Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6901-7000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති. කිං උපාදාය කිං අභිනිවිස්ස “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සතීති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දකී දැ”යි?
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති. රූපං උපාදාය රූපං අභිනිවිස්ස “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපය ප්‍රත්‍ය කොට “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දකියි, වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “තෙල මාගේ ය, තෙලෙ මම වෙමි. තෙල මාගේ ආත්මය ය”යි දකී.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTමහණෙනි, “ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි?
Pali BJTයම්පනානිච්චං -පෙ- විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය ය”යි දක්නේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේ දැ”යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං -පෙ- විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් ... වෙනස් වන ස්වභාව ඇත් නම් එය නො ඇසුරු කොට “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නේ දැ යි? වහන්ස තෙල නො වේ ම යැ.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 3.
Sinhala BJT1. 3. 5. 3.
Pali BJTසො අත්තා සුත්තං
Sinhala BJTසො අත්තා සූත්‍රය
Pali BJT152. සාවත්ථියං:
Sinhala BJT152. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍ය කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැයි?
Pali BJTභගවංමූලකා නො, භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි, නිච්චො, ධුවො, සස්සතො, අවිපරිනාමධම්මො”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි, නිච්චො, ධුවො, සස්සතො අවිපරිනාමධම්මො”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි වූ ඒ මම්, පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානය ප්‍රත්‍ය කොට “ඒ මම ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ, යං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති, නො හෙතං, භන්තෙ,
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙම්, ධ්‍රැව වූයෙම්, ශාශ්වත වූයෙම්, නො පෙරළෙන සැහැවියෙම් පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “සො අත්තා, සො ලොකො, සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො”ති? නො හෙතං භන්තෙ. එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට “ඒ මම් ආත්මයෙමි, ඒ මම් ලෝකය වෙමි, ඒ මම් නිත්‍ය වූයෙමි, ධ්‍රැව වූයෙමි, ශාශ්වත වූයෙමි, නො පෙරළෙන සැහැවියෙමි පරලොව වන්නෙමි”යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද? වහන්ස, තෙල නො වේ ම යැ. මෙසේ දක්නේ ... මේ සඳහා අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 4.
Sinhala BJT1. 3. 5. 4.
Pali BJTනො ච මෙ සියා සුත්තං
Sinhala BJTනො ච මෙ සියා සූත්‍රය
Pali BJT153. සාවත්ථියං:
Sinhala BJT153. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති? “නො චස්සං නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සතී”ති{2}.
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමක් ප්‍රත්‍යය කොට “(මම්) නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) නොද වන්නේ යැ, මතු නො වන්නෙම් නම් මට (පස්කඳෙක්) මතු නොවන්නේ” යි මෙබඳු දෘෂ්ටියක් උපදී ද?
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති: “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි න මෙ භවිස්සතී”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සතී”ති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසිරි කොට රූපය ප්‍රත්‍යය කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු පස්කඳෙක්) මට නො වන්නේ යි මෙබඳු දෘෂ්ටියක් උපදී. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසිරි කොට විඥානය ප්‍රත්‍යය කොට ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ, නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සතී”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. නො වන්නෙම් නම් මතු පස් කඳෙක් මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සාමි, න මෙ භවිස්සතීති?
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය ඇසිරි කොට “ඉදින් (මම්) නුවූයෙම් නම් මට (පස්කඳෙක්) නො ද වන්නේ යැ. ඉදින් නො වන්නෙම් නම් (මතු ද පස්කඳෙක්) මට නො වන්නේ”යි මෙ බඳු දෘෂ්ටියෙක් උපදී දැ”යි?
Pali BJTනො හෙතං භන්තෙ. එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි. මෙසේ දක්නේ ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 5.
Sinhala BJT1. 3. 5. 5.
Pali BJTමිච්ඡාදිට්ඨි සුත්තං
Sinhala BJTමිච්ඡාදිට්ඨි සූත්‍රය
Pali BJT154. සාවත්ථියං:
Sinhala BJT154. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස මිච්ඡාදිට්ඨි උප්පජ්ජතීති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට මිථ්‍යාදෘෂ්ටිය උපදනේ දැ? යි. වහන්ස,
Pali BJTභගවංමූලකා නො භන්තෙ ධම්මා -පෙ-.
Sinhala BJTඅපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස මිච්ඡාදිට්ඨි උප්පජ්ජති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස මිච්ඡාදිට්ඨි උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට මිථ්‍යාදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට මිථ්‍යාදෘෂ්ටිය උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද?, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං, විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය මිච්ඡාදිට්ඨි උප්පජ්ජෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට මිථ්‍යා දෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය ය.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං, විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය මිච්ඡාදිට්ඨි උප්පජ්ජෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට මිථ්‍යාදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 6.
Sinhala BJT1. 3. 5. 6.
Pali BJTසක්කායදිට්ඨි සුත්තං
Sinhala BJTසක්කායදිට්ඨි සූත්‍රය
Pali BJT155. සාවත්ථියං:
Sinhala BJT155. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජතීති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සත්කායදෘෂ්ටිය උපදී දැ යි?
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සක්කායදෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සත්කායදෘෂ්ටිය උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය සක්කායදිට්ඨි උප්පජ්ජෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්කායදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය සක්කායදිට්ඨි උප්පජ්ජෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සත්කායදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි .
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 7.
Sinhala BJT1. 3. 5. 7.
Pali BJTඅත්තානුදිට්ඨි සුත්තං
Sinhala BJTඅත්තානුදිට්ඨි සූත්‍රය
Pali BJT156. සාවත්ථියං:
Sinhala BJT156. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස අත්තානුදිට්ඨි උප්පජ්ජතීති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය (ආත්මය අනුගත වූ දෘෂ්ටිය) උපදී දැ යි?
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස අත්තානුදිට්ඨි උප්පජ්ජති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස අත්තානුදිට්ඨි උප්පජ්ජති.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය උපදියි, වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාරයන් ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට ආත්මානුදෘෂ්ටිය උපදී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය අත්තානුදිට්ඨි උප්පජ්ජෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ආත්මානුදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය අත්තානුදිට්ඨි උප්පජ්ජෙය්යාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට ආත්මානුදෘෂ්ටිය උපදනේ දැ යි? වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී යි.
Pali BJT1. 3. 5. 8.
Sinhala BJT1. 3. 5. 8.
Pali BJTපඨම අභිනිවෙස සුත්තං
Sinhala BJTපඨම අභිනිවේස සූත්‍රය
Pali BJT157. සාවත්ථියං:
Sinhala BJT157. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස උප්පජ්ජන්ති සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාති?{1}
Sinhala BJT“කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සංයෝජනඅභිනිවේස විනිබන්‍ධයෝ (සංයෝජනයෝ ය අනිත්‍යාදියෙහි නිත්‍යාදි වශයෙන් දැඩිව පිවිස ගන්නෝය සිත තදින් බැඳගන්නා විනිබන්‍ධයෝ ය යන කෙලෙස්හු) උපදිද්දැ” යි.
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස උප්පජ්ජන්ති සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධා, වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස උප්පජ්ජන්ති සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධා.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධයෝ උපදිති. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේස විනිබන්‍ධයෝ උපදිත්.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය උප්පජ්ජෙය්යුං සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද, සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය උප්පජ්ජෙය්යුං සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාති. නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේස විනිබන්‍ධයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි .
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 9.
Sinhala BJT1. 3. 5. 9.
Pali BJTදුතිය අභිනිවෙස සුත්තං
Sinhala BJTදුතිය අභිනිවේස සූත්‍රය
Pali BJT158. සාවත්ථියං:
Sinhala BJT158. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස උප්පජ්ජන්ති සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාජ්ඣොසානාති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ (සංයෝජනයෝය, අභිනිවේසයෝය, විනිබන්‍ධයෝ ය, ගිලගැනුම් වශයෙන් පවත්නා ක්ලේශයෝ යන මොවුහු) උපදිද් දැ යි?
Pali BJTභගවංමූලකා නො භන්තෙ ධම්මා -පෙ-.
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස උප්පජ්ජන්ති සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාජ්ඣොසානා. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස උප්පජ්ජන්ති ස්ඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාජ්ඣොසානා.
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපය ප්‍රත්‍යය කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදිති. වේදනාව ඇති කල්හි ... සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි ... විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානය ප්‍රත්‍යය කොට සංයෝජනඅභිනිවේසවිනිබන්‍ධ අජ්ඣොසානයෝ උපදිති.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය උප්පජ්ජෙය්යුං සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාජ්ඣොසානාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ ද යි? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද , සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය උප්පජ්ජෙය්යුං සඤ්ඤොජනාභිනිවෙසවිනිබන්ධාජ්ඣොසානාති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නොඇසුරු කොට සංයෝජන අභිනිවේසවිනිබන්‍ධඅජ්ඣොසානයෝ උපදනාහු දැ යි? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඑවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නේ ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 5. 10.
Sinhala BJT1. 3. 5. 10.
Pali BJTආනන්ද සුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT159. සාවත්ථියං:
Sinhala BJT159. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සාධු මෙ, භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය”න්ති.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ, එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වෙර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරණ සේක් නම් මැනවි”යි.