Pali BJT1. 3. 2. 8.
Sinhala BJT1. 3. 2. 8.
Pali BJTසඤ්ඤොජනිය සුත්තං
Sinhala BJTසඤ්ඤොජනිය සූත්‍රය
Pali BJT120. සාවත්ථියං:
Sinhala BJT120. සැවැත්නුවර:
Pali BJTසඤ්ඤොජනියෙ ච භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි සඤ්ඤොජනඤ්ච, තං සුණාථ.
Sinhala BJTමහණෙනි සංයෝජනිය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍ම ද සංයෝජන ද දේශනා කරන්නෙමි. එය අසවු.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, සඤ්ඤොජනියා ධම්මා, කතමං සඤ්ඤොජනං:
Sinhala BJTමහණෙනි සංයෝජනිය ධර්‍මයෝ කවරහු ද, සංයෝජන කවරහු ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, සඤ්ඤොජනියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. වෙදනා සඤ්ඤොජනියො ධම්මො. යො තත්ථ ඡන්දරාගො, තං තත්ථ සඤ්ඤොජනං. සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං සඤ්ඤොජනියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඤ්ඤොනියා ධම්මා, ඉදං සඤ්ඤොජනන්ති.
Sinhala BJTමහණෙනි, රූපය සංයෝජනිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. වේදනාව සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය එහි සංයෝජන ය යි. සංඥාව ... සංස්කාර ... විඥානය සංයෝජනිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් වේ ද එය එහි සංයෝජන යි. මහණෙනි, මොහු සංයෝජනිය දහම්හු යයි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) සංයෝජන යි.
Pali BJT1. 3. 2. 9.
Sinhala BJT1. 3. 2. 9.
Pali BJTඋපාදානිය සුත්තං
Sinhala BJTඋපාදානිය සූත්‍රය
Pali BJT121. සාවත්ථියං:
Sinhala BJT121. සැවැත්නුවර:
Pali BJTඋපාදානියෙ ච භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි උපාදානඤ්ච, තං සුණාථ.
Sinhala BJTමහණෙනි, උපාදානිය (උපාදානයන්ට හිතවූ) දහම් ද උපාදාන ද දේශනා කරන්නෙමි. එය අසවු.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, උපාදානියා ධම්මා, කතමං උපාදානං:
Sinhala BJTමහණෙනි, උපාදානිය දහම්හු කවරහු ද, උපාදානය කවරේ ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, උපාදානියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. වෙදනා උපාදානියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. සඤ්ඤා උපාදානියො ධම්මො -පෙ- සඞ්ඛාරා උපාදානියො ධම්මො -පෙ- විඤ්ඤාණං උපාදානියො ධම්මො, යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානං. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, උපාදානියා ධම්මා, ඉදං උපාදානන්ති.
Sinhala BJTමහණෙනි, රූපය උපාදානිය දහමෙකි, එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. වේදනාව උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. සඤ්ඤාව උපාදානිය දහමෙකි ... සංඛාර උපාදානිය දහමෙකි ... විඤ්ඤාණය උපාදානිය දහමෙකි. එහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද එය එහි උපාදාන යි. මහණෙනි, මොහු උපාදානිය දහම්හු ය යි කියනු ලැබෙත්. මේ (ඡන්‍දරාගය) උපාදාන යි.
Pali BJT1. 3. 2. 10.
Sinhala BJT1. 3. 2. 10.
Pali BJTසීල සුත්තං
Sinhala BJTසීල සූත්‍රය
Pali BJT122. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො,{1} බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො{1} සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “සීලවතා ආවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බා”ති.
Sinhala BJT122. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මිගදායයෙහි වාස කෙරෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි ශාරීපුත්‍රනි, සිල්වත් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
Pali BJTසීලවතාවුසො කොට්ඨිත, භික්ඛුනා පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසිකාතබ්බා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. සීලවතාවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො, විජ්ජති යං සීලවා භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසි කරොන්තො සොතාපත්තිඵලං සච්ඡිකරෙය්යාති.
Sinhala BJTඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩ වශයෙන් හුල් වශයෙන් පීඩා වශයෙන් ආබාධ වශයෙන් මෙරමා වශයෙන් වැනසීම් වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු ය. කවර පස් කඳෙකැ යත්: එනම් – රූපෝපාදාන ස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් ... දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යි. ඇවැත්නි, සිල්වත් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
Pali BJTසොතාපන්නෙන පනාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
Sinhala BJTඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෝවන් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි?
Pali BJTසොතාපන්නෙන’පි ඛො ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො, විජ්ජති යං සොතාපන්නො භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො සකදාගාමිඵලං සච්ඡිකරෙය්යාති.
Sinhala BJTඇවැත්නි, කොට්ඨිතයෙනි. සෝවන් මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යැ. ඇවැත්නි, සෝවන් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනුයේ සෙදගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
Pali BJTසකදාගාමිනා පනාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
Sinhala BJTඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෙදගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
Pali BJTසකදාගාමිනාපි ඛො ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති යං සකදාගාමී භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො අනාගාමිඵලං සච්ඡිකරෙය්යාති.
Sinhala BJTඇවැත්නි, කොට්ඨිතයෙනි, සෙදගැමි මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, සෙදගැමි මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ අනගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
Pali BJTඅනාගාමිනා පනාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති? අනාගාමිනාපි ඛො ආවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා. ඨානං ඛො පනෙතං ආවුසො, විජ්ජති යං අනාගාමී භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො අරහත්තඵලං{1} සච්ඡිකරෙය්යාති.
Sinhala BJTඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අනගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි. අනගැමි මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහු ය. ඇවැත්නි, අනගැමි මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ රහත් ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
Pali BJTඅරහතා පනාවුසො සාරිපුත්ත, කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
Sinhala BJTඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුත්තාහු දැ යි?
Pali BJTඅරහතා’පි ඛො ආවුසො කොට්ඨිත, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසිකාතබ්බා. නත්ථි ඛො ආවුසො අරහතො උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො{2} අපි ච ඉමෙ ධම්මා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තන්ති සතිසම්පජඤ්ඤාය චාති.
Sinhala BJTඇවැත්නි, කොට්ඨිතයෙනි. රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසීම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිස ද, සිහිනුවණ පිණිස ද පවත්නාහ යි.
Pali BJT1. 3. 2. 11.
Sinhala BJT1. 3. 2. 11.
Pali BJTසුතවන්ත සුත්තං
Sinhala BJTසුතවන්ත සූත්‍රය
Pali BJT123. බාරාණසියං:
Sinhala BJT123. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: සුතවතාවුසො සාරිපුත්ත, භික්ඛුනා කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති.
Sinhala BJTඑකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කට යුත්තාහු දැ යි.
Pali BJTසුතවතාවුසො කොට්ඨිත, භික්ඛුනා පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසිකාතබ්බා.
Sinhala BJTඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ.
Pali BJTකතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. සුතවතාවුසො කොට්ඨිත, භික්ඛුනා ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකාතබ්බා.
Sinhala BJTකවර පසෙක් ද යත්: එනම්-රූපෝපාදානස්කන්‍ධය … විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහ.
Pali BJTඨානං ඛො පනෙතං ආවුසො විජ්ජති යං සුතවා භික්ඛු ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො -පෙ- අනත්තතො යොනිසො මනසිකරොන්තො සොතාපත්තිඵලං සච්ඡිකරෙය්යාති. -පෙ- සකදාගාමිඵලං සච්ඡිකරෙය්යාති. -පෙ- අනාගාමිඵලං සච්ඡිකරෙය්යාති. -පෙ- අරහත්තඵලං සච්ඡිකරෙය්යාති.
Sinhala BJTඇවැත්නි යම් හෙයකින් ශ්‍රැතවත් මහණ තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරන්නේ සෝවන්පල පසක් කරන්නේ යැ ... සෙදගැමිපල පසක් කරන්නේ යැ ... අනගැමිපල පසක් කරන්නේ යැ ... රහත්පල පසක් කරන්නේ යැ යන තෙල කරුණ ඇත්තේ යි.
Pali BJTඅරහතා පනාවුසො සාරිපුත්ත, කතමෙ ධම්මා යොනිසො මනසිකාතබ්බාති. අරහතාපි ඛො ආවුසො, කොට්ඨිත, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො යොනිසො මනසිකාතබ්බා. නත්ථි ඛො ආවුසො අරහතො උත්තරි කරණීයං, කතස්ස වා පතිචයො, අපි ච ඉමෙ ධම්මා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තන්ති සතිසම්පජඤ්ඤාය චාති.
Sinhala BJTඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවත්, කොට්ඨිතයෙනි, රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත්, සිහිනුවණ පිණිසත් පවත්නාහ යි.
Pali BJT1. 3. 2. 12.
Sinhala BJT1. 3. 2. 12.
Pali BJTපඨම කප්ප සුත්තං
Sinhala BJTපඨම කප්ප සූත්‍රය
Pali BJT124. සාවත්ථියං:
Sinhala BJT124. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා කප්පො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කප්පො භගවන්තං එතදවොච:
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් කප්ප තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් කප්ප තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
Pali BJTකථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්තීති.
Sinhala BJTවහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර (අහඞ්කාර දෘෂ්ටිය, මාගේ යයි ගන්නා තණ්හාව හා) මනානුසයය යන කෙලෙස්හු නො වෙද්දැ යි?
Pali BJTයං කිඤ්චි කප්ප, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙ’සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා. සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති.
Sinhala BJTකප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි” තෙල මෙසේ තතු සේ මනා නුවණින් දකියි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය” යි තෙල තතු සේ මනානුවණින් දකී.
Pali BJTඑවං ඛො කප්ප, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්තීති.
Sinhala BJTකප්පය, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ නො වෙති යි.
Pali BJT1. 3. 2. 13.
Sinhala BJT1. 3. 2. 13.
Pali BJTදුතිය කප්ප සුත්තං
Sinhala BJTදුතිය කප්ප සූත්‍රය
Pali BJT125. සාවත්ථියං:
Sinhala BJT125. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා කප්පො භගවන්තං එතදවොච: කථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානාපගතං මානසං හොති විධා සමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති.
Sinhala BJTඑකත්පස් වැ හුන් ආයුෂ්මත් කප්ප තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මාන කොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ දැ යි?
Pali BJTයං කිඤ්චි කප්ප, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා. සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙ’සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං, අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙ’සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති.
Sinhala BJTකප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
Pali BJTඑවං ඛො කප්ප, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානාපගතං මානසං හොති, විධා සමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති.
Sinhala BJTකප්පය, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මානකොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ ය යි.
Pali BJTධම්මකථිකවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි ධම්මකථික වර්‍ග යි
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඅවිජ්ජා විජ්ජා ද්වෙ කථිකා බන්ධනා පරිපුච්ඡිතා දුවෙ, සඤ්ඤොජනං උපාදානං සීලං සුතවා ද්වෙ ච කප්පෙනාති.
Sinhala BJTඅවිජ්ජා විජ්ජා යන සූත්‍ර දෙක යැ, ධම්මකථික සූත්‍ර දෙක යැ, බන්‍ධන සූත්‍රය, පරිපුච්ජිත සූත්‍ර දෙක යැ, සඤ්ඤෝජන උපාදාන සීල සුතවන්ත යන සූත්‍ර සතර ය කප්ප සූත්‍ර දෙක යයි සූත්‍ර තෙළෙසකි.
Pali BJT3. අවිජ්ජාවග්ගො
Sinhala BJT3. අවිජ්ජා වර්‍ගය
Pali BJT1. 3. 3. 1.
Sinhala BJT1. 3. 3. 1.
Pali BJTපඨම සමුදයධම්ම සුත්තං
Sinhala BJTපඨම සමුදය ධම්ම සූත්‍රය
Pali BJT126. සාවත්ථියං:
Sinhala BJT126. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො, භන්තෙ, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඑ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, අවිද්‍යා ය, අවිද්‍යා යයි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යාව කවර යත් කොපමණකින් අවිද්‍යාගත (අවිද්‍යාවට ගියේ) ද වේ දැ”යි.
Pali BJTඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං රූපං වයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. සමුදයධම්මං වෙදනං, ‘සමුදයධම්මා වෙදනාති’ යථාභූතං නප්පජානාති. ‘වයධම්මං වෙදනං ‘වයධම්මා වෙදනාති’ යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මං වෙදනං. සමුදයවයධම්මා වෙදනාති යථාභූතං නප්පජානාති. සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ සමුදයධම්මා සඞ්ඛාරාති යථාභූතං නප්පජානාති. වයධම්මෙ සඞ්ඛාරෙ ‘වයධම්මා සඞ්ඛාරාති’ යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මෙ සඞ්ඛාරෙ ‘සමුදයවයධම්මා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං විඤ්ඤාණං වයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTමහණ, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ සමුදය (ඉපදීම) ස්වභාව ඇති රූපය සමුදය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, ව්‍යය (වැනසීම) ස්වභාව ඇති රූපය ව්‍යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, “සමුදයව්‍යය ස්වභාව ඇති රූපය සමුදයව්‍යය ස්වභාව ඇති රූපයකැ යි තතු සේ නො දනියි, සමුදය සැහැවි වේදනාව සමුදය සැහැවි වේදනාවකැ යි තතුසේ හේ නො දනියි, වැනසෙනසුලු වේදනාව වැනසෙනසුලු වේදනාවයකැ යි තතුසේ නො දනියි. සමුදයව්‍යය ස්වභාව ඇති වේදනාව සමුදයව්‍යය ස්වභාව ඇති වේදනාවකැයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති සංඥාව ... හටගන්නා ස්වභාව ඇති සංස්කාර හටගන්නා ස්වභාව ඇති සංස්කාර යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති සංස්කාර වැනසෙන ස්වභාව ඇති සංස්කාර ය යි තතු සේ නො දනියි, සමුදයව්‍යය ස්වභාව ඇති සංස්කාර සමුදයව්‍යය ස්වභාව ඇති සංස්කාර යයි තතු සේ නො දනියි, හටගන්නා ස්වභාව ඇති විඥානය හටගන්නා ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති විඥානය වැනසෙන ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනියි, සමුදයව්‍යය ස්වභාව ඇති විඥානය සමුදයව්‍යය ස්වභාව ඇති විඥාන යයි තතුසේ නො දනී. මහණ, මේ අවිද්‍යා යයි කියනු ලැබේ. මෙ පමණකින් අවිද්‍යාගත ද වේ යි.
Pali BJTඑවං වුත්තෙ සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ: “වහන්ස, විද්‍යා යැ විද්‍යා යයි කියනු ලැබේ. වහන්ස, විද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් විද්‍යාගත වේ දැ”යි?
Pali BJTඉධ භික්ඛු සුතවා අරියසාවකො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං පජානාති. වයධම්මං රූපං වයධම්මං රූපන්ති යථාභූතං පජානාති. සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං පජානාති. සමුදයධම්මං වෙදනං -පෙ- සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ -පෙ- සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. වයධම්මං විඤ්ඤාණං, වයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛු, විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTමහණ, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ හටගන්නා සැහැවි රූපය හටගන්නා සැහැවි රූප යයි තතුසේ දනී, වැනසෙන සැහැවි රූපය වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි රූපය හටගන්නා-වැනසෙන සැහැවි රූප යයි තතුසේ දනියි, හටගන්නා සැහැවි වේදනාව ... හටගන්නා සැහැවි සඥාව ... හටගන්නා සැහැවි සංස්කාර ... හටගන්නා සැහැවි විඥානය හටගන්නා සැහැවි විඥාන යයි තතු සේ දනියි. වැනසෙන සැහැවි විඥානය වැනසෙන සැහැවි විඥාන යයි තතුසේ දනියි, හටගන්නා-වැනසෙන සැහැවි විඥානය හටගන්නා වැනසෙන සැහැවි විඥාන ය යි තතුසේ දනී. මහණ, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගතත් වේ යයි.
Pali BJT1. 3. 3. 2.
Sinhala BJT1. 3. 3. 2.
Pali BJTදුතිය සමුදයධම්ම සුත්තං
Sinhala BJTදුතිය සමුදය ධම්ම සූත්‍රය
Pali BJT127. බාරාණසියං:
Sinhala BJT127. බරණැස්නුවර:
Pali BJTඑකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමා නු ඛො ආවුසො, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතී”ති?
Sinhala BJTඑක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: තෙල කීහ: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යා නම් කවර යැ? කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි? මෙය කීහ.
Pali BJTඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො සමුදයධම්මං රූපං, සමුදයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං රූපං -පෙ- සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං නප්පජානාති. “සමුදයධම්මං වෙදනං -පෙ- සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ -පෙ- සමුදය ධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. වයධම්මං විඤ්ඤාණං -පෙ- සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො අවිජ්ජා, එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන උපදනා ස්වභාව ඇති රූපය උපදනා ස්වභාව ඇති රූපය යි තතුසේ නො දනියි, වැනසෙන ස්වභාව ඇති රූපය ... හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූපය හටගන්නා-වැනසෙන ස්වභාව ඇති රූප යයි තතුසේ නො දනියි, හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන යයි තතුසේ නො දනියි. වැන සෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානයයි තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යයි කියනු ලැබේ මෙතෙකින් අවිද්‍යාගතත් වේ ය යි.
Pali BJT1. 3. 3. 3.
Sinhala BJT1. 3. 3. 3.
Pali BJTතතිය සමුදයධම්ම සුත්තං
Sinhala BJTතතිය සමුදය ධම්ම සූත්‍රය
Pali BJT128. බාරාණසියං:
Sinhala BJT128. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “විජ්ජා, විජ්ජා”ති ඛො ආවුසො සාරිපුත්ත වුච්චති. කතමා නු ඛො ආවුසො විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබේ. ඇවැත්නි විජ්ජා නම් කවර යැ? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො සුතවා අරියසාවකො සමුදයධම්මං රූපං සමුදයධම්මං රූපන්ති යථාභූතං පජානාති: වයධම්මං රූපං -පෙ- සමුදයවයධම්මං රූපං සමුදයවයධම්මං රූපන්ති යථාභූතං පජානාති. සමුදයධම්මං වෙදනං -පෙ- සමුදයධම්මං සඤ්ඤං -පෙ- සමුදයධම්මෙ සඞ්ඛාරෙ -පෙ- සමුදයධම්මං විඤ්ඤාණං සමුදයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. වයධම්මං විඤ්ඤාණං -පෙ- සමුදයවයධම්මං විඤ්ඤාණං සමුදයවයධම්මං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා, එත්තාවතා ච විජ්ජාගතො හොතී”ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හටගන්නාසුලු රූපය හටගන්නාසුලු රූප යයි තතු සේ දනියි, වැනසෙනසුලු රූපය ... හටගන්නා-වැනසෙනසුලු රූපය හටගන්නා-වැනසෙනසුලු රූප යයි තතුසේ දනී. හටගන්නාසුලු වේදනාව ... හටගන්නාසුලු සංඥාව ... හටගන්නාසුලු සංස්කාර ... හටගන්නාසුලු විඥානය හටගන්නාසුලු විඥාන ය යි තතුසේ දනී වැනසෙනසුලු විඥානය ... හටගන්නා-වැනසෙනසුලු විඥානය හටගන්නා-වැනසෙනසුලු විඥාන ය යි තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජා යි කියනු ලැබෙයි. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.
Pali BJT1. 3. 3. 4.
Sinhala BJT1. 3. 3. 4.
Pali BJTපඨම අස්සාද සුත්තං
Sinhala BJTපඨම අස්සාද සූත්‍රය
Pali BJT129. බාරාණසියං:
Sinhala BJT129. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති?
Sinhala BJTඑකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො රූපස්ස අස්සාදඤ්ච, ආදීනවඤ්ච, නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච, ආදීනවඤ්ච, නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො අවිජ්ජා, එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
Pali BJT1. 3. 3. 5.
Sinhala BJT1. 3. 3. 5.
Pali BJTදුතිය අස්සාද සුත්තං
Sinhala BJTදුතිය අස්සාද සූත්‍රය
Pali BJT130. බාරාණසියං:
Sinhala BJT130. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමා නු ඛො ආවුසො, විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
Sinhala BJTඑකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විජ්ජා විජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි, විජ්ජා නම් කවරක්ද? කොපමණෙකින් විජ්ජාගතත් වේ දැ”යි.
Pali BJTඉධාවුසො, සුතවා අරියසාවකො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා, එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මේ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විජ්ජායි කියනු ලැබේ. මෙපමණෙකින් විජ්ජාගතත් වේ යයි.
Pali BJT1. 3. 3. 6.
Sinhala BJT1. 3. 3. 6.
Pali BJTපඨම සමුදය සුත්තං
Sinhala BJTපඨම සමුදය සූත්‍රය
Pali BJT131. බාරාණසියං:
Sinhala BJT131. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති, ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති”?
Sinhala BJTඑකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො, අස්සුතවා පුථුජ්ජනො රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනියි, වේදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
Pali BJT1. 3. 3. 7.
Sinhala BJT1. 3. 3. 7.
Pali BJTදුතිය සමුදය සුත්තං
Sinhala BJTදුතිය සමුදය සූත්‍රය
Pali BJT132. බාරාණසියං:
Sinhala BJT132. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමා නු ඛො ආවුසො, විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි විද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් විද්‍යායුක්තත් වේ දැ? යි.
Pali BJT“ඉධාවුසො සුතවා අරියසාවකො රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඇවැත්නි, මේ විද්‍යාව යයි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යායුක්තත් වේ ය යි.
Pali BJT1. 3. 3. 8.
Sinhala BJT1. 3. 3. 8.
Pali BJTකොට්ඨිත සුත්තං
Sinhala BJTකොට්ඨික සූත්‍රය
Pali BJT133. බාරාණසියං:
Sinhala BJT133. බරණැස්නුවර:
Pali BJTඑකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකොට්ඨිතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකොට්ඨිතෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති, ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති?
Sinhala BJTඑක්සමයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මේ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. ඇවැත්නි, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්‍යාගතත් වේ යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: විජ්ජා විජ්ජාති ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො විජ්ජා? කිත්තාවතා ච විජ්ජාගතො හොතීති?
Sinhala BJTමෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යා නම් කවරක් ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො සුතවා අරියසාවකො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා, එත්තාවතා ච විජ්ජාගතො හොතීති.”
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනියි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්‍යා යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්‍යාගතත් වේ ය යි.
Pali BJT1. 3. 3. 9.
Sinhala BJT1. 3. 3. 9.
Pali BJTදුතිය කොට්ඨිත සුත්තං
Sinhala BJTදුතිය කොට්ඨික සූත්‍රය
Pali BJT134. බාරාණසියං:
Sinhala BJT134. බරණැස්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති, ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති?
Sinhala BJTඑකත්පසෙකැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, කොට්ඨිතයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබෙයි, ඇවැත්නි, අවිද්‍යාව නම් කවරක් යැ කොපමණෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. අයං වුච්චතාවුසො අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී. මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. මෙපමණෙකින් අවිද්‍යාගතත් වේ යයි”.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: ‘විජ්ජා, විජ්ජා’ති ආවුසො කොට්ඨිත, වුච්චති. කතමා නු ඛො ආවුසො විජ්ජා කිත්තාවතා ච විජ්ජාගතො හොතී’ති.
Sinhala BJTමෙසේ පැවසූ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් කොට්ඨිතයෙනි, විද්‍යා විද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යා නම් කුමක් ද? කොපමණෙකින් විද්‍යාගතත් වේ දැ”යි?
Pali BJTඉධාවුසො සුතවා අරියසාවකො රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චතාවුසො විජ්ජා, එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනියි. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී. ඇවැත්නි, මේ විද්‍යා”යි කියනු ලැබේ. මෙ පමණෙකින් විද්‍යාගතත් වේ ය”යි.
Pali BJT1. 3. 3. 10.
Sinhala BJT1. 3. 3. 10.