Pali BJTඉමස්ස නු ඛො භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්‍ත්‍ථය විස්තර වශයෙන් කෙසේ දත යුතු දැ?යි.
Pali BJTරූපධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. රූපධාතුරාගවිනිබද්ධඤ්ච{1} පන විඤ්ඤාණං ඔකසාරීති වුච්චති. වෙදනාධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. වෙදනාධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරීති වුච්චති. සඤ්ඤාධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. සඤ්ඤාධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරී’ති වුච්චති. සඞ්ඛාරධාතු ඛො ගහපති, විඤ්ඤාණස්ස ඔකො. සඞ්ඛාරධාතුරාගවිනිබද්ධඤ්ච පන විඤ්ඤාණං ඔකසාරීති වුච්චති. එවං ඛො ගහපති, ඔකසාරී හොති.
Sinhala BJTගැහැවිය, රූපස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ප්‍රත්‍යය සංඛ්‍යාත ඕකය යි. රූපස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ඕකසාරි (ගෘහාලයයෙහි හැසිරෙන්නා) ය යි කියනු ලැබේ. ගැහැවිය, වේදනාස්කන්‍ධය විඥානයාගේ ගෘහය යි. වේදනාස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංඥාස්කන්‍ධය, විඥානයාගේ ගෘහය යි. සංඥාස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංස්කාරස්කන්‍ධය විඥානයාගේ ගෘහ යයි. සංස්කාරස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, මෙසේ ඕකසාරී වේ.
Pali BJTකථඤ්ච ගහපති, අනොකසාරී හොති: රූපධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා{2} චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනොකසාරීති වුච්චති. වෙදනාධාතුයා ඛො ගහපති, -පෙ- සඤ්ඤාධාතුයා ඛො ගහපති -පෙ- සඞ්ඛාරධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනොකසාරීති වුච්චති. විඤ්ඤාණධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනොකසාරීති වුච්චති. එවං ඛො ගහපති, අනොකසාරී හොති.
Sinhala BJTගැහැවිය, කෙසේ නම් අනෝකාසාරී වේ ද? ගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් (තෘෂ්ණා දෘෂ්ටි) උපය කෙනෙක්, (කාමුපාදානාදී සිවු) උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වූවාහු වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තල් ගසක් මෙන් කරන ලදහ. අත්‍යන්තයෙන් අභාවයට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී (ගෙහි නො හැසිරෙනු) යයි කියනු ලැබෙත්. ගැහැවිය, වේදනාස්කන්‍ධයෙහි … ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි … ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. හිස් සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී ය යි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනෝකසාරී වේ.
Pali BJTකථඤ්ච ගහපති, නිකෙතසාරී හොති: රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා{3} ඛො ගහපති, නිකෙතසාරීති වුච්චති. සද්දනිමිත්ත -පෙ- ගන්ධනිමිත්ත -පෙ- රසනිමිත්ත -පෙ- ඵොට්ඨබ්බනිමිත්ත -පෙ- ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, නිකෙතසාරීති වුච්චති. එවං ඛො ගහපති, නිකෙතසාරී හොති.
Sinhala BJTගැහැවිය, කෙසේ නම් නිකේතසාරී (නිවෙස්හි හැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවෙස්හි උපන් කෙලෙසුන්ගේ විසාර පැතිරීම හා විනිබන්‍ධ බැඳීම හේතුකොටගෙන නිකේතසාරී යයිකියනු ලැබේ. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්‍මාලම්බන නැමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා බැඳීමෙන් නිකේතසාරී යයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ නිකේතසාරී වේ.
Pali BJTකථඤ්ච ගහපති, අනිකෙතසාරී හොති: රූපනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා{3} ඛො ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනිකෙතසාරීති වුච්චති. සද්දනිමිත්ත -පෙ- ගන්ධනිමිත්ත -පෙ- රසනිමිත්ත -පෙ- ඵොට්ඨබ්බනිමිත්ත -පෙ- ධම්මනිමිත්තනිකෙතවිසාරවිනිබන්ධා ඛො ගහපති, තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො අනිකෙතසාරීති වුච්චති. එවං ඛො ගහපති, අනිකෙතසාරී හොති.
Sinhala BJTගැහැවි, කෙසේ නම් අනිකේතසාරී (නිවෙස්හි නොහැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවාසයෙහි (හටගත් කෙලෙසුන්ගේ) විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්‍මාලම්බන නමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල්කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනිකේතසාරී වේ.
Pali BJTකථඤ්ච ගහපති, ගාමෙ සන්ථවජාතො හොති: ඉධ ගහපති, එකච්චො ගිහීහි සංසට්ඨො{1} විහරති සහනන්දී සහසොකී සුඛිතෙසු සුඛිතො දුක්ඛිතෙසු දුක්ඛිතො. උප්පන්නෙසු කිච්චකරණීයෙසු අත්තනා වොයොගං ආපජ්ජති. එවං ඛො ගහපති, ගාමෙ සන්ථවජාතො හොති.
Sinhala BJTගැහැවිය, කෙසේනම් ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා සංසෘෂ්ට (මුසු) වූයේ සමඟ සතුටු වන්නේ සමග ශෝක කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා උපයෝගයට (එහි යෙදීමට) පැමිණෙයි. ගැහැවිය, මෙසේ ගම්හි හටගත් සන්‍ථව ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති: ඉධ ගහපති, එකච්චො ගිහීහි අසංසට්ඨො{2} විහරති න සහනන්දී න සහසොකී න සුඛිතෙසු සුඛිතො න දුක්ඛිතෙසු දුක්ඛිතො. උප්පන්නෙසු කිච්චකරණීයෙසු න අත්තනා වොයොගං{3}, ආපජ්ජති. එවං ඛො ගහපති, ගාමෙ න සන්ථවජාතො හොති.
Sinhala BJTගැහැවිය, කෙසේ නම් ඟම්හි හටගත් සන්‍ථව නැත්තේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ගිහියන් හා මුසු නො වූයේ සමග සතුටු නො වන්නේ සමග ශෝක නො කරන්නේ (දායකයන්) සුඛිත කල්හි සුඛිත නො වන්නේ දුඃඛිත කල්හි දුඃඛිත නො වන්නේ වෙසෙයි. උපන් කටයුතු ඇතිකල්හි තමා යෙදීමට නො පැමිණෙයි. ගැහැවි, මෙසේ ගම්හි හටගත් සංසර්‍ග නැත්තේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, කාමෙහි අරිත්තො හොති: ඉධ ගහපති, එකච්චො කාමෙසු අවිගතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. එවං ඛො ගහපති, කාමෙහි අරිත්තො හොති.
Sinhala BJTගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් නො සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් වස්තු කාමයන්හි නො පහ වූ රාග ඇත්තේ නො පහ වූ ඡන්‍ද ඇත්තේ නො පහ වූ ප්‍රේම ඇත්තේ නො පහ වූ පවස් ඇත්තේ නො පහ වූ පරිදාහ ඇත්තේ නො පහවූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ ක්ලේශකාමයන්ගෙන් නො සිස් වූයේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, කාමෙහි රිත්තො හොති: ඉධ ගහපති, එකච්චො කාමෙසු විගතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. එවං ඛො ගහපති, කාමෙහි රිත්තො හොති.
Sinhala BJTගැහැවි, කෙසේ නම් කාමයන්ගෙන් සිස් වූයේ වේ ද: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්හි පහ වූ රාග ඇත්තේ පහ වූ ඡන්‍ද ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ පරිදාහ ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. ගැහැවි, මෙසේ කාමයන්ගෙන් සිස් වූයේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, පුරෙක්ඛරානො හොති: ඉධ ගහපති, එකච්චස්ස එවං හොති: එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො{4} සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති. එවං ඛො ගහපති, පුරෙක්ඛරානො හොති.
Sinhala BJTගැහැවිය, කෙසේ නම් සසරවට පෙරටු කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි”, මෙසේ අදහස් වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු කරන්නේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, අපුරෙක්ඛරානො හොති: ඉධ ගහපති, එකච්චස්ස න එවං හොති: එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤී සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානං. එවං ඛො ගහපති, අපුරෙක්ඛරානො හොති.
Sinhala BJTගැහැවි, කෙසේ නම් සසරවට පෙරටු නො කරන්නේ වේ ද: ගැහැවි, මෙසස්නෙහි ඇතැම් මහණක්හට “මතුකල මෙබඳු රූ ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු වේදනා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංඥා ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු සංස්කාර ඇත්තෙම් වෙමි. මතුකල මෙබඳු විඥාන ඇත්තෙම් වෙමි” යි, මෙසේ අදහස් නො වෙයි. ගැහැවිය, මෙසේ සසරවට පෙරටු නො කරන්නේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති: ඉධ ගහපති, එකච්චො එවරූපිං කථං කත්තා හොති: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි අහමස්මි සම්මාපටිපන්නො. පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච. සහිතං මෙ අසහිතං තෙ. ආචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. චර වාදප්පමොක්ඛාය. නිග්ගහිතොසි. නිබ්බෙඨෙහි{6} වා සචෙ පහොසී”ති. එවං ඛො ගහපති, කථං විග්ගය්හ ජනෙන කත්තා හොති.
Sinhala BJTගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් කෙනෙක් මෙබඳු කථා කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ. තාගේ වචනය නො සිලිටි යැ. තා විසින් (කලක් ම) පුරුදු කරන ලද වාදය (මාගේ වාදයෙන්) පෙරැළී ගියේ යැ. තට වාද නගන ලදි. වාදයෙන් මිදීම පිණිස (හැසිරෙව. ක්‍රියා කර ව.) නිග්‍රහ කරන ලද වෙහි. ඉදින් පොහොසත්හි නම් මුදව (මෙහි දී ම මිදෙව.)” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා කරන්නේ වේ.
Pali BJTකථඤ්ච ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති: ඉධ ගහපති, එකච්චො න එවරූපිං කථං කත්තා හොති: “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡා පටිපන්නො ත්වමසි අහමස්මි සම්මා පටිපන්නො. පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච, සහිතං මෙ, අසහිතං තෙ, අචින්නං තෙ විපරාවත්තං ආරොපිතො තෙ වාදො, චර වාදප්පමොක්ඛාය නිග්ගහිතොසි නිබ්බෙඨෙහි වා සචෙ පහොසී”ති. එවං ඛො ගහපති, කථං න විග්ගය්හ ජනෙන කත්තා හොති.
Sinhala BJTගැහැවිය, කෙසේ නම් ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ ද යත්: ගැහැවිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් මෙබඳු කථා නො කරන්නේ වෙයි: “තෝ මේ ශාසනය නො දනිහි, මම මේ ශාසනය දනිමි. කිම, තෝ මේ ශාසනය දන්නෙහි ද? තෝ වරදවා පිළිපන්නෙහි, මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු වැ කිය යුත්ත පසු වැ කීයෙහි, පසු වැ කිය යුත්ත පළමු වැ කීයෙහි. මාගේ වචනය සිලිටි යැ, තාගේ වචනය නො සිලිටි යැ. තාගේ පුරුදු වචනය පෙරළී ගියේ යැ, තට වාද නගන ලදි. වාදයෙන් මිදීමට ක්‍රියා කරව. නිග්‍රහ කරන ලද්දෙහි. ඉදින් පොහෝනෙහි නම් මුදව” යි. ගැහැවිය, මෙසේ ජනයා සමඟ විග්‍රාහික කථා නො කරන්නේ වේ .
Pali BJTඉති ගහපති, යං තං වුත්තං භගවතා අට්ඨකවග්ගියෙ මාගන්දියපඤ්හෙ
Sinhala BJTගැහැවි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් - අෂ්ටකවර්‍ගයට අයත් මාගන්‍දිය ප්‍රශ්නයෙහි -
Pali BJT“ඔකං පහාය අනිකෙතසාරීගාමෙ අකුබ්බං මුනිසන්ථවානිකාමෙහි රිත්තො අපුරෙක්ඛරානොකථං න විග්ගය්හ ජනෙන කයිරාති.”
Sinhala BJT“ගෘහය හැර ගෙහි නො හැසිරෙනසුලු ගම්හි සසඟ නො කරන කාමයන්ගෙන් හිස් වූ සසරවට පෙරටු නො කරන මුනි තෙමේ ජනයා සමග විග්‍රාහික කථා නො කරන්නේ ය” යි ඒ යමක් වදාරන ලද නම් -
Pali BJTඉමස්ස ඛො ගහපති, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ යි.
Pali BJT1. 1. 1. 4.
Sinhala BJT1. 1. 1. 4.
Pali BJTදුතිය හාලිද්දිකානිසුත්තං
Sinhala BJTදෙවන හාලිද්දිකානි සූත්‍රය
Pali BJT4. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති කුරිරඝරෙ පපාතෙ පබ්බතෙ. අථ ඛො හාලිද්දිකානි ගහපති යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො හාලිද්දිකානි ගහපති ආයස්මන්තං මහාකච්චානං එතදවොච:
Sinhala BJT4. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පර්‍වතයෙහි වැඩ වෙසෙති. එකල හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ ය.
Pali BJTවුත්තමිදං භන්තෙ, භගවතා සක්කපඤ්හෙ “යෙ තෙ සමණබ්රාහ්මණා තණ්හාසඞ්ඛයවිමුත්තා, තෙ අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමිනො අච්චන්තබ්රහ්මචාරිනො අච්චන්තපරියොසානා සෙට්ඨා දෙවමනුස්සාන”න්ති. ඉමස්ස නු ඛො භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො?ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි (එ අරමුණු කොට ඇති ඵලවිමුත්තියෙන්) මිදුණාහු වෙද්ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත අවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි මෙය වදාරන ලද්දේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ භාෂිතයාගේ - දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් කෙසේ දතයුතු දැ යි.
Pali BJTරූපධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා චිත්තං සුවිමුත්තන්ති වුච්චති. වෙදනාධාතුයා ඛො ගහපති -පෙ- සඤ්ඤාධාතුයා ඛො ගහපති -පෙ- සඞ්ඛාරධාතුයා ඛො ගහපති -පෙ- විඤ්ඤාණධාතුයා ඛො ගහපති, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා, තෙසං ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා චිත්තං සුවිමුත්තන්ති වුච්චති.
Sinhala BJTගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයෙහි අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ. ගැහැවිය, වෙදනාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි … ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො ගහපති, යන්තං වුත්තං භගවතා සක්කපඤ්හෙ: “යෙ තෙ සමණබ්රාහ්මණා තණ්හාසඞ්ඛයවිමුත්තා, තෙ අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමිනො අච්චන්තබ්රහ්මචාරිනො අච්චන්තපරියොසානා සෙට්ඨා දෙවමනුස්සාන”න්ති. ඉමස්ස ඛො ගහපති, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTගැහැවිය, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කොට මිදුණාහු නම් ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි ඒ යමක් වදාළ සේක් නම් ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුතු යි.
Pali BJT1. 1. 1. 5.
Sinhala BJT1. 1. 1. 5.
Pali BJTසමාධි භාවනා සුත්තං
Sinhala BJTසමාධිභාවනා සූත්‍රය
Pali BJT5. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT5. මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTසමාධිං භික්ඛවෙ, භාවෙථ. සමාහිතො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති? රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච, වෙදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඤ්ඤාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඞ්ඛාරානං සමුදයඤ්ච අත්ථගමඤ්ච, විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච.
Sinhala BJTමහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී. කුමක් යථාවයෙන් දනී ද යත්: රූපයාගේ සමුදය ද අස්තගමය ද, වේදනාවේ සමුදය ද අස්තගමය ද, සංඥාවේ සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, ව්ඥානයාගේ සමුදය ද අස්තගමය ද දනී.
Pali BJTකො ච භික්ඛවෙ, රූපස්ස සමුදයො, කො වෙදනාය සමුදයො, කො සඤ්ඤාය සමුදයො, කො සඞ්ඛාරානං සමුදයො, කො විඤ්ඤාණස්ස සමුදයො:
Sinhala BJTමහණෙනි, රූපයාගේ සමුදය (හටගැන්ම) කවරේ ද, වේදනාවේ සමුදය කවරේ ද, සංඥාවේ සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයාගේ සමුදය කවරේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති: රූපං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා රූපෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ පතයි. මැනවැයි ලෝභවසයෙන් කියයි. බැසැගෙන සිටී, කුමක් පතා ද, මැනැවැයි කියා ද, බැසැගෙන සිටී ද: රූපය පතයි. මැනවැ යි කියයි. එහි බැසැගෙන සිටී. රූපය පතන, මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
Pali BJTවෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා වෙදනාය නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTවේදනාව පතයි. මැනවැයි කියයි. බැස ගෙන සිටී. වේදනාව පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානය යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
Pali BJTසඤ්ඤං අභිනන්දති -පෙ- සඞ්ඛාරෙ අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස සංඛාරෙ අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා සඞ්ඛාරෙසු නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTසංඥාව පතයි. සංස්කාරයන් පතයි. මැනවැයි කියයි. ගිලගෙන සිටී. සංස්කාරයන් පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
Pali BJTවිඤ්ඤාණං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා විඤ්ඤාණෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTවිඥානය පතයි. මැනවැ යි කියයි. ගිලගෙන සිටී. විඥානය පතන මැනවැ යි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
Pali BJTඅයං භික්ඛවෙ, රූපස්ස සමුදයො, අයං වෙදනාය සමුදයො, අයං සඤ්ඤාය සමුදයො, අයං සඞ්ඛාරානං සමුදයො, අයං විඤ්ඤාණස්ස සමුදයො.
Sinhala BJTමහණෙනි, මේ රූපයාගේ සමුදය යි. මේ වේදනාවෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි, මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
Pali BJTකො ච භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, කො වෙදනාය අත්ථගමො, කො සඤ්ඤාය අත්ථගමො, කො සඞ්ඛාරානං අත්ථගමො, කො විඤ්ඤාණස්ස අත්ථගමො:
Sinhala BJTමහණෙනි, රූපයාගේ නිරෝධය කවරේ ද, වේදනාවෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති: රූපං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා රූපෙ නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ නො පතයි. මැනවැයි නො කියයි. බැසැගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැයි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැ යි නො කියයි. බැසගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසෙහි නිරෝධය වේ.
Pali BJTවෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස වෙදනං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා වෙදනාය නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTවේදනාව නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. වේදනාව නො පතන මැනවැයි නො කියයන බැසැ ගෙන නො සිටින ඔහුගේ වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJTසඤ්ඤං නාභිනන්දති -පෙ- සඞ්ඛාරෙ නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස සඞ්ඛාරෙ අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා සඞ්ඛාරෙසු නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTසංඥාව නො පතයි ... සංස්කාරයන් නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. සංස්කාරයන් නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJTවිඤ්ඤාණං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා විඤ්ඤාණෙ නන්දි සා නිරුජ්ඣති. තස්ස නන්දිනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTවිඥානය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJTඅයං භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, අයං වෙදනාය අත්ථගමො, අයං සඤ්ඤාය අත්ථගමො, අයං සඞ්ඛාරානං අත්ථගමො, අයං විඤ්ඤාණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයාගේ නිරෝධය යි.
Pali BJT1. 1. 1. 6.
Sinhala BJT1. 1. 1. 6.
Pali BJTපටිසල්ලාන සුත්තං
Sinhala BJTපටිසල්ලාන සූත්‍රය
Pali BJT6. සාවත්ථියං–
Sinhala BJT6. සැවැත්නුවර–
Pali BJTපටිසල්ලානෙ භික්ඛවෙ, යොගමාපජ්ජථ. පටිසල්ලීනො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති: රූපස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච, වෙදනාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඤ්ඤාය සමුදයඤ්ච අත්ථගමඤ්ච, සඞ්ඛාරානං සමුදයඤ්ච අත්ථගමඤ්ච, විඤ්ඤාණස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච”
Sinhala BJTමහණෙනි, පිළිසලනෙහි (කායවිවේකයෙහි) යෙදෙවු. මහණෙනි, පිළිසලනෙහි යෙදුණු මහණ යාථාවයෙන් (තතු සේ ) දනී. කුමක් තතු සේ දනී ද යත්: රූපයෙහි සමුදය ද අස්තගමය ද, වේදනායෙහි සමුදය ද අස්තගමය ද, සංඥායෙහි සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, විඥානයෙහි සමුදය ද අස්තගමය ද දනී.
Pali BJTකො ච භික්ඛවෙ, රූපස්ස සමුදයො, කො වෙදනාය සමුදයො, කො සඤ්ඤාය සමුදයො, කො සඞ්ඛාරානං සමුදයො, කො විඤ්ඤාණස්ස සමුදයො:
Sinhala BJTමහණෙනි, රූපයෙහි සමුදය කවරේ ද, වේදනායෙහි සමුදය කවරේ ද, සංඥායෙහි සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයෙහි සමුදය කවරේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති: රූපං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා රූපෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ පතයි, මැනවැ යි කියයි, බැසැ ගෙන සිටී. කුමක් පතා ද මැනවැ යි කියා ද බැසැ ගෙන සිටී ද: රූපය පතයි. මැනවැයි කියයි. බැසැ ගෙන සිටී. රූපය පතන මැනවැයි කියන බැස ගෙන සිටින ඔහුට නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
Pali BJTවෙදනං අභිනන්දති -පෙ- සඤ්ඤං අභිනන්දති -පෙ- සඞ්ඛාරෙ අභිනන්දති -පෙ- විඤ්ඤාණං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දී. යා විඤ්ඤාණෙ නන්දී තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTවේදනාව පතයි. … සංඥාව පතයි. … සංස්කාරයන් පතයි. … විඥානය පතයි. මැනැවැ යි කියයි. බැසැ ගෙන සිටී. විඥානය පතන මැනැවැයි කියන බැසැ ගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
Pali BJTඅයං භික්ඛවෙ, රූපස්ස සමුදයො, අයං වෙදනාය සමුදයො, අයං සඤ්ඤාය සමුදයො, අයං සඞ්ඛාරානං සමුදයො, අයං විඤ්ඤාණස්ස සමුදයො.
Sinhala BJTමහණෙනි, මේ රූපයෙහි සමුදය යි. මේ වේදනායෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි. මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
Pali BJTකො ච භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, කො වෙදනාය අත්ථගමො, කො සඤ්ඤාය අත්ථගමො, කො සඞ්ඛාරානං අත්ථගමො, කො විඤ්ඤාණස්ස අත්ථගමො:
Sinhala BJTමහණෙනි, රූපයෙහි නිරෝධය කවරේ ද, වේදනායෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. කිඤ්ච නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති: රූපං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රූපං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා රූපෙ නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැ යි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJTවෙදනං නාභිනන්දති -පෙ- සඤ්ඤං නාභිනන්දති -පෙ- සඞ්ඛාරෙ නාභිනන්දති -පෙ- විඤ්ඤාණං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස විඤ්ඤාණං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො යා විඤ්ඤාණෙ නන්දී සා නිරුජ්ඣති. තස්ස නන්දීනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTවේදනාව නො පතයි … සංඥාව නො පතයි … සංස්කාරයන් නො පතයි … විඥානය නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJTඅයං භික්ඛවෙ, රූපස්ස අත්ථගමො, අයං වෙදනාය අත්ථගමො, අයං සඤ්ඤාය අත්ථගමො, අයං සඞ්ඛාරානං අත්ථගමො, අයං විඤ්ඤාණස්ස අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයෙහි නිරෝධය යි.
Pali BJT1. 1. 1. 7.
Sinhala BJT1. 1. 1. 7.
Pali BJTපඨම උපාදාපරිතස්සනා සුත්තං
Sinhala BJTපළමුවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
Pali BJT7. සාවත්ථියං–
Sinhala BJT7. සැවැත්නුවර–
Pali BJTඋපාදා{1}පරිතස්සනඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි අනුපාදා{2}අපරිතස්සනඤ්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට උපාදානයෙන් උපන් පරිතස්සනාව ද අනුපාදානයෙන් වන අපරිතස්සනාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියමි යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකථඤ්ච භික්ඛවෙ, උපාදාපරිතස්සනා හොති:
Sinhala BJTමහණෙනි, උපාදානයෙන් වන පරිතස්සනාව කෙසේ වේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො. රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස රූපවිපරිණාමානුපරිවත්තිජා{3} පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච. උපාදාය ච පරිතස්සති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු නූගත් පුහුදුන් තෙමේ රූපය ආත්මය යි හෝ, ආත්මය රූප ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි. අන්‍යාකාර වෙයි. ඔහුගේ ඒ රූපය පෙරැළීමෙන් අන්‍යාකාර වීමෙන් කර්‍මවිඥානය රූපයේ පෙරැළීම අනුව පෙරැළෙනසුලු වෙයි. රූපයේ පෙරැළීම අනුව පෙරැළුණු සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්‍ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්‍ෂා (ආලය) ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
Pali BJTවෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා වෙදනාවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස වෙදනාවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච උපාදාය ච පරිතස්සති.
Sinhala BJTවේදනාව ආත්මය යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි වේදනාව පවතී ය යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් සැහැවි වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීමෙන් අන් සැහැවි වීමෙන් කර්‍මවිඥානය වේදනායෙහි වෙනස් වීම අනුව පෙරැළෙනසුලු වෙයි. වේදනාවේ වෙනස් වීම අනුව පෙරැළුණු සිතින් හටගත් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත ක්‍ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
Pali BJTසඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. තස්ස තෙ සඞ්ඛාරා විපරිණමන්ති, අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරානං විපරිණාමඤ්ඤථාභාවා සඞ්ඛාරවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස සඞ්ඛාරවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති විඝාතවා ච අපෙක්ඛවා ච උපාදාය ච පරිතස්සති.
Sinhala BJTසංඥාව … සංස්කාර … ආත්ම විසින් දකියි, සංස්කාරවත් ආත්මය හෝ, ආත්මයෙහි සංස්කාර හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකියි. ඔහුගේ එ සංස්කාර පෙරැළෙයි. අන් අයුරු වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍ම විඥානය සංස්කාර විපරිණාම අනුව පෙරැළෙනසුලු වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්‍ෂා ඇත්තේ ද වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද වේ.
Pali BJTවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස{1} විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨන්ති. චෙතසො පරියාදානා උත්තාසවා ච හොති, විඝාතවා ච, අපෙක්ඛවා ච. උපාදාය ච පරිතස්සති.
Sinhala BJTවිඥානය ආත්ම විසින් දකියි, විඥානවත් ආත්මය හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ, දකියි. ඔහුගේ එ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු වෙයි. විඥාන විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත අල්වා ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි, දැඩි වැ ගෙන පෙළෙන්නේ ද වේ.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, උපාදාපරිතස්සනා හොති.
Sinhala BJTමෙසේ වනාහි මහණෙනි, උපාදා පරිතස්සනා වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනුපාදා අපරිතස්සනා හොති:
Sinhala BJTමහණෙනි, අනුපාදා අපරිතස්සනා කි සෙයින් වේ යැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා න රූපවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස රූපවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙව උත්තාසවා{2} හොති න විඝාතවා න අපෙක්ඛවා. අනුපාදාය ච න පරිතස්සති.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි, රූපවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන්අයුරු වෙයි. රූප විපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, රූපයාගේ විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන්, තෘෂ්ණා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි වැ ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන (දැඩි කොට නො ගැනීම්) හේතුයෙන් තැතිගැනුම් ඇත්තේ නො ද වෙයි, දුක් සහිත නො වෙයි, ආලය සහිත නො වෙයි, දැඩි කොට නො ගෙන නො ද පෙළෙන්නේ වේ.
Pali BJTන වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා විපරිණමති අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා න වෙදනාවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස වෙදනා විපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙව උත්තාසවා හොති. න විඝාතවා, න අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති.
Sinhala BJTවේදනාව ආත්ම විසින් නො දකියි, වේදනාවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව හෝ නො දකියි, වේදනායෙහි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ වේදනාව පෙරැළෙ යි, අන් අයුරු වෙයි, වේදනාවගේ පෙරැළීම් අන් අයුරුවීම් හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි. වේදනා විපරිණාමය අනුව පෙරැළෙන සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත දැඩි කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇත්තේ වෙයි, දුක් ඇත්තේ නො වෙයි, ආලය ඇත්තේ නො වෙයි, දැඩි කොට ගෙන නො ද පෙළෙන්නේ වේ.
Pali BJTන සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, න සඞ්ඛාරවන්තං අත්තානං, න අත්තනි වා සඞ්ඛාරෙ න සඞ්ඛාරෙසු වා අත්තානං. තස්ස තෙ සඞ්ඛාරා විපරිණමන්ති, අඤ්ඤථා හොන්ති.
Sinhala BJTසංඥාව ආත්ම විසින් නො දකියි … සංස්කාර ආත්ම විසින් නො දකියි, සංස්කාරවත් ආත්මය හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය හෝ නො දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ පෙරැළෙති, අන් අයුරු වෙත්. සංස්කාරයන්ගේ
Pali BJTතස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා න සඞ්ඛාරවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස සඞ්ඛාර විපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙව උත්තාසවා හොති න විඝාතවා න අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති.
Sinhala BJTවිපරිණාම අන්‍යථාභාව හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය සංස්කාර විපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, සංස්කාර විපරිණාම අනුව පෙරැළෙන සුලු සිතින් උපන් තණ්හා පරිතස්සනා ද අකුශලධර්‍ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත, ක්‍ෂය කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ අපරියාදාන හේතුයෙන් නො ද තැතිගැනුම් ඇති වෙයි, දුක් ඇති නො වෙයි, ආලය ඇති නො වෙයි, නො ද දැඩි කොට ගෙන පෙළෙන්නේ වේ.
Pali BJTන විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං, තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණ විපරිණාමඤ්ඤථාභාවා න විඤ්ඤාණවිපරිණාමානුපරිවත්ති විඤ්ඤාණං හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමානුපරිවත්තිජා පරිතස්සනා ධම්මසමුප්පාදා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. චෙතසො අපරියාදානා න චෙව උත්තාසවා හොති න ච විඝාතවා න ච අපෙක්ඛවා, අනුපාදාය ච න පරිතස්සති.
Sinhala BJTවිඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් යි හෝ නො දකියි, විඥානය ආත්මයෙහි ඇතැයි හෝ නො දකියි, ආත්මය විඥානයෙහි ඇතැයි හෝ නො දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. විඥානයාගේ වෙනස්වීම් පෙරැළීම් හේතුයෙන් ඔහුගේ කර්‍මවිඥානය විඥානවිපරිණාමය අනුව පෙරැළෙන සුලු නො වෙයි, විඥාන විපරිණාමය අනුව පෙරැළෙනසුලු සිතින් උපන් තෘෂ්ණා පරිතස්සනා ද අකුශල ධර්‍මසමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්‍ෂය කොට ගෙන නො සිටිත්. චිත්තයාගේ දැඩි කොට නො ගැනීම් හේතුයෙන් තැතිගැනුම් නො ද ඇති වෙයි, දුක් ඇති නො වෙයි, ආලය ඇති නො වෙයි, දැඩි කොට ගෙන පෙළෙන්නේ ද නො වේ.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, අනුපාදා අපරිතස්සනා හොතීති.
Sinhala BJTමෙසෙයින් මහණෙනි, අනුපාදා අපරිතස්සනා වේ යැ යි (වදාළසේකි).
Pali BJT1. 1. 1. 8.
Sinhala BJT1. 1. 1. 8.
Pali BJTදුතිය උපාදාපරිතස්සනා සුත්තං
Sinhala BJTදෙවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
Pali BJT8. සාවත්ථියං–
Sinhala BJT8. සැවැත්නුවර–
Pali BJTඋපාදාපරිතස්සනඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි. අනුපාදා අපරිතස්සනඤ්ච. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, තොපට උපාදාපරිතස්සනාව ද, අනුපාදාඅපරිතස්සනාවද දේශනා කරන්නෙමි. එය අසවු ...
Pali BJTකථඤ්ච භික්ඛවෙ, උපාදාපරිතස්සනා හොති:
Sinhala BJTමහණෙනි, උපාදාපරිතස්සනා කිසෙයින් වේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො රූපං “එතං මම, එසො’හමස්මි එසො මෙ අත්තා”ති සමනුපස්සති. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTමහණෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන රූපය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන් අයුරු වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
Pali BJTවෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති. තස්ස තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය” යි දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, උපාදාපරිතස්සනා හොති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් (තණ්හා මාන - දිට්ඨි - විසින්) උපාදාපරිතස්සන වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනුපාදාඅපරිතස්සනා හොති:
Sinhala BJTමහණෙනි, කිසෙයින් අනුපාදා අපරිතස්සනා වේ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. තස්ස තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTමහණෙනි, මෙලොව ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයි” (විදසුන් නුවණින්) දකි යි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි, අන් අයුරු වෙයි. ඔහුට රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිති. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයී” (විදසුන් නුවණින්) දකියි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිත්.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, අනුපාදාඅපරිතස්සනා හොතීති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් (තණ්හා - මාන - දිට්ඨි විසින් නො ගත්, හෙයින්) අනුපාදාඅපරිතස්සනා වේ යයි.
Pali BJT1. 1. 1. 9.
Sinhala BJT1. 1. 1. 9.
Pali BJTපඨම අතීතානාගත සුත්තං
Sinhala BJTපළවැනි අතීතානාගත සූත්‍රය
Pali BJT9. සාවත්ථියං–
Sinhala BJT9. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති, අනාගතං රූපං නාභිනන්දති, පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. වෙදනා අනිච්චා -පෙ- සඤ්ඤා අනිච්චා -පෙ- සඞ්ඛාරා අනිච්චා -පෙ- විඤ්ඤාණං අනිච්චං අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං විඤ්ඤාණස්මිං අනපෙඛො හොති, අනාගතං විඤ්ඤාණං නාභිනන්දති, පච්චුප්පන්නස්ස විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීත - අනාගත රූපය අනිත්‍ය යැ, පච්චුප්පන්න (-පවත්නා) රූපයාගේ (අනිත්‍යතා පිළිබඳ) කවර කථා යැ. (අනිත්‍යමැයි) මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි. අනාගත රූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … අතීතානාගත විඥානය අනිත්‍ය යැ, පච්චුප්පන්න විඥාන පිළිබඳ කවර කථා යැ. (අනිත්‍ය මැ යි) මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
Pali BJT1. 1. 1. 10.
Sinhala BJT1. 1. 1. 10.
Pali BJTදුතිය අතීතානාගත සුත්තං
Sinhala BJTදෙවැනි අතීතානාගත සූත්‍රය
Pali BJT10. සාවත්ථියං–
Sinhala BJT10. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, දුක්ඛං අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති, අනාගතං රූපං නාභිනන්දති, පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. වෙදනා දුක්ඛා -පෙ- සඤ්ඤා දුක්ඛා -පෙ- සඞ්ඛාරා දුක්ඛා -පෙ- විඤ්ඤාණං දුක්ඛං අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං විඤ්ඤාණස්මිං අනපෙඛො හොති, අනාගතං විඤ්ඤාණං නාභිනන්දති, පච්චුප්පන්නස්ස විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTමහණෙනි, අතීතානාගත රූපය දුක් යැ, පවත්නා රූපය පිළිබඳ කවර කථා යැ (දුක් මැයි). මහණෙනි, මෙසේ (විවසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය නො පතයි, පවත්නා රූපායාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … අතීතානාගත විඥානය දුක් යැ, පවත්නා විඥානය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
Pali BJT1. 1. 1. 11.
Sinhala BJT1. 1. 1. 11.
Pali BJTතතිය අතීතානාගත සුත්තං
Sinhala BJTතෙවැනි අතීතානාගත සූත්‍රය
Pali BJT11. සාවත්ථියං–
Sinhala BJT11. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ, අනත්තා අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස, එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති, අනාගතං රූපං නාභිනන්දති, පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. වෙදනා අනත්තා -පෙ- සඤ්ඤා අනත්තා -පෙ-
Sinhala BJTමහණෙනි, අතීතානාගත රූපය අනාත්ම ය, වර්‍තමාන රූපය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඉකුත් රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි, මතු රූපය නො පතයි, පවත්නා රූපයාගේ කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ...
Pali BJTසඞ්ඛාරා අනත්තා -පෙ- විඤ්ඤාණං අනත්තං අතීතානාගතං, කො පන වාදො පච්චුප්පන්නස්ස. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො අතීතස්මිං විඤ්ඤාණස්මිං අනපෙඛො හොති, අනාගතං විඤ්ඤාණං නාභිනන්දති, පච්චුප්පන්නස්ස විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති.
Sinhala BJTසංස්කාර අනාත්ම යි ... අතීතානාගත විඥානය අනාත්ම යි, වර්‍තමාන විඥාන පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
Pali BJTනකුලපිතුවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි නකුලපිතු වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනකුලපිතා දෙවදහා ද්වෙපි හාලිද්දිකානි ච සමාධි පටිසල්ලානං උපාදාපරිතස්සනා දුවෙ අතීතානාගතා තීණි වග්ගො තෙන පවුච්චති.
Sinhala BJTනකුලපිතු සූත්‍රය, දේවදහ සූත්‍රය, හාලිද්දක සූත්‍ර දෙකය, සමාධි සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, උපාදාපරිතස්සනා සූත්‍ර දෙකය, අතීතානාගත සූත්‍ර තුන දැයි එකොලොසකින් නකුලපිතු වර්‍ගය යුක්ත යයි කියනු ලැබේ.
Pali BJT2. අනිච්චවග්ගො
Sinhala BJT2. අනිච්ච වර්‍ගය
Pali BJT1. 1. 2. 1.
Sinhala BJT1. 1. 2. 1.
Pali BJTඅනිච්ච සුත්තං
Sinhala BJTඅනිත්‍ය සූත්‍රය
Pali BJT12. සාවත්ථියං–
Sinhala BJT12. සැවැත්නුවර–
Pali BJTරූපං භික්ඛවෙ අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති: ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. මෙසෙයින් (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිදු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහිදු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි, මිදුණැයි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වෙයි: “ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවනලදී. සිවුමඟ කරණී කරන ලද, මේ රහත්බව සඳහා අන් කිසෙහි නැතැ” යි දනී යයි.
Pali BJT1. 1. 2. 2.
Sinhala BJT1. 1. 2. 2.