Pali BJTනො චෙදං භික්ඛවෙ, රූපස්ස අස්සාදො අභවිස්ස, නයිදං සත්තා රූපස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි රූපස්ස අස්සාදො, තස්මා සත්තා රූපස්මිං සාරජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, රූපයාගේ ආස්වාදයෙක් නැත් නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් රූපයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූප යෙහි ඇලෙති.
Pali BJTනො චෙදං භික්ඛවෙ, රූපස්ස ආදීනවො අභවිස්ස, නයිදං සත්තා රූපස්මිං නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි රූපස්ස ආදීනවො, තස්මා සත්තා රූපස්මිං නිබ්බින්දන්ති.
Sinhala BJTමහණෙනි, රූපයාගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො කල කිරෙති. මහණෙනි, යම්හෙයෙකින් රූපයාගේ ආදීනවයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයෙහි නිර්වේද කෙරෙත්.
Pali BJTනො චෙදං භික්ඛවෙ, රූපස්ස නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා රූපස්මා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි රූපස්ස නිස්සරණං, තස්මා සත්තා රූපස්මා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, රූපයාගේ නිශ්ශරණයෙක් නො වී නම්, සත්ත්‍වයෝ රූපයෙන් නිශ්ශෘත නො වෙති. මහණෙනි, යම් හෙයෙකින් රූපයාගේ නිශ්ශරණ ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපය කෙරෙන් නිශ්ශරණ කෙරෙත්.
Pali BJTනො චෙදං භික්ඛවෙ, වෙදනාය අස්සාදො අභවිස්ස -පෙ- නො චෙදං භික්ඛවෙ, සඤ්ඤාය අස්සාදො අභවිස්ස -පෙ- නො චෙදං භික්ඛවෙ, සඞ්ඛාරානං අස්සාදො අභවිස්ස -පෙ- නො චෙදං භික්ඛවෙ, විඤ්ඤාණස්ස අස්සාදො අභවිස්ස, නයිදං සත්තා විඤ්ඤාණස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි විඤ්ඤාණස්ස අස්සාදො, තස්මා සත්තා විඤ්ඤාණස්මිං සාරජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, වේදනායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සඥායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සංස්කාරයන්ගේ ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, විඥානයාගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ, විඥානයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි ඇලෙත්.
Pali BJTනො චෙදං භික්ඛවෙ, විඤ්ඤාණස්ස ආදීනවො අභවිස්ස, නයිදං සත්තා විඤ්ඤාණස්මිං නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි විඤ්ඤාණස්ස ආදීනවො, තස්මා සත්තා විඤ්ඤාණස්මිං නිබ්බින්දන්ති.
Sinhala BJTමහණෙනි, විඥානයාගේ ආදීනවයෙක් නොවී නම් සත්ත්‍වයෝ විඥානයෙහි නිර්වේද නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආදීනව ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි කලකිරෙත්.
Pali BJTනො චෙදං භික්ඛවෙ, විඤ්ඤාණස්ස නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා විඤ්ඤාණස්මා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි විඤ්ඤාණස්ස නිස්සරණං, තස්මා සත්තා විඤ්ඤාණස්මා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ නො වී නම්, සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නිශ්ශරණ නො කෙරෙති. මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නික්මයෙත්.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, සත්තා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤංසු, නෙව තාව භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදිකතෙන චෙතසා විහරිංසු.
Sinhala BJTමහණෙනි, යම්තාක්කල් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදානස්කන්‍ධන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇතිතතු අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝවැසි සත්ත්‍වයෝ දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වප්‍රජාව නිශ්ශෘත වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුත්ත වූවාහු සීමා කොට නොගත් සිතින් යුතුව වාස නො කළාහු ම ය.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, සත්තා ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤංසු, අථ ඛො භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදීකතෙන චෙතසා විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණ නිශ්ශරණ විසිනුදු ඇතිතතු දත්තාහු ද, මහණෙනි, එසඳ සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝවැස්සෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍ව ප්‍රජාව (මේ පස් කඳින්) නික්මුණාහුය, විසංයුක්ත වූහුය, වෙසෙසින් මිදුණාහුය, සීමා කොට නො ගත් සිතින් යුතුව වාසය කෙරෙත් යි.
Pali BJT1. 1. 3. 8.
Sinhala BJT1. 1. 3. 8.
Pali BJTඅභිනන්දනං සුත්තං
Sinhala BJTඅභිනන්‍දන සූත්‍රය
Pali BJT29. සාවත්ථියං–
Sinhala BJT29. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, රූපං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො වෙදනං අභිනන්දති -පෙ- යො සඤ්ඤං අභිනන්දති -පෙ- යො සඞ්ඛාරෙ අභිනන්දති -පෙ- යො විඤ්ඤාණං අභිනන්දති, සො දුක්ඛං අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යමෙක් රූපය අභිනන්‍දනා කෙරෙයි (සතුටින් පිළිගනියි) ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි. යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා කෙරෙයි ද … යමෙක් විඥානය අභිනන්‍දනා කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා කෙරෙයි ද හේ දුකින් නො මිදුණේ යයි කියමි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො වෙදනං නාභිනන්දති -පෙ- යො සඤ්ඤං නාභිනන්දති -පෙ- යො සඞ්ඛාරෙ නාභිනන්දති -පෙ- යො විඤ්ඤාණං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTමහණෙනි, යමෙකුන් රූපය අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි. යමෙක් වේදනා අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් සංඥාව අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් සංස්කාර අභිනන්‍දනා නො කෙරෙයි ද … යමෙක් විංඥානය අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුක් අභිනන්‍දනා නො කෙරෙයි, යමෙක් දුක් අභිනන්‍දනා නො කෙරෙයි ද හේ දුකින් මිදුණේ යයි කියමි යි.
Pali BJT1. 1. 3. 9.
Sinhala BJT1. 1. 3. 9.
Pali BJTඋප්පාද සුත්තං
Sinhala BJTඋප්පාද සූත්‍රය
Pali BJT30. සාවත්ථියං–
Sinhala BJT30. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, රූපස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො , දුක්ඛස්සෙසො උප්පාදො රොගානං ඨිති ජරාමරණස්ස පාතුභාවො. යො වෙදනාය උප්පාදො -පෙ- යො සඤ්ඤාය උප්පාදො -පෙ- යො සඞ්ඛාරානං උප්පාදො -පෙ- යො විඤ්ඤාණස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො රොගානං ඨිති ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, රූපයාගේ යම් ඉපදීමෙක් ස්ථිතියක් අභිනිර්‍වෘතියක් පහළවීමෙක් ඇත් ද තෙල දුඃඛයාගේ උත්පාද යයි, රෝගයන්ගේ ස්ථිතිය යි, ජරාමරණයාගේ පහළවීම යි. වේදනාවගේ යම් ඉපදීමෙක් … සංඥාවගේ යම් ඉපදීමෙක් … සංස්කාරයන්ගේ යම් ඉපදීමෙක් … විඥානයාගේ යම් උත්පාදයෙක් ස්ථිතියක් අභිනිර්‍වෘතියක් ප්‍රාදුර්‍භාවයෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ උත්පාදය යි. රෝගයන්ගේ ස්ථිතිය යි. ජරාමරණයන්ගේ පහළවීම යි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, රූපස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො රොගානං වූපසමො ජරාමරණස්ස අත්ථඞ්ගමො{1}. යො වෙදනාය නිරොධො -පෙ- යො සඤ්ඤාය නිරොධො -පෙ- යො සඞ්ඛාරානං නිරොධො -පෙ- යො විඤ්ඤාණස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො රොගානං වූපසමො ජරාමරණස්ස අත්ථඞ්ගමොති.
Sinhala BJTමහණෙනි, රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් (සන්හිඳීමෙක්) අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ යයි, ව්‍යුපශම යයි, අස්තඞ්ගම යයි. වේදනායෙහි යම් නිරෝධයෙක් … සංඥායෙහි යම් නිරෝධයෙක් … සංස්කාරයන්ගේ යම් නිරෝධයෙක් … විඥානයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ ය, සන්හිඳීම අස්තයට යෑම් වේ යයි.
Pali BJT1. 1. 3. 10.
Sinhala BJT1. 1. 3. 10.
Pali BJTඅඝමූල සුත්තං
Sinhala BJTඅඝමූල සූත්‍රය
Pali BJT31. සාවත්ථියං–
Sinhala BJT31. සැවැත්නුවර–
Pali BJTඅඝඤ්ච ඛො භික්ඛවෙ, දෙසිස්සාමි, අඝමූලඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට දුඃඛය ද, දුඃඛ මූලය ද දේශනා කරමි. එය අසව:
Pali BJTකතමඤ්ච භික්ඛවෙ අඝං:
Sinhala BJTමහණෙනි, දුඃඛය කවරෙ යත්:
Pali BJTරූපං භික්ඛවෙ, අඝං, වෙදනා අඝං, සඤ්ඤා අඝං, සඞ්ඛාරා අඝං, විඤ්ඤාණං අඝං. ඉදං වුච්චති භික්ඛවෙ, අඝං.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක් යැ, මහණෙනි, මේ දුකැයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අඝමූලං:
Sinhala BJTමහණෙනි, දුඃඛමූලය කවරෙ යත්:
Pali BJTයායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ, අඝමූලන්ති.
Sinhala BJTපුනර්‍භවය ඇති කරන නන්‍දිරාගසහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇත් ද, ඒ කවර යැ: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභාවතෘෂ්ණා යි. මහණෙනි, මේ දූඃඛමූල යයි කියනු ලැබේ.
Pali BJT1. 1. 3. 11.
Sinhala BJT1. 1. 3. 11.
Pali BJTපභඞ්ගු සුත්තං
Sinhala BJTපභඞ්ගු සූත්‍රය
Pali BJT32. සාවත්ථියං–
Sinhala BJT32. සැවැත්නුවර–
Pali BJTපභඞ්ගුඤ්ච වො ඛො භික්ඛවෙ, දෙසිස්සාමි අප්පභඞ්ගුඤ්ච. තං සුණාථ. -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට බිඳෙනසුලු දැය ද දෙසමි, නො බිඳෙනසුලු දැය ද දෙසමි. එය අසව.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, පභඞ්ගු, කිං අප්පභඞ්ගු:
Sinhala BJTමහණෙනි, කුමක් නම් බිඳෙනසුලු වේ ද, කුමක් නම් නො බිඳෙනසුලු වේ ද:
Pali BJTරූපං භික්ඛවෙ, පභඞ්ගු. යො තස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. වෙදනා පභඞ්ගු. යො තස්සා නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. සඤ්ඤා පභඞ්ගු යො තස්සා නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු, සඞ්ඛාරා පභඞ්ගු. යො තෙසං නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගු. විඤ්ඤාණං පභඞ්ගු. යො තස්ස නිරොධො වූපසමො අත්ථඞ්ගමො, ඉදං අප්පභඞ්ගූති.
Sinhala BJTමහණෙනි, රූපය බිඳෙනසුලු වෙයි. ඒ රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. වේදනාව බිඳෙන සුලු යැ, ඒ වේදනාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද, තෙල නො බිඳෙනසුලු වෙයි. සංඥාව බිඳෙන සුලු වෙයි. ඒ සංඥාව පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද තෙල නො බිඳෙන සුලු වෙයි. සංස්කාර බිඳෙන සුලු වෙයි. ඒ සංස්කාර පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගම්යෙක් ඇත් ද, තෙල නො බිඳෙන සුලු වෙයි. විඥානය බිඳෙනසුලු වෙයි. ඒ විඥානය පිළිබඳ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තංගමයෙක් ඇත් ද තෙල නො බිඳෙනසුලු වෙයි.
Pali BJTභාරවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි භාරවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTභාරං පරිඤ්ඤං අභිජානං ඡන්දරාගෙන තයො ච අස්සාදා අභිනන්දනා ච උප්පාදො අඝමූලං පභඞ්ගු චා ති.
Sinhala BJTභාරසූත්‍රය, පරිඤ සූත්‍රය, අභිජානසූත්‍රය, ඡන්‍දරාග සූත්‍රය හා අස්සාද සූත්‍ර තුණය, අභිනන්‍දන සූත්‍රය, උප්පාද සූත්‍රය, අඝමූලසූත්‍රය, පභංගු සූත්‍රය යන එකොළොස යි.
Pali BJT4. නතුම්හාක වග්ගො
Sinhala BJT4. නතුම්හාක වර්‍ගය
Pali BJT1. 1. 4. 1.
Sinhala BJT1. 1. 4. 1.
Pali BJTපඨම නතුම්හාක සුත්තං
Sinhala BJTපළවැනි නතුම්හාක සූත්‍රය
Pali BJT33. සාවත්ථියං–
Sinhala BJT33. සැවැත්නුවර–
Pali BJTතත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි ‘භික්ඛවො’ති, ‘භදන්තෙ’ති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ මහණහු ද ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල වදාළසේක:
Pali BJTයං භික්ඛවෙ, න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTමහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය (ඡන්‍දරාගප්‍රහාණ විසින්) දුරු කරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යැ.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, න තුම්හාකං:
Sinhala BJTමහණෙනි, කවරක් තොපගේ නො වේය යත්:
Pali BJTරූපං භික්ඛවෙ, න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, රූපය තොපගේ නො වෙයි, එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය තොපගේ නො වෙයි. එය දුරුකරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං තං ජනො හරෙය්ය වා ඩහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය. අපිනු තුම්හාකං එවමස්ස: “අම්හෙ ජනො හරති වා ඩහති වා යථාපච්චයං වා කරොතී”ති.
Sinhala BJTමහණෙනි, යම්සේ මේ දෙව්රම්හි තණ - දැව - අතු කොළ ඇත් ද ජනයා එය රැගෙන යන්නේ හෝ දවන්නේ හෝ කැමැති පරිදි කරන්නේ හෝ වේද, (එකල්හි) මහණෙනි, තොපට මේ සිත වන්නේ ද: “ජනයා අප හැරගෙන යෙයි හෝ දවයි හෝ කැමැති පරිදි කෙරෙයි හෝ” යි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැයි.
Pali BJTතං කිස්ස හෙතු?
Sinhala BJTඒ කවර හෙයිනැ?
Pali BJTන හි නො එතං භන්තෙ, අත්තා වා අත්තනියං වාති.
Sinhala BJTවහන්ස, තෙල අපගේ ආත්ම හෝ ආත්ම පිළිබඳ හෝ නො ම වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, රූපං න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. වෙදනා න තුම්හාකං -පෙ- සඤ්ඤා න තුම්හාකං -පෙ- සඞ්ඛාරා න තුම්හාකං -පෙ- විඤ්ඤාණං න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම රූපය තොපගේ නො වෙයි, එය දුරු කරව. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරව, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
Pali BJT1. 1. 4. 2.
Sinhala BJT1. 1. 4. 2.
Pali BJTදුතිය නතුම්හාක සුත්තං
Sinhala BJTදෙවැනි නතුම්හාක සූත්‍රය
Pali BJT34. සාවත්ථියං–
Sinhala BJT34. සැවැත්නුවර–
Pali BJTයං භික්ඛවෙ, න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTමහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරලවු. එහ ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නෙ ය.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, න තුම්හාකං:
Sinhala BJTමහණෙනි, කුමක් තොපගේ නො වේය යත්:
Pali BJTරූපං භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. වෙදනා න තුම්හාකං -පෙ- සඤ්ඤා න තුම්හාකං -පෙ- සඞ්ඛාරා න තුම්හාකං -පෙ- විඤ්ඤාණං න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති.
Sinhala BJTමහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරලවු. එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වෙයි. වේදනාව තොපගේ නො වෙයි … සංඥාව තොපගේ නො වෙයි … සංස්කාර තොපගේ නො වෙයි … විඥානය තොපගේ නො වෙයි. එය දුරු කරවු, එය ප්‍රහීණ වූයේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
Pali BJTයං භික්ඛවෙ, න තුම්හාකං තං පජහථ. තං වො පහීනං හිතාය සුඛාය භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, යමක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස වන්නේ යි.
Pali BJT1. 1. 4. 3.
Sinhala BJT1. 1. 4. 3.
Pali BJTපඨම භික්ඛු සුත්තං
Sinhala BJTපළවැනි භික්ඛු සූත්‍රය
Pali BJT35. සාවත්ථියං–
Sinhala BJT35. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
Pali BJTසාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්‍මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙය වූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් දේශනා කරන සේක්වයි.
Pali BJTයං ඛො භික්ඛු, අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති, යං නානුසෙති, න තෙන සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, යමක් අනුශය කෙරේද, ඒ අනුශය ධර්‍මය කරණ කොට (පුද්ගල රක්තයැ, දුෂ්ට යැ, මුඪ යයි) සංඛ්‍යාවට යෙයි. යමක් අනුශය නො කෙරේ ද, ඒ කරණ කොට සංඛ්‍යාවට නො යෙයි.
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන්වහන්ස, දන්නාලදැයි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
Sinhala BJTමහණ, මා විසින් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් කිසෙයින් දන්නහු ද?
Pali BJTරූපං චෙ භන්තෙ, අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. සඤ්ඤං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. සඞ්ඛාරෙ චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. විඤ්ඤාණං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTවහන්ස, ඉදින් රූපය අනුශය කෙරේ නම් ඒ අනුශය හේතු කොට ගෙන (පුඟුල් රක්තාදි) ප්‍රඥප්තියට යෙයි, ඉදින් වේදනාව අනුශය කෙරේනම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් සංඥාව අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් සංස්කාර අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි.
Pali BJTරූපං චෙ භන්තෙ, නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති, සඤ්ඤං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. සඞ්ඛාරෙ චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. විඤ්ඤාණං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. ඉමස්ස ඛොහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව අනුශය නො කෙරේ නම් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් සංඥාව අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් සංස්කාර අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් විඥානය අනුශය නො කෙරේ නම්, ප්‍රඥප්තියට නො යෙයි. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මම් විස්තර විසින් මෙසෙයින් දනිමියි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං චෙ භික්ඛු, අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ -පෙ- සඤ්ඤං චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණං චෙ අනුසෙති තෙන සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමැනවි මැනවි මහණ, මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් දන්නහු, ඒ මැනැවි. මහණ, ඉදින් රූපය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි.
Pali BJTරූපං චෙ භික්ඛු, නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ -පෙ- සඤ්ඤං චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණං චෙ නානුසෙති න තෙන සඞ්ඛං ගච්ඡති. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTමහණ, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව … සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්‍රඥප්තියට නො යෙයි. මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යැ. අනතුරු වැ ඒ මහණ, එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මැනැවින් මැ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, මඟ බඹසර අවසන්හි වූ ඒ උත්තමාර්‍ත්‍ථය (රහත් බව) මේ අත්බව්හි තෙමේ මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්‍ෂය වූවාය, මඟ බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැ” යි (පස් විකුමි නැණින්) දන්නා ලදී. ඒ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වී.
Pali BJT1. 1. 4. 4.
Sinhala BJT1. 1. 4. 4.
Pali BJTදුතිය භික්ඛු සුත්තං
Sinhala BJTදෙවැනි භික්ඛු සූත්‍රය
Pali BJT36. සාවත්ථියං–
Sinhala BJT36. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට එළඹියේ ය … එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන්වහන්සේට තෙල සැල කෙළේ ය.
Pali BJT‘සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT“වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ වාස කෙරෙම් නම් මට එබඳු දහමක් දෙසනසේක්ව” යි.
Pali BJTයං ඛො භික්ඛු, අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති. යං නානුසෙති න තං අනුමීයති, යං නානුමීයති න තෙන සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTමහණ, යමක් අරමුණු කොට (කාමරාගාදිය) උපදී ද, ඒ (අනුසයිත වූ) රූපාදිය (නැසෙන) අනුසය සමඟ නැසෙයි, යමක් (අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය) කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මුඪ යැයි) ගිණීමට යෙයි. යමක් (අනුසය සමඟ) නූපදී ද, එය, (නැසෙන අනුසය සමග) නො නැසෙයි. යමක් (අනුසය සමග) නො නැසේ ද, ඒ අනුසය කරණ කොට ගෙන (රක්තාදී) සංඛ්‍යාවට නොයේ යයි.
Pali BJTඅඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, (මා විසින්) දන්නා ලද, සුගතයන් වහන්ස, දන්නා ලදැයි.
Pali BJTයථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
Sinhala BJTමහණ, තෙපි මා විසින් සැකෙවින් (පැවසූ) භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් කිසෙයින් දැනගත්තවු යැයි.
Pali BJTරූපං චෙ භන්තෙ, අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ අනුසෙති -පෙ- සඤ්ඤං චෙ අනුසෙති -පෙ- සඞ්ඛාරෙ චෙ අනුසෙති -පෙ- විඤ්ඤාණං චෙ අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTවහන්ස, ඉදින් රූපය (අරමුණු කොට කාමරාගාදි අනුසය) පවතී ද ඒ (අනුසයිත රූපය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ අනුසය කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට යෙයි. ඉදින් වේදනාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංඥාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත සංස්කාරය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් සංස්කාරයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය කරණ කොටගෙන (රක්ත යැ ආදී) සංඛ්‍යාවට යෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත විඥානය නැසෙන අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (නැසෙන අනුසය සමඟ) නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (කේතයැ දුෂ්ට යැ මූඪ යැයි) ගිණීමට යේ.
Pali BJTරූපං චෙ භන්තෙ, නානුසෙති න තං අනුමීයති, යං නානුමීයති න තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනං චෙ නානුසෙති -පෙ- සඤ්ඤං චෙ නානුසෙති -පෙ- සඞ්ඛාරෙ චෙ නානුසෙති -පෙ- විඤ්ඤාණං චෙ නානුසෙති න තං අනුමීයති, යං නානුමීයති න තෙන සඞ්ඛං ගච්ඡති. ඉමස්ස ඛො’හං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (නානුසයිත) රූපය නැසෙන අනුසය සමඟ නො නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නො නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් වේදනාව අරමුණු කොට (අනුසය) නූපදී ද ඒ (නො අනුසයිත වේදනාව නැසෙන අනුසය සමග) නො නැසෙයි. යම් වේදනාවක් නැසෙන අනුසය සමඟ නො නැසේ ද ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්තයැ යනාදී) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) නූපදීද ඒ (නානුසයිත සංස්කාරය නැසෙන අනුසය සමඟ) නො නැසෙයි, යම් සංස්කාරයක් අනුසය සමඟ නො නැසේ ද ඒ කරණ කොට ගෙන, (රක්ත යැ යනාදීන්) ගිණීමට නොයෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) නූපදී ද, ඒ (විඥානය නැසෙන අනුසය සමග) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ නො නැසේ ද, ඒ) අනුසය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටය, මූඪ යැයි) ගිණීමට නොයේ. වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්‍ත්‍ථය දැන ගතිමි යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි: රූපඤ්චෙ භික්ඛු, අනුසෙති තං අනුමීයති, යං අනුමීයති තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනඤ්චෙ -පෙ- සඤ්ඤඤ්චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණඤ්චෙ අනුසෙති, තං අනුමීයති. යං අනුමීයති, තෙන සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණ මැනවැ මැනවැ, මහණ මනා මැ ය. තෙපි මා විසින් සැකෙවින් පවසන ලද භාෂිතයා ගේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නවුය. මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) උපදී ද ඒ (අනුසයිත රූපය අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නැසේ ද ඒ කරණ කොට ගෙන (රක්තයැ දුෂ්ට යැ මූඪයැ යි) ගිණීමට යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) පවතී ද ඒ (අනුසයිත විඥානය අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (අනුසය සමඟ) නැසේ ද ඒ අනුසය කරණ කොට ගෙන (රක්තයැ යනාදීන්) ගිණීමට යෙයි.
Pali BJTරූපඤ්චෙ භික්ඛු, නානුසෙති, න තං අනුමීයති. යං නානුමීයති, තෙන සඞ්ඛං ගච්ඡති. වෙදනඤ්චෙ -පෙ- සඤ්ඤඤ්චෙ -පෙ- සඞ්ඛාරෙ චෙ -පෙ- විඤ්ඤාණඤ්චෙ නානුසෙති, න තං අනුමීයති. යං නානුමීයති, න තෙන සඞ්ඛං ගච්ඡති, ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTමහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (විඥානය අනුසය සමග) නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නො නැසේ ද ඒ (අනුසයිත රූපය) අනුසය සමග නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමඟ) නො නැසේ ද, ඒ කරණ කොට ගෙන, (රක්තයැ යනාදීන්) ගිණීමට නො යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අනුසය සමග) නූපදී ද ඒ (අනනුසයිත විඥානය අනුසය සමඟ) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ) නො නැසේ ද ඒ විඥානය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටයැ, මූඪ යැයි) සංඛ්‍යාවට නොයේ. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්‍ත්‍ථය ගත යුත්තේ යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු, භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමි. අථ ාඛා සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කොට අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති ඒ මහණ එකලා වූයේ කාය විවේක ඇතියේ නො පමාවූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරනුයේ … තවද ඒ මහණ රහතුන් අතුරෙන් අන්‍යතරයෙක් වූයේ යි.
Pali BJT1. 1. 4. 5.
Sinhala BJT1. 1. 4. 5.
Pali BJTපඨම ආනන්ද සුත්තං
Sinhala BJTපළවැනි ආනන්‍ද සූත්‍රය
Pali BJT37. සාවත්ථියං–
Sinhala BJT37. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසචෙ තං ආනන්ද, එවං පුච්ඡෙය්යුං: කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී ති. එවං පුට්ඨො ත්වං ආනන්ද, කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්, “ඇවැත්නි ආනන්‍දයෙනි, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) පැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැ යි ප්‍රකාශ කරන්නාහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: රූපස්ස ඛො ආවුසො, උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. වෙදනාය උප්පාදො -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමෙසං ඛො, ආවුසො, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් මා මෙසේ පුළුවුස්නාහු නම් “ආනන්‍ද කවර ධර්‍ම කෙනකුන්ගේ ඉපැත්ම පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස (ජරාව) පැනේ දැ” යි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙ පරිදි ප්‍රකාශ කරන්නෙමි: ඇවැත්නි, රූපයාගේ උත්පාදය පැනෙ යි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි, වේදනාවගේ උත්පාදය … සංඥාවගේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ඇවැත්නි, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙමි යි.
Pali BJTසාධු සාධු ආනන්ද, රූපස්ස ඛො ආනන්ද, උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමෙසං ඛො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨො ත්වං ආනන්ද, එවං බ්යාකරෙය්යාසීති.
Sinhala BJTමැනවි මැනවි, ආනන්‍ද. ආනන්‍ද, රූපයාගේ ඉපැත්ම පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ වෙනස්වීම් සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. වේදනාවේ … සංඥාවේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙලෙසින් ප්‍රකාශ කරන්නාහුයි.
Pali BJT1. 1. 4. 6.
Sinhala BJT1. 1. 4. 6.
Pali BJTදුතිය ආනන්ද සුත්තං
Sinhala BJTදෙවැනි ආනන්‍ද සූත්‍රය
Pali BJT38. සාවත්ථියං–
Sinhala BJT38. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹියහ. … එකත්පසෙකැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසචෙ තං ආනන්ද, එවං පුච්ඡෙය්යුං: “කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. කතමෙසං ධම්මානං උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. කතමෙසං ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී. එවං පුට්ඨො ත්වං ආනන්ද, කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනුණේ ද, ව්‍යය පැනුණේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ ද, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනෙන්නේ ද, ව්‍යය පැනෙන්නේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වයපැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැයි ප්‍රකාශ කරන්නාහු දැ යි?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. කතමෙසං ධම්මානං උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. කතමෙසං ආවුසො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨො අහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: යං ඛො ආවුසො, රූපං අතීතං නිරුද්ධං විපරිණතං, තස්ස උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. යා වෙදනා අතීතා නිරුද්ධා විපරිණතා, තස්සා උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතාය අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා අතීතා නිරුද්ධා විපරිණතා, තෙසං උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. යං විඤ්ඤාණං අතීතං නිරුද්ධං විපරිණතං, තස්ස උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. ඉමෙසං ඛො ආවුසො, ධම්මානං උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ.
Sinhala BJTවහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනුණේ ද, විනාශය පැණුනේ ද, සිටියහුගේ වෙනස පැනුණේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනෙන්නේ ද, විනාශය පැනෙන්නේ ද සිටියහුගේ වෙනස පැනෙන්නේ ද, කවර ධර්‍ම කෙනකුන්ගේ උත්පත්තිය පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස පැනේ දැ” යි. වහන්ස, මෙසේ විචාරන ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙම්: “ඇවැත්නි, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැණුනේ යැ, ව්‍යය පැනුණේ යැ, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාවගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ, සිටි වේදනාවගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. යම් සංඥාවක් … අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ සංස්කාරයන්ගේ උත්පාදය පැනුණේ යැ, ව්‍යය පැනුණේ යැ. සිටියවුන්ගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇද්ද, ඒ විඥානයාගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ.
Pali BJTයං ඛො ආවුසො, රූපං අජාතං අපාතුභූතං. තස්ස උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං අජාතං අපාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. ඉමෙසං ඛො ආවුසො ධම්මානං උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති.
Sinhala BJTඇවැත්නි, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්‍යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙන්නේ යැ. ව්‍යය පැනෙන්නේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ යැ.
Pali BJTයං ඛො ආවුසො, රූපං ජාතං පාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං ජාතං පාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTඇවැත්නි, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි, යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි ව්‍යය පැනෙයි සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ යයි. “වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙසේ විසඳා කියන්නෙමි යි.
Pali BJTසාධු සාධු ආනන්ද, රූපං අතීතං නිරුද්ධං විපරිණතං, තස්ස උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං අතීතං නිරුද්ධං විපරිණතං, තස්ස උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ. ඉමෙසං ඛො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායිත්ථ, වයො පඤ්ඤායිත්ථ, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිත්ථ.
Sinhala BJTමැනවි මැනවි ආනන්‍ද, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ ය. යම් වේදනාවක් … යම් සංඥාවක් … යම් සංස්කාර කෙනෙක් ... අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනුණේ ය, විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පැනුණේ යි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පෙනුණේ ය. විනාශය පැනුණේ ය, සිටියහුගේ වෙනස පෙනුණේ යි.
Pali BJTයං ඛො ආනන්ද, රූපං අජාතං අපාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං අජාතං අපාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති. ඉමෙසං ඛො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායිස්සති, වයො පඤ්ඤායිස්සති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායිස්සති.
Sinhala BJTආනන්‍ද, නූපන් නො පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … නූපන් නො පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ ඉපදීම පැනෙන්නේ යැ, විනාශය පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යැ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ ඉපදීම පැනෙන්නේ යැ. විනාශය, පැනෙන්නේ යැ, සිටියහුගේ වෙනස පැනෙන්නේ යි.
Pali BJTයං ඛො ආනන්ද, රූපං ජාතං පාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. යා වෙදනා -පෙ- යා සඤ්ඤා -පෙ- යෙ සඞ්ඛාරා -පෙ- යං විඤ්ඤාණං ජාතං පාතුභූතං, තස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමෙසං ඛො ආනන්ද, ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතීති. එවං පුට්ඨො ත්වං ආනන්ද, එවං බ්යාකරෙය්යාසීති.
Sinhala BJTආනන්‍ද, උපන් පහළ වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැනෙයි. ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. යම් වේදනාවක් … යම් සංඥාවක් .. යම් සංස්කාර කෙනෙක් … උපන් පහළ වූ යම් විඥානයක් ඇත් ද, ඒ විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. ආනන්‍දය මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ විසඳා ප්‍රකාශ කරන්නාහු යි.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 1. 4. 7.