Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6001-6100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. 2. 3. 4.
Sinhala BJT1. 2. 3. 4.
Pali BJTපඨම අරහන්ත සුත්තං
Sinhala BJTපළමුවැනි අරහන්ත සූත්‍රය
Pali BJT76. සාවත්ථියං:
Sinhala BJT76. සැවැත්නුවර:
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ” යයි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යි. යමක් අනිත්‍ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ.” යයි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි. සංස්කාරයෙහි දු කල කිරෙයි. විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි විමුක්තය යන ඥානය වෙයි. ‘ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්‍හත්ත්‍වය පිණිස අන් කිසෙක් නැත’යි දනියි.
Pali BJTයාවතා භික්ඛවෙ, සත්තාවාසා, යාවතා භවග්ගං, එතෙ අග්ගා එතෙ සෙට්ඨා ලොකස්මිං යදිදං අරහන්තො’ති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, සත්‍වාවාස යම්තාක් ද, භවාග්‍රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්‍රයහ. මොහු ශ්‍රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතුදු තෙල වදාළ සේක:
Pali BJT1. සුඛිනො වත අරහන්තො - තණ්හා තෙසං න විජ්ජති අස්මිමානො සමුච්ඡින්නො - මොහජාලං පදාලිතං.
Sinhala BJT1. රහත්හු ඒකාන්තයෙන් (ධ්‍යාන -මාර්‍ග -ඵල සුඛයෙන්) සුඛිතයහ, ඔවුනට තෘෂ්ණායෙක් නැත. නවවිධ අස්මිමානය රහත් මඟ නුවණින් සිඳින ලදී. මෝහ නැමැති දැල පළන ලදී.
Pali BJT2. අනෙජං තෙ අනුප්පත්තා - චිත්තං තෙසං අනාවිලං ලොකෙ අනුපලිත්තා තෙ - බ්රහ්මභූතා අනාසවා.
Sinhala BJT2. ඔහු, අර්‍හත්ත්‍වයට පැමිණියහ, ඔවුන්ගේ සිත කැළඹීම් රහිත ය, ඔහු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ඇලුණහ, ශ්‍රේෂ්ඨහ, ආශ්‍රව රහිතයහ.
Pali BJT3. පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය - සත්ත සද්ධම්මගොචරා පසංසියා සප්පුරිසා - පුත්තා බුද්ධස්ස ඔරසා.
Sinhala BJT3. පස්කඳ ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන සිටි ඔහු (සද්ධා - හිරි ආදී) සප්ත සද්ධර්‍ම ගෝචර කොට ඇතියහ. (නුවණැත්තන් විසින්) පැසසිය යුත්තාහ, සත්පුරුෂහ, බුදු රජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයහ.
Pali BJT4. සත්තරතනසම්පන්නා - තීසු සික්ඛාසු සික්ඛිතා අනුවිචරන්ති මහාවීරා - පහීනභයභෙරවා.
Sinhala BJT4. සප්ත බෝධ්‍යංගරත්නයෙන් යුක්තයහ, ත්‍රිවිධ ශික්‍ෂායෙහි ශික්‍ෂිතයහ, මහාවීර වූ ඔහු ප්‍රහීණ භය භේරව ඇත්තාහු (නිසැක වැ) හැසිරෙති.
Pali BJT5. දසහඞ්ගෙහි සම්පන්නා - මහානාගා සමාහිතා එතෙ ඛො සෙට්ඨා ලොකස්මිං - තණ්හා තෙසං න විජ්ජති.
Sinhala BJT5. (අසේඛසීලක්ඛන්‍ධාදී) දශ අංගයෙකින් යුක්තයහ, මහා නාගයහ, (උපචාර - අර්‍පණා ධ්‍යානයෙන්) සමාහිතයහ, මොහු වනාහි ශ්‍රේෂ්ඨ වෙති, ඔවුනට තෘෂ්ණා නැති.
Pali BJT6. අසෙඛඤාණං උප්පන්නං - අන්තිමොයං සමුස්සයො යො සාරො බ්රහ්මචරියස්ස - තස්මිං අපරපච්චයා.
Sinhala BJT6. රහත්ඵල නුවණ උපන, මේ අන්තිම ආත්මභවය යි. බ්‍රහ්මචර්‍ය්‍යයාගේ යම් සාරයෙක් ඇත් ද, සාර සංඛ්‍යාත ඒ අරහත් ඵලයෙහි පරප්‍රත්‍යය රහිතයහ. (අන්‍ය උපකාර විරහිත වැ ප්‍රත්‍යක්‍ෂ විසින් මැ පිළිවිද සිටියහ.)
Pali BJT7. විධාසු න විකම්පන්ති - විප්පමුත්තා පුනබ්භවා දන්තභූමිං අනුප්පත්තා - තෙ ලොකෙ විජිතාවිනො.
Sinhala BJT7. ත්‍රිවිධ මාන කොටස්හි නො සැලෙති. පුනර්‍භවයෙන් මිදුණාහ, අර්‍හත්ත්‍වයට අනුප්‍රාප්තයහ. ඔහු ලෝකයෙහි (රාගාදිය) දිනා සිටියාහු යි.
Pali BJT8. උද්ධං තිරියං අපාචීනං - නන්දී තෙසං න විජ්ජති නදන්ති තෙ සීහනාදං - බුද්ධා ලොකෙ අනුත්තරා’ති.
Sinhala BJT8. උඩ - සරස - යට (පස්කඳෙහි හෝ කාලත්‍රයෙහි හෝ භවත්‍රයෙහි හෝ) ඔවුනට තෘෂ්ණායෙක් නැති. අනුත්තර වූ චතුස්සත්‍ය බුද්ධ වූ ඒ රහත්හු ලෝකයෙහි අභීතනාද කරන්නාහ යි.
Pali BJT1. 2. 3. 5.
Sinhala BJT1. 2. 3. 5.
Pali BJTදුතිය අරහන්ත සුත්තං
Sinhala BJTදෙවැනි අරහන්ත සූත්‍රය
Pali BJT77. සාවත්ථියං:
Sinhala BJT77. සැවැත්නුවර:
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම”, “නෙසො’හමස්මි”, “න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං, “නෙතං මම”, “නෙසො’හමස්මි”, “න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍යයි. යමෙක් අනිත්‍ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ”යයි මෙසේ තෙල තතුසේ සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. වේදනාව අනිත්‍ය ය … සංඥාව අනිත්‍ය ය … සංස්කාර අනිත්‍ය ය … විඥානය අනිත්‍ය යි. යමෙක් අනිත්‍ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමෙක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යයි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනාහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලෙනුයේ මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන් කිසෙක් නැති යි දනියි.
Pali BJTයාවතා භික්ඛවෙ, සත්තාවාසා, යාවතා භවග්ගං, එතෙ අග්ගා, එතෙ සෙට්ඨා ලොකස්මිං යදිදං අරහන්තො’ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වාවාස යම්තාක් ද, භවාග්‍රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්‍රයහ. මොහු ශ්‍රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි වදාළ සේක.
Pali BJT1. 2. 3. 6.
Sinhala BJT1. 2. 3. 6.
Pali BJTසීහොපම සුත්තං
Sinhala BJTසීහෝපම සූත්‍රය
Pali BJT78. සාවත්ථියං:
Sinhala BJT78. සැවැත්නුවර:
Pali BJTසීහො භික්ඛවෙ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති, ආසයා නික්ඛමිත්වා විජම්භති, විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලොකෙති, සමන්තා චතුද්දිසා අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති, තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති.
Sinhala BJTමහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසයෙන් නික්මැ වැජඹෙයි. වැජැඹැ හාත්පස සතරදික් පරීක්‍ෂා කොට බලයි. හාත්පස සතරදික් බලා තෙවටක් සිහනද කෙරෙයි. තෙවටක් සිහනද කොට ගොදුරු පිණිස යයි.
Pali BJTයෙ කෙචි භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා සීහස්ස මිගරඤ්ඤො නදතො සද්දං සුණන්ති, යෙභුය්යෙන භයං සන්තාසං සංවෙගං ආපජ්ජන්ති, බිලං බිලාසයා පවිසන්ති, දකං දකාසයා පවිසන්ති, වනං වනාසයා පවිසන්ති, ආකාසං පක්ඛිනො භජන්ති. යෙපි තෙ භික්ඛවෙ, රඤ්ඤො නාගා ගාමනිගමරාජධානීසු දළ්හෙහි වරත්තෙහි බද්ධා, තෙපි තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළෙත්වා භීතා මුත්තකරීසං චජමානා යෙන වා තෙන වා පලායන්ති. එවං මහිද්ධිකො ඛො භික්ඛවෙ, සීහො මිගරාජා තිරච්ඡානගතානං පාණානං එවං මහෙසක්ඛො එවං මහානුභාවො.
Sinhala BJTමහණෙනි, යම්කිසි තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් නාද කරන සිංහමෘගරාජයාගේ ශබ්දය අසද්ද, ඔහු බෙහෙවින් භයට සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙත්. බිලයෙහි වෙසෙන සත්හු බිලයට වදිති. දියෙහි වෙසෙන සත්හු දියට වදිති. වනය වාස කොට ඇති සත්හු වනයට වදිති. පක්‍ෂීහු අහස භජනය කෙරෙත්. මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දෘඪවරපටින් බැඳුනු රජුට අයත් යම් මැ හස්තීහු ඇද්ද ඔහු දු ඒ බන්‍ධනයන් සිඳැ ගෙන බිඳැ ගෙන බියපත් වූවාහු මලමූ හෙළමින් යම් ඒ තැනෙක පලා යෙත්. මහණෙනි, මෘගරාජන් වූ සිංහ තිරිසන් ගිය සතුන් අතරින් මෙබඳු මහත් ඍද්ධි ඇතියෙකැ, මෙබඳු මහේශාක්‍යයෙකැ, මෙබඳු මහත් අනුභාව ඇතියෙකි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යදා තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ධම්මං දෙසෙති: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො.
Sinhala BJTමහණෙනි, එ පරිදි මැ යම් කලෙක අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්‍යයසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාසේක් ද, ඔහු දහම් දෙසත්: “රූපය මෙතෙකැ, රූපසමුදය මෙතෙකැ, රූපයාගේ අත්‍ථඞ්ගමය මෙතෙකි. වේදනාව මෙතෙකැ ... සංඥාව මෙතෙකැ … සංස්කාර මෙතෙකැ ... විඥාන මෙතෙකැ විඥාන සමුදය මෙතෙකැ, විඥාන අත්‍ථඞ්ගමය මෙතෙකි. (මෙසේ දෙසත්).
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා, තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සන්තාසං සංවෙගං ආපජ්ජන්ති. අනිච්චාව කිර භො මයං සමානා නිච්චම්හාති අමඤ්ඤිම්හ. අද්ධුවාව කිර භො මයං සමානා ධුවම්හාති අමඤ්ඤිම්හ. අසස්සතාව කිර භො මයං සමානා සස්සතම්හාති අමඤ්ඤිම්හ. මයං’පි කිර භො අනිච්චා අද්ධුවා අසස්සතා සක්කායපරියාපන්නාති.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ වර්‍ණවත් වූ සුඛබහුල වූ උස්විමන්හි චිරස්ථායී වැ සිටුනා යම් දෙවිකෙනෙක් ඇද්ද, උහුදු තථාගතයන්ගේ දම්දෙසුම් අසා බෙහෙවින් බියව සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙති: “භවත්නි, අපි අනිත්‍ය වූවමෝ නිත්‍යම්හ යි සිතුම්හ. අපි අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි, අපි අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වනාහි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අශාස්වතයම්හ, සත්කාය පරියාපන්නයම්හ” යි (සංවේගදනවත්).
Pali BJTඑවං මහිද්ධිකො ඛො භික්ඛවෙ, තථාගතො සදෙවකස්ස ලොකස්ස එවං මහෙසක්ඛො එවං මහානුභාවොති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, තථාගතයෝ සදේවක ලෝකයාට මෙසේ මහත් ඍද්ධි ඇතියහ, මෙසේ මහේශාක්‍යයහ, මෙසේ මහානුභාවයහ යි භගවත්හු තෙල වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලිත් ශාස්තෲන් වහන්සේ තදන්‍ය වූ තෙල ගාපෙළ ද වදාළහ:
Pali BJTයදා බුද්ධො අභිඤ්ඤාය ධම්මචක්කං පවත්තයි සදෙවකස්ස ලොකස්ස සත්ථා අප්පටිපුග්ගලො.
Sinhala BJT1. දෙවියන් සහිත ලෝකයාට ශාස්තෘ වූ අප්‍රතිපුද්ගල වූ සර්‍වඥයන් වහන්සේ යම් කලෙක විශිෂ්ටඥානයෙන් දැන ධර්‍මචක්‍රය පවත්වාලු සේක් ද,
Pali BJTසක්කායඤ්ච නිරොධඤ්ච සක්කායස්ස ච සම්භවං අරියං චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT2. සක්කාය (පඤ්චස්කන්‍ධය) හා නිරෝධය හා සත්කාය සම්භවය හා දුක් සන්හිඳුවන අරිඅටගිමග හා (දෙසත් ද),
Pali BJTයෙපි දීඝායුකා දෙවා වණ්ණවන්තො යසස්සිනො භීතා සන්තාසමාපාදුං සීහස්සෙවිතරෙ මිගා.
Sinhala BJT3. වර්‍ණවත් යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවිකෙනෙක් ඇද්ද, (ඔහු හැම) සිංහයාගේ නාද අසා ඉතර මෘගයන් බියපත්වන්නාක් සෙයින් භීත වැ (මෙසේ) සන්ත්‍රාසයට පැමිණියහ.
Pali BJTඅවීතිවත්තා සක්කායං අනිච්චා කිර භො මයං සුත්වා අරහතො වාක්යං විප්පමුත්තස්ස තාදිනොති.
Sinhala BJT4. භවත්නි, අපි සක්කායය පැන නො ගියම්හ, අනිත්‍යයම්හ යි විප්‍රමුක්ත වූ තාදී ගුණ ඇති අර්‍හත් වූ බුදුන්ගේ වාක්‍යය අසා දතුම්හ යි.
Pali BJT1. 2. 3. 7.
Sinhala BJT1. 2. 3. 7.
Pali BJTඛජ්ජනීය සුත්තං
Sinhala BJTඛජ්ජනීය සූත්‍රය
Pali BJT79. සාවත්ථියං:
Sinhala BJT79. සැවැත්නුවර:
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරමානා අනුස්සරන්ති, සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති, එතෙසං වා අඤ්ඤතරං.
Sinhala BJTමහණෙනි, අනේකප්‍රකාර පූර්‍වනිවාසය නුවණින් මෙනෙහි කරන යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙත් ද, එ හැම පඤ්චෝපාදාන ස්කන්‍ධයන් අනුස්මරණ කෙරෙති, තුලුන් අතුරෙන් අන්‍යතරයක් හෝ අනුස්මරණ කෙරෙත්.
Pali BJT“එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති” ඉති වා හි භික්ඛවෙ, අනුස්සරමානො රූපඤ්ඤෙව අනුස්සරති. “එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති” ඉති වා භික්ඛවෙ, අනුස්සරමානො වෙදනඤ්ඤෙව අනුස්සරති. එවංසඤ්ඤී{1} අහොසිං අතීතමද්ධානන්ති ඉති වා භික්ඛවෙ අනුස්සරමානො සඤ්ඤං යෙව අනුස්සරති. එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති ඉති වා හි භික්ඛවෙ අනුස්සරමානො සංඛාරෙයෙව අනුස්සරති. එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති ඉති වා හි භික්ඛවෙ, අනුස්සරමානො විඤ්ඤාණමෙව අනුස්සරති.
Sinhala BJTමහණෙනි, “අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි” යි හෝ සිහි කරන්නේ රූපස්කන්‍ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි” යි හෝ සිහිකරන්නේ වේදනාස්කන්‍ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංඥාස්කන්‍ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංස්කාරයන් මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ විඥානස්කන්‍ධය මැ සිහි කෙරෙයි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, රූපං වදෙථ: රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති. කෙන රුප්පති: සීතෙන’පි රුප්පති, උණ්හෙන’පි රුප්පති, ජිඝච්ඡාය’පි රුප්පති, පිපාසාය’පි රුප්පති, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන’පි රුප්පති. රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති.
Sinhala BJTමහණෙනි, කවර කරුණින් රූපය කියන්නේ ය යත්: මහණෙනි, “බිඳේ” නුයි එයින් රුපයයි කියනු ලැබෙයි, කුමකින් බිඳේ ය යත්: ශීතයෙනුදු බිඳෙයි, උෂ්ණයෙනුදු බිඳෙයි, බඩසයියිනුදු බිඳෙයි, පවසිනුදු බිඳෙයි, ඩැහැ ලේ බොන මැසි ය - විද ලේ බොන මදුරු ය - වාත ය - ආතප ය - දීර්‍ඝජාති ය යන මොවුන්ගේ සංස්පර්‍ශ යෙනුදු බිඳේ. මහණෙනි, “බිඳෙනු” යි එයින් රූප යි කියනු ලැබේ.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, වෙදනං වදෙථ: වෙදියතීති{1} ඛො භික්ඛවෙ, තස්මා වෙදනාති වුච්චති. කිඤ්ච වෙදියති{1} සුඛම්පි වෙදියති, දුක්ඛම්පි වෙදියති, අදුක්ඛමසුඛම්පි වෙදියති. වෙදියතීති ඛො භික්ඛවෙ, තස්මා වෙදනාති වුච්චති.
Sinhala BJTමහණෙනි, කවර කරුණින් වේදනා කියන්නේය යත්: මහණෙනි, “වළඳ කෙරේ” නු යි එයින් වේදනා යි කියනු ලැබෙයි. කුමක් වළඳ කෙරෙයි යත්: සුඛය ද වළඳ කෙරෙයි. දුක්ඛය ද වළඳ කෙරෙයි, උපේක්‍ෂාව ද වළඳ කෙරේ. මහණෙනි, මෙසේ වළඳ කෙරේ නු යි එයින් වේදනා යි කියනු ලැබේ.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, සඤ්ඤං වදෙථ: සඤ්ජානාතීති ඛො භික්ඛවෙ, තස්මා සඤ්ඤාති වුච්චති. කිඤ්ච සඤ්ජානාති: නීලම්පි සඤ්ජානාති; පීතකම්පි සඤ්ජානාති; ලොහිතකම්පි සඤ්ජානාති; ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො භික්ඛවෙ, තස්මා සඤ්ඤාති වුච්චති.
Sinhala BJTමහණෙනි, කවර කරුණින් සංඥා කියන්නේ ය යත්: මහණෙනි, “හඳුනාගනී” නුයි එයින් සංඥායි කියනු ලැබෙයි. කවර කරුණින් හඳුනයි යත්: නිල ද හඳුනයි, කහවන ද හඳුනයි, ලෙහෙවන ද හඳුනයි, සුද ද හඳුනයි. මෙසේ “හඳුනා” නුයි එයින් සංඥා යි කියනු ලැබේ.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ: සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චන්ති. කිඤ්ච සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති: රූපං රූපත්තාය{2} සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. වෙදනං වෙදනත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. සඤ්ඤං සඤ්ඤත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති ඛො භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චන්ති.
Sinhala BJTමහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, “සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙත්” නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්. “මහණෙනි, සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්” නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ: විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති. කිඤ්ච විජානාති: අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරකම්පි{3} විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති.
Sinhala BJTමහණෙනි, කවර කරුණින් විඥානය කියන්නේය යත්: මහණෙනි, “විජානන කෙරේ” නුයි එයින් විඥාන යයි කියනු ලැබෙයි. කවර කරුණින් විජානන කෙරේ යත්: ඇඹුල ද විජානන කෙරෙයි, තිත්ත ද විජානන කෙරෙයි. කටුකරස ද විජානන කෙරෙයි, මධුරරස ද විජානන කෙරෙයි, කරරස ද විජානන කෙරෙයි. නොකරරස ද විජානන කෙරෙයි. ලුණුරස ද විජානන කෙරෙයි. නොලුණුරස ද විජානන කෙරේ. මහණෙනි, මෙසේ “විජානන කෙරේ” නුයි එයින් විඥාන යි කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: අහං ඛො එතරහි රූපෙන ඛජ්ජාමි. අතීතම්පහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්යං, අනාගතම්පහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමීති. සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති අනාගතං රූපං නාභිනන්දති පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTමහණෙනි, එහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ නුවණින් සලකා බලයි: “මම වූකලී දැන් රූපය විසින් කනු ලබමි. යම්සේ දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබම් ද, එසෙයින් ම ඉකුත් කල්හි දු රූපය විසින් කනු ලැබීමි. මම අනාගතරූපය පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න රූපය විසින් කනු ලබම් ද, එපරිදි මම අනාගතකාලයෙහිදු රූපය විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතරූපයෙහි නිරපේක්‍ෂ වෙයි, අනාගතරූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපය පිළිබඳ වැ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJTඅහං ඛො එතරහි වෙදනාය ඛජ්ජාමි. අතීතම්පහං අද්ධානං එවමෙව වෙදනාය ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නාය වෙදනාය ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතං වෙදනං අභිනන්දෙය්යං අනාගතම්පපහං අද්ධානං එවමෙව වෙදනාය ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නාය වෙදනාය ඛජ්ජාමීති. සො ඉති පටිසඞ්ඛාය අතීතාය වෙදනාය අනපෙඛො හොති, අනාගතං වෙදනං නාභිනන්දති පච්චුප්පන්නාය වෙදනාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJT“මම වර්‍තමානයෙහි වේදනාව විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, අතීත කාලයෙහි දු එපරිදි ම වේදනාව විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවේදනාව පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු වේදනාව විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතවේදනාව පිළිබඳ වැ නිරපේක්‍ෂ වෙයි, අනාගතවේදනාව නො පතයි, ප්‍රත්‍යුත්පන්නවේදනාව පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJTඅහං ඛො එතරහි සඤ්ඤාය ඛජ්ජාමි -පෙ- අහං ඛො එතරහි සඞ්ඛාරෙහි ඛජ්ජාමි. අතීතම්පහං අද්ධානං එවමෙව සඞ්ඛාරෙහි ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙහි සඞ්ඛාරෙහි ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතෙ සඞ්ඛාරෙ අභිනන්දෙය්යං, අනාගතම්පහං අද්ධානං එවමෙව සඞ්ඛාරෙහි ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙහි සඞ්ඛාරෙහි ඛජ්ජාමීති. සො ඉති පටිසඞ්ඛාය අතීතෙසු සඞ්ඛාරෙසු අනපෙඛො හොති; අනාගතෙ සඞ්ඛාරෙ නාභිනන්දති, පච්චුප්පන්නානං සඞ්ඛාරානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJT“මම දැන් සංඥාව විසින් කනු ලබමි … මම වනාහි දැන් සංස්කාර විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න සංස්කාර විසින් කනු ලබම් ද, එපරිදිම අතීතකාලයෙහි දු සංස්කාර විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතසංස්කාර පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්නසංස්කාර විසින් කනු ලබම් ද, එ පරිදි මැ අනාගතකාලයෙහිදු සංස්කාර විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතසංස්කාර කෙරෙහි නිරපේක්‍ෂ වෙයි, අනාගතසංස්කාර නො පතයි, ප්‍රත්‍යුත්පන්නසංස්කාර පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJTඅහං ඛො එතරහි විඤ්ඤාණෙන ඛජ්ජාමි. අතීතම්පාහං අද්ධානං එවමෙව විඤ්ඤාණෙන ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන විඤ්ඤාණෙන ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතං විඤ්ඤාණං අභිනන්දෙය්යං, අනාගතම්පහං අද්ධානං එවමෙව විඤ්ඤාණෙන ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන විඤ්ඤාණෙන ඛජ්ජාමි. සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං විඤ්ඤාණස්මිං අනපෙඛො හොති අනාගතං විඤ්ඤාණං නාභිනන්දති පච්චුප්පන්නස්ස විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJT“මම දැන් විඥානය විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න විඥානය විසින් කනු ලබම් ද, අතීතකාලයෙහිදු විඥානය විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවිඥානය පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න විඥානය විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු විඥානය විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට අතීතවිඥානය කෙරෙහි නිරපේක්‍ෂ වෙයි, අනාගතවිඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානය පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? “අනිච්චං භන්තෙ”. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?” “දුක්ඛං භන්තෙ”. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? “නො හෙතං භන්තෙ”. “වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? “අනිච්චං භන්තෙ”. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?” “දුක්ඛං භන්තෙ”. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? “නො හෙතං, භන්තෙ”.
Sinhala BJTමහණෙනි, කෙසේ හඟිවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් හේ දුඃඛ හෝ සුඛ වේ දැ යි? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි ඇත් නම් “තෙල මාගේ යැ, මම තෙලෙ වෙමි, තෙලෙ මාගේ ආත්ම යයි” එය නුවණින් දක්නට කල්‍ය වේ දැ යි? වහන්ස, තෙල කරුණ එසේ නො වේ මැ යැ.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙ සො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, ඒ කරුණින් ම ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරෙහි වේවයි හමියෙහි වේවයි අතීතානාගත ප්‍රත්‍යුත් පන්න යම් මැ රූපයෙක් ඇත් නම් එ හැම රූපය “තෙල මාගේ නො වෙයි, මම තෙලෙ නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල කරුණ ඇති සැටි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. යම් මැ වේදනායෙක් ඇත් ද … යම් මැ සංඥායෙක් ඇත් ද … යම් මැ සංස්කාරයෝ ඇත් ද ... ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරෙහි වේවයි සමීපයෙහි වේවයි අතීතා අනාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් මැ විඥානයෙක් ඇත් ද, “තෙලෙ මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙ” යි තෙල කරුණ මෙසේ ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥාවෙන් දතයුතු යි.
Pali BJTඅයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො අපචිනාති, නො ආචිනාති, පජහති, න උපාදියති, විසිනෙති, නො උස්සිනෙති{1} විධූපෙති, න සන්ධූපෙති.
Sinhala BJTමහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක (සසරවට) ඉවත් කෙරෙයි. නො රැස් කෙරෙයි, දුරැලයි, නො ගනියි, විසුරුවයි, නො කැටි කෙරෙයි, නිවයි, නො දල්වා යි කියනු ලැබේ.
Pali BJTකිඤ්ච අපචිනාති, නො ආචිනාති: රූපං අපචිනාති, නො ආචිනාති. වෙදනං අපචිනාති, නො ආචිනාති. සඤ්ඤං අපචිනාති, නො ආචිනාති. සඞ්ඛාරෙ අපචිනාති, නො ආචිනාති. විඤ්ඤාණං අපචිනාති, නො ආචිනාති.
Sinhala BJTකුමක් වනසා ද, නො රැස් කෙරේ ද යත්: රූපය වනසයි, නො රැස් කෙරෙයි, වේදනාව වනසයි, නො රැස් කෙරෙයි. සංඥාව වනසයි, නො රැස් කෙරෙයි. සංස්කාර වනසයි, නො රැස් කෙරෙයි. විඥානය වනසයි. නො රැස් කෙරෙයි.
Pali BJTකිඤ්ච පජහති, න උපාදියති: රූපං පජහති, න උපාදියති, වෙදනං පජහති, න උපාදියති, සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ පජහති, න උපාදියති, විඤ්ඤාණං පජහති, න උපාදියති.
Sinhala BJTකුමක් දුරැලා ද, නො ගනී ද යත්: රූපය දුරැලයි, නො ගනියි. වේදනාව දුරැලයි, නො ගනියි. සංඥාව ... සංස්කාර දුරැලයි, නො ගනියි. විඥානය දුරැලයි, නො ගනියි.
Pali BJTකිඤ්ච විසිනෙති, න උස්සිනෙති: රූපං විසිනෙති, න උස්සිනෙති. වෙදනං විසිනෙති, න උස්සිනෙති. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං විසිනෙති, න උස්සිනෙති.
Sinhala BJTකුමක් විසුරුවා ද, රැස් නො කෙරේ ද යත්: රූපය විසුරුවයි, රැස් නො කෙරෙයි. වේදනාව විසුරුවයි, රැස් නො කෙරෙයි. වේදනාව විසුරුවයි, රැස් නො කෙරෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය විසුරුවයි, රැස් නො කෙරෙයි.
Pali BJTකිඤ්ච විධූපෙති, න සන්ධූපෙති: රූපං විධූපෙති, න සන්ධූපෙති. වෙදනං විධූපෙති, න සන්ධූපෙති. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ විධූපෙති, න සන්ධූපෙති. විඤ්ඤාණං විධූපෙති, න සන්ධූපෙති.
Sinhala BJTකුමක් නිවා ද, නො දල්වා ද යත්: රූපය නිවයි, නො දල්වයි. වේදනාව නිවයි, නො දල්වයි. සංඥාව ... සංස්කාර නිවයි, නො දල්වයි. විඥානය නිවයි, නො දල්වයි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනාය’පි නිබ්බින්දති, සඤ්ඤායපි -පෙ- සඞ්ඛාරෙසුපි -පෙ- විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු නෙවාචිනාති න අපචිනාති, අපචිනිත්වා ඨිතො. නෙව පජහති, න උපාදියති, පජහිත්වා ඨිතො. නෙව විසිනෙති න උස්සිනෙති. විසිනෙත්වා ඨිතො නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි. සංඥායෙහි දු ... සංස්කාරයන් කෙරෙහි දු ... විඥානයෙහි දු කලකිරෙයි, කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් විමුක්ත වෙයි, විමුක්ත වත් ම “විමුක්ත යෙමි” යි ඥානය වෙයි: “ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැති” යි නුවණින් දනී. මහණෙනි, මේ මහණ රැස් නො කෙරෙයි, නො වනසයි. වනසා සිටියේ වෙයි. නො ම හැරපියයි, නො ගනියි, හැරැ පියා සිටියේ වෙයි, නො ම විසුරුවයි, රැස් නො කෙරෙයි, විසුරුවා සිටියේ වෙයි. නො ම නිවයි, නො ම දල්වයි. නිවා සිටියේ යයි කියනු ලැබේ.
Pali BJTකිඤ්ච නෙවාචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතො: රූපං නෙවාචිනාති, න අපචිනාති, අපචිනිත්වා ඨිතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං නෙවාචිනාති, න අපචිනාති. අපචිනිත්වා ඨිතො.
Sinhala BJTකුමක් නො ම රැස් කෙරේ ද නො ම වනසා ද, වනසා සිටියේ වේ ද යත්: රූපය නො මැරැස් කෙරෙයි, නො මැ වනසයි, වනසා සිටියේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥාන නො මැ රැස් කෙරෙයි, නො ම වනසයි, වනසා සිටියේ යැ.
Pali BJTකිඤ්ච නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො: රූපං නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො. වෙදනං නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං නෙව පජහති න උපාදියති. පජහිත්වා ඨිතො.
Sinhala BJTකුමක් නො ම හරනේ ද, නො ගනී ද, හැර පියා සිටියේ වේ ද යත්: රූපය නො ම හරියි, නො ගනියි, හැර පියා සිටියේ යැ. වේදනාව නො ම හරියි, නො ගනියි, හැරපියා සිටියේ යැ, සංඥාව ... සංස්කාර ... විඥානය නො ම හරියි, නො ගනියි, හැරපියා සිටියේ යැ.
Pali BJTකිඤ්ච නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො: රූපං නෙව විසිනෙති න උස්සිනෙති විසිනෙත්වා ඨිතො. වෙදනං නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො.
Sinhala BJTකුමක් නො ම විසුරුවයි ද, රැස් නො කරයි ද ,විසුරුවා සිටියේ වේ ද යත්: රූපය නො ම විසුරුවයි, නො ම රැස් කෙරෙයි, විසුරුවා සිටියේ යැ. වේදනාව නො ම විසුරුවයි, රැස් නො කෙරෙයි, විසුරුවා සිටියේ යැ. සංඥාව ... සංස්කාර ... විඥාන නො ම විසුරුවයි, නො ම රැස් කෙරෙයි, විසුරුවා සිටියේ යැ.
Pali BJTකිඤ්ච නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො: රූපං නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො.
Sinhala BJTකුමක් නිවාපියා ද නොදල්වාද, නො නිවාපියාසිටියාද සිටියේවේ ද යත්: රූපය නො ම නිවයි, නො ම දල්වයි, නිවාපියා සිටියේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නො ම නිවයි, නො ම දල්වයි, නිවාපියා සිටියේ යි.
Pali BJTඑවං විමුත්තචිත්තං ඛො භික්ඛවෙ, භික්ඛුං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති:
Sinhala BJTමහණෙනි, මෙසේ විමුක්ත සිත් ඇති මහණ හට ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ දුරින් ම නමස්කාර කෙරෙත්.(කෙසේ යැ:)
Pali BJT“නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ නාභිජානාම යම්පි නිස්සාය ඣායසීති.”
Sinhala BJT“යමක් ඇසිරි කොට ධ්‍යාන කරවු ද, යම් ඒ තොපගේ සිතැඟි නො දනුම්හ, පුරුෂ ශ්‍රේෂ්ඨයාණනි, තොපට නමස්කාර වේවා, පුරිෂෝත්තමයාණෙනි, තොපට නමස්කාර වේවා” යි (කියා යි).
Pali BJT1. 2. 3. 8.
Sinhala BJT1. 2. 3. 8.
Pali BJTපිණ්ඩොල්ය සුත්තං
Sinhala BJTපිණ්ඩෝල්‍ය සූත්‍රය
Pali BJT80. එවං මෙ සුතං එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා කිස්මිඤ්චිදෙව පකරණෙ භික්ඛුසඞ්ඝං පණාමෙත්වා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කපිලවත්ථුං{1} පිණ්ඩාය පාවිසි. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො යෙන මහාවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය, මහාවනං අජ්ඣොගහෙත්වා බෙලුවලට්ඨිකාය මූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJT80. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි වූ කපිලවාස්තු පුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කරුණෙකැ ලා භික්‍ෂු සංඝයා බැහැර කොට දෙවන දින පෙවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසි සේක. කිඹුල්වතෙහි පිඬු පිණිස හැසිර බතින් පසු වැ පිණ්ඩපාතයෙන් වැළකී සේක් මහාවනය කරා දිවා විහාරය පිණිස එළැඹි සේක. මහාවනයට එළඹ නහඹුල් බෙලිරුකක් මුලැ දිවාවිහාරය පිණිස වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘මයා ඛො භික්ඛුසඞ්ඝො පවාළ්හො.{2} සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං. තෙසං මමං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො. සෙය්යථාපි නාම වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො, එවමෙවං සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං තෙසං මමං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො. සෙය්යථාපි නාම බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං, සියා විපරිණාමො, එවමෙවං සන්තෙත්ථ භික්ඛු නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං මමං අලභන්තානං දස්සනාය සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො. යන්නූනාහං යථෙව මයා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො, එවමෙවං එතරහි අනුග්ගහෙය්යං භික්ඛුසඞ්ඝන්ති.
Sinhala BJTඑසඳ රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “මා විසින් බික්සඟනු බැහැර කරන ලදහ. මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනික වැ පැමිණි භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මව නොදක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් වේ ද, පෙරැළියෙක් වේ ද එපරිදි ම මෙහි නවක වූ පැවිදි නොබෝකල් ඇති මෙ සස්නට ආධුනාගත වූ භික්‍ෂූහු ඇත. මා නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි, පෙරැළියෙක් වේ. දිය නො ලබන තරුණබීජයන්ට යම් පරිදි අන්‍යථාත්‍වයෙක් ඇත් ද, පෙරැළියෙක් ඇත් ද, එ පරිදි මෙහි නවක වූ අළුත පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු ඇත් ද, දර්‍ශනය පිණිස මා නො ලබන ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. විපරිණාමයෙක් වේ. යම් පරිදි මා විසින් පෙර බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එ පරිදි ම මම දැන් බික්සඟනට අනුග්‍රහ කෙරෙම් නම් මනා මැ නු” යි.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි.
Sinhala BJTඑසඳ සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන, යම් පරිදි බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ ද, දිගුකළ අත හෝ හකුළුවා ද එ පරිදි බඹ ලොවැ අතුරුදන් වූයේ බුදුන් ඉදිරියෙහි පහළ වී.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: “එවමෙතං භගවා, එවමෙතං සුගත, භගවතා භන්තෙ, භික්ඛුසඞ්ඝො පවාළ්හො. සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො. සෙය්යථාපි නාම වච්ඡස්ස තරුණස්ස මාතරං අපස්සන්තස්ස සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො, එවමෙව සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අපස්සන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො. සෙය්යථාපි නාම බීජානං තරුණානං උදකං අලභන්තානං සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො, එවමෙව සන්තෙත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙසං භගවන්තං අලභන්තානං දස්සනාය සියා අඤ්ඤථත්තං සියා විපරිණාමො.
Sinhala BJTඉක්බිති සහම්පතී බඹ උත්තරාසංගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භාග්‍යවතුන් වහන්ස, තෙල එසේම යැ. සුගතයන් වහන්ස, තෙල එසේ මැ යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු නෙරන ලදහ. මෙහි ළඟදී පැවිදි වූ මෙ සස්නට ළඟදී, පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වයෙක් වෙයි. පෙරැළීමෙක් වෙයි. මවු දෙන නො දක්නා ළපැටි වසුට යම් පරිදි අන්‍යථාත්‍වය හා විපර්‍ය්‍යාස හා ඇත් ද, එපරිදි ම මෙහි ළඟැදී පැවිදි වූ මෙ සස්නට ළඟදී පැමිණි භික්‍ෂූහු වෙති. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාභාවය වෙයි, විපර්‍ය්‍යාස වේ. දිය නො ලබන තරුණබීජවලට යම් පරිදි අන්‍යථාභාවය හා විපරිණාමය හා වේ ද, එපරිදි ම මෙහි පැවිදි නොබෝ කල් ඇති මේ සස්නට ළඟදී පැමිණි නවක භික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලබන ඔවුනට අන්‍යථාත්‍වය වෙයි. විපරිණාමය වේ.
Pali BJTඅභිනන්දතු භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං අභිවදතු භන්තෙ, භගවා භික්ඛුසඞ්ඝං. යථෙව භන්තෙ, භගවතා පුබ්බෙ භික්ඛුසඞ්ඝො අනුග්ගහිතො, එවමෙව එතරහි අනුග්ගණ්හාතු භික්ඛුසඞ්ඝන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟුන් පිළිගන්නා සේක් වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟනට ඔවා දෙන සේක්වා. වහන්ස, යම් පරිදි පෙරැ භාග්‍යවතුන් වහන්සේ විසින් බික්සඟහු අනුග්‍රහ කරන ලද්දාහු ද, එපරිදි ම දැනුදු බික්සඟුන් සගන්නා සේක්වා” යි.
Pali BJTඅධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො අධිවාසනං විදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ සහම්පතී බඹ භාග්‍යවතුන් වහන්සේ අධිවාසනා දැන බුදුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන නිග්රොධාරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි{1} යථා තෙ භික්ඛූ එකද්වීහිකාය සාරජ්ජමානරූපා යෙන භගවා තෙනුපසඞ්කමෙය්යුං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් නිග්‍රෝධාරාමය කරා එළැඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ යම් පරිදි එ මහණහු තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු සැහැවි ඇත්හාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත් නම් එබඳු ඉදුහයක් කළසේක.
Pali BJT“තෙපි භික්ඛු එකද්වීහිකාය සාරජ්ජමානුරූපා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: “අන්තමිදං භික්ඛවෙ, ජීවිකානං යදිදං පිණ්ඩොල්යං. අභිසාපොයං{2} ලොකස්මිං පිණ්ඩොලො විචරසි පත්තපාණීති” තං ච ඛො එවං භික්ඛවෙ, කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා අත්ථවසං පටිච්ච, නෙව රාජාභිනීතා න චොරාභිනීතා න ඉණට්ටා න භයට්ටා න ආජීවිකාපකතා. අපි ච ඛො ඔතිණ්ණම්හා ජාතියා ජරාමරණෙන{3} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි දුක්ඛොතිණ්ණා දුක්ඛපරෙතා අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථා’ති.
Sinhala BJTඑ මහණහු ද තනි තනි වැ හා දෙදෙනා බැගිනුදු බානසුලු වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුනට තෙල වදාළසේක: “මහණෙනි, ජීවිකාවන් අතුරින් මේ ජීවිකාව ලාමකය, එ කිමෙක යත්: පිඬුසිඟීම යැ. ‘පාත්‍රය ගත් ඇත් ඇති වැ පිඬු සිඟනු වැ හැසිරෙහි’ යන මේ ලෝකයෙහි ආක්‍රෝෂයෙකැ , මහණෙනි, කුලපුත්‍රයෝ හේතුවශඟ වූවාහු අර්‍ත්‍ථවශය නිසා මෙසේ ඒ පිඬු සිඟීමට පැමිණෙති. රාජනීතියෙන් අභිනීත වැ නො වෙත් මැ යැ, සොරුන් විසින් අභිනීත වැ නො වෙත් මැ යැ, ණයින් පෙළුනාහු නො වෙත් මැ යැ, භයින් පෙළුණාහු නො වෙත් මැ යැ, ජීවිකායෙන් පෙළුණාහු නො වෙත් මැ යි. වැළිත් ජාතියෙනුදු ජරාමරනයෙනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු බැසගතුම්හ. මෙසේ දුකට බටුම්හ. දුකින් පීඩිතයම්හ, (එයින්) මේ කේවල දුඃඛස්කන්‍ධයාගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මනා මැ නු” යි කියා යි.
Pali BJTඑවං පබ්බජිතො චායං භික්ඛවෙ, කුලපුත්තො. සො ච හොති අභිජ්ඣාලු කාමෙසු තිබ්බසාරාගො ව්යාපන්නචිත්තො පදුට්ඨමනසඞ්කප්පො මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො. සෙය්යථාපි භික්ඛවෙ , ඡවාලාතං උභතො පදිත්තං මජ්ඣෙ ගූථගතං නෙව ගාමෙ කට්ඨත්ථං ඵරති, නාරඤ්ඤෙ කට්ඨත්ථං ඵරති. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි ගිහිභොගා ච පරිහීනො සාමඤ්ඤත්ථඤ්ච න පරිපූරෙති.
Sinhala BJTමහණෙනි, මෙසේ පැවිදි වූ මේ කුලපුත්‍රයෙක් වේ ද, හේ ද අභිධ්‍යා බහුල වෙයි, කාමයෙහි තීව්‍රසංරාග ඇති වෙයි, විපන්සිත් ඇති වෙයි, දූෂිත සිත් ඇති වෙයි, මුෂිත ස්මෘති ඇති වෙයි, නිෂ්ප්‍රාඥ වෙයි, එකඟ නො වූ සිත් ඇති වෙයි, භ්‍රාන්ත සිත් ඇති වෙයි ප්‍රකෘති ඉඳුරන් ඇති වේ. මහණෙනි, යම් පරිදි දෙපස ඇවිළැගත්, මැද වැකි අශුචි ඇති සොහොන් පෙණ හෙල්ලෙක් ගමෙහි දර පිණිස වේවයි නොයෙ දේ ද වෙනෙහි කාෂ්ට පිණිස නො යෙදේ ද, මහණෙනි, මම මේ පුඟුලා එවන් උපමා ඇතියෙකැ යි කියමි. ගිහි භෝගයෙනුදු පිරිහීණැ, ශ්‍රමණාර්‍ත්‍ථය ද නො පුරයි.
Pali BJTතයො මෙ භික්ඛවෙ, අකුසලවිතක්කා: කාමවිතක්කො, ව්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො. ඉමෙ ච ඛො භික්ඛවෙ, තයො අකුසලවිතක්කා තං ක්ව අපරිසෙසා නිරුජ්ඣන්ති: චතූසු වා සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තස්ස විහරතො අනිමිත්තං වා සමාධිං භාවයතො.
Sinhala BJTමහණෙනි,මේ අකුශල විතර්‍කයෝ තුන් දෙනෙකි: කාමවිතර්‍කය යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසා විතර්‍ක යි. මහණෙනි, ඒ අකුශල විතර්‍කයෝ තුන්දෙන නිරවශේෂ වැ කොහි ලා නිරුද්ධ වෙත් ද යත්: සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති වැ වසනුවහට හෝ විදර්‍ශනා සමාධිය වඩනුවහට හෝ යැ.
Pali BJTයාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව අනිමිත්තො සමාධි භාවෙතුං. අනිමිත්තො භික්ඛවෙ, සමාධි භාවිතො බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො.
Sinhala BJTමහණෙනි, භාවනාවශයෙන් වඩන්නට විදර්‍ශනා සමාධිය නිසි මැ යැ. මහණෙනි, වඩනාලද විදර්‍ශනා සමාධිය බහුලීකෘත වූයේ මහත්ඵල වෙයි, මහානිශංස වේ.
Pali BJTද්වෙමා භික්ඛවෙ, දිට්ඨියො: භවදිට්ඨි ච විභවදිට්ඨි ච. තත්ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “අත්ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං යමහං උපාදියමානො න වජ්ජවා අස්ස”න්ති. සො එවං පජානාති: නත්ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං යමහං උපාදියමානො න වජ්ජවා අස්සං. අහං ච රූපඤ්ඤෙව උපාදියමානො උපාදියෙය්යං,
Sinhala BJTමහණෙනි, මේ දෘෂ්ටීහු දෙදෙනෙකි: භවදෘෂ්ටිය විභවදෘෂ්ටිය ද කියායි. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් එබඳු යම්කිසිවක් ඇද්ද හෝ” යි. හේ මෙසේ නුවණින් දනියි: “යමක් මම උපාදාන වශයෙන් ගන්නෙම් නිදොස් වෙම් නම් ඒ කිසිදු ලොවැ නැති නු” යි. මම වැළිත් උපාදාන වශයෙන් ගන්නෙම් රූපය ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම්
Pali BJTවෙදනඤ්ඤෙව උපාදියමානො උපාදියෙය්යං. සඤ්ඤඤ්ඤෙව උපාදියමානො උපාදියෙය්යං. සඞ්ඛාරෙයෙව උපාදියමානො උපාදියෙය්යං. විඤ්ඤාණඤ්ඤෙව උපාදියමානො උපාදියෙය්යං. තස්ස මෙ අස්ස උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවෙය්යුං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො අස්ස.
Sinhala BJTවේදනාව ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් සංඥාව ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් සංස්කාරයන් ම උපාදාන කෙරෙමි, උපාදාන වශයෙන් ගන්නෙම් විඥානය ම උපාදාන කෙරෙමි. එබඳු මට උපාදාන හේතුයෙන් භවය වෙයි, භවහේතුයෙන් ජාතිය, ජාතිහේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාස යන මොහු හටගනිත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ, යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුමපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තාති”? නො හෙතං භන්තෙ, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ, යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා ති? දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි එසො මෙ අත්තාති”? නො හෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, එ කිසේ හඟිවු ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එ දුඃඛ හෝ සුඛ හෝ වේ ද? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි වේ නම් “තෙල මාගේ යැ, මම තෙලෙ වෙමි, තෙලෙ මාගේ ආත්මය” යි එ නුවණින් දකිනට නිසි වේ දැ යි? වහන්ස, තෙල නිසි නො වේ මැ යි. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ දැ යි? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් එ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි වේ නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්මය” යි නුවණින් දකිනට නිසි වේ දැ යි? වහන්ස, තෙලෙ නිසි නො වේ.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙ සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙ සො අත්තාති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, එහෙයින් යම් මැ රූපයෙක් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වේ ද, අධ්‍යාත්ම හෝ බාහිර හෝ ඕළාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වේ ද, දුරෙහි වේවයි හමියෙහි වේවයි යම් රූපයෙක් වේ ද, එ හැම රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙති” යි මෙසේ මෙය ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... යම්කිසි විඥානයෙක් අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූයේ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕළාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ වේ ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ වේ ද, එ හැම විඥාන“තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙතී” යි මෙය මෙසේ ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති. සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි. විඥානයෙහි දු කලකිරේ. කලකිරෙනුයේ සංරාග වශයෙන් නො ඇලෙයි. එ විරාග හේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි “විමුක්තියෙමි” යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ යැ, බඹසර වසන ලද, කරණී කරන ලද මේ අර්‍හත්ත්‍වය පිණිස කළමනා කිසෙක් නැති” යි නුවණින් දනියි.
Pali BJT1. 2. 3. 9.
Sinhala BJT1. 2. 3. 9.
Pali BJTපාරිලෙය්යක සුත්තං
Sinhala BJTපාරිලෙය්‍යක සූත්‍රය
Pali BJT81. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා, පත්තචීවරමාදාය කොසම්බියං පිණ්ඩාය පාවිසි. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සාමං සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය අනාමන්තෙත්වා උපට්ඨාකෙ අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං එකො අදුතියො චාරිකං පක්කාමි.
Sinhala BJT81. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසනසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පාසිවුරු ගෙන කොසඹෑ පුරයට පිඬු පිණිස පිවිසිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකිසේක් තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා පා සිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට (-නො විචාරා) එකලා වැ දෙවන මහණකු නැති වැ චාරිකාවට වැඩිසේක.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු අචිරපක්කන්තස්ස භගවතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: “එසා’වුසො ආනන්ද, භගවා සාමං සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය අනාමන්තෙත්වා උපට්ඨාකෙ අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං එකො අදුතියො චාරිකං පක්කන්තොති.
Sinhala BJTඉක්බිති අන්‍යතර මහණෙක් බුදුන් වැඩි නොබෝ වේලෙහි ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ ය, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “ඇවැත් ආනන්‍දයෙනි, එව, භාග්‍යවතුන් වහන්සේ තුමූ ම සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උවටු මහණුන් නො අමතා බික්සඟුන් නො විචාරා එකලා වැ පසු මහණකු නැති වැ චාරිකාවට නික්ම වැඩිසේකැ” යි.
Pali BJTයස්මිං ආවුසො සමයෙ භගවා සාමං සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය අනාමන්තෙත්වා උපට්ඨාකෙ අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං එකො අදුතියො චාරිකං පක්කමති, එකොව භගවා තස්මිං සමයෙ විහරිතුකාමො හොති. න භගවා තස්මිං සමයෙ කෙනචි අනුබන්ධිතබ්බො හොතීති.
Sinhala BJTඇවත, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන උපස්ථායකයන් නො අමතා බික්සඟුන් අපලෝකන නො කොට පශ්චාත් ශ්‍රමණයකු නැති වැ ඒකාකී වැ චාරිකාවට බැස යන සේක් ද, එකල භාග්‍යවතුන් වහන්සේ එකලා වැ ම වසනු කැමැති සේක. එකල්හි යම් මැ කෙනෙකුන් විසින් භාග්‍යවතුන් වහන්සේ ලුහුබැඳියයුතු නො වෙති” යි.
Pali BJTඅථ ඛො භගවා අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්යකං{1} තදවසරි. තත්ර සුදං භගවා පාරිලෙය්යකෙ විහරති භද්දසාලමූලෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “චිරස්සුතා ඛො නො ආවුසො ආනන්ද භගවතො සම්මුඛා ධම්මීකථා ඉච්ඡාම මයං ආවුසො ආනන්ද, භගවතො සම්මුඛා ධම්මිං කථං සොතුන්ති”.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරනසේක් පාරිලෙය්‍යකවනය කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ පාරිලෙය්‍යකවනයෙහි භද්‍ර වූ සල්රුකක්මුල වැඩ වසනසේක. එසඳ බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහු: “ඇවැත්නි, අනඳ තෙරණුවනි, අප විසින් බුදුන් හමුයෙහි දැහැමිකථා ඇසූ බොහෝ කල් ඇත. ඇවැත්නි, අනඳ තෙරණුවනි, අපි බුදුන් හමුයෙහි දැහැමි කථාවක් අසන්නට කැමැතියම්හ” යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො තෙහි භික්ඛූහි සද්ධිං යෙන පාරිලෙය්යකං භද්දසාලමූලං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා ධම්මියා කථාය සන්දස්සෙසි. සමාදපෙසි. සමුත්තෙජෙසි. සම්පහංසෙසි.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මහණුන් සමග පාරිලෙය්‍යක වනයෙහි වූ භද්‍රශාලමූලය වෙත භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ඒ මහණුන්හට දැහැමි කථායෙන් කරුණු දැක් වූ සේක, සමාදන් කරවූ සේක, තෙද ගැන්වූ සේක, පින වූ සේකි.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කථං නු ඛො ජානතො කථං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොතී”ති.
Sinhala BJTඑකල එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. “කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට මාර්‍ගඥානයට අනන්තර ව ආස්‍රවක්‍ෂය වේ දැ” යි.
Pali BJTඅථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි: “විචයසො දෙසිතො භික්ඛවෙ, මයා ධම්මො: විචයසො දෙසිතා චත්තාරො සතිපට්ඨානා. විචයසො දෙසිතා චත්තාරො සම්මප්පධානා. විචයසො දෙසිතා චත්තාරො ඉද්ධිපාදා. විචයසො දෙසිතානි පඤ්චින්ද්රියානි. විචයසො දෙසිතානි පඤ්චබලානි. විචයසො දෙසිතා සත්තබොජ්ඣඞ්ගා. විචයසො දෙසිතො අරියො අට්ඨඞ්ගිකො මග්ගො. එවං විචයසො ඛො දෙසිතො භික්ඛවෙ, මයා ධම්මො. එවං විචයසො දෙසිතෙ ඛො භික්ඛවෙ, මයා ධම්මෙ අථ ච පනිධෙකච්චස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කථං නු ඛො ජානතො කථං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොතී”ති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය සිය සිතින් දැන මහණුන් ඇමතූ සේක: “මහණෙනි, මා විසින් විචය නුවණින් දහම් දෙසන ලද: විචය නුවණින් සතර සීවටන්හු දෙසන ලදහ. විචයනුවණින් සතර සම්‍යක්ප්‍රධන්හු දෙසන ලදහ. විචය නුවණින් සතර ඍද්ධි පාදයෝ දෙසන ලදහ. විචයනුවණින් පඤ්චේන්‍ද්‍රියෝ දෙසන ලදහ, විචයනුවණින් පඤ්බලයෝ දෙසන ලදහ, විචයනුවණින් සප්ත බොධ්‍යංගයෝ දෙසන ලදහ. විචයනුවණින් අරීඅටඟිමඟ දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසන ලදී. මහණෙනි, මා විසින් මෙසේ විචයනුවණින් දහම් දෙසත් ම, වැලිත් මෙහි ලා ඇතැම් මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්‍හත් මාර්‍ගඥානයට අනන්තර ව (ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත) අර්‍හත්ඵලඥානය වේ දැ’ යි (කියා යි).
Pali BJTකථං ච භික්ඛවෙ, ජානතො කථං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති: ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති. යා ඛො පන සා භික්ඛවෙ, සමනුපස්සනා සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවොති: අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා තතොජො සො සඞ්ඛාරො.
Sinhala BJTමහණෙනි, කෙසේ දන්නා කෙසේ දක්නා මහණක්හට අර්‍හන්මාර්‍ගඥානයට අනන්තර ව ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්ඵලය වේ ද යත්: මහණෙනි, මෙහි බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ශුද්ධ රූපය ම ආත්මවශයෙන් දක්නේ ය, මහණෙනි, යම් ඒ දිට්ඨි සමනුපස්සනායෙක් වේ ද, ඒ සංස්කාර වේ. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් උපන් වේදනාවෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාර එයින් හටගත්තේ ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ, සොපි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සාපි තණ්හා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. සාපි වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. සොපි ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සාපි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ වේදනා ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ ස්පර්‍ශ ද අනිත්‍යය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි, මෙසෙයිනුදු දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර වැ අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති අපි ච ඛො රූපවන්තං අත්තානං සමනුපස්සති. යා ඛො පන සා භික්ඛවෙ, සමනුපස්සනා සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා. තතොජො සො සඞ්ඛාරො. ඉති ඛො භික්ඛවෙ, සොපි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සාපි තණ්හා -පෙ- සාපි වෙදනා -පෙ- සො’පි ඵස්සො -පෙ- සා’පි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTරූපය ආත්මය යි නො ම දකියි. වැලිදු ආත්මය රූපවත් කොට දකී. මහණෙනි යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් එ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාර එයින් උපන. මහණෙනි, මෙසේ මේ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. ඒ තෘෂ්ණා ද, ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, ප්‍රත්‍යයෙන් උපන. මහණෙනි, මෙසේ දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති වැ අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං සමනුපස්සති. අපි ච ඛො අත්තනි රූපං සමනුපස්සති. යා ඛො පන සා භික්ඛවෙ, සමනුපස්සනා සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා. තතොජො සො සඞ්ඛාරො.
Sinhala BJTරූපය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො දකියි, වැලිදු රූපය ආත්මයෙහි ලා දකී. මහණෙනි, යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් උපන් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථග්ජනහට උපන් තෘෂ්ණායෙන් ඇත් ද, ඒ සංස්කාරය එයින් උපන.
Pali BJTඉති ඛො භික්ඛවෙ, සොපි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සාපි තණ්හා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා, සාපි වෙදනා -පෙ- සො’පි ඵස්සො -පෙ- සා’පි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTමහණෙනි, ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. එ වේදනා ද ... ඒ ස්පර්‍ශය ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති ව අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං සමනුපස්සති, න අත්තනි රූපං සමනුපස්සති. අපි ච ඛො රූපස්මිං අත්තානං සමනුපස්සති. යා ඛො පන සා භික්ඛවෙ, සමනුපස්සනා සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො
Sinhala BJTරූපය ආත්මය වශයෙන් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි පිහිටියේ ය යි නො මැ දකී. වැළි දු ආත්මය රූපයෙහි ලා දකියි. මහණෙනි, යම් ඒ සමනුපස්සනායෙක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද
Pali BJTකිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා තතොජො සො සඞ්ඛාරො. ඉති ඛො භික්ඛවෙ, සොපි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සාපි තණ්හා -පෙ- සාපි වෙදනා -පෙ- සොපි ඵස්සො -පෙ- සාපි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTකුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිද්‍යා සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට උපන් තෘෂ්ණායෙක් ඇත් ද, ඒ සංස්කාරය එයින් උපන. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද … ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශය ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට මාර්‍ගයට ඉක්බිති අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං සමනුපස්සති, න අත්තනි රූපං සමුනුපස්සති, න රූපස්මිං අත්තානං සමනුපස්සති. අපි ච ඛො වෙදනං අත්තතො සමනුපස්සති. -පෙ- (යථා රූපක්ඛන්ධෙ විත්ථාරො එවං උපරි චත්තාරො ඛන්ධා විත්ථාරෙතබ්බා.) අපි ච ඛො වෙදනාවන්තං අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො අත්තනි වෙදනං සමනුපස්සති -පෙ- අපි ච ඛො වෙදනාය අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො සඤ්ඤං අත්තතො සමනුපස්සති. -පෙ- අපි ච ඛො සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො අත්තනි සඤ්ඤං සමනුපස්සති -පෙ- අපි ච ඛො සඤ්ඤාය අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති -පෙ- අපි ච ඛො සඞ්ඛාරවන්තං අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො අත්තනි සඞ්ඛාරෙ සමනුපස්සති -පෙ- අපි ච ඛො සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො විඤ්ඤාණං අත්තතො සමනුපස්සති -පෙ- අපි ච ඛො විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති -පෙ- අපි ච ඛො අත්තනි විඤ්ඤාණං සමනුපස්සති -පෙ- අපි ච ඛො විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති.
Sinhala BJTරූපය ආත්ම ය යි නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි ලා නො ම දකියි, ආත්මය රූපයෙහි ලා නො ම දකී. වැළි දු වේදනාව ආත්ම ය යි දකියි … (රූපස්කන්‍ධයෙහි විස්තරය සේ මතු ස්කන්‍ධ සතර ම විස්තර කටයුතු යි.) වැළි දු ආත්මය වේදනා ඇත්තෙකැ යි දකි … වැළි දු වේදනාව ආත්මයෙහි ලා දකී ... වැළි දු ආත්මය වේදනායෙහි ලා දකී ... වැළි දු සංඥාව ම ආත්ම වශයෙන් දකී … වැළිදු ආත්මය සංඥා ඇත්තෙකැ යි දකී ... වැළිදු සංඥාව ආත්මයෙහි ලා දකී ... වැළිදු ආත්මය සංඥාවෙහි ලා දකී ... වැළිදු සංස්කාරම ආත්ම ය යි දකී … වැළිදු ආත්මය සංස්කාර ඇත්තෙකැ යි දකී ... වැළිදු සංස්කාර ආත්මයෙහි ලා දකී … වැළිදු ආත්මය සංස්කාරයන්හි ලා දකී … වැළිදු ආත්මය සංස්කාරයන්හි ලා දකී … වැළිදු විඥානය ම ආත්ම ය යි දකී ... වැළිදු ආත්මය විඥාන ඇත්තෙකැයි දකී ... වැලිදු විඥානය ආත්මයෙහි ලා දකී ... වැළිදු ආත්මය විඥානයෙහි ලා දකී.
Pali BJTයා ඛො පන සා භික්ඛවෙ, සමනුපස්සනා, සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා. තතොජො සො සඞ්ඛාරො. ඉති ඛො භික්ඛවෙ, සො’පි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. සා’පි තණ්හා -පෙ- සාපි වෙදනා -පෙ- සො’පි ඵස්සො -පෙ- සාපි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTමහණෙනි, යම් ඒ සමනුපස්සනාවක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණා උපන. ඒ සංස්කාරය එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද ... ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේත් දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර ව අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං සමනුපස්සති න අත්තනි රූපං සමනුපස්සති න රූපස්මිං අත්තානං සමනුපස්සති. න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං අත්තානං සමනුපස්සති න අත්තනි වෙදනං සමනුපස්සති න වෙදනාය අත්තානං සමනුපස්සති. න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි සඤ්ඤං සමනුපස්සති. න සඤ්ඤාය අත්තානං සමනුපස්සති. න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. න සඞ්ඛාරවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි සඞ්ඛාරෙ සමනුපස්සති. න සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. න විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි විඤ්ඤාණං සමනුපස්සති. න විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති.
Sinhala BJTමහණෙනි, රූපය ආත්ම ය යි නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, රූපය ආත්මයෙහි ලා නො මැ දකියි, රූපයෙහි ලා ආත්මය නො ම දකී. වේදනාව ආත්ම ය යි නො ම දකියි, ආත්මය වේදනා ඇත්තෙකැ යි නො ම දකි යි, වේදනාව ආත්මයෙහි ලා නො ම දකියි, වේදනායෙහි ලා ආත්මය නො ම දකී. සංඥාව ආත්ම ය යි නො ම දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි නො ම දකියි, සංඥාව ආත්මයෙහි ලා නො ම දකියි, සංඥායෙහි ලා ආත්මය නො ම දකී. සංස්කාර ආත්ම ය යි නො ම දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි නො ම දකියි, සංස්කාර ආත්මයෙහි ලා නො ම දකියි, සංස්කාරයෙහි ලා ආත්මය නො ම දකී. විඥානය ආත්ම ය යි නො ම දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය නො ම දකී.
Pali BJTඅපි ච ඛො එවං දිට්ඨි හොති: “සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො”ති. යා ඛො පන සා භික්ඛවෙ, සස්සතදිට්ඨි සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජා සම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා. තතොජො සො සඞ්ඛාරො. ඉති ඛො භික්ඛවෙ සො’පි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො සාපි තණ්හා -පෙ- සා’පි වෙදනා -පෙ- සො’පි ඵස්සො -පෙ- සා’පි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා. එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTවැලිදු “ඒ මම ආත්මය වෙමි, ඒ මම ලෝකය වෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි” යි මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ ශාශ්වත දෘෂ්ටියක් වේ නම් ඒ සංස්කාර යි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණාව උපන, ඒ සංස්කාර එයින් හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍යය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද … ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේ ද දන්නා දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට ඉක්බිති ව අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං සමනුපස්සති න අත්තනි රූපං සමනුපස්සති න රූපස්මිං අත්තානං සමනුපස්සති. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. න විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි විඤ්ඤාණං සමනුපස්සති. න විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති. නා’පි එවං දිට්ඨි හොති. සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො’ති. අපි ච ඛො එවං දිට්ඨි හොති: “නො චස්සං නො ච මෙ සියා න භවිස්සාමි’ න මෙ භවිස්සතී”ති. යා ඛො පන සා භික්ඛවෙ, උච්ඡෙදදිට්ඨි සඞ්ඛාරො සො. සො පන සඞ්ඛාරො කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො: අවිජ්ජාසම්ඵස්සජෙන, භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස උප්පන්නා තණ්හා තතොජො සො සඞ්ඛාරො. ඉති ඛො භික්ඛවෙ, සො’පි සඞ්ඛාරො අනිච්චො සඞ්ඛතො පටිච්චසම්පන්නො. සාපි තණ්හා, සාපි වෙදනා -පෙ- සොපි ඵස්සො -පෙ- ‘සාපි අවිජ්ජා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා එවම්පි ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොති.
Sinhala BJTරූපය ආත්ම විසින් නො ම දකියි, ආත්මය රූපවත් කොට නො ම දකියි, ආත්මයෙහි ලා රූපය ඇතැ යි නො ම දකියි, රූපයෙහි ලා ආත්මය ඇතැ යි නො ම දකී. වේදනාව ... නො ම දකී … සංඥාව ... නො ම දකී … සංස්කාර ... නො ම දකී. විඥානය ... ආත්ම වශයෙන් නො ම දකියි. ආත්මය විඥානවත් කොට නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය නො ම දකී. “ඒ මම ආත්මයෙමි, ඒ මම ලෝකයෙමි, ඒ මම පරලොව වන්නෙමි, නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, නො පෙරළෙන සැහැවියෙමි යි” වැලිදු මෙබඳු දෘෂ්ටි ඇත්තේ ද නො වෙයි. “ඉදින් මම නො වන්නෙම් නම් මට (පිරිකර ද) නො වන්නේ ය. (මම) මතු නො වන්නෙම් නම් මතු ද මට (පිරිකර) නො වන්නේ ය” කියා යි. මහණෙනි, යම් ඒ උච්ඡේද දෘෂ්ටියක් වේ නම් ඒ සංස්කාරය යි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද යත්: මහණෙනි, අවිදු සම්පහසින් හටගත් වේදනායෙන් පහස්නා ලද අශ්‍රැතවත් පෘථජ්ජනහට තෘෂ්ණා උපන, ඒ සංස්කාර එයින් (ඒ තෘෂ්ණායෙන්) හටගත්තේ ය. මහණෙනි, මෙසේ ඒ සංස්කාර ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. ඒ තෘෂ්ණා ද ... ඒ වේදනා ද ... ඒ ස්පර්‍ශ ද … ඒ අවිද්‍යා ද අනිත්‍ය ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. මහණෙනි, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහට අර්‍හන්මාර්‍ගයට අනන්තර ව අර්‍හත්ඵලය වේ.
Pali BJTන හෙව ඛො රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං අත්තානං සමනුපස්සති න අත්තනි රූපං සමනුපස්සති න රූපස්මිං අත්තානං සමනුපස්සති. න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං අත්තානං සමනුපස්සති න අත්තනි වෙදනං සමනුපස්සති න වෙදනාය අත්තානං සමනුපස්සති. න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි සඤ්ඤං සමනුපස්සති. න සඤ්ඤාය අත්තානං සමනුපස්සති. න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. න සඞ්ඛාරවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි සඞ්ඛාරෙ සමනුපස්සති. න සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. න විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති. න අත්තනි විඤ්ඤාණං සමනුපස්සති. න විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති.
Sinhala BJTරූපය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය රුපවත්ය යි නො ම දකියි, ආත්මයෙහි ලා රූපය ඇතැයි නො ම දකියි. රූපයෙහි ලා ආත්මය ඇතැ යි නො ම දකී. වේදනාව ආත්ම වශයෙන් නො ම දකි යි, ආත්මය වේදනාවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා වේදනාව ඇතැ යි නො ම දකියි, වේදනායෙහි ලා ආත්මය ඇතැයි නො ම දකී. සංඥාව ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි නො ම දකී. ආත්මයෙහි ලා සංඥාව පවතී ය යි නො ම දකියි, සංඥායෙහි ලා ආත්මය පවතී ය යි නො ම දකී. සංස්කාර ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය, සංස්කාරවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා සංස්කාර පවතී ය යි නො ම දකියි, සංස්කාරයෙහි ලා ආත්මය පවතී ය යි නො ම දකී. විඥානය ආත්ම වශයෙන් නො ම දකියි, ආත්මය විඥානවත් ය යි නො ම දකියි, ආත්මයෙහි ලා විඥානය පවතී යයි නො ම දකියි, විඥානයෙහි ලා ආත්මය පවතී යයි නො ම දකියි.