Pali BJT402. සාවත්ථියං–
Sinhala BJT402. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා නන්දො භගවතො මාතුච්ඡාපුත්තො ආකොටිතපච්චාකොටිතානි චීවරානි පාරුපිත්වා අක්ඛීනි අඤ්ජිත්වා අච්ඡං පත්තං ගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං නන්දං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සුලුමවුපුත් ආයුෂ්මත් නන්‍ද ස්ථවිර තෙමේ කොළන ලද පිළිකොළන ලද (මටසිලුටු සිහින්) සිවුරු පොරවා. ඇස් අඳුනෙන් සදා වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් නන්ඳහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTන ඛො තෙ තං නන්ද, පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස යං ත්වං ආකොටිතපච්චාකොටිතානි චීවරානි පාරුපෙය්යාසි, අක්ඛීනි ච අඤ්ජෙය්යාසි, අච්ඡඤ්ච පත්තං ධාරෙය්යාසි. එතං{1} ඛො තෙ නන්ද පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස යං ත්වං ආරඤ්ඤකො ච අස්සසි පිණ්ඩපාතිකො ච පංසුකූලිකො ච කාමෙසු ච අනපෙක්ඛො විහරෙය්යාසීති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJTනන්‍ද, යම්බඳු තෝ කොළන ලද පිළිකොළන ලද සිවුරු පොරවන්නෙහි නම්, ඇස් අඳුනෙන් සදන්නෙහි නම්, වෙසෙසින් පහන් පැහැති පාත්‍රයක් දරන්නෙහි නම් එය සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණි කුලපුත්‍ර වූ තොපට නිසි නො වේ. නන්‍ද යම්බඳු තෝ ආරණ්‍යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද වන්නෙහි නම්, කාමයන්හිත් නිරපේක්‍ෂක ව වෙසෙන්නෙහි නම්, සැදැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට මෙය සුදුසු වේ මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
Pali BJTකදාහං නන්දං පස්සෙය්යං ආරඤ්ඤං පංසුකූලිකං,අඤ්ඤාතුඤ්ඡෙන{2} යාපෙන්තං කාමෙසු අනපෙක්ඛිනන්ති.
Sinhala BJTආරණ්‍යක වූ පංසුකූලික වූ ප්‍රකට කුලයන්හි ම නොව ගෙපිළිවෙළින් පිඬු සිඟීමෙන් යැපෙන්නා වූ කාමයන්හි නිරපේක්‍ෂක වූ නන්ඳයන් මම කවදා දක්නෙම් ද?
Pali BJTඅථ ඛො ආයස්මා නන්දො අපරෙන සමයෙන ආරඤ්ඤකො වාසි පිණ්ඩපාතිකො ච පංසුකූලිකො ච කාමෙසු ච අනපෙක්ඛො විහාසීති.
Sinhala BJTඉක්බිත් ආයුෂ්මත් නන්‍ද තෙමේ මෑත භාගයෙහි ආරණ්‍යක ද පිණ්ඩපාතික ද පංසුකූලික ද විය. කාමයන්හි නිරපේක්‍ෂක ව විසී ය.
Pali BJT9. 1. 9.
Sinhala BJT9. 1. 9.
Pali BJTතිස්සසුත්තං
Sinhala BJTතිස්ස සූත්‍රය
Pali BJT403. සාවත්ථියං–
Sinhala BJT403. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා තිස්සො භගවතො පිතුච්ඡාපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, දුක්ඛී දුම්මනො අස්සූනි පවත්තයමානො. අථ ඛො භගවා ආයස්මන්තං තිස්සං එතදවොච: කිං ත්වං තිස්ස, එකමන්තං නිසින්නො දුක්ඛී දුම්මනො අස්සූනි පවත්තයමානොති?
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ දුක් ඇත්තේ හටගත් දොම්නස් ඇත්තේ කඳුලු වගුරවමින් එකත්පසෙක හුන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්සහට - තිස්ස, තෝ කුමක් හෙයින් දුක් ඇත්තෙහි හටගත් දොම්නස් ඇත්තෙහි කඳුලු වගුරුවමින් එකත්පසෙක හුන්නෙහි දැයි මෙය වදාළ සේක.
Pali BJTතථා හි පන මං භන්තෙ, භික්ඛූ සමන්තා වාචාසන්නිතොදකෙන{3} සඤ්ජම්භරිං අකංසූති. තථා හි පන ත්වං තිස්ස, වත්තා නො ච වචනක්ඛමො, න ඛො තෙ තං තිස්ස පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස, යං ත්වං වත්තා නො ච වචනක්ඛමො. එතං ඛො තෙ තිස්ස පතිරූපං කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස යං ත්වං වත්තා ච අස්සසි{4} වචනක්ඛමො චාති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJTවහන්ස, එය එසේ මැයි: භික්‍ෂූහු වචනකෙවිටෙන් මට හාත්පස මතුමතුයෙහි විද්දාහු ය. තිස්ස, එය එසේ මැයි. තෝ (මෙරමාහට) කියන්නෙකි. මෙරමා වදන් නො ම ඉවසන්නෙකි. තිස්ස, යම්බඳු තෝ කියන්නෙක් වෙහි ද, මෙරමා වදන් නො ඉවසන්නෙක් වෙහි ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන් කුලපුත්‍ර වූ තට එය නිසි නො වේ. තිස්ස, යම්බඳු තෝ කියන්නෙහිත් මෙරමා වදන් ඉවසන්නෙහිත් වන්නෙහි නම් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිදිවන් කුලපුත්‍ර වූ තට මෙය නිසි වේ මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
Pali BJTකින්නු කුජ්ඣසි මා කුජ්ඣි අක්කොධො තිස්ස තෙ වරං,කොධමානමක්ඛවිනයත්ථං හි තිස්ස බ්රහ්මචරියං වුස්සතීති.
Sinhala BJTකුමක් හෙයින් කිපෙහි ද? නො කිපෙව. තිස්ස, තට නො කිපීම උතුමි. තිස්ස ක්‍රෝධය ,මානය, මකුගුණය දුරු කිරීම පිණිස ම බඹසර වෙසේ යි.
Pali BJT9. 1. 10.
Sinhala BJT9. 1. 10.
Pali BJTථෙරනාමකසුත්තං
Sinhala BJTථේරනාම සූත්‍රය
Pali BJT404. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ථෙරනාමකො එකවිහාරී චෙව හොති එකවිහාරස්ස ච වණ්ණවාදී. සො එකො ගාමං පිණ්ඩාය පවිසති. එකො පටික්කමති. එකො රහො නිසීදති. එකො චඞ්කමං අධිට්ඨාති.
Sinhala BJT404. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේ ද එකලා ව විසීමෙහි ගුණ කියන්නේ ද වෙයි. හෙතෙමේ එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙහි. එකලා ව පෙරළා එයි. එකලා ව රහසිගත ව හිඳී. එකලා ව සක්මනට නගී.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරනාමකො එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදීති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි ථේර නම් එක්තරා මහණෙක් එකලා ව වෙසෙන්නේත් එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වේ ය” යි මෙය සැළකළහ.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන ථෙරං භික්ඛුං ආමන්තෙහි “සත්ථා තං ආවුසො, ථෙර ආමන්තෙතී”ති. ‘එවං භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා ථෙරො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ථෙරං එතදවොච: “සත්ථා තං ආවුසො, ථෙර ආමන්තෙතී”ති. ‘එවමාවුසො’ති ඛො ආයස්මා ථෙරො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ථෙරං භගවා එතදවොච: සච්චං කිර ත්වං ථෙර එකවිහාරී, එකවිහාරස්ස ච වණ්ණවාදීති? එවං භන්තෙ.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෝ ‘ඇවැත්නි, ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මාගේ වචනයෙන් ථේර මහණ අමතව. ‘වහන්ස, එසේ ය’ යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ථේර මහණ වෙත එළඹියේ ය. එළඹ, ආයුෂ්මත් ථේර මහණහට ‘ඇවැත්නි ථේරයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ’ යි මෙය කී ය. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් ථේර මහණ තෙමේ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ථේරහට භාග්‍යවතුන් වහන්සේ: ථේර, තෝ එකලා ව වෙසෙන්නෙහි, එකලා ව විසීමෙහි ගුණ කියන්නෙහිත් සැබෑ දැ යි මෙය වදාළහ. වහන්ස , එසේ ය.
Pali BJTයථා කථං පන ත්වං ථෙර, එකවිහාරී එකවිහාරස්ස ච වණ්ණවාදීති? ඉධාහං භන්තෙ, එකො ගාමං පිණ්ඩාය පවිසාමි. එකො පටික්කමාමි. එකො රහො නිසීදාමි. එකො චඞ්කමං අධිට්ඨාමි. එවං ඛ්වාහං භන්තෙ එකවිහාරී, එකවිහාරස්ස ච වණ්ණවාදීති.
Sinhala BJTථේර, කෙසේ නම් එකලා ව වෙසෙන්නේ එකලා ව විසීමෙහි ගුණ කියන්නේත් වෙහි ද? වහන්ස, මෙහි මම එකලා ව ගමට පිඬු පිණිස පිවිසෙමි එකලා ව පෙරළා එමි. එකලා ව රහසිගතව හිඳිමි. එකලා ව සක්මනට නගිමි. වහන්ස, මෙසේ මම එකලා ව වෙසෙන්නෙම් එකලා ව විසීමෙහි ගුණ කියන්නෙම් ද වෙමි.
Pali BJTඅත්ථෙසො ථෙර එකවිහාරො, න සො නත්ථීති වදාමි. අපි ච ථෙර, යථා එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොති, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ථෙරො භික්ඛු භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTථේර, මේ එකලා විහරණය ඇත්තේ ය. එය නැත්තේ නොවේ ය යි කියමි. වැලි දු ථේර, යම් සේ එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, එය අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ථේර මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTකථං ච ථෙර එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොති? ඉධ ථෙර යං අතීතං තං පහීනං, යං අනාගතං තං පටිනිස්සට්ඨං. පච්චුප්පන්නෙසු ච අත්තභාවපටිලාභෙසු ඡන්දරාගො සුප්පටිවිනීතො. එවං ඛො ථෙර එකවිහාරො විත්ථාරෙන පරිපුණ්ණො හොතීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTථේර, කෙසේ නම් එකලා විහරණය විතර විසින් පිරිපුන් වේ ද, ථේර, මෙහි අතීත වූ (ස්කන්‍ධපඤ්චකයෙහි ) යම් ජන්ඳරාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. අනාගත වූ (ස්කන්‍ධපඤ්චකයෙහි) යම් ජන්ඳරාගයෙක් වී නම් එය දුරු කරණ ලද්දේ ය. වත්මන් අත්බැව් පිළිලැබුම්හි ඡන්‍දරාගය මැනවින් හික්මවන (=මඩනා) ලද්දේ ය. ථේර, මෙසේ එකලා විහරණය පිරිපුන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මෙය ද වදාළ සේක:
Pali BJTසබ්බාභිභුං සබ්බවිදුං සුමෙධංසබ්බෙසු ධම්මෙසු අනූපලිත්තං,සබ්බං ජහං තණ්හක්ඛයෙ විමුත්තංතමහං නරං එකවිහාරීති බ්රූමීති.
Sinhala BJTසියල්ල (ස්කන්‍ධ ධාතු ආයතන ත්‍රිවිධ භව) මැඩ ලූ, ඒ සියල්ල දන්නා, මනා නුවණ ඇති, ඒ සියලු දහම්හි නො ඇලුනු, ඒ සියල්ල දුරු කළ තෘෂ්ණාක්‍ෂයසඞ්ඛාත නිවන අරමුණු කොට මිදුනු ඒ මිනිසා එකලා විහරණ ඇත්තේ ය යි මම කියමි යි.
Pali BJT9. 1. 11.
Sinhala BJT9. 1. 11.
Pali BJTමහාකප්පිනසුත්තං
Sinhala BJTමහාකප්පින සූත්‍රය
Pali BJT405. සාවත්ථියං–
Sinhala BJT405. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා මහාකප්පිනො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාකප්පිනං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි “පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං භික්ඛුං ආගච්ඡන්තං ඔදාතං{1} තනුකං තුඞ්ගනාසික”න්ති? “එවං, භන්තෙ”.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි එන්නා වූ සුදු සිහින් උස් නැහැයක් ඇති තෙල මහණ දකිවු ද? වහන්ස, එසේ ය.
Pali BJT“එසො ඛො, භික්ඛවෙ, භික්ඛු මහිද්ධිකො මහානුභාවො. න ච සා සමාපත්ති සුලභරූපා යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, තෙල මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එබඳු සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් මගබඹසර අවසන් කොට ඇති අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
Pali BJTඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං, යෙ ගොත්තපටිසාරිනො,විජ්ජාචරණසම්පන්නො, සො සෙට්ඨො දෙවමානුසෙ.
Sinhala BJTයම් කෙනෙක් ග්‍රෝත්‍රය ප්‍රතිඥා කෙරෙත් නම් මේ ප්‍රජාව කෙරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් සමන්‍විත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨහ.
Pali BJTදිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා, සන්නද්ධො ඛත්තියො තපති, ඣායී තපති බ්රාහ්මණො, අථ සබ්බමහොරත්තං{2} බුද්ධො තපති තෙජසා”ති. එකාදසමං.
Sinhala BJTහිරු දහවල් බබලයි. සඳු රෑ බබල යි. ක්‍ෂත්‍රිය තෙමේ සන්නාහ සන්නද්ධ වූයේ බබලයි. රහත් බමුණු තෙමේ ධ්‍යාන කරනේ බබලයි. වැලි, බුදුරජානන් වහන්සේ මුළු රෑ දාවල් තෙදින් බබලති යි.
Pali BJT9. 1. 12.
Sinhala BJT9. 1. 12.
Pali BJTසහායකසුත්තං
Sinhala BJTසහායක සූත්‍රය
Pali BJT406. සාවත්ථියං–
Sinhala BJT406. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ද්වෙ භික්ඛූ සහායකා ආයස්මතො මහාකප්පිනස්ස සද්ධිවිහාරිනො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො භගවා තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි “පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, එතෙ භික්ඛූ{3} සහායකෙ ආගච්ඡන්තෙ කප්පිනස්ස සද්ධිවිහාරිනො”ති? “එවං, භන්තෙ”.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ගේ සද්ධිවිහාරික වූ යහලු භික්‍ෂූහු දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඔවුන් දුරදී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, තෙපි මහාකප්පිනගේ සද්ධිවිහාරික වූ තෙල එන යහලු භික්‍ෂූන් දෙනම දකිවු ද? වහන්ස, එසේ ය.
Pali BJT“එතෙ ඛො තෙ භික්ඛූ මහිද්ධිකා මහානුභාවා. න ච සා සමාපත්ති සුලභරූපා, යා තෙහි භික්ඛූහි අසමාපන්නපුබ්බා. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, තෙල භික්‍ෂූහු මහත් ඍද්ධි ඇතියහ. මහත් ආනුභාව ඇතියහ. ඒ භික්‍ෂූන් විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එවැනි සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
Pali BJTසහායා වතිමෙ භික්ඛූ චිරරත්තං සමෙතිකා,{1} සමෙති නෙසං සද්ධම්මො, ධම්මෙ බුද්ධප්පවෙදිතෙ.
Sinhala BJTමේ යහලු භික්‍ෂූහු දිගුකලක් සමෙතිකා (මනා සේ සැසඳීම් වසයෙන් සම වූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි) ඇතියෝ ම ය. (එහෙයින් ම දැන්) බුදුරජුන් විසින් පැවසූ ධර්‍මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ශාසන ධර්‍මය සම වේ. (හොබනේ වේ.)
Pali BJTසුවිනීතා කප්පිනෙන ධම්මෙ අරියප්පවෙදිතෙ, ධාරෙන්ති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනින්ති.
Sinhala BJTආර්‍ය්‍ය බුදුරජුන් දෙසූ ධර්‍මයෙහි කප්පින විසින් මැනැවින් හික්මවන ලද ඔහු සේනා සහිත මරු දිනා අවසන් සිරුර දරත්.
Pali BJTවග්ගො පඨමො
Sinhala BJTපළමුවන වර්‍ගය යී.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකොලිතො සාරිපුත්තො{2} ඝටො චාපි පවුච්චති, නවො සුජාතො භද්දි ච, විසාඛො නන්දො තිස්සො ච, ථෙරනාමො ච කප්පිනො, සහායෙන ච ද්වාදසාති.{*}
Sinhala BJTකෝලිත, සාරිපුත්ත, ඝට, නව (භික්ඛු), සුජාත, භද්දිය, විසාඛ, (පඤ්චාලිපුත්ත) නන්‍ද, තිස්ස, ථෙරනාම, කප්පින, සහාය යි සූත්‍ර දොළසෙක් කියනු ලැබේ.
Pali BJTභික්ඛුසංයුත්තං සමත්තං.
Sinhala BJTභික්ඛුසංයුත්තය නිමියේ යි.
Pali BJTනිදානවග්ගස්ස සංයුත්තුද්දානං:
Sinhala BJTනිදාන වර්‍ගයේ සංයුත්ත උද්දානය:
Pali BJTඅභිසමයො ධාතු ච අනමතග්ගෙන කස්සපො, ලාභසක්කාරරාහුල ලක්ඛණොපම්මභික්ඛුහි, නිදානවග්ගො දුතියො පූරිතොති පවුච්චතීති.{*}
Sinhala BJTඅභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභසක්කාර, රාහුල, ලක්ඛණ, ඔපමම, භික්ඛු යන මේ සංයුත්තයන්ගෙන් දෙවෙනි වූ නිදාන වර්‍ගය සම්පූර්‍ණ ය යි කියනු ලැබේ.
Pali BJTනිදානවග්ගො නිට්ඨිතො.{3}
Sinhala BJTනිදානවර්‍ගය නිමියේ ය.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTසංයුත්තනිකායො
Sinhala BJTසංයුත්තනිකාය
Pali BJTදුතියො භාගො
Sinhala BJTතෘතීය භාගය
Pali BJTඛන්ධකවග්ගො
Sinhala BJTඛන්‍ධක වර්‍ගය
Pali BJT1. ඛන්ධසංයුත්තං
Sinhala BJT1. ඛන්‍ධ සංයුත්තය
Pali BJT1. මූලපණ්ණාසකො
Sinhala BJT1. මූලපණ්ණාසකය
Pali BJT1. නකුලපිතුවග්ගො
Sinhala BJT1. නකුලපිතු වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1. 1. 1.
Sinhala BJT1. 1. 1. 1.
Pali BJTනකුලපිතුසුත්තං
Sinhala BJTනකුලපිතු සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ{1} භෙසකලාවනෙ මිගදායෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග දනව්වෙහි සුංසුමාරගිර නුවර සමීපයෙහි භේසකලා මුවළැව්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො නකුලපිතා ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො නකුලපිතා ගහපති භගවන්තං එතදවොච. “අහමස්මි භන්තෙ, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො ආතුරකායො අභිණ්හාතඞ්කො.{2} අනිච්චදස්සාවී ඛො පනාහං භන්තෙ, භගවතො මනොභාවනීයානඤ්ච භික්ඛූනං. ඔවදතු මං භන්තෙ භගවා, අනුසාසතු මං භන්තෙ භගවා, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJTඑකල්හි නකුලපිතු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හින. එකත්පසෙක හුන් නකුලපිතුගැහැවී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම ජරායෙන් ජීර්‍ණයෙමි. (වයසින්) වැඩුණෙමි, මහලුවෙමි, වයස්ගතයෙමි, පැසුළුවියට පැමිණියෙමි. ගිලන්කය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මනෝභාවනීය භික්‍ෂූන් නිතර නො දක්නාසුලු වෙමි. වහන්ස, යම්සේ මට දිගුකලක් හිත සුව පිණිස පවතී නම්, භාග්‍යවතුන් වහන්සේ එසේ මට අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්ව” යි තෙල සැලකෙළේ යැ.
Pali BJT“එවමෙතං ගහපති, එවමෙතං ගහපති, ආතුරො භ’යං{3} ගහපති, කායො අණ්ඩභූතො{4} පරියොනද්ධො. යො හි ගහපති, ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරොග්යං පටිජානෙය්ය, කිමඤ්ඤත්ර බාල්යා. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සතීති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බන්ති.”
Sinhala BJT“ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, තෙල එසේ මැයැ. ගැහැවි, මේ කය රෝග ඇත්තෙක් මැයැ (දුබල බැවින්) බිජුවටක් වැන්න, සියුම් සිවියෙන් වැසුණේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බවක් පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? ගැහැවි, එහෙයින් තොප විසින් මෙහිලා මෙසේ හික්මිය යුතු: “ගිලන් කය ඇති මාගේ සිත නොගිලන් වෙති” යි. ගැහැවි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි වදාළහ.
Pali BJTඅථ ඛො නකුලපිතා ගහපති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නකුලපිතරං ගහපතිං ආයස්මා සාරිපුත්තො එතදවොච: “විප්පසන්නානි ඛො තෙ ගහපති, ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො, අලත්ථ නො අජ්ජ භගවතො සම්මුඛා ධම්මිං කථං සවණායා”ති. කිං හි{1} නො සියා භන්තෙ, ඉදානාහං භන්තෙ, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තොති. “යථාකථං පන ත්වං ගහපති, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො”ති?
Sinhala BJTඑකල්හි නකුලපිතු ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන සතුටු වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳැ පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ යැ, එළඹැ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් නකුලපිතු ගැහැවිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේක. “ගැහැවි, තොපගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ, මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ. අද භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථාවක් අසන්නට ලැබී දැ” යි. වහන්ස, කිම නො වේ ද, වහන්ස, මම දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දෙම් වෙමියි. “ගැහැවි, තෙපි කෙසේනම් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දහු දැ” යි.
Pali BJT“ඉධාහං භන්තෙ, යෙන භගවා තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො’හං භන්තෙ, භගවන්තං එතදවොචං: අහමස්මි භන්තෙ, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො ආතුරකායො අභිණ්හාතඞ්කො අනිච්චදස්සාවී ඛො පනාහං භන්තෙ, භගවතො මනොභාවනීයානඤ්ච භික්ඛූනං. ඔවදතු මං භන්තෙ භගවා, අනුසාසතු මං භන්තෙ භගවා, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJT“වහන්ස, මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැදැ එකත්පසෙකැ හුන්නෙමි. වහන්ස, එකත්පසෙක හුන් මම භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළෙමි. ‘වහන්ස, මම දිරුණෙමි. (වයසින්) වැඩුණෙමි. මහල්ලෙමි. වයස්ගතයෙමි, පැසුළුවියට පැමිණියෙමි. ගිලන්කය ඇත්තෙමි. නිරතුරු රෝග ඇත්තෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ (ශ්‍රාවක වූ) මන වඩන භික්‍ෂූන් නිතර නො දක්නාසුලු වෙමි. වහන්ස, යමක් මට දිගුකලක් හිතයට සුවයට වැටේ නම්, භාග්‍යවතුන් වහන්සේ එසේ මට අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වායි.
Pali BJTඑවං වුත්තෙ මං භන්තෙ භගවා එතදවොච: “එවමෙතං ගහපති, එවමෙතං ගහපති, ආතුරො හ’යං ගහපති, කායො අණ්ඩභූතො පරියොනද්ධො. යො හි ගහපති, ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරොග්යං පටිජානෙය්ය, කිමඤ්ඤත්ර බාල්යා. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ආතුරකායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සතීති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බන්ති. එවං ඛොහං භන්තෙ, භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තො”ති.
Sinhala BJTවහන්ස, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘ගැහැවි, තෙල එසේය. ගැහැවි, තෙල එසේය. ගැහැවි, මේ කය රෝග ඇත්තේ ම යැ. බිජුවටක් වැන්නැ. සියුම් සිවියෙන් වළඳනා ලද්දේ යැ. ගැහැවි, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නිරෝගී බව පිළින කරන්නේ නම් ඒ බාලබව හැර අන් කිමෙක්ද? එහෙයින් ගැහැවි, මෙහි තොප විසින් මෙසේ හික්මියැ යුතු: ගිලන් කය ඇත්තාවූ මාගේ සිත නොගිලන් වෙති යි. ගැහැවි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයැ’ යි මෙය වදාළ සේක. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථා නමැති අමාවෙන් අබිසෙස් කරන ලද්දෙම් වෙමි.”
Pali BJT“න හි පන තං{2} ගහපති, පටිභාසි තං භගවන්තං උත්තරිං පටිපුච්ඡිතුං: කිත්තාවතා නු ඛො භන්තෙ, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච? කිත්තාවතා ච පන ආතුරකායො හි{3} ඛො හොති, නො ච ආතුරචිත්තොති?” දූරතොපි ඛො මයං භන්තෙ, ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තං යෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථොති.
Sinhala BJT“ගැහැවි, ‘වහන්ස, කොපමණෙකින් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේද? කොපමණෙකින් ගිලන්කය ඇත්තේ නොගිලන් සිත ඇත්තේ වේ දැ’යි ඒ භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහි විචාරන්නට තොපට නො මැ වැටැහිණි දැ’ යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වහන්සේ සමීපයෙහි මේ භාෂිතයේ අරුත දැන ගැනීම පිණිස අපි දුර සිට වුවත් එමු. මේ භාෂිතයේ අර්‍ත්‍ථය ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මැ වැටහේ නම්, මනා මැ යැ.
Pali BJT“තෙන හි ගහපති, සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.” ‘එවම්භන්තෙති’ ඛො නකුලපිතා ගහපති ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTගැහැවි, එසේ නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියමි’යි. වහන්ස, එසේ යැ යි නකුලපිතු ගැහැවි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
Pali BJTකථඤ්ච ගහපති, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච:
Sinhala BJTගැහැවි, කෙසේ නම් ගිලන්කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේ ද:
Pali BJTඉධ ගහපති, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති,
Sinhala BJTගැහැවි, ආර්‍ය්‍යයන් (නුවණැසින්) නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම යැ යි
Pali BJTරූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. ‘අහං රූපං මම රූප’න්ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං රූපං මම රූප’න්ති පරියුට්ඨට්ඨායිනො, තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTහෝ, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි රූපය පවතී යැ යි හෝ, රූපයෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘රූපය මම ය, මාගේ රූපයැ’යි වැළඳගෙන සිටින ඔහුගේ ඒ රූපය ජරාමරණ විසින් පෙරැළෙයි. අන්‍යස්වහාවයට පැමිණෙයි. රූපයාගේ විපරිණාමයෙන් හා අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
Pali BJTවෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. ‘අහං වෙදනා, මම වෙදනා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං වෙදනා, මම වෙදනා’ති පරියුට්ඨට්ඨායිනො, සා වෙදනා විපරිණමති. අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවේදනාව ආත්මයැ යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි වේදනාව පවතී යැ යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘වේදනාව මම යැ, මාගේ වේදනාව යැ’යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘මම වේදනා යෙමි. මාගේ යැ වේදනා යැයි’ වැළඳගෙන සිටින ඔහුගේ ඒ වේදනාව විපරිණාම වෙයි. අන්‍යථාභාවයට පැමිණෙයි. වේදනායෙහි විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
Pali BJTසඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති පරියුට්ඨට්ඨායිනො සා සඤ්ඤා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස සඤ්ඤාවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTසංඥාව ආත්මයැ යි හෝ, ආත්මය සංඥා ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි සංඥාව පවතී යැ යි හෝ, සංඥාවෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘සංඥාව මම ය, මාගේ යැ සංඥා යැ’යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘සංඥාව මම ය. මාගේ යැ සංඥා’ යැ යි පරියුට්ඨිතව සිටින ඔහුගේ ඒ සංඥාව විපරිණාම වෙයි. අන්‍යප්‍රකාර වෙයි. සංඥාවෙහි විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
Pali BJTසඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති පරියුට්ඨට්ඨායිනො තෙ සඞ්ඛාරා විපරිණමන්ති, අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTසංස්කාර ආත්මයැ යි හෝ, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි සංස්කාර පවතී යැ යි හෝ, සංස්කාරයන්හි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර යැ’යි පරියුට්ඨිතව සිටිනසුලු වෙයි. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර’ යැ යි වැළඳගෙන සිටිනසුලු වූ ඔහුගේ ඒ සංස්කාර විපරිණාම වෙයි. අන්‍යප්‍රකාර වෙයි. සංස්කාර විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිති.
Pali BJTවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති පරියුට්ඨට්ඨායිනො තං විඤ්ඤාණං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවිඥානය ආත්මයැ යි හෝ, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ, ආත්මයෙහි විඥානය පවතී යැ යි හෝ, විඥානයෙහි ආත්මය පවතී යැ යි හෝ දකී. ‘විඥානය මම යැ, මාගේ යැ විඥාන’යැ යි වැළඳගෙන සිටිනසුලු වෙයි. ‘විඥානය මම යැ, මාගේ විඥාන’ යැ යි වැළඳගෙන සිටින ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි. අන්සැහැවි වෙයි. විඥානය පෙරැළීමෙන් අන්සේ වීමෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්.
Pali BJTඑවං ඛො ගහපති, ආතුරකායො චෙව හොති ආතුරචිත්තො ච.
Sinhala BJTගැහැවි, මෙසේ ගිලන්කය ඇත්තේත් ගිලන්සිත් ඇත්තේත් වෙයි.
Pali BJTකථඤ්ච ගහපති, ආතුරකායො හි{1} ඛො හොති, නො ච ආතුරචිත්තො.
Sinhala BJTගැහැවි, කෙසේ නම් ගිලන්කය ඇත්තේ ම ගිලන්සිත් ඇත්තේ නොවේ යැ යත්:
Pali BJTඉධ ගහපති, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. ‘අහං රූපං, මම රූප’න්ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං රූපං, මම රූප’න්ති අපරියුට්ඨට්ඨායිනො තං රූපං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTගැහැවි, ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම ය යි නො දකියි, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකියි, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකියි. ‘රූපය මම යැ, මාගේ යැ රූප’යැ යි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ගැනීමෙන් මැඩලන අයුරෙන් නො සිටිනසුලු වෙයි. ‘රූපය මම ය, මාගේ රූප’ ය යි තෘෂ්ණාදෘෂ්ටි විසින් වැළද නො ගන්නා ඔහුගේ ඒ රූපය ජරාමරණ විසින් පෙරැළෙයි, අන්සැහැවි වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
Pali BJTන වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. ‘අහං වෙදනා, මම වෙදනා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං වෙදනා, මම වෙදනා’ති අපරියුට්ඨට්ඨායිනො, සා වෙදනා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස වෙදනාවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවේදනාව ආත්මයැ යි නො දකියි, ආත්මය වේදනා ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව පවතී යයි හෝ නො දකියි, වේදනාවෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳ නො සිටිනසුලු වෙයි. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ වේදනාව පෙරැළෙයි. අන්‍යථාභාවයට යෙයි, වැළද නො සිටින සුලු වෙයි. ‘වේදනාව මම ය, මාගේ වේදනාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ වේදනාව පෙරැළෙයි. අන්‍යථාභාවයට යයි. වේදනාවගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
Pali BJTන සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඤ්ඤා, මම සඤ්ඤා’ති අපරියුට්ඨට්ඨායිනො, සා සඤ්ඤා විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස සඤ්ඤාවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTසංඥාව ආත්මය යි නො දකියි, ආත්මය සංඥා ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි සංඥාව පවතී යයි හෝ නො දකියි, සංඥාවෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘සංඥාව මම ය, මාගේ සංඥාව’ යයි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘සංඥාව මම ය, මාගේ සංඥාව’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ සංඥාව විපරිණාම වෙයි. අන්‍යාකාර වෙයි, සංඥායෙහි විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
Pali BJTන සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. න සඞ්ඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං සඞ්ඛාරා, මම සඞ්ඛාරා’ති අපරියුට්ඨට්ඨායිනො, තෙ සඞ්ඛාරා විපරිණමන්ති. අඤ්ඤථා හොන්ති. තස්ස සඞ්ඛාරවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTසංස්කාර ආත්මය යි නො දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාර පවතී යයි හෝ නො දකියි, සංස්කාරයන්හි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘සංස්කාර මම ය, මාගේ සංස්කාර’ ය යි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘මම සංස්කාර ය, මාගේ සංස්කාර’ ය යි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ සංස්කාරයෝ විපරිණාම වෙත්. අන්සැහැවි වෙත්. සංස්කාර විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති.
Pali BJTන විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති න පරියුට්ඨට්ඨායී හොති. තස්ස ‘අහං විඤ්ඤාණං, මම විඤ්ඤාණ’න්ති අපරියුට්ඨට්ඨායිනො, තං විඤ්ඤාණං විපරිණමති, අඤ්ඤථා හොති. තස්ස විඤ්ඤාණවිපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා.
Sinhala BJTවිඥානය ආත්මය යි නො දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි විඥානය පවතී යයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ‘විඥානය මම ය, මාගේ විඥාන’ යයි වැළඳගෙන නො සිටිනසුලු වෙයි. ‘විඥාන මම ය, මාගේ විඥාන’ යයි වැළඳගෙන නො සිටින ඔහුගේ ඒ විඥානය විපරිණාම වෙයි . අන්‍යථාභාව වෙයි. විඥානයාගේ විපරිණාමාන්‍යථාභාවයෙන් ඔහුට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්.
Pali BJTඑවං ඛො ගහපති, ආතුරකායො හොති, නො ච ආතුරචිත්තොති.
Sinhala BJTගැහැවි, මෙසේ ගිලන්කය ඇත්තේ ගිලන්සිත් නැත්තේ වේය යි.
Pali BJTඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනො නකුලපිතා ගහපති ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දී’ති.
Sinhala BJTආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති නකුලපිතු ගැහැවි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්තේ යි.
Pali BJT1. 1. 1. 2.
Sinhala BJT1. 1. 1. 2.
Pali BJTදෙවදහ සුත්තං
Sinhala BJTදේවදහ සූත්‍රය
Pali BJT2. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු{1} විහරති දෙවදහං නාම සක්යානං නිගමො.
Sinhala BJT2. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො සම්බහුලා පච්ඡාභූමගමිකා{2} භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉච්ඡාම මයං භන්තෙ, පච්ඡාභූමං ජනපදං ගන්තුං. පච්ඡාභූමෙ ජනපදෙ නිවාසං කප්පෙතුන්ති.
Sinhala BJTඑ කල්හි අපරදිග දනව්වට යනු කැමති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, අපි අපරදිග දනව්වට යන්නටත්, අපරදිග දනව්වෙහි වාසය කිරීමටත් කැමැත්තෙමු” යි.
Pali BJTඅපලොකිතො පන වො භික්ඛවෙ, සාරිපුත්තොති? ‘න ඛො නො භන්තෙ, අපලොකිතො ආයස්මා සාරිපුත්තො’ති. අපලොකෙථ භික්ඛවෙ, සාරිපුත්තං. පණ්ඩිතො භික්ඛූ අනුග්ගාහකො සබ්රහ්මචාරීනන්ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
Sinhala BJTමහණෙනි, තොප විසින් සැරියුත් පුළුවුස්නා ලද්දේ දැ යි. වහන්ස, අප විසින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නො පුළුවුස්නා ලදහ යි. මහණෙනි, සැරියුත් පුළුවුසිවු. මහණෙනි, සැරියුත් පණ්ඩිතයෙක, සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නේ වෙයි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ අඤ්ඤතරස්මිං එළගලගුම්බෙ{*} නිසින්නො හොති. අථ ඛො තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං: “ඉච්ඡාම මයං ආවුසො සාරිපුත්ත, පච්ඡාභූමං ජනපදං ගන්තුං, පච්ඡාභූමෙ ජනපදෙ නිවාසං කප්පෙතුන්ති. අපලොකිතො නො සත්ථා”ති.
Sinhala BJTඑ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තුවර ලැහැබෙක වැඩහුන්නාහු වෙති. එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අපි පසුළුදිග දනව්වට යන්නටත්, පසුළුදිග දනව්වෙහි වසන්නටත් කැමැත්තෙමු. අප විසින් ශාස්තෲන් වහන්සේ පුළුවුස්නා ලදහ” තෙල කීහ.
Pali BJTසන්ති හාවුසො, නානාවෙරජ්ජගතං භික්ඛුං පඤ්හං පුච්ඡිතාරො ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි, ගහපතිපණ්ඩිතාපි, සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා: ‘කිංවාදී පනායස්මන්තානං{1} සත්ථා කිමක්ඛායීති? කච්චි වො ආයස්මන්තානං ධම්මා සුස්සුතා සුග්ගහිතා සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය, යථා බ්යාකරමානායස්මන්තො වුත්තවාදිනො චෙව භගවතො අස්සථ න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යාථ, ධම්මස්ස චානුධම්මං ව්යාකරෙය්යාථ. න ච කොචි සහධම්මිකො වාදානුවාදො{2} ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති?
Sinhala BJTඇවැත්නි, අන්රජයකට ගිය මහණහු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත්තාහු ම ය. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කුමන ලබ්ධි ඇත්තේද, කුමක් (අවවාද විසින්) කියන්නේ’ දැ යි, විමසන්නෝය. යම් සේ ප්‍රකාශ කරන්නා වූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝත් වන්නහු නම්, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නින්‍දා කරන්නහු නම්, දහමටද අනු දහමක් පවසන්නහු නම්, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ නම් - කීම, ආයුෂ්මත් තොප විසින් (එසේ) දහම් මැනැවින් අසන ලද ද, සකසා උගන්නා ලද ද, මනා කොට මෙනෙහි කරන ලද ද, මැනැවින් සලකා බලන ලද ද, නුවණින් මනා කොට අවබෝධ කරන ලද දැ යි.
Pali BJT“දූරතොපි ඛො මයං, ආවුසො, ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තං යෙ ව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො”ති.
Sinhala BJT“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ සමීපයෙහි තෙල භාෂිතයෙහි අරුත් දැන ගන්නට දුර සිට වුවත් එන්නෙමු. මැනැවි, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ම තෙල වචනයෙහි අරුත වැටහේවා” යි.
Pali BJTතෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඇවැත්නි, එසේනම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්වන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරුණුවෝ මෙය වදාළහ:
Pali BJTසන්ති හාවුසො, නානාවෙරජ්ජගතං භික්ඛුං පඤ්හං පුච්ඡිතාරො ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා: “කිංවාදී පනායස්මන්තානං සත්ථා කිමක්ඛායී”ති.
Sinhala BJTඇවැත්නි, අන්‍යදේශගත මහණහුගෙන් පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් (අවවාද වසයෙන්) කියන්නේ දැ” යි, විමසන්නෝ මැ යි.
Pali BJTඑවං පුට්ඨා තුම්හෙ ආවුසො, එවං බ්යාකරෙය්යාථ: ‘ඡන්දරාගවිනයක්ඛායී ඛො නො ආවුසො, සත්ථා’ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.
Pali BJTඑවං බ්යාකතෙපි ඛො ආවුසො, අස්සුයෙව{3} උත්තරිං පඤ්හං පුච්ඡිතාරො ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා: “කිස්මිං පනායස්මන්තානං ඡන්දරාගවිනයක්ඛායී සත්ථා”ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ පැවසූ කල්හිද මතුයෙහි දු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිමෙක්හි ඡන්‍දරාග නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.
Pali BJTඑවං පුට්ඨා තුම්හෙ ආවුසො, එවං බ්යාකරෙය්යාථ: “රූපෙ ඛො ආවුසො, ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, සඤ්ඤාය ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, සඞ්ඛාරෙසු ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා”ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ පුළුස්නා ලද තෙපි “ඇවැත්නි, (අපගේ) ශාස්තෲන් වහන්සේ රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ වේදනාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ සංඥාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ සංස්කාරයන්හි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෲන් වහන්සේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.
Pali BJTඑවං බ්යාකතෙපි ඛො ආවුසො, අස්සුයෙව{1} උත්තරිං පඤ්හං පුච්ඡිතාරො ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා: කිං “පනායස්මන්තානං ආදීනවං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, සඤ්ඤාය ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, සඞ්ඛාරෙසු ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථාති”
Sinhala BJTඇවැත්නි, මෙසේ පැවසූ කල්හි දු මතු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිනම් දෝෂයක් දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ වේදනාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ සංඥාවෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ සංස්කාරයන්හි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද? ශාස්තෲ තෙමේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.
Pali BJTඑවං පුට්ඨා තුම්හෙ ආවුසො, එවං බ්යාකරෙය්යාථ: “රූපෙ ඛො ආවුසො , අවිගතරාගස්ස{2} අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතතණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස තෙසං සඞ්ඛාරානං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. විඤ්ඤාණෙ අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස තස්ස විඤ්ඤාණස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. ඉදං ඛො නො ආවුසො, ආදීනවං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා”ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ ප්‍රකාශ කරවු: ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති නො පහ වූ ඡන්‍ද ඇති නො පහ වූ ප්‍රේම ඇති නො පහ වූ පිපාසා ඇති නො පහ වූ පරිදාහ ඇති නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට ඒ රූපය පෙරැළීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි නො පැහු වූ රාග ඇති නො පැහූ ඡන්‍ද ඇති නො පැහූ ප්‍රේම ඇති නො පැහූ පිපාසා ඇති නො පැහූ පරිදාහ ඇති නො පැහු වූ තෘෂ්ණා ඇති ඔහුට ඒ සංස්කාරයන්ගේ වෙනස් වීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. විඥානයෙහි නො පැහූ රාග ඇති නො පැහූ ඡන්‍ද ඇති නො පැහූ ප්‍රේම ඇති නො පැහූ පවස් ඇති නො පැහූ පරිදාහ ඇති නො පැහූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ විඥානයේ වෙනස් වීමෙන් අන්සැහැවී වීමෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදිත්. ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ මේ දෝෂය දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. වේදනාවෙහි … සංඥාවෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි.
Pali BJTඑවං බ්යාකතෙපි ඛො ආවුසො, අස්සුයෙව{1} උත්තරිං පඤ්හං පුච්ඡිතාරො ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි. පණ්ඩිතා හාවුසො, මනුස්සා වීමංසකා: “කිම්පනායස්මන්තානං ආනිසංසං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා”ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ පැවසූ කල්හි දු මතු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැයැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් අනුසසක් දැක රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … ශාස්තෘ තෙමේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන්නේ දැ”යි විමසන්නමෝ මැයි.
Pali BJTඑවං පුට්ඨා තුම්හෙ ආවුසො, එවං බ්යාකරෙය්යාථ: රූපෙ ඛො ආවුසො, විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තස්ස රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. වෙදනාය විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තස්සා වෙදනාය විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තෙසං සඞ්ඛාරානං විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. විඤ්ඤාණෙ විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස තස්ස විඤ්ඤාණස්ස විපරිණාමඤ්ඤථාභාවා නුප්පජ්ජන්ති
Sinhala BJTඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසවු: “ඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ රූපයෙහි පරිණාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. වේදනායෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ වේදනායෙහි පරිණාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. සංඥායෙහි … සංස්කාරයන්හි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ සංස්කාරයන්ගේ පරිණාමන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිති. විඥානයෙහි පහ වූ රාග ඇති පහ වූ ඡන්‍ද ඇති පහ වූ ප්‍රේම ඈති පහ වූ පිපාසා ඇති පහ වූ පරිදාහ ඇති පහ වූ තෘෂ්ණා ඇති පුද්ගලයාහට ඒ විඥානයාගේ විපරිණාමාන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදිත්.”
Pali BJTසොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. ඉදං ඛො නො ආවුසො ආනිසංසං දිස්වා රූපෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, වෙදනාය ඡන්දරාගවිනයක්ඛායී සත්ථා, සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ ඡන්දරාගවිනයක්ඛායී සත්ථා”ති.
Sinhala BJTඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ මේ අනුසස් දැකැ රූපයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. ශාස්තෘන් වහන්සේ වේදනායෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේක. සංඥායෙහි … සංස්කාරයන්හි … ශාස්තෘන් වහන්සේ විඥානයෙහි ඡන්‍දරාගය නැසීම පවසන සේකැ යි.
Pali BJTඅකුසලෙ චාවුසො, ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ සුඛො විහාරො අභවිස්ස අවිඝාතො අනුපායාසො අපරිළාහො කායස්ස ච භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා, නයිදං භගවා අකුසලානං ධම්මානං පහානං වණ්ණෙය්ය. යස්මා ච ඛො ආවුසො, අකුසලෙ ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙව ධම්මෙ දුක්ඛො විහාරො සවිඝාතො සඋපායාසො සපරිළාහො, කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා, තස්මා භගවා අකුසලානං ධම්මානං පහානං වණ්ණෙති.
Sinhala BJTඇවැත්නි, අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් නිදුක් වූ තැවිලි නැති දැවිලි නැති සුඛවිහරණයෙක් වන්නේ නම්, කාබුන් මරණින් මතුත් සුගතිය කැමති විය යුතු නම්, භාග්‍යවතුන් වහන්සේ මේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය නො පසස්නා සේක. ඇවැත්නි, යම් හෙයෙකින් අකුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් දුක් සහිත තැවිලි සහිත දැවිලි සහිත දුක්ඛවිහරණයෙක් වේ ද, කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පසස්නා සේක.
Pali BJTකුසලෙ චාවුසො, ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛො විහාරො අභවිස්ස සවිඝාතො සඋපායාසො සපරිළාහො, කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා, නයිදං{1} භගවා කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණෙය්ය. යස්මා ච ඛො ආවුසො, කුසලෙ ධම්මෙ උපසම්පජ්ජ විහරතො දිට්ඨෙ චෙව ධම්මෙ සුඛො විහාරො අවිඝාතො අනුපායාසො අපරිළාහො, කායස්ස ච භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා, තස්මා භගවා කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණෙතීති.
Sinhala BJTඇවැත්නි, කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් දුක් සහිත තැවිලි සහිත දැවිලි සහිත දුක්ඛවිහරණයෙක් වන්නේ නම්, කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු නම්, භාග්‍යවතුන් වහන්සේ කුසල් දහම් රැස් කිරීම නො පසස්නා සේක. ඇවැත්නි, යම් හෙයෙකින් කුසල් දහම් රැස් කොට වසන්නහුට මේ අත්බැව්හිත් නිදුක් වූ තැවිලි නැති දැවිලි නැති සුඛවිහරණයෙක් වේ ද, කාබුන් මරණින් මතුත් සුගතිය කැමති විය යුතු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කුසල් දහම් රැස් කිරීම පසස්නා සේකැ යි.
Pali BJTඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මාතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ දේශනාව පිළිගත්හ.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 1. 3.
Pali BJTහාලිද්දිකානිසුත්තං
Sinhala BJTහාලිද්දිකානි සූත්‍රය
Pali BJT3. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාකච්චානො අවන්තීසු විහරති කුරරඝරෙ{2} පපාතෙ{3} පබ්බතෙ. අථ ඛො හාලිද්දිකානි{4} ගහපති යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො හාලිද්දිකානි ගහපති ආයස්මන්තං මහාකච්චානං එතදවොච වුත්තමිදං භන්තෙ, භගවතා අට්ඨකවග්ගියෙ{5} මාගන්දිය{6} පඤ්හෙ –
Sinhala BJT3. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයට අයත් මාගන්‍දිය ප්‍රශ්නයෙහි දී මෙය වදාළ සේකැ:
Pali BJT“ඔකං පහාය අනිකෙතසාරීගාමෙ අකුබ්බං මුනි සන්ථවානි,කාමෙහි රිත්තො අපුරෙක්ඛරානො{7} කථං න විග්ගය්හ ජනෙන කයිරා”ති.
Sinhala BJT“විඤ්ඤාණගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා අනිකෙතසාරී (රූපාදි නිමිත්තෙහි නො හැසිරෙන්නා) වූ ගම්හි සංසර්‍ගයන් නො කරන්න වූ කාමයන්ගෙන් වෙන් වූ සසරවට පෙරටු නො කරන්නා වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙමේ ජනයා සමග විරුද්ධකථා නො කරන්නේ යැ” යි.