Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5701-5800 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT50. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො සොණො ගහපතිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සොණං ගහපතිපුත්තං භගවා එතදවොච:
Sinhala BJT50. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි සෝණ ගෘහපතිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතන්හි එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගෘහපති පුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTයෙ කෙචි සොණ, සමණා වා බ්රාහ්මණා වා රූපං නප්පජානන්ති රූපසමුදයං නප්පජානන්ති රූපනිරොධං නප්පජානන්ති රූපනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං නප්පජානන්ති, විඤ්ඤාණසමුදයං නප්පජානන්ති, විඤ්ඤාණනිරොධං නප්පජානන්ති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. න මෙතෙ සොණ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTසෝණය යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපය නො දනිත් ද, රූප සමුදය නො දනිත් ද, රූපනිරෝධය නො දනිත් ද, රූපනිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නො දනිත් ද, විඥානසමුදය නො දනිත් ද විඥාන නිරෝධය නො දනිත් ද, විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, සෝණය, තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත නො වෙති, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත නො වෙත්, ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය වේ ව යි බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය වේවයි දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹැ නො ද විහරණ කෙරෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි සොණ, සමණා වා බ්රාහ්මණා වා රූපං පජානන්ති, රූපසමුදයං පජානන්ති, රූපනිරොධං පජානන්ති, රූපනිරොධගාමිනිං පටිපදං පජානන්ති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පජානන්ති, විඤ්ඤාණසමුදයං පජානන්ති, විඤ්ඤාණනිරොධං පජානන්ති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානන්ති. තෙ ඛො මෙ සොණ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු චෙච බ්රාහ්මණසම්මතා, තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්චෙව බ්රහ්මඤ්ඤත්ථං ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTසෝණය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ රූපය දනිත් ද, රූප සමුදය දනිත් ද, රූපනිරෝධය දනිත් ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දනිත් ද, විඥාන සමුදය දනිත් ද, විඥාන නිරෝධය දනිත් ද, විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, සෝණය, තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත ද වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත ද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය ද දිටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹ විහරණ කෙරෙත් යි වදාළහ.
Pali BJT1. 5. 9.
Sinhala BJT1. 1. 5. 9.
Pali BJTපඨම නන්දික්ඛය සුත්තං
Sinhala BJTපළවැනි නන්‍දික්ඛය සූත්‍රය
Pali BJT51. සාවත්ථියං–
Sinhala BJT51. සැවැත්නුවර–
Pali BJTඅනිච්චඤ්ඤෙව භික්ඛවෙ, භික්ඛු රූපං අනිච්චන්ති පස්සති. සාස්ස හොති සම්මාදිට්ඨි. සම්මාපස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො. නන්දිරාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තන්ති වුච්චති.
Sinhala BJTමහණෙනි, මහණ අනිත්‍ය වූ ම රූපය අනිත්‍ය යි දකියි, එය ඔහුගේ සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබෙයි.
Pali BJTඅනිච්චඤ්ඤෙව භික්ඛවෙ, භික්ඛු වෙදනං අනිච්චාති පස්සති. -පෙ- අනිච්චඤ්ඤෙව භික්ඛවෙ, භික්ඛු සඤ්ඤං අනිච්චාති පස්සති, -පෙ- අනිච්චෙයෙව භික්ඛවෙ, භික්ඛු සඞ්ඛාරෙ අනිච්චාති පස්සති. -පෙ- අනිච්චඤ්ඤෙව භික්ඛවෙ, භික්ඛු විඤ්ඤාණං අනිච්චන්ති පස්සති. සාස්ස හොති සම්මාදිට්ඨි, සම්මා පස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො. නන්දිරාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තන්ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, මහණ අනිත්‍ය වූ ම වේදනාව අනිත්‍ය යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම සංඥාව අනිත්‍ය’යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම සංස්කාර ‘අනිත්‍ය’ යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම විඥානය ‘අනිත්‍ය’ යි දකියි, එය ඔහුගේ සම්‍යග් දෘෂ්ටිය වෙයි, සම්‍යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි. නන්‍දිරාගක්‍ෂයයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබේ යයි.
Pali BJT1. 1. 5. 10.
Sinhala BJT1. 1. 5. 10.
Pali BJTදුතිය නන්දික්ඛය සුත්තං
Sinhala BJTදෙවැනි නන්‍දික්ඛය සූත්‍රය
Pali BJT52. සාවත්ථියං–
Sinhala BJT52. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, යොනිසො මනසි කරොථ, රූපානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. රූපං භික්ඛවෙ, භික්ඛු යොනිසො මනසිකරොන්තො රූපානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො රූපස්මිං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො. නන්දිරාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තන්ති වුච්චති.
Sinhala BJTමහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව, රූපයාගේ අනිත්‍යතාව ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ, රූපය නුවණින් මෙනෙහි කරනුයේ රූපයාගේ අනිත්‍යතාව ද ඇතිසැටි දක්නේ රූපයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දි රාගක්‍ෂයයෙන් සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබෙයි.
Pali BJTවෙදනං භික්ඛවෙ, -පෙ- සඤ්ඤං භික්ඛවෙ, -පෙ- සඞ්ඛාරෙ භික්ඛවෙ, -පෙ- විඤ්ඤාණං භික්ඛවෙ, යොනිසො මනසිකරොථ, විඤ්ඤාණානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. විඤ්ඤාණං භික්ඛවෙ භික්ඛු, යොනිසො මනසිකරොන්තො විඤ්ඤාණානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො විඤ්ඤාණස්මිං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො. නන්දිරාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තන්ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, වේදනාව ... මහණෙනි, සංඥාව … මහණෙනි, සංස්කාර … මහණෙනි, විඥානය නුවණින් මෙනෙහි කරව, විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ විඥානය නුවණින් මෙනෙහි කරන්නේ විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට දක්නේ විඥානයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබේ යයි වදාළසේක.
Pali BJTඅත්තදීපවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වෙනි අත්තදීපවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅත්තදීපා පටිපදා - ද්වෙ ච හොන්ති අනිච්චතා සමනුපස්සනා ඛන්ධා ද්වෙ - සොණා ද්වෙ නන්දික්ඛයෙන චාති.
Sinhala BJTඅත්තදීප සූත්‍ර ය, අනිච්චතා සූත්‍ර දෙක ය, සමානුපස්සනා සූත්‍ර ය, ඛන්‍ධ සූත්‍ර සෝණ සූත්‍ර දෙක ය, නන්‍දික්ඛය සූත්‍ර දෙක දැයි අත්තදීපවර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.
Pali BJTමූලපණ්ණාසකං සමත්තං
Sinhala BJTමූලපණ්ණාසකය සමාප්ත යි.
Pali BJTතස්ස මූලපණ්ණාසකස්ස වග්ගුද්දානං:
Sinhala BJTඒ මූලපණ්ණාසකයේ වර්ගෝද්දානය:
Pali BJTනකුලපිතා අනිච්චො ච - භාරො න තුම්හාකෙන ච අත්තදීපෙන පඤ්ඤාසං - පඨමං තෙන වුච්චතීති.
Sinhala BJTනකුලපිතු වර්‍ග ය, අනිච්ච වර්‍ග ය හා භාරවර්‍ග ය නතුම්හාක වර්‍ගයෙන් ද, අත්තදීප වර්‍ගයෙන් ද පඨම පණ්ණාසකය කියනු ලැබේ.
Pali BJT2. මජ්ඣිමපණ්ණාසකො
Sinhala BJT2. මජ්ඣිමපණ්ණාසකය
Pali BJT1. උපයවග්ගො
Sinhala BJT1. උපය වර්‍ගය
Pali BJT1. 2. 1. 1.
Sinhala BJT1. 2. 1. 1.
Pali BJTඋපය සුත්තං
Sinhala BJTඋපය සූත්‍රය
Pali BJT53. සාවත්ථියං:
Sinhala BJT53. සැවැත්නුවර:
Pali BJTඋපයො භික්ඛවෙ, අවිමුත්තො, අනුපයො විමුත්තො. රූපුපයං වා භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය, රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය. වෙදනූපයං වා භික්ඛවෙ -පෙ- සඤ්ඤූපයං වා භික්ඛවෙ -පෙ- සඞ්ඛාරූපයං වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය, සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය.
Sinhala BJTමහණෙනි, උපය (තෘෂ්ණා - දෘෂ්ටි - මාන) සහිත වූයේ, සසරින් නො මිදුණේ වෙයි. උපය රහිත වූයේ මිදුණේ වෙයි. (තෘෂ්ණා - දෘෂ්ටි - මාන විසින්) රූපයට හෝ එළැඹ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනෝපය හෝ ... සංඥෝපය හෝ ... මහණෙනි, සංස්කාරෝපය හෝ එළඹ සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියව විපුලත්‍වයට පැමිණෙයි.
Pali BJTයො භික්ඛවෙ, එවං වදෙය්ය: අහමඤ්ඤත්ර රූපා අඤ්ඤත්ර වෙදනාය අඤ්ඤත්ර සඤ්ඤාය අඤ්ඤත්ර සඞ්ඛාරෙහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්තිං වා වුද්ධිං වා විරූළ්හිං වා වෙපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ:) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTරූපධාතුයා චෙ භික්ඛවෙ, භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං, පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. වෙදනාධාතුයා චෙ භික්ඛවෙ, භික්ඛුනො -පෙ- සඤ්ඤාධාතුයා චෙ භික්ඛවෙ, භික්ඛුනො -පෙ- සඞ්ඛාරධාතුයා චෙ භික්ඛවෙ, භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. විඤ්ඤාණධාතුයා චෙ භික්ඛවෙ, රාගො පහීනො හොති, රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං අනභිසඞ්ඛච්ච විමුත්තං, විමුත්තත්තා ඨිතං. ඨිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. අපරිතස්සං පච්චත්තං යෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් වේදනාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංඥාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංස්කාරධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. මහණෙනි, ඉදින් විඥානධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. නො පිහිටි ඒ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි. විමුක්ත හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි. සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම නිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලදී, තෙල අනුපාදා පරිනිර්‍වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දනී යි.
Pali BJT1. 2. 1. 2.
Sinhala BJT1. 2. 1. 2.
Pali BJTබීජ සුත්තං
Sinhala BJTබීජ සූත්‍රය
Pali BJT54. සාවත්ථියං:
Sinhala BJT54. සැවැත්නුවර:
Pali BJTපඤ්චමානි භික්ඛවෙ, බීජජාතානි. කතමානි පඤ්ච: මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජඤ්ඤෙව පඤ්චමං. ඉමානි චස්සු භික්ඛවෙ පඤ්ච බීජජාතානි අඛණ්ඩානි අපූතිකානි අවාතාතපහතානි සාරාදායීනි සුඛසයිතානි පඨවී ච නාස්ස ආපො ච නාස්ස අපි නු ඉමානි භික්ඛවෙ පඤ්ච බීජජාතානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති.
Sinhala BJTමහණෙනි, මේ බීජයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මූලබීජ යැ, ස්කන්‍ධ බීජ යැ, ඵලු (පුරුක්) බීජ යැ, අග්‍රබීජ යැ, පස්වැනි වූ බීජබීජ ය දැයි. මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණා හු, කුණු නො වූවාහු, අවු-සුළඟින් නො පහළාහු, පිහිටි සාරය ඇත්තාහු සුඛසයිත වූවාහු වෙත් ද, පිහිටන පොළොව ද නො වේ නම්, තෙත් කරන ජලය ද නො වේ නම්, මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTඉමානි චස්සු භික්ඛවෙ, පඤ්ච බීජජාතානි ඛණ්ඩානි පූතිකානි වාතාතපහතානි අසාරාදායිනී න සුඛසයිතානි පඨවී ච අස්ස, ආපො ච අස්ස, අපි නු ඉමානි භික්ඛවෙ, පඤ්ච බීජජාතානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති?
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච බීජයෝ කැඩී ගියාහු, කුණු වූවාහු, අවු-සුළඟින් පහළාහු, සාරාදායී නො වූවාහු, සුඛසයිත නො වූවාහු වෙත් ද, පොළොව ද ඇත්නම් ජලය ද ඇත්නම් මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ ම යැ.
Pali BJTඉමානි චස්සු භික්ඛවෙ, පඤ්ච බීජජාතානි අඛණ්ඩානි අපූතිකානි සාරාදායිනී සුඛසයිතානි පඨවී ච අස්ස, ආපො ච අස්ස, අපි නු ඉමානි පඤ්ච බීජජාතානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණාහු, කුණු නො වූවාහු, සාරය ගෙන දෙන්නාහු, සුඛසයිත වූවාහු වෙත් ද, පොළොව ද, ජලය ද ඇත් ද, (එසඳ) මේ පඤ්ච බීජයෝ වැඩීමට වෙසෙසින් නැඟීමට විපුලභාවයට පැමිණෙත් ද?
Pali BJTඑවං භන්තෙ,
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පඨවීධාතු එවං චතස්සො විඤ්ඤාණට්ඨිතියො දට්ඨබ්බා. සෙය්යථාපි භික්ඛවෙ ආපොධාතු එවං නන්දිරාගො දට්ඨබ්බො. සෙය්යථාපි භික්ඛවෙ පඤ්ච බීජජාතානි එවං විඤ්ඤාණං සාහාරං දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, පෘථිවිධාතුව යම්සේ ද, එසෙයින් චතුර් විඥාන ස්ථිතීහු දතයුත්තාහ. මහණෙනි, ආපෝධාතුව යම්සේ ද, එසෙයින් නන්‍දිරාගය දතයුතුය. මහණෙනි, පඤ්ච බීජයෝ යම්සේ ද, එසෙයින් ප්‍රත්‍යය සහිත කර්‍මවිඥානය දත යුතු යි.
Pali BJTරූපුපයං භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය. රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය. වෙදනූපයං වා භික්ඛවෙ විඤ්ඤාණං -පෙ- සඤ්ඤූපයං වා භික්ඛවෙ -පෙ- සඞ්ඛාරූපයං වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය.
Sinhala BJTමහණෙනි, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ ද, නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනාවට හෝ පැමිණි ... මහණෙනි, සංඥාවට හෝ පැමිණි ... මහණෙනි, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ ද, තෘෂ්ණායෙන් තෙත්වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.
Pali BJTයො භික්ඛවෙ එවං වදෙය්ය අහමඤ්ඤත්ර රූපා අඤ්ඤත්ර වෙදනාය අඤ්ඤත්ර සඤ්ඤාය අඤ්ඤත්ර සඞ්ඛාරෙහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්තිං වා වුද්ධිං වා විරූළ්හිං වා වෙපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යමෙක් “මම රූපය හැර, වේදනාව හැර, සංඥාව හැර සංස්කාරයන් හැර කර්‍මවිඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩීම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නෙමි” යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTරූපධාතුයා චෙ භික්ඛවෙ භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. වෙදනාධාතුයා චෙ භික්ඛවෙ භික්ඛුනො -පෙ- සඤ්ඤාධාතුයා චෙ භික්ඛවෙ භික්ඛුනො -පෙ- සඞ්ඛාරධාතුයා චෙ භික්ඛවෙ භික්ඛුනො -පෙ- විඤ්ඤාණධාතුයා චෙ භික්ඛවෙ භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං අනභිසඞ්ඛච්ච විමුත්තං විමුත්තත්තා ඨිතං. ඨිතත්තා සන්තුසිතං, සන්තුසිතත්තා න පරිතස්සති. අපරිතස්සං පච්චත්තං යෙව පරිනිබ්බායති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ රාගය මහණහට ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි. කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. නො පිහිටි එ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි, විමුක්ත හෙයින් ස්ථිති වෙයි, ස්ථිති හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම පිරිනිවෙ යි. ජාතිය ක්‍ෂය වී යැ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද, තෙල අනුපාදාපරිනිර්‍වාණය පිණිස කළ යුතු අන්කිසෙක් නැති යි නුවණින් දනි යි.
Pali BJT1. 2. 1. 3.
Sinhala BJT1. 2. 1. 3.
Pali BJTඋදාන සුත්තං
Sinhala BJTඋදාන සූත්‍රය
Pali BJT55. සාවත්ථියං:
Sinhala BJT55. සැවැත්නුවර:
Pali BJTතත්ර ඛො භගවා උදානං උදානෙසි. “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සති, න මෙ භවිස්සතීති එවං විමුච්චමානො භික්ඛු ඡින්දෙය්යොරම්භාගියානි සංයොජනානී”ති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන්වහන්සේ (මෙ) ප්‍රීතිවාක්‍යය පහළ කළසේක: “ඉදින් මම නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ යි. මෙසේ නිශ්චයට පැමිණෙන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳියි.”
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “යථාකථං පන භන්තෙ, නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සති, න මෙ භවිස්සතීති, එවං විමුච්චමානො භික්ඛු ඡින්දෙය්යොරම්භාගියානි සංයොජනානී”ති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, කෙසේ නම් ‘ඉදින් මම් නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍ම සංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ’යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
Pali BJTඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සංඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමහණ, බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නා, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, ... බුද්ධාදි සත්පුරුෂයින් නො දක්නා, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි. ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ආත්ම විසින් දකියි. ආත්මය වේදනාවත් කොට හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකියි. සංඥාව ... සංස්කාර ආත්ම විසින් දකියි. ආත්මය සංස්කාර වත් කොට හෝ ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. විඥානය ආත්ම විසින් දකියි. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකියි.
Pali BJTසො අනිච්චං රූපං, ‘අනිච්චං රූප’න්ති යථාභූතං නප්පජානාති, අනිච්චං වෙදනං ‘අනිච්චා වෙදනා’ති යථාභූතං නප්පජානාති. අනිච්චං සඤ්ඤං -පෙ- අනිච්චෙ සඞ්ඛාරෙ ‘අනිච්චා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති, අනිච්චං විඤ්ඤාණං ‘අනිච්චං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTහේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’ යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි ඇති සැටි නො දනියි.
Pali BJTදුක්ඛං රූපං ‘දුක්ඛං රූප’න්ති යථාභූතං නප්පජානාති. දුක්ඛං වෙදනං ‘දුක්ඛා වෙදනා’ති යථාභූතං නප්පජානාති. දුක්ඛං සඤ්ඤං -පෙ- දුක්ඛෙ සඞ්ඛාරෙ ‘දුක්ඛා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. දුක්ඛං විඤ්ඤාණං ‘දුක්ඛං විඤ්ඤාණන්ති’ යථාභූතං නප්පජානාති.
Sinhala BJTදුක් වූ රූපය ‘රූපය දුකැ’යි යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ වේදනාව ‘වේදනාව දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ‘සංස්කාර දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි තත් වූ පරිදි නො දනියි.
Pali BJTඅනත්තං රූපං ‘අනත්තං රූප’න්ති යථාභූතං නප්පජානාති. අනත්තං වෙදනං ‘අනත්තා වෙදනා’ති යථාභූතං නප්පජානාති. අනත්තං සඤ්ඤං -පෙ- අනත්තෙ සඞ්ඛාරෙ ‘අනත්තා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. අනත්තං විඤ්ඤාණං ‘අනත්තං විඤ්ඤාණන්ති’ යථාභූතං නප්පජානාති.
Sinhala BJTඅනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’යි යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ වේදනාව ‘වේදනාව අනාත්ම’යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ‘සංස්කාර අනාත්ම’යි යථාභූත කොට නො දනියි.
Pali BJTසඞ්ඛතං රූපං ‘සඞ්ඛතං රූප’න්ති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං වෙදනං ‘සඞ්ඛතා වෙදනා’ති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං සඤ්ඤං -පෙ- සඞ්ඛතෙ සඞ්ඛාරෙ ‘සඞ්ඛතා සඞ්ඛාරා’ති යථාභූතං නප්පජානාති. සඞ්ඛතං විඤ්ඤාණං ‘සඞ්ඛතං විඤ්ඤාණ’න්ති යථාභූතං නප්පජානාති.
Sinhala BJTසංඛත වූ ප්‍රත්‍යයෝත්පන්න රූපය ‘රූපය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ වේදනාව ‘වේදනාව සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ‘සංස්කාර සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි.
Pali BJTරූපං විභවිස්සතීති යථාභූතං නප්පජානාති. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා විභවිස්සන්තීති යථාභූතං නප්පජානාති. විඤ්ඤාණං විභවිස්සතීති යථාභූතං නප්පජානාති.
Sinhala BJTරූපය බිඳේ යයි ඇති සැටි නො දනියි, වේදනාව ... සංඥාව ... සංස්කාර බිඳේ යයි ඇති සැටි නො දනියි, විඥානය බිඳේ යයි ඇති සැටි නො දනී.
Pali BJTසුතවා ච ඛො භික්ඛූ{1}, අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං, න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං, න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. න සංඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්‍ය්‍යන් දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට විනීත වූයේ, (බුද්ධාදි) සත්පුරුෂයින් දක්නේ සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට විනීත වූයේ රූපය ආත්ම විසින් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. වේදනාව ආත්ම විසින් නො දකියි, ආත්මය වේදනාවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ නො දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි, ආත්මය සංස්කාරවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාරය ඇතැයි හෝ නො දකියි, සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. විඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි.
Pali BJTසො අනිච්චං රූපං ‘අනිච්චං රූපන්ති’ යථාභූතං පජානාති. අනිච්චං වෙදනං ‘අනිච්චා වෙදනාති’ -පෙ- අනිච්චං සඤ්ඤං -පෙ- අනිච්චෙ සඞ්ඛාරෙ ‘අනිච්චා සඞ්ඛාරා’ති -පෙ- අනිච්චං විඤ්ඤාණං ‘අනිච්චං විඤ්ඤාණන්ති යථාභූතං පජානාති.
Sinhala BJTහේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’යි තත් වූ පරිදි දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍යහ’යි ... අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි තත්වූ පරිදි දනී.
Pali BJTදුක්ඛං රූපං ‘දුක්ඛං රූපන්ති’ යථාභූතං පජානාති. දුක්ඛං වෙදනං -පෙ- දුක්ඛං සඤ්ඤං -පෙ- දුක්ඛෙ සඞ්ඛාරෙ -පෙ- දුක්ඛං විඤ්ඤාණං ‘දුක්ඛං විඤ්ඤාණන්ති’ යථාභූතං පජානාති.
Sinhala BJTදුක් වූ රූපය ‘රූපය දුකැ’යි ඇති සැටි දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි ඇති සැටි දනියි.
Pali BJTඅනත්තං රූපං ‘අනත්තං රූපන්ති’ යථාභූතං පජානාති. අනත්තං වෙදනං -පෙ- අනත්තං සඤ්ඤං -පෙ- අනත්තෙ සඞ්ඛාරෙ -පෙ- අනත්තං විඤ්ඤාණං ‘අනත්තං විඤ්ඤාණන්ති’ යථාභූතං පජානාති.
Sinhala BJTඅනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’ යයි ඇතිසැටි දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය ‘විඥානය අනාත්ම’ යයි ඇති සැටි දනියි.
Pali BJTසඞ්ඛතං රූපං ‘සඞ්ඛතං රූපන්ති’ යථාභූතං පජානාති. සඞ්ඛතං වෙදනං -පෙ- සඞ්ඛතං සඤ්ඤං -පෙ- සඞ්ඛතෙ සඞ්ඛාරෙ -පෙ- සඞ්ඛතං විඤ්ඤාණං ‘සඞ්ඛතං විඤ්ඤාණන්ති’ යථාභූතං පජානාති.
Sinhala BJTසංඛත වූ රූපය ‘රූපය සංඛත’ යයි යථාභූත කොට දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි යථාභූත කොට දනියි.
Pali BJTරූපං විභවිස්සතීති යථාභූතං පජානාති. වෙදනා විභවිස්සතීති -පෙ- සඤ්ඤා විභවිස්සතීති -පෙ- සඞ්ඛාරා විභවිස්සන්තීති -පෙ- විඤ්ඤාණං විභවිස්සතීති යථාභූතං පජානාති.
Sinhala BJTරූපය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනියි, වේදනාව බිඳේ යයි ... සංඥාව බිඳේ යයි ... සංස්කාර බිඳේ යයි ... විඥානය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනී.
Pali BJTසො රූපස්ස විභවා, වෙදනාය විභවා, සඤ්ඤාය විභවා, සඞ්ඛාරානං විභවා, විඤ්ඤාණස්ස විභවා, එවං ඛො භික්ඛු “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සති, න මෙ භවිස්සතී”ති, එවං විමුච්චමානො භික්ඛු ඡින්දෙය්යොරම්භාගියානි සංයොජනානීති?
Sinhala BJTමහණ, මෙසේ හේ රූපයාගේ විභවදර්‍ශනයෙන්, වේදනාවගේ විභවදර්‍ශනයෙන්, සංඥාවගේ විභවදර්‍ශනයෙන්, සංස්කාරයන්ගේ විභවදර්‍ශනයෙන්, විඥානයාගේ විභවදර්‍ශනයෙන් “ඉදින් මම නො වූයෙම් නම්, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මට මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ. (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක්) නො වන්නේ”යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
Pali BJTඑවං විමුච්චමානො භන්තෙ, භික්ඛු ඡින්දෙය්යොරම්භාගියානි සංයොජනානීති.
Sinhala BJTවහන්ස, මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳින්නේ මැයි.
Pali BJT“කථං පන භන්තෙ, ජානතො කථං පන පස්සතො අනන්තරා ආසවානං ඛයො හොතී”ති?
Sinhala BJTවහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට විදර්‍ශනාවට අනතුරු වැ ආශ්‍රවක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්ඵලය වේ ද?
Pali BJTඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අතසිතායෙ ඨානෙ තාසං ආපජ්ජති. තාසො හෙසො භික්ඛු, අස්සුතවතො පුථුජ්ජනස්ස “නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සති, න මෙ භවිස්සතී’ති.
Sinhala BJTමහණ, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ත්‍රස්ත (භය) නො වියයුතු කරුණෙහි ත්‍රාසයට පැමිණෙයි. මහණ, “ඉදින්, මම් නො වූයෙම් නම්, මට, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ, (එය නැති කල්හි) මට මතු ප්‍රතිසන්‍ධියක් නො වන්නේ යැ” යන තෙලෙ, අශ්‍රැතවත් පෘථග්ජනහට ත්‍රාසයෙකි.
Pali BJTසුතවා ච ඛො භික්ඛු, අරියසාවකො අතසිතායෙ ඨානෙ න තාසං ආපජ්ජති. න හෙසො භික්ඛු, තාසො සුතවතො අරියසාවකස්ස නො චස්සං, නො ච මෙ සියා, න භවිස්සති. න මෙ භවිස්සතීති.
Sinhala BJTමහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ත්‍රාස නො කළ යුතු කරුණෙහි ත්‍රාසයට නො පැමිණෙයි, මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට “ඉදින් මම නො වී නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ, (එය නැති කල්හි) මට මතු ප්‍රතිසන්‍ධියක් නො වන්නේ යැ” යන තෙලෙ ත්‍රාසයෙක් නො වෙයි.
Pali BJTරූපුපයං වා භික්ඛු, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය, රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසෙචනං, වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය. වෙදනූපයං වා භික්ඛු, -පෙ- සඤ්ඤූපයං වා භික්ඛු, -පෙ- සඞ්ඛාරූපයං වා භික්ඛු, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය, සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය.
Sinhala BJTමහණ, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ, තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණ, වේදනාවට හෝ පැමිණි ... මහණ, සංඥාවට හෝ පැමිණි, මහණ, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටු නේ යැ. තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.
Pali BJTයො භික්ඛු,{1} එවං වදෙය්ය: අහමඤ්ඤත්ර රූපා, අඤ්ඤත්ර වෙදනාය, අඤ්ඤත්ර සඤ්ඤාය, අඤ්ඤත්ර සඞ්ඛාරෙහි විඤ්ඤාණස්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප්පත්තිං වා වුද්ධිං වා විරූළ්හිං වා වෙපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණ යමෙක් මෙසේ කියා නම්: (කිසේ යැ) “මම රූපය තබා, වේදනාව තබා, සංඥාව තබා, සංස්කාර තබා, විඥානයාගේ ඊම් හෝ යෑම හෝ චුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTරූපධාතුයා චෙ භික්ඛු, භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. වෙදනාධාතුයා චෙ භික්ඛු, භික්ඛුනො -පෙ- සඤ්ඤාධාතුයා චෙ භික්ඛු, භික්ඛුනො -පෙ- සඞ්ඛාරධාතුයා චෙ භික්ඛු, භික්ඛුනො -පෙ- විඤ්ඤාණධාතුයා චෙ භික්ඛු, භික්ඛුනො රාගො පහීනො හොති. රාගස්ස පහානා වොච්ඡිජ්ජතාරම්මණං පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං අනභිසඞ්ඛච්ච විමුත්තං. විමුත්තත්තා ඨිතං. ඨිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. අපරිතස්සං පච්චත්තං යෙව පරිනිබ්බායති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. එවං ඛො භික්ඛු, ජානතො එවං පස්සතො අනන්තරා ආසවානං ඛයො හොතීති.
Sinhala BJTමහණ, ඉදින් රූපධාතුව පිළිබඳ භික්‍ෂුහට රාගය ප්‍රහීණ වේ ද, රාගප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයට ප්‍රතිෂ්ඨා නො වෙයි, මහණ, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයට ප්‍රතිෂ්ඨා නො වෙයි. ප්‍රතිෂ්ඨා රහිත ඒ විඥානය අනභිවෘද්ධියට අවිරූඪියට අවිපුලත්‍වයට පැමිණියේ ප්‍රතිසන්‍ධිය සකස් නො කොට (සසරින්) මිදුණේ වෙයි. මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රාසයට නො පැමිණෙයි, ත්‍රාසයට නො පැමිණෙනුයේ තෙමේ ම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, මග බඹසර වැස නිමවන ලදි. කරණී කරන ලද, මෙ අර්‍හත්‍වය පිණිස අන්කිසෙක් නැතැයි දැන ගනියි. මහණ, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට විදර්‍ශනාවට අනතුරු වැ ආශ්‍රවක්‍ෂය (අර්‍හත්‍වය) වේ යයි (වදාළ සේකි).
Pali BJT1. 2. 1. 4.
Sinhala BJT1. 2. 1. 4.
Pali BJTඋපාදාන පරිවත්ත සුත්තං
Sinhala BJTඋපාදාන පරිවත්ත සූත්‍රය
Pali BJT56. සාවත්ථියං:
Sinhala BJT56. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච: සෙය්යථීදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ චතුපරිවත්තං{2} යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං
Sinhala BJTමහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥෝපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, යම්තාක් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒ තාක් මම අභිසම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ
Pali BJTසම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. යතො ච ඛොහං භික්ඛවෙ, ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ චතුපරිවත්තං යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං.
Sinhala BJTසම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා නො කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක පටන් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම සම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා කෙළෙමි.
Pali BJTකථං චතුපරිවත්තං{1}:
Sinhala BJTචතුෂ්පරිවර්‍තය කෙසේ යැ:
Pali BJTරූපං අබ්භඤ්ඤාසිං, රූපසමුදයං අබ්භඤ්ඤාසිං, රූපනිරොධං අබ්භඤ්ඤාසිං, රූපනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤාසිං. වෙදනං අබ්භඤ්ඤාසිං, -පෙ- සඤ්ඤං අබ්භඤ්ඤාසිං, -පෙ- සඞ්ඛාරෙ අබ්භඤ්ඤාසිං, -පෙ- විඤ්ඤාණං අබ්භඤ්ඤාසිං, විඤ්ඤාණසමුදයං අබ්භඤ්ඤාසිං, විඤ්ඤාණනිරොධං අබ්භඤ්ඤාසිං, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤාසිං.
Sinhala BJTරූපය අවබෝධ කෙළෙමි, රූපසමුදය අවබෝධ කෙළෙමි, රූපනිරෝධය අවබෝධ කෙළෙමි, රූපනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි. වේදනාව අවබෝධ කෙළෙමි ... සංඥාව අවබෝධ කෙළෙමි ... සංස්කාර අවබෝධ කෙළෙමි ... විඥානය අවබෝධ කෙළෙමි, විඥානසමුදය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, රූපං:
Sinhala BJTමහණෙනි, රූපය කවරෙ යැ:
Pali BJTචත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. ඉදං වුච්චති භික්ඛවෙ, රූපං. ආහාරසමුදයා රූපසමුදයො, ආහාරනිරොධා රූපනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො රූපනිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJTසතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද, මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම රූපනිරෝධගාමිනීපටිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්සඞ්කල්ප, සම්‍යග්වචන ය, සම්‍යග්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යග්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං රූපං අභිඤ්ඤාය එවං රූපසමුදයං අභිඤ්ඤාය එවං රූපනිරොධං අභිඤ්ඤාය එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුපටිපන්නා{2}, යෙ සුපටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් වෙත් වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුපිළිපන්හ, යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, උහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං රූපං අභිඤ්ඤාය එවං රූප සමුදයං අභිඤ්ඤාය එවං රූප නිරොධං අභිඤ්ඤාය එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො, වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, රූපසමුදය දැන, රූපනිරෝධය දැන, රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදානය නො කොට (තණ්හාදී වශයෙන් අලවා නො ගෙන) මිදුණාහු වෙත් ද, ඔහු සුවිමුත්තයහ. යම් කෙනෙක් සුවිමුත්ත ද, ඔහු කේවලීහ (කළ සියලුකිස ඇතියහ). යම් කෙනෙක් කේවලී ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් (කරුණක්) නැත.
Pali BJTකතමා ච භික්ඛවෙ, වෙදනා:
Sinhala BJTමහණෙනි, වේදනාව කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ, වෙදනාකායා: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. අයං වුච්චති භික්ඛවෙ, වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො, ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්‍ෂුෂ්ස්පර්ශයෙන් උපන් වේදනා යැ, ශ්‍රෝතස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ඝ්‍රාණස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ජිහ්වාස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, කායස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, මනස්ස්පර්‍ශයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශ සමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම වේදනානිරෝධගාමිනී ප්‍රතිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්මාධි යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනං අභිඤ්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ්ඤාය එවං වෙදනානිරොධං අභිඤ්ඤාය එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය වෙදනාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුපටිපන්නා. යෙ සුපටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන වේදනාවගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනං අභිඤ්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ්ඤාය එවං වෙදනානිරොධං අභිඤ්ඤාය එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය වෙදනාය නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා, තෙ සුවිමුත්තා, යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො, යෙ කෙවලිනො, වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, වේදනාසමුදය දැන, වේදනානිරෝධය දැන, වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, වේදනාව පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුත්ත වූවාහු ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
Pali BJTකතමා ච භික්ඛවෙ, සඤ්ඤා:
Sinhala BJTමහණෙනි, සංඥා කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ, සඤ්ඤාකායා: රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා. අයං වුච්චති භික්ඛවෙ, සඤ්ඤා. ඵස්සසමුදයා සඤ්ඤාසමුදයො, ඵස්සනිරොධා සඤ්ඤානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඤ්ඤානිරොධගාමිනී පටිපදා: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, මේ සංඥා සමූහ සයෙකි: රූපසංඥා යැ, ශබ්දසංඥා යැ, ගන්‍ධසංඥා යැ, රසසංඥා යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥා යැ, ධර්‍මසංඥා යි. මහණෙනි, මේ ‘සංඥා’ යි කියනු ලැබේ: ස්පර්‍ශසමුදයයෙන් සංඥාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් සංඥානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
Pali BJTයෙහි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං සඤ්ඤං අභිඤ්ඤාය -පෙ- වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ සංඥාව දැන ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, සඞ්ඛාරා:
Sinhala BJTමහණෙනි, සංස්කාර කවරහු යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ, චෙතනාකායා: රූපසඤ්චෙතනා, සද්දසඤ්චෙතනා, ගන්ධසඤ්චෙතනා, රසසඤ්චෙතනා, ඵොට්ඨබ්බසඤ්චෙතනා, ධම්මසඤ්චෙතනා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛාරා. ඵස්සසමුදයා සඞ්ඛාරසමුදයො, ඵස්සනිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, මේ චේතනාරාශී සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ, ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු සංස්කාර යි කියනු ලැබෙත්. ස්පර්‍ශ සමුදයෙන් සංස්කාරසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං සඞ්ඛාරෙ අභිඤ්ඤාය -පෙ- වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ සංස්කාර දැන ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං:
Sinhala BJTමහණෙනි, විඥානය කවර යැ:
Pali BJTඡයිමෙ භික්ඛවෙ, විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවෙ, විඤ්ඤාණං. නාමරූපසමුදයා විඤ්ඤාණසමුදයො, නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, මේ විඥාන රාශි සයෙකි: (එනම්) චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝවිඥාන යි. මහණෙනි, මෙ විඥාන යි කියනු ලැබේ. නාමරූප සමුදයෙන් විඥානසමුදය වෙයි. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම විඥානනිරෝධගාමිනී ප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං විඤ්ඤාණං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණසමුදයං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නා, තෙ සුපටිපන්නා. යෙ සුපටිපන්නා තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥානසමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ මොනොවට පිළිපන්නාහු වෙති. යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, ඔහු මේ ධර්‍මවිනයෙහි පිහිටා සිටිත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා එවං විඤ්ඤාණං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණසමුදයං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධං අභිඤ්ඤාය, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ්ඤාය විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තා, තෙ සුවිමුත්තා. යෙ සුවිමුත්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායාති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥානය දැන, මෙසේ විඥානසමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් අලවා නො ගෙන මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුමුත්ත ද, ඔහු කේවලීහ, යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැති යි වදාළසේක.
Pali BJT1. 2. 1. 5.
Sinhala BJT1. 2. 1. 5.
Pali BJTසත්තට්ඨාන සුත්තං
Sinhala BJTසත්තට්ඨාන සූත්‍රය
Pali BJT57. සාවත්ථියං:
Sinhala BJT57. සැවැත්නුවර:
Pali BJTසත්තට්ඨානකුසලො භික්ඛවෙ, භික්ඛු තිවිධූපපරික්ඛී ඉමස්මිං ධම්මවිනයෙ කෙවලී වුසිතවා උත්තමපුරිසොති.
Sinhala BJTමහණෙනි, සත් තැනෙක දක්‍ෂ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මෙ ධර්‍මවිනයෙහි කළ සැම කිස ඇති, වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සත්තට්ඨානකුසලො හොති:
Sinhala BJTමහණෙනි, මහණ කිසෙයින් සත්තට්ඨාන කුසල වේ ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු රූපං පජානාති, රූපසමුදයං පජානාති, රූපනිරොධං පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං පජානාති, රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය දනියි, රූප සමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනියි, රූපයාගේ ආස්වාදය දනියි, රූපයාගේ ආදීනව දනියි, රූපයාගේ නිශ්ශරණය දනී.
Pali BJTවෙදනං පජානාති, වෙදනා සමුදයං පජානාති, වෙදනානිරොධං පජානාති, වෙදනානිරොධගාමිනිං පටිපදං පජානාති, වෙදනාය අස්සාදං පජානාති, වෙදනාය ආදීනවං පජානාති, වෙදනාය නිස්සරණං පජානාති.
Sinhala BJTවේදනාව දනියි, වේදනා සමුදය දනියි, වේදනා නිරෝධය දනියි, වේදනානිරෝධගාමිනීපටිපදාව දනියි, වේදනායෙහි ආස්වාදය දනියි, වේදනායෙහි ආදීනව දනියි, වේදනායෙහි නිශ්ශරණය දනී.
Pali BJTසඤ්ඤං පජානාති -පෙ- සඞ්ඛාරෙ පජානාති, සඞ්ඛාරසමුදයං පජානාති, සඞ්ඛාරනිරොධං පජානාති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සඞ්ඛාරානං අස්සාදං පජානාති, සඞ්ඛාරානං ආදීනවං පජානාති, සඞ්ඛාරානං නිස්සරණං පජානාති.
Sinhala BJTසංඥාව දනියි ... සංස්කාර දනියි, සංස්කාරසමුදය දනියි, සංස්කාරනිරෝධය දනියි, සංස්කාරනිරෝධගාමිනීපටිපදාව දනියි, සංස්කාරයන්ගේ ආස්වාදය දනියි, සංස්කාරයන්ගේ ආදීනව දනියි, සංස්කාරයන්ගේ නිශ්ශරණය දනී.
Pali BJTවිඤ්ඤාණං පජානාති, විඤ්ඤාණසමුදයං පජානාති, විඤ්ඤාණනිරොධං පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති, විඤ්ඤාණස්ස අස්සාදං පජානාති, විඤ්ඤාණස්ස ආදීනවං පජානාති, විඤ්ඤාණස්ස නිස්සරණං පජානාති.
Sinhala BJTවිඥානය දනියි, විඥානසමුදය දනියි, විඥානනිරෝධය දනියි, විඥානනිරෝධගාමිනීපටිපදාව දනියි, විඥානයාගේ ආස්වාදය දනියි, විඥානයාගේ ආදීනව දනියි, විඥානයාගේ නිශ්ශරණය දනී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, රූපං:
Sinhala BJTමහණෙනි, රූපය කවරෙ යැ: