Pali BJTසෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. අයං වුච්චති, භික්ඛවෙ, සක්කායො.
Sinhala BJTරූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කාය යයි කියනු ලැබේ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායසමුදයො:
Sinhala BJTමහණෙනි, සක්කායසමුදය කවරැ යත්:
Pali BJTයායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. අයං වුච්චති භික්ඛවෙ, සක්කායසමුදයො.
Sinhala BJTපුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරණ යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ සක්කායසමුදය යයි කියනු ලැබෙ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායනිරොධො:
Sinhala BJTමහණෙනි, සක්කායනිරෝධය කවරේ යැ යත්:
Pali BJTයො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, අයං වුච්චති භික්ඛවෙ, සක්කායනිරොධො.
Sinhala BJTඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායනිරොධගාමිනී පටිපදා:
Sinhala BJTමහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සක්කායනිරොධගාමිනී පටිපදාති.
Sinhala BJTමේ අරීඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරෝධගාමිනී පටිපදා යි කියනු ලැබෙ යි.
Pali BJT1. 3. 1. 4.
Sinhala BJT1. 3. 1. 4.
Pali BJTපරිඤ්ඤෙය්ය සුත්තං
Sinhala BJTපරිඤ්ඤෙය්‍ය සූත්‍රය
Pali BJT106. සාවත්ථියං:
Sinhala BJT106. සැවැත්නුවර:
Pali BJTපරිඤ්ඤෙය්යෙ ච භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි පරිඤ්ඤඤ්ච පරිඤ්ඤාතාවිඤ්ච පුග්ගලං. තං සුණාථ.
Sinhala BJTමහණෙනි පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනීම ද, පිරිසිඳ දැන සිටි පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසවු.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා:
Sinhala BJTමහණෙනි, පිරිසිඳ දතයුතු දහම්හු කවරහ යත්:
Pali BJTරූපං භික්ඛවෙ, පරිඤ්ඤෙය්යො ධම්මො. වෙදනා පරිඤ්ඤෙය්යො ධම්මො, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං පරිඤ්ඤෙය්යො ධම්මො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා.
Sinhala BJTමහණෙනි, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. මහණෙනි, මොහු පිරිසිඳ දතයුතු දහම්හු යි කියනු ලැබෙති.
Pali BJTකතමා ච භික්ඛවෙ, පරිඤ්ඤා:
Sinhala BJTමහණෙනි, පිරිසිඳ දැනීම කවර යැ යත්:
Pali BJTයො භික්ඛවෙ, රාගක්ඛයො{1} දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ, පරිඤ්ඤා.
Sinhala BJTමහණෙනි, යම් රාගය ක්‍ෂය කිරීමෙක් වේ ද, ද්වේෂය ක්‍ෂය කිරීමෙක් වේ ද, මෝහය ක්‍ෂය කිරීමෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දැනීම යි කියනු ලැබේ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පරිඤ්ඤාතාවී පුග්ගලො:
Sinhala BJTමහණෙනි, පිරිසිඳ දැන සිටි පුඟුල් කවරේ යැ යත්:
Pali BJTඅරහා’තිස්ස වචනීයං. යො’යං ආයස්මා එවංනාමො එවංගොත්තො. අයං වුච්චති භික්ඛවෙ, පරිඤ්ඤාතාවී පුග්ගලොති.
Sinhala BJTරහත් තෙමේ යයි කියයුතු වෙයි. මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මතෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දත් පුඟුල් යයි කියනු ලැබේ යි.
Pali BJT1. 3. 1. 5.
Sinhala BJT1. 3. 1. 5.
Pali BJTසමණ සුත්තං
Sinhala BJTසමණ සූත්‍රය
Pali BJT107. සාවත්ථියං:
Sinhala BJT107. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTමහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති. න මෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා, න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ නො දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ ය යි ද සම්මත නො වෙති. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකම්හි ඵලය හෝ බමුණුකම්හි ඵලය හෝ මේ අත්බැව්හි ම තුමූ ම මැනවින් දැන පසක් කොට එයට එළැඹැ නො ද වෙසෙති.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති. තෙ ඛො මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා, තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ යයි ද සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණකමේ ඵලයත් බමුණුකමේ ඵලයත් මේ අත්බැව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹැ වෙසෙති යි.
Pali BJT1. 3. 1. 6.
Sinhala BJT1. 3. 1. 6.
Pali BJTදුතිය සමණ සුත්තං
Sinhala BJTදුතිය සමණ සූත්‍රය
Pali BJT108. සාවත්ථියං:
Sinhala BJT108. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTමහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනිද්ද ... දනිද්ද ... තුමූ මැ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ වෙසෙත් යි.
Pali BJT1. 3. 1. 7.
Sinhala BJT1. 3. 1. 7.
Pali BJTසොතාපන්න සුත්තං
Sinhala BJTසෝතාපන්න සූත්‍රය
Pali BJT109. සාවත්ථියං:
Sinhala BJT109. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපූපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTමහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ තෙමේ සිවුඅපායෙහි නොවැටෙන ස්වභාව ඇති (ධම්මනියාම වශයෙන්) නියත වූ ( මතු තෙමඟ නමැති) සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූ අරිසවු යයි කියනු ලැබේ යි.
Pali BJT1. 3. 1. 8.
Sinhala BJT1. 3. 1. 8.
Pali BJTඅරහන්ත සුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT110. සාවත්ථියං:
Sinhala BJT110. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTමහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පසෙකි. කවර පසෙක් ද යත්: එනම් ... රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත වැ මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ අර්‍හත් යැ, ක්‍ෂීණාස්‍රව යැ, වුසූ බඹසර ඇත්තේ යැ, කළ සිවුමඟ කිස ඇත්තේ යැ, බහා තැබූ පස්කඳ බර ඇත්තේ යැ, (මඟ පල) පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇත්තේ යැ, ක්‍ෂය වී ගිය භවසංයෝජන ඇත්තේ යැ, මොනොවට දැන (සසරින්) මිදිණැ යි කියනු ලැබේ.
Pali BJT1. 3. 1. 9.
Sinhala BJT1. 3. 1. 9.
Pali BJTපඨම ඡන්දරාග සුත්තං
Sinhala BJTපඨම ඡන්‍දරාග සූත්‍රය
Pali BJT111. සාවත්ථියං:
Sinhala BJT111. සැවැත්නුවර:
Pali BJTරූපෙ භික්ඛවෙ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා තං පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරණ ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වන්නේ යැ.
Pali BJTවෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා තං පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTවේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා වෙයි. උසුන් මුල් ඇති වෙයි, හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද වෙයි, යළි නොහටගන්නක් කරන ලද වෙයි. මතු නූපදනා ස්වභාව ඇති වෙයි.
Pali BJTසඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා තං පජහථ. එවං තෙ සංඛාරා පහීනා භවිස්සන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTසංඥායෙහි ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දාහු නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇති වන්නාහු ය.
Pali BJTවිඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා තං පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTවිඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල් ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යි.
Pali BJT1. 3. 1. 10.
Sinhala BJT1. 3. 1. 10.
Pali BJTදුතිය ඡන්දරාග සුත්තං
Sinhala BJTදුතිය ඡන්‍දරාග සූත්‍රය
Pali BJT112. සාවත්ථියං:
Sinhala BJT112. සැවැත්නුවර:
Pali BJTරූපෙ භික්ඛවෙ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් වේ ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ වෙද්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යැ.
Pali BJTවෙදනාය යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTවේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් අත් ද, යම් උපයඋපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන-අභිනිවේස-අනුසයයයෝ ඇත් ද, ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය.
Pali BJTසඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයුපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTසංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් ඇත් ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ ඇත්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණු වන ලද්දේ තු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යයි.
Pali BJTඅන්තවග්ගො පඨමො.
Sinhala BJTපළමු වැනි අන්ත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅන්තො දුක්ඛඤ්ච සක්කායො පරිඤ්ඤෙය්යා සමණා දුවෙ, සොතාපන්නො අරහා ච දුවෙ ඡන්දරාගියාති.
Sinhala BJTඅන්ත, දුක්ඛ, සක්කාය, පරිඤ්ඤෙය්‍ය යන සූත්‍ර සතර යැ, සමණසූත්‍ර දෙක යැ, සෝතාපන්න අරහන්ත සූත්‍ර දෙක යැ, ඡන්‍දරාග සූත්‍රදෙක දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. ධම්මකථිකවග්ගො
Sinhala BJT2. ධම්මකථික වර්‍ගය
Pali BJT1. 3. 2. 1.
Sinhala BJT1. 3. 2. 1.
Pali BJTඅවිජ්ජා සුත්තං
Sinhala BJTඅවිජ්ජා සූත්‍රය
Pali BJT113. සාවත්ථියං:
Sinhala BJT113. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජා”ති භන්තෙ වුච්චති. කතමා නු ඛො භන්තෙ, අවිජ්ජා කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස:, අවිද්‍යා යැ යි, අවිද්‍යා යැ යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යාව නම් කවර යැ? කොපමණෙකින් (අවිද්‍යාවට ගියේ) අවිද්‍යාගත වේ ද?
Pali BJTඉධ භික්ඛු අස්සුතවා පුථුජ්ජනො රූපං නප්පජානාති, රූපසමුදයං නප්පජානාති, රූපනිරොධං නප්පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං නප්පජානාති, වෙදනං නප්පජානාති -පෙ- සඤ්ඤං නප්පජානාති -පෙ- සඞ්ඛාරෙ නප්පජානාති -පෙ- විඤ්ඤාණං නප්පජානාති, විඤ්ඤාණසමුදයං නප්පජානාති, විඤ්ඤාණනිරොධං නප්පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං නප්පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොතීති.
Sinhala BJTමහණ මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපය නො දනී ද, රූපසමුදය නො දනී ද, රූප නිරෝධය නො දනී ද, රූපනිරෝධගාමිනීපටිපදාව නො දනී ද, වේදනාව නො දනී ද, ... සඤ්ඤා නො දනී ද, ... සංඛාර නො දනී ද, … විඤ්ඤාණය නො දනී ද, විඤ්ඤාණසමුදය නො දනී ද, විඤ්ඤාණනිරෝධය නො දනී ද, විඤ්ඤාණනිරෝධගාමිනී පටිපදාව නො දනී ද, මහණෙනි, මේ අවිද්‍යා යි කියනු ලැබේ, මේ පමණෙකින් අවිද්‍යාගත ද වේ ය යි.
Pali BJT1. 3. 2. 2.
Sinhala BJT1. 3. 2. 2.
Pali BJTවිජ්ජා සුත්තං
Sinhala BJTවිජ්ජා සූත්‍රය
Pali BJT114. සාවත්ථියං:
Sinhala BJT114. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා කිත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTඑකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස, විද්‍යා යැ, විද්‍යා යැයි කියනු ලැබේ. වහන්ස, විද්‍යාව නම් කවර යැ කොපමණෙකින් විද්‍යාගතත් වේ ද?
Pali BJTඉධ භික්ඛු, සුතවා අරියසාවකො රූපං පජානාති, රූපසමුදයං පජානාති, රූපනිරොධං පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං පජානාති. වෙදනං පජානාති -පෙ- සඤ්ඤං පජානාති -පෙ- සඞ්ඛාරෙ පජානාති -පෙ- විඤ්ඤාණං පජානාති, විඤ්ඤාණසමුදයං පජානාති, විඤ්ඤාණ නිරොධං පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති. අයං වුච්චති භික්ඛු, විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොතීති.
Sinhala BJTමහණ මෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය දනී ද, රූපසමුදය දනී ද, රූපනිරෝධය දනී ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනී ද, වේදනාව දනී ද ... සඤ්ඤාව දනී ද ... සංඛාර දනී ද, ... විඤ්ඤාණය දනී ද විඤ්ඤාණසමුදය දනී ද, විඤ්ඤාණනිරෝධය දනී ද, විඤ්ඤාණ නිරෝධගාමිනීපටිපදාව දනී ද මහණ, මේ විද්‍යා යයි කියනු ලැබේ. මෙපමණෙකින් විද්‍යාගත ද වේ යයි.
Pali BJT1. 3. 2. 3.
Sinhala BJT1. 3. 2. 3.
Pali BJTපඨම ධම්මකථිකසුත්තං
Sinhala BJTපඨම ධම්ම කථික සූත්‍රය
Pali BJT115. සාවත්ථියං:
Sinhala BJT115. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “‘ධම්මකථිකො ධම්මකථිකො’”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ධම්මකථිකො හොතීති.
Sinhala BJTඑකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස, “ධම්මකථික ය, ධම්මකථික” ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් “ධම්මකථික” වේ දැ යි.
Pali BJTරූපස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, “ධම්මකථිකො භික්ඛූ”ති අලං වචනාය. රූපස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, “ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ”ති අලං වචනාය. රූපස්ස චෙ භික්ඛු, නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, “දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ”ති අලං වචනාය.
Sinhala BJTමහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ ඉදින්, රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත වැ මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යි කියන්නට සුදුසු වෙයි.
Pali BJTවෙදනාය චෙ භික්ඛු -පෙ- සඤ්ඤාය චෙ භික්ඛු -පෙ- සඞ්ඛාරානං චෙ භික්ඛු -පෙ- විඤ්ඤාණස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, “ධම්මකථිකො භික්ඛූ”ති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති “ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ”ති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, “දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ”ති අලං වචනායාති.
Sinhala BJTමහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සඤ්ඤායෙහි ... මහණ, ඉදින් සංඛාරයන්හි ... මහණ, ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදානරහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වේ යි.
Pali BJT1. 3. 2. 4.
Sinhala BJT1. 3. 2. 4.
Pali BJTදුතිය ධම්මකථික සුත්තං
Sinhala BJTදුතිය ධම්ම කථික සූත්‍රය
Pali BJT116. සාවත්ථියං:
Sinhala BJT116. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ධම්මකථිකො ධම්මකථිකො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ධම්මකථිකො හොති? කිත්තාවතා ධම්මානුධම්මපටිපන්නො හොති? කිත්තාවතා දිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතී”ති?
Sinhala BJTඑකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් ධම්මකථික වේ ද? කොපමණෙකින් ධම්මානුධම්මපටිපන්න වේ ද? කොපමණෙකින් දිටුදැමියෙහි නිවනට පැමිණියේ වේ දැ යි.
Pali BJTරූපස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, “ධම්මකථිකො භික්ඛූ”ති අලං වචනාය. රූපස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, “ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ”ති අලං වචනාය. රූපස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, “දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ”ති අලං වචනාය.
Sinhala BJTමහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වේ. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වෙයි.
Pali BJTවෙදනාය චෙ භික්ඛු -පෙ- සඤ්ඤාය චෙ භික්ඛු -පෙ- සඞ්ඛාරානං චෙ භික්ඛු -පෙ- විඤ්ඤාණස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති “ධම්මකථිකො භික්ඛූ”ති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු, නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, “ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ”ති අලං වචනාය. විඤ්ඤාණස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, “දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ”ති අලං වචනායාති.
Sinhala BJTමහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සංඥායෙහි ... මහණ, ඉදින් සංස්කාරයන්හි ... මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු වේ.
Pali BJT1. 3. 2. 5.
Sinhala BJT1. 3. 2. 5.
Pali BJTබන්ධන සුත්තං
Sinhala BJTබන්‍ධන සූත්‍රය
Pali BJT117. සාවත්ථියං:
Sinhala BJT117. සැවැත්නුවර:
Pali BJTඅස්සුතවා{1} භික්ඛවෙ, පුථුජ්ජනො අරියානං අදස්සාවී -පෙ- සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො රූපබන්ධනබද්ධො සන්තරබාහිරබන්ධනබද්ධො අතීරදස්සී අපාරදස්සී, බද්ධො ජායති{2}, බද්ධො මීයති{3}, බද්ධො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ... සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන රූපබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර බන්‍ධනයෙන් (ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන්) බැඳුණේ සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශබන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොවට යේ යි කියනු ලැබෙයි.
Pali BJTවෙදනං අත්තතො සමනුපස්සති -පෙ- වෙදනාය වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො වෙදනාබන්ධනබද්ධො සාන්තරබාහිරබන්ධනබද්ධො අතීරදස්සී අපාරදස්සී. බද්ධො ජායති{2}, බද්ධො මීයති, බද්ධො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, වේදනාව ආත්ම විසින් දකියි … වේදනායෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන වේදනාබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර (සංයෝජන) බන්‍ධනයෙන් බැඳුණේ සසරවට නො දක්නේ නිවන නො දක්නේ බැඳුණේ උපදියි. බැඳුණේ මියෙයි. බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
Pali BJTසඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති -පෙ- සඞ්ඛාරෙසු වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො සඞ්ඛාරබන්ධනබද්ධො සාන්තරබාහිරබන්ධනබද්ධො අතීරදස්සී අපාරදස්සී. බද්ධො ජායති, බද්ධො මීයති, බද්ධො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති.
Sinhala BJTසංඥාව ... සංස්කාර ආත්ම වශයෙන් දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංස්කාර බන්‍ධනයෙන් බැඳුණේ, ආධ්‍යාත්මික බාහිර බන්‍ධනයෙන් බැඳුණේ, සසරවට නො දක්නේ, නිවන නො දක්නේ, බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
Pali BJTවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං. අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො විඤ්ඤාණබන්ධනබද්ධො සන්තරබාහිරබන්ධනබද්ධො අතීරදස්සී අපාරදස්සී. බද්ධො ජායති, බද්ධො මීයති, බද්ධො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති.
Sinhala BJTවිඥානය ආත්ම වශයෙන් දකියි , විඥානවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ විඥානය දකියි, විඥානයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශ බන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යේ යි කියනු ලැබේ.
Pali BJTසුතවා ච ඛො භික්ඛවෙ, අරියසාවකො අරියානං දස්සාවී -පෙ- සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, සුතවා අරියසාවකො න රූපබන්ධන බද්ධො, න සන්තරබාහිරබන්ධනබද්ධො තීරදස්සී පාරදස්සී, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි බුද්ධාදී ආර්‍ය්‍යයන් දක්නා ... සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. රූපවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපබන්‍ධනයෙන් නො බැඳුණේ ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන් නො බැඳුණේ සසරතෙර දක්නේ නිර්‍වාණ පාරය දක්නේ යි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
Pali BJTන වෙදනං අත්තතො සමනුපස්සති -පෙ- න වෙදනාය වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, සුතවා අරියසාවකො න වෙදනාබන්ධනබද්ධො න සන්තරබාහිරබන්ධනබද්ධො තීරදස්සී පාරදස්සී. පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTවේදනාව ආත්ම වශයෙන් නො දකියි ... වේදනායෙහි හෝ ආත්මය නො දකියි, මේ ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවක වේදනා බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.
Pali BJTන සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති -පෙ- න සඞ්ඛාරෙසු වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, සුතවා අරියසාවකො න සඞ්ඛාරබන්ධනබද්ධො න සන්තරබාහිරබන්ධනබද්ධො තීරදස්සී පාරදස්සී. පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTසංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සංස්කාර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සංසාරවර්‍තය දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණ පාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.
Pali BJTන විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං. න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං, අයං වුච්චති භික්ඛවෙ, සුතවා අරියසාවකො න ව්ඤ්ඤාණබන්ධනබද්ධො තීරදස්සී පාරදස්සී. පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTවිඥානය ආත්ම වශයෙන් නො දකියි. විඥානවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ විඥානය නො දකියි. විඥානයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත්ආර්‍ය්‍යශ්‍රාවක විඥාන බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර බාහිර සංයෝජනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
Pali BJT1. 3. 2. 6.
Sinhala BJT1. 3. 2. 6.
Pali BJTපඨම පරිපුච්ඡිත සුත්තං
Sinhala BJTපඨම පරිපුච්ඡිත සූත්‍රය
Pali BJT118. සාවත්ථියං:
Sinhala BJT118. සැවැත්නුවර:
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං “එතං මම එසොහමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සථාති? නො හෙතං භන්තෙ, සාධු භික්ඛවෙ. රූපං භික්ඛවෙ “නෙතං මම නෙසොහමස්මි, න මෙ සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං “එතං මම එසොහමස්මි එසො මෙ අත්තා”ති සමනුපස්සථාති? නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ, විඤ්ඤාණං භික්ඛවෙ, “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දැකිවූ දැ යි. වහන්ස, තෙල නො වේ ම යැ. මහණෙනි, මැනැවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම”යි දකිවු දැ යි වහන්ස, තෙල නො වේ මැ යි. මහණෙනි, මැනවි. මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි. තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- වෙදනායපි -පෙ- සඤ්ඤායපි -පෙ- සඞ්ඛාරෙසුපි -පෙ- විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි ... වේදනාවෙහිත් ... සංඥාවෙහිත් ... සංස්කාරයන්හිත් ... විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස කළයුතු අන්කිසෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 3. 2. 7.
Sinhala BJT1. 3. 2. 7.
Pali BJTදුතිය පරිපුච්ඡිත සුත්තං
Sinhala BJTදුතිය පරිපුච්ඡිත සූත්‍රය
Pali BJT119. සාවත්ථියං:
Sinhala BJT119. සැවැත්නුවර:
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති සමනුපස්සථාති? එවං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි දකිවු දැ යි. වහන්ස එසේ යැ.
Pali BJTසාධු භික්ඛවෙ, රූපං භික්ඛවෙ, “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනං “නෙතං මම -පෙ- සඤ්ඤං ‘නෙතං මම -පෙ- සඞ්ඛාරෙ නෙතං මම -පෙ- විඤ්ඤාණං “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති සමනුපස්සථාති?
Sinhala BJTමහණෙනි, මැනවි, මහණෙනි, රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යැ. වේදනාව ... තෙල මාගේ නො වෙයි .... සඥාව තෙල මාගේ නො වෙයි ... සංස්කාර “තෙල මාගේ නො වෙයි ... විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි දකිවු දැ යි.
Pali BJTඑවං භන්තෙ, සාධු භික්ඛවෙ, විඤ්ඤාණං භික්ඛවෙ, “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං
Sinhala BJTවහන්ස එසේ යි. මහණෙනි, මැනැවි, මහණෙනි, විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ ය”යි මෙසේ තෙල තතු සේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපයෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.