Pali BJTතතිය කොට්ඨිත සුත්තං
Sinhala BJTතතිය කොට්ඨික සූත්‍රය
Pali BJT135. බාරාණසියං:
Sinhala BJT135. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති ඛො ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති?
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව නම් කවර යැ, කොපමණකින් අවිද්‍යාගතත් වේ දැ?”යි.
Pali BJTඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො රූපං නප්පජානාති, රූපසමුදයං නප්පජානාති, රූපනිරොධං නප්පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං නප්පජානාති.
Sinhala BJTඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය නො දනියි. රූපසමුදය නො දනියි. රූපනිරෝධය නො දනියි. රූපනිරෝධගාමිනී පටිපදාව නො දනී.
Pali BJTවෙදනං නප්පජානාති -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං නප්පජානාති. විඤ්ඤාණසමුදයං නප්පජානාති, විඤ්ඤාණනිරොධං නප්පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං නප්පජානාති. අයං වුච්චතාවුසො අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTවේදනාව නො දනියි … සංඥාව ... සංස්කාර ... විඥානය නො දනියි, විඥානසමුදය නො දනියි. විඥානනිරෝධය නො දනියි, විඥානනිරෝධගාමිනී පටිපදාව නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිද්‍යාගතත් වේ ය”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: “විජ්ජා, විජ්ජා”ති ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
Sinhala BJTමෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබෙයි. ඇවැත්නි, විද්‍යා නම් කුමක්ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො සුතවා අරියසාවකො රූපං පජානාති. රූපසමුදයං පජානාති. රූපනිරොධං පජානාති. රූපනිරොධගාමිනිං පටිපදං පජානාති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පජානාති විඤ්ඤාණසමුදයං පජානාති, විඤ්ඤාණනිරොධං පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය දනියි, රූපසමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනී. වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය දනියි, විඥානසමුදය දනියි. විඥානනිරෝධය දනියි. විඥානනිරෝධගාමිනී පටිපදාව දනී. ඇවැත්නි, මේ විද්‍යා යි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගතත් වේ යයි.
Pali BJTඅවිජ්ජාවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි අවිද්‍යා වර්‍ග යි
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසමුදයධම්මෙන තීණි අස්සාදො අපරෙ දුවෙ සමුදයෙන ද්වෙ වුත්තා කොට්ඨිතෙන පරෙ තයොති.
Sinhala BJTසමුදය ධම්ම සූත්‍ර තුන යැ, අනෙක් අස්සාද සූත්‍ර දෙක යැ, සමුදය සූත්‍ර දෙක යැ අනෙක් කොට්ඨිත සූත්‍ර තුන යයි සූත්‍ර දසයෙකි.
Pali BJT4. කුක්කුළවග්ගො
Sinhala BJT4. කුක්කුළ වර්‍ගය
Pali BJT1. 3. 4. 1.
Sinhala BJT1. 3. 4. 1.
Pali BJTකුක්කුළ සුත්තං
Sinhala BJTකුක්කුළ සූත්‍රය
Pali BJT136. සාවත්ථියං:
Sinhala BJT136. සැවැත්නුවර:
Pali BJTරූපං භික්ඛවෙ කුක්කුලං, වෙදනා කුක්කුලා, සඤ්ඤා කුක්කුලා, සඞ්ඛාරා කුක්කුලා, විඤ්ඤාණං කුක්කුලං. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපස්මිං නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි රූපය ඇවිළගත් උණු අළු රැසක් වැන්න. වේදනාව ඇවිළගත් උණු අළු රැසක් වැන්න. සඥාව ඇවිළගත් උණු අළු රැසක් වැන්න. සංස්කාරයෝ ඇවිළගත් උණු අළු රැසක් වැන්න. විඥානය ඇවිළගත් උණු අළු රැසක් වැන්න. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 2. 4. 2.
Sinhala BJT1. 3. 4. 2.
Pali BJTපඨම අනිච්ච සුත්තං
Sinhala BJTපඨම අනිච්ච සූත්‍රය
Pali BJT137. සාවත්ථියං:
Sinhala BJT137. සැවැත්නුවර:
Pali BJTයං හි භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ අනිච්චං:
Sinhala BJTමහණෙනි, යමෙක් අනිත්‍ය ද එහි ලා තොප විසින් ඡන්‍දය (දුබලරාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දො පහාතබ්බො. වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං. තත්ර වො ඡන්දො පහාතබ්බො. යං හි භික්ඛවෙ, අනිච්චං. තත්ර වො ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යැ. එහිලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යැ. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ ... සංස්කාරයෝ අනිත්‍යයහ ... විඥානය අනිත්‍ය යැ, එහිලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, යමෙක් අනිත්‍ය ද එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 3.
Sinhala BJT1. 3. 4. 3.
Pali BJTදුතිය අනිච්ච සුත්තං
Sinhala BJTදුතිය අනිච්ච සූත්‍රය
Pali BJT138. සාවත්ථියං:
Sinhala BJT138. සැවැත්නුවර:
Pali BJTයං හි භික්ඛවෙ අනිච්චං. තත්ර වො රාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ අනිච්චං:
Sinhala BJTමහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් රාගය (බලවත් රාගය) පහකළ යුත්තේ යැ. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ අනිච්චං, තත්ර වො රාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං, තත්ර වො රාගො පහාතබ්බො. යං හි භික්ඛවෙ අනිච්චං, තත්ර වො රාගො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහිලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමක් අනිත්‍ය ද එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 4.
Sinhala BJT1. 3. 4. 4.
Pali BJTතතිය අනිච්ච සුත්තං
Sinhala BJTතතිය අනිච්ච සූත්‍රය
Pali BJT139. සාවත්ථියං:
Sinhala BJT139. සැවැත්නුවර:
Pali BJTයං හි භික්ඛවෙ, අනිච්චං, තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ, අනිච්චං:
Sinhala BJTමහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනිත්‍ය ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං. තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං. තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. යං හි භික්ඛවෙ, අනිච්චං, තත්ර වො ඡන්දරාගො පහාතබ්බොති.”
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනිත්‍ය නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 5.
Sinhala BJT1. 3. 4. 5.
Pali BJTපඨම දුක්ඛ සුත්තං
Sinhala BJTපඨම දුක්ඛ සූත්‍රය
Pali BJT140. සාවත්ථියං:
Sinhala BJT140. සැවැත්නුවර:
Pali BJTයං හි භික්ඛවෙ, දුක්ඛං, තත්ර වො ඡන්දො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ, දුක්ඛං:
Sinhala BJTමහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, දුක්ඛං. තත්ර වො ඡන්දො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං දුක්ඛං. තත්ර වො ඡන්දො පහාතබ්බො. යං හි භික්ඛවෙ, දුක්ඛං, තත්ර වො ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කටයුත්තේ යි.
Pali BJT1. 3. 4. 6.
Sinhala BJT1. 3. 4. 6.
Pali BJTදුතිය දුක්ඛ සුත්තං
Sinhala BJTදුතිය දුක්ඛ සූත්‍රය
Pali BJT141. සාවත්ථියං:
Sinhala BJT141. සැවැත්නුවර:
Pali BJTයං හි භික්ඛවෙ, දුක්ඛං තත්ර වො රාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ, දුක්ඛං:
Sinhala BJTමහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, කුමක් දුක් ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, දුක්ඛං. තත්ර වො රාගො පහාතබ්බො. වෙදනා සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං දුක්ඛං. තත්ර වො රාගො පහාතබ්බො. යං හි භික්ඛවෙ, දුක්ඛං, තත්ර වො රාගො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය දුක් ය. එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් රාගය පහ කටයුත්තේ යි.
Pali BJT1. 3. 4. 7.
Sinhala BJT1. 3. 4. 7.
Pali BJTතතිය දුක්ඛ සුත්තං
Sinhala BJTතතිය දුක්ඛ සූත්‍රය
Pali BJT142. සාවත්ථියං:
Sinhala BJT142. සැවැත්නුවර:
Pali BJTයං හි භික්ඛවෙ, දුක්ඛං තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ, දුක්ඛං:
Sinhala BJTමහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි කුමක් දුක් ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, දුක්ඛං. තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං දුක්ඛං. තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. යං හි භික්ඛවෙ, දුක්ඛං, තත්ර වො ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය දුක් යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් දුක් නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 8.
Sinhala BJT1. 3. 4. 8.
Pali BJTඅනත්ත සුත්තං
Sinhala BJTපඨම අනත්ත සූත්‍රය
Pali BJT143. සාවත්ථියං:
Sinhala BJT143. සැවැත්නුවර:
Pali BJTයො හි භික්ඛවෙ, අනත්තා. තත්ර වො ඡන්දො පහාතබ්බො. කො ච භික්ඛවෙ, අනත්තා:
Sinhala BJTමහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ ය. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, අනත්තා. තත්ර වො ඡන්දො පහාතබ්බො. වෙදනා අනත්තා -පෙ- සඤ්ඤා අනත්තා -පෙ- සඞ්ඛාරා අනත්තා -පෙ- විඤ්ඤාණං අනත්තා. තත්ර වො ඡන්දො පහාතබ්බො. යො හි භික්ඛවෙ, අනත්තා. තත්ර වො ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්ම යැ, එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. වේදනාව අනාත්ම යැ ... සංඥාව අනාත්ම යැ ... සංස්කාර අනාත්ම යැ ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළ යුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 9.
Sinhala BJT1. 3. 4. 9.
Pali BJTදුතිය අනත්ත සුත්තං
Sinhala BJTදුතිය අනත්ත සූත්‍රය
Pali BJT144. සාවත්ථියං:
Sinhala BJT144. සැවැත්නුවර:
Pali BJTයො හි භික්ඛවෙ, අනත්තා. තත්ර වො රාගො පහාතබ්බො. කො ච භික්ඛවෙ, අනත්තා:
Sinhala BJTමහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, අනත්තා. තත්ර වො රාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා. තත්ර වො රාගො පහාතබ්බො. යො හි භික්ඛවෙ, අනත්තා. තත්ර වො රාගො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළ යුත්තේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් රාගය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 10.
Sinhala BJT1. 3. 4. 10.
Pali BJTතතිය අනත්ත සුත්තං
Sinhala BJTතතිය අනත්ත සූත්‍රය
Pali BJT145. සාවත්ථියං:
Sinhala BJT145. සැවැත්නුවර:
Pali BJTයො හි භික්ඛවෙ, අනත්තා තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. කො ච භික්ඛවෙ, අනත්තා:
Sinhala BJTමහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, කුමක් අනාත්ම ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, අනත්තා තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. වෙදනා අනත්තා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා. තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. යො හි භික්ඛවෙ, අනත්තා තත්ර වො ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්ම යැ. එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. වේදනාව අනාත්මයැ ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යැ. එහිලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යැ. මහණෙනි, යමෙක් අනාත්ම නම් එහි ලා තොප විසින් ඡන්‍දරාගය පහ කළයුත්තේ යි.
Pali BJT1. 3. 4. 11.
Sinhala BJT1. 3. 4. 11.
Pali BJTනිබ්බිදාබහුල සුත්තං
Sinhala BJTනිබ්බිදාබහුල සූත්‍රය
Pali BJT146. සාවත්ථියං:
Sinhala BJT146. සැවැත්නුවර:
Pali BJTසද්ධාපබ්බජිතස්ස භික්ඛවෙ, කුලපුත්තස්ස අයමනුධම්මො හොති: යං රූපෙ නිබ්බිදාබහුලං{1} විහරෙය්ය. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු නිබ්බිදාබහුලං විහරෙය්ය, විඤ්ඤාණෙ නිබ්බිදාබහුලං විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, යම් හෙයකින් රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම්, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
Pali BJTසො රූපෙ නිබ්බිදාබහුලං විහරන්තො, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ නිබ්බිදාබහුලං විහරන්තො, රූපං පරිජානාති වෙදනං පරිජානාති සඤ්ඤං පරිජානාති සඞ්ඛාරෙ පරිජානාති විඤ්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං පරිජානං සඤ්ඤං පරිජානං, සඞ්ඛාරෙ පරිජානං, විඤ්ඤාණං පරිජානං, පරිමුච්චති රූපම්හා, පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි, පරිමුච්චති විඤ්ඤාණම්හා. පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTහෙතෙම රූපයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරීම බහුල කොට වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, සෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි, (සියලු) දුකින් මිදේ ය”යි කියමි යි.
Pali BJT1. 3. 4. 12.
Sinhala BJT1. 3. 4. 12.
Pali BJTඅනිච්චානුපස්සනා සුත්තං
Sinhala BJTඅනිච්චානුපස්සනා සූත්‍රය
Pali BJT147. සාවත්ථියං:
Sinhala BJT147. සැවැත්නුවර:
Pali BJTසද්ධාපබ්බජිතස්ස භික්ඛවෙ, කුලපුත්තස්ස අයමනුධම්මො හොති: යං රූපෙ අනිච්චානුපස්සී විහරෙය්ය. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනිච්චානුපස්සී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි.
Pali BJTසො රූපෙ අනිච්චානුපස්සී විහරන්තො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනිච්චානුපස්සී විහරන්තො රූපං පරිජානාති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානං පරිමුච්චති රූපම්හා පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි, පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති, දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTහේ රූපයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනිස අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දනී. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකින්, දොම්නසින් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
Pali BJT1. 3. 4. 13.
Sinhala BJT1. 3. 4. 13.
Pali BJTදුක්ඛානුපස්සී සුත්තං
Sinhala BJTදුක්ඛානුපස්සී සූත්‍රය
Pali BJT148. සාවත්ථියං:
Sinhala BJT148. සැවැත්නුවර:
Pali BJTසද්ධාපබ්බජිතස්ස භික්ඛවෙ, කුලපුත්තස්ස අයමනුධම්මො හොති: යං රූපෙ දුක්ඛානුපස්සී විහරෙය්ය. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ දුක්ඛානුපස්සී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුතුහට මේ අනුදහම වෙයි.
Pali BJTසො රූපෙ දුක්ඛානුපස්සී විහරන්තො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ දුක්ඛානුපස්සී විහරන්තො රූපං පරිජානාති, වෙදනං පරිජානාති, සඤ්ඤං පරිජානාති, සඞ්ඛාරෙ පරිජානාති, විඤ්ඤාණං පරිජානාති.
Sinhala BJTහෙතෙම රූපයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි දුක අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි. වේදනාව පිරිසිඳ දනියි. සංඥාව පිරිසිඳ දනියි. සංස්කාරයන් පිරිසිඳ දනියි. විඥානය පිරිසිඳ දනී.
Pali BJTසො රූපං පරිජානං වෙදනං පරිජානං සඤ්ඤං පරිජානං සඞ්ඛාරෙ පරිජානං විඤ්ඤාණං පරිජානං පරිමුච්චති රූපම්හා පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි, පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති, දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTහෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකෙන් මිදේ ය යි කියමි යි.
Pali BJT1. 3. 4. 14.
Sinhala BJT1. 3. 4. 14.
Pali BJTඅනත්තානුපස්සනා සුත්තං
Sinhala BJTඅනත්තානුපස්සනා සූත්‍රය
Pali BJT149. සාවත්ථියං:
Sinhala BJT149. සැවැත්නුවර:
Pali BJTසද්ධාපබ්බජිතස්ස භික්ඛවෙ, කුලපුත්තස්ස අයමනුධම්මො හොති: යං රූපෙ අනත්තානුපස්සී විහරෙය්ය. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනත්තානුපස්සී විහරෙය්ය:
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් රූපයෙහි අනාත්මය අනු ව දකිමින් වෙසෙන්නේ නම් වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ නම් සැදැහැයෙන් පැවිදි වූ කුලපුත්හට මේ අනුදහම වෙයි:
Pali BJTසො රූපෙ අනත්තානුපස්සී විහරන්තො, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනත්තානුපස්සී විහරන්තො රූපං පරිජානාති, වෙදනං පරිජානාති, සඤ්ඤං පරිජානාති, සඞ්ඛාරෙ පරිජානාති, විඤ්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානං පරිමුච්චති රූපම්හා, පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි, පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJT“හේ රූපයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි අනාත්මය අනුව දකිමින් වෙසෙන්නේ රූපය පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාරයන් පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනී. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ ය’යි කියමි යි.
Pali BJTකුක්කුළවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි කුක්කුළ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTකුක්කුලො තයො අනිච්චෙන - දුක්ඛෙන අපරෙ තයො අනත්තෙන තයො වුත්තා - කුලපුත්තෙන ද්වෙ දුකාති.
Sinhala BJTකුක්කුළ සූත්‍රය, අනිච්චසූත්‍ර තුන ය, අනෙක් දුක්ඛසූත්‍ර තුන ය, අනත්තසූත්‍ර තුන ය. කුලපුත්තසූත්‍ර දුක දෙක යයි සූත්‍ර තුදුසෙකි.
Pali BJT5. දිට්ඨිවග්ගො
Sinhala BJT5. දිට්ඨි වර්‍ගය
Pali BJT1. 3. 5. 1.
Sinhala BJT1. 3. 5. 1.
Pali BJTඅජ්ඣත්ත සුත්තං
Sinhala BJTඅජ්ඣත්ත සූත්‍රය
Pali BJT150. සාවත්ථියං:
Sinhala BJT150. සැවැත්නුවර:
Pali BJTකිස්මිං නු ඛො භික්ඛවෙ, සති. කිං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති?
Sinhala BJTමහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදනේ ද?
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ ...
Pali BJTරූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. වෙදනාය සති වෙදනං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති සඞ්ඛාරෙ උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTමහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා තමා තුළ සුවදුක් උපදියි, වේදනාව ඇති කල්හි වේදනාව නිසා තමා තුළ සුවදුක් උපදියි, සංඥාව ඇති කල්හි ... සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා තමා තුළ සුවදුක් උපදියි, විඥානය ඇති කල්හි විඥානය නිසා තමා තුළ සුවදුක් උපදී, මහණෙනි එ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය උප්පජ්ජෙය්ය අජ්ඣත්තං සුඛදුක්ඛන්ති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නොකොට තමා තුළ සුවදුක් උපදනේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ..විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං, අපි නු තං අනුපාදාය උප්පජ්ජෙය්ය අජ්ඣත්තං සුඛදුක්ඛන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය ඇසිරි නො කොට තමා තුළ සුවදුක් උපනේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, ... විඥාන යෙහිදු කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි ... මේ බව සඳහා කටයුතු අන් කිසෙක් නැතැයි දනියි.
Pali BJT1. 3. 5. 2.
Sinhala BJT1. 3. 5. 2.
Pali BJTඑතං මම සුත්තං
Sinhala BJTඑතං මම සූත්‍රය
Pali BJT151. සාවත්ථියං:
Sinhala BJT151. සැවැත්නුවර: