Pali BJTදුක්ඛ සුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT13. සාවත්ථියං–
Sinhala BJT13. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ දුක්ඛං, වෙදනා දුක්ඛා, සඤ්ඤා දුක්ඛා, සඞ්ඛාරා දුක්ඛා, විඤ්ඤාණං දුක්ඛං. එවං පස්සං භික්ඛවෙ, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ, වේදනාව දුක් යැ, සංඥාව දුක් යැ, සංස්කාර දුක් යැ, විඥානය දුක යි. මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
Pali BJT1. 1. 2. 3.
Sinhala BJT1. 1. 2. 3.
Pali BJTඅනත්ත සුත්තං
Sinhala BJTඅනත්ත සූත්‍රය
Pali BJT14. සාවත්ථියං–
Sinhala BJT14. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. එවං පස්සං භික්ඛවෙ, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්මය යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. මහණෙනි, මෙසේ දක්නා … මේ රහත්බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 1. 2. 4.
Pali BJTයදනිච්ච සුත්තං
Sinhala BJTයදනිච්ච සූත්‍රය
Pali BJT15. සාවත්ථියං–
Sinhala BJT15. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ අනිච්චං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය නම් එය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට මනා නුවණින් දැක්කයුතු.
Pali BJTවෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTවේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් එය දුක් යැ. යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
Pali BJT1. 1. 2. 5.
Sinhala BJT1. 1. 2. 5.
Pali BJTයංදුක්ඛ සුත්තං
Sinhala BJTයංදුක්ඛ සූත්‍රය
Pali BJT16. සාවත්ථියං–
Sinhala BJT16. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ දුක්ඛං. යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … විඥානය දුක යි. යමක් දුක් නම් එය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා… මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී, යයි.
Pali BJT1. 1. 2. 6.
Sinhala BJT1. 1. 2. 6.
Pali BJTයදනත්ත සුත්තං
Sinhala BJTයදනත්ත සූත්‍රය
Pali BJT17. සාවත්ථියං–
Sinhala BJT17. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ අනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. වෙදනා අනත්තා -පෙ- සඤ්ඤා අනත්තා -පෙ- සඞ්ඛාරා අනත්තා -පෙ- විඤ්ඤාණං අනත්තා, යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්ම යි, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු, වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාර අනාත්ම යැ … විඥානය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් දක්නා … මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී යයි.
Pali BJT1. 1. 2. 7.
Sinhala BJT1. 1. 2. 7.
Pali BJTපඨම හෙතු සුත්තං
Sinhala BJTපඨම හේතු සූත්‍රය
Pali BJT18. සාවත්ථියං–
Sinhala BJT18. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ අනිච්චං. යොපි හෙතු යොපි පච්චයො රූපස්ස උප්පාදාය, සොපි අනිච්චො. අනිච්චසම්භූතං භික්ඛවෙ, රූපං කුතො නිච්චං භවිස්සති. වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං. යොපි හෙතු යොපි පච්චයො විඤ්ඤාණස්ස උප්පාදාය, සොපි අනිච්චො. අනිච්චසම්භූතං භික්ඛවෙ, විඤ්ඤාණං කුතො නිච්චං භවිස්සති.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යැ, රූපයාගේ ඉපැත්මට යමක් හේතු වේ නම් ප්‍රත්‍යය වේ නම්, හෙ ද අනිත්‍ය යි. මහණෙනි, රූපය අනිත්‍ය සම්භූතයි. කොයින් නිත්‍ය වන්නේ ද, වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, විඥානයාගේ ඉපැත්මට යමක් හේතු වේ ද, යමක් ප්‍රත්‍ය වේ ද, හෙ ද අනිත්‍ය යැ. කොයින් නිත්‍ය වන්නේ ද.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි මෙසේ දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
Pali BJT1. 1. 2. 8.
Sinhala BJT1. 1. 2. 8.
Pali BJTදුතිය හෙතු සුත්තං
Sinhala BJTදෙවැනි හේතු සූත්‍රය
Pali BJT19. සාවත්ථියං–
Sinhala BJT19. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, දුක්ඛං. යොපි හෙතු යොපි පච්චයො රූපස්ස උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතං භික්ඛවෙ, රූපං, කුතො සුඛං භවිස්සති. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං. යොපි හෙතු යොපි පච්චයො විඤ්ඤාණස්ස උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතං භික්ඛවෙ, විඤ්ඤාණං. කුතො සුඛං භවිස්සති.
Sinhala BJTමහණෙනි, රූපය දුක් යැ, රූපයාගේ උප්පාදය පිණිස යම් හේතුයෙක් යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද දුකැ. මහණෙනි, රූපය දුක්ඛසම්භූත යි. කොයින් සුඛයෙක් වේ ද. වේදනා දුක් යැ ... සංඥා දුක් යැ … සංස්කාරයෝ දුක්හ ... විඥානය දුක් යැ, විඥානයාගේ උත්පාදය සඳහා යම් හේතුවක් හා ප්‍රත්‍යයක් හා ඇත් ද, එ ද දුකැ. මහණෙනි, විඥානය දුඃඛ සම්භූත යි. කොයින් සුඛ වේ ද.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතී යි නුවණින් දනී.
Pali BJT1. 1. 2. 9.
Sinhala BJT1. 1. 2. 9.
Pali BJTතතිය හෙතු සුත්තං
Sinhala BJTතෙවැනි හේතු සූත්‍රය
Pali BJT20. සාවත්ථියං–
Sinhala BJT20. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, අනත්තා. යොපි හෙතු යොපි පච්චයො රූපස්ස උප්පාදාය සොපි අනත්තා. අනත්තසම්භූතං භික්ඛවෙ රූපං, කුතො අත්තා භවිස්සති. වෙදනා අනත්තා -පෙ- සඤ්ඤා අනත්තා -පෙ- සඞ්ඛාරා අනත්තා -පෙ- විඤ්ඤාණං අනත්තා. යොපි හෙතු යොපි පච්චයො විඤ්ඤාණස්ස උප්පාදාය සොපි අනත්තා. අනත්තසම්භූතං භික්ඛවෙ විඤ්ඤාණං. කුතො අත්තා භවිස්සති.
Sinhala BJTමහණෙනි, රූපය අනාත්ම යැ, රූපයාගේ උත්පාදය සඳහා යම් මැ හේතුයෙක් යම් මැ ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, රූපය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද. වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාරයෝ අනාත්මයහ … විඥානය අනාත්ම යැ. විඥානයාගේ උත්පාදය පිණිස යම් හේතුයෙක් ඇත් ද, යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, විඥානය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි නිර්වේද කරයි, වෙදනායෙහිදු නිර්වේද කරයි, සංඥායෙහිදු නිර්වේද කරයි, සංස්කාරයන්හිදු නිර්වේද කරයි, විඥානයෙහිදු නිර්වේද කරයි. නිර්වේද කරනුයේ විරාග කරයි. විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්තයෙමි” යි ඥානය පහළ වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතියි නුවණින් දනී.
Pali BJT1. 1. 2. 10.
Sinhala BJT1. 1. 2. 10.
Pali BJTආනන්ද සුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT21. සාවත්ථියං–
Sinhala BJT21. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.:
Pali BJTනිරොධො නිරොධොති භන්තෙ වුච්චති. කතමෙසානං ඛො භන්තෙ ධම්මානං නිරොධා නිරොධොති වුච්චතීති?
Sinhala BJTවහන්ස, නිරෝධ යැ. නිරෝධ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කවර ධර්‍ම කෙනෙකුන්ගේ නිරෝධයෙන් ‘නිරෝධය යි’ කියනු ලැබේ ද?
Pali BJTරූපං ඛො ආනන්ද, අනිච්චං, සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. තස්ස නිරොධා නිරොධොති වුච්චති. වෙදනා අනිච්චා -පෙ- තස්සා නිරොධා නිරොධොති වුච්චති. සඤ්ඤා අනිච්චා -පෙ- තස්සා නිරොධා නිරොධොති වුච්චති. සඞ්ඛාරා අනිච්චා -පෙ- තෙසං නිරොධා නිරොධොති වුච්චති. විඤ්ඤාණං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. තස්ස නිරොධා නිරොධොති වුච්චතීති.
Sinhala BJTආනන්‍දය, රූපය අනිත්‍ය යැ, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රතීත්‍යසමුත්පන්න යැ, කියවන සැහැවි ඇතැ, වියවන සැහැවි ඇතැ, විරාගස්වභාව ඇතැ, නිරෝධ ස්වභාය ඇති. ඒ රූපයාගේ නිරෝධ හේතුයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි. වේදනා අනිත්‍ය යැ ... සංඥා අනිත්‍ය යැ ... සංස්කාරයෝ අනිත්‍යහ ... විඥානය අනිත්‍ය යැ, ප්‍රත්‍යයන් විසින් කරන ලද, ප්‍රත්‍යයෙන් සමුත්පන්න යැ, ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව ඇති. ඒ විඥානයාගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබෙයි.
Pali BJTඉමෙසං ඛො ආනන්ද ධම්මානං නිරොධා නිරොධොති වුච්චතීති.
Sinhala BJTආනන්‍ද මේ ධර්‍මයන්ගේ නිරෝධයෙන් “නිරෝධය” යි කියනු ලැබේ.
Pali BJTඅනිච්චවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි අනිත්‍ය වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅනිච්චං දුක්ඛං අනත්තා යදනිච්චාපරෙ තයො හෙතුනාපි තයො වුත්තා ආනන්දෙන පූරිතො වග්ගො.
Sinhala BJTඅනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, යදනිච්චාදි අන්‍ය තුන් සූත්‍රයෝ යැ, හේතු වසයෙන් සූත්‍රයෝ තුන් දෙනෙකැ ආනන්‍ද සූත්‍රයෙන් මෙසේ වර්‍ගය පිරිණි.
Pali BJT3. භාරවග්ගො
Sinhala BJT3. භාර වර්‍ගය
Pali BJT1. 1. 3. 1.
Sinhala BJT1. 1. 3. 1.
Pali BJTභාර සුත්තං
Sinhala BJTභාර සූත්‍රය
Pali BJT22. සාවත්ථියං–
Sinhala BJT22. සැවැත්නුවර–
Pali BJTභාරඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි භාරහාරඤ්ච, භාරාදානඤ්ච, භාරනික්ඛෙපනඤ්ච. තං සුණාථ -පෙ- එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට භාරය ද දෙසමි. භාරහාරය හා භාරාදානය හා භාරනික්ඛේපය හා දෙසමි. එය අසව … තෙල වදාළහ.
Pali BJTකතමො ච භික්ඛවෙ භාරො: පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං. කතමෙ පඤ්ච: රූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. අයං වුච්චති භික්ඛවෙ භාරො.
Sinhala BJTමහණෙනි, “භාර” නම් කවරේ යත්: පඤ්ච උපාදාන ස්කන්‍ධහ’යි කියයුතු වෙයි. කවර පසෙක: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය යැ, වේදනෝපාදානස්කන්‍ධය යැ, සංඥෝපාදානස්කන්‍ධය යැ, සංස්කාරෝපාදානස්කන්‍ධය යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ භාරයැ යි කියනු ලැබෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ භාරහාරො: පුග්ගලොතිස්ස වචනීයං, යො’යං ආයස්මා එවන්නාමො එවංගොත්තො, අයං වුච්චති භික්ඛවෙ, භාරහාරො.
Sinhala BJTමහණෙනි, “භාරහාර” නම් කවරෙ යත්: පුද්ගල යයි කිය යුතු වෙයි. මෙබඳු නම් ඇති, මෙබඳු ගෝත්‍ර ඇති, යම් ආයුෂ්මත් කෙනෙක් ඇත් ද, මහණෙනි, මේ “භාරහාර” යයි කියනු ලැබෙයි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ භාරාදානං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ භාරාදානං.
Sinhala BJTමහණෙනි, “භාරදාන” නම් කවරෙ යත්: පුනර්‍භවය පිණිස පවත්නා නන්‍දිරාග සහගත වූ රූපාදි ඒ ඒ අරමුණෙහි අභිනන්‍දන ස්වභාව ඇති යම් මෙ තෘෂ්ණායෙක් ඇත් ද, ඒ කෙසේ ද යත්: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ “භාරදාන” යි කියනු ලැබෙයි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ භාරනික්ඛෙපනං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. ඉදං වුච්චති භික්ඛවෙ භාරනික්ඛෙපනන්ති.
Sinhala BJTමහණෙනි, “භාරනික්ඛේප” නම් කවරෙ යත්, ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂ විරාගනිරොධයෙක්, පරිත්‍යාගයෙක්, හැරැපීමෙක්, බිඳීමෙක්, නො ඇල්මෙක් ඇත් ද, මහණෙනි, මෙ “භාරනික්ඛේප” යි කියනු ලැබේ.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා ශාස්තෘ වූ බුදුහු යළිදු අන්‍ය වූ තෙල ගාථා ද වදාළ සේකි.
Pali BJT1. භාරා හවෙ පඤ්චක්ඛන්ධා භාරහාරො ච පුග්ගලො, භාරාදානං දුඛං{1} ලොකෙ භාරනික්ඛෙපනං සුඛං.
Sinhala BJT1. පඤ්චස්කන්‍ධයෝ එකැතින් භාරයහ. වැළි පුද්ගල භාරහාර වෙයි, ලෝකයෙහි භාරාදානය (භාරග්‍රහණය) දුක්වෙයි, භාරනික්ඛේපය සුඛ වෙයි.
Pali BJT2. නික්ඛිපිත්වා ගරුං භාරං අඤ්ඤං භාරං අනාදිය, සමූලං තණ්හං අබ්බුය්හ නිච්ඡාතො පරිනිබ්බුතො.
Sinhala BJT2. ගුරුබර බහා තබා අන්බරක් නො ගෙන අවිද්‍යා මූල සහිත තෘෂ්ණාව උදුරා නිස්තෘෂ්ණ වූයේ පිරිනිවියේ නම් වේ.
Pali BJT1. 1. 3. 2.
Sinhala BJT1. 1. 3. 2.
Pali BJTපරිඤ්ඤා සුත්තං
Sinhala BJTපරිඤ්ඤා සූත්‍රය
Pali BJT23. සාවත්ථියං–
Sinhala BJT23. සැවැත්නුවර–
Pali BJTපරිඤ්ඤෙය්යෙ ච භික්ඛවෙ ධම්මෙ දෙසිස්සාමි පරිඤ්ඤඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, පරිඥේය ධර්‍මයනුදු දෙසමි. පරිඥා ද දෙසමි. ඒ අසව …
Pali BJTකතමෙ ච භික්ඛවෙ පරිඤ්ඤෙය්යා ධම්මා:
Sinhala BJTමහණෙනි, පරිඥේය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJTරූපං භික්ඛවෙ, පරිඤ්ඤෙය්යො ධම්මො, වෙදනා පරිඤ්ඤෙය්යො ධම්මො, සඤ්ඤා පරිඤ්ඤෙය්යො ධම්මො, සඞ්ඛාරා පරිඤ්ඤෙය්යො ධම්මො, විඤ්ඤාණං පරිඤ්ඤෙය්යො ධම්මො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා.
Sinhala BJTමහණෙනි, රූපය පරිඥේය (සමතික්‍රම කළයුතු) ධර්‍ම යැ, වේදනා පරිඥේය ධර්‍ම යැ සංඥා පරිඥේය ධර්‍ම යැ සංස්කාර පරිඥේය ධර්‍ම යැ විඥාන පරිඥේය ධර්‍ම යි. මහණෙනි, මොහු පරිඥේය ධර්‍මහ යි කියනු ලැබෙත්.
Pali BJTකතමා ච භික්ඛවෙ, පරිඤ්ඤා:
Sinhala BJTමහණෙනි, පරිඥා කවර යත්:
Pali BJTයො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති භික්ඛවෙ පරිඤ්ඤාති.
Sinhala BJTමහණෙනි, යම් රාගක්‍ෂයෙක් දෝසක්‍ෂයෙක් මෝහක්‍ෂයෙක් ඇත් ද, මහණෙනි, මේ පරිඥා යි කියනු ලැබේ.
Pali BJT1. 1. 3. 3.
Sinhala BJT1. 1. 3. 3.
Pali BJTඅභිජාන සුත්තං
Sinhala BJTඅභිජාන සූත්‍රය
Pali BJT24. සාවත්ථියං–
Sinhala BJT24. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය. වෙදනං අනභිජානං -පෙ- සඤ්ඤං අනභිජානං -පෙ- සඞ්ඛාරෙ අනභිජානං -පෙ- විඤ්ඤාණං අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය.
Sinhala BJTමහණෙනි, රූපය ඥාතපරිඥා වශයෙන් නො දන්නේ, තීරණ පරිඥා වශයෙන් නො දන්නේ, ප්‍රහාණපරිඥා වශයෙන් නො ඉක්මවනුයේ, නො හරනේ, දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය යැ, වේදනා ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් නො දන්නේ … සංස්කාර ඥාතපරිඥාවශයෙන් නො දන්නේ … විඥාන ඥාතපරිඥා වශයෙන් නො දන්නේ තීරණ පරිඥාවශයෙන් නො දන්නේ ප්‍රහාණ පරිඥාවශයෙන් නො ඉක්ම වනුයේ නො හරනේ දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය යි.
Pali BJTරූපඤ්ච ඛො භික්ඛවෙ, අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයාය. වෙදනං අභිජානං -පෙ- සඤ්ඤං අභිජානං -පෙ- සඞ්ඛාරෙ අභිජානං -පෙ- විඤ්ඤාණං අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො දුක්ඛක්ඛයායාති.
Sinhala BJTමහණෙනි, රූපය ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණපරිඥාවශයෙන් දන්නේ ප්‍රහාණ පරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වෙයි. වේදනා ඥාතපරිඥාවශයෙන් දන්නේ … සංඥා ඥාතපරිඥා වශයෙන් දන්නේ … සංස්කාර ඥාතපරිඥා වශයෙන් දන්නේ … විඥාන ඥාතපරිඥාවශයෙන් දන්නේ තීරණ පරිඥාවශයෙන් දන්නේ ප්‍රහාණපරිඥාවශයෙන් ඉක්මවනුයේ දුරලනුයේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වේ.
Pali BJT1. 1. 3. 4.
Sinhala BJT1. 1. 3. 4.
Pali BJTඡන්දරාග සුත්තං
Sinhala BJTඡන්‍දරාග සූත්‍රය
Pali BJT25. සාවත්ථියං–
Sinhala BJT25. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, රූපස්මිං ඡන්දරාගො, තං පජහථ. එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTමහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ රූපය, ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ අනභාව කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වෙයි.
Pali BJTයො වෙදනාය ඡන්දරාගො තං පජහථ. එවං සා වෙදනා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTවේදනායෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය දුරු කරව. මෙසේ ඒ වේදනාව, ප්‍රහීණ වෙයි. උසුන් මුල් ඇති වෙයි. මුදුන් සුන් තලක් සෙයින් කරණ ලද අවස්තුකභාව ඇති වෙයි. අනභාව කරන ලද වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ.
Pali BJTයො සඤ්ඤාය ඡන්දරාගො තං පජහථ -පෙ- යො සඞ්ඛාරෙසු ඡන්දරාගො තං පජහථ. එවං තෙ සඞ්ඛාරා පහීනා භවිස්සන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTසංඥායෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය හැරපියව … සංස්කාරයන්හි යම් ඡන්‍ද රාගයෙක් ඇත් ද, එය දුරුකරව, මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවස්තුකෘත වූවාහු අනභාවකෘත වූවාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.
Pali BJTයො විඤ්ඤාණස්මිං ඡන්දරාගො තං පජහථ. එවං තං විඤ්ඤාණං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
Sinhala BJTවිඥානයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇත් ද, එය නෙරව. මෙසේ ඒ විඥානය, ප්‍රහීණ වූයේ. උසුන්මුල් ඇත්තේ, මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වූයේ, අනභාව කරන ලදුයේ. මතුයෙහි නූපදනා සැහැවි ඇත්තේ වේ.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 1. 3. 5.
Pali BJTපඨම අස්සාද සුත්තං
Sinhala BJTපළවැනි අස්සාද සූත්‍රය
Pali BJT26. සාවත්ථියං–
Sinhala BJT26. සැවැත්නුවර–
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි:
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පළමු මැ අභිසම්බෝධියට නො පත් බෝසත් වූ මැ මට මේ සිත පහළ විය:
Pali BJTකො නු ඛො රූපස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං: කො වෙදනාය -පෙ- කො සඤ්ඤාය -පෙ- කො සඞ්ඛාරානං -පෙ- කො විඤ්ඤාණස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති:
Sinhala BJTරූපයාගේ ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ, නිස්සරණය කිමෙක: වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්ගේ … විඥානයෙහි ආස්වාදය කවරෙ යැ, ආදීනව කවරෙ යැ. නිස්සරණය කිමෙකැයි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: යං ඛො රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපස්ස ආදීනවො. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපස්ස නිස්සරණං.
Sinhala BJTමහණෙනි, ඒ මාහට තෙල සිත විය: රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද විපරිණාම සැහැවි ද, මේ රූපයාගේ ආදීනව යි. රූපයෙහි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මේ රූපයාගේ නිස්සරණ යි.
Pali BJTයං වෙදනං පටිච්ච -පෙ- යං සඤ්ඤං පටිච්ච -පෙ- යං සඞ්ඛාරෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං සඞ්ඛාරානං අස්සාදො. යෙ සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං සඞ්ඛාරානං ආදීනවො. යො සඞ්ඛාරෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං සඞ්ඛාරානං නිස්සරණං.
Sinhala BJTවේදනාව නිසා … සංඥාව නිසා … සංස්කාර නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සංස්කාරයන්ගේ ආස්වාද යි. යම් සංස්කාර කෙනෙක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙසංස්කාරයන්ගේ ආදීනව යි. සංස්කාරයන්ගේ යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද, මේ සංස්කාරයන්ගේ නිස්සරණ යි.
Pali BJTයං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණස්ස අස්සාදො. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං විඤ්ඤාණස්ස ආදීනවො. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණස්ස නිස්සරණං.
Sinhala BJTවිඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයාගේ ආස්සාද යි. යම් විඥානයෙක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මේ විඥානයාගේ ආදීනව යි. විඥානයෙහි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මේ විඥානයාගේ නිස්සරණ යි.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං න අබ්භඤ්ඤාසිං, නෙවතාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති{1} පච්චඤ්ඤාසිං
Sinhala BJTමහණෙනි, යම්තාක් මම් මෙ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනව ආදීනව වශයෙන් ද නිශ්ශරණ නිශ්ශරණ වශයෙන් ද මේ සෙයින් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමැයි නො ම ප්‍රතිඥා කෙළෙමි.
Pali BJTයතොච ඛො’හං භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණෙතිතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති{1} පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති. නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTමහණෙනි, යම් කාලෙක පටන් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් ගේ ආස්වාදය ආස්වාද විසින් ද ආදීනව ආදීනව විසින් ද නිශ්ශරණය නිශ්ශරණ විසින් ද මෙ සෙයින් යථාභූත කොට අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැයි ප්‍රතිඥා කෙළෙමි. මට ඥානදර්‍ශනය ද උපන, මාගේ චේතෝවිමුක්තිය (ඵලසමාධිය) අකෝප්‍ය යැ, මේ අන්තිම ජාතිය යි, දැන් පුනර්‍භවයෙක් නැති යි.
Pali BJT1. 1. 3. 6.
Sinhala BJT1. 1. 3. 6.
Pali BJTදුතිය අස්සාද සුත්තං
Sinhala BJTදෙවැනි අස්සාද සූත්‍රය
Pali BJT27. සාවත්ථියං–
Sinhala BJT27. සැවැත්නුවර–
Pali BJTරූපස්සාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො රූපස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා රූපස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. රූපස්සාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො රූපස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා රූපස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. රූපස්සාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං රූපස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා රූපස්ස නිස්සරණං පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම රූපයාගේ ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආස්වාදයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ ආදීනව පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය ද අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම රූපයාගේ නිශ්ශරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. රූපයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කෙළෙමි. රූපයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද ඒ මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී.
Pali BJTවෙදනායාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං -පෙ- සඤ්ඤායාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං -පෙ- සඞ්ඛාරානාහං, භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං -පෙ- විඤ්ඤාණස්සාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො විඤ්ඤාණස්ස අස්සාදො තදජ්ඣගමං. යාවතා විඤ්ඤාණස්ස අස්සාදො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. විඤ්ඤාණස්සාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො විඤ්ඤාණස්ස ආදීනවො තදජ්ඣගමං. යාවතා විඤ්ඤාණස්ස ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. විඤ්ඤාණස්සාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං විඤ්ඤාණස්ස නිස්සරණං තදජ්ඣගමං. යාවතා විඤ්ඤාණස්ස නිස්සරණං පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම වේදනාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි, … මහණෙනි, මම සංඥාව පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම සංස්කාර පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. … මහණෙනි, මම විඥානය පිළිබඳ ආස්වාද පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආස්වාදයක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආස්වාදයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මහණෙනි, මම විඥානය පිළිබඳ ආදීනව පර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් ආදීනවයෙක් ඇත් ද එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ ආදීනවයෙක් ඇත් ද, එය මා විසින් ප්‍රඥායෙන් මොනවට දක්නා ලදී. මහණෙනි, මම විඥානයාගේ නිශ්ශරණපර්‍ය්‍යෙෂණය කළෙමි. විඥානයාගේ යම් නිශ්ශරණයෙක් ඇත් ද, එය අවබෝධ කළෙමි. විඥානයාගේ යම් පමණ නිශ්ශරණයෙක් ඇත් ද එය මා විසින් ප්‍රඥායෙන් දක්නා ලදී.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං. නෙවතාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, මම යම්තාක් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු නුවණින් අවබෝධ නො කෙළෙම් වේ ද, මහණෙනි, මම ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය මොනවට අවබෝධ කෙළෙමි යි පිළින නො කෙළෙමි.
Pali BJTයතොච ඛො’හං භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණෙතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති. නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTමහණෙනි, මම යම් කලෙක මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්ගේ මෙසේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇති තතු මොනොවට අවබෝධ කෙළෙම් වේ ද, මහණෙනි, එසඳ මම දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ දේවමනුෂ්‍යයන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යී ප්‍රතිඥා කෙළෙමි. මාගේ චේතෝ විමුක්තිය අකෝප්‍ය යැ. මේ අන්තිම ජාති වෙයි, දැන් පුනර්‍භවයෙක් නැති යි මට ඥානදර්‍ශනය ද උදා විය.
Pali BJT1. 1. 3. 7.
Sinhala BJT1. 1. 3. 7.
Pali BJTතතිය අස්සාද සුත්තං
Sinhala BJTතෙවැනි අස්සාද සූත්‍රය
Pali BJT28. සාවත්ථියං–
Sinhala BJT28. සැවැත්නුවර–