Pali BJT60. කිංසු නිදානං ගාථානං කිංසු තාසං වියඤ්ජනං, කිංසු සන්නිස්සිතා ගාථා කිංසු ගාථානමාසයො.
Sinhala BJT60. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද්? ද කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඡන්දො නිදානං ගාථානං අක්ඛරා තාසං වියඤ්ජනං, නාමසන්නිස්සිතා ගාථා කවි ගාථානමාසයො.
Sinhala BJTඡන්‍දය ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ.
Pali BJTජරාවග්ගො ඡට්ඨො.
Sinhala BJTජරා වර්‍ගය සවැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTජරා අජරසා මිත්තං වත්ථු තීණි ජනෙති ච, උප්පථො ච දුතියො ච කවිනා පූරිතො වග්ගොති.
Sinhala BJTජරා, අජරසා, මිත්ත, වත්‍ථු සූත්‍රය, ජනෙති සූත්‍ර තුනය, උප්පථ සූත්‍රය, දුතියාසූත්‍රය, කවි සූත්‍රය යන මෙයින් වර්‍ගය පිරුණේ වේ.
Pali BJT7. අන්වවග්ගො
Sinhala BJT7. අන්‍ව වර්‍ගය
Pali BJT1. 7. 1.
Sinhala BJT1. 7. 1.
Pali BJTනාම[අන්වභවි]සුත්තං
Sinhala BJTනාම [අන්‍වභවි] සූත්‍රය.
Pali BJT61. සාවත්ථියං–
Sinhala BJT61. සැවැත් නුවර –
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTකිංසු සබ්බං අන්වභවි{1} කිස්මා භිය්යො{2} න විජ්ජති, කිස්සස්ස{3} එකධම්මස්ස සබ්බෙව වසමන්වගූති.
Sinhala BJTකිමෙක් සියල්ල යටපත් කොට සිටියේ ද? කිමෙකින් වැඩියෙක්නැද්ද? සියල්ලෝ ම කිනම් එකදහමක්හුගේ වසයට ගියාහු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනාමං සබ්බං අන්වභවි{1} නාමා භිය්යො න විජ්ජති, නාමස්ස එකධම්මස්ස සබ්බෙව වසමන්වගූති.
Sinhala BJTනාමය සියල්ල යටපත් කොට සිටියේ ය. නාමයෙන් වැඩියෙක් නැත. සියල්ලෝ ම නාමසඞ්ඛාත එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
Pali BJT1. 7. 2.
Sinhala BJT1. 7. 2.
Pali BJTචිත්තසුත්තං
Sinhala BJTචිත්ත සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT62. කෙනස්සු නීයති ලොකො කෙනස්සු පරිකස්සති,{4} කිස්සස්ස{3} එකධම්මස්ස සබ්බෙව වසමන්වගූති.
Sinhala BJT62. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTචිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති,{4} චිත්තස්ස එකධම්මස්ස සබ්බෙව වසමන්වගූති.
Sinhala BJTසිතින් ලොව පමුණුවනු ලැබේ. සිතින් අදනා ලැබේ. සියල්ලෝ ම සිත් නමැති මේ එක ම දහම්හුගේ වසයට ගියාහු ය.
Pali BJT1. 7. 3.
Sinhala BJT1. 7. 3.
Pali BJTතණ්හාසුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT63. කෙනස්සු නීයති ලොකො කෙනස්සු පරිකස්සති,{4} කිස්සස්ස{3} එකධම්මස්ස සබ්බෙව වසමන්වගූති.
Sinhala BJT63. ලොව කිමෙකින් පමුණුවනු ලැබේ ද? කිමෙකින් අදනා ලැබේ ද? සියල්ලෝ ම කිනම් එක් දහමක්හුගේ වසයට ගියාහු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතණ්හාය නීයති ලොකො තණ්හාය පරිකස්සති,{4} තණ්හාය එකධම්මස්ස සබ්බෙව වසමන්වගූති.
Sinhala BJTලොව තෘෂ්ණායෙන් පමුණුවනු ලැබේ. තෘෂ්ණායෙන් අදනා ලැබේ. සියල්ලෝ ම තෘෂ්ණා නමැති මේ එක් දහම්හුගේ වසයට ගියාහු ය.
Pali BJT1. 7. 4.
Sinhala BJT1. 7. 4.
Pali BJTසංයොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT64. කිංසු සංයොජනො ලොකො කිංසු තස්ස විචාරණං, කිස්සස්ස{3} විප්පහාණෙන නිබ්බණෙමිති වුච්චතීති.
Sinhala BJT64. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් නිවණ යයි කියනු ලැබේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනන්දි{1} සංයොජනො ලොකො විතක්කස්ස විචාරණං, තණ්හාය විප්පහාණෙන නිබ්බාණමිති වුච්චතීති.
Sinhala BJTලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් නිවණ ය යි කියනු ලැබේ.
Pali BJT1. 7. 5.
Sinhala BJT1. 7. 5.
Pali BJTබන්ධනසුත්තං
Sinhala BJTබන්‍ධන සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT65. කිංසු සම්බන්ධනො ලොකො කිංසු තස්ස විචාරණං, කිස්සස්ස විප්පහානෙන සබ්බං ඡින්දති බන්ධනන්ති.
Sinhala BJT65. ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි පාද කිමෙක් ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනන්දි{1} සම්බන්ධනො ලොකො විතක්කස්ස විචාරණං, තණ්හාය විප්පහානෙන සබ්බං ඡින්දති බන්ධනන්ති.
Sinhala BJTලොව රාගය බැඳුම් කොට ඇත්තේ ය. එහි පාද විතර්‍කයෝ යි. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
Pali BJT1. 7. 6.
Sinhala BJT1. 7. 6.
Pali BJTඅබ්භාහතසුත්තං
Sinhala BJTඅබ්හාහත සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT66. කෙනස්සුබ්භාහතො ලොකො කෙනස්සු පරිවාරිතො, කෙන සල්ලෙන ඔතිණ්ණො කිස්ස ධූමායිතො{2} සදාති.
Sinhala BJT66. ලොව කිමෙකින් ලුහුබඳනා ලද ද? කිමෙකින් පිරිවරණ ලද ද? කුමන හුලෙකින් බැස ගන්නා ලද ද? කිමෙකින් හැමකල්හි දුමන ලද ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමච්චුනා’බ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ්හාසල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධූමායිතො{2} සදාති.
Sinhala BJTලොව මරහු විසින් ලුහුබඳනා ලදී. ජරායෙන් පිරිවරණ ලදී. තෘෂ්ණාහුලෙන් බැස ගන්න ලදී. තෘෂ්ණායෙන් හැමකල්හි දුමන ලදී.
Pali BJT1. 7. 7.
Sinhala BJT1. 7. 7.
Pali BJTඋඩ්ඩිතසුත්තං
Sinhala BJTඋඩ්ඩිත සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT67. කෙනස්සු උඩ්ඩිතො ලොකො කෙනස්සු පරිවාරිතො, කෙනස්සු පිහිතො ලොකො කිස්මිං ලොකො පතිට්ඨිතොති.
Sinhala BJT67. ලොව කිමෙකින් නඟන ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද? කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතණ්හාය උඩ්ඩිතො ලොකො ජරාය පරිවාරිතො, මච්චුනා පිහිතො ලොකො දුක්ඛෙ ලොකො පතිට්ඨිතොති.
Sinhala BJTලොව තෘෂ්ණායෙන් නඟන ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලද්දේ ය. ලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය.
Pali BJT1. 7. 8.
Sinhala BJT1. 7. 8.
Pali BJTපිහිතසුත්තං
Sinhala BJTපිහිත සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT68. කෙනස්සු පිහිතො ලොකො කිස්මිං ලොකො පතිට්ඨිතො, කෙනස්සු උඩ්ඩිතො ලොකො කෙනස්සු පරිවාරිතොති.
Sinhala BJT68. ලොව කිමෙකින් වසන ලද්දේ ද? ලොව කිමෙක පිහිටියේ ද? ලොව කිමෙකින් එල්බුම් ලද්දේ ද? කිමෙකින් පිරිවරණ ලද්දේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමච්චුනා පිහිතො ලොකො දුක්ඛෙ ලොකො පතිට්ඨිතො, තණ්හාය උඩ්ඩිතො ලොකො ජරාය පරිවාරිතො.
Sinhala BJTලොව මරහු විසින් වසන ලද්දේ ය. ලොව දුකෙහි පිහිටියේ ය. ලොව තෘෂ්ණායෙන් එල්බුම් ලද්දේ ය. ජරායෙන් පිරිවරණ ලදේදේ ය.
Pali BJT1. 7. 9.
Sinhala BJT1. 7. 9.
Pali BJTඉච්ඡාසුත්තං
Sinhala BJTඉච්ඡා සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT69. කෙනස්සු බජ්ඣති ලොකො කිස්ස විනයාය මුච්චති, කිස්සස්ස විප්පහානෙන සබ්බං ඡින්දති බන්ධනන්ති.
Sinhala BJT69. ලොව කිමෙකින් බැඳේ ද? කුමක් දුරු කිරීමෙන් මිදේ ද? කුමක් ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඉච්ඡාය බජ්ඣති ලොකො ඉච්ඡාවිනයාය මුච්චති, ඉච්ඡාය විප්පහානෙන සබ්බං ඡින්දති බන්ධනන්ති.
Sinhala BJTලොව තෘෂ්ණායෙන් බැඳේ. තෘෂ්ණාව දුර ලීමෙන් මිදේ. තෘෂ්ණාව ප්‍රහාණි කිරීමෙන් සියලු බැඳුම් සිඳී.
Pali BJT1. 7. 10.
Sinhala BJT1. 7. 10.
Pali BJTලොකසුත්තං
Sinhala BJTලෝක සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT70. කිස්මිං ලොකො සමුප්පන්නො කිස්මිං කුබ්බති සන්ථවං, කිස්ස ලොකො උපාදාය කිස්මිං ලොකො විහඤ්ඤතීති.
Sinhala BJT70. කුමක් හටගත් කල්හි ලොව හටගත්තේ වේ ද? කිමෙක සන්‍ථවය කෙරේ ද? ලොව කුමක් නිසා කිමෙක පෙළේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඡස්සු{1} ලොකො සමුප්පන්නො ඡස්සු{1} කුබ්බති සන්ථවං, ඡන්නමෙව උපාදාය ඡස්සු{1} ලොකො විහඤ්ඤතීති.
Sinhala BJTෂඩායතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ. ෂඩායතනයෙහි සන්‍ථවය කෙරේ. ෂඩායතන ම නිසා ෂඩායතනයෙහි ලොව පෙළේ.
Pali BJTඅන්වවග්ගො සත්තමො.
Sinhala BJTඅන්‍ව වර්‍ගය සත්වැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනාමං චිත්තඤ්ච තණ්හා ච සංයොජනඤ්ච බන්ධනා, අබ්භාහතුඩ්ඩිතො පිහිතො ඉච්ඡා ලොකෙන තෙ දසාති.
Sinhala BJTනාම, චිත්ත, තණ්හා, සංයෝජන, බන්‍ධන, අබ්භාහත, උඩ්ඩිත, පිහිත, ඉච්ඡා, ලෝක ය යි ඒ සූත්‍ර දශයෙකි
Pali BJT8. ඣත්වා{2}වග්ගො
Sinhala BJT8. ඣත්‍වා වර්‍ගය
Pali BJT1. 8. 1.
Sinhala BJT1. 8. 1.
Pali BJTඣත්වාසුත්තං
Sinhala BJTඣත්‍වා සූත්‍රය
Pali BJT71. සාවත්ථියං–
Sinhala BJT71. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTකිං සු ඣත්වා{2} සුඛං සෙති කිංසු ඣත්වා{2} න සොචති, කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතමාති.
Sinhala BJTකුමක් නසා සුව සේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? ගෞතමයන් වහන්ස, කිනම් එක්දහමක්හුගේ නැසීම රුස්නෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකොධං ඣත්වා{1} සුඛං සෙති කොධං ඣත්වා{1} න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස දෙවතෙ, වධං අරියා පසංසන්ති තං හි ඣත්වා{1} න සොචතීති.
Sinhala BJTක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරේ. දෙවිය, විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නසා ම ශෝක නො කෙරේ.
Pali BJT1. 8. 2.
Sinhala BJT1. 8. 2.
Pali BJTරථසුත්තං
Sinhala BJTරථ සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT72. කිං සු රථස්ස පඤ්ඤාණං කිං සු පඤ්ඤාණමග්ගිනො, කිං සු රට්ඨස්ස පඤ්ඤාණං කිං සු පඤ්ඤාණමිත්ථියාති.
Sinhala BJT72. රියට සලකුණ කිමෙක් ද? ගින්නට සලකුණ කිමෙක් ද? රටට සලකුණ කිමෙක් ද? ස්ත්‍රියට සලකුණ කිමෙක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTධජො රථස්ස පඤ්ඤාණං ධූමො පඤ්ඤාණමග්ගිනො, රාජා රට්ඨස්ස පඤ්ඤාණං භත්තා පඤ්ඤාණමිත්ථියාති.
Sinhala BJTධ්වජය රියට සලකුණ යි. දුම ගින්නට සලකුණ යි. රජ රටට සලකුණ යි. සැමියා ස්ත්‍රියට සලකුණ යි.
Pali BJT1. 8. 3.
Sinhala BJT1. 8. 3.
Pali BJTවිත්තසුත්තං.
Sinhala BJTවිත්ත සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT73. කිං සූධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිං සු සුචිණ්ණො සුඛමාවහාති, කිං සු හවෙ සාදුතරං{2} රසානං කථංජීවිං ජීවිතමාහු{3} සෙට්ඨන්ති.
Sinhala BJT73. මෙලොව සත්ත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කුමක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කිමෙක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතියහ යි කියද් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති, සච්චං හවෙ සාදුතරං රසානං පඤ්ඤාජීවිං ජීවිතමාහු{3} සෙට්ඨන්ති.
Sinhala BJTමෙලොව සත්ත්‍වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරිය. නුවණින් ජීවත් වන්නහු ශ්‍රේෂ්ඨ ජීවිත ඇතිහය යි කියත්.
Pali BJT1. 8. 4.
Sinhala BJT1. 8. 4.
Pali BJTවුට්ඨිසුත්තං.
Sinhala BJTවුට්ඨි සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT74. කිං සු උප්පතතං සෙට්ඨං කිං සු නිපතතං වරං, කිං සු පවජමානානං කිං සු පවදතං වරන්ති.
Sinhala BJT74. නැඟගනුවන් අතුරෙන් කිමෙක් ශ්‍රේෂ්ඨ ද? හෙනුවන් අතුරෙන් කිමෙක් උතුම් ද? පයින් ගමන් කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? කථා කරන්නවුන් අතුරෙන් කවරෙක් උතුම් ද? යි
Pali BJT[අපරා දෙවතා:]
Sinhala BJT[අනෙක් දෙවියෙක්:]
Pali BJTබීජං උප්පතතං සෙට්ඨං වුට්ඨි නිපතතං වරා, ගාවො පවජමානානං පුත්තො පවදතං වරොති.
Sinhala BJTනැඟගනුවන් අතුරෙන් බිජුවට ශ්‍රේෂ්ඨ යි. හෙනුවන් අතුරෙන් වැස්ස උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් ගවයෝ උතුම්හ. කථා කරන්නවුන් අතුරෙන් පුත්‍රයා උතුම්ය යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTවිජ්ජා උප්පතතං සෙට්ඨා අවිජ්ජා නිපතතං වරා, සඞ්ඝො පවජමානානං බුද්ධො පවදතං වරොති.
Sinhala BJTනැඟගනුවන් අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ ය. හෙනුවන් අතුරෙන් අවිද්‍යාව උතුම් ය. පයින් යන්නවුන් අතුරෙන් සඞ්ඝයා උතුම් ය. කථා කරන්නවුන් අතුරෙන් බුදුරජ උතුම් ය යි.
Pali BJT1. 8. 5.
Sinhala BJT1. 8. 5.