Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය. ...
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා ති?
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය. ...
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි එ හෙයින් මෙහි ලා මෙසේ දක්නා ... මේ බැව් පිණිස අන්කිසෙක් නැතැ යි දැනගනී.
Pali BJT1. 2. 5. 9.
Sinhala BJT1. 2. 5. 9.
Pali BJTවාසිජටොපම සුත්තං
Sinhala BJTවාසිජටොපම සූත්‍රය
Pali BJT101. සාවත්ථියං:
Sinhala BJT101. සැවැත්නුවර:
Pali BJTජානතො’හං භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස්සතො.
Sinhala BJTමහණෙනි, මම දන්නා දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි, නො දක්නාහට නො කියමි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති:
Sinhala BJTමහණෙනි, කුමක් දන්නා කුමක් දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය වේ යැ යත්:
Pali BJTඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා - ඉති සඞ්ඛාරා - ඉති විඤ්ඤාණං. ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. එවං ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොති.
Sinhala BJTරූපය මෙසේ යැ, රූපසමුදය (-හට ගැනීම) මෙසේ යැ, රූප අස්තංගමය (-අභාවය) මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තංගමය මෙසේ යි. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට ආස්‍රවක්‍ෂය වේ.
Pali BJTභාවනානුයොගමනනුයුත්තස්ස භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චා’පි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යා”ති, අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.
Sinhala BJTභාවනානුයෝගයෙහි යෙදී වාස කරන මහණහට “මාගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මනා” යි ඉදින් මෙබඳු රිසියෙක් උපදනේ ද, එසේ නමුදු ඔහුගේ සිත උපාදාන විසින් ග්‍රහණය නො කොට ආස්‍රවයන් ගෙන් නො මිදෙයි.
Pali BJTතං කිස්ස හෙතු,
Sinhala BJTඒ කවර හෙයිනැ යත්:
Pali BJTකිස්ස අභාවිතත්තා?
Sinhala BJTනො වඩනා ලද හෙයිනැ යි කියයුතු යි.
Pali BJTඅභාවිතත්තා තිස්ස වචනීයං.
Sinhala BJTකුමක් නො වඩනා ලද හෙයිනැ යත්:
Pali BJTඅභාවිතත්තා චතුන්නං සතිපට්ඨානානං, අභාවිතත්තා චතුන්නං සම්මප්පධානානං, අභාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං, අභාවිතත්තා පඤ්චන්නං ඉන්ද්රියානං, අභාවිතත්තා පඤ්චන්නං බලානං, අභාවිතත්තා සත්තන්නං බොජ්ඣඞ්ගානං, අභාවිතත්තා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTසතර සතිපට්ඨාන නො වඩනාලද හෙයිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද හෙයිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද හෙයිනැ, පඤ්චේන්‍ද්‍රිය නො වඩනාලද හෙයිනැ, පඤ්චබල නො වඩනාලද හෙයිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද හෙයිනැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය නො වඩනාලද හෙයිනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා තානස්සු කුක්කුටියා න සම්මා අධිසයිතානි න සම්මා පරිසෙදිතානි න සම්මා පරිභාවිතානි. කිඤ්චා’පි තස්සා කුක්කුටියා එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්යු”න්ති. අථ ඛො අභබ්බා’ව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, කිකිළිය විසින් ඒ මතුයෙහි ලැගැ මොනොවට නො රක්නා ලද්දාහු මොනොවට උණුසුම් නො ගන්වන ලද්දාහු මොනොවට කුකුළුගඳ නො ගන්වන ලද්දාහු වෙති. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් උපදනේ ද? එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට අසමත්හු මැ යි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කුම් හෙයිනැ යත්:
Pali BJTතථා හි පන භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා තානි කුක්කුටියා න සම්මා අධිසයිතානි න සම්මා පරිසෙදිතානි න සම්මා පරිභාවිතානි.
Sinhala BJTමහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළිය ගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් නොලගින ලද්දාහු යැ, මැනැවින් උණුසුම් නොගන්වන ලද්දාහු යැ, මැනැවින් නොවඩන ලද්දාහු යි. (එහෙයිනි).
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භාවනානුයොගමනනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යාති, අථ ඛ්වස්ස නෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි කෙසේ හෝ මෙබඳු ආශාවක් උපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් නො මැ මිදෙයි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTඅභාවිතත්තාතිස්ස වචනීයං.
Sinhala BJTනොවඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
Pali BJTකිස්ස අභාවිතත්තා:
Sinhala BJTකුමක් නොවඩනා ලද බැවිනැ යත්:
Pali BJTඅභාවිතත්තා චතුන්නං සතිපට්ඨානානං, අභාවිතත්තා චතුන්නං සම්මප්පධානානං, අභාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං, අභාවිතත්තා පඤ්චන්නං ඉන්ද්රියානං, අභාවිතත්තා පඤ්චන්නං බලානං, අභාවිතත්තා සත්තන්නං බොජ්ඣඞ්ගානං, අභාවිතත්තා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTසතර සතිපට්ඨාන නො වඩනාලද බැවිනැ, සතර සම්මප්පධාන නො වඩනාලද බැවිනැ, සතර ඉද්ධිපාද නො වඩනාලද බැවිනැ, පඤ්චේන්‍ද්‍රිය නො වඩනාලද බැවිනැ, පඤ්චබල නො වඩනාලද බැවිනැ, සත්ත බොජ්ඣංග නො වඩනාලද බැවිනැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය නො වඩනාලද බැවිනි.
Pali BJTභාවනානුයොගමනුයුත්තස්ස භික්ඛවෙ, භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය, ‘අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යාති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.
Sinhala BJTමහණෙනි, භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදෙන්නේ නම් මැනැවැ” යි ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද? එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTභාවිතත්තාතිස්ස වචනීයං.
Sinhala BJTවඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
Pali BJTකිස්ස භාවිතත්තා:
Sinhala BJTකුමක් වඩන ලද බැවිනැ යත්:
Pali BJTභාවිතත්තා චතුන්නං සතිපට්ඨානානං, භාවිතත්තා චතුන්නං සම්මප්පධානානං, භාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං, භාවිතත්තා පඤ්චන්නං ඉන්ද්රියානං, භාවිතත්තා පඤ්චන්නං බලානං, භාවිතත්තා සත්තන්නං බොජ්ඣඞ්ගානං, භාවිතත්තා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTසතර සීවටන් වඩන ලද බැවිනැ, සතර සම්මප්පධාන වඩනාලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත්ත බොජ්ඣංග වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි, සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි. කිඤ්චා’පි තස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙයය්යු”න්ති. අථ ඛො භබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං.
Sinhala BJTමහණෙනි, යම්සේ කිකිළියකගේ බිජුවටහු අටෙක් හෝ දශයෙක් හෝ දොළොසක් හෝ වෙත් ද, ඒවා කිකිළිය විසින් මැනවින් ලගිනා ලද්දාහු මැනවින් උණුසුම් ගන්වන ලද්දාහු මැනවින් වඩන ලද්දාහු වෙත් ද,. ඒ කිකිළියට “මාගේ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නාහු නම් මැනවැ” යි ඉදින් මෙ බඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඒ කුකුළු පැටවු පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ නික්මෙන්නට සමර්‍ත්‍ථහු මැ යි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කවර හෙයිනැ යත්:
Pali BJTතථා හි පන භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙධිතානි සම්මා පරිභාවිතානි.
Sinhala BJTමහණෙනි ඒ එසේ මැ යි. අටක් වූ හෝ දශයක් වූ හෝ දොළොසක් වූ හෝ කිකිළියගේ බිජුවටහු කිකිළිය විසින් මැනැවින් ලගින ලද්දෝ, මැනැවින් උණුසුම් ගන්වන ලද්දෝ, මැනැවින් වඩන ලද්දෝ වන්නාහු ය. (එහෙයිනි).
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භාවනානුයොගමනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චා’පි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: “අහො වත මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චෙය්යා”ති, අථ ඛ්වස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.
Sinhala BJTමහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහට “මා සිත උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනැවැ යි. ඉදින් මෙබඳු ආශාවක් නූපදනේ ද, එහෙත් ඔහුගේ සිත උපාදාන රහිත ව ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කුම් හෙයින යත්:
Pali BJTභාවිතත්තාතිස්ස වචනීයං.
Sinhala BJTවඩන ලද බැවිනැ යි කියයුතු වෙයි.
Pali BJTකිස්ස භාවිතත්තා?
Sinhala BJTකුමක් වඩන ලද බැවිනැ යත්:
Pali BJTභාවිතත්තා චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා චතුන්නං සම්මප්පධානානං, භාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං, භාවිතත්තා පඤ්චන්නං ඉන්ද්රියානං, භාවිතත්තා පඤ්චන්නං බලානං, භාවිතත්තා සත්තන්නං බොජ්ඣඞ්ගානං, භාවිතත්තා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස.
Sinhala BJTසතර සීවටන් වඩන ලද බැවිනැ, සිවුසම්පධන් වඩන ලද බැවිනැ, සිවුඉදුපා වඩන ලද බැවිනැ, පසිඳුරන් වඩන ලද බැවිනැ, පස්බලන් වඩන ලද බැවිනැ, සත් බොජඟ වඩන ලද බැවිනැ, අරිඅටඟිමග වඩන ලද බැවිනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පලගණ්ඩස්ස වා පලගණ්ඩන්තෙවාසිස්සවා වා වාසිජටෙ දිස්සන්තෙ වා අඞ්ගුලිපදානි{1} දිස්සන්ති අඞ්ගුට්ඨපදා{2}, නො ච ඛ්වස්ස එවං ඤාණං හොති; “එත්තකං වත{3} මෙ අජ්ජ වාසිජටං ඛීණං එත්තකං හිය්යො, එත්තකං පරෙ”ති. {*}අථ ඛ්වස්ස ඛීණෙ ඛීණංත්වෙව ඤාණං හොති.
Sinhala BJTමහණෙනි, යම්සේ වඩුවකුගේ හෝ වඩු අතවැස්සකුගේ හෝ වෑමිටෙහි ඇඟිලි සටහන් හෝ මහපටැඟිලි සටහන් හෝ දක්නා ලැබේ ද, ඔහුට “මාගේ වෑමිට අද මෙ පමණ ගෙවිණැ, ඊයේ මෙ පමණ ගෙවිණැ, පෙර දවස මෙ පමණ ගෙවිණැ” යි මෙසේ දැනීම නො ද වෙයි. එතෙකුදු වුවත් ගෙවුණු කල්හි ගෙවුණේ ම යයි දැනුම ඔහුට වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භාවනානුයොගමනුයුත්තස්ස භික්ඛුනො විහරතො කිඤ්චාපි න එවං ඤාණං හොති: “එත්තකං වත මෙ අජ්ජ ආසවානං ඛීණං, එත්තකං හිය්යො, එත්තකං පරෙ”ති. අථ ඛ්වස්ස ඛීණෙ ඛීණංත්වෙව ඤාණං හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් මැ භාවනානුයෝගී වැ වෙසෙන මහණහුට “මාගේ ආස්‍රවයන් ගෙන් අද මෙ තෙක් ගෙවිණැ, ඊයේ මෙ තෙක් ගෙවිණැ, පෙර දවස මෙ තෙක් ගෙවිණැ” යි ඉදින් මෙ බඳු දැනීමෙක් නො වෙයි. එහෙත් ඔහුට ක්‍ෂය වූ කල්හි ක්‍ෂය වූයේ ම යයි දැනුම වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සාමුද්දිකාය නාවාය වෙත්තබන්ධනබද්ධාය ඡම්මාසානි{4} උදකෙ පරියාදාය{5} හෙමන්තිකෙන{6} ථලං උක්ඛිත්තාය වාතාතපපරෙතානි බන්ධනානි. තානි පාවුස්සකෙන මෙඝෙන අභිප්පවුට්ඨානි{7} අප්පකසිරෙනෙ පටිප්පස්සම්භන්ති පූතිකානි භවන්ති.
Sinhala BJTමහණෙනි, වේවැල්බැඳුමෙන් බඳනා ලද සමසක් දියෙහි රැඳුණු හිමත්කල ගොඩට නඟන ලද මුහුදෙහි වූ නැවක අවුසුළඟින් පහළ බැඳුම් වේ ද, ඒ බන්‍ධනයෝ වසිකල මේඝයෙන් වෙසෙසින් තෙමුණාහු පහසුවෙන් දුබල වෙති. දිරායෙති.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භාවනානුයොගමනුයුත්තස්ස භික්ඛුනො විහරතො අප්පකසිරෙනෙව සඤ්ඤොජනානි පටිප්පස්සම්භන්ති පූතිකානි භවන්තීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම භාවනානුයෝගයෙහි වෙසෙන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙති. දිරායෙති යි. (නො පැනෙන බවට යෙති.)
Pali BJT1. 2. 5. 10.
Sinhala BJT1. 2. 5. 10.
Pali BJTඅනිච්චසඤ්ඤා සුත්තං
Sinhala BJTඅනිච්චසඤ්ඤා සූත්‍රය
Pali BJT102. සාවත්ථියං:
Sinhala BJT102. සැවැත්නුවර:
Pali BJTඅනිච්චසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති. සබ්බං රූපරාගං පරියාදියති. සබ්බං භවරාගං පරියාදියති. සබ්බං අවිජ්ජං පරියාදියති. සබ්බං අස්මිමානං පරියාදියති, සමූහන්ති{8}.
Sinhala BJTමහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ කස්සකො මහානඞ්ගලෙන කසන්තො සබ්බානි මූලසන්තානකානි සම්පදාලෙන්තො කසති. එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති. සබ්බං රූපරාගං පරියාදියති. සබ්බං භවරාගං පරියාදියති. සබ්බං අවිජ්ජං පරියාදියති. සබ්බං අස්මිමානං පරියාදියති සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ ගොවියෙක් සරත්කල මහනගුලෙන් සාන්නේ පැතිර සිටි සියලු මුල් සිඳිමින් සා ද, මහණෙනි, එසෙයින් ම අනිච්චසඤ්ඤාව වඩනා ලද්දී බහුල කරන ලද්දී සියලු කාමරාගය ගෙවයි. සියලු රූපරාගය ගෙවයි. සියලු භවරාගය ගෙවයි. සියලු අවිද්‍යාව ගෙවයි. සියලු අස්මිමානය ගෙවයි, නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, බබ්බජලායකො බබ්බජං ලායිත්වා අග්ගෙ ගහෙත්වා ඔධුනාති නිද්ධුනාති නිප්ඵොටෙති, එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා සබ්බං කාමරාගං -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ බබුස්තණ කපන්නෙක් බබුස්තණ කපා අගින් ගෙන යටට සලා ද, පොළා ද, පොළා පසෙක දමා ද, මහණෙනි, එසෙයින් ම භාවිත බහුලීකෘත අනිච්චසංඥාව සියලු කාමරාගය ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අම්බපිණ්ඩියා වණ්ටච්ඡින්නාය යානි තත්ර අම්බානි වණ්ටුපනිබද්ධානි{1} සබ්බානි තානි තදන්වයානි{2} භවන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ අඹකැනෙක තුවටු සිඳි කල්හි එහි යම් තුවටුයෙහි බැඳුණු අඹ වේ නම් ඒ සියල්ල එය අනුව පවත්නේ (පතනය) වේ ද මහණෙනි, එසෙයින් ම ... නසයි. භාවිත බහුලීකෘත අනිත්‍යසංඥාව සියලු කාමරාගය ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටඞ්ගමා කූටනින්නා කූටසමොසරණා, කූටං තාසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ කැණිමඩලට ගියාහු කැණිමඩලට නැමුණාහු කැණිමඩල අනුව පැතිර සිටියාහු වෙත් ද කැණිමඩල ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි. මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි මූලගන්ධා කාලානුසාරී{3}. තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ යම් කිසි මුලගන්‍ධයෝ වෙද්ද? කළුඅගිල්ගඳ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ යම් කිසි හරගඳහු වෙද්ද? රත්සඳුන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි පුප්ඵගන්ධා වස්සිකං තෙසං අග්ගමක්ඛායති, එවමෙව ඛො භික්ඛවෙ අනිච්චසඤ්ඤා භාවිතා -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද? දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි කුඩ්ඩරාජානො{4} සබ්බෙ තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති. රාජා තෙසං චක්කවත්ති අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ යම් කිසි කුඩා රජහු වෙද්ද? ඒ සියල්ලෝ සක්විති රජුට අනුකූල වූවාහු වෙත, සක්විතිරජ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යා කාචි තාරකරූපානං පභා සබ්බා තා චන්දිමප්පභාය කලං නාග්ඝන්ති සොළසිං, චන්දප්පභා තාසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා -පෙ- සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ තාරක රූපයන්ගේ යම්කිසි කැලුම් වේ ද ඒ සියලු කැලුම් සඳ කැලුම්හි සොළොස් වන කලාවත් නො අගි ද, සඳ කැලුම් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙයි, මහණෙනි, එසෙයින් ම භාවිත අනිච්චසඤ්ඤාව ... නසයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සුක්කමානො{1} සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච, තපතෙ ච, විරොචතෙ{2} ච. එවමෙව ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති, සබ්බං රූපරාගං පරියාදියති, සබ්බං භවරාගං පරියාදියති, සබ්බං අවිජ්ජං පරියාදියති, සබ්බං අස්මිමානං පරියාදියති සමූහන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, අනිච්චසඤ්ඤා කථං බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති -පෙ- සබ්බං අස්මිමානං පරියාදියති, සමූහන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවා ද ... සියලු අස්මිමානය ගෙවා ද නසා ද යත්:
Pali BJTඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති, එවං භාවිතා ඛො භික්ඛවෙ, අනිච්චසඤ්ඤා එවං බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති, සබ්බං රූපරාගං පරියාදියති, සබ්බං භවරාගං පරියාදියති, සබ්බං අවිජ්ජං පරියාදියති, සබ්බං අස්මිමානං පරියාදියති සමූහන්තීති.
Sinhala BJTරූපය මෙසේ යැ, රූපයේ හටගැන්ම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ, වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයාගේ හටගැන්ම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද අනිච්චසඤ්ඤාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසා යි.
Pali BJTපුප්ඵවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි පුප්ඵ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTනදී පුප්ඵඤ්ච ඵෙණඤ්ච ගොමයඤ්ච නඛසිඛං සුද්ධිං ද්වෙ ච ගද්දුලා වාසිජටං අනිච්චතාති.
Sinhala BJTනදී, පුප්ඵ, ඵෙණපිණ්ඩොපම, ගොමයපිණ්ඩොපම, නඛසිඛොපම සුද්ධික සූත්‍ර ද ගද්දුලබද්ධ සූත්‍ර දෙක ද වාසිජට, අනිච්චසඤ්ඤා සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJTමජ්ඣිමපණ්ණාසකං සමත්තං.
Sinhala BJTමජ්ඣිමපණ්ණාසක නිමි.
Pali BJTතස්ස මජ්ඣිමපණ්ණාසකස්ස වග්ගුද්දානං:
Sinhala BJTඒ මජ්ඣිමපණ්ණාසකයේ වර්‍ගනාමාවලිය:
Pali BJTඋපයො අරහන්තො ච ඛජ්ජනීයො ථෙරසව්හයො පුප්ඵවග්ගෙන පණ්ණාසො දුතියො තෙන වුච්චති.
Sinhala BJTඋපය, අරහන්ත, ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන වර්‍ගවලින් දුතිය පණ්ණාසක කියනු ලැබේ.
Pali BJT3. උපරිපණ්ණාසකො
Sinhala BJT3. උපරිපණ්ණාසකය
Pali BJT1. අන්තවග්ගො
Sinhala BJT1. අන්ත වර්‍ගය
Pali BJT1. 3. 1. 1.
Sinhala BJT1. 3. 1. 1.
Pali BJTඅන්ත සුත්තං
Sinhala BJTඅන්ත සූත්‍රය
Pali BJT103. සාවත්ථියං:
Sinhala BJT103. සැවැත්නුවර:
Pali BJTචත්තාරො මෙ භික්ඛවෙ, අන්තා. කතමෙ චත්තාරො:
Sinhala BJTමහණෙනි, මේ අන්ත සතරෙකි. කවර සතරෙකැ යත්:
Pali BJTසක්කායන්තො, සක්කායසමුදයන්තො, සක්කායනිරොධන්තො, සක්කායනිරොධගාමිනීපටිපදන්තො.
Sinhala BJTසක්කාය අන්ත යැ, සක්කායසමුදය අන්ත යැ, සක්කායනිරෝධ අන්ත යැ, සක්කාය නිරොධගාමිනීපටිපදා අන්ත යයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායන්තො:
Sinhala BJTමහණෙනි, සක්කාය අන්තය කවරැ යත්:
Pali BJTපඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං,
Sinhala BJTපඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.
Pali BJTකතමෙ පඤ්ච,
Sinhala BJTකවර පසෙකැ යත්:
Pali BJTසෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. අයං වුච්චති භික්ඛවෙ, සක්කායන්තො.
Sinhala BJTඑනම්: රූපෝපාදානස්කන්‍ධ යැ, වේදනෝපාදානස්කන්‍ධ යැ, සංඥෝපාදානස්කන්‍ධ යැ, සංස්කාරෝපාදානස්කන්‍ධ යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කායඅන්ත යයි කියනු ලැබෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායසමුදයන්තො,
Sinhala BJTමහණෙනි, සක්කායසමුදය අන්තය කවරැ යත්:
Pali BJTයායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. අයං වුච්චති භික්ඛවෙ, සක්කායසමුදයන්තො.
Sinhala BJTපුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාව ය, භවතෘෂ්ණාව ය, විභවතෘෂ්ණාව යි. මහණෙනි, මේ සක්කායසමුදය අන්ත යයි කියනු ලැබෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායනිරොධන්තො,
Sinhala BJTමහණෙනි, සක්කායනිරෝධ අන්තය කවරැ යත්:
Pali BJTයො තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. අයං වුච්චති භික්ඛවෙ, සක්කායනිරොධන්තො.
Sinhala BJTඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ අන්ත යයි කියනු ලැබෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායනිරොධගාමිනීපටිපදන්තො,
Sinhala BJTමහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදා අන්තය කවරැ යත්:
Pali BJTඅයමෙ ව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සක්කායනිරොධගාමිනීපටිපදන්තො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අන්තාති.
Sinhala BJTමේ ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ නම්: සම්මාදිට්ඨි යැ, සම්මාසංකප්ප යැ, සම්මාවාචා යැ, සම්මාකම්මන්ත යැ, සම්මාආජීව යැ, සම්මාවායාම යැ, සම්මාසති යැ, සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරොධගාමිනිපටිපදා අන්ත යයි කියනු ලැබේ. මහණෙනි, මේ අන්ත සතර යි.
Pali BJT1. 3. 1. 2.
Sinhala BJT1. 3. 1. 2.
Pali BJTදුක්ඛ සුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT104. සාවත්ථියං:
Sinhala BJT104. සැවැත්නුවර:
Pali BJTදුක්ඛඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි දුක්ඛසමුදයඤ්ච දුක්ඛනිරොධඤ්ච දුක්ඛනිරොධගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට දුක්ඛයත්, දුක්ඛසමුදයත්, දුක්ඛනිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනී පටිපදාවත් දේශනා කරන්නෙම්, එය අසවු.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං:
Sinhala BJTමහණෙනි, දුක්ඛය කවරේ යැ යත්:
Pali BJTපඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං.
Sinhala BJTපඤ්චෝපාදානස්කන්‍ධ යි කියැයුතු වෙයි.
Pali BJTකතමෙ පඤ්ච,
Sinhala BJTකවර පසෙකැ යත්:
Pali BJTසෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛං.
Sinhala BJTරූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දුක්ඛය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, දුක්ඛසමුදයො:
Sinhala BJTමහණෙනි, දුක්ඛසමුදය කවරැ යත්:
Pali BJTයායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. අයං වුච්චති භික්ඛවෙ, දුක්ඛසමුදයො.
Sinhala BJTපුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදය යි කියනු ලැබෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, දුක්ඛනිරොධො:
Sinhala BJTමහණෙනි, දුක්ඛනිරෝධය කවරේ යැ යත්:
Pali BJTයො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, අයං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො.
Sinhala BJTඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාගනිරෝධයෙක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද මහණෙනි, මේ දුක්ඛනිරෝධ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනීපටිපදා:
Sinhala BJTමහණෙනි, දුක්ඛනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදාති.
Sinhala BJTමේ අරිඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාව යයි කියනු ලැබේ යි.
Pali BJT1. 3. 1. 3.
Sinhala BJT1. 3. 1. 3.
Pali BJTසක්කාය සුත්තං
Sinhala BJTසක්කාය සූත්‍රය
Pali BJT105. සාවත්ථියං:
Sinhala BJT105. සැවැත්නුවර:
Pali BJTසක්කායඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සක්කායසමුදයඤ්ච සක්කායනිරොධඤ්ච සක්කායනිරොධගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ.
Sinhala BJTමහණෙනි, තොපට සක්කායයත්, සක්කායසමුදයයත්, සක්කායනිරෝධයත්, සක්කාය නිරොධගාමිනීපටිපදාවත් දේශනා කරන්නෙමි, එය අසවු.
Pali BJTකතමො ච භික්ඛවෙ, සක්කායො:
Sinhala BJTමහණෙනි, සක්කාය කවරැ යත්:
Pali BJTපඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං.
Sinhala BJTපඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.
Pali BJTකතමෙ පඤ්ච,
Sinhala BJTකවර පසෙකැ යත්: