Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5801-5900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTචත්තාරො ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. ඉදං වුච්චති භික්ඛවෙ, රූපං. ආහාරසමුදයා රූපසමුදයො, ආහාරනිරොධා රූපනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො රූපනිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං රූපස්ස අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපස්ස ආදීනවො. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං රූපස්ස නිස්සරණං.
Sinhala BJTසතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූපනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම රූපනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද මෙ රූපයාගේ ආදීනව යි. රූප විෂයෙහි යම් ඡන්‍ද රාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මෙ රූපයාගේ නිශ්ශරණ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං රූපං අභිඤ්ඤාය, එවං රූපසමුදයං අභිඤ්ඤාය, එවං රූපනිරොධං අභිඤ්ඤාය, එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය. එවං රූපස්ස අස්සාදං අභිඤ්ඤාය, එවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය, එවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුපටිපන්නා. යෙ සුපටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං රූපං අභිඤ්ඤාය, එවං රූපසමුදයං අභිඤ්ඤාය, එවං රූපනිරොධං අභිඤ්ඤාය, එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය. එවං රූපස්ස අස්සාදං අභිඤ්ඤාය, එවං රූපස්ස ආදීනවං අභිඤ්ඤාය, එවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා, තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයාගේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැත.
Pali BJTකතමා ච භික්ඛවෙ, වෙදනා:
Sinhala BJTමහණෙනි, වේදනා කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ, වෙදනාකායා: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. අයං වුච්චති භික්ඛවෙ, වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො, ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණං.
Sinhala BJTමහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කායසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශසමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම වේදනානිරෝධගාමිනී පටිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. වේදනාව නිසා යම් සුඛයෙක් සොම්නසෙක් උපදනේ ද, මෙ වේදනාව පිළිබඳ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ඇත් ද, මෙ වේදනාව පිළිබඳ ආදීනව යි. වේදනා පිළිබඳ යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ වේදනාව පිළිබඳ නිශ්ශරණ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනං අභිඤ්ඤාය, එවං වෙදනාසමුදයං අභිඤ්ඤාය, එවං වෙදනානිරොධං අභිඤ්ඤාය, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය. එවං වෙදනාය අස්සාදං අභිඤ්ඤාය, එවං වෙදනාය ආදීනවං අභිඤ්ඤාය, එවං වෙදනාය නිස්සරණං අභිඤ්ඤාය, වෙදනාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුපටිපන්නා. යෙ සුපටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනායෙහි ආස්වාදය දැන, මෙසේ වේදනායෙහි ආදීනව දැන, මෙසේ වේදනායෙහි නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්න වෙති. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනං අභිඤ්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ්ඤාය, එවං වෙදනානිරොධං අභිඤ්ඤාය, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය. එවං වෙදනාය අස්සාදං අභිඤ්ඤාය, එවං වෙදනාය ආදීනවං අභිඤ්ඤාය, එවං වෙදනාය නිස්සරණං අභිඤ්ඤාය, වෙදනාය නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා. තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනාව පිළිබඳ ආස්වාදය දැන, මෙසේ වේදනාව පිළිබඳ ආදීනව දැන, මෙසේ වේදනාව පිළිබඳ නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුක්ත වෙත් ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
Pali BJTකතමා ච භික්ඛවෙ සඤ්ඤා:
Sinhala BJTමහණෙනි, සංඥා කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ සඤ්ඤා: රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා. අයං වුච්චති භික්ඛවෙ, සඤ්ඤා -පෙ- වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, මේ සංඥා සමූහ සයෙකි: රූපසංඥා යැ, ශබ්දසංඥා යැ, ගන්‍ධසංඥා යැ, රසසංඥා යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥා යැ, ධර්‍මසංඥා යි. මහණෙනි, මේ ‘සංඥා’ යි කියනු ලැබේ ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, සඞ්ඛාරා:
Sinhala BJTමහණෙනි, සංස්කාර කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ චෙතනාකායා: රූපසඤ්චෙතනා, සද්දසඤ්චෙතනා, ගන්ධසඤ්චෙතනා, රසසඤ්චෙතනා, ඵොට්ඨබ්බසඤ්චෙතනා, ධම්මසඤ්චෙතනා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සඞ්ඛාරා -පෙ- වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, මේ චේතනා සමූහ සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු ‘සංස්කාර’ යි කියනු ලැබෙත්. ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං:
Sinhala BJTමහණෙනි, විඥානය කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ, විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවෙ, විඤ්ඤාණං. නාමරූපසමුදයා විඤ්ඤාණසමුදයො, නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො විඤ්ඤාණනිරොධගාමිනීපටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණස්ස අස්සාදො. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං විඤ්ඤාණස්ස ආදීනවො. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණස්ස නිස්සරණං.
Sinhala BJTමහණෙනි, මේ විඥාන සමූහ සයෙකි: චක්ඛුවිඤ්ඤාණ යැ ... මනෝවිඤ්ඤාණ යි. මහණෙනි, මෙ ‘විඥාන’ යි කියනු ලැබේ. නාමරූප සමුදයෙන් විඥාන සමුදය වෙයි. නාමරූපනිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යි: එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධි යි. විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ විඥානයාගේ ආස්වාද යි. යම් විඥානයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙ විඥානයාගේ ආදීනව යි. විඥාන විෂයෙහි යම් ඡන්‍දරාග විනයයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ විඥානයාගේ නිශ්ශරණ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං විඤ්ඤාණං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණසමුදයං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණස්ස අස්සාදං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණස්ස ආදීනවං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණස්ස නිස්සරණං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුපටිපන්නා. යෙ සුපටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනීප්‍රතිපදාව දැන, මෙසේ විඥානයාගේ ආස්වාදය දැන, මෙසේ විඥානයාගේ ආදීනව දැන, මෙසේ විඥානයාගේ නිශ්ශරණය දැන, විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං විඤ්ඤාණං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණසමුදයං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණස්ස අස්සාදං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණස්ස ආදීනවං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණස්ස නිස්සරණං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා, තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සත්තට්ඨානකුසලො හොති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසෙයින් විඥානයාගේ ආස්වාදය දැන, මෙසෙයින් විඥානයාගේ ආදීනව දැන, මෙසෙයින් විඥානයාගේ නිශ්ශරණය දැන, විඥාන පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් දැඩිව නො ගෙන මිදුණාහු ද, ඔහුතුමූ මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් මොනොවට මිදුණාහු ද, ඔහු කේවලීහ. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැති. මහණෙනි, මෙසෙයින් වනාහි මහණ සත්තැනෙක දක්‍ෂ වූයේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු තිවිධූපපරික්ඛී හොති:
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති වේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ධාතුසො උපපරික්ඛති, ආයතනසො උපපරික්ඛති, පටිච්චසමුප්පාදසො උපපරික්ඛති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු තිවිධූපපරික්ඛී හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ධාතු වශයෙන් විමසා බලයි, ආයතන වශයෙන් විමසා බලයි, පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලයි. මහණෙනි මෙසෙයින් වනාහි මහණ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති වෙයි.
Pali BJTසත්තට්ඨානකුසලො භික්ඛවෙ, භික්ඛු තිවිධූපපරික්ඛී ඉමස්මිං ධම්මවිනයෙ කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, සත්තැනෙක දක්‍ෂ වූ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මේ ශාසනයෙහි (කළ සියලු කිස ඇති හෙයින්) කේවලී යැ, (විසූ මග බඹසර ඇති හෙයින්) උෂිතවත් යැ, උත්තම පුරුෂ යි කියනු ලැබෙයි වදාළසේකි.
Pali BJT1. 2. 1. 6.
Sinhala BJT1. 2. 1. 6.
Pali BJTසම්බුද්ධ සුත්තං
Sinhala BJTසම්බුද්ධ සූත්‍රය
Pali BJT58. සාවත්ථියං:
Sinhala BJT58. සැවැත්නුවර:
Pali BJTතථාගතො භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත්තො සම්මාසම්බුද්ධො’ති වුච්චති. භික්ඛුපි භික්ඛවෙ, පඤ්ඤාවිමුත්තො රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො ‘පඤ්ඤාවිමුත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ රූපය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘සම්මා සම්බුද්ධ’ යි කියනු ලැබෙයි. මහණෙනි, ප්‍රඥාවිමුත්ත මහණ ද රූපය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘පඤ්ඤා විමුත්ත’ යි කියනු ලැබේ.
Pali BJTතථාගතො භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත්තො ‘සම්මාසම්බුද්ධො’ති වුච්චති. භික්ඛුපි භික්ඛවෙ, පඤ්ඤාවිමුත්තො විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත්තො ‘පඤ්ඤාවිමුත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තෙමේ වේදනාව පිළිබඳ ... සංඥාව පිළිබඳව ... සංස්කාර පිළිබඳව ... විඥානය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘සම්මා සම්බුද්ධ’ යි කියනු ලැබෙයි. මහණෙනි, ප්‍රඥාවිමුත්ත මහණ ද විඥානය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘පඤ්ඤා විමුත්ත’ යි කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ, කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පඤ්ඤාවිමුත්තෙන භික්ඛුනාති?
Sinhala BJTමහණෙනි, එහි ලා ප්‍රඥාවිමුක්ත භික්‍ෂු හා තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ විශේෂය කවරෙ යැ, අධ්‍යාශය කවරෙ යැ, නානාකරණය කිමැ?
Pali BJTභගවංමූලකා නො භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, ධර්‍මයෝ අපහට භගවත්හු මුල් කොට ඇත්තාහ, භගවත්හු නේතෘ කොට ඇත්තාහ, භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, එකැතින් මැනවි, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.
Pali BJTතෙන හි භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, එසේ වී නම් අසවු, මොනොවට මෙනෙහි කරවූ කියන්නෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTතථාගතො භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා. අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා. මග්ගඤ්ඤූ, මග්ගවිදූ, මග්ගකොවිදො, මග්ගානුගා ච භික්ඛවෙ, එතරහි සාවකා විහරන්ති, පච්ඡා සමන්නාගතා.
Sinhala BJTමහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ නූපන් මාර්‍ගය උපදවන්නාහ, අසඤ්ජාතමාර්‍ගය සංජනනය කරන්නාහ, අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්‍ගය ප්‍රකාශ කරන්නාහ. (දත් හෙයින්) මාර්‍ගඥයහ, (ප්‍රකටකළ හෙයින්) මාර්‍ගවිද්හ, (මග - නො මග දත් හෙයින්) මාර්‍ග නිපුණහ. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්‍ගය අනුව යන්නාහු පසුව යෙදුණාහු වාස කෙරෙත්.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, විසෙසො අයං අධිප්පායො, ඉදං නානාකරණං තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පඤ්ඤාවිමුත්තෙන භික්ඛුනාති.
Sinhala BJTමහණෙනි, පඤ්ඤාවිමුත්ත මහණ හා තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ මේ විශේෂ යි, මේ අධ්‍යාශය යි. මේ නානාකරණ යි.
Pali BJT1. 2. 1. 7.
Sinhala BJT1. 2. 1. 7.
Pali BJTපඤ්චවග්ගිය සුත්තං
Sinhala BJTපඤ්චවග්ගිය සූත්‍රය
Pali BJT59. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්ර ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙසි, “භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT59. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි පඤ්චවග්ගිය භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTරූපං භික්ඛවෙ, අනත්තා. රූපඤ්ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්ය, ලබ්භෙථ ච රූපෙ එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස්මා ච ඛො භික්ඛවෙ, රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති. න ච ලබ්භති රූපෙ “එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී”ති.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්ම යැ, මහණෙනි, මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස වැටෙයි. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද නො වෙයි.
Pali BJTවෙදනා භික්ඛවෙ අනත්තා. -පෙ- සඤ්ඤා භික්ඛවෙ අනත්තා -පෙ- සඞ්ඛාරා භික්ඛවෙ අනත්තා. -පෙ- විඤ්ඤාණං භික්ඛවෙ අනත්තා. විඤ්ඤාණඤ්ච හිදං භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං විඤ්ඤාණං ආබාධාය සංවෙත්තෙය්ය, ලබ්භෙථ ච විඤ්ඤාණෙ, “එවං මෙ විඤ්ඤාණං හොතු, එවම්මෙ විඤ්ඤාණං මා අහොසී”ති. යස්මා ච ඛො භික්ඛවෙ, විඤ්ඤාණං අනත්තා, තස්මා විඤ්ඤාණං ආබාධාය සංවත්තති, න ච ලබ්භති විඤ්ඤාණෙ. “එවම්මෙ විඤ්ඤාණං හොතු එවම්මෙ විඤ්ඤාණං මා අහොසී”ති.
Sinhala BJTමහණෙනි, වේදනාව අනාත්ම යැ, ... සංඥාව අනාත්ම යැ, ... සංස්කාර අනාත්ම යැ, ... විඥානය අනාත්ම යැ, මහණෙනි, මේ විඥානය ආත්ම වූයේ නම් මේ විඥානය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් විඥානය අනාත්මද, එහෙයින් විඥානය ආබාධ පිණිස වැටෙයි. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා , මාගේ විඥානය මෙසේ නො වේව” යි නො ද ලැබෙන්නේ වෙයි.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’ති? අනිච්චං භන්තෙ.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ” යි. වහන්ස අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් වූකලි අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමක් වනාහි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා ති? අනිච්චං භන්තෙ.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ති? දුක්ඛං භන්තෙ.
Sinhala BJTයමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සුව හෝ යි. වහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං, ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTයමක් වූකලි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි එය දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
Pali BJTතස්මා තිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං, නෙතං මම, නෙසොහමස්මි. න මෙසො අත්තා’ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් රූපයකුත් ඇත් ද, එ සියලු රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් (විදර්‍ශනාඥානයෙන්) දැක්ක යුතු යි.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTයම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මය වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයකුත් ඇත් ද, එ සියලු විඥානය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති. වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤාය’පි නිබ්බින්දති, සඞ්ඛාරෙසු’පි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති; ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ විවසුන් නැණින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි කලකිරෙයි, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. “ජාතිය ක්‍ෂය වි යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව සඳහා කළයුතු අන්කිසෙක් නැතැ” යි දැන ගනියි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුං. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ පඤ්චවග්ගියානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ පස්වග මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ. මෙ ව්‍යෙයාකරණය වදාරත් මැ පස්වග මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙන මිදුණේ යි.
Pali BJT1. 2. 1. 8.
Sinhala BJT1. 2. 1. 8.
Pali BJTමහාලි සුත්තං
Sinhala BJTමහාලි සූත්‍රය
Pali BJT60. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො මහාලි ලිච්ඡවි යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො මහාලි ලිච්ඡවි භගවන්තං එතදවොච:
Sinhala BJT60. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි වූ කූටාගාර ශාලායෙහි වැඩ වාසය කෙරෙති. එ කල්හි මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හුන්නේ යැ, එකත්පස්ව හුන් මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
Pali BJTපූරණො භන්තෙ, කස්සපො එවමාහ: “නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්තී”ති. ඉධ භගවා කිමාහාති.
Sinhala BJTවහන්ස, පූරණකාශ්‍යප මෙසේ කියයි: “සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. සත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත්” යි. මේ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් ද?
Pali BJTඅත්ථි මහාලි, හෙතු අත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය, සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. අත්ථි මහාලි, හෙතු අත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්තීති.
Sinhala BJTමහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට හේතු ඇත. ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත් යි.
Pali BJTකතමො පන භන්තෙ, හෙතු කතමො පච්චයො සත්තානං සංකිලෙසාය, කථං සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්තීති?
Sinhala BJTවහන්ස, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු කවරැ, ප්‍රත්‍යය කවර යැ, කිසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත් දැ යි.
Pali BJTරූපඤ්ච හිදං මහාලි, එකන්තදුක්ඛං අභවිස්ස දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්තං, අනවක්කන්තං සුඛෙන, නයිදං සත්තා රූපස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං අනවක්කන්තං දුක්ඛෙන{1} තස්මා සත්තා රූපස්මිං සාරජ්ජන්ති. සාරාගා සංයුජ්ජන්ති, සංයොගා සංකිලිස්සන්ති. අයම්පි ඛො මහාලි, හෙතු අයං පච්චයො සත්තානං සංකිලෙසාය, එවං සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති.
Sinhala BJTමහාලි, රූපය ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් රූපය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි ඇලෙති, ඇලීමෙන් (සංයෝජන වශයෙන්) බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මෙ ද හේතුයෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
Pali BJTවෙදනා ච හිදං මහාලි, එකන්තදුක්ඛා අභවිස්ස, දුක්ඛානුපතිතා දුක්ඛාවක්කන්තා, අනවක්කන්තා සුඛෙන, නයිදං සත්තා වෙදනාය සාරජ්ජෙය්යුං, යස්මා ච ඛො මහාලි, වෙදනා සුඛා සුඛානුපතිතා, අනවක්කන්තා දුක්ඛෙන තස්මා සත්තා වෙදනාය සාරාජ්ජන්ති. සාරාගා සංයුජ්ජන්ති. සංයොගා සංකිලිස්සන්ති. අයම්පි ඛො මහාලි, හෙතු අයං පච්චයො සත්තානං සංකිලෙසාය. එවම්පි සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති.
Sinhala BJTමහාලි, වේදනාව ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්‍වයෝ වේදනායෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් වේදනාව සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ වේදනායෙහි ඇලෙති, ඇලීම් හේතුයෙන් බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
Pali BJTසඤ්ඤා ච -පෙ- සඞ්ඛාරා ච හිදං මහාලි, එකන්තදුක්ඛා අභවිස්සංසු, දුක්ඛානුපතිතා දුක්ඛාවක්කන්තා අනවක්කන්තා සුඛෙන, නයිදං සත්තා සඞ්ඛාරෙසු සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො, මහාලි, සඞ්ඛාරා සුඛා සුඛානුපතිතා සුඛාවක්කන්තා අනවක්කන්තා දුක්ඛෙන, තස්මා සත්තා සඞ්ඛාරෙසු සාරජ්ජන්ති, සාරාගා සංයුජ්ජන්ති, සඤ්ඤොගා සංකිලිස්සන්ති. අයම්පි ඛො මහාලි, හෙතු අයං පච්චයො සත්තානං සංකිලෙසාය. එවම්පි ඛො සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති.
Sinhala BJTසංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත දුක් වූවාහු දුකෙහි පතිත වූවාහු දුකෙහි වැදගත්තාහු සුවයෙහි නො වැදගත්තාහු වූවාහු නම් සත්‍වයෝ සංස්කාරයන්හි නෑලෙන්නාහුය. යම්හෙයකින් මහාලි, සංස්කාර සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුක්ඛයෙන් අවක්‍රාන්ත නො වෙත් ද, එහෙයින් සත්‍වයෝ සංස්කාරයන්හි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට මෙ ද හේතුවෙකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ කෙලෙසෙත්.
Pali BJTවිඤ්ඤාණඤ්ච හිදං මහාලි, එකන්තදුක්ඛං අභවිස්ස, දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්තං අනවක්කන්තං සුඛෙන, නයිදං සත්තා විඤ්ඤාණස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො මහාලි, විඤ්ඤාණං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං අනවක්කන්තං දුක්ඛෙන, තස්මා සත්තා විඤ්ඤාණස්මිං සාරජ්ජන්ති, සාරාගා සංයුජ්ජන්ති, සංයොගා සංකිලිස්සන්ති. අයම්පි ඛො මහාලි, හෙතු අයං පච්චයො සත්තානං සංකිලෙසාය. එවං සහෙතූ සප්පච්චයා සත්තා සංකිලිස්සන්තීති.
Sinhala BJTමහාලි, විඥානය ද ඒකාන්ත දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි අවතීර්‍ණ වූවක් සුවයෙහි අවතීර්‍ණ නො වූවක් වී නම් සත්‍වයෝ විඥානයෙහි නො ඇලෙන්නාහුය. යම් හෙයකින්, මහාලි, විඥානය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයයෙහි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, මෙ ද සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත්.
Pali BJTකතමො පන භන්තෙ, හෙතු කතමො පච්චයො සත්තානං විසුද්ධියා, කථං සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්තීති?
Sinhala BJTවහන්ස, සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස හේතු කවරැ ප්‍රත්‍යය කවර යැ කිසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධ වෙත් දැයි.
Pali BJTරූපඤ්ච හිදං මහාලි, එකන්තසුඛං අභවිස්ස, සුඛානුපතිතං සුඛාවක්කන්තං අනවක්කන්තං දුක්ඛෙන, නයිදං සත්තා රූපස්මිං නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො මහාලි, රූපං දුක්ඛං. දුක්ඛානුපතිතං, දුක්ඛාවක්කන්තං අනවක්කන්තං සුඛෙන, තස්මා සත්තා රූපස්මිං නිබ්බින්දන්ති, නිබ්බින්දං විරජ්ජන්ති, විරාගා විසුජ්ඣන්ති. අයම්පි ඛො මහාලි, හෙතු අයං පච්චයො සත්තානං විසුද්ධියා. එවම්පි සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJTමහාලි, රූපය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ රූපයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින් මහාලි, රූපය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලි, සත්‍වයන්ගේ, විශුද්ධිය පිණිස මෙ ද හේතු යි, මෙ ප්‍රත්‍යය යි. මෙසේ සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධියට යෙත්.
Pali BJTවෙදනා ච හිදං මහාලි, එකන්තසුඛා අභවිස්ස -පෙ- සඤ්ඤා ච හිදං මහාලි -පෙ- සඞ්ඛාරා ච හිදං මහාලි, එකන්තසුඛා අභවිස්සංසු -පෙ- විඤ්ඤාණඤ්ච හිදං මහාලි, එකන්තසුඛං අභවිස්ස, සුඛානුපතිතං, සුඛාවක්කන්තං, අනවක්කන්තං දුක්ඛෙන, නයිදං සත්තා විඤ්ඤාණස්මිං නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො මහාලි, විඤ්ඤාණං දුක්ඛං දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්තං අනවක්කන්තං සුඛෙන, තස්මා සත්තා විඤ්ඤාණස්මිං නිබ්බින්දන්ති, නිබ්බින්දං විරජ්ජන්ති. විරාගා විසුජ්ඣන්ති. අයං ඛො මහාලි, හෙතු අයං පච්චයො සත්තානං විසුද්ධියා. එවං සහෙතූ සප්පච්චයා සත්තා විසුජ්ඣන්තීති.
Sinhala BJTමහාලි, වේදනාව ද ඒකාන්ත සුඛ වී නම් ... මහාලි, සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත සුඛ වූවාහු නම් ... මහාලි, විඥානය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ විඥානයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින්, මහාලි, විඥානය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් විශුද්ධ වෙත්. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ විශුද්ධ වෙති යි.
Pali BJT1. 2. 1. 9.
Sinhala BJT1. 2. 1. 9.
Pali BJTආදිත්ත සුත්තං
Sinhala BJTආදිත්ත සූත්‍රය
Pali BJT61. සාවත්ථියං:
Sinhala BJT61. සැවැත්නුවර:
Pali BJTරූපං භික්ඛවෙ, ආදිත්තං. වෙදනා ආදිත්තා, සඤ්ඤා ආදිත්තා, සඞ්ඛාරා ආදිත්තා, විඤ්ඤාණං ආදිත්තං.
Sinhala BJTමහණෙනි, රූපය ආදීප්ත යැ (හාත්පසින් ඇවිළගත්තේ වෙයි), වේදනාව ආදීප්ත යැ, සංඥාව ආදීප්ත යැ, සංස්කාර ආදීප්ත යැ, විඥානය ආදීප්ත යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයන්හි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ බව් සඳහා අන් කිසෙක් නැතැයි” දැනගනී යි.
Pali BJT1. 2. 1. 10.
Sinhala BJT1. 2. 1. 10.
Pali BJTනිරුත්තිපථ සුත්තං
Sinhala BJTනිරුක්තිපථ සූත්‍රය
Pali BJT62. සාවත්ථියං:
Sinhala BJT62. සැවැත්නුවර:
Pali BJTතයො මෙ භික්ඛවෙ, නිරුත්තිපථා අධිවචනපථා පඤ්ඤත්තිපථා අසඞ්කිණ්ණා අසඞ්කිණ්ණපුබ්බා න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති අප්පතිකුට්ඨා සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTයම් නිරුක්තිපථ කෙනෙක් බැහැර නො කරන ලද ද, බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු බැහැර නො කරනු ලැබෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද ද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙනෙක් වෙත්.
Pali BJTකතමෙ තයො:
Sinhala BJTකවර තිදෙනෙකැ යත්:
Pali BJTයං භික්ඛවෙ, රූපං අතීතං නිරුද්ධං විපරිණතං, ‘අහොසී’ති තස්ස සඞ්ඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්ති, න තස්ස සඞ්ඛා ‘අත්ථි’ති, න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, යම් රූපයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව යි, ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ නම යි. ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව නො වෙයි, ‘වන්නේය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව (ගිණීම) නො වේ.
Pali BJTයා වෙදනා අතීතා නිරුද්ධා විපරිණතා, ‘අහොසී’ති තස්සා සඞ්ඛා, ‘අහොසී’ති තස්සා සමඤ්ඤා, ‘අහොසී’ති තස්සා පඤ්ඤත්ති, න තස්සා සඞ්ඛා ‘අත්ථී’ති. න තස්සා සඞ්ඛා ‘භවිස්සතී’ති.
Sinhala BJTයම් වේදනාවක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව (ගිණීම) වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ නම වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ ප්‍රඥප්තිය වෙයි. ‘ඇත’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි.
Pali BJTයා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා අතීතා, නිරුද්ධා, විපරිණතා, ‘අහෙසු’න්ති තෙසං සඞ්ඛා, ‘අහෙසු’න්ති තෙසං සමඤ්ඤා, ‘අහෙසු’න්ති තෙසං පඤ්ඤත්ති. න තෙසං සඞ්ඛා ‘අත්ථී’ති, න තෙසං සඞ්ඛා ‘භවිස්සන්තී’ති.
Sinhala BJTයම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූහු’ යනු ඔවුනට සංඛ්‍යා යි. ‘වූහු’ යනු ඔවුනට නම යි ‘වූහු’ යනු ඔවුනට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඔවුනට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නාහ’ යනු ඔවුනට සංඛ්‍යා නො වෙයි.
Pali BJTයං විඤ්ඤාණං අතීතං නිරුද්ධං විපරිණතං, ‘අහොසී’ති තස්ස සඞ්ඛා, ‘අහොසී’ති තස්ස සමඤ්ඤා, ‘අහොසී’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අත්ථී’ති. න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති.
Sinhala BJTයම් විඥානයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වූයේය’ යනු එයට නම යි, ‘වූයේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි.
Pali BJTයං භික්ඛවෙ, රූපං අජාතං අපාතුභූතං ‘භවිස්සතී’ති තස්ස සඞ්ඛා, ‘භවිස්සතී’ති තස්ස සමඤ්ඤා, ‘භවිස්සතී’ති තස්ස පඤ්ඤත්ති, න තස්ස සඞ්ඛා ‘අත්ථී’ති, න තස්ස සඞ්ඛා ‘අහොසී’ති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං අජාතං අපාතුභූතං ‘භවිස්සතී’ති තස්ස සඞ්ඛා, ‘භවිස්සතී’ති තස්ස සමඤ්ඤා, ‘භවිස්සතී’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අත්ථී’ති, න තස්ස සඞ්ඛා ‘අහොසී’ති.
Sinhala BJTමහණෙනි, යම් රූපයක් අජාත ද අපාතුභූත (පහළ නො වී) ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වන්නේය’ යනු එයට නම යි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් අජාත ද අපාතුභූත ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘වන්නේය’ යනු එයට නම් වෙයි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති වෙයි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වේ යයි.
Pali BJTයං භික්ඛවෙ, රූපං ජාතං පාතුභූතං, ‘අත්ථී’ති තස්ස සඞ්ඛා, ‘අත්ථී’ති තස්ස සමඤ්ඤා, ‘අත්ථී’ති තස්ස පඤ්ඤත්ති, න තස්ස සඞ්ඛා ‘අහොසී’ති, න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං ජාතං පාතුභූතං, ‘අත්ථී’ති තස්ස සඞ්ඛා, ‘අත්ථී’ති තස්ස සමඤ්ඤා, ‘අත්ථී’ති තස්ස පඤ්ඤත්ති. න තස්ස සඞ්ඛා ‘අහොසී’ති න තස්ස සඞ්ඛා ‘භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, යම් රූපයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්‍යා යි, ‘ඇත’ යනු එයට නම යි, ‘ඇත’ යනු එයට ප්‍රඥප්ති යි. ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘ඇත’ යනු එයට නම් වෙයි, ‘ඇත’ යනු එයට ප්‍රඥප්ති වේ යයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, තයො නිරුත්තිපථා, අධිවචනපථා, පඤ්ඤත්තිපථා, අසඞ්කිණ්ණා අසඞ්කිණ්ණපුබ්බා, න සඞ්කීයන්ති, න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨා, සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
Sinhala BJTමහණෙනි, යම් නිරුක්ති මාර්‍ග කෙනෙක් බැහැර නො කරන ලද ද , බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු නො ද බැහැර කෙරෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙන වෙතැයි.
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, අහෙසුං උක්කලා වස්සභඤ්ඤා, අහෙතුකවාදා අකිරියවාදා නත්ථිකවාදා, තෙපිමෙ තයො නිරුත්තිපථෙ අධිවචනපථෙ පඤ්ඤත්තිපථෙ න ගරහිතබ්බං න පටික්කොසිතබ්බං මඤ්ඤිංසු. තං කිස්ස හෙතු: නින්දාබ්යාරොසඋපාරම්භභයා’ති.
Sinhala BJTමහණෙනි, උක්කල දනවු වැසි අහේතුකවාදී අක්‍රියවාදී නාස්තිකවාදී වස්ස භඤ්ඤ නම් යම් දෘෂ්ටිගතිකයෝ වූවාහු ද, උහු දු මේ නිරුක්ති මාර්‍ග අධිවචන මාර්‍ග ප්‍රඥප්ති මාර්‍ගයෝ තිදෙන ගැරහියයුතු කොට, පිළිකෙව් කොට නො සිතූහ. එ කවර හෙයින් යත්: නින්‍දා - ඝට්ටන - දෝෂා රෝපණ - අපවාද බියෙන් යැ යි.
Pali BJTඋපයවග්ගො පඨමො
Sinhala BJTපළමුවැනි උපයවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋපයො බීජං උදානං උපාදානපරිවට්ටඤ්ච සත්තට්ඨානං බුද්ධො පඤ්චවග්ගි මහාලි ආදිත්තො නිරුත්තිපථෙනචාති.
Sinhala BJTඋපය සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවට්ට සූත්‍රය, සත්තට්ඨාන සූත්‍රය, බුද්ධ සූත්‍රය, පඤ්ච වග්ගිය සූත්‍රය, මහාලි සූත්‍රය, ආදිත්ත සූත්‍රය, නිරුක්තිපථ සූත්‍රය සමඟ උපය වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
Pali BJT2. අරහත්තවග්ගො
Sinhala BJT2. අරහන්ත වර්‍ගය
Pali BJT1. 2. 2. 1.
Sinhala BJT1. 2. 2. 1.
Pali BJTඋපාදිය සුත්තං
Sinhala BJTඋපාදිය සූත්‍රය
Pali BJT63. සාවත්ථියං:
Sinhala BJT63. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑ සමයෙහි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT“වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්‍මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කෙරෙම් ද, මට එබඳු ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් දෙසනසේක් නම් මැනැවි” යි.
Pali BJTඋපාදියමානො ඛො භික්ඛු, බද්ධො{1} මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො’ති.
Sinhala BJT“මහණ, තෘෂ්ණා-දෘෂ්ටි-මාන විසින් දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙ යි, දැඩි වැ නො ගන්නේ මිදුණේ වේ” යයි.
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා’ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ” යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
Sinhala BJT“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ” යි.
Pali BJTරූපං ඛො භන්තෙ, උපාදියමානො බද්ධො{1} මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. වෙදනං උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. විඤ්ඤාණං උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛ්වාහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, රූපය (තණ්හා – මාන – දිට්ඨි විසින්) දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, දැඩි වැ නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, වේදනාව උපාදාන විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, උපාදාන විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, සංඥාව ... සංස්කාර උපාදාන විසින් ගන්නේ බැඳුණේ වෙයි, නො ගන්නේ මිදුණේ වෙයි. විඥානය උපාදාන විසින් ගන්නේ මෘත්‍යුපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මෘත්‍යුපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් භාෂිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් මම මෙසේ දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTමහණ, මැනැවි, මැනැවි. මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් දනිවු. මහණ, රූපය තණ්හාදි විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, තණ්හාදී විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය තණ්හාදී විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වේ. මහණ, මා විසින් සැකෙවින් භාෂිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර වශයෙන් දතයුතු.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වන්සේ වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යැ.
Pali BJTඅථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කරනුයේ නො බෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වෙත් ද , මගබඹසර අවසනැ වූ ඒ උතුම් අර්‍හත්‍වය මේ අත්බැව්හි මැ තමන් මැ මගනුවණින් දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්‍ෂය විය, මගබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන්කිසෙක් නැතැ” යි දත්තේය. ඒ මහණ රහතුන් වහන්සේ අතර අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 2. 2. 2.
Sinhala BJT1. 2. 2. 2.
Pali BJTමඤ්ඤමාන සුත්තං
Sinhala BJTමඤ්ඤමාන සූත්‍රය
Pali BJT64. සාවත්ථියං:
Sinhala BJT64 සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසන සේක් නම් මැනවි” යි.
Pali BJTමඤ්ඤමානො ඛො භික්ඛු, බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො’ති.
Sinhala BJTමහණ, තෘෂ්ණා - මාන - දෘෂ්ටි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි.
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නා ලදැයි, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි කිසෙයින් විස්තර විසින් දනිවු දැ යි?
Pali BJTරූපං ඛො භන්තෙ, මඤ්ඤමානො බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං මඤ්ඤමානො බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛ්වාහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, රූපය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් මම විස්තර වශයෙන් දනිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, මඤ්ඤමානො බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං මඤ්ඤමානො බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො’ති.
Sinhala BJTමහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් දේශනා කළ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් තෙපි විස්තර විසින් දනිවු නම් ඒ මනා යි. මහණ, රූපය තෘෂ්ණාදි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් විස්තර වශයෙන් දත යුතු.