Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- භගවන්තං පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතර අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 3.
Sinhala BJT1. 2. 2. 3.
Pali BJTඅභිනන්දන සුත්තං
Sinhala BJTඅභිනන්‍දන සූත්‍රය
Pali BJT65. සාවත්ථියං:
Sinhala BJT65. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ ... එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවි” යි.
Pali BJTඅභිනන්දමානො ඛො භික්ඛු, බද්ධො මාරස්ස, අනභිනන්දමානො මුත්තො පාපිමතො’ති.
Sinhala BJT“මහණ, තෘෂ්ණාදි විසින් අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ පාපිමත්හුගේ (මරහුගේ) පාශයෙන් මිදුණේ වෙයි.”
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා’ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, දන්නා ලදැ යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ”යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති?
Sinhala BJT“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ කෙසේ නම් තෙපි විස්තර විසින් දනිවු දැ?”
Pali BJTරූපං ඛො භන්තෙ, අභිනන්දමානො බද්ධො මාරස්ස, අනභිනන්දමානො මුත්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අභිනන්දමානො බද්ධො මාරස්ස, අනභිනන්දමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛ්වා’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
Sinhala BJTවහන්ස, රූපය, අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් මම් විස්තර වශයෙන් දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු. සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTමහණ, මනා යැ මනා යැ. මහණ, මා විසින් සැකෙවින් දේශිතධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් තෙපි විස්තර ලෙස දනිවු.
Pali BJTරූපං ඛො භික්ඛු, අභිනන්දමානො බද්ධො මාරස්ස, අනභිනන්දමානො මුත්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අභිනන්දමානො බද්ධො මාරස්ස, අනභිනන්දමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති.
Sinhala BJTමහණ, රූපය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් විස්තර ලෙස දතයුතු යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- භගවන්තං පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 4.
Sinhala BJT1. 2. 2. 4.
Pali BJTඅනිච්ච සුත්තං
Sinhala BJTඅනිච්ච සූත්‍රය
Pali BJT66. සාවත්ථියං:
Sinhala BJT66. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය.
Pali BJTසාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය’න්ති.
Sinhala BJT“වහන්ස, මම් යම් දහමක් භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන්වූයෙම් නො පමාවූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම්, නිවන් කරා යොමු කළ සිත් ඇතියෙම්, වාස කෙරෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් දෙසනසේක් නම් මැනැවි” යි.
Pali BJTයං ඛො භික්ඛු, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො’ති.
Sinhala BJTමහණ, යමෙක් අනිත්‍ය ද, එහි තොපගේ තෘෂ්ණා ඡන්‍දය දුරලියයුතු යි.
Pali BJTඅඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති.
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු ද?
Pali BJTරූපං ඛො භන්තෙ, අනිච්චං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො, වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛ්වා’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
Sinhala BJTවහන්ස, රූපය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු වෙයි. වේදනාව අනිත්‍ය යැ ... සංඥාව අනිත්‍ය යැ, ... සංස්කාර අනිත්‍ය යැ, ... විඥානය අනිත්‍ය යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති.
Sinhala BJTමැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසේ විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනිත්‍ය යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් භාෂිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසේ දතයුත්තේ යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු, භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 5.
Sinhala BJT1. 2. 2. 5.
Pali BJTදුක්ඛ සුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT67. සාවත්ථියං:
Sinhala BJT67. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම් ... නිවන් කරා යොමුකළ සිතැති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මැනවි යි.
Pali BJTයං ඛො භික්ඛු, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො’ති.
Sinhala BJTමහණ, යමක් දුක් ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි.
Pali BJTඅඤ්ඤාතං භගවා’ අඤ්ඤාතං සුගතා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති?
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ කවර අයුරකින් තෙපි විස්තර වශයෙන් දනිවු දැයි.
Pali BJTරූපං ඛො භන්තෙ, දුක්ඛං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛ්වා’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
Sinhala BJTවහන්ස, රූපය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වේදනාව දුක් යැ, ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් විස්තර වශයෙන් මෙසේ දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති
Sinhala BJTමැනවි මැනවි මහණ. මහණ මා විසින් සැකෙවින් කියන ලද වචනයාගේ අර්‍ත්‍ථ තෙපි විස්තර වශයෙන් දනිවු, මහණ, රූපය දුක් යැ, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව දුක් යැ ... සංඥාව දුක් යැ ... සංස්කාර දුක් යැ ... විඥානය දුක් යැ. ... එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු යි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ විස්තර වශයෙන් මෙසේ දතයුත්තේ යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑ කල්හි, ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 6.
Sinhala BJT1. 2. 2. 6.
Pali BJTඅනත්ත සුත්තං
Sinhala BJTඅනත්ත සූත්‍රය
Pali BJT68. සාවත්ථියං:
Sinhala BJT68. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසනසේක් නම් මනා යි.
Pali BJTයො ඛො භික්ඛු, අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො’ති.
Sinhala BJTමහණ, යමක් අනාත්ම ද එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍ද ප්‍රහාණ කළයුතු.
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති?
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි කිසෙයින් විතර විසින් දනිවු දැ යි?
Pali BJTරූපං ඛො භන්තෙ, අනත්තා, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. වෙදනා අනත්තා -පෙ- සඤ්ඤා අනත්තා -පෙ- සඞ්ඛාරා අනත්තා -පෙ- විඤ්ඤාණං අනත්තා, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
Sinhala BJTවහන්ස, රූපය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කළයුතු වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ... සංස්කාර අනාත්ම යි ... විඥානය අනාත්ම යි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති.
Sinhala BJTමහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද වචනයාගේ අරුත් තෙපි විතර විසින් මෙසේ දනිවු, ඒ මැනවි. මහණ, රූපය අනාත්ම යි, එහි ලා තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි, වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු. මහණ, මා විසින් සැකෙවින් පැවසූ වචනයාගේ අරුත් විතර විසින් මෙසේ දතයුත්තේ යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 7.
Sinhala BJT1. 2. 2. 7.
Pali BJTඅනත්තනිය සුත්තං
Sinhala BJTඅනත්තනිය සූත්‍රය
Pali BJT69. සාවත්ථියං:
Sinhala BJT69. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් ... එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම් ... නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මනා යි.
Pali BJTයං ඛො භික්ඛු අනත්තනියං, තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTමහණ, යමක් තමා අයත් ද, එහි තෘෂ්ණාච්ඡන්‍ද හළයුතු යි.
Pali BJTඅඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසී’ති?
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් දේශිත මේ වචනයාගේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර වශයෙන් දනිවූ දැ යි?
Pali BJTරූපං ඛො භන්තෙ, අනත්තනියං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. වෙදනා අනත්තනියා, තත්ර මෙ ඡන්දො පහාතබ්බො, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා අනත්තනියා, තත්ර මෙ ඡන්දො පහාතබ්බො, විඤ්ඤාණං අනත්තනියං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො’හං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, රූපය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වේදනාව තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. සංඥාව ... සංස්කාර තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. විඥානය තමා අයත් නො වෙයි, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, අනත්තනියං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා අනත්තනියා -පෙ- සඤ්ඤා අනත්තනියා -පෙ- සඞ්ඛාරා අනත්තනියා -පෙ- විඤ්ඤාණං අනත්තනියං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති
Sinhala BJTමහණ, මැනවි, මැනවි. මහණ මා විසින් සැකෙවින් පැවසූ වචනයේ අරුත් මෙසේ තෙපි විතර විසින් දනිවු. මහණ, රූපය තමා සතු නොවෙ යි, එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු ය. වේදනාව තමාසතු නො වෙයි, ... සංඥාව තමා සතු නො වෙයි ... සංස්කාර තමා සතු නො වෙයි ... විඥානය තමා සතු නො වෙයි. එහි ලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය හළයුතු. මහණ මා විසින් සැකෙවින් පැවසූ මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් දතයුත්තේ යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු, භගවතො භාසිතං අභිනන්දිත්වා -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... ඒ මහණ රහතුන් අතර අන්‍යතරයෙක් ද වූයේ යි.
Pali BJT1. 2. 2. 8.
Sinhala BJT1. 2. 2. 8.
Pali BJTරජනීය සුත්තං
Sinhala BJTරජනීය සූත්‍රය
Pali BJT70. සාවත්ථියං:
Sinhala BJT70. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් ... එකත්පස්වැ හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා ව කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට දේශනා කරනසේක් නම් මැනැවැ යි.
Pali BJTයං ඛො භික්ඛු, රජනීයසණ්ඨිතං තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTමහණ, රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටි යමක් ඇත් ද, එහි තාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු යි.
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස දන්නා ලදැ යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි?
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් දේශිත වචනයේ අර්‍ත්‍ථ කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ යි?
Pali BJTරූපං ඛො භන්තෙ, රජනීයසණ්ඨිතං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. වෙදනා රජනීයසණ්ඨිතා, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං රජනීයසණ්ඨිතං, තත්ර මෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමී’ති.
Sinhala BJTවහන්ස, රූපය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ ය, එහිලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. වේදනාව රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියා යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජනද්‍රව්‍යාකාරයෙන් සිටියේ යැ, එහි ලා මාගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණ කටයුතු වේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මම් මෙසේ විස්තර වශයෙන් දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, රජනීය සණ්ඨිතං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං රජනීයසණ්ඨිතං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTමහණ, මැනවි මැනවි. මහණ මා විසින් සැකෙවින් දේශිත වචනයාගේ අර්‍ත්‍ථ තෙපි විස්තර විසින් දනිවු. ඒ මැනවි. මහණ, රූපය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි. එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළ යුතු යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය රඤ්ජන ද්‍රව්‍යාකාරයෙන් සිටියේ වෙයි, එහිලා තොපගේ තෘෂ්ණාච්ඡන්‍දය ප්‍රහාණය කළයුතු.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ අභිවාදනා කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන කරා යොමු කළ සිතැති වැ වාස කරනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වෙත් ද , බඹසර කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත්‍වය තමා මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ යි. “ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මෙ රහත් බව සඳහා කළමනා අන් කිසෙක් නැතැ”යි වෙසෙසින් දත්තේ යැ. ඒ මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 9.
Sinhala BJT1. 2. 2. 9.
Pali BJTරාධ සුත්තං
Sinhala BJTරාධ සූත්‍රය
Pali BJT71. සාවත්ථියං:
Sinhala BJT71. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා රාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙකැ හුන්හ. එකත් පසෙකැ හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJT“කථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමිඞ්කාර මානානුසයා න හොන්තී”ති?
Sinhala BJTවහන්ස, කිසෙයින් දන්නා කිසෙයින් දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍වනිමිත්තයන්හිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ යි?
Pali BJTයං කිඤ්චි රාධ, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං
Sinhala BJTරාධය, අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, ආධ්‍යාත්ම හෝ බාහිර හෝ ඖදාරික හෝ සූක්‍ෂම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුරැ හෝ ළඟැ හෝ යම් කිසි රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. යම් කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරැ වේවයි ළඟැ වේවයි යම් කිසි විඥානයෙක්
Pali BJTවිඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො රාධ, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්තීති. -පෙ- අඤ්ඤතරො ච පනායස්මා රාධො අරහතං අහොසීති.
Sinhala BJTඇත් ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙයි” මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දකියි. රාධය මෙසේ දන්නා මෙසේ දක්නා පුඟුල්හට සවිඥානක මේ ශරීරයෙහිත් බාහිර රූපාදි සර්‍ව නිමිත්ත විෂයෙහිත් අහංකාර දෘෂ්ටිය – මමීකාර තෘෂ්ණාව – මාන යන අනුශයයෝ නො වෙත් යි ... ආයුෂ්මත් රාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.
Pali BJT1. 2. 2. 10.
Sinhala BJT1. 2. 2. 10.
Pali BJTසුරාධ සුත්තං
Sinhala BJTසුරාධ සූත්‍රය
Pali BJT72. සාවත්ථියං:
Sinhala BJT72. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා සුරාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTකථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානාපගතං මානසං හොති, විධා සමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති?
Sinhala BJTවහන්ස, කිසෙයින් දන්නාහුගේ කිසෙයින් දක්නාහුගේ සිත සවිඥානක වූ මේ කයෙහිත් බැහැර රූපාදි සියලු නිමිති විෂයෙහිත් අහිඞ්කාර (-දිට්ඨි) මමිඞ්කාර (-තණ්හා) මාන පහවූයේ වේ ද, මාන කොටස් මැනැවින් ඉක්මැ වූයේ ක්ලේශව්‍යපශමයෙන් ශාන්ත වූයේ කෙලෙසුන් කෙරෙන් මිදුණේ වේ දැ යි?
Pali BJTයං කිඤ්චි සුරාධ, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති.
Sinhala BJTසුරාධ, ආධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න යම්කිසි රූපයෙක් ඇත් ද දුර හෝ ළඟ හෝ යම් රූපයෙක් ඇත් ද, ඒ සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක් ප්‍රඥාවෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති.
Sinhala BJTයම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීත – අනාගත – ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්සිකි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ ය” යි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැන උපාදාන විසින් නො ගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයි.
Pali BJTඑවං ඛො සුරාධ, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානාපගතං මානසං හොති විධා සමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති -පෙ- අඤ්ඤතරො ච පනායස්මා සුරාධො අරහතං අහොසී’ති.
Sinhala BJTසුරාධ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත මේ විඥාන සහිත කයෙහි ද, බාහිර සියලු නිමිත්තයන්හි ද දිට්ඨි - තණ්හා - මානයෙන් පහවූයේ වෙයි, මාන කොටස් මොනොවට ඉක්මැවූයේ ශාන්ත වූයේ මොනොවට මිදුණේ වෙයි. ... ආයුෂ්මත් සුරාධ තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර කෙනෙක් වූහ යි.
Pali BJTඅරහන්තවග්ගො දුතියො
Sinhala BJTදෙවැනි අරහන්තවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋපාදිය මඤ්ඤමානො අථොපි අභිනන්දනා අනිච්චං දුක්ඛං අනත්තා ච අනත්තනියං රජනීයසණ්ඨිතං රාධ සුරාධෙන චෙව දුතියො පූරිතො වග්ගො.
Sinhala BJTඋපාදිය, මඤ්ඤමාන, යළි අභිනන්‍දනා අනිච්ච, දුක්ඛ, අනත්ත, අත්තනිය, රජනීය, රාධ, සුරාධ දැ යි සූත්‍ර දශයකින් දෙවැනි වර්‍ගය පිරුණේ වෙයි.
Pali BJT3. ඛජ්ජනීයවග්ගො
Sinhala BJT3. ඛජ්ජනීය වර්‍ගය
Pali BJT1. 2. 3. 1.
Sinhala BJT1. 2. 3. 1.
Pali BJTඅස්සාද සුත්තං
Sinhala BJTඅස්සාද සූත්‍රය
Pali BJT73. සාවත්ථියං:
Sinhala BJT73. සැවැත්නුවර:
Pali BJTඅස්සුතවා භික්ඛවෙ, පුථුජ්ජනො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති.
Sinhala BJTමහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ ආශ්වාද ද,ආදීනව ද, නිස්සරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාද ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
Pali BJTසුතවා ච ඛො භික්ඛවෙ, අරියසාවකො රූපස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාතීති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ ආස්වාදත් ආදීනවත් නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් ඇති සැටි දනී යි.
Pali BJT1. 2. 3. 2.
Sinhala BJT1. 2. 3. 2.
Pali BJTපඨම සමුදය සුත්තං
Sinhala BJTපළවැනි සමුදය සූත්‍රය
Pali BJT74. සාවත්ථියං:
Sinhala BJT74. සැවැත්නුවර:
Pali BJTඅස්සුතවා භික්ඛවෙ, පුථුජ්ජනො රූපස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති.
Sinhala BJTමහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
Pali BJTසුතවා ච ඛො භික්ඛවෙ, අරියසාවකො රූපස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාතීති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ සමුදයත්, අස්තඞ්ගමයත්, ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණයත් ඇතිසැටි දනී යි.
Pali BJT1. 2. 3. 3.
Sinhala BJT1. 2. 3. 3.
Pali BJTදුතිය සමුදය සුත්තං
Sinhala BJTදෙවැනි සමුදය සූත්‍රය
Pali BJT75. සාවත්ථියං:
Sinhala BJT75. සැවැත්නුවර:
Pali BJTසුතවා භික්ඛවෙ, අරියසාවකො රූපස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාතීති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද, ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි දනී යි.