Pali BJTපඨම අනුධම්ම සුත්තං
Sinhala BJTපළවැනි අනුධම්ම සූත්‍රය
Pali BJT39. සාවත්ථියං–
Sinhala BJT39. සැවැත්නුවර–
Pali BJTධම්මානුධම්මප්පටිපන්නස්ස භික්ඛවෙ, භික්ඛුනො අයමනුධම්මො හොති.
Sinhala BJTමහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න (නවලෝකෝත්තරධර්‍මයනට අනුලොම් වූ පූර්‍වභාගප්‍රතිපදාවට පිළිපන්) මහණහට මේ අනුලෝමධර්‍ම වෙයි.
Pali BJTයං රූපෙ නිබ්බිදාබහුලො විහරෙය්ය, වෙදනාය නිබ්බිදාබහුලො විහරෙය්ය, සඤ්ඤාය නිබ්බිදාබහුලො විහරෙය්ය, සඞ්ඛාරෙසු නිබ්බිදාබහුලො විහරෙය්ය, විඤ්ඤාණෙ නිබ්බිදාබහුලො විහරෙය්ය.
Sinhala BJTයම් හෙයෙකින් රූපයෙහි නිර්වේද (උකටලී) බහුල වැ වාස කෙරේ ද, වේදනායෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, සංඥායෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, සංස්කාරයන්හි නිර්වේද බහුල වැ වාස කෙරේ ද, විඥානයෙහි නිර්වේද බහුල වැ වාස කෙරේ ද,
Pali BJTසො රූපෙ නිබ්බිදාබහුලො විහරන්තො, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ නිබ්බිදාබහුලො විහරන්තො රූපං පරිජානාති, වෙදනංපරිජානාති, සඤ්ඤං පරිජානාති, සඞ්ඛාරෙ පරිජානාති, විඤ්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං පරිජානං, සඤ්ඤං පරිජානං, සඞ්ඛාරෙ පරිජානං, විඤ්ඤාණං පරිජානං, පරිමුච්චති රූපම්හා, පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි, පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමී’ති.
Sinhala BJTහේ රූපයෙහි නිර්වේද බහුල වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි නිර්වේද බහුල වැ වාස කරනුයේ රූපය (ත්‍රිවිධ පරිඥායෙන්) පිරිසිඳ දනියි, වේදනාව පිරිසිඳ දනියි, සංඥාව පිරිසිඳ දනියි, සංස්කාර පිරිසිඳ දනියි, විඥානය පිරිසිඳ දනියි. හෙ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාර පිරිසිඳ දන්නේ විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් (ප්‍රහාණපරිඥා විසින්) මිදෙයි, වේදනායෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් ජරාවෙන් හා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් (කායික) දුකින් (මානසික) දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි. වෘත්තදුඃඛයෙන් මිදේ යයි කියමි යි.
Pali BJT1. 1. 4. 8.
Sinhala BJT1. 1. 4. 8.
Pali BJTදුතිය අනුධම්ම සුත්තං
Sinhala BJTදෙවැනි අනුධම්ම සූත්‍රය
Pali BJT40. සාවත්ථියං–
Sinhala BJT40. සැවැත්නුවර–
Pali BJTධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛවෙ, භික්ඛුනො අයමනුධම්මො හොති:
Sinhala BJTමහණෙනි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න මහණහට මේ අනුලෝමධර්‍ම වෙයි:
Pali BJTයං රූපෙ අනිච්චානුපස්සී විහරෙය්ය, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනිච්චානුපස්සී විහරෙය්ය, සො රූපෙ අනිච්චානුපස්සී විහරන්තො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනිච්චානුපස්සී විහරන්තො රූපං පරිජානාති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණංපරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානං පරිමුච්චති රූපම්හා, පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි. පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTයම් හෙයෙකින් රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ (අනිත්‍ය නුවණින්, දකිමින්) වාස කෙරේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කෙරේ ද, හේ රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි ... සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ ව්‍යාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව …. සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි. වේදනායෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරා මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් උපායාසයෙන් මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
Pali BJT1. 1. 4. 9.
Sinhala BJT1. 1. 4. 9.
Pali BJTතතිය අනුධම්ම සුත්තං
Sinhala BJTතෙවැනි අනුධම්ම සූත්‍රය
Pali BJT41. සාවත්ථියං–
Sinhala BJT41. සැවැත්නුවර–
Pali BJTධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛවෙ, භික්ඛුනො අයමනුධම්මො හොති:
Sinhala BJTමහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මේ අනුලෝම ධර්‍ම වෙයි:
Pali BJTයං රූපෙ දුක්ඛානුපස්සී විහරෙය්ය, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ දුක්ඛානුපස්සී විහරෙය්ය, සො රූපෙ දුක්ඛානුපස්සී විහරන්තො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ දුක්ඛානුපස්සී විහරන්තො රූපං පරිජානාති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානං, පරිමුච්චති රූපම්හා, පරිමුච්චති වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙහි -පෙ- පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTයම් හෙයකින් රූපයෙහි දුඃඛානුදර්ශී වැ වෙසේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි දුඃඛානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි දුඃඛානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි දුඃඛානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරා මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
Pali BJT1. 1. 4. 10.
Sinhala BJT1. 1. 4. 10.
Pali BJTචතුත්ථ අනුධම්ම සුත්තං
Sinhala BJTසිව්වැනි අනුධම්ම සූත්‍රය
Pali BJT42. සාවත්ථියං–
Sinhala BJT42. සැවැත්නුවර–
Pali BJTධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛවෙ, භික්ඛුනො අයමනුධම්මො හොති:
Sinhala BJTමහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මෙ අනුලෝම ධර්‍ම වෙයි:
Pali BJTයං රූපෙ අනත්තානුපස්සී විහරෙය්ය, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනත්තානුපස්සී විහරෙය්ය, සො රූපෙ අනත්තානුපස්සී විහරන්තො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අනත්තානුපස්සී විහරන්තො, රූපං පරිජානාති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානාති. සො රූපං පරිජානං වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං පරිජානං, පරිමුච්චති රූපම්හා, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙහි -පෙ- පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTයම් හෙයෙකින් රූපයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරාවෙන් හා මරණයෙන් - ශෝකයෙන් - වැලපීමෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් (දැඩිවෙහෙසින්) මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
Pali BJTනතුම්හාකවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවැනි නතුම්හාක වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTන තුම්හාකෙන ද්වෙ වුත්තා භික්ඛූහි අපරෙ දුවෙ ආනන්දෙන දුවෙ වුත්තා අනුධම්මෙහි ද්වෙ දුකාති.
Sinhala BJTනතුම්හාක නමින් සූත්‍ර දෙකක් දේශිත යැ, භික්ඛු නමින් අන්‍ය සූත්‍ර දෙකක් ද, ආනන්‍ද නමින් සූත්‍ර දෙකක් ද දේශිත යැ, අනුධම්ම නමින් ද්වික දෙකක් (සතරක්) දේශිත යි. (මෙසේ නතුම්හාක වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි).
Pali BJT5. අත්තදීපවග්ගො
Sinhala BJT5. අත්තදීප වර්‍ගය
Pali BJT1. 1. 5. 1.
Sinhala BJT1. 1. 5. 1.
Pali BJTඅත්තදීප සුත්තං
Sinhala BJTඅත්තදීප සූත්‍රය
Pali BJT43. සාවත්ථියං–
Sinhala BJT43. සැවැත්නුවර–
Pali BJTඅත්තදීපා භික්ඛවෙ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා. ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
Sinhala BJTමහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු. (ලොවී ලොව්තුරා) දහම් පිහිට කොට දහම් සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු.
Pali BJTඅත්තදීපානං භික්ඛවෙ, විහරතං අත්තසරණානං අනඤ්ඤසරණානං, ධම්මදීපානං ධම්මසරණානං අනඤ්ඤසරණානං, යොනියෙව උපපරික්ඛිතබ්බා{1}, “කිඤ්ජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. කිංපහොතිකා”ති.
Sinhala BJTමහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට, මෙරමා පිහිට නො කොට ධර්‍මය පිහිට කොට, ධර්‍මය සරණ කොට මෙරමා සරණ නො කොට වසන තොප විසින් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් දැ” යි කාරණය ම විමසිය යුතු ය.
Pali BJTකිඤ්ජාතිකා ච භික්ඛවෙ, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා: කිංපහොතිකා:
Sinhala BJTමහණෙනි, සෝකපරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය ධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, ආත්මය රූප ඇත්තක් කොට හෝ දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ රූපය විපරිණාමයට යෙයි, අන් පරිදි හෝ වෙයි. රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
Pali BJTවෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තානං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. තස්ස තෙ සඞ්ඛාරා විපරිණමන්ති, අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව විපරිණාමයට යෙයි, අන් අයුරු වෙයි. ඔහුට වේදනාවගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති. සංඥාව … සංස්කාර ආත්ම වශයෙන් දකියි, සංස්කාරවත් ආත්මය හෝ දකියි. ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ දකියි, සංස්කාරයන්හි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ සංස්කාර විපරිණාමයට යෙයි, අන්පරිදි වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
Pali BJTවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවිඥානය ආත්ම විසින් දකියි. විඥානවත් ආත්මය හෝ දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ විඥානය විපරිණාමයට යෙයි. අන්පරිදි වෙයි. විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
Pali BJTරූපස්ස ත්වෙව භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං පුබ්බෙ චෙව රූපං එතරහි ච සබ්බං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මන්ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛං විහරං භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චති.
Sinhala BJTතවද මහණෙනි, රූපයාගේ ම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතයෙහි වූ රූපය හා වර්‍තමානයෙහි වූ රූපය දැයි හැම රූ අනිත්‍යය, දුඃඛය, පෙරෙළෙන සැහැවි ඇතියි තෙල මෙසේ ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වේ, ත්‍රස්ත නො වනුයේ සුවසේ විහරණ කෙරෙයි සුවසේ විහරණ කරන මහණ (විදර්‍ශනාඞ්ගයෙන් ශෝක නිවුණු හෙයින්) “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
Pali BJTවෙදනාය ත්වෙව භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං පුබ්බෙ චෙව වෙදනා එතරහි ච සබ්බා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති. සුඛං විහරං භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චති.
Sinhala BJTතවද මහණෙනි, වේදනාව පිළිබඳ අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන පෙර වූ වේදනා හා වර්‍තමානයෙහි වූ සියලු වේදනාවෝ අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
Pali BJTසඤ්ඤාය ත්වෙව භික්ඛවෙ, -පෙ- සඞ්ඛාරානං ත්වෙව භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව සඞ්ඛාරා එතරහි ච සබ්බෙ සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛං විහරං භික්ඛු ‘තදඞ්ගනිබ්බුතො’ති වුච්චති.
Sinhala BJTතවද මහණෙනි, සංඥාව පිළිබඳ වූ ම … මහණෙනි, සංස්කාරයන් පිළිබඳ වූ ම අනිත්‍යතාව දැන විපරිණාම විරාගනිරෝධය දැන අතීතයෙහි වූ සංස්කාර හා වර්‍තමානයෙහි වූ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ, දුඃඛයහ, පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
Pali BJTවිඤ්ඤාණස්ස ත්වෙව භික්ඛවෙ, අනිච්චතං විදිත්වා විපරිණාමවිරාගනිරොධං, පුබ්බෙ චෙව විඤ්ඤාණං එතරහි ච සබ්බං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මන්ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා තෙ පහීයන්ති. තෙසං පහානා න පරිතස්සති, අපරිතස්සං සුඛං විහරති, සුඛං විහරං භික්ඛු “තදඞ්ගනිබ්බුතො“ති වුච්චතීති.
Sinhala BJTතවද මහණෙනි, විඥානය පිළිබඳ වු ම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතයෙහි වූ ම විඥානය හා වර්‍තමානයෙහි ද සියලු විඥානය අනිත්‍ය ය දුඃඛ ය පෙරළෙන සැහැවි ඇතියෙකියි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නහුට යම් ශෝක - පරිදේව - දුඃඛ - දෞර්‍මනස්‍ය - උපායාස කෙනෙක් ඇත්ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණ හේතුයෙන් ත්‍රස්ත නො වෙයි. ත්‍රස්ත නො වනුයේ සැපසේ විහරණ කෙරෙයි, සැපසේ විහරණ කරන මහණ “තදඞ්ග වශයෙන් නිවුණෙකි” යි කියනු ලැබේ.
Pali BJT1. 1. 5. 2.
Sinhala BJT1. 1. 5. 2.
Pali BJTපටිපදා සුත්තං
Sinhala BJTපටිපදා සූත්‍රය
Pali BJT44. සාවත්ථියං–
Sinhala BJT44. සැවැත්නුවර–
Pali BJTසක්කායසමුදයගාමිනිඤ්ච වො භික්ඛවෙ, පටිපදං දෙසිස්සාමි, සක්කායනිරොධගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට සත්කාය සමුදය ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. සත්කාය නිරෝධ ගාමිනී වූ ද ප්‍රතිපත් දෙසමි. ඒ අසව.
Pali BJTකතමා ච භික්ඛවෙ, සක්කායසමුදයගාමිනී පටිපදා:
Sinhala BJTමහණෙනි, සත්කාය සමුදය ගාමිනී ප්‍රතිපත් කවර:
Pali BJTඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තානං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං,
Sinhala BJTමහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි, ආත්මය රූපවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනාවත් කොට හෝ දකියි, ආත්මයෙහි ලා හෝ වේදනාව දකියි, වේදනායෙහි ලා හෝ ආත්මය දකී.
Pali BJTසඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, සක්කායසමුදයගාමිනීපටිපදාති. ඉතිහිදං භික්ඛවෙ, වුච්චති දුක්ඛසමුදයගාමිනී සමනුපස්සනාති. අයමෙවෙත්ථ අත්ථො.
Sinhala BJTසංඥාව … සංස්කාර … විඥානය ආත්ම වශයෙන් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, විඥානය ආත්මයෙහි ලා හෝ දකියි, ආත්මය විඥානයෙහි ලා හෝ දකියි. මහණෙනි, මේ සත්කායසමුදයගාමිනීප්‍රතිපදා ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුඃඛසමුදයගාමිනීසමනුදර්‍ශනා ය යි කියනු ලැබේ. මෙය ම මෙහි අර්‍ත්‍ථ යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සක්කායනිරොධගාමිනී පටිපදා:
Sinhala BJTමහණෙනි, සත්කාය නිරෝධගාමිනී ප්‍රතිපත් කවර:
Pali BJTඉධ භික්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො, සප්පුරිසධම්මෙ සුවිනීතො, න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. අයං වුච්චති භික්ඛවෙ, සක්කායනිරොධගාමිනී පටිපදා, සක්කායනිරොධගාමිනී පටිපදාති. ඉතිහිදං භික්ඛවෙ, වුච්චති දුක්ඛනිරොධගාමිනී සමනුපස්සනාති. අයමෙවෙත්ථ අත්ථොති.
Sinhala BJTමහණෙනි, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ දක්‍ෂ, ආර්‍ය්‍ය ධර්‍මයෙහි මොනවට හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂ ධර්‍මය පිළිබඳ දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි මොනවට හික්මුණු, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. වේදනාව ආත්ම වශයෙන් නො දකියි, … සංඥාව ආත්ම වශයෙන් නො දකියි, … සංස්කාර ආත්ම වශයෙන් නො දකියි, … විඥානය ආත්ම වශයෙන් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ලා හෝ නො දකියි, ආත්මය විඥානයෙහි ලා හෝ නො දකී. මහණෙනි, මෙ සත්කායනිරෝධගාමිනීප්‍රතිපත් යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මෙය දුඃඛනිරෝධගාමිනී සමනුදර්‍ශනා යයි කියනු ලැබේ. මෙය ය මෙහි අර්‍ත්‍ථ යි.
Pali BJT1. 1. 5. 3.
Sinhala BJT1. 1. 5. 3.
Pali BJTපඨම අනිච්චතා සුත්තං
Sinhala BJTපළවැනි අනිච්චතා සූත්‍රය
Pali BJT45. සාවත්ථියං–
Sinhala BJT45. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො චිත්තං විරජ්ජති, විමුච්චති අනුපාදාය ආසවෙහි. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො චිත්තං විරජ්ජති, විමුච්චති අනුපාදාය ආසවෙහි.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත (මාර්‍ගක්‍ෂණයෙහි දී) නො ඇලෙයි, (ඵලක්‍ෂණයෙහි දී) උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය … අනිත්‍ය යි. යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි. යමක් දුක් වේ ද, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ සිත නො ඇලෙයි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදෙයි.
Pali BJTරූපධාතුයා චෙ භික්ඛවෙ, භික්ඛුනො චිත්තං විරත්තං විමුත්තං හොති අනුපාදාය ආසවෙහි, වෙදනාධාතුයා -පෙ- සඤ්ඤාධාතුයා -පෙ- සඞ්ඛාරධාතුයා -පෙ- විඤ්ඤාණධාතුයා චෙ භික්ඛවෙ, භික්ඛුනො චිත්තං විරත්තං විමුත්තං හොති අනුපාදාය ආසවෙහි. විමුත්තත්තා ඨිතං. ඨිතත්තා සන්තුසිතං, සන්තුසිතත්තා න පරිතස්සති. අපරිතස්සං පච්චත්තං යෙව පරිනිබ්බායති. “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා”ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණහුගේ සිත රූපධාතුයෙහි නො ඇලුණේ උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේද. වේදනා ධාතුයෙහි … සංඥාධාතුයෙහි … සංස්කාර ධාතුයෙහි … මහණෙනි, ඉදින් මහණහුගේ සිත විඥානධාතුයෙහි නො ඇලුණේ වේ ද, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් ගෙන් මිදුණේ වෙයි. විමුක්ත බැවින් මතුයෙහි (කළයුතු, කිස නැති හෙයින්) ස්ථිත වෙයි. ස්ථිත බැවින් (ලැබියයුතු දෑ ලැබීමෙන්) සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට බැවින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තමා කෙරෙහි ම (තමා විසින් ම) පිරිනිවෙයි. “ජාතිය, ක්‍ෂීණ විය. බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැති” යි දැන ගනී යි.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 1. 5. 4.
Pali BJTදුතිය අනිච්චතා සුත්තං
Sinhala BJTදෙවැනි අනිච්චතා සූත්‍රය
Pali BJT46. සාවත්ථියං–
Sinhala BJT46. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම නෙසො ‘හමස්මි න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො ‘හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො පුබ්බන්තානුදිට්ඨියො න හොන්ති. පුබ්බන්තානුදිට්ඨීනං අසති, අපරන්තානුදිට්ඨියො න හොන්ති. අපරන්තානුදිට්ඨීනං අසති, ථාමසා පරාමාසො න හොති. ථාමසා පරාමාසෙ අසති රූපස්මිං වෙදනාය සඤ්ඤාය සඞ්ඛාරෙසු විඤ්ඤාණස්මිං චිත්තං විරජ්ජති, විමුච්චති අනුපාදාය ආසවෙහි. විමුත්තත්තා ඨිතං. ඨිතත්තා සන්තුසිතං. සන්තුසිතත්තා න පරිතස්සති. අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය වේ ද එය දුක් වෙයි, යමක් දුක් වේ ද එය අනාත්ම වෙයි, යමක් අනාත්ම වේ ද එය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යි මෙසේ තෙල ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට පූර්‍වාන්තය අනුවගිය (අටළොස්) දෘෂ්ටීහු නො වෙත්. පූර්‍වාන්තානුදෘෂ්ටි නැති කල්හි අපරාන්තය, අනුව ගිය (සූසාළිස්) දෘෂ්ටීහු නො වෙත්. අපරාන්තානුදෘෂ්ටි නැති කල්හි දෘෂ්ටිශක්ති විසින් (දෘෂ්ටි) පරාමර්‍ශයෙක් නො වෙයි. දෘෂ්ටිශක්ති විසින් පරාමර්‍ශයෙක් නැති කල්හි රූපයෙහි වේදනායෙහි සංඥායෙහි සංස්කාරයන්හි විඥානයෙහි සිත නො ඇලෙයි, උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන්ගෙන් සිත මිදෙයි, මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වනුයේ තෙමේ ම පිරිනිවෙයි. “ජාතිය ගෙවිණ, බඹසර වැස නිමැවිණ, කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන්කිසෙක් නැති” යි දැනගනී යි.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 1. 5. 5.
Pali BJTසමනුපස්සනා සුත්තං
Sinhala BJTසමනුපස්සනා සූත්‍රය
Pali BJT47. සාවත්ථියං–
Sinhala BJT47. සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං අත්තානං සමනුපස්සමානා සමනුපස්සන්ති, සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති, එතෙසං වා අඤ්ඤතරං.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි දෘෂ්ටි වශයෙන් දක්නාහු අනේකප්‍රකාර ආත්මය දකිත්. ඒ සියල්ලෝ පඤ්චෝපාදාන ස්කන්‍ධයන් දෘෂ්ටිවශයෙන් දකිති. ඒ පඤ්චෝපාදානස්කන්‍ධ අතුරෙන් අන්‍යතරයක් හෝ දකිත්.
Pali BJTකතමෙ පඤ්ච:
Sinhala BJTකවර පසෙක් යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමහණෙනි, මෙලොව බුද්ධාදී ආර්‍ය්‍යයන් නොදක්නා ආර්‍ය්‍යධර්‍ම පිළිබඳ අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍ම පිළිබඳ අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් දකියි. ආත්මය රූපවත් කොට හෝ දකියි. ආත්මයෙහිලා හෝ රූපය දකියි, රූපයෙහි ලා හෝ ආත්මය දකියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ආත්ම විසින් දකියි, ආත්මය විඥානවත් කොට හෝ දකියි, ආත්මයෙහිලා හෝ විඥානය දකියි, විඥානයෙහි ලා හෝ ආත්මය දකියි.
Pali BJTඉති අයඤ්චෙව සමනුපස්සනා අස්මීති චස්ස අවිගතං හොති. අස්මීති ඛො පන භික්ඛවෙ අවිගතෙ, පඤ්චන්නං ඉන්ද්රියානං අවක්කන්ති හොති: චක්ඛුන්ද්රියස්ස සොතින්ද්රියස්ස ඝානින්ද්රියස්ස ජිව්හින්ද්රියස්ස කායින්ද්රියස්ස. අත්ථි භික්ඛවෙ මනො, අත්ථි ධම්මා, අත්ථි අවිජ්ජාධාතු. අවිජ්ජාසම්ඵස්සජෙන භික්ඛවෙ, වෙදයිතෙන ඵුට්ඨස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස අස්මීතිපි’ස්ස හොති, අයමහමස්මීති’පිස්ස හොති භවිස්සන්තිපි’ස්ස හොති, රූපී භවිස්සන්ති’පිස්ස හොති, අරූපී භවිස්සන්ති’පිස්ස හොති. සඤ්ඤී භවිස්සන්ති’පිස්ස හොති, අසඤ්ඤී භවිස්සන්ති’පිස්ස හොති. නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති’පිස්ස හොති.
Sinhala BJTමෙසේ මේ දිට්ඨිසමනුපස්සනා (යමෙකුට) ඇත් ද, (එකල්හි) ඔහුට ‘මම වෙමි’ යන ප්‍රපඤ්චය අවිගත (අප්‍රහීණ) වෙයි. මහණෙනි, ‘මම වෙමි’ යන ප්‍රපඤ්චය අවිගත කල්හි චක්‍ෂුරින්‍ද්‍රිය - ශ්‍රෝත ඉන්‍ද්‍රිය - ඝ්‍රාණේන්‍ද්‍රිය - ජිහ්වේන්‍ද්‍රිය - කායේන්‍ද්‍රිය යන පඤ්චේන්‍ද්‍රියයන්ගේ අවක්‍රාන්තිය (ඉපැද්ම) වෙයි. මහණෙනි, මනස (-කර්‍මචිත්තය) ඇත, ආරම්මණ ධර්‍ම ඇත, (ජවනක්‍ෂණයෙහි) අවිද්‍යාව ඇති. මහණෙනි, අවිද්‍යාසම්ප්‍රයුක්ත ස්පර්‍ශයෙන් හටගත් වේදනායෙන් පහස්නා ලද ඒ අශ්‍රැතවත් පෘථග්ජනහට (තණ්හාදි වශයෙන්) “මම් වෙමි” යන මඤ්ඤනා ද වෙයි, (රූපාදි කිසිවක් ආත්ම දෘෂ්ටි වශයෙන් ගෙන) ඔහුට මේ “මම වෙමි’යි මඤ්ඤානා ද වෙයි, ඔහුට ‘මතු වෙමි’ යි ද වෙයි, ඔහුට ‘මතු නො වෙමි’ යි ද වෙයි, ‘මතු රූපී වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු අරූපී වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු සඥා ඇති (සංඥී) වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු සංඥා නැති (අසංඥී) වෙමි’ යි ද ඔහුට වෙයි, ‘මතු නේවසංඥීනාසංඥී වෙමි’ යි ද ඔහුට වේ.
Pali BJTතිට්ඨන්ති ඛො පන භික්ඛවෙ, තත්ථෙව පඤ්චින්ද්රියානි. අථෙත්ථ සුතවතො අරියසාවකස්ස අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. තස්ස අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා අස්මීති’පිස්ස න හොති. අයමහමස්මීති’පිස්ස න හොති, භවිස්සන්ති’පිස්ස න හොති, න භවිස්සන්ති’පිස්ස න හොති, රූපී භවිස්සන්ති’පිස්ස න හොති, අරූපී භවිස්සන්ති’පිස්ස න හොති, සඤ්ඤී භවිස්සන්ති’පිස්ස න හොති, අසඤ්ඤී භවිස්සන්ති’පිස්ස න හොති, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති’පිස්ස න හොතීති.
Sinhala BJTතව ද මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධයෙහි මැ පඤ්චේන්‍ද්‍රියයෝ ඇත්තාහුය, එහෙයින් තෙල ඉන්‍ද්‍රියයන්හි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අවිද්‍යාව ප්‍රහීණ වෙයි, අර්‍හන්මාර්‍ගඥාන විද්‍යාව උපදී. ඔහුට අවිද්‍යාවිරාගයෙන් විද්‍යාව ඉපැදීමෙන් ‘මම් වෙමි’ ඔහුට තණ්හා මාන දිට්ඨි නො වෙයි, රූපාදිය ‘මේ මම් වෙමි’ ආත්මදෘෂ්ටිය නො වෙයි, (ශාශ්වත විසින්) මතු වෙමි ද නො වෙයි, (උච්ඡේද විසින්) මතු නො වෙමි ද නො වෙයි, මතු රූපී වෙමි ද නො වෙයි, අරූපී වෙමි ද නො වෙයි, මතු සංඥී වෙමි ද නො වෙයි, මතු අසංඥී වෙමි ද නො වෙයි, මතු නේවසඤ්ඤීනාසඤ්ඤී වෙමි ද ඔහුට දෘෂ්ටිය නො වේ යයි.
Pali BJT1. 1. 5. 6.
Sinhala BJT1. 1. 5. 6.
Pali BJTඛන්ධ සුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT48. සාවත්ථියං–
Sinhala BJT48. සැවැත්නුවර–
Pali BJTපඤ්ච ච භික්ඛවෙ, ඛන්ධෙ දෙසිස්සාමි, පඤ්චුපාදානක්ඛන්ධෙ ච: තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, පඤ්චස්කන්‍ධ ද, පඤ්චෝපාදානස්කන්‍ධ ද දෙසමි. එය අසව …
Pali BJTකතමෙ ච භික්ඛවෙ, පඤ්චක්ඛන්ධා: යං කිඤ්චි භික්ඛවෙ, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති රූපක්ඛන්ධො.
Sinhala BJTමහණෙනි, පඤ්චස්කන්‍ධ කවරහ යත්: මහණෙනි, අතීත - අනාගත - වර්‍තමාන වූ, ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම්කිසි රූපයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ රූපස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං, අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, පඤ්චක්ඛන්ධා.
Sinhala BJTයම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද මේ විඥාන ස්කන්‍ධ’යි කියනු ලැබේ. මහණෙනි, මොහු පඤ්චස්කන්‍ධ යි කියනු ලැබෙත්:
Pali BJTකතමෙ ච භික්ඛවෙ, පඤ්චුපාදානක්ඛන්ධා: යං කිඤ්චි භික්ඛවෙ, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සාසවං උපාදානියං, අයං වුච්චති රූපුපාදානක්ඛන්ධො.
Sinhala BJTමහණෙනි, පඤ්චෝපාදානස්කන්‍ධ කවරහ යත්: මහණෙනි, ආස්‍රව සහිත වූ උපාදානයනට ප්‍රත්‍යය වූ අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් රූපයක් ඇත් ද, ළඟ වූ හෝ දුර වූ හෝ යම් රූපයෙක් ඇත් ද, මේ ‘රූපෝපාදානස්කන්‍ධ’ යි කියනු ලැබේ.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා සාසවං උපාදානියං, අයං වුච්චති විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
Sinhala BJTයම්කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර … ආස්‍රව සහිත වූ උපාදානයනට ප්‍රත්‍යය වූ අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්ම වේවයි, බාහිර වේවයි, ඖදාරික වේවයි, සූක්‍ෂ්ම වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් ඇත් ද, මෙ විඥානෝපාදානස්කන්‍ධ යි කියනු ලැබේ.
Pali BJTඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පඤ්චුපාදන්තක්ඛන්ධාති.
Sinhala BJTමහණෙනි, මොහු පඤ්චෝපාදානස්කන්‍ධ යි කියනු ලැබෙත්:
Pali BJT1. 1. 5. 7.
Sinhala BJT1. 1. 5. 7.
Pali BJTපඨම සොණ සුත්තං
Sinhala BJTපළමුවැනි සෝණ සූත්‍රය
Pali BJT49. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො සොණො ගහපතිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සොණං ගහපතිපුත්තං භගවා එතදවොච:
Sinhala BJT49. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි සෝණ නම් ගෘහපති පුත්‍ර භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එ තන්හි එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගැහැවි පුත්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTයෙ හි කෙචි සොණ, සමණා වා බ්රාහ්මණා වා අනිච්චෙන රූපෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීති වා සමනුපස්සන්ති, සදිසොහමස්මීති වා සමනුපස්සන්ති, හීනොහමස්මීති වා සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස අදස්සනා. අනිච්චාය වෙදනාය දුක්ඛාය විපරිණාමධම්මාය සෙය්යොහමස්මීති වා සමනුපස්සන්ති, සදිසො’හමස්මීති වා සමනුපස්සන්ති, හීනො’හමස්මීති වා සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස අදස්සනා. අනිච්චාය සඤ්ඤාය දුක්ඛාය විපරිණාමධම්මාය -පෙ- අනිච්චෙහි සඞ්ඛාරෙහි දුක්ඛෙහි විපරිණාමධම්මෙහි -පෙ- අනිච්චෙන විඤ්ඤාණෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යො’හමස්මීති වා සමනුපස්සන්ති, සදිසො’හමස්මීති වා සමනුපස්සන්ති, හීනො’හමස්මීති වා සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස අදස්සනා.
Sinhala BJTසෝණය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්‍ය රූපයෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය මිස අන් කිමෙක? දුක් වූ පෙරැළෙන සැහැවි ඇති අනිත්‍ය වේදනායෙන් “මම උත්තමයෙමි” යි හෝ දකිත් ද, “මම සදෘශයෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය මිස එ අන් කිම? දුක් වූ විපරිණාම ස්වභාව ඇති අනිත්‍ය සංඥායෙන් … දුක් වූ පෙරැළෙන ගති ඇති අනිත්‍ය සංස්කාරයෙන් … දුක් වූ පෙරැළෙන දහම් ඇති අනිත්‍ය විඥානයෙන් “මම විශිෂ්ටයෙමි” යි හෝ දකිත් ද, “මම සමාන යෙමි” යි හෝ දකිත් ද, “මම හීනයෙමි” යි හෝ දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ අදර්‍ශනය හැර අන් කිමෙක?
Pali BJTයෙ ච ඛො කෙචි සොණ, සමණා වා බ්රාහ්මණා වා අනිච්චෙන රූපෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යො’හමස්මීති’පි න සමනුපස්සන්ති, සදිසො’හමස්මීති’පි න සමනුපස්සන්ති, හීනො’හමස්මීති’පි න සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස දස්සනා, අනිච්චාය වෙදනාය දුක්ඛාය විපරිණාමධම්මාය -පෙ- අනිච්චාය සඤ්ඤාය -පෙ- අනිච්චෙහි සඞ්ඛාරෙහි -පෙ- අනිච්චෙන විඤ්ඤාණෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යො’හමස්මීති’පි න සමනුපස්සන්ති, සදිසො’හමස්මීති’පි න සමනුපස්සන්ති, හීනො’හමස්මීති’පි න සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස දස්සනා.
Sinhala BJTසෝණය යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය රූපය හේතු කොට “මම විශිෂ්ට යෙමි” හෝ නො දකිත් ද, “මම තුල්‍යයෙමි” හෝ නො දකිත් ද, “මම හීනයෙමි” යි හෝ නො දකිත් ද, යථාභූතදර්‍ශනය හැර අන් කිමෙක? දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය වූ වේදනාව නිසා … අනිත්‍ය වූ සංඥාව නිසා … අනිත්‍ය වූ සංස්කාර නිසා … දුඃඛ වූ විපරිණාම ධර්‍ම වූ අනිත්‍ය විඥානය හේතු කොට “මම උත්තමයෙමි” යි කියාත් නො දකිත් ද, “මම සදෘශයෙමි” යි කියාත් නො දකිත් ද, “මම හීනයෙමි” යි කියාත් නො දකිත් ද, යථාභූතාර්‍ත්‍ථයාගේ දර්‍ශනය හැර අන් කිම?
Pali BJTතං කිම්මඤ්ඤසි සොණ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTසෝණය, ඒ කිසේ හඟියි: රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති?
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරැළෙන සැහැවි වේ නම් එය “තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය” යි නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, තෙල නිසි නො වෙයි.
Pali BJTවෙදනා නිච්චා වා අනිච්චා වාති?
Sinhala BJTවේදනා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
Pali BJTඅනිච්චා භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් එය දුඃඛ හෝ සුඛ හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති?
Sinhala BJTයමෙක් වනාහි අනිත්‍ය දුඃඛ විපරිණාම ධර්‍ම වේ නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යයි නුවණින් දක්නට යෝග්‍ය වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල යෝග්‍ය නො වේ මැ යැ.
Pali BJTසඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTසංඥා … සංස්කාරයෝ … විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැයි?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං, එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම”ය යි නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නිසි නො වේ මැ යැ.
Pali BJTතස්මාතිහ සොණ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTසෝණය, ඒ හේතුවෙන් ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඕළාරික වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න යම් රූපයෙක් ඇත් ද, දුරෙහි වූ හෝ හමියෙහි වූ හෝ යම් රූපයෙක් ඇත් ද ඒ හැම රූපය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මා අයත් ආත්මයක් නො වේය” යි මෙසේ මේ කරුණ ඇති සැටිය සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTයම් කිසි වේදනාවක් … යම්කිසි සංඥාවක් … යම්කිසි සංස්කාර කෙනෙක් … ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න යම් විඥානයෙක් ඇත් ද, දුරෙහි වූ හෝ සමීපයෙහි වූ හෝ යම් විඥානයෙක් ඇත් ද, ඒ හැම විඥානය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ මෙ කරුණ ඇතිසැටිය සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං සොණ, සුතවා අරියසාවකො රූපස්මි’ම්පි නිබ්බින්දති, වෙදනාය’පි නිබ්බින්දති, සඤ්ඤාය’පි නිබ්බින්දති, සඞ්ඛාරෙසු’පි නිබ්බින්දති විඤ්ඤාණස්මි’ම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා”ති පජානාතීති.
Sinhala BJTසෝණය, මෙසේ දක්නේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු නිර්වේද කෙරෙයි, වෙදනායෙහිදු නිර්වේද කෙරෙයි, සංඥායෙහි දු නිර්වේද කෙරෙයි, සංස්කාරයෙහිදු නිර්වේද කෙරෙයි, විඥානයෙහිදු නිර්වේද කෙරෙ යි. නිර්වේද කරනුයේ විරක්ත වෙයි, විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්ත” යයි ඥානය පහළ වෙයි, ජාති ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද. මේ අනුපාදාපරිනිර්‍වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති” යි නුවණින් දනීයයි වදාළහ.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 1. 5. 8.
Pali BJTදුතිය සොණ සුත්තං
Sinhala BJTදෙවැනි සෝණ සූත්‍රය