් ද පයින් ද විසුරුවති, බිඳදමති, වනසති, පහවූ ක්‍රීඩා ඇති කෙරෙත්.
Pali BJTඑවමෙව ඛො රාධ, තුම්හෙපි රූපං විකිරථ විධමථ විද්ධංසෙථ, විකීළනිකං කරොථ. තණ්හක්ඛයාය පටිපජ්ජථ. වෙදනං විකිරථ -පෙ- සඤ්ඤං විකිරථ -පෙ- සඞ්ඛාරෙ විකිරථ -පෙ- විඤ්ඤාණං විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනිකං කරොථ තණ්හක්ඛයාය පටිපජ්ජථ. තණ්හක්ඛයො හි රාධ, නිබ්බානන්ති.
Sinhala BJTරාධය, එ පරිද්දෙන් ම තොප විසින් රූපය විසුරුවවු, බිඳදමවු, වනසවු, පහ වූ, ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. වේදනාව විසුරුවවු ... සංඥාව විසුරුවවු ... සංස්කාරය විසුරුවවු ... විඥානය විසුරුවවු, බිඳ දමවු, වනසවු, පහවගිය ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපදිවු. රාධ, තෘෂ්ණා ක්‍ෂය නිවන යි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJTභවනෙත්ති සුත්තං
Sinhala BJTභවනෙත්ති සූත්‍රය
Pali BJT162. සාවත්ථියං:
Sinhala BJT162. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො, භගවන්තං එතදවොච : භවනෙත්ති භවනෙත්තීති{1} භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, භවනෙත්ති. කතමො භවනෙත්තිනිරොධොති?
Sinhala BJTඑකත්පස්ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “භවනෙත්ති, භවනෙත්ති” යි කියනු ලැබෙයි. වහන්ස ‘භවනෙත්තිය’ නම් කවරක්ද, ‘භවනෙත්තිනිරෝධය’ කවරේ දැ යි?
Pali BJTරූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයුපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, අයං වුච්චති භවනෙත්ති. තෙසං නිරොධා{2} භවනෙත්තිනිරොධො. වෙදනාය යො ඡන්දො -පෙ- සඤ්ඤාය යො ඡන්දො -පෙ- සඞ්ඛාරෙසු යො ඡන්දො -පෙ- විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා අයං වුච්චති භවනෙත්ති. තෙසං නිරොධා{2} භවනෙත්තිනිරොධොති.
Sinhala BJTරාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපය උපාදාන කෙනෙක් සිතපිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් ද මේ ‘භවනෙත්ති’ යයි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ. වේදනාවෙහි යම් ඡන්‍දයෙක් ... සංඥාවෙහි යම් ඡන්‍දයෙක් ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් යම් උපයඋපාදාන කෙනෙක්, සිත පිළිබඳ අධිෂ්ඨාන, අභිනිවේස, අනුසය කෙනෙක් වෙද්ද, මේ ‘භවනෙත්ති’ යි කියනු ලැබේ. ඔවුන්ගේ නිරෝධයෙන් භවනෙත්තිනිරෝධය වේ ය යි .
Pali BJT2. 1. 4.
Sinhala BJT2. 1. 4.
Pali BJTපරිඤ්ඤෙය්ය සුත්තං
Sinhala BJTපරිඤ්ඤෙය්‍ය සූත්‍රය
Pali BJT163. සාවත්ථියං:
Sinhala BJT163. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පරිඤ්ඤෙය්යෙ ච රාධ ධම්මෙ දෙසෙස්සාමි. පරිඤ්ඤඤ්ච පරිඤ්ඤාතාවිඤ්ච පුග්ගලං තං සුණාහි. -පෙ- භගවා එතදවොච :
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධ, පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනුම ද, පිරිසිඳ දන්නා පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකතමෙ ච රාධ, පරිඤ්ඤෙය්යා ධම්මා: රූපං ඛො රාධ, පරිඤ්ඤෙය්යො ධම්මො. වෙදනා පරිඤ්ඤෙය්යො ධම්මො, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං පරිඤ්ඤෙය්යො ධම්මො. ඉමෙ වුච්චන්ති රාධ, පරිඤ්ඤෙය්යා ධම්මා.
Sinhala BJTරාධය, පිරිසිඳ දතයුතු දහම් කවරැ යත්: රාධය, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. රාධය මොහු පිරිසිඳ දතයුතු දහම් ය යි කියනු ලැබෙත්.
Pali BJTකතමා ච රාධ, පරිඤ්ඤා: යො ඛො රාධ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො අයං වුච්චති රාධ, පරිඤ්ඤා.
Sinhala BJTරාධය, පිරිසිඳ දැනුම කවරැ යත්: රාධය යම් රාගක්‍ෂයයෙක් යම් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද; රාධය, මේ පිරිසිඳ දැනුම ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච රාධ, පරිඤ්ඤාතාවී පුග්ගලො?
Sinhala BJTරාධය, පිරිසිඳ දත් පුඟුල් කවරෙ යත්:
Pali BJTඅරහාතිස්ස වචනීයං. යොයං{3} ආයස්මා එවංනාමො එවංගොත්තො. අයං වුච්චති රාධ, පරිඤ්ඤාතාවී පුග්ගලොති.
Sinhala BJTමෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මත් කෙනෙක් වෙත් නම් හේ අරහත් ය යි කිය යුතු වන්නේ යි. රාධය, මේ පිරිසිඳ දත් පුඟුල්’යි කියනු ලැබේ.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJTසමණ සුත්තං
Sinhala BJTසමණ සූත්‍රය
Pali BJT164. සාවත්ථියං:
Sinhala BJT164. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථිදං : රූපූපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යෙ හි කෙචි රාධ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං නප්පජානන්ති නමෙතෙ රාධ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් රූපෝපාදානස්කන්‍ධය: ... විඥානෝපාදානස්කන්‍ධ යි. රාධය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණ යත් තතු සේ නො දනිද් ද, රාධය, මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ බැව්හි ඵලයත් බමුණු බැව්හි ඵලයත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ නො ද වෙසෙති.
Pali BJTයෙ ච ඛො කෙචි රාධ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං පජානන්ති, තෙ ඛො තෙ රාධ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා, බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථං ච බ්රහ්මඤ්ඤත්ථං ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTරාධය යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් තතු සේ දනිද්ද, රාධය, ඒ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු යයි සම්මතයහ. බමුණන් කෙරෙහිත් බමුණෝ යයි සම්මත යහ. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි ඵලත් බමුණුකමෙහි ඵලත් දිටුදැමියෙහි තෙමේ ම වෙසෙසින් දැන එයට එළඹ වෙසෙති යි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJTදුතිය සමණ සුත්තං
Sinhala BJTදුතිය සමණ සූත්‍රය
Pali BJT165. සාවත්ථියං:
Sinhala BJT165. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථීදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යෙ හි කෙචි රාධ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං නප්පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය:… විඥානෝපාදානස්කන්‍ධයි. රාධය, යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද… තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹ වෙසෙති”යි.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJTසොතාපන්න සුත්තං
Sinhala BJTසෝතාපන්න සූත්‍රය
Pali BJT166. සාවත්ථියං:
Sinhala BJT166. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථීදං: රූපූපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදාන ස්කන්‍ධය… විඥානෝපාදානස්කන්‍ධයි.
Pali BJTයතො ඛො රාධ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයං ච අත්ථඞ්ගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං පජානාති. අයං වුච්චති රාධ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTරාධය යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, රාධ, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක සිවු අපායෙහි නොවැටෙන සැහැවි ඇති ගතිනියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න ය යි කියනු ලැබේ”යි.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJTඅරහන්ත සුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT167. සාවත්ථියං:
Sinhala BJT167. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච : පඤ්චිමෙ රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථීදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “රාධය, මේ උපාදානස්කන්‍ධ පසෙකි කවර පසෙකැ යත්: එනම්: රූපෝපාදානස්කන්‍ධ ය… විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTයතො ඛො රාධ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති, අයං වුච්චති රාධ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තොති.
Sinhala BJTරාධ, යම් කලෙක මහණ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන දැඩි ලෙස නො ගෙන මිදුණේ වේද, රාධ, මේ මහණ ක්‍ෂය වූ කෙලෙස් ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති, බහා තැබූ (ස්කන්‍ධ) බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය කළ බවබැඳුම් ඇති මැනැවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ”යි.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJTඡන්දරාග සුත්තං
Sinhala BJTඡන්‍දරාග සූත්‍රය
Pali BJT168. සාවත්ථියං:
Sinhala BJT168. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච :
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTරූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තං පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. වෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා තං පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තං පජහථ. එවං තෙ සඞ්ඛාරා පහීනා භවිස්සන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තං පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJT“රාධ, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එ දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (සහමුලින් උදුරා හළ තල්ගස ඇති තැන මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය. වේදනායෙහි යම්, ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් වේ නම් එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලා වස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්න වුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් වේ නම් එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJTදුතිය ඡන්දරාග සුත්තං
Sinhala BJTදුතිය ඡන්‍දරාග සූත්‍රය
Pali BJT169. සාවත්ථියං:
Sinhala BJT169. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාධං භගවා එතදවොච :
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTරූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා{1} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTරාධය, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් (හෝ සහමුලින් උදුරාහළ තල් ගස ඇති තැන මෙන්) මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
Pali BJTවෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයුපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා{1} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං තෙ සඞ්ඛාරා පහීනා භවිස්සන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා{1} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTවේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨානඅභිනිවේසඅනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා උසුන්මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දී නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය. සංඥායෙහි… සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපයඋපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දාහු නැවත නොහටගන්නවුන් කරන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වන්නාහ. විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තණ්හාවක් යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් වෙත් නම් ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් (තාලාවස්තුවක් මෙන්) කරන ලද්දේ නැවත නොහටගන්නක් කරන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය”යි.
Pali BJTමාරවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි මාර වර්‍ග යි
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTමාරො සත්තො භවනෙත්ති - පරිඤ්ඤෙය්යා සමණා දුවෙ, සොතාපන්නො අරහා ච - දුවෙ ච ඡන්දරාගියාති.
Sinhala BJTමාර, සත්ත, භවනෙත්ති, පරිඤ්ඤෙය යන සූත්‍ර සතර ය, සමණසූත්‍ර දෙක ය, සෝතාපන්න සූත්‍ර ය අරහන්ත සූත්‍රය ඡන්‍දරාගසූත්‍ර දෙක ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. දුතිය මාරවග්ගො
Sinhala BJT2. දුතිය වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJTමාර සුත්තං
Sinhala BJTමාර සූත්‍රය
Pali BJT170. සාවත්ථියං:
Sinhala BJT170. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : ‘මාරො මාරො’ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ මාරොති?
Sinhala BJTඑකත්පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ: වහන්ස, ‘මාර, මාර’යි කියනු ලැබෙයි. වහන්ස, ‘මාර’ නම් කවරෙ යැ?
Pali BJTරූපං ඛො රාධ මාරො, වෙදනා මාරො, සඤ්ඤා මාරො, සඞ්ඛාරා මාරො, විඤ්ඤාණං මාරො. එවං පස්සං රාධ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය මාර යැ, වේදනාව මාර යැ, සංඥාව මාර යැ, සංස්කාර මාර යැ, විඥානය මාර යි. රාධය, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි. වේදනා යෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (පස්කඳින්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි පස්විකුම් නැණ වෙයි, දැය ගෙවිණැ, මහබඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද, මේ රහත් බව සඳහා කළ යුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJTමාරධම්ම සුත්තං
Sinhala BJTමාරධම්ම සූත්‍රය
Pali BJT171. සාවත්ථියං:
Sinhala BJT171. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : “මාරධම්මො මාරධම්මො”ති භන්තෙ, වුච්චති. කතමො නු ඛො භන්තෙ, මාරධම්මොති?
Sinhala BJTඑකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල, සැලකළහ: වහන්ස, ‘මාරධම්ම, මාරධම්ම’ යි කියනු ලැබෙයි. වහන්ස,‘මාර ධම්ම’ නම් කවරෙ යැ?
Pali BJTරූපං ඛො රාධ, මාරධම්මො, වෙදනා මාරධම්මො, සඤ්ඤා මාරධම්මො, සඞ්ඛාරා මාරධම්මො, විඤ්ඤාණං මාරධම්මො. එවං පස්සං රාධ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාධය, රූපය මාරධම්ම යැ, වේදනාව මාරධම්ම යැ, සංඥාව මාරධම්ම යැ, සංස්කාර මාරධම්ම යැ, විඥානය මාරධම්ම යි. රාධ, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJTඅනිච්ච සුත්තං
Sinhala BJTඅනිච්ච සූත්‍රය