Pali BJT1. 5. 9.
Sinhala BJT1. 5. 9.
Pali BJTමච්ඡරිසුත්තං
Sinhala BJTමච්ඡරි සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT49. යෙ’ධ මච්ඡරිනො ලොකෙ කදරියා පරිභාසකා, අඤ්ඤෙසං දදමානානං අන්තරායකරා නරා.
Sinhala BJT49. දැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද්ද,
Pali BJTකීදිසො තෙසං විපාකො සම්පරායො ච කීදිසො, භගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
Sinhala BJTඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙ’ධ මච්ඡරිනො ලොකෙ කදරියා පරිභාසකා, අඤ්ඤෙසං දදමානානං අන්තරායකරා නරා.
Sinhala BJTදැඩි මසුරුකම් ඇති, පරිභව කරණ, දන් දෙන අනුන්ට අන්තරාය කරණ, යම් මසුරු මිනිස් කෙනෙක් මෙලොව වෙද් ද,
Pali BJTනිරයං තිරච්ඡානයොනිං යමලොකඤ්චුපපජ්ජරෙ,{1} සචෙ එන්ති මනුස්සත්තං දළිද්දෙ ජායරෙ කුලෙ, චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා යත්ථ කිච්ඡෙන ලබ්භති.
Sinhala BJT(ඔහු) නරකයට ද, තිරිසන් යෝනියට ද, යමලෝකයට ද පැමිණෙත්. ඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාම සම්පත් හා ක්‍රීඩා දුක සේ ලැබෙද් ද, (එබඳු) දිළිඳු කුලයෙක උපදී.
Pali BJTපරතො ආසිංසරෙ{2} බාලා තම්පි තෙසං නලබ්භති, දිට්ඨෙ{3} ධම්මෙ සවිපාකො සම්පරායෙ{4} ච දුග්ගතීති.
Sinhala BJTඒ අඥානයෝ මෙරමාගෙන් (යමක්) බලාපොරොත්තු වෙත් නම්, එය ද ඔවුන්ට නො ලැබේ. මෙලොව ඒ විපාක යි. පරලොව ද දුගතිය වේ.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTඉතිහෙතං විජානාම අඤ්ඤං පුච්ඡාම ගොතම, යෙ’ධ ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරා. බුද්ධෙ පසන්නා ධම්මෙ ච සඞ්ඝෙ ච තිබ්බගාරවා.
Sinhala BJTගෞතමය වහන්ස, මෙසේ මෙය දැනුම්හ. අනෙකක් විචාරමු. යම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අතිශය ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්කලු වූහු ද,
Pali BJTකීදිසො තෙසං විපාකො සම්පරායො ච කීදිසො, භගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයන්ති.
Sinhala BJTඔවුන්ගේ විපාකය කෙබඳු ද? පරලොව ගතියත් කෙබඳු ද? භාගවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙ’ධ ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරා, බුද්ධෙ පසන්නා ධම්මෙ ච සඞ්ඝෙ ච තිබ්බගාරවා, එතෙ සග්ගෙ පකාසෙන්ති{5} යත්ථ තෙ උපපජ්ජරෙ.
Sinhala BJTයම් කෙනෙක් මේ ලෝකයෙහි මිනිසත්බව ලැබ පහ වූ මසුරුමල ඇත්තාහු බුදුන් දහම් සඟුන් කෙරෙහිත් පැහැදුනාහු අත්‍යන්ත ගෞරව ඇත්තාහු (වදාන්‍ය) දන්සොඬ වෙද්ද, ඔහු යම් තැනක උපදිද් ද, ඒ ස්වර්‍ගයෙහි මොහු බබලත්.
Pali BJTසචෙ එන්ති මනුස්සත්තං අඩ්ඪෙ ආජායරෙ කුලෙ, චොළං පිණ්ඩො රතී ඛිඩ්ඩා යත්ථාකිච්ඡෙන ලබ්භති.
Sinhala BJTඉදින් මිනිසත්බවට එත් නම්, යම් කුලයෙක වස්ත්‍ර ආහාර කාමවස්තු හා ක්‍රීඩා නිදුකින් ලැබෙද් ද (එබඳු) ආඪ්‍ය කුලයෙක උපදිත්.
Pali BJTපරසම්භතෙසු භොගෙසු වසවත්තීව මොදරෙ, දිට්ඨෙ{6} ධම්මෙ සවිපාකො සම්පරායෙ ච සුග්ගතීති.
Sinhala BJTඅනුන් විසින් රැස් කරණ ලද භෝගයන්හි එහි හිමියන් මෙන් සතුටු වෙත්. මෙලොව ඒ විපාක යි. පරලොවත් සුගතිය වේ.
Pali BJT1. 5. 10.
Sinhala BJT1. 5. 10.
Pali BJTඝටීකාරසුත්තං
Sinhala BJTඝටීකාර සූත්‍රය
Pali BJT[ඝටීකාර දෙවතා:]
Sinhala BJT[ඝටීකාර දෙවි:]
Pali BJT50. අවිහං උපපන්නා සෙ විමුත්තා සත්ත භික්ඛවො, රාගදොසපරික්ඛීණා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJT50. භික්‍ෂූහු සත්නමක් සත්නමක් අවිහබඹලොවට පැමිණියාහු මිදුනාහු රාගද්වේෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළාහු ය.
Pali BJTකෙ ච තෙ අතරුං සඞ්ගං{7} මච්චුධෙය්යං සුදුත්තරං, කෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං{8} උපච්චගුං.
Sinhala BJTතරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් තරණය කළාහු කවුරු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සංඛ්‍යාත ඕරම්භාගිය සංයෝජන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජන) පසත් ඉක්ම ගියාහු ද?
Pali BJTඋපකො පලගණ්ඩො ච පුක්කුසාති ච තෙ තයො, භද්දියො භද්දදෙවො ච බාහුදන්තී ච පිඞ්ගියො.{9} තෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං{8} උපච්චගුන්ති.
Sinhala BJTඋපක පලගණ්ඬ පුක්කුසාති යන තිදෙන ද, භද්දිය භද්‍දදේව බාහුදන්ති පිඞ්ගිය යන (සිවුදෙන ද) යන ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකුසලී භාසසි තෙසං මාරපාසප්පහායිනං, කස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනං.
Sinhala BJTමාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට ‘අනවද්‍යයහ’යි බෙණෙහි (පසස්නෙහි). ඔහු කවරෙකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?
Pali BJT[ඝටීකාර:]
Sinhala BJT[ඝටීකාර:]
Pali BJTන අඤ්ඤත්ර භගවතා නාඤ්ඤත්ර තව සාසනා, යස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනං.
Sinhala BJTඔහු යමකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේ නොහැර යි. මුඹ වහන්සේගේ සසුන ද නොහැර යි.
Pali BJTයත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, තං තෙ ධම්මං ඉධඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනන්ති.
Sinhala BJTයම් නිවණෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද, මේ සසුනෙහි ඔහු ඒ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTගම්භීරං භාසසි වාචං දුබ්බිජානං සුදුබ්බුධං, කස්ස ත්වං ධම්මමඤ්ඤාය වාචං භාසසි ඊදිසන්ති.
Sinhala BJTගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරෙකුගේ ධර්‍මය දැන මෙබඳු වචන කියහු ද?
Pali BJT[ඝටීකාර:]
Sinhala BJT[ඝටීකාර:]
Pali BJTකුම්භකාරො පුරෙ ආසිං වෙහලිඞ්ගෙ{1} ඝටීකරො, මාතාපෙත්තිභරො ආසිං කස්සපස්ස උපාසකො.
Sinhala BJTපෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ උපාසකයකු වූයෙම් මවුපියන් පොෂණය කරන්නෙකිම් වීමි.
Pali BJTවිරතො මෙථුනා ධම්මා බ්රහ්මචාරී නිරාමිසො, අහුවා තෙ සගාමෙය්යො අහුවා තෙ පුරෙ සඛා.
Sinhala BJTමෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිස (=අනාගාමී) බ්‍රහ්මචාරියකු වූයෙමි. තොප හා එකගම වසන්නෙකිම් වීමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
Pali BJTසො’හං එතෙ{2} පජානාමි විමුත්තෙ සත්ත භික්ඛවො, රාගදොසපරික්ඛීණෙ තිණ්ණෙ ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTඒ මම රාගදේවේෂයන් ක්‍ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්‍ෂූන් සත්නම දනිමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඑවමෙතං තදා ආසි යථා භාසසි භග්ගව, කුම්භකාරො පුරෙ ආසි වෙහලිඞ්ගෙ ඝටීකරො, මාතාපෙත්තිභරො ආසි කස්සපස්ස උපාසකො.
Sinhala BJTභාර්‍ගවය, යම්සේ කියහි නම් එකල්හි මේ එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් වූයේ ය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසක වූයේ මවුපියන් පෝෂණය කරන්නෙක් වූයේ ය.
Pali BJTවිරතො මෙථුනා ධම්මා බ්රහ්මචාරී නිරාමිසො, අහුවා මෙ සගාමෙය්යො අහුවා මෙ පුරෙ සඛාති.
Sinhala BJTමෙවුන්දමින් වැළකුනු නිරාමිස බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක ගම වසන්නෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් වී ය.
Pali BJT[ථෙරා:]
Sinhala BJT[තෙරහු:]
Pali BJTඑවමෙතං පුරාණානං සහායානං අහු{3} සඞ්ගමො, උභින්නං භාවිතත්තානං සරීරන්තිමධාරිනන්ති.
Sinhala BJTවඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනකුගේ මේ එක්වීම මෙසේ විය.
Pali BJTආදිත්තවග්ගො පඤ්චමො.
Sinhala BJTආදිත්ත වර්‍ගය පස්වැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආදිත්තං කිංදදං අන්නං එකමූලඅනොමියං, අච්ඡරාවනජෙතෙන මච්ඡරෙන ඝටීකරො’ති.
Sinhala BJTආදිත්ත, කිංදද, අන්න, ඒකමූල, අනෝම, අච්ඡරා, වනරෝප, ජේතවන, මචේඡර, ඝටීකාර සූත්‍රයයි දශයෙකි.
Pali BJT6. ජරාවග්ගො
Sinhala BJT6. ජරා වර්‍ගය
Pali BJT1. 6. 1.
Sinhala BJT1. 6. 1.
Pali BJTජරාසුත්තං.
Sinhala BJTජරා සූත්‍රය
Pali BJT51. සාවත්ථියං–
Sinhala BJT51. සැවැත් නුවර –
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTකිංසු යාව ජරා සාධු කිංසු සාධු පතිට්ඨිතං, කිංසු නරානං රතනං කිංසු චොරෙහි දූහරන්ති.
Sinhala BJTජරාව තෙක් කුමක් මැනවි ද? කිමෙක් පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? සොරුන් විසින් කුමක් පැහැර නොගතහැකි වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසීලං යාව ජරා සාධු සද්ධා සාධු පතිට්ඨිතා, පඤ්ඤා නරානං රතනං පුඤ්ඤං චොරෙහි දූහරන්ති.
Sinhala BJTජරාව තෙක් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. මිනිසුන්ට ප්‍රඥාව රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.
Pali BJT1. 6. 2.
Sinhala BJT1. 6. 2.
Pali BJTඅජරසාසුත්තං
Sinhala BJTඅජරසා සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT52. කිංසු අජරසා සාධු කිංසු සාධු අධිට්ඨිතං, කිංසු නරානං රතනං කිංසු චොරෙහි’හාරියන්ති.{1}
Sinhala BJT52. නොදිරීමෙන් කුමක් මැනවි ද? කිමෙක් (ස්වසන්තානයෙහි) පිහිටියේ මැනවි ද? මිනිසුන්ට කුමක් රුවන වේ ද? කිමෙක් සොරුන් විසින් පැහැර නොගතහැකි වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසීලං අජරසා සාධු සද්ධා සාධු අධිට්ඨිතා, පඤ්ඤා නරානං රතනං පුඤ්ඤං චොරෙහි’හාරියන්ති.
Sinhala BJTනොදිරීමෙන් ශීලය මැනවි. ශ්‍රද්ධාව පිහිටියා මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රුවන වේ. පින සොරුන් විසින් පැහැර නොගතහැකි වේ.
Pali BJT1. 6. 3.
Sinhala BJT1. 6. 3.
Pali BJTමිත්තසුත්තං.
Sinhala BJTමිත්ත සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT53. කිංසු පවසතො{2} මිත්තං කිංසු මිත්තං සකෙ ඝරෙ, කිං මිත්තං අත්ථජාතස්ස කිං මිත්තං සම්පරායිකන්ති.
Sinhala BJT53. බැහැර වසන්නහුට මිත්‍රයා කවරෙක් ද? සිය ගෙහි මිත්‍රයා කවරෙක් ද? කටයුතු ඇත්තහුට මිත්‍රයා කවරෙක් ද? පරලොව මිත්‍රයා කවරෙක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසත්ථො පවසතො{2} මිත්තං මාතා මිත්තං සකෙ ඝරෙ, සහායො අත්ථජාතස්ස හොති මිත්තං පුනප්පුනං, සයං කතානි පුඤ්ඤානි තං මිත්තං සම්පරායිකන්ති.
Sinhala BJTබැහැර වසන්නහුට සාත්තුව (තවලම) මිතුරා ය. සියගෙහි මිතුරා මව ය. කටයුතු ඇත්තහුට යහළුවා නැවත නැවත මිතුරා වෙයි. තමා විසින් කරණ ලද පින් ඒ පරලොව මිතුරා වෙයි.
Pali BJT1. 6. 4.
Sinhala BJT1. 6. 4.
Pali BJTවත්ථුසුත්තං.
Sinhala BJTවත්‍ථු සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT54. කිංසු වත්ථු මනුස්සානං කිං සූධ පරමො{3} සඛා, කිංසු භූතූපජීවන්ති{4} යෙ පාණා පඨවිංසිතාති.
Sinhala BJT54. මිනිසුන්ට කුමක් පිහිට වේ ද? මෙහි උතුම් යහළුවා කවරෙක් ද? පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් (ඒ) සත්ත්‍වයෝ කුමක් ඇසුරු කොට ජීවත් වෙද්ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJT54. පුත්තා වත්ථු මනුස්සානං භරියාව{1} පරමො{2} සඛා, වුට්ඨිං භූතූපජීවන්ති{3} යෙ පාණා පඨවිංසිතාති.{4}
Sinhala BJT54. පුත්‍රයෝ මිනිසුන්ට පිහිට වෙත්. බිරිය ම උතුම් යහළු ය. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් නම් ඒ සත්ත්‍වයෝ වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.
Pali BJT1. 6. 5.
Sinhala BJT1. 6. 5.
Pali BJTපඨමජනෙතිසුත්තං
Sinhala BJTපඨමජනෙති සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT55. කිංසු ජනෙති පුරිසං කිංසු තස්ස විධාවති, කිංසු සංසාරමාපාදි කිංසු තස්ස මහබ්භයන්ති.
Sinhala BJT55. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට මහත් බිය වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතණ්හා ජනෙති පුරිසං චිත්තමස්ස විධාවති, සත්තො සංසාරමාපාදි දුක්ඛමස්ස මහබ්භයන්ති.
Sinhala BJTතෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුක ඔහුට මහත් බිය ය.
Pali BJT1. 6. 6.
Sinhala BJT1. 6. 6.
Pali BJTදුතියජනෙතිසුත්තං
Sinhala BJTදුතියජනෙති සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT56. කිංසු ජනෙති පුරිසං කිංසු තස්ස විධාවති, කිංසු සංසාරමාපාදි කිස්මා න පරිමුච්චතීති.
Sinhala BJT56. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කුමකින් නො මිදේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතණ්හා ජනෙති පුරිසං චිත්තමස්ස විධාවති, සත්තො සංසාරමාපාදි දුක්ඛා න පරිමුච්චතීති.
Sinhala BJTතෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. දුකින් නො මිදේ.
Pali BJT1. 6. 7.
Sinhala BJT1. 6. 7.
Pali BJTතතියජනෙතිසුත්තං
Sinhala BJTතතිය ජනෙති සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT57. කිංසු ජනෙති පුරිසං කිංසු තස්ස විධාවති, කිංසු සංසාරමාපාදි කිංසු තස්ස පරායණන්ති.
Sinhala BJT57. කවරෙක් සත්ත්‍වයා උපදවා ද? ඔහුගේ කිමෙක් ඔබ මොබ දිවේ ද? කවරෙක් සසරට පැමිණියේ ද? කිමෙක් ඔහුට පිහිට වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතණ්හා ජනෙති පුරිසං චිත්තමස්ස විධාවති, සත්තො සංසාරමාපාදි කම්මං තස්ස පරායණන්ති.
Sinhala BJTතෘෂ්ණාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඔබ මොබ දිවේ. සත්ත්‍වයා සසරට පැමිණියේ ය. කර්‍මය ඔහුට පිහිට වෙයි.
Pali BJT1. 6. 8.
Sinhala BJT1. 6. 8.
Pali BJTඋප්පථසුත්තං
Sinhala BJTඋප්පථ සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT58. කිංසු උප්පථො අක්ඛාතො කිංසු රත්තින්දිවක්ඛයො, කිං මලං බ්රහ්මචරියස්ස කිං සිනානමනොදකන්ති.
Sinhala BJT58. කිමෙක් නොමග ය යි කියන ලද්දේ ද? කිමෙක් රෑ දාවල්හි ගෙවේ ද? බඹසරට කිලුට කිමෙක් ද? දිය නැති නෑම කිමෙක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTරාගො උප්පථො අක්ඛාතො{1} වයො රත්තින්දිවක්ඛයො, ඉත්ථි මලං බ්රහ්මචරියස්ස එත්ථායං සජ්ජතෙ පජා, තපො ච බ්රහ්මචරියඤ්ච තං සිනානමනොදකන්ති.
Sinhala BJTරාගය නොමග ය යි කියන ලද්දේ ය. වයස රෑ දාවල්හි ගෙවේ. ස්ත්‍රිය බඹසරට කිලුට ය. මේ සත්ත්‍වසමූහයා මෙහි ඇලේ. තපස ද බඹසර ද (යන) එය දිය නැති නෑමයි.
Pali BJT1. 6. 9.
Sinhala BJT1. 6. 9.
Pali BJTදුතියාසුත්තං{*}
Sinhala BJTදුතියා සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT59. කිංසු දුතියා{2} පුරිසස්ස හොති කිංසු චෙනං පසංසති, කිස්ස චාභිරතො මච්චො සබ්බදුක්ඛා පමුච්චතීති.
Sinhala BJT59. පුරුෂයාට කවරක් දෙවැන්නී වේ ද? කවරෙක් ඔහුට අනුශාසනා කෙරේ ද? කිමෙක මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්ධා දුතියා පුරිසස්ස හොති පඤ්ඤා චෙනං පසංසති, නිබ්බාණාභිරතො මච්චො සබ්බදුක්ඛා පමුච්චතීති.
Sinhala BJTශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නී වේ. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරෙයි. නිවණෙහි මැනවින් ඇලුනු සත්ත්‍ව තෙමේ සියලු දුකින් මිදේ.
Pali BJT1. 6. 10.
Sinhala BJT1. 6. 10.
Pali BJTකවිසුත්තං
Sinhala BJTකවි සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]