Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො යමක, යදා’පි සො පුරිසො අමුං ගහපතිං වා ගහපතිපුත්තං වා උපසඞ්කමිත්වා එවමාහ: “උපට්ඨහෙය්යං තං භන්තෙ”ති, තදාපි සො වධකොව. වධකඤ්ච පන සන්තං න අඤ්ඤාසි. “වධකො මෙ”ති. යදා’පි සො උපට්ඨාති පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී. තදා’පි සො වධකොව. වධකඤ්ච පන සන්තං න අඤ්ඤාසි. “වධකො මෙ”ති. යදා’පි නං රහොගතං විදිත්වා තිණ්හෙන සත්ථෙන ජීවිතාවොරොපෙති. තදා’පි සො වධකොව. වධකඤ්ච පන සන්තං න අඤ්ඤාසි. “වධකො මෙ”ති. එවමාවුසොති.
Sinhala BJTඇවැත්නි යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද, යම් කලෙක ඒ පුරිස් තෙමේ මේ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත එළඹැ “හිමි, මුබට උවැටන් කරම් දැ”යි මෙසේ කී ද, ඒ කල්හිත් හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙකත් හේ පළමු නැගී සිටින්නේ පසුව හොවින්නේ කුම් කෙරෙම් දැ යි පිළිවදන් අස්වන්නේ මනාප දෑ කරන්නේ, පියවදන් බණන්නේ උවටන් කෙරේ ද, එ කල්හිදු හේ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේය. යම් කලෙක්හිදු එකලා වූ ඔහු දැන තියුණු සැතින් දිවි තොර කෙරෙ ද, එකල්හිදු හෙ වධකයා ම ය. වධක වූ ම ඔහු මාගේ වධකයා යි නො දත්තේ ය. ඇවැත්නි, එසේ ය යි.
Pali BJTඑවමෙව ඛො ආවුසො අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං. සො අනිච්චං රූපං ‘අනිච්චං රූපන්ති යථාභූතං නප්පජානාති. අනිච්චං වෙදනං ‘අනිච්චා වෙදනාති යථාභූතං නප්පජානාති. අනිච්චං සඤ්ඤං “අනිච්චා සඤ්ඤාති යථාභූතං නප්පජානාති. අනිච්චෙ සඞ්ඛාරෙ ‘අනිච්චා සඞ්ඛාරාති යථාභූතං නප්පජානාති. අනිච්චං විඤ්ඤාණං ‘අනිච්චං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්මය යි හෝ ආත්මය රූප ඇත්තෙකැයි හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානවත් හෝ යි හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයයෙහි ආත්මය ඇතැයි හෝ දකී. අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වූ වේදනාව යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ සංඥාව අනිත්‍ය වූ සංඥාව යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය වූ සංස්කාරය යි තතු සේ නො දනියි, අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥානය යි තතු සේ නො දනී.
Pali BJTදුක්ඛං රූපං ‘දුක්ඛං රූපන්ති යථාභූතං නප්පජානාති. දුක්ඛං වෙදනං -පෙ- දුක්ඛං සඤ්ඤං -පෙ- දුක්ඛෙ සඞ්ඛාරෙ -පෙ- දුක්ඛං විඤ්ඤාණං ‘දුක්ඛං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTදුක් වූ රූපය දුක් වූ රූපය යි තතු සේ නො දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය දුක් වූ විඥාන යයි තතු සේ නො දනී.
Pali BJTඅනත්තං රූපං ‘අනත්තා{1} රූපන්ති යථාභූතං නප්පජානාති. අනත්තං වෙදනං අනත්තා වෙදනාති යථාභූතං නප්පජානාති. අනත්තං සඤ්ඤං -පෙ- අනත්තෙ සඞ්ඛාරෙ අනත්තා සඞ්ඛාරාති යථාභූතං නප්පජානාති. අනත්තං විඤ්ඤාණං අනත්තං විඤ්ඤාණ”න්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTඅනාත්ම වූ රූපය අනාත්ම වූ රූප යයි තතු සේ නො දනියි, අනාත්ම වූ වේදනාව අනාත්ම වූ වේදනාව යයි තතු සේ නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර අනාත්ම වූ සංස්කාර යි තතු සේ නො දනියි. අනාත්මවූ විඥානය අනාත්මවූ විඥානය යි තතු සේ නො දනී.
Pali BJTසඞ්ඛතං රූපං සඞ්ඛතං රූපන්ති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං වෙදනං සඞ්ඛතා වෙදනාති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං සඤ්ඤං -පෙ- සඞ්ඛතෙ සඞ්ඛාරෙ සඞ්ඛතා සඞ්ඛාරා”ති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං විඤ්ඤාණං සඞ්ඛතං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTසංඛත රූපය සංඛත රූප යයි තතු සේ නො දනියි, සංඛත වේදනාව සංඛත වේදනාව යයි තතු සේ නො දනියි, සංඛත සඤ්ඤාව ... සංඛත සංඛාර සංඛත සංඛාර යයි තතු සේ නො දනියි, සංඛත විඤ්ඤාණය සංඛත විඤ්ඤාණ යයි තතු සේ නො දනී.
Pali BJTවධකං රූපං වධකං රූපන්ති යථාභූතං නප්පජානාති. වධකං වෙදනං -පෙ- වධකං සඤ්ඤං -පෙ- වධකෙ සඞ්ඛාරෙ -පෙ- වධකා සඞ්ඛාරාති යථාභූතං නප්පජානාති. වධකං විඤ්ඤාණං වධකං විඤ්ඤාණන්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTවධක රූපය වධක රූප යයි තතු සේ නො දනියි, වධක වේදනාව ... වධක සඤ්ඤාව ... වධක සංඛාර වධක සංඛාර යයි තතු සේ නො දනී, වධක විඤ්ඤාණය වධක විඤ්ඤාණ ය යි තතු සේ නො දනී.
Pali BJTසො රූපං උපෙති උපාදියති අධිට්ඨාති ‘අත්තා මෙ’ති. වෙදනං උපෙති උපාදියති අධිට්ඨාති ‘අත්තා මෙති’. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ උපෙති උපාදියති අධිට්ඨාති ‘අත්තා මෙ’ති. විඤ්ඤාණං උපෙති උපාදියති අධිට්ඨාති ‘අත්තා මෙ’ති. තස්සිමෙ පඤ්චුපාදානක්ඛන්ධා උපෙතා උපාදින්නා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති.
Sinhala BJTහේ රූපය මාගේ ආත්මය යි දෘෂ්ටි විසින් පැමිණෙයි. දැඩි වැ ගනියි, (එහි) පිහිටයි. වේදනාව මාගේ ආත්මය යි දෘෂ්ටි විසින් පැමිණෙයි. දැඩි වැ ගනියි, පිහිටයි. සංඥාව මාගේ ආත්මය යි … සංස්කාරයන් දෘෂ්ටි විසින් පැමිණෙයි ගනී පිහිටයි. විඥානය මාගේ ආත්මය යි පැමිණෙයි දැඩි වැ ගනියි, පිහිටයි. ඔහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ දීර්‍ඝ රාත්‍රියෙහි උපගත වූවාහු දැඩි වැ ගන්නා ලද්දහු අහිත පිණිස දුක් පිණිස පවතිත්.
Pali BJTසුතවා ච ඛො ආවුසො අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTඇවැත්නි, ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. ආත්මය රූපවත් යි හෝ නො දකියි, රූපය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි. රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකී. වේදනාව ... සඥාව ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දකියි. ආත්මය විඥානවත් යි හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි. විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකී.
Pali BJTසො අනිච්චං රූපං අනිච්චං රූපන්ති යථාභූතං පජානාති. අනිච්චං වෙදනං -පෙ- අනිච්චං සඤ්ඤං -පෙ- අනිච්චෙ සඞ්ඛාරෙ -පෙ- අනිච්චං විඤ්ඤාණං අනිච්චං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.
Sinhala BJTහේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වූ රූපය යි තතු සේ දනියි, අනිත්‍ය වූ වේදනාව ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ... අනිත්‍ය වූ විඥානය අනිත්‍ය වූ විඥාන යයි තතු සේ දනී.
Pali BJTදුක්ඛං රූපං දුක්ඛං රූපන්ති යථාභූතං පජානාති. දුක්ඛං වෙදනං -පෙ- දුක්ඛං සඤ්ඤං -පෙ- දුක්ඛෙ සඞ්ඛාරෙ -පෙ- දුක්ඛං විඤ්ඤාණං දුක්ඛං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.
Sinhala BJTදුක් වූ රූපය දුක් වූ රූපය යි තතු සේ දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය දුක් වූ විඥාන යයි තතු සේ දනී.
Pali BJTඅනත්තං රූපං අනත්තා රූපන්ති යථාභූතං පජානාති. අනත්තං වෙදනං -පෙ- අනත්තං සඤ්ඤං -පෙ- අනත්තෙ සඞ්ඛාරෙ -පෙ- අනත්තං විඤ්ඤාණං අනත්තා විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.
Sinhala BJTඅනාත්ම වූ රූපය අනාත්ම වූ රූප යයි තතු සේ දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය අනාත්ම වූ විඥානය යි තතු සේ දනී.
Pali BJTසඞ්ඛතං රූපං සඞ්ඛතං රූපන්ති යථාභූතං පජානාති. සඞ්ඛතං වෙදනං -පෙ- සඞ්ඛතං සඤ්ඤං -පෙ- සඞ්ඛතෙ සඞ්ඛාරෙ -පෙ- සඞ්ඛතං විඤ්ඤාණං සඞ්ඛතං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.
Sinhala BJTසංඛත වූ රූපය සංඛත වූ රූප යයි තතු සේ දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය සංඛත වූ විඥාන යයි තතු සේ දනී.
Pali BJTවධකං රූපං වධකං රූපන්ති යථාභූතං පජානාති. වධකං වෙදනං -පෙ- වධකං සඤ්ඤං -පෙ- වධකෙ සඞ්ඛාරෙ -පෙ- වධකං විඤ්ඤාණං වධකං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.
Sinhala BJTවධක වූ රූපය වධක වූ රූප යයි තතු සේ දනියි, වධක වූ වේදනාව ... වධක වූ සංඥාව ... වධක වූ සංස්කාර ... වධක වූ විඥානය වධක වූ විඥානය යයි තතු සේ දනී.
Pali BJTසො රූපං න උපෙති, න උපාදියති, න අධිට්ඨාති, අත්තා මෙති. වෙදනං න උපෙති -පෙ- සඤ්ඤං න උපෙති -පෙ- සඞ්ඛාරෙ න උපෙති -පෙ- විඤ්ඤාණං න උපෙති, න උපාදියති, න අධිට්ඨාති අත්තා මෙ’ති. තස්සිමෙ පඤ්චුපාදානක්ඛන්ධා අනුපෙතා අනුපාදින්නා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්තීති.
Sinhala BJTහේ රූපය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. වේදනාව (මාගේ ආත්මය යි) නො පැමිණෙයි ... සංඥාව නො පැමිණෙයි ... සංස්කාරයන් නො පැමිණෙයි ... විඥානය මාගේ ආත්මය යි නො පැමිණෙයි. දැඩි වැ නො ගනියි, නො පිහිටයි. ඔහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපගත නො වූවාහු දැඩි වැ නො ගන්නා ලද්දාහු දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස පවතිත් යයි.
Pali BJTඑවමෙතං{1} ආවුසො සාරිපුත්ත හොති. යෙසං ආයස්මන්තාදිසා{2} සබ්රහ්මචාරිනො අනුකම්පකා අත්ථකාමා ඔවාදකා අනුසාසකා. ඉදඤ්ච පන මෙ ආයස්මතො සාරිපුත්තස්ස ධම්මදෙසනං සුත්වා අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තන්ති.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රනි, යම් කෙනකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති ඔවදන් දෙන අනුශාසන කරන ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් තෙල මෙසේ වෙයි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ ධර්‍මදේශනාව අසා මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ යයි.
Pali BJTඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනො ආයස්මා යමකො ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දීති.{3}
Sinhala BJTආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ආයුෂ්මත් යමක ස්ථවිර තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.
Pali BJT1. 2. 4. 4.
Sinhala BJT1. 2. 4. 4.
Pali BJTඅනුරාධ සුත්තං
Sinhala BJTඅනුරාධ සූත්‍රය
Pali BJT86. එවං මෙ සුතං{4} එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරාධො භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරති. අථ ඛො සම්බහුලා අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙන ආයස්මා අනුරාධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරාධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං එතදවොචුං:
Sinhala BJT86. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙන් වන කිළියෙකැ වෙසෙති. එකලැ බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු:
Pali BJTයො සො ආවුසො අනුරාධ, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: හොති තථාගතො පරම්මරණා’ති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා’ති.
Sinhala BJTඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පැමිණිය යුතු උතුම් ඵලයට පැමිණ යම් ඒ තථාගත (සත්ත්‍වයෙක්) වේ ද, ඒ ( තථාගත සංඛහත ) සත්ත්‍වයා (ඔබගේ ශාස්තෘ වූ) තථාගතයෝ මේ සතර තන්හි ලා පනවන්නාහු පනවත් ද? (කවර සතර තැනෙකැ යත්:) “සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා අනුරාධො{5} තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොච: “යො සො ආවුසො තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තං තථාගතො අඤ්ඤත්රිමෙහි{6} චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණා’ති වා, ‘න හොති තථාගතො පරම්මරණා’ති වා ‘හොති ච න ච හොති තථාගතො පරම්මරණා’ති වා ‘නෙ’ව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ ඒ පිරිවැජ්ජනට තෙල කීහ: ඇවැත්නි, යම් ඒ උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම් ඵලයට පැමිණි යම් සත්ත්‍ව වේ ද, (අපගේ ශාස්තෘ වූ) තථාගතයන් වහන්සේ ඒ සත්ත්‍වයා පනවනසේක් “සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ, සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ” යන මේ සතර තැන් හැර පනවති යි.
Pali BJTඑවං වුත්තෙ තෙ{7} අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං එතදවොචුං: “සො චායං භික්ඛු නවො භවිස්සති. අචිරපබ්බජිතො, ථෙරො වා පන බාලො අව්යත්තො”ති.
Sinhala BJTමෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජියෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්හට තෙල කීහු: “මෙ මහණ නවකයෙක් පැවිදි වැ නො බෝ කල් ඇත්තෙක් වන්නේය, (නැතහොත්) ස්ථවිර වූයේ බාලයෙක් අව්‍යක්තයෙක් හෝ වන්නේ යි”.
Pali BJTඅථ ඛො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං නවවාදෙන ච බාලවාදෙන ච අපසාදෙත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මතො අනුරාධස්ස අචිරපක්කන්තෙසු තෙසු අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු එතදහොසි:
Sinhala BJTඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට නවකවාදයෙන් බාල වාදයෙන් අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරුන්හට ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි තෙල අදහස විය:
Pali BJT“සචෙ ඛො මං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා උත්තරිං පඤ්හං පුච්ඡෙය්යුං. කථං බ්යාකරමානො නු ඛො’හං{1} තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං වුත්තවාදී චෙව භගවතො අස්සං, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යං, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යං, න ච කොචි සහධම්මිකො වාදානුවාදො{2} ගාරය්හං ඨානං ආගච්ඡෙය්යා”ති.
Sinhala BJT“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජියනට මම් කෙසේ විසඳා කියන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ( ලොව්තුරු) දහමට අනුලොම් වූ (පිළිවෙත්) දහමක් පවසන්නෙම් ද, කරුණු සහිත වූ කිසි යම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණේදැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා අනුරාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරාධො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකැත්පස් වැ හුන්හ. එකැත්පස් වැ හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ.
Pali BJT“ඉදාහං භන්තෙ, භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරාමි. අථ ඛො භන්තෙ සම්බහුලා අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙනාහං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං එතදවොචුං:
Sinhala BJTවහන්ස, මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන පන්සලකැ වෙසෙමි. එකල්හි වහන්ස, බොහෝ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙතැ එළැඹියහ. එළැඹ මා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ඒ අන්තොටු පිරිවැජියෝ මට තෙල කීහු:
Pali BJTයො සො ආවුසො, අනුරාධ, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණාති වා. -පෙ- “නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
Sinhala BJT“ඇවැත් අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණ යම් ඒ සත්ත්‍ව වේ ද, ඒ (යුෂ්මත් ශාස්තෘ වූ) තථාගතයෝ ඒ සත්ත්‍වයා මෙ සතර තන්හි ලා පනවන්නාහු ‘සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ පනවත්දැ”යි?
Pali BJTඑවං වුත්තා’හං භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොචං: “යො සො ආවුසො, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණා”ති වා -පෙ- “නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
Sinhala BJTමෙසේ කීකල්හි වහන්ස, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට තෙල කීමි: “ඇවැත්නි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණ යම් සත්ත්‍ව වේ ද, අස්මත් ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ ඒ සත්ත්‍වයා පනවන්නාහු සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ ... සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි නො ද නො වෙයි හෝ යන මේ සතර තැන හැර පනවනසේකැ”යි.
Pali BJTඑවං වුත්තෙ භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං එතදවොචුං: “සො චා’යං භික්ඛු නවො භවිස්සති අචිරපබ්බජිතො ථෙරො වා පන බාලො අබ්යත්තො”ති.
Sinhala BJTවහන්ස, මෙසේ කීකල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට තෙල කීහු: “ඒ මේ මහණ නවකයෙක්, පැවිදි වූ නොබෝ කල් ඇත්තෙක් වන්නේය, ස්ථවිර වූයේ බාලයෙක් අව්‍යක්තයෙක් වන්නේ හෝ යි”.
Pali BJTඅථ ඛො මං භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා නවවාදෙන බාලවාදෙන ච අපසාදෙත්වා උට්ඨායාසනා පක්කමිංසු. තස්ස මය්හං භන්තෙ, අචිරපක්කන්තෙසු තෙසු අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු එතදහොසි:
Sinhala BJTවහන්ස, ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුදු බාලවාදයෙනුදු මට අවමන් කොට හුනස්නෙන් නැගැ ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් බැහැරැ වැ ගිය නොබෝ කල්හි ඒ මට මේ සිත විය:
Pali BJT“සචෙ ඛො මං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා උත්තරිං පඤ්හං පුච්ඡෙය්යුං, කථං බ්යාකරමානො නු ඛො’හං තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං වුත්තවාදී චෙව භගවතො අස්සං. න ච භගවන්තං අබ්භාචික්ඛෙය්යං. ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යං, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යා”ති.
Sinhala BJT“ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතුයෙහි මා පැන පුළුවුස්නාහු නම් ඒ අන්තොටු පිරිවැජ්ජනට කෙසේ විසඳා කියන මම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙකිම් වෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නුගුණ කියන්නෙකිම් වෙම් ද, ලොව්තුරු දහමට අනුලොම් වූ පිළිවෙත් දහමක් කියන්නෙම් ද, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණට නො ද පැමිණෙන්නේදැ”යි.
Pali BJTතං කිං මඤ්ඤසි අනුරාධ, “රූපං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ.
Sinhala BJTඅනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද: “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද”? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට සුදුසු ද”? වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනා ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත්නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යි දක්නට නිසි ද”? වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTතස්මාතිහ අනුරාධ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවං පස්සං අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTඑහෙයින් අනුරාධය, මෙහි ලා අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රුපයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රුපයකුත් වේ ද, (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ තෙල ඇතිසැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද ... යම් කිසි සංස්කාර වේ ද ... අතීත-අනාගත-පච්චුප්පන්න අජ්ඣත්ත වේවයි බාහිර වේව්යි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි පණීත වේවයි යම් කිසි විඥානයකුත් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් විඥානයකුත් වේ ද, (ඒ) සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” මෙසේ තෙල යථාභූත කොට විදර්‍ශනාඥානයෙන් දැක්කයුතු. මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි. ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දැනගනී.
Pali BJTතං කිං මඤ්ඤසි අනුරාධ, “රූපං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං තථාගතො’ති සමනුපස්සසීති. නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද? රූපය සත්ත්‍ව යි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTතං කිං මඤ්ඤසි අනුරාධ, රූපස්මිං තථාගතොති සමනුපස්සසීති. නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද? රූපයෙහි සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTඅඤ්ඤත්ර රූපා තථාගතො’ති සමනුපස්සසී”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTරූපයෙන් බැහැරැ සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTවෙදනාය -පෙ- අඤ්ඤත්ර වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- අඤ්ඤත්ර සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- අඤ්ඤත්ර සඞ්ඛාරෙහි -පෙ- විඤ්ඤාණස්මිං “තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවේදනායෙහි ... වේදනායෙන් බැහැරැ ... සංඥායෙහි ... සංඥායෙන් බැහැරැ ... සංස්කාරයන්හි ... සංස්කාරයෙන් බැහැරැ ... විඥානයෙහි සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTඅඤ්ඤත්ර විඤ්ඤාණා තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවිඥානයෙන් බැහැරැ සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි අනුරාධ, රූපං - වෙදනා - සඤ්ඤා - සඞ්ඛාරා - විඤ්ඤාණං තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධය, ඒ කිමෙකැයි හඟිහි ද, රූපය-වේදනාව-සංඥාව-සංස්කාර-විඥානය සත්ත්‍ව වේ යයි දකිහි ද? වහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTතං කිම්මඤ්ඤසි අනුරාධ, අයං සො අරූපී අවෙදනො අසඤ්ඤී අසඞ්ඛාරො අවිඤ්ඤාණො තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධය, ඒ කිමැයි හඟිහි ද? රූප නොවූ වේදනා නොවූ සංඥා නොවූ සංස්කාර නොවූ විඥාන නොවූ මේ පුද්ගල සත්ත්‍ව යි දකිහි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඑත්ථ ච තෙ අනුරාධ, දිට්ඨෙව ධම්මෙ සච්චතො ථෙතතො තථාගතෙ අනුපලබ්භියමානෙ{1} කල්ලන්නු තෙ තං ව්යාකරණං “යො සො ආවුසො, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය{2} “හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණා’ති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධය මෙහි ලා මේ අත්බැව්හි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තොපට සත්ත්‍වයකු නො ලැබෙන කල්හි “ඇවැත්නි උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ පරමප්‍රාප්තියට පැමිණි යම් ඒ තථාගත (සත්ත්‍ව) වේ නම් තථාගතයෝ ඒ සත්ත්‍වයා පනවන්නාහු සත්ත්‍ව මරණින් මතු වෙයි හෝ සත්ත්‍ව මරණින් මතු නො වෙ යි හෝ සත්ත්‍ව මරණින් මතු වෙයි නො ද වෙයි හෝ සත්ත්‍ව මරණින් මතු නො ද වෙයි, නො ද නො වෙ යි හෝ යන මේ සිවු තැනින් වෙන් ව පනව ති” යි තොපගේ ඒ විසඳීම නිසි ද? වහන්ස තෙල නො වේ මැ යි.
Pali BJTසාධු සාධු අනුරාධ, පුබ්බෙ චාහං අනුරාධ, එතරහි ච දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි දුක්ඛස්ස ච නිරොධන්ති.
Sinhala BJTඅනුරාධය, මැනැවි මැනැවි. අනුරාධය පෙරදු දැනුදු මම් දුඃඛයත් දුඃඛනිරෝධයත් පනවමියි.
Pali BJT1. 2. 4. 5.
Sinhala BJT1. 2. 4. 5.
Pali BJTවක්කලි සුත්තං
Sinhala BJTවක්කලි සූත්‍රය
Pali BJT87. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා වක්කලි කුම්භකාරනිවෙසනෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො.
Sinhala BJT87. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු කුඹල් කම්හලෙහි වැඩ වෙසෙති.
Pali BJTඅථ ඛො ආයස්මා වක්කලි උපට්ඨාකෙ ආමන්තෙසි: එථ තුම්හෙ ආවුසො, යෙන භගවා තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ. වක්කලි භන්තෙ භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතීති. එවඤ්ච වදෙථ ‘සාධු කිර භන්තෙ, භගවා යෙන වක්කලි භික්ඛු තෙනුපසඞ්කමතු, අනුකම්පං උපාදායා”’ති.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ: ඇවැත්නි, එව, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙ වු. එළැඹැ “වහන්ස වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳිවු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවි යි. මෙසේත් කියවු” යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: වක්කලි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති “සාධු කිර භන්තෙ, භගවා යෙන වක්කලි භික්ඛු තෙනුපසඞ්කමතු, අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරණුවන්ට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාගවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් ආබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි ගිලන් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳී, මෙසේත් කිය යි: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස වක්කලි මහණහු වෙත එළඹෙනසේක් නම් මැනැවි” යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
Pali BJTඅථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනායස්මා වක්කලි තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා වක්කලි භගවන්තං දූරතොව ආගච්ඡන්තං දිස්වාන මඤ්චෙන සමඤ්චොසි.{1}
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ වඩන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ ධරූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං වක්කලිං එතදවොච: “අලං වක්කලි, මා ත්වං මඤ්චෙන සමඤ්චොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමී”ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං වක්කලිං එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට තෙල වදාළසේක: “වක්කලි කම් නැත, තෙපි ඇඳෙන් නැගී සිටීමට නහමක් උත්සාහ ධරව. මෙ පනවනලද අසුන් ඇත, මම් එහි හිඳිමි”යි භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුන්හි හුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ආයුෂ්මත් වක්කලි තෙරුන්හට තෙල වදාළසේක:
Pali BJTකච්චි තෙ වක්කලි, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි තෙ දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
Sinhala BJT“වක්කලි කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි? කිම, දුක් වේදනා අඩු වේ ද, වැඩි නො වේ ද? මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැනෙයි ද, වැඩිවීම නො පැනේ ද?”
Pali BJTන මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJT“වහන්ස මට නො සැහිය හැක්කැ, නො යැපිය හැකි. මාගේ දැඩි දුක් වේදනා වැඩිවෙයි, අඩු නො වේ. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, නැවැත්ම නො පැනේ යි.
Pali BJTකච්චි තෙ වක්කලි, න කිඤ්චි කුක්කුච්චං න කොචි විප්පටිසාරොති? තග්ඝ මෙ භන්තෙ, අනප්පකං කුක්කුච්චං අනප්පකො විප්පටිසාරොති.
Sinhala BJTවක්කලි කිම තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? වහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්ප යයි.
Pali BJTකච්චි පන තං වක්කලි, අත්තා සීලතො න උපවදතීති? න ඛො මං භන්තෙ, අත්තා සීලතො උපවදතීති.
Sinhala BJTවක්කලි කිම තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ ද? වහන්ස, තෙමේ මට ශීලයෙන් උපවාද නො කෙරේ යයි.
Pali BJTනො චෙ කිර තං වක්කලි, අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච{2} තෙ කුක්කුච්චං කො ච විප්පටිසාරොති? චිරපටිකාහං භන්තෙ, භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො. නත්ථි ච මෙ කායස්මිං තාවතිකා බලමත්තා, යාවතාහං{3} භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යන්ති.
Sinhala BJTවක්කලි , ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිම, විපිළිසර කිම? වහන්ස, මම බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙනු කැමැත්තෙමි. යම්තාක් මම භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නේ නම් එපමණකුත් බලමාත්‍රයෙක් ම සිරුරෙහි නැති.
Pali BJTඅලං වක්කලි, කිං තෙ ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලි, ධම්මං පස්සති සො මං පස්සති. යො මං පස්සති සො ධම්මං පස්සති. ධම්මං හි වක්කලි, පස්සන්තො මං පස්සති. මං පස්සන්තො ධම්මං පස්සති. තං කිං මඤ්ඤසි වක්කලි, “රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවක්කලිය, කම් නැත. මේ කුණු කය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්‍මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්‍මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමෙකැයි හඟිවු ද: රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? යි. වහන්ස, දුක් ය.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය “තෙල මගේ ය, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දක්නට සුදුසු දැ යි? වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා - සඞ්ඛාරා - විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ -පෙ- එසො මෙ අත්තාති? නො හෙතං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි වහන්ස, අනිත්‍ය ය ... තෙල මාගේ ආත්ම යි (දක්නට සුදුසු දැ යි?) වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTතස්මා තිහ වක්කලි -පෙ- එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTවක්කලිය, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං වක්කලිං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා යෙන ගිජ්ඣකූටො පබ්බතො තෙන පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගී ගිජුකුළුපව්ව වෙත වැඩම කළ සේක.
Pali BJTඅථ ඛො ආයස්මා වක්කලි අචිරපක්කන්තස්ස භගවතො උපට්ඨාකෙ ආමන්තෙසි: “එථ මං ආවුසො, මඤ්චකං ආරොපෙත්වා යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමථ. කථං හි නාම මාදිසො අන්තරඝරෙ කාලං කත්තබ්බං මඤ්ඤෙය්යා”ති.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ කල්හි උපස්ථායකයන් ඇමතූහ. ඇවැත්නි, එවූ. මා ඇඳකට නංවා ගෙන ඉසිගිලිපැස කළුගල්තලාව වෙත එළඹෙවු. කෙසේ මා වන්නෙක් ඇතුළුගම් කලුරිය කළයුතු කොට හඟනේ දැ’යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා ආයස්මන්තං වක්කලිං මඤ්චකං ආරොපෙත්වා යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිංසු.
Sinhala BJTඇවැත්නි, එසේ යයි, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳකට නංවාගෙන ඉසිගිලි පස කළුගල්තලාව වෙත එළැඹියහ.
Pali BJTඅථ ඛො භගවා තඤ්ච රත්තිං තඤ්ච දිවසාවසෙසං ගිජ්ඣකූටෙ පබ්බතෙ විහාසි.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ රැයත් ඉතිරි දහවලත් ගිජිකුළු පව්වෙහි විසූ සේක.
Pali BJTඅථ ඛො ද්වෙ දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවන්තං එතදවොච: වක්කලි භන්තෙ, භික්ඛු විමොක්ඛාය චෙතෙතී’ති. අපරා දෙවතා භගවන්තං එතදවොච: “සො හි නූන භන්තෙ,{1} සුවිමුත්තො විමුච්චිස්සතී’ති, ඉදමවොචුං. තා දෙවතායො ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු.
Sinhala BJTඉක්බිති රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්‍ණ ඇති දේවතාවෝ දෙදෙනෙක් මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස වක්කලි මහණ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා ය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ”යයි තෙල සැල කළේය. ඒ දේවතාවෝ මෙය කීහ. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු ලෝට එහි ම අතුරුදහන් වූහු.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: “එථ තුම්හෙ භික්ඛවෙ, යෙන වක්කලි භික්ඛු තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා වක්කලිං භික්ඛුං එවං වදෙථ: “සුණාවුසො{2} වක්කලි, භගවතො වචනං ද්වින්නඤ්ච දෙවතානං. ඉමං ආවුසො රත්තිං ද්වෙ දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො ආවුසො එකා දෙවතා භගවන්තං එතදවොච: “වක්කලි භන්තෙ, භික්ඛු විමොක්ඛාය චෙතෙතී”ති. අපරා දෙවතා භගවන්තං එතදවොච: “සො හි නූන භන්තෙ{2} සුවිමුත්තො විමුච්චිස්සතී”ති. භගවා ච තං ආවුසො වක්කලි, එවමාහ. “මා භායි වක්කලි, අපාපකං තෙ මරණං භවිස්සති අපාපිකා කාලකිරියා”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, එව තෙපි වක්කලි මහණ වෙත එළඹෙවු. එළඹ වක්කලි මහණහට මෙසේ කියවු: ඇවැත්නි, වක්කලිය, භාග්‍යවතුන් වහන්සේගේ ද දෙවියන් දෙදෙනකුන්ගේ ද වදන් අසව. ඇවැත්නි, මේ රැය, මනහර ඡවිවර්‍ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ තෙමේ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා” යයි මෙය සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ” යයි මෙය සැලකළේය. ඇවැත්නි වක්කලි භාග්‍යවතුන් වහන්සේ ද තොපට “වක්කලි නහමක් බිය වවු. වක්කලි නහමක් බිය වවු. තොපගේ මරණය අලාමක වන්නේ ය. ක්‍රියාවාද අල්ල්මක වන්නී යයි මෙසේ වදාළ සේකැ” යි.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා යෙනායස්මා වක්කලි තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා ආයස්මන්තං වක්කලිං එතදවොචුං: “සුණාවුසො වක්කලි,{3} භගවතො වචනං ද්වින්නඤ්ච දෙවතාන”න්ති.
Sinhala BJTවහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් වක්කලි තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් වක්කලි තෙරුන්ට “ඇවැත්නි, වක්කලිය, භාග්‍යවතුන් වහන්සේගේත් දෙවියන් දෙදෙනකුන්ගේත් වදන් අසව” යි තෙල කීහු.
Pali BJTඅථ ඛො ආයස්මා වක්කලි උපට්ඨාකෙ ආමන්තෙසි: “එථ මං ආවුසො, මඤ්චකා ඔරොපෙථ. කථං හි නාම මාදිසො උච්චෙ ආසනෙ නිසීදිත්වා තස්ස භගවතො සාසනං සොතබ්බං මඤ්ඤෙය්යා”ති.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. ඇවැත්නි, එවු මා ඇඳෙන් බස්වවු, කෙසේ නම් මා වැනියෙක් උසසුනෙක හිඳ ඒ භාග්‍යවතුන් වහන්සේගේ හසුන් ඇසිය යුතු කොට හඟනේ දැ?යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා ආයස්මන්තං වක්කලිං මඤ්චකා ඔරොපෙසුං.
Sinhala BJTඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී ආයුෂ්මත් වක්කලි තෙරුන් ඇඳෙන් බැස්වූහ.
Pali BJTඉමං ආවුසො රත්තිං ද්වෙ දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු, එකමන්තං ඨිතා ඛො ආවුසො, එකා දෙවතා භගවන්තං එතදවොච: “වක්කලි භන්තෙ, භික්ඛු විමොක්ඛාය චෙතෙතී”ති. අපරා දෙවතා භගවන්තං එතදවොච: ‘සො හි නූන භන්තෙ, සුවිමුත්තො විමුච්චිස්සතී”ති. භගවා ච තං ආවුසො වක්කලි, එවමාහ: “මා භායි වක්කලි, මා භායි වක්කලි, අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා කාලකිරියා”ති.
Sinhala BJTඇවැත්නි, මේ රැය, මනහර ඡවිවර්‍ණ ඇති දෙවියෝ දෙදෙනෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළු පව්ව බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ඇවැත්නි, එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, වක්කලි මහණ මාර්‍ගවිමෝක්‍ෂය පිණිස සිතා ය”යි තෙල සැලකළේ ය. අනෙක් දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙතෙමේ ඒකාන්තයෙන් අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්තව මිදෙන්නේ ය”යි තෙල සැලකළේය. ඇවැත්නි වක්කලිය, භාග්‍යවතුන් වහන්සේත් තොපට “වක්කලි නහමක් බිය වවු. වක්කලි නහමක් බිය වවු. තොපගේ මරණය අලාමක වන්නේ ය. ක්‍රියාවාද අලාමක වන්නී ය”යි මෙසේ වදාළ සේකැ යි.
Pali BJTතෙනහාවුසො මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ. “වක්කලි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති{1}: “රූපං අනිච්චං තාහං භන්තෙ, න කඞ්ඛාමි “යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමි. වෙදනා අනිච්චා. තාහං භන්තෙ, න කඞ්ඛාමි. -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං තාහං භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වා”ති න විචිකිච්ඡාමී”’ති.
Sinhala BJTඇවැත්නි, එසේ වී නම් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල හිසින් වඳිවු. “වහන්ස වක්කලි මහණ හටගත් අබාධ ඇත්තේ දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පා සඟළ හිසින් වඳියි. මෙසේත් කියයි: (කෙසේ යැ යත්:) රූපය අනිත්‍යය. වහන්ස මම් එය සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි. වේදනාව අනිත්‍ය ය. වහන්ස මම් එය සැක නො කරමි ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය ය. වහන්ස මම් එය සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන ස්වභාව ඇත්තේ නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි”යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො වක්කලිස්ස පටිස්සුත්වා පක්කමිංසු.
Sinhala BJTඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වක්කලි තෙරුන්ට පිළිතුරු දී නික්මැ ගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා වක්කලි අචිරපක්කන්තෙසු තෙසු භික්ඛූසු සත්ථං ආහරෙසි.{2}
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වක්කලි තෙරණුවෝ ඒ භික්‍ෂූන් ගිය නො බෝ කල්හි සැතකින් ගලනළ සිඳගත්හ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: වක්කලි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති, එවඤ්ච වදෙති: රූපං අනිච්චං. තාහං භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමි. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං. තාහං භන්තෙ, න කඞ්ඛාමි. යදනිච්චං තං දුක්ඛන්ති න විචිකිච්ඡාමි. යදනිච්චං දුක්ඛං විපරිණාමධම්මං නත්ථි මෙ තත්ථ ඡන්දො වා රාගො වා පෙමං වාති න විචිකිච්ඡාමීති.
Sinhala BJTඑ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, වක්කලි මහණ හටගත් අබාධ ඇත්තේ ය. දුඃඛිත වූයේ දැඩි සේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳියි. මෙසේත් කියයි: රූපය අනිත්‍යය. එය මම සැක නො කරමි. යමෙක් අනිත්‍ය නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැ යි සැක නො කරමි. වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥාන අනිත්‍ය යැ. වහන්ස, එය මම සැක නො කරමි. යමෙක් අනිත්‍ය වී නම් එය දුකැ යි විචිකිච්ඡා නො කරමි. යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එහි මාගේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නැතැයි සැක නො කරමි”යි.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. ආයාම භික්ඛවෙ, යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිස්සාම. යත්ථ වක්කලිනා කුලපුත්තෙන සත්ථං ආහරිතන්ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම්හ වක්කලි කුලපුතු විසින් යම් තැනෙක දී සැතෙකින් ගලනල සිඳ ගන්නා ලද ද, ඒ ඉසිගිලිපස කළුගල් තලාව වෙත එළඹෙන්නෙමු යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං වක්කලිං දූරතොව මඤ්චකෙ විවත්තක්ඛන්ධං සෙමානං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපස කළුගල්තලාව වෙත එළැඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුණු කඳ ඇති ව ඇඳෙහි හෝනා ආයුෂ්මත් වක්කලි තෙරහු දුර දී ම දුටු සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අධො, ගච්ඡති{1} අනුදිසං.
Sinhala BJTඑ සමයෙහි දුමනබවෙක් අඳුරුබවෙක් පෙරදිගට යේ ම ය. පැසුළුදිගට යෙයි. උතුරු දිගට යෙයි. දකුණු දිගට යෙයි. උඩට යෙයි. යටට යෙයි. අනුදිගට යෙයි.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං{2} ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අධො, ගච්ඡති අනුදිසන්ති? එවං භන්තෙ.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්න්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි පෙරදිගට යන පැළදිගට යන උතුරු දිගට යන දකුණු දිගට යන උඩට යන යටට යන අනුදිගට යන මේ දුමනබව අඳුරුබව දකිවු ද? වහන්ස, එසේ යැ.
Pali BJTඑසො ඛො භික්ඛවෙ, මාරො පාපිමා වක්කලිස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං සමන්වෙසති, කත්ථ වක්කලිස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං පතිට්ඨිතන්ති.
Sinhala BJTමහණෙනි, තෙල පවිටු මරු ය. වක්කලි කුලපුතුගේ විඥානය කොහි පිහිටියේ දැ යි, වක්කලි කුලපුතුගේ විඥානය සොයයි.
Pali BJTඅප්පතිට්ඨිතෙන ච භික්ඛවෙ, විඤ්ඤාණෙන වක්කලි කුලපුත්තො පරිනිබ්බුතොති.
Sinhala BJTමහණෙනි, වක්කලි කුලපුත් නො පිහිටි විඥානයෙන් පිරිනිවියේ යි වදාළසේක.
Pali BJT1. 2. 4. 6.
Sinhala BJT1. 2. 4. 6.
Pali BJTඅස්සජි සුත්තං
Sinhala BJTඅස්සජි සූත්‍රය
Pali BJT88. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අස්සජි කස්සපකාරාමෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො.
Sinhala BJT88. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුඃඛිත වූවාහු දැඩි සේ ගිලන් වූවාහු කස්සපකාරාමයෙහි (කසුප් සිටු විසින් කරවන ලද අරම්හි) වැඩවෙසෙති.
Pali BJTඅථ ඛො ආයස්මා අස්සජි උපට්ඨාකෙ ආමන්තෙසි “එථ තුම්හෙ ආවුසො යෙන භගවා තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දථ “අස්සජි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී”ති. එවඤ්ච වදෙථ: “සාධු කිර භන්තෙ, භගවා යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො අස්සජිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: අස්සජි භන්තෙ, භික්ඛු ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති. එවං ච{3} වදෙති. සාධු කිර භන්තෙ, භගවා යෙන අස්සජි භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ උපස්ථායකයන් ඇමතූහ. “ඇවැත්නි, එවු, තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළබෙවු: “වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුකට පැමිණියේ යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළුවන් දොහොත් මුදුන් තබා වඳී යයි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් දොහොත් මුදුන් තබා වඳිවු. මෙසේත් කියවු “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ”යි. ඇවැත්නි, එසේ යයි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අස්සජි තෙරුන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අස්සජි මහණ අබාධ ඇත්තේ යැ. දුඃඛිත යැ දැඩිසේ ගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිස් මුදුනින් වඳියි. මෙසේත් කියයි: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස අස්සජි මහණහු වෙත එළඹෙන සේක් නම් මැනැවැ යි. භාග්‍යවතුන් වහන්සේ මුවින් නො බැණ ඉවසූ සේක.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා අස්සජි තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා අස්සජි භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චෙන සමඤ්චොසි.{1}
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්කල ඵලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් අස්සජි තෙරුන් වෙත එළඹිසේක. ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක ඇඳෙන් නැගී සිටීමට උත්සාහ දරන අයුරක් දැක්වූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං අස්සජිං එතදවොච: අලං අස්සජි, මා ත්වං මඤ්චෙන සමඤ්චොසි. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං අස්සජිං එතදවොච: “කච්චි තෙ අස්සජි ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො’ති?
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කම් නැත. තෙපි ඇඳෙන් නැගී සිටීමට උත්සාහ නො දරවු. පනවන ලද මේ අසුන් ඇත. මම් එහි හිඳින්නෙමි” යි. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක, වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අස්සජි තෙරුන්ට තෙල වදාළ සේක: “අස්සජි, කිම. තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙත්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පැනෙයි ද? වැඩීම නො පැනේ දැ යි?
Pali BJTන මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දුක් වේදනාවෝ වැඩෙති. නො පිරිහෙති. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පැනෙයි, පිරිහීම නො පැනේ යි.
Pali BJTකච්චි තෙ අස්සජි න කිඤ්චි කුක්කුච්චං න කොචි විප්පටිසාරොති?
Sinhala BJTඅස්සජිය කිම? තොපට කිසියම් කුකුසෙක් නැද්ද? කිසියම් විපිළිසරෙක් නැද්ද? යි.
Pali BJTතග්ඝ මෙ භන්තෙ, අනප්පකං කුක්කුච්චං අනප්පකො විප්පටිසාරොති.
Sinhala BJTවහන්ස, මට ඒකාන්තයෙන් කුකුස් අනල්ප ය, විපිළිසර අනල්පය යි.
Pali BJTකච්චි පන තං අස්සජි, අත්තා සීලතො න උපවදතීති?
Sinhala BJTඅස්සජි කිම, තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි?
Pali BJTන ඛො මං භන්තෙ, අත්තා සීලතො උපවදතීති.
Sinhala BJTවහන්ස, මට ශීලයෙන් උපවාද නො කෙරේ ය යි.
Pali BJTනො චෙ කිර තං අස්සජි අත්තා සීලතො උපවදති, අථ කිඤ්ච තෙ කුක්කුච්චං, කො ච විප්පටිසාරොති?
Sinhala BJTඅස්සජිය, ඉඳින් තෙමේ තොපට ශීලයෙන් උපවාද නො කෙරේ නම් එ කල්හි තොපගේ කුකුස කිමෙක් ද? විපිළිසර කිමෙක් දැ? යි.
Pali BJTපුබ්බෙ ඛ්වාහං භන්තෙ, ගෙලඤ්ඤෙ{2} පස්සම්භෙත්වා කායසඞ්ඛාරෙ විහරාමි,{3} සොහං{4} තං සමාධිං නප්පටිලභාමි. තස්ස මය්හං භන්තෙ, තං සමාධිං අප්පටිලභතො එවං හොති “නො ච ඛ්වාහං පරිහායාමී{4}ති.
Sinhala BJTවහන්ස, පෙර මම ගිලන්බැව්හි කායසංඛාරයන් (අස්සාස පස්සාස දෙක) සන්හිඳුවා වෙසෙමි. මම ඒ සමාධිය නො පිළිලබමි. වහන්ස, ඒ සමාධිය නොපිළි ලබන මට “මම නො ද පිරිහෙම් දැ?”යි මෙ බඳු සිතෙක් වෙයි.
Pali BJTයෙ තෙ අස්සජි, සමණබ්රාහ්මණා සමාධිසාරකා සමාධි සාමඤ්ඤා තෙසං තං සමාධිං අප්පටිලභතං එවං හොති “නො චස්සු මයං පරිහායාමා”ති.
Sinhala BJTඅස්සජි, සමාධිය සාර කොට ඇති සමාධිය ශ්‍රමණ බව කොට ඇති යම් ඒ මහණ බමුණෝ වෙත් නම් ඒ සමාධිය නො පිළිලබන ඔවුන්ට “අපි පිරිහෙන්නමෝ නො වමු දැ”යි මෙ බඳු සිතෙක් වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සජි, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTඅස්සජි, ඒ කිමෙකැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය ...