Pali BJTනා’පි එවං දිට්ඨි හොති. ‘සො අත්තා සො ලොකො, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මොති. නා’පි එවං දිට්ඨි හොති: “නො චස්සං නො ච මෙ සියා න භවිස්සාමි න මෙ භවිස්සතී”ති. අපි ච ඛො “කඞ්ඛී හොති වෙචිකිච්ඡී අනිට්ඨඞ්ගතො සද්ධම්මෙ”. යා ඛො පන සා භික්ඛවෙ, කඞ්ඛිතා වෙචිකිච්ඡිතා අනිට්ඨඞ්ගතතා සද්ධම්මෙ, සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා, තතොජො සො සඞ්ඛාරො. ඉති ඛො භික්ඛවෙ, සො’පි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සා’පි තණ්හා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. සා’පි වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. සො’පි ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සා’පි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවං පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොතීති.
Sinhala BJTමෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. “ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙනසුලු යෙමි” යි. මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. “ඉදින් මම නො වන්නෙම් නම් මට (පිරිකර ද) නො වන්නේ ය. (මම) මතු නො වන්නෙම් නම් මතු ද මට (පිරිකර) නො වන්නේ ය” යි. මෙබඳු දෘෂ්ටි ඇත්තේත් නො වෙයි. වැලි දු සැක කරනසුලු වූයේ විචිකිච්ඡා ඇත්තේ සදහම්හි නිමාවට නො ගියේ වෙයි. මහණෙනි, යම් ඒ සැක කරන සුලු බවෙක් විචිකිච්ඡා ඇති බවෙක් සදහම්හි නිමාවට නො ගිය බවෙක් වේ නම් එය සංස්කාරය යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත්, වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණාව උපන. ඒ සංස්කාර එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාරත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණාත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ වේදනාත් අනිත්‍ය ය, සංඛත, පටිච්චසමුප්පන්න ය. ඒ ස්පර්‍ශත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ අවිද්‍යාත් අනිත්‍ය ය, සංඛත ය, පටිච්චසමුප්පන්න යි. මහණෙනි, මෙසේත් දන්නා මෙසේත් දක්නා මහණහට අර්‍හන්මාර්‍ගඥානයට අනන්තර ව අර්‍හත්ඵලඥානය වේ යි.
Pali BJT1. 2. 3. 10.
Sinhala BJT1. 2. 3. 10.
Pali BJTපුණ්ණමාසුත්තං
Sinhala BJTපුණ්ණමා සූත්‍රය
Pali BJT82. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ්ණරසෙ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අජ්ඣොකාසෙ නිසින්නො හොති.
Sinhala BJT82. එක් සමයෙකැ, භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්‍වාරාම නම් මුවරමාපහයෙහි මහත් භික්‍ෂු සංඝයා සමඟ වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එදින උපෝසථය වූ පසළොස්වක් දිනයෙහි (මාස ආදිය පිරුණු බැවින්) පූර්‍ණ වූ සඳ යුත් රැයෙහි “බික්සඟන විසින් පිරිවරන ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “පුච්ඡෙය්යාහං භන්තෙ, භගවන්තං කිඤ්චිදෙව දෙසං, සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති.” “තෙන හි ත්වං භික්ඛු, සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසීති.”
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් හුනස්නෙන් නැගිට උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය: “වහන්ස, ඉඳින් මට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් පිළිවිසීමට අවකාශ දෙන සේක් නම් මම භාග්‍යවතුන් වහන්සේගෙන් කිසි දෙසක් (කරුණක්) විචාරන්නෙමි” යි. මහණ, එසේ වී නම් තෙපි සිය අසුන්හි හිඳ යමක් කැමැත්තහු විචාරව” යි.
Pali BJTඑවං භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා සකෙ ආසනෙ නිසීදිත්වා භගවන්තං එතදවොච: “ඉමෙ නු ඛො භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධොති”. “ඉමෙ ඛො භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා. සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධොති.
Sinhala BJTඒ මහණ “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සිය අසුන්හි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මොහු පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ ඔහු කවරහ යත්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි, මහණ, මොහු ම පඤ්චෝපාදානස්කන්‍ධයෝ ය. ඔහු කවරහ යත්, රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ’ යි.
Pali BJTසාධු භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි. “ඉමෙ ඛො පන භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා කිම්මූලකාති? “ඉමෙ ඛො භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා ඡන්දමූලකා”ති. “සාධු භන්තෙ”ති ඛො සො භික්ඛු
Sinhala BJTඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ”යි. මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ තෘෂ්ණාඡන්‍දය මුල් කොට ඇතියහ යි. ඒ මහණ, “වහන්ස, මැනැවැ” යි
Pali BJTභගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි: “තඤ්ඤෙව නු ඛො භන්තෙ, උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා උදාහු අඤ්ඤත්ර පඤ්චුපාදානක්ඛන්ධෙහි{1} උපාදානන්ති?” “න ඛො භික්ඛු, තඤ්ඤෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා න’පි අඤ්ඤත්ර පඤ්චුපාදානක්ඛන්ධෙහි{1} උපාදානං, අපි ච යො තත්ථ ඡන්දරාගො තං තත්ථ උපාදානන්ති.”
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, ඒ පඤ්චෝපාදානස්කන්‍ධ කෙතෙක් ඇද්ද උපාදානය එම වේ ද? නැතහොත් උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ දැයි? මහණ එම උපාදාන ඒ පඤ්චෝපාදානස්කන්‍ධ නො වේ යි, උපාදානය පඤ්චෝපාදානස්කන්‍ධ හැර සිටුනේ ද නො වෙයි. වැලිදු එහි යම් ඡන්‍ද රාගයෙක් වේ නම් එය එහි උපාදාන යි.
Pali BJTසාධු භන්තෙති, ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි: “සියා පන භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතාති? “සියා භික්ඛූති” භගවා අවොච. “ඉධ භික්ඛු එකච්චස්ස එවං හොති: එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති. එවං ඛො භික්ඛු, සියා පඤ්චුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතාති.
Sinhala BJTඒ මහණ “වහන්ස, මැනැවැ” යි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් කොට භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වන්නේ දැ යි? වන්නේය මහණ, යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, මෙහි ඇතැමකුට මෙසේ අදහසෙක් වෙයි: “මතුකල මෙබඳු රූ ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇතියෙකිම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇතියෙකිම් වෙමි යි. මහණ, මෙසේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ඡන්‍දරාගනානාත්‍වයෙක් වේ යි.
Pali BJT“සාධු භන්තෙ”ති ඛො{2} සො භික්ඛු -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි. “කිත්තාවතා නු ඛො භන්තෙ, ඛන්ධානං ඛන්ධාධිවචන”න්ති? යං කිඤ්චි භික්ඛු රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති රූපක්ඛන්ධො. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො. එත්තාවතා ඛො භික්ඛු, ඛන්ධානං ඛන්ධාධිවචනන්ති”.
Sinhala BJT“වහන්ස, මැනැවැ” යි ඒ මහණ මතුයෙහි පැනයක් විචාළේ ය. වහන්ස, ස්කන්‍ධයනට ස්කන්‍ධ ප්‍රඥප්තිය කෙතෙකින් වේ දැ යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේ වයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයකුත් ඇත්ද, මෙ රූපස්කන්‍ධ ය යි කියනු ලැබෙයි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වේවයි අනාගත වේවයි ප්‍රත්‍යුත්පන්න වේවයි අධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔෳදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මේ විඥානස්කන්‍ධ ය යි කියනු ලැබේ. මහණ ස්කන්‍ධයන්ට ස්කන්‍ධප්‍රඥාප්තිය මෙතෙකින් වේ යි.
Pali BJT“සාධු භන්තෙති” ඛො සො භික්ඛු -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි. “කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය? කො හෙතු කො පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායා”ති? චත්තාරො ඛො භික්ඛු, මහාභූතා හෙතු, චත්තාරො මහාභූතා පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු ඵස්සො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු ඵස්සො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. ඵස්සො හෙතු, ඵස්සො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය. නාමරූපං හෙතු නාමරූපං පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායා”ති.
Sinhala BJT“වහන්ස, මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද? වේදනාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, සංඥාස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ ද?, විඥානස්කන්‍ධ ප්‍රඥප්තියෙහි හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරෙ දැ යි? මහණ, රූපස්කන්‍ධයෙහි ප්‍රඥප්තියට සතර මහාභූතයෝ හේතුහ, සතර මහාභූතයෝ ප්‍රත්‍යයහ. වේදනා ස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය; ස්පර්‍ශඥාස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය ; සංස්කාරස්කන්‍ධ ප්‍රඥප්තියට ස්පර්‍ශය හේතු ය, ස්පර්‍ශය ප්‍රත්‍යය ය. විඥානස්කන්‍ධ ප්‍රඥප්තියට නාමරූප හේතු ය, නාමරූප ප්‍රත්‍යයයි.
Pali BJT“සාධු භන්තෙ”ති ඛො සො භික්ඛු -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි. “කථං නු ඛො භන්තෙ, සක්කායදිට්ඨි හොතීති? “ඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං
Sinhala BJTඒ මහණ “වහන්ස, මැනැව” යි ... මතු පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සත්කායදෘෂ්ටි වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන
Pali BJTසමනුපස්සති අත්තනි වා රූපං සමනුපස්සති රූපස්මිං වා අත්තානං සමනුපස්සති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං සමනුපස්සති අත්තනි වා විඤ්ඤාණං සමනුපස්සති විඤ්ඤාණස්මිං වා අත්තානං සමනුපස්සති. එවං ඛො භික්ඛු, සක්කායදිට්ඨි හොතී”ති.
Sinhala BJTතෙමේ රූපය ආත්ම වශයෙන් නුනුවණින් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි. රූපය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ දකියි, ආත්මය රූපයෙහි පිහිටියේ ය යි හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි. විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ දකියි. ආත්මය විඥානයෙහි පිහිටියේ ය යි හෝ දකී. මහණ, මෙසේ සත්කායදෘෂ්ටි වෙයි.
Pali BJT“සාධු භන්තෙ”ති, ඛො සො භික්ඛු -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි. “කථං පන භන්තෙ, සක්කායදිට්ඨි න හොතී”ති? “ඉධ භික්ඛු, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං සමනුපස්සති න අත්තනි වා රූපං සමනුපස්සති න රූපස්මිං වා අත්තානං සමනුපස්සති. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති න විඤ්ඤාණවන්තං වා අත්තානං සමනුපස්සති න අත්තනි වා විඤ්ඤාණං සමනුපස්සති න විඤ්ඤාණස්මිං වා අත්තානං සමනුපස්සති, එවං ඛො භික්ඛු, සක්කායදිට්ඨි න හොතීති.
Sinhala BJTඒ මහණ “වහන්ස, මැනැවැ” යි මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, කෙසේ නම් සක්කායදෘෂ්ටි නො වේ දැ යි? මහණ, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ සත්පුරිෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකියි, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. වේදනාව ... නො දකි ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය විඥානවත් කොට නො දකියි, ආත්මයෙහි විඥානය පවතී ය යි නො දකියි, විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. මහණ, මෙසේ සත්කායදෘෂ්ටි නො වේ යි.
Pali BJT“සාධු භන්තෙ”ති, ඛො සො භික්ඛු -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි: “කො නු ඛො භන්තෙ, රූපස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං, කො වෙදනාය -පෙ- කො සඤ්ඤාය -පෙ- කො සඞ්ඛාරානං -පෙ- කො විඤ්ඤාණස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති”?
Sinhala BJT“වහන්ස , මැනව” යි ඒ මහණ ... මතුයෙහි පැනයක් විචාළේ ය: වහන්ස, රූපයෙහි ආස්වාද කවරේ ද? ආදීනව කිමෙක් ද? නිස්සරණ කිමෙක් ද? වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්ගේ ... විඥානයෙහි ආස්වාද කවරෙ ද? ආදීනව කවරේ ද? නිස්සරණ කවරේ දැ? යි.
Pali BJT“යං ඛො භික්ඛු, රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපස්ස ආදීනවො. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං රූපස්ස නිස්සරණං. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාග විනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණං, යං සඤ්ඤං පටිච්ච -පෙ- යෙ සඞ්ඛාරෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං සඞ්ඛාරානං අස්සාදො. යෙ සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං සඞ්ඛාරානං ආදීනවො. යො සඞ්ඛාරෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං සඞ්ඛාරානං නිස්සරණං, යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං විඤ්ඤාණස්ස අස්සාදො. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං අයං විඤ්ඤාණස්ස ආදීනවො. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං විඤ්ඤාණස්ස නිස්සරණ”න්ති.
Sinhala BJTමහණ, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යි. යම් රූපයෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වනසුලු ද, මේ රූපයෙහි ආදීනව යි. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ නම් මේ රූපයෙහි නිස්සරණ යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වේදනාවෙහි ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවෙහි ආදීනව යි. වේදනායෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද මේ වේදනායෙහි නිස්සරණ යි. සංඥාව නිසා යම් ... සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වන සැහැවි ඇත් ද , මේ සංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්හි යම් ඡන්‍දරාගවිනයයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි. විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්වාද යි. යම් විඥානයෙක් අනිත්‍ය ද, දුක් ද, වෙනස් වන සැහැවි ඇත් ද , මේ විඥානයාගේ ආදීනව යි විඥානයෙහි යම් ඡන්‍දරාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.
Pali BJT“සාධු භන්තෙ”ති, ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා භගවන්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි: “කථං නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිං ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බ නිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්තී”ති? යං කිඤ්චි භික්ඛු රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං
Sinhala BJT“වහන්ස, මැනව” යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ භාග්‍යවතුන් වහන්සේගෙන් මතුයෙහි පැනයක් විචාළේ ය: “වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ විඥාන සහිත කයෙහි ද, බැහැර සියලු නිමිත්තයන්හි ද, අහංකාර මමංකාර මානානුසය ධර්‍මයෝ නො වෙද්ද” යි? මහණ, අතීත වේවයි අනාගත වේවයි පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය
Pali BJT“නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං නෙතං මම නෙසො’හමස්මි න මෙ’සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො භික්ඛු, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාර මානානුසයා න හොන්තීති.
Sinhala BJT“තෙල මාගේ නො වේ”යි තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙති” යි මෙසේ මෙය ඇති සැටි මනානුවණින් දකී. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් … අතීත වේවයි අනාගත වේවයි පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුරැ වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි තෙල මම නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙති”යි මෙසේ මෙය ඇති සැටි මනා නුවණින් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයෙහිත් අහංකාර මමංකාර මානාසුසය ධර්‍මයෝ නො වෙත් යි.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “ඉති කිර භො රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. අනත්තකතානි කම්මානි කථමත්තානං ඵුසිස්සන්තීති.
Sinhala BJTඑ කල්හි එක්තරා මහණකුහට “පින්වත්නි, මෙසේ වනාහි රූපය අනාත්ම ල, වේදනාව අනාත්ම ල, සංඥාව අනාත්ම ල, සංස්කාර අනාත්ම ල, විඥානය අනාත්ම ල, (එහෙයින්) අනාත්මක වැ කළ කර්‍මයෝ කෙසේ නම් ආත්මය ස්පර්‍ශ කෙරෙත් දැ යි (තමා කරා පැමිණෙත් දැ යි) මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTඅථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි: “ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති: යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිගතෙන{1} චෙතසා සත්ථුසාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්ය: “ඉති කිර භො රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. අනත්තකතානි කම්මානි කථමත්තානං ඵුසිස්සන්තී”ති. පටිපුච්ඡාවිනීතා ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, තත්ර තත්ර තෙසු තෙසු ධම්මෙසු”.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ ලෝකයෙහි නුවණ නැති අවිද්‍යාවට පැමිණි ඇතැම් හිස් පුරුෂයෙක් “පින්වත්නි, මෙසේ වනාහි රූපය අනාත්ම ල, වේදනාව අනාත්ම ල, සංඥාව අනාත්ම ල, සංස්කාර අනාත්ම ල, විඥානය අනාත්ම ල, අනාත්මක වැ කරන ලද කර්‍මයෝ කෙසේ ආත්මය ස්පර්‍ශ කෙරෙත් දැ යි” තෘෂ්ණායෙන් මඩනා ලද සිතින් බුදුසසුන ඉක් මැ යායුතු කොට හඟනේ ද (එහෙයින්) මහණෙනි, තෙපි ඒ ඒ තන්හි මාගේ ඒ ඒ දහමෙහි පිළිවිස හික්මුණාහු ය.
Pali BJT“තං කිංමඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කෙසේ හැඟිවු ද රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJT“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා”ති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයම් දෙයක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJT“යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයම් දැයෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය ‘තෙල මා ගත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං “නෙතං මම නෙසො’හමස්මි න මෙ සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං: ‘නෙතං මම නෙසො’හමස්මි න මෙ සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, එහෙයින් අතීත-අනාගත-පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වේවයි ළඟැ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය ‘තෙල මාගේ නො වේ යැ, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යයි මෙසේ මෙය ඇති සැටි මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... සංඥාවක් ... සංස්කාර කෙනෙක් ... අතීත-අනාගත-පච්චුප්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් වේ ද, දුරැ වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය ‘තෙල මාගේ නො වේ යැ, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යයි මෙසේ මෙය ඇති සැටි මනානුවණින් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති වෙදනායපි නිබ්බින්දති සඤ්ඤායපි නිබ්බින්දති සඞ්ඛාරෙසුපි නිබ්බින්දති. විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති’ ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතීති.”{1}
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාර කෙරෙහිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. විරාගහේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි දැනුම වෙයි. ජාතිය ගෙවිණ, මඟ බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළමනා අන්කිසෙක් නැත යි දැනගනියි.
Pali BJTඛජ්ජනීයවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි ඛජ්ජනීය වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅස්සාදො ද්වෙ සමුදයා - අරහන්තෙහි අපරෙ දුවෙ සීහො ඛජ්ජන පිණ්ඩොල්යං පාරිලෙය්යෙන පුණ්ණමාති.{1}
Sinhala BJTඅස්සාද සූත්‍රය, සමුදය සූත්‍ර දෙකය, අනෙක් අරහන්ත සූත්‍ර දෙක ය, සීහෝපම සූත්‍රය, ඛජ්ජනීය සූත්‍ර ය, පිණ්ඩෝල්‍ය සූත්‍ර ය, පාරිලෙය්‍ය සූත්‍ර ය, පුණ්ණමා සූත්‍ර ය යි ඛජ්ජනීය වර්‍ගයෙහි සූත්‍ර දසයෙකි.
Pali BJT4. ථෙරවග්ගො
Sinhala BJT4. ථේර වර්‍ගය
Pali BJT1. 2. 4. 1.
Sinhala BJT1. 2. 4. 1.
Pali BJTආනන්ද සුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT83. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා ආනන්දො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවොති. ‘ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච: පුණ්ණො නාම ආවුසො ආයස්මා මන්තානිපුත්තො අම්හාකං නවකානං සතං බහූපකාරො හොති. සො අම්හෙ ඉමිනා ඔවාදෙන ඔවදති:
Sinhala BJT83. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ “ඇවැත්නි, මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු “ඇවැත්නි”යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මන්නානීපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද කෙරෙති:
Pali BJTඋපාදාය ආවුසො ආනන්ද, ‘අස්මී’ති හොති, නො අනුපාදාය. කිඤ්ච උපාදාය ‘අස්මී’ති හොති නො අනුපාදාය: රූපං උපාදාය ‘අස්මී’ති හොති, නො අනුපාදාය. වෙදනා -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං උපාදාය ‘අස්මී’ති හොති නො අනුපාදාය. සෙය්යථාපි ආවුසො ආනන්ද, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනජාතිකො{1} ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො උපාදාය පස්සෙය්ය, නො අනුපාදාය. එවමෙව ඛො ආවුසො ආනන්ද, රූපං උපාදාය අස්මීති හොති, නො අනුපාදාය. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං උපාදාය ‘අස්මී’ති හොති, නො අනුපාදාය.
Sinhala BJT“ඇවැත්නි, ආනන්‍දයෙනි (මම්) වෙමි”යි (හැඟීම තෘෂ්ණා දෘෂ්ටි මාන ප්‍රපඤ්ච තුන) නිසා වේ යි. නො නිසා නො වේ. කුමක් නිසා (මම්) වෙමි”යි වේ යැ නො නිසා නො වේ යැ යත්: රූපය නිසා (මම්) වෙමියි වෙයි, නො නිසා නො වෙයි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිසා වෙමි” යි වෙයි, නො නිසා නො වේ. ඇවැත්නි, ආනන්‍දයෙනි, යම්සේ සැරසෙනසුලු යොවුන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සුපිරිසිදු පැහැපත් කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිත්ත බලන්නේ නිසා දක්නේ වේ ද, නො නිසා නො දක්නේ වේ ද, ඇවැත්නි, ආනන්‍දයෙනි, එ සෙයින් ම රූපය නිසා වෙමි”යි වෙයි, නො නිසා නො වෙයි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිසා වෙමි” යි වෙයි, නො නිසා නො වේ.
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො ආනන්ද, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං ආවුසො. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං ආවුසො. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං ආවුසො.
Sinhala BJTඇවැත්නි ආනන්‍දයෙනි, ඒ කිමැ යි හඟිවුද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ඇවැත්නි, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි? ඇවැත්නි, දුක් යැ. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි දක්නට යුතු ද? ඇවැත්නි, තෙල යුතු නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං ආවුසො. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං ආවුසො. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති? නො හෙතං ආවුසො.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ඇවැත්නි, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේද, සුව හෝ වේ වේද? ඇවැත්නි, දුක් යැ. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල මාගේ යැ තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යි දක්නට යුතු ද? ඇවැත්නි, තෙල යුතු නො වේ මැ යි.
Pali BJTතස්මාතිහ ආවුසො, ආනන්ද, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං “නෙතං මම නෙසො’හමස්මි න මෙ සො අත්තාති”, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි , එහෙයින් අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි රූපයෙක් වේ ද, දුර වේවයි ළඟ වේවයි යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් වේ ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං ආවුසො ආනන්ද, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.”
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් මිදෙයි. ... මේ රහත් බව පිණිස අනෙකෙක් නැත යි දැනගනි”යි.
Pali BJTපුණ්ණො නාම ආවුසො, ආයස්මා මන්තාණිපුත්තො අම්හාකං නවකානං සතං බහූපකාරො හොති. සො අම්හෙ ඉමිනා ඔවාදෙන ඔවදති. ඉදඤ්ච පන මෙ ආයස්මතො පුණ්ණස්ස මන්තානිපුත්තස්ස ධම්මදෙසනං සුත්වා ධම්මො අභිසමෙතොති.{1}
Sinhala BJTඇවැත්නි, මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ නම් තෙරණුවෝ නවක වූ ම අපට බොහෝ උපකාර ඇත්තෝ වෙති. උන් වහන්සේ මේ අවවාදයෙන් අපට අවවාද දෙති. මන්තානිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා මාවිසින් දහම් අවබෝධ කරණ ලද්දේ යි. (සෝතාපන්න වීමි යන අදහසි)
Pali BJT1. 2. 4. 2.
Sinhala BJT1. 2. 4. 2.
Pali BJTතිස්ස සුත්තං
Sinhala BJTතිස්ස සූත්‍රය
Pali BJT84. සාවත්ථියං:
Sinhala BJT84. සැවැත්නුවර:
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා තිස්සො භගවතො පිතුච්ඡාපුත්තො සම්බහුලානං භික්ඛූනං එවමාරොචෙති; “අපි මෙ ආවුසො, මධුරකජාතො විය කායො දිසාපි මෙ න පක්ඛායන්ති{2}. ධම්මාපි මං නප්පටිභන්ති{3}. ථිනමිද්ධඤ්ච මෙ චිත්තං පරියාදාය තිට්ඨති. අනභිරතො ච බ්රහ්මචරියං චරාමි. හොති ච මෙ ධම්මෙසු විචිකිච්ඡාති”.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ (පියාගේ සහෝදරියගේ) පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ කියති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි. (අකර්‍මණ්‍ය ය.) දිශාවෝ ද මට නො පැහැදිලියහ. දහම්හු (පර්‍ය්‍යාප්තිධර්‍මයෝ) ද මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන සිටියි, නො ඇලුණෙම් ම බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ” යයි.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ආයස්මා භන්තෙ, තිස්සො භගවතො පිතුච්ඡාපුත්තො සම්බහුලානං භික්ඛූනං එවමාරොචෙති: ‘අපි මෙ ආවුසො, මධුරකජාතො විය කායො. දිසා’පි මෙ න පක්ඛායන්ති. ධම්මාපි මං නප්පටිභන්ති. ථිනමිද්ධඤ්ච මෙ චිත්තං පරියාදාය තිට්ඨති. අනභිරතො ච බ්රහ්මචරියං චරාමි. හොති ච මෙ ධම්මෙසු විචිකිච්ඡාති.”
Sinhala BJTඑ කල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ බොහෝ භික්‍ෂුන්ට මෙසේ ආරෝචනා කෙරෙති: “ඇවැත්නි, මාගේ කයත් හටගත් බර ඇත්තක් මෙනි, දිශාවෝත් මට නො පැහැදිලියහ. දහම්හුත් මට නො වැටහෙත්. ථිනමිද්දයත් මාගේ සිත මැඩගෙන ගෙන සිටියි, නො ඇලුණෙම් බඹසර සරමි. දහම්හි මට විචිකිච්ඡාවත් වේ ය” කියා යි.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි. එහි ත්වං භික්ඛු, මම වචනෙන තිස්සං භික්ඛුං ආමන්තෙහි: “සත්ථා තං ආවුසො තිස්ස ආමන්තෙතී”ති. එවං භන්තෙති, ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා තිස්සො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං තිස්සං එතදවොච: “සත්ථා තං ආවුසො තිස්ස ආමන්තෙතී”ති. “එවමාවුසො”ති ඛො ආයස්මා තිස්සො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං තිස්සං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ, එව තොප මාගේ වචනයෙන් “ඇවැත්නි, තිස්සයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි තිස්ස මහණහු අමතව”යි. වහන්ස, එසේ යයි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් තිස්සසයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් තිස්සයනට “ඇවැත්නි, තිස්සයෙනි ශාස්තෲන් වහන්සේ තොප අමතන් සේකැ” යි තෙල කීය. ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ “ඇවැත්නි, එසේය”යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස්වැ හුන් ආයුෂ්මත් තිස්ස තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වලා සේක:
Pali BJTසච්චං කිර ත්වං තිස්ස, සම්බහුලානං භික්ඛූනං එවමාරොචෙසි: අපි මෙ ආවුසො මධුරකජාතො විය කායො දිසාපි මෙ න පක්ඛායන්ති. ධම්මාපි මං නප්පටිභන්ති. ථිනමිද්ධඤ්ච මෙ චිත්තං පරියාදාය තිට්ඨති. අනභිරතො ච බ්රහ්මචරියං චරාමි. හොති ච මෙ ධම්මෙසු විචිකිච්ඡාති? එවං භන්තෙ,
Sinhala BJTතිස්ස, තෙපි බොහෝ භික්‍ෂුන්ට මෙසේ සැලකළහු යනු සබැ ද? ඇවැත්නි, මාගේ කාය හටගත් බර ඇත්තක් මෙනි, දිශා ද මට නො පැහැදිළියැ, දහම්හු ද මය නො වටහත්, ථීනමිද්ධය ද ම සිත මැඩගෙන සිටියි. නො ඇලුණෙම් ම බඹසර හැසිරෙමි. දහම්හි මට විචිකිච්ඡා ද වෙයි කියා යි. වහන්ස, එසේ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි තිස්ස, රූපෙ අවිගතරාගස්ස අවිගතච්ඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස, තස්ස රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? එවම්භන්තෙ. සාධු සාධු තිස්ස, එවං හෙතං තිස්ස, හොති යථා තං රූපෙ අවිගතරාගස්ස.
Sinhala BJTතිස්ස, එ කිමෙකැයි හඟිවු ද? රූපයෙහි පහ නොවූ රග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් එ රූපයාගේ විපරිණාම අන්‍යථාභාව (වෙනස්වීම) හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි තිස්ස. තිස්ස, රූපයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
Pali BJTවෙදනාය අවිගතරාගස්ස -පෙ- අවිගතතණ්හස්ස වෙදනාය විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? එවං භන්තෙ, සාධු සාධු තිස්ස, එවං හෙතං තිස්ස, හොති යථා තං වෙදනාය අවිගතරාගස්ස.
Sinhala BJTවේදනායෙහි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල් හට ඒ වේදනාවගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනවි, තිස්ස. තිස්ස, වේදනායෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
Pali BJTසඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු අවිගතරාගස්ස -පෙ- අවිගතතණ්හස්ස තෙසං සංඛාරානං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? එවං භන්තෙ, සාධු සාධු තිස්ස, එවං හෙතං තිස්ස, හොති යථා තං සංඛාරෙසු අවිගතරාගස්ස.
Sinhala BJTසංඥායෙහි ... සංස්කාරයන්හි පහ නො වූ රාග ඇති ... පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනවි මැනවි, තිස්ස. තිස්ස, සංස්කාර විෂයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
Pali BJTවිඤ්ඤාණෙ අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස, තස්ස විඤ්ඤාණස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? එවං භන්තෙ. සාධු සාධු තිස්ස, එවං හෙතං තිස්ස, හොති යථා තං විඤ්ඤාණෙ අවිගතරාගස්ස.
Sinhala BJTවිඥානයෙහි පහ නොවූ රාග ඇති, පහ නො වූ ඡන්‍ද ඇති, පහ නො වූ ප්‍රේම ඇති, පහ නො වූ පිපාසා ඇති, පහ නො වූ පරිදාහ ඇති, පහ නො වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත් ද? වහන්ස, එසේ යැ. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, විඥානයෙහි අවිගතරාග පුද්ගලහට යම්සේ නම්, තෙල එසේ මැ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි තිස්ස, රූපෙ විගතරාගස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස, තස්ස රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? නො හෙතං භන්තෙ. සාධු සාධු තිස්ස, එවං හෙතං තිස්ස, හොති: යථා තං රූපෙ විගතරාගස්ස.
Sinhala BJTතිස්ස, ඒ කිමැයි හඟි ද? රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලහට එ රූපයාගේ වෙනස් වීමෙන් අන් අයුරු වීමෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, තෙල නො වේ මැයි. මැනැවි මැනැවි, තිස්ස. තිස්ස, රූපයෙහි පහ වූ රාග ඇති පුඟුල්හට යම්සේ නම් තෙල එසේ මැ වෙයි.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස, තස්ස විඤ්ඤාණස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති? නො හෙතං භන්තෙ. “සාධු සාධු තිස්ස, එවං ‘හෙතං තිස්ස, හොති යථා තං විඤ්ඤාණෙ විගතරාගස්ස.
Sinhala BJTවේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පිපාසා ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති පුඟුල්හට ඒ විඥානයාගේ වෙනස් වීම් අන් පරිදි වීම් හේතුයෙන් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිද් ද? වහන්ස, මෙය නො වේ මැ යි. තිස්ස මැනැවි මැනැවි. තිස්ස, විඥානයෙහි පහ වූ රාග ඇති පුද්ගලහට යම්සේ නම් තෙල එසේ ම වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි තිස්ස, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ,
Sinhala BJTතිස්ස, එ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේද? අනිත්‍ය හෝ වේද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය තෙල “මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව .. සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තංසමනුපස්සිතුං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJT“තස්මාතිහ තිස්ස, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTතිස්ස, එහෙයින් අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතිතානගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේය”යි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං තිස්ස, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTතිස්ස, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි ... විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනී.
Pali BJTසෙය්යථාපි{1} තිස්ස, ද්වෙ පුරිසා, එකො පුරිසො අමග්ගකුසලො එකො පුරිසො මග්ගකුසලො. තමෙනං සො අමග්ගකුසලො පුරිසො අමුං මග්ගකුසලං පුරිසං මග්ගං පුච්ඡෙය්ය. සො එවං වදෙය්ය: “අම්භො පුරිස,{2} අයං මග්ගො. තෙන මුහුත්තං ගච්ඡ. තෙන මුහුත්තං
Sinhala BJTතිස්ස, යම්සේ පුරුෂයෝ දෙදෙනෙක් වෙද්ද, එක් පුරුෂයෙක් මාර්‍ගයෙහි අදක්‍ෂ යැ. එක් පුරුෂයෙක් මාර්‍ගයෙහි දක්‍ෂ යැ. ඒ මේ අමග්ගකුසල (මඟ නොදත්) පුරුෂ මේ මග්ගකුසල (මඟ දත්) පුරුෂයාගෙන් මග පුළුවුස්නේ ය. හෙ මෙසේ කියන්නේ ය. භවත් පුරුෂය, මේ මගය. එයින් මොහොතක් යා, එයින් මොහොතක්
Pali BJTගන්ත්වා දක්ඛිස්සසි ද්විධා පථං. තත්ථ වාමං මුඤ්චිත්වා දක්ඛිණං ගණ්හාහි. තෙන මුහුත්තං ගච්ඡ. තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි තිබ්බං වනසණ්ඩං. තෙන මුහුත්තං ගච්ඡ. තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි මහන්තං නින්නං පල්ලලං. තෙන මුහුත්තං ගච්ඡ. තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි සොබ්භං පපාතං. තෙන මුහුත්තං ගච්ඡ. තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි සමං භූමිභාගං රමණීයං.
Sinhala BJTගොස් දෙමං සන්‍ධියක් දක්නෙහි, එහි වම මුදා දකුණ ගනු, එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් ගන වනලැහැබක් දක්නෙහි, එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් මහත් වූ ගැඹුරු ප්‍රපාතයක් මඩවගුරක් දක්නෙහි. එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් හෙබක් දක්නෙහි. එයින් මොහොතක් යා. එයින් මොහොතක් ගොස් සිත්කලු සම භූමි භාගයක් දක්නෙහි.
Pali BJTඋපමා ඛො ම්යායං තිස්ස, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයං චෙත්ථ අත්ථො: පුරිසො අමග්ගකුසලොති ඛො තිස්ස, පුථුජ්ජනස්සෙතං අධිවචනං. ‘පුරිසො මග්ගකුසලොති’ ඛො තිස්ස, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ‘ද්විධාපථොති{1} ඛො තිස්ස, විචිකිච්ඡායෙතං අධිවචනං. ‘වාමො මග්ගො’ති ඛො තිස්ස, අට්ඨඞ්ගිකස්සෙතං මිච්ඡාමග්ගස්ස අධිවචනං සෙය්යථිදං: මිච්ඡාදිට්ඨියා මිච්ඡාසඞ්කප්පස්ස මිච්ඡාවාචාය මිච්ඡාකම්මන්තස්ස මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමස්ස මිච්ඡාසතියා මිච්ඡාසමාධිස්ස. දක්ඛිණො මග්ගොති ඛො තිස්ස, අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං, සෙය්යථිදං: සම්මාදිට්ඨියා සම්මාසඞ්කප්පස්ස සම්මාවාචාය සම්මාකම්මන්තස්ස සම්මාආජීවස්ස සම්මාවායාමස්ස සම්මාසතියා සම්මාසමාධිස්ස. ‘තිබ්බො වනසණ්ඩො’ති ඛො තිස්ස, අවිජ්ජායෙතං අධිවචනං. ‘මහන්තං නින්නං පල්ලලන්ති’ ඛො තිස්ස, කාමානමෙතං අධිවචනං. ‘සොබ්භො පපාතොති’ ඛො තිස්ස, කොධූපායාසස්සෙතං අධිවචනං. ‘සමො භූමිභාගො රමණීයොති’ ඛො තිස්ස, නිබ්බානස්සෙතං අධිවචනං.
Sinhala BJTතිස්ස, අරුත් හැඟවීම පිණිස ම විසින් මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්‍ත්‍ථ යි. තිස්ස, ‘අමාර්‍ගකුශල’ (මඟ නොදත්) පුරුෂ යන තෙල පුහුදුන්හට නමෙකි. තිස්ස, ‘මාර්‍ග කුශල’ (මඟ දත්) පුරුෂ යනු තෙල අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගතයන්ට නමෙකි. තිස්ස, ‘දෙමංසන්‍ධිය’ යන තෙල විචිකිච්ඡාවට නමෙකි. තිස්ස ‘වම් මඟ ය’ යන තෙල අෂ්ටාංගික මිථ්‍යාමාර්‍ගයට නමෙකි. එනම්: මිච්ඡාදිට්ඨියට ය, මිච්ඡාසංකප්පයට ය, මිච්ඡාවචනයට ය, මිච්ඡාකම්මන්තයට ය, මිච්ඡාආජිවයට ය, මිච්ඡාවායාමයට ය, මිච්ඡාසතියට ය, මිච්ඡාසමාධියට යි. තිස්ස, ‘දකුණු මඟ’ යනු තෙල ආර්‍ය අෂ්ටාංගිකමාර්‍ගයට නමෙකි. එනම්: සම්මාදිට්ඨියට ය, සම්මාසංකප්පයට ය, සම්මාවාචාවට ය, සම්මාකම්මන්තයට ය, සම්මාආජිවයට ය, සම්මාවායාමයට ය, සම්මාසතියට ය, සම්මාසමාධියට යි. තිස්ස, ‘ගන වනලැහැබ’ යනු තෙල අවිද්‍යාවට නමෙකි. තිස්සය ‘මහත් ගැඹුරු මඩවගුර’ යනු තෙල කාමයන්ට නමෙකි. තිස්ස, හෙබ ය (ප්‍රපාතය) යනු තෙල ක්‍රෝධ උපායාස දෙකට නමෙකි. තිස්ස, ‘සිත්කලු සම භුමිභාගය’ යානු තෙල නිවනට නමෙකි.
Pali BJTඅභිරම තිස්ස, අභිරම තිස්ස, අහමොවාදෙන අහමනුග්ගහෙන අහමනුසාසනීයාති, ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා තිස්සො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTතිස්ස, (බඹසරෙහි) ඇලෙව. තිස්ස, ඇලෙව. මම අවවාදයෙන් (පිහිට වෙමි). මම අනුග්‍රහයෙන් (පිහිට වෙමි). මම අනුශාසනායෙන් (පිහිට වෙමි) යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
Pali BJT1. 2. 4. 3.
Sinhala BJT1. 2. 4. 3.
Pali BJTයමක සුත්තං
Sinhala BJTයමක සූත්‍රය
Pali BJT85. එවං මෙ සුතං, එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT85. ම විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති.
Pali BJTතෙන ඛො පන සමයෙන යමකස්ස නාම භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති තථාහං භගවතා ධම්මං, දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා’ති.
Sinhala BJTඑසමයෙහි යමක නම් මහණහට යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන.
Pali BJTඅස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ යමකස්ස කිර නාම භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා”ති.
Sinhala BJTබොහෝ භික්‍ෂූහු යමක නම් මහණහට යම්සේ රහත් මහණ කාබුන් මරණින් සිඳේ ද වැනසේ ද මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිගතයෙක් උපනැ යි ඇසූහ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා යමකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා යමකෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං යමකං එතදවොචුං: “සච්චං කිර තෙ ආවුසො යමක, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා”ති.
Sinhala BJTඑකලැ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන්ට “ඇවැත්නි, යමකයෙනි, “රහත් මහණ යම්සේ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එපරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ? යි කීහ.
Pali BJTඑවං ඛො’හං{1} ආවුසො භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා’ති.
Sinhala BJTඇවැත්නි, යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දහමක් මම දනිමි”යි.
Pali BJTමා ආවුසො, යමක එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං,{2} න හි භගවා එවං වදෙය්ය: “ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා”ති.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, නහමක් මෙසේ කියවු. භාග්‍යවතුන් වහන්සේට නහමක් අභූතයෙන් චෝදනා කරවු. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම නො ම මැනැවි. “රහත් මහණ කය බිඳීමෙන් සිඳෙයි, වැනසෙයි මරණින් මතු නො වේ යි”, භාග්‍යවතුන් වහන්සේ මෙසේ නහමක් වදාරන සේකැ යි.
Pali BJTඑවම්පි ඛො ආයස්මා යමකො තෙහි භික්ඛූහි වුච්චමානො තථෙව තං පාපකං දිට්ඨිගතං ථාමසා පරාමස්ස{3} අභිනිවිස්ස වොහරති “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණාති.”
Sinhala BJTආයුෂ්මත් යමක තෙමේ ඒ භික්‍ෂූන් විසින් මෙසේ ද කියනු ලබන්නේ යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටිය එසේ ම දෘෂ්ටි ස්ථාමයෙන්, දෘෂ්ටි පරාමර්‍ශනයෙන් පිවිසගෙන වහරයි.
Pali BJTයතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු ආයස්මන්තං යමකං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං. අථඛො තෙ භික්ඛූ උට්ඨායාසනා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං: යමකස්ස නාම ආවුසො සාරිපුත්ත, භික්ඛුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: “තථා’හං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා’ති. සාධායස්මා සාරිපුත්තො යෙන යමකො භික්ඛු තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන.
Sinhala BJTයම් කලෙක ඒ භික්‍ෂූහු ආයුෂ්මත් යමක තෙරුන් ඒ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්කරන්නට නො හැකි වූවාහු ද, එ කල්හි ඒ භික්‍ෂූහු හුනස්නෙන් නැගිට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙනුවන්ට තෙල සැලකළහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, යමක නම් මහණහට යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියක් උපන. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස යමක මහණහු වෙත එළැඹෙත් නම් මැනැව යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා යමකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා යමකෙන සද්ධිං සම්මොදි සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං යමකං එතදවොච: සච්චං කිර තෙ ආවුසො යමක, එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං? තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා”ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් යමක තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් යමක තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පස්වැ වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් යමක තෙරුනට තෙල වදාළහ: ඇවැත්නි, යමකයෙනි, යම්සේ “රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටි ගතයෙක් තොපට උපන්නේ සැබෑ දැ යි?
Pali BJTඑවඤ්ච ඛොහං ආවුසො, භගවතා ධම්මං දෙසිතං ආජානාමි: “යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණා”ති.
Sinhala BJTඇවැත්නි, “යම්සේ රහත් මහණ කය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි”යි.
Pali BJTතං කිං මඤ්ඤසි? ආවුසො, යමක, “රූපං නිච්චං වා අනිච්චං වා”ති. අනිච්චං ආවුසො.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ඇවැත්නි, අනිත්‍ය යැ.
Pali BJT“යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති? දුක්ඛං ආවුසො.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම්, එය දුක් හෝ සුව හෝ වේ ද? ඇවැත්නි, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං ආවුසො,
Sinhala BJTයමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි ඇත් නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම ය”යි දක්නට නිසි ද? ඇවැත්නි, තෙල නිසි නො වේ ම යැ.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං ආවුසො,
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? ඇවැත්නි, අනිත්‍ය යැ .
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා”ති? දුක්ඛං ආවුසො.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යි. ඇවැත්නි, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං ආවුසො.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන සුලු නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”යි දක්නට නිසි ද? වහන්ස, තෙල නො වේ ම ය.
Pali BJTතස්මාතිහාවුසො යමක, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙ’සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, එහෙයින් මෙ ලොවැ අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඖදාරික හෝ සුක්‍ෂ්ම හෝ හීන හෝ ප්‍රණීත හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රුපයකුත් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේය”යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ඇත් ද ... අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේය”යි මෙසේ තෙල තතු සේ විවසුන් නුවණින් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං ආවුසො යමක, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතී”ති.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි ... මේ රහත් බව පිණිස කළයුතු අන් කිසෙක් නැතැ යි දැනගනියි.
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො යමක, ‘රූපං තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං ආවුසො.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපය සත්ත්‍වයා ය යි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTවෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං ආවුසො.
Sinhala BJTවේදනාව ... සඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍වයා යි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො යමක, රූපස්මිං “තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං ආවුසො.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි ඒ කිමැයි හඟිවු ද, රූපයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTඅඤ්ඤත්ර රූපා තථාගතොති සමනුපස්සසී’ති? නො හෙතං ආවුසො.
Sinhala BJTරූපයෙන් වෙන් වැ සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTවෙදනාය -පෙ- අඤ්ඤත්ර වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- අඤ්ඤත්ර සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- අඤ්ඤත්ර සඞ්ඛාරෙහි -පෙ- විඤ්ඤාණස්මිං තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං ආවුසො.
Sinhala BJTවේදනායෙහි ... වේදනායෙන් වෙන් වැ ... සංඥායෙහි ... සංඥායෙන් වෙන් වැ ... සංස්කාරයන්හි ... සංස්කාරයන් ගෙන් වෙන් වැ ... විඥානයෙහි ... සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTඅඤ්ඤත්ර විඤ්ඤාණා තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං ආවුසො.
Sinhala BJTවිඥානයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු ද? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො යමක, අයං සො අරූපී අවෙදනො අසඤ්ඤී අසඞ්ඛාරො අවිඤ්ඤාණො තථාගතොති සමනුපස්සසීති. නො හෙතං ආවුසො.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, කිමැයි හඟිවු ද, රූපය ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය සත්ත්‍වයා යි දකිවු දැයි? ඇවැත්නි, මෙය නො වේ ම ය.
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො, යමක, රූපං -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ{1} -පෙ- විඤ්ඤාණං තථාගතො’ති සමනුපස්සසීති? නො හෙතං ආවුසො.
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, ඒ කිමැයි හඟිවු ද? රූප නො වූ වේදනා නො වූ සංඥා නො වූ සංස්කාර නො වූ විඥාන නො වූ ඒ මේ ධර්‍මය සත්ත්‍වයා ය යි දකිවු දැයි? ඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTඑත්ථ ච තෙ ආවුසො යමක දිට්ඨෙව ධම්මෙ සච්චතො ථෙතතො{2} තථාගතෙ අනුපලබ්භියමානෙ{3} කල්ලං නු තෙ තං වෙය්යාකරණං “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි යථා ඛීණාසවො භික්ඛු කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති පරම්මරණාති? අහු ඛො මෙතං ආවුසො සාරිපුත්ත, පුබ්බෙ අවිද්දසුනො පාපකං දිට්ඨිගතං ඉදඤ්ච පන මෙ ආයස්මතො සාරිපුත්තස්ස ධම්මදෙසනං සුත්වා තඤ්චෙව පාපකං දිට්ඨිගතං පහීනං, ධම්මො ච මෙ අභිසමෙතොති.{4}
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, මෙහි ලා මේ අත්බැව්හි ම තොපට සත්‍ය විසින් ස්ථිර විසින් සත්ත්‍වයකු නො ලැබෙන කල්හි යම්සේ රහත් මහණ කාය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි” යි තොපගේ ඒ පැවසීම සුදුසු ද? ඇවැත්නි ශාරිපුත්‍රනි, නුවණ නැති මට පෙර මේ ලාමක දෘෂ්ටිය විය. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා ඒ ලාමක දෘෂ්ටිය පහ වැ ගියේ ය. ම විසින් ධර්‍මය ද අවබෝධ කරණ ලද්දේ” යයි.
Pali BJTසචෙ තං ආවුසො යමක, එවං පුච්ඡෙය්යුං: “යො සො ආවුසො යමක, භික්ඛු අරහං ඛීණාසවො සො කායස්ස භෙදා පරම්මරණා කිං හොතීති එවං පුට්ඨො ත්වං ආවුසො යමක, කින්ති බ්යාකරෙය්යාසී”ති?
Sinhala BJTඇවැත්නි, යමකයෙනි, ඉඳින් තොප මෙසේ විචාරන්නාහු නම් (එනම්): “ඇවැත් යමකයෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ ද, හේ කාබුන් මරණින් මතු කිම වේදැ”යි, ඇවැත් යමකයෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමෙකැයි විසඳා කියන්නහු ද?
Pali BJTසචෙ මං ආවුසො එවං පුච්ඡෙය්යුං: “යො සො ආවුසො යමක, භික්ඛු අරහං ඛීණාසවො සො කායස්ස භෙදා පරම්මරණා කිං හොතී”ති? එවං පුට්ඨො’හං ආවුසො, එවං බ්යාකරෙය්යං: රූපං ඛො ආවුසො අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තං නිරුද්ධං, තදත්ථගතං. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං යදනිච්චං තං දුක්ඛං යං දුක්ඛං තං නිරුද්ධං තදත්ථගතන්ති”. එවං පුට්ඨො’හං ආවුසො, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTඇවැත්නි ඉඳින් මා මෙසේ පුළුවුස්නාහු නම්: ඇවැත්නි යමකයෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ ද, හේ කාබුන් මරණින් මතු කිම වේදැ”යි, ඇවැත්නි මෙසේ පුළුවුස්නා ලද මම් මෙසේ විසඳා කියන්නෙමි: “ඇවැත්නි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය ද එය දුක් යැ, යමක් දුක් ද, එය නිරුද්ධ යැ, අස්තඞ්ගත යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය ද, එය දුක් යැ, යමක් දුක් ද, එය නිරුද්ධ යැ, අස්තඞ්ගත යැ”. මෙසේ පුළුවුස්නා ලද මම් මෙසේ විසඳා කියන්නෙමි යි.
Pali BJTසාධු සාධු ආවුසො යමක, තෙනහාවුසො යමක, උපමන්තෙ කරිස්සාමි එතස්සෙව අත්ථස්ස භිය්යොසොමත්තාය ඤාණාය.
Sinhala BJTඇවැත්නි යමකයෙනි, මැනවි. මැනවි. ඇවැත්නි, යෙමකයෙනි, එසේ වී නම් මේ අරුත (මේ ප්‍රථම මාර්‍ගය) ම බෙහෙවින් දැනීම පිණිස තොපට උපමාවක් කරන්නෙමි:
Pali BJTසෙය්යථාපි ආවුසො යමක, ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො, සො ච ආරක්ඛසම්පන්නො. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්ය අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමො ජීවිතා වොරොපෙතුකාමො. තස්ස එවමස්ස: “අයං ඛො ගහපති වා ගහපතිපුත්තො වා අඩ්ඪො මහද්ධනො මහාභොගො, සො ච ආරක්ඛසම්පන්නො. න ව්යා සුකරො{5} පසය්හ ජීවිතා වොරොපෙතුං. යන්නූනාහං අනුපඛජ්ජ ජීවිතා වොරොපෙය්ය’න්ති. සො තං ගහපතිං වා ගහපතිපුත්තං වා උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “උපට්ඨහෙය්යං තං භන්තෙ”ති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා උපට්ඨාපෙය්ය. සො උපට්ඨහෙය්ය පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී. තස්ස සො ගහපති වා
Sinhala BJT“ඇවැත්නි යමකයෙනි, යම් සේ ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති ගැහැවියෙක් ගො ගැහැවිපුතෙක් හෝ වේ ද, හේ ද ආරක්‍ෂා සම්පන්න ය. ඔහුට අවැඩ කැමැති අහිත කැමැති සිවු උපායෙන් ක්‍ෂේමභාවය නො කැමැති (උවදුරු කැමැති) දිවි තොර කරනු කැමැති කිසියම් පුරුෂයෙක් උපදනේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භෝග ඇත්තේය. හේ ද ආරක්‍ෂා සම්පන්න ය. මැඩ දිවි තොර කරන්නට සුකර නො වේ. මම ඇතුළට පිවිස දිවි තොර කරන්නෙම් නම් මැනැවැ”යි හේ ඒ ගැහැවියා වෙත හෝ ගැහැවිපුතු වෙත හෝ එළැඹ “හිමි, මුබට උවැටන් කරන්නෙමි”යි මෙසේ කියන්නේ ය. ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ ඒ මොහු ලව උවැටන් කරවාගන්නේ ය. හේ පළමු නැඟී සිටින්නේ පසු ව හොවින්නේ කුම් කෙරෙම් දැ?යි පුළුවුස්නේ මනවඩන දෑ කරනුයේ පියවදන් බණනුයේ උවැටන් කරන්නේ යි ඔහුගේ ඒ ගැහැවි හෝ
Pali BJTගහපතිපුත්තො වා මිත්තතො’පි නං සද්දහෙය්ය සුහජ්ජතො ‘පි නං සද්දහෙය්ය තස්මිං විස්සාසං ආපජ්ජෙය්ය. යදා ඛො ආවුසො තස්ස පුරිසස්ස එවමස්ස: “සංවිස්සට්ඨො ඛො ම්යායං ගහපති වා ගහපතිපුත්තො වාති.” අථ නං රහොගතං විදිත්වා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙය්ය.
Sinhala BJTගැහැවිපුත් හෝ මිතුරු සෙයිනුදු ඔහු හදහන්නේ ය. සුහද සෙයිනුදු ඔහු හදහන්නේ ය. ඔහු කෙරෙහි විශ්වාසයට පැමිණෙන්නේ ය. ඇවැත්නි, යම් කලෙක ඒ පුරුෂහට “මේ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ මා කෙරෙහි ඉතා විශ්වාස ඇත්තේ ය”යි මෙසේ අදහස් වන්නේ ද, එ කල්හි ඔහු එකලා වූවහු දැන තියුණු සැතින් දිවි තොර කරන්නේ යි.