Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සාම, සොතං ඔදහිස්සාම, අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සාම. තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, පිරිවැහිය යුතු ය යි සිතන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT8. 1. 8.
Sinhala BJT8. 1. 8.
Pali BJTකලිඞ්ගරූපධානසුත්තං
Sinhala BJTකලිඞ්ගරූපධාන සූත්‍රය
Pali BJT390. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තත්ර -පෙ- භගවා එතදවොච:
Sinhala BJT390. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කුටගාරශාලාවෙහි වැඩ වසන සේක. එහි දී … මෙය වදාළ සේක.
Pali BJTකලිඞ්ගරූපධානා භික්ඛවෙ, එතරහි ලිච්ඡවී විහරන්ති අප්පමත්තා ආතාපිනො උපාසනස්මිං. තෙසං රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො න ලභති ඔතාරං, න ලභති ආරම්මණං. භවිස්සන්ති භික්ඛවෙ, අනාගතමද්ධානං ලිච්ඡවී සුඛුමාලා මුදුතළුණහත්ථපාදා. තෙ මුදුකාසු සෙය්යාසු තූලබිම්බොහනාදිසු යාව සූරියුග්ගමනා සෙය්යං කප්පෙස්සන්ති. තෙසං රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො ලච්ඡති ඔතාරං, ලච්ඡති ආරම්මණං.
Sinhala BJTමහණෙනි, දැන් ලිච්ඡවීහු ලීකොටයක් කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්තව වීර්‍ය්‍ය ඇති ව ගුරූපාසනයෙහි (ශිල්ප හැදෑරීමෙහි) යෙදුනාහු වාසය කෙරෙති. මගධාධිපති වේදේහි පුත් අජාසත් රජ තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් (ප්‍රත්‍යයයක්) නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවීහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් (=කොට්ට) ඇති මුදු යහන්හි හිරු උදා වන තෙක් ශයනය කරන්නාහ. මගධාධිපතී වේදේහි පුත් අජාසත් රජ තෙමේ (ඔවුන් දිනුමට) ඔවුන්ගේ සිදුරක් ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.
Pali BJTකලිඞ්ගරූපධානා භික්ඛවෙ, එතරහි භික්ඛු විහරන්ති අප්පමත්තා ආතාපිනො පධානස්මිං. තෙසං මාරො පාපිමා න ලභති ඔතාරං, න ලභති ආරම්මණං. භවිස්සන්ති භික්ඛවෙ, අනාගතමද්ධානං භික්ඛූ සුඛුමාලා මුදුතලුණහත්ථපාදා. තෙ මුදුකාසු සෙය්යාසු තූලබිම්බොහනාදිසු යාව සූරියුග්ගමනා සෙය්යං කප්පෙස්සන්ති. තෙසං මාරො පාපිමා ලච්ඡති ඔතාරං, ලච්ඡති ආරම්මණං.
Sinhala BJTමහණෙනි, දැන් භික්‍ෂූහු ලීකොට කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනාහු වාසය කෙරෙත්. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි භික්‍ෂූහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් ඇති මුදු යහන්හි හිරු උදාවන තෙක් ශයනය කරන්නාහ. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් (අවකාශයක්) ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “කලිඞ්ගරූපධානා විහරිස්සාම අප්පමත්තා ආතාපිනො පධානස්මි”න්ති.{1} එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “දැව කඩක් කන්වයින් කොට ඇත්තමෝ අප්‍රමත්ත ව කෙළෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනමෝ වාසය කරන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT8. 1. 9.
Sinhala BJT8. 1. 9.
Pali BJTනාගසුත්තං
Sinhala BJTනාග සූත්‍රය
Pali BJT391. සාවත්ථියං–
Sinhala BJT391. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නවො භික්ඛු අතිවෙලං කුලානි උපසඞ්කමති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා අතිවෙලං කුලානි උපසඞ්කමී”ති. සො භික්ඛූහි වුච්චමානො එවමාහ: “ඉමෙහි නාම ථෙරා භික්ඛූ කුලානි උපසඞ්කමිතබ්බං මඤ්ඤිස්සන්ති, කිමඞ්ගපනාහ”න්ති.
Sinhala BJTඑකල්හි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් කරා එළඹෙයි. භික්‍ෂූහු ඒ මේ මහණහට “ආයුෂ්මතුනි, වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්‍ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිත්. කවර හෙයකින් මම නො එළඹෙම් දැ”යි මෙසේ කී ය.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ අඤ්ඤතරො නවො භික්ඛු අතිවෙලං කුලානි උපසඞ්කමති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා එවං අතිවෙලං කුලානි උපසඞ්කමී”ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො එවමාහ: “ඉමෙහි නාම ථෙරා භික්ඛූ කුලානි උපසඞ්කමිතබ්බං මඤ්ඤිස්සන්ති, කිමඞ්ගපනාහ”න්ති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් වෙත එළඹෙයි. ඒ මේ මහණහට භික්‍ෂූහු “ආයුෂ්මතුනි, මෙසේ වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්‍ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිති. කවර හෙයෙකින් මම නො එළඹෙම් දැ යි මෙසේ කී ය” යි මෙය සැලකළහ.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, අරඤ්ඤායතනෙ මහාසරසී. තං නාගා උපනිස්සාය විහරන්ති. තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුලාලං අබ්භූග්ගහෙත්වා{1} සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා අකද්දමං සඞ්ඛාදිත්වා{2} අජ්ඣොහරන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච. න ච තතොනිදානං මරණං වා නිගච්ඡන්ති මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: “වන පෙදෙසක මහවිලෙක් විය. ඇත්තු ඒ විල ඇසුරු කොට වෙසෙති. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ සුපිරිසිදු ව සෝදා මඩ රහිතව සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකකට හෝ නො පැමිණෙති.
Pali BJTතෙසඤ්ඤෙව ඛො පන භික්ඛවෙ, මහානාගානං අනුසික්ඛමානා තරුණා භිංකච්ඡාපා, තෙ තං සරසිං ඔගාහෙත්වා සොණ්ඩාය භිසමුලාලං අබ්බුග්ගහෙත්වා{1} න සුවික්ඛාලිතං වික්ඛාලෙත්වා සකද්දමං අසඞ්ඛාදිත්වා අජ්ඣොහරන්ති. තෙසං තං නෙව වණ්ණාය හොති න බලාය. තතොනිදානං මරණං වා නිගච්ඡන්ති, මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTමහණෙනි, ඒ මහා ඇතුන් අනුව හික්මෙන්නා වු තරුණ ඇත්පැටව් වෙත්. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ පිරිසිදු ව නො සෝදා මඩ සහිතව නො සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස නො වේ ම ය. බලය පිණිස ද නො වේ ම ය. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධ ථෙරා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසන්ති. තෙ තත්ථ ධම්මං භාසන්ති. තෙසං ගිහී පසන්නාකාරං කරොන්ති. තෙ තං ලාභං අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නං,{3} ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. තෙසං තං වණ්ණාය චෙව හොති බලාය ච, න ච තතොනිදානං මරණං වා නිගච්ඡන්ති, මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම මෙසස්නෙහි ස්ථවිරභික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දී දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත්.(ප්‍රත්‍ය දෙත්.) ඔහු නො ගිජු වූවාහු මුසපත් නො වූවාහු තෘෂ්ණාවෙන් නො ගැලී සිටියාහු දොස් දක්නාසුලු වූවාහු සසරින් නික්ම යෑමේ නුවණින් යුක්ත වූවාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ නො පැමිණෙත්.
Pali BJTතෙසඤ්ඤෙව ඛො පන භික්ඛවෙ, ථෙරානං භික්ඛූනං අනුසික්ඛමානා නවා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසන්ති. තෙ තත්ථ ධම්මං භාසන්ති. තෙසං ගිහී පසන්නාකාරං කරොන්ති. තෙ තං ලාභං ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. තෙසං තං නෙව වණ්ණාය හොති න බලාය. තෙ තතොනිදානං මරණං වා නිගච්ඡන්ති, මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTඒ ස්ථවිර භික්‍ෂූන් අනුව ම හික්මෙන්නා වූ නවක භික්‍ෂූහු තුමූ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත් (ප්‍රත්‍යය දෙත්.) ඔහු ගිජු වූවාහු මුසපත් වූවාහු තෘෂ්ණාවෙන් ගැලුනාහු දොස් නො දක්නාසුලු වූවාහු නික්ම යෑමේ නුවණ නැත්තාහු ඒ ලාභය වළඳත්. එය ඔවුන්ගේ වර්‍ණය පිණිස නො ම වේ. බලය පිණිස ද නො ම වේ. ඔහු ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා ලාභං පරිභුඤ්ජිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො ගිජු වූවමෝ මුසපත් නුවූවමෝ තෘෂ්ණාවෙහි නො ගැලුනමෝ දොස් දක්නමෝ නිස්සරණ ප්‍රඥා ඇත්තමෝ ලාභය වළඳන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT8. 1. 10.
Sinhala BJT8. 1. 10.
Pali BJTබිළාලසුත්තං
Sinhala BJTබිළාල සූත්‍රය
Pali BJT392. සාවත්ථියං–
Sinhala BJT392. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජී”ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො න රමති.{4}
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්‍ෂූහු ඒ මොහුට “ආයුෂ්මත්නි, වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නො පැමිණෙව”යි මෙසේ කීහ. භික්‍ෂූන් විසින් කියනු ලබන ඒ මහණ තෙමේ නො ඇලෙයි.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ -පෙ- භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ අඤ්ඤතරො භික්ඛු අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජති. තමෙනං භික්ඛූ එවමාහංසු: “මා ආයස්මා අතිවෙලං කුලෙසු චාරිත්තං ආපජ්ජී”ති. සො භික්ඛු භික්ඛූහි වුච්චමානො න රමතී”ති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු ... භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්‍ෂූහු ඔහුට ආයුෂ්මතුනි “වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නහමක් පැමිණෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ නො ඇලේ ය”යි මෙය සැළකළහ.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, බිළාලො{1} සන්ධිසමලසඞ්කටීරෙ{2} ඨිතො අහොසි මුදුමූසිං මගයමානො,{3} “යදායං මුදුමූසී ගොචරාය පක්කමිස්සති, තත්ථෙව නං ගහෙත්වා ඛාදිස්සාමී”ති. අථ ඛො භික්ඛවෙ, මුදුමූසී ගොචරාය පක්කමි. තමෙනං බිළාලො ගහෙත්වා සහසා අසංඛාදිත්වා{4} අජ්ඣොහරි. තස්ස සො මුදුමූසී අන්තම්පි ඛාදි, අන්තගුණම්පි ඛාදි. සො තතො නිදානං මරණම්පි නිගච්ඡි, මරණමත්තම්පි දුක්ඛං.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: බළලෙක් ගෘහසන්‍ධියෙහි (දෙගෙයක් අතර) හෝ මලවහන දියැලක හෝ කසළගොඩක හෝ “යම් කලෙක මේ මෘදු මූෂිකාව ගොදුරු පිණිස යන්නේ ද, එහි දී ම ඌ ගෙණ කන්නෙමි”යි මුදුමීයකු සොයමින් සිටියේ විය. මහණෙනි, එකල්හි ඒ මුදු මීයා ගොදුරු පිණිස නික්මුනේ ය. බළලා ඒ මූ ගෙණ නො සපා වහා ගැලපී ය. ඒ මුදු මීයා ඒ බළලාගේ අතුනු ද කෑ ය. අතුනුබහන් ද කෑ ය ඒ හේතුවෙන් ඒ බළලා මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණියේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති, අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නො රක්නා ලද්දාවූ ම කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි.
Pali BJTසො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන චිත්තෙන මරණං වා නිගච්ඡති, මරණමත්තං වා දුක්ඛං. මරණං හෙතං භික්ඛවෙ, අරියස්ස විනයෙ යො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. මරණමත්තං හෙතං භික්ඛවෙ, දුක්ඛං යදිදං අඤ්ඤතරං සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති. යථාරූපාය ආපත්තියා වුට්ඨානං පඤ්ඤායති.
Sinhala BJTහෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගමක් දකී. නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ සිත වනසයි. හෙතෙමේ රාගයෙන් නැසුනු සිතින් මරණයට හෝ මරණය සම දුකකට හෝ පැමිණෙයි. මහණෙනි, යමෙක් සිකපිළිකෙව් කොට ගිහිබවට පෙරළේ ද, මේ සස්නෙහි මරණය යි. මහණෙනි, යම් බඳු ඇවතකින් නැගී සිටීමෙක් පෙණේ නම් (එබඳු) යම් කිලිටි වූ එක්තරා (උට්ඨානගාමිනී) ඇවතකට පැමිණේ ද, ඒ මරණය හා සම දුක ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “රක්ඛිතෙනෙව කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “රක්නා ලද්දා වූ ම කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT8. 1. 11.
Sinhala BJT8. 1. 11.
Pali BJTසිගාලසුත්තං.
Sinhala BJTසිගාල සූත්‍රය
Pali BJT393. සාවත්ථියං–
Sinhala BJT393. සැවැත්නුවර–
Pali BJTඅස්සුත්ථ නො තුම්හෙ භික්ඛවෙ, රත්තියා පච්චූසසමයං සිගාලස්ස වස්සමානස්සාති?{5} එවං භන්තෙ. එසො ඛො භික්ඛවෙ, ජරසිගාලො උක්කණ්ටකෙන{6} නාම රොගජාතෙන ඵුට්ඨො. සො යෙන යෙන ඉච්ඡති, තෙන තෙන ගච්ඡති. යත්ථ යත්ථ ඉච්ඡති, තත්ථ තත්ථ තිට්ඨති. යත්ථ යත්ථ ඉච්ඡති, තත්ථ තත්ථ නිසීදති. යත්ථ යත්ථ ඉච්ඡති, තත්ථ තත්ථ නිපජ්ජති. සීතකොපි නං වාතො උපවායති. සාධු ඛ්වස්ස භික්ඛවෙ, යං ඉධෙකච්චො සක්යපුත්තියපටිඤ්ඤො එවරූපම්පි අත්තභාවපටිලාභං පටිසංවෙදයෙථ.
Sinhala BJTමහණෙනි, තෙපි රෑ පැසුළුයම්හි හඬන සිවලකුගේ හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවල් තෙමේ උක්කණ්ටක නම් රෝගයෙන් පහස්නා ලද්දේ ය. හේ යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන යෙයි. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන සිටී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හිඳී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හොවී. සිහිල් වාතය ද ඔහු වෙත හමයි. (හේ මෙයිනුදු චිත්තාස්වාදයක් ලබයි.) මහණෙනි, යම් හෙයකින් මෙහි ‘ශාක්‍ය පුත්‍රයෙමියි ප්‍රතිඥා ඇති ඇතැමෙක් මෙබඳු වූ අත්බැව් පිළිලැබීමක් (චිත්තාස්වාදයක්) විඳිනේ නම් එය යහපත් වන්නේ ය. (මෙය දෙව්දත් සඳහා කියූ.)
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “අප්පමත්තා විහරිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT8. 1. 12.
Sinhala BJT8. 1. 12.
Pali BJTදුතියසිගාලසුත්තං.
Sinhala BJTදුතිය සිගාල සූත්‍රය
Pali BJT394. සාවත්ථියං–
Sinhala BJT394. සැවැත්නුවර–
Pali BJTඅස්සුත්ථ නො තුම්හෙ භික්ඛවෙ, රත්තියා පච්චූසසමයං සිගාලස්ස වස්සමානස්සාති? එවං භන්තෙ. සියා ඛො භික්ඛවෙ, තස්මිං ජරසිගාලෙ යා කාචි කතඤ්ඤුතා කතවෙදිතා. න ත්වෙව ඉධෙකච්චෙ සක්යපුත්තියපටිඤ්ඤෙ සියා කාචි කතඤ්ඤුතා කතවෙදිතා.
Sinhala BJTමහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන සිවලෙකු හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, ඒ ජරසිවලා කෙරෙහි ද යම් කිසි කළ ගුණ දන්නා බවෙක් කළ ගුණ ප්‍රකට කරණ බවෙක් වන්නේ ම ය. මෙහි ශක්‍යපුත්‍රිය භාවය පිළිණ කරණ ඇතැමකු කෙරෙහි කිසි ම කළ ගුණ දන්නා බවෙක්, කල ගුණ ප්‍රකට කරණ බවෙක් නො වන්නේ ම ය. (මේද දෙව්දත් සඳහා කියු සේ ය.)
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “කතඤ්ඤුනො භවිස්සාම කතවෙදිනො. අම්හෙසු අප්පකම්පි කතං මා නස්සිස්සතී”ති{1}. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඑහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුතු: “කළ ගුණ දන්නමෝ කළ ගුණ ප්‍රකට කොට දන්නමෝ වන්නෙමු. අප කෙරෙහි මඳකුදු කරණ ලද්ද නහමක් නැසේවා (සිතින් තොර නොවේවා)”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJTවග්ගො පඨමො
Sinhala BJTපළමුවන වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං :
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකූටං නඛසිඛං කුලං ඔක්ඛා සත්ති ධනුග්ගහො, ආණි කලිඞ්ගරො නාගො බිළාලො ද්වෙ සිගාලකාති.
Sinhala BJTකූට, නඛසිඛා, කුල, ඔක්ඛා, සත්ති, ධනුග්ගහ, ආණි, කලිඞ්ගර, නාග, බිළාල සූත්‍ර ය, සිගාල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දොළසෙකි යි.
Pali BJTඔපම්මසංයුත්තං සමත්තං.
Sinhala BJTඕපම්මසංයුත්තය නිමියේ යි.
Pali BJT9. භික්ඛුසංයුත්තං
Sinhala BJT9. භික්ඛු සංයුත්තය
Pali BJT1. පඨමො වග්ගො
Sinhala BJT1. ප්‍රථම වර්‍ගය
Pali BJT9. 1. 1.
Sinhala BJT9. 1. 1.
Pali BJTමොග්ගල්ලානසුත්තං{1}
Sinhala BJTමොග්ගල්ලාන සූත්‍රය
Pali BJT395. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT395. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTඉධ මය්හං ආවුසො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අරියො තුණ්හීභාවො අරියො තුණ්හීභාවොති වුච්චති. කතමො නු ඛො අරියො තුණ්හීභාවො”ති?
Sinhala BJTඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට “ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය, ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය යි කියනු ලැබේ. කිමෙක් නම් ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය වේ දැ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTතස්ස මය්හං ආවුසො එතදහොසි: “ඉධ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති අරියො තුණ්හීභාවො”ති.
Sinhala BJTඇවැත්නි, ඒ මට “මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි පැහැදීම් ඇති සිතේ උතුම් එකඟබැව් වඩන විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසේ නම් මේ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය ය යි කියනු ලැබේ”යි මේ සිත විය.
Pali BJTසො ඛ්වාහං{2} ආවුසො, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි.{3} තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. අථ ඛො මං ආවුසො, භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: “මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ අරියං තුණ්හීභාවං පමාදො. අරියෙ තුණ්හීභාවෙ චිත්තං සණ්ඨාපෙහි. අරියෙ තුණ්හීභාවෙ චිත්තං එකොදිං{4} කරොහි. අරියෙ තුණ්හීභාවෙ චිත්තං සමාදහා”ති.
Sinhala BJTඇවැත්නි, ඒ මම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම ඇති සිතේ උතුම් එකඟ බැව් වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්වීතීයද්ධ්‍යානය උපදවා වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන මට විතර්‍ක සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත්. ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත වැඩ “මුගලන, මුගලන, බමුණ, ආර්‍ය්‍යතූෂ්ණීම්භාවය නො වරදව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත එකඟ කරව. ආර්‍ය්‍යතූෂ්ණීම්භාවයෙහි සිත නගාලව යි” මෙය වදාළ සේක.
Pali BJTසො ඛ්වාහං ආවුසො, අපරෙන සමයෙන විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං.{5} යං හි තං ආවුසො, සම්මා වදමානො වදෙය්ය, “සත්ථාරා අනුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො”ති, මමං තං සම්මා වදමානො වදෙය්ය “සත්ථාරා අනුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො”ති.
Sinhala BJTඇවැත්නි, ඒ මම අන් කලෙක විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබැව් වඩන විතර්‍කරහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානය උපදවා විසීමි. ඇවැත්නි, සත්‍යය කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි යමකු සඳහා කියන්නෙ නම්, සත්‍යය කියන්නා “ශාස්තෲන් වහන්සේ විසින් අනුගෘහීත වූ ශ්‍රාවකයෙක් ෂඩභිඥා ඇති බවට පැමිණියේ ය” යි මා සඳහා කියන්නේ යි.
Pali BJT9. 1. 2.
Sinhala BJT9. 1. 2.
Pali BJTසාරිපුත්තසුත්තං{1}
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය
Pali BJT396. සාවත්ථියං–
Sinhala BJT396. සැවැත්නුවර–
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ.
Pali BJTඉධ මය්හං ආවුසො, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අත්ථි නු ඛො තං කිඤ්චි ලොකස්මිං යස්ස මෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා”ති.
Sinhala BJTඇවැත්නි, මෙහි එකලා ව විවේකී ව හුන් මට “යම්බඳු මට විපරිණාම අන්‍යථාභාවයෙන් (=යමක් පෙරෙළීම වෙනස් වීම නිසා) සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව ඇද්දෝ” යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTතස්ස මය්හං ආවුසො, එතදහොසි: “නත්ථි ඛො තං කිඤ්චි ලොකස්මිං යස්ස මෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා”ති.
Sinhala BJTඇවැත්නි, ඒ මට “යම්බඳු මට විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එබඳු කිසිවක් ලොව නැතැ” යි මෙ සිත විය.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “සත්ථුපි ඛො තෙ ආවුසො, සාරිපුත්ත විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් ඔබ වහන්සේට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු දැ”යි මෙය කීහ.
Pali BJTසත්ථුපි ඛො මෙ ආවුසො, විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. අපි ච මෙ එවමස්ස: මහෙසක්ඛො වත භො සත්තො අන්තරහිතො මහිද්ධිකො මහානුභාවො. සචෙ හි භගවා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTඇවැත්නි, ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු ය. වැලිදු මට “පින්වත්නි, ඒකාන්තයෙන් මහේශාක්‍ය වු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සත්‍වයෙක් අතුරුදන් වූයේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ දිගුකලක් සිටුනා සේක් නම් එය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය යි මෙසේ සිතෙන්නේ ය
Pali BJTතථා හි පනායස්මතො සාරිපුත්තස්ස දීඝරත්තං අහිඞ්කාරමමිංකාරමානානුසයා සුසමූහතා. තස්මා ආයස්මතො සාරිපුත්තස්ස සත්ථුපි විපරිණාමඤ්ඤථාභාවා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTඒ එසේ මැයි: ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ විසින් දිගු කලෙක අභිංකාරමමිඞ්කාරමානානුසයෝ මැනවින් උපුටා හරිණ ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ශාස්තෲන් වහන්සේගේ ද විපරිණාම අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහ යි.
Pali BJT9. 1. 3.
Sinhala BJT9. 1. 3.
Pali BJTමහානාගසුත්තං{2}
Sinhala BJTමහානාග සූත්‍රය
Pali BJT397. සාවත්ථියං–
Sinhala BJT397. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො රාජගහෙ විහරන්ති වෙළුවනෙ කලන්දකනිවාපෙ එකවිහාරෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: විප්පසන්නානි ඛො තෙ ආවුසො මොග්ගල්ලාන, ඉන්ද්රියානි. පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො, සන්තෙන නූනායස්මා මහාමොග්ගල්ලානො අජ්ජ විහාරෙන විහාසීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි එක වෙහෙර (=එක ම ගර්‍භයක) වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු වූහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මූහුණුපැහැය පිරිසිදු ය වෙසෙසින් බබලන්නේ ය ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ අද ඒකාන්තයෙන් ශාන්ත වූ විහරණයකින් වූසූහූ ය” යි.
Pali BJTඔළාරිකෙන ඛො අහං ආවුසො; අජ්ජ විහාරෙන විහාසිං. අපි ච මෙ අහොසි ධම්මී කථාති. “කෙන සද්ධිං පනායස්මතො මහාමොග්ගල්ලානස්ස අහොසි ධම්මී කථා”ති? භගවතා ඛො මෙ ආවුසො, සද්ධිං අහොසි ධම්මී කථාති. “දූරෙ ඛො ආවුසො, භගවා එතරහි සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. කින්නු ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං ඉද්ධියා උපසඞ්කමි, උදාහු භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ඉද්ධියා උපසඞ්කමීති?
Sinhala BJTඇවැත්නි , අද මම ඖදාරික (දිබ්බචක්ඛු - දිබ්බසෝතධාතු විසය වූ) විහරණයකින් විසීමි. එහෙත් මාගේ දැහැමි කතාවෙක් වී ය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව කවරකු සමග වී ද? ඇවැත්නි, මාගේ දැහැමි කතාව භාග්‍යවතුන් වහන්සේ ම සමග වී ය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දැන් දුරෙහි ම සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. කිමෙක් ද? ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ද? නැතහොත් භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත වැඩි සේක් දැ යි?
Pali BJTනඛ්වාහං ආවුසො, භගවන්තං ඉද්ධියා උපසඞ්කමිං. නපි මං භගවා ඉද්ධියා උපසඞ්කමි. අපි ච මෙ යාවතා භගවා එත්තාවතා දිබ්බං චක්ඛුං විසුජ්ඣි දිබ්බා ච සොතධාතු. භගවතොපි යාවතාහං එත්තාවතා දිබ්බං චක්ඛුං විසුජ්ඣි, දිබ්බා ච සොතධාතූති.
Sinhala BJTඇවැත්නි, මම ඍද්ධියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත නො ම එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද ඍද්ධියෙන් මා වෙත නො එළඹි සේක. එහෙත් භාග්‍යවතුන් වහන්සේ යම්තාක් (දුරෙහි වූ) ද, ඒ තාක් මාගේ දිවැස ද දිවකණ ද (භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස ඇසීම පිණිස) විශුද්ධ (=යොමු ) විය. මම යම්තාක් දුරෙහි ද,ඒ තාක් භාග්‍යවතුන් වහසේගේ ද දිවැසත් දිවකණත් විශුද්ධ විය
Pali BJTයථා කථං පනායස්මතො මහාමොග්ගල්ලානස්ස භගවතා සද්ධිං අහොසි ධම්මී කථාති?
Sinhala BJTඒ කෙසේ නම් භාග්‍යවතුන් වහසේ සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ දැහැමි කතාව වී ද?
Pali BJTඉධාහං ආවුසො, භගවන්තං එතදවොචං: “ආරද්ධවිරියො ආරද්ධවිරියො”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ආරද්ධවිරියො හොතීති? එවං වුත්තෙ මං ආවුසො, භගවා එතදවොච: ඉධ මොග්ගල්ලාන භික්ඛු ආරද්ධවිරියො විහරති: “කාමං තචො ච නහාරූ ච අට්ඨී ච අවසිස්සතු සරීරෙ, උපසුස්සතු මංසලොහිතං. යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සණ්ඨානං භවිස්සතී”ති. එවං ඛො මොග්ගල්ලාන, ආරද්ධවිරියො හොතීති. එවං ඛො මෙ ආවුසො, භගවතා සද්ධිං අහොසි ධම්මී කථාති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහසේට ‘වහන්ස, ආරබ්ධවීර්‍ය්‍ය ය, ආරබ්ධවීර්‍ය්‍ය ය යි කියනු ලැබේ වහන්ස, කෙතෙකින් ආරබ්ධවීර්‍ය්‍ය වේ දැ’ යි මෙය සැළකෙළෙමි. ඇවැත්නි, මෙසේ සැළකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: මොග්ගල්ලානය, මෙහි මහණ තෙමේ “ඒකාන්තයෙන් සිරුරෙහි සිවියත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස් ලේ වියලේවා, පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ඒ යමක් ලැබිය යුතු නම් එය නො ලබා වීර්‍ය්‍යයාගේ සිටීමෙක් නොවන්නේ ය”යි පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති ව වෙසෙයි. මොග්ගල්ලානය, මෙසේ ආරබ්ධවීර්‍ය්‍ය වේ ය”යි. ඇවැත්නි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමග මාගේ දැහැමි කතාව විය.
Pali BJTසෙය්යථාපි ආවුසො, හිමවතො පබ්බතරාජස්ස පරිත්තා පාසාණසක්ඛරා යාවදෙව උපනික්ඛෙපනමත්තාය. එවමෙව ඛො මයං ආයස්මතො මහාමොග්ගල්ලානස්ස යාවදෙව උපනික්ඛෙපනමත්තාය. ආයස්මා හි මහාමොග්ගල්ලානො මහිද්ධිකො මහානුභාවො, ආකඞ්ඛමානො කප්පං තිට්ඨෙය්යාති.
Sinhala BJTඇවැත්නි, යම් සේ කුඩා ගල් කැටක් හිමවත් පවුරජුගේ (මහත් බව සඳහා) ලක් තැබීම (උපමා කිරීම) පිණිස පමණක් ම වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ (ඍද්ධිමහත්ත්‍වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මහත් ඍද්ධි ඇත්තාහ. මහත් අනුභාව ඇත්තාහ. කැමැත්තෝ නම් ආයුෂකල්පය ම සිටිනාහු ය.
Pali BJTසෙය්යථාපි ආවුසො, මහතියා ලොණඝටාය පරිත්තා ලොණසක්ඛරා යාවදෙව උපනික්ඛෙපනමත්තාය. එවමෙව මයං ආයස්මතො සාරිපුත්තස්ස යාවදෙව උපනික්ඛෙපනමත්තාය. ආයස්මා හි සාරිපුත්තො භගවතා අනෙකපරියායෙන ථොමිතො වණ්ණිතො පසත්ථො:
Sinhala BJTයම් සේ කුඩා ලුණුකැටක් (සක්වළ මුවවිට හා බඹලොව හිම් කොට පිහිටි) ලුණු කළයක (මහත්බව සඳහා) ලක් තැබීම පිණිස පමණක් වේ ද, එසෙයින් ම අපි දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ (ප්‍රඥාමහත්ත්‍වය සඳහා) ලක් තැබීම පිණිස පමණක් ම වෙමු. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් ස්තුති කරණ ලදහ. වර්‍ණනා කරණ ලදහ. පසස්නා ලදහ:
Pali BJT“සාරිපුත්තොව පඤ්ඤාය සීලෙන උපසමෙන ච,යොපි පාරඞ්ගතො භික්ඛු එතාව{1} පරමො සියා”ති.
Sinhala BJTප්‍රඥාවෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද සැරියුත් තෙරණුවෝ ම ශ්‍රේෂ්ඨයහ. යම් කිසි මහණෙක් පරතෙරට (නිවනට) පැමිණියේ නම් හෙතෙම සැරියුත් තෙරණුවන් ම පරම කොට ඇත්තේ වන්නේ ය (තෙරුන්ට වඩාඋත්තරිතරයෙක් නැත.)
Pali BJTඉති හෙතෙ උභො මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුමොදිංසූති.
Sinhala BJTමෙසේ මේ මහානාගයෝ (මහරහත්) දෙනම මැනැවින් බණන ලද ඔවුනොවුන්ගේ සුබැසිය සතුටින් පිළිගත්හ.
Pali BJT9. 1. 4.
Sinhala BJT9. 1. 4.
Pali BJTනවභික්ඛුසුත්තං{1}
Sinhala BJTනවභික්ඛු සූත්‍රය
Pali BJT398. සාවත්ථියං–
Sinhala BJT398. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො නවො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විහාරං පවිසිත්වා අප්පොස්සුක්කො තුණ්හීභූතො සඞ්කසායති, න භික්ඛූනං වෙය්යාවච්චං කරොති චීවරකාරසමයෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ, අඤ්ඤතරො නවො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විහාරං පවිසිත්වා අප්පොස්සුක්කො තුණ්හීභූතො සඞ්කසායති. න භික්ඛූනං වෙය්යාවච්චං කරොති චීවරකාරසමයෙ”ති.
Sinhala BJTඑකල්හි එක්තරා නව මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සක ව නිහඬව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරෙයි. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක ව නිහඬ ව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරේ යි.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි, “එහි ත්වං භික්ඛු මම වචනෙන තං භික්ඛුං ආමන්තෙහි, සත්ථා තං ආවුසො ආමන්තෙතී”ති. එවං භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “සත්ථා තං ආවුසො, ආමන්තෙතී”ති. එවමාවුසොති ඛො සො භික්ඛු තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නං ඛො තං භික්ඛුං භගවා එතදවොච: “සච්චං කිර ත්වං භික්ඛු, පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විහාරං පවිසිත්වා අප්පොස්සුක්කො තුණ්හීභූතො සංකසායසි, න භික්ඛූනං වෙය්යාවච්චං කරොසි චීවරකාරසමයෙති? අහම්පි ඛො භන්තෙ, සකං කිච්චං කරොමීති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ එව, තෝ මාගේ වචනයෙන් ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණ අමතව. “වහන්ස, එසේ ය” යි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණ කරා එළඹියේ ය. එළඹ “ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණහට මෙය කී ය. ඒ මහණ තෙමේ “ඇවැත්නි, එසේ ය”යි ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණහට භාග්‍යවතුන් වහන්සේ: “මහණ තෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක වූයේ නිහඬ ව වෙසෙහි, සිවුරු කරණ සමයෙහි භික්‍ෂූන්ට වතාවත් නො කෙරෙහි, සැබෑ දැ” යි මෙය වදාළ සේක. “වහන්ස, මම සිය කට යුතු කෙරෙමි යි”.
Pali BJTඅථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි: මා ඛො තුම්හෙ භික්ඛවෙ, එතස්ස භික්ඛුනො උජ්ඣායිත්ථ. එසො ඛො භික්ඛවෙ, භික්ඛු චතුන්නං ඣානානං ආභිචෙතසිකානං{2} දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය දැන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි තෙල මහණහට නහමක් අවමන් කරවු. “මහණෙනි, තෙල මහණ තෙමේ උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නෙක්. නිදුකින් ලබන්නෙක්. මහත් සේ ලබන්නෙක්. යමක් පිණිස කුල පුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්‍වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරේ” යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ වැලි අන් අයුරින් මෙය වදාළ සේක:
Pali BJTනයිදං සිථිලමාරබ්භ නයිදං අප්පෙන ථාමසා,නිබ්බානං අධිගන්තබ්බං සබ්බගන්ථප්පමොචනං{3}.
Sinhala BJTසියලු ග්‍රන්‍ථයන් මුදන මේ නිවන ශිථිලවීර්‍ය්‍යයෙන් අවබෝධ නො කට හැකිය. මේ නිවන ස්වල්ප වූ ශක්තියකින් ලැබිය නො හැකි ය.
Pali BJTඅයඤ්ච දහරො භික්ඛු අයමුත්තමපොරිසො,ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනින්ති.
Sinhala BJTමේ දහර මහණෙකි. උතුම් පුරුෂයෙක් වූ මෙතෙමේ සේනා සහිත මරු දිනා අන්තිම ශරීරය දරණේ යි.
Pali BJT9. 1. 5.
Sinhala BJT9. 1. 5.
Pali BJTසුජාතසුත්තං
Sinhala BJTසුජාත සූත්‍රය
Pali BJT399. සාවත්ථියං–
Sinhala BJT399. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා සුජාතො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං සුජාතං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සුජාත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ සුජාත තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTඋභයෙනෙවායං භික්ඛවෙ, කුලපුත්තො සොභති: යඤ්ච අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජ්ජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. ඉදමවොච: භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, මේ කුලදරු තෙමේ කරුණු දෙකෙකින් හොබී: “විශිෂ්ට රූප ඇත්තේ දැකුම්කලු වූයේ පැහැ එළවන උතුම් වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ ය” යන යම් කරුණෙකුත් වේ ද, “යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදිත් නම් මහබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්‍හත්ත්‍වය මේ අත් බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරෙයි” යන යම් කරුණෙකුත් වේ ද යන කරුණු දෙකෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මේද වදාළ සේක:
Pali BJTසොභති වතායං භික්ඛු උජුභූතෙන චෙතසා,විප්පමුත්තො{1} විසඤ්ඤුත්තො අනුපාදාය නිබ්බුතො,ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනින්ති.
Sinhala BJTමේ මහණ තෙමේ ඍජු වූ සිතින් ඒකාන්තයෙන් හොබී. කෙලෙසුන් කෙරෙන් මිදුනේ සංයෝජනයන්ගෙන් වෙන් වූයේ උපාදානරහිත ව නිවියේ සේනා සහිත මරු දිනා අන්තිමශරීරය දරණේ යි.
Pali BJT9. 1. 6.
Sinhala BJT9. 1. 6.
Pali BJTලකුණ්ටකභද්දියසුත්තං
Sinhala BJTලකුණ්ටකභද්දිය සූත්‍රය
Pali BJT400. සාවත්ථියං–
Sinhala BJT400. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා ලකුණ්ටකභද්දියො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ලකුණ්ටකභද්දියං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් දුර දී ම එනුවන් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං භික්ඛුං ආගච්ඡන්තං දුබ්බණ්ණං දුද්දසිකං ඔකොටිමකං භික්ඛූනං පරිභූතරූපන්ති? එවං භන්තෙ. එසො ඛො භික්ඛවෙ, භික්ඛු මහිද්ධිකො මහානුභාවො, න ච සා සමාපත්ති සුලභරූපා යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා. යස්ස චත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, තෙපි තෙල එන්නා වූ දුර්‍වණ නපුරු දැකුම් ඇති මිටි වූ භික්‍ෂූන් විසින් අවමන් කරණ ලද ස්වරූප ඇති මහණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් නො සමවන්විරූ යම් සමවතෙක් වේ ද, එබඳු සමවතෙක් සුලබ නො වේ. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තරඅර්‍හත්‍වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
Pali BJTහංසා කොඤ්චා මයූරා ච හත්ථියො පසදා මිගා, සබ්බෙ සීහස්ස භායන්ති නත්ථි කායස්මිං තුල්යතා.
Sinhala BJTහංසයෝත් කොස්වාලිහිණියෝත් මොනරුත් ඇත්තුත් තිත් මුවෝත් සියල්ලෝ සිංහයාගෙන් බති. කයෙහි සමබවෙක් (පමණ ගිණීමෙක්) නැත.
Pali BJTඑවමෙව මනුස්සෙසු දහරො චෙපි පඤ්ඤවා, සො හි තත්ථ මහා හොති නෙව බාලො සරීරවාති.
Sinhala BJTඑසෙයින් ම මිනිසුන් අතර නුවණැත්තේ ඉදින් ලදරු වූයේ ද, හෙතෙමේ ම එහි පූජ්‍ය වෙයි. බාල (අඥ) තෙමේ මහත් සිරුරක් ඇත්තේ ද නො ම පූජ්‍ය වෙයි.
Pali BJT9. 1. 7.
Sinhala BJT9. 1. 7.
Pali BJTවිසාඛපඤ්චාලිපුත්තසුත්තං{1}
Sinhala BJTවිසාඛ පඤ්චාලිපුත්ත සූත්‍රය
Pali BJT401. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ආයස්මා විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය{2} අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතාය.
Sinhala BJT401. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවෙනෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි (පඤ්චාලිරාජ දුහිතෘ පුත්‍ර බැවින්) පඤ්චාලිපුත්‍ර වූ ආයුෂ්මත් විශාඛ තෙරණුවෝ නො පැකුළුණු කෙලතොලු නො වු (=නිදොස් වූ) අර්‍තවය අඟවන සිවුසස් නො හැර පවසන සසරට නිසි නො වූ නාගරික (=පුරවැසිබස් සෙයින් මිහිරි වූ) වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන් හලෙහි භික්‍ෂූන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: කො නු ඛො භික්ඛවෙ, උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය{2} අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති? ආයස්මා භන්තෙ, විසාඛො පඤ්චාලිපුත්තො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටි සේක් උවටැන්හල වෙත එළඹි සේක. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, කවරෙක් නො පැකුළුණු කෙලතොලු නුවූ (=නිදොස් වූ) අරුත් අඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතායෙන් උවටැන් හලෙහි භික්‍ෂූන් කරුණු දක්වා ද, සමාදන් කරවා ද, තෙද ගන්වා ද, සතුටු කෙරේ දැ යි? වහන්ස පඤ්චාලි පුත්‍ර වූ ආයුෂ්මත් විසාඛ තෙරණුවෝ නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසරට නිසි නො වූ මිහිරි වචනයෙන් දැහැමි කතාවෙන් උවටැන්හලෙහි භික්‍ෂූන් කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙති යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං විසාඛං පඤ්චාලිපුත්තං ආමන්තෙසි: සාධු, සාධු, විසාඛ, සාධු ඛො ත්වං විසාඛ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි, පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය{2} අත්ථස්ස විඤ්ඤාපනියා පරියාපන්නාය අනිස්සිතායාති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පඤ්චාලිපුත්‍ර වූ විසාඛ තෙරුන් ඇමතූ සේක. විසාඛ, මැනැවි. මැනැවි. විසාඛ, තෙපි නො පැකුළුණු නිදොස් වූ අරුත් හඟවන සිවුසස් පවසන සසර ඇසුරු නො කළ මධුර වචනයෙන් දැහැමි කථායෙන් භික්‍ෂූන් කරුණු දක්වවු. සමාදන් කරවවු, තෙද ගන්වවු, සතුටු කරවවු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි දු මෙය වදාළ සේක:
Pali BJTන භාසමානං ජානන්ති මිස්සං බාලෙහි පණ්ඩිතං,භාසමානඤ්ච ජානන්ති දෙසෙන්තං අමතං පදං.
Sinhala BJTබාලයන් හා එක් වූ කථික (පණ්ඩිතයා) ලෝවැස්සෝ නො දනිත් අමාපදය දෙසන කථික (පණ්ඩිතයා) දැන ගණිත්.
Pali BJTභාසයෙ ජොතයෙ ධම්මං පග්ගණ්හෙ ඉසිනං ධජං,සුභාසිතධජා ඉසයො ධම්මො හි ඉසිනං ධජොති.
Sinhala BJTධර්‍මය කියන්නේ ය. බබුලුවන්නේ ය. ඍෂීන්ගේ ධ්වජ ය දැඩි කොට ගන්නේ ය. ඍෂීහු සුභාෂිතය ධ්වජ කොට ඇත්තාහ. නව ලොවුතුරු දහම ඍෂීන්ගේ ධ්වජ ය යි.
Pali BJT9. 1. 8.
Sinhala BJT9. 1. 8.
Pali BJTනන්දසුත්තං
Sinhala BJTනන්‍ද සූත්‍රය