Pali BJT367. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සත්තිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සත්තියො උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ මාගවිකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT367. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සැත්ලොම් (=සැත්මුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ සැත් උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම මුවවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 1. 7.
Sinhala BJT7. 1. 7.
Pali BJTඋසුලොමසුත්තං
Sinhala BJTඋසුලොම සූත්‍රය
Pali BJT368. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං උසුලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තෙ උසූ උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ කාරණිකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හීලොම් (=හීමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම වධකයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 1. 8.
Sinhala BJT7. 1. 8.
Pali BJTසූචිලොමසුත්තං
Sinhala BJTසූචිලෝම සූත්‍රය
Pali BJT369. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සූචියො උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති. -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ සූතො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT369. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිදිලොම් (= හිදිමුවා ලොම් ) ඇති පුරුෂයකු දිටිමි . ඔහුගේ ඒ හිදි උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම රියැදුරෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 1. 9.
Sinhala BJT7. 1. 9.
Pali BJTදුතියසූචිලොමසුත්තං
Sinhala BJTදෙවැනි සූචිලෝම සූත්‍රය
Pali BJT370. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සූචිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තා සූචියො සීසෙ පවිසිත්වා මුඛතො නික්ඛමන්ති. මුඛෙ පවිසිත්වා උරතො නික්ඛමන්ති. උරෙ පවිසිත්වා උදරතො නික්ඛමන්ති. උදරෙ පවිසිත්වා ඌරූහි නික්ඛමන්ති. ඌරූසු පවිසිත්වා ජඞ්ඝාහි නික්ඛමන්ති. ජඞ්ඝාසු පවිසිත්වා පාදෙහි නික්ඛමන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ සූචකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT370. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හිදිලොම් (=හිදිමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිදි හිසෙහි පිවිස මුවෙන් නික්මෙයි. මුවෙහි පිවිස ලයෙන් නික්මෙයි. ලයෙහි පිවිස කුසෙන් නික්මෙයි. කුසෙහි පිවිස කලවෙන් නික්මෙයි. කලවෙහි පිවිස කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙහි පිවිස පාදයෙන් නික්මෙයි. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම සූචකයෙක් (=පිසුණු බණන්නෙක්) විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
Pali BJT7. 1. 10.
Sinhala BJT7. 1. 10.
Pali BJTකුම්භණ්ඩසුත්තං
Sinhala BJTකුම්භණ්ඩ සූත්‍රය
Pali BJT371. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං කුම්භණ්ඩං පුරිසං වෙහාසං ගච්ඡන්තං. සො ගච්ඡන්තොපි තෙව අණ්ඩෙ ඛන්ධෙ ආරොපෙත්වා ගච්ඡති. නිසීදන්තොපි තෙස්වෙව අණ්ඩෙසු නිසීදති. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ ගාමකූටො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT371. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ කුම්හණ්ඩ(= කළ පමණ අණ්ඩ) ඇති පුරුෂයකු දිටිමි. හෙතෙමේ යන්නේ ද ඒ අණ්ඩ කඳට නගා ගෙණ ම යෙයි. හිඳිනේ ද ඒ අණ්ඩයන්හි ම හිඳියි. ඒ මොහු ගිජුලිහිණියොත් කවුඩෝත් උකුස්සෝත් ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම (අල්ලස් ගන්නා) විනිසකරු ඇමතියෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJTපඨමො වග්ගො.
Sinhala BJTපළමුවැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅට්ඨි පෙසි උභො හි ගොඝාතකා පිණ්ඩසාකුණියො නිච්ඡවොරබ්භි, අසි සූකරිකො සත්ති මාගවී උසුකාරණිකො සූචි සාරථි, යො ච සිඛ්ඛීයති සූචකො හි සො අණ්ඩභාරි අහු ගාමකූටකොති.
Sinhala BJTගෝඝාතක වූ අට්ඨි පෙසි සූත්‍ර දෙක ය, සාකුණික වූ පිණ්ඩ සූත්‍රය, ඔරබ්හික වූ නිච්ඡවි සූත්‍රය, සුකරික වූ අසි සූත්‍රය, මාගවික වූ සත්ති සූත්‍රය, කාරණික වූ උසු සූත්‍රය, සාරථි වූ සුචි සූත්‍රය, සූචක වූ සූචි සූත්‍රය, ගාමකූටක වූ අණ්ඩහාරී (=කුම්හණ්ඩ) සූත්‍රය යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. දුතියො වග්ගො
Sinhala BJT2. දෙවන වර්‍ගය
Pali BJT7. 2. 1.
Sinhala BJT7. 2. 1.
Pali BJTගූථකූපසුත්තං
Sinhala BJTගුථකූප සූත්‍රය
Pali BJT372. රාජගහෙ–
Sinhala BJT372. රජගහනුවර–
Pali BJTඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං පුරිසං ගූථකූපෙ සසීසකං{1} නිමුග්ගං -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ පාරදාරිකො අහොසි -පෙ- එවරූපං අත්තභාවපටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක හිස සහිත ව ගිලුනු පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම පරඹුන් සෙවුනෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
Pali BJT7. 2. 2.
Sinhala BJT7. 2. 2.
Pali BJTගූථඛාදිසුත්තං
Sinhala BJTගූථඛාදි සූත්‍රය
Pali BJT373. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං පුරිසං ගූථකූපෙ නිමුග්ගං උභොහි හත්ථෙහි ගූථං ඛාදන්තං -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ දුට්ඨබ්රාහ්මණො අහොසි. සො කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ භික්ඛුසංඝං භත්තෙන නිමන්තෙත්වා දොණියො ගූථස්ස පූරාපෙත්වා කාලං ආරොචාපෙත්වා එතදවොච: අතො භොන්තො, යාවදත්ථං භුඤ්ජන්තු චෙව හරන්තු චාති -පෙ- එවරූපං අත්තභාවපටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT373. මහණෙනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අසූචිවළක ගිලුනු දෑතින් අසූචි කන පුරුෂයකු දිටිමි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම දුෂ්ට බමුණෙක් විය. හෙතෙමේ කසුප් බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි බික්සඟන බතින් පවරා අසූචියෙන් ඔරු පුරවා කල් දන්වා “පින්වත්නි, මෙයින් ඇති තාක් අනුභව කෙරෙත්වා හැර ගෙණ ද යෙත්වා” යි මෙය කීය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
Pali BJT7. 2. 3.
Sinhala BJT7. 2. 3.
Pali BJTනිච්ඡවිත්ථිසුත්තං
Sinhala BJTනිච්ඡවිත්‍ථි සූත්‍රය
Pali BJT374. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං නිච්ඡවිං ඉත්ථිං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, ඉත්ථි ඉමස්මිං යෙව රාජගහෙ අතිචාරිනී අහොසි -පෙ- එවරූපං අත්තභාවපටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT374. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සිවිය නැති ස්ත්‍රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම වේශ්‍යාවක් වූවා ය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 2. 4.
Sinhala BJT7. 2. 4.
Pali BJTමඞ්ගුලිත්ථිසුත්තං
Sinhala BJTමඞ්ගුලිත්‍ථි සූත්‍රය
Pali BJT375. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං ඉත්ථිං දුග්ගන්ධං මඞ්ගුලිං{2} වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, ඉත්ථි ඉමස්මිං යෙව රාජගහෙ ඉක්ඛණිකා අහොසි -පෙ- එවරූපං අත්තභාව පටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT375. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ දුගඳ පිළිකුල් කට යුතු ස්ත්‍රියක දිටිමි. යක්ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මැය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ මේ රජගහනුවර ම යක්දැස්සක් (යක්දෙහිකම් කරන්නියක්) වූවා ය ... මහජනයා මිසදිටු ගැන් වූ ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.
Pali BJT7. 2. 5.
Sinhala BJT7. 2. 5.
Pali BJTඔකිලිනීසුත්තං
Sinhala BJTඔකලිනී සූත්‍රය
Pali BJT376. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං ඉත්ථිං උප්පක්කං ඔකිලිනිං ඔකිරිණිං වෙහාසං ගච්ඡන්තිං. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසා භික්ඛවෙ, ඉත්ථී කාලිඞ්ගස්ස{1} රඤ්ඤො අග්ගමහෙසී අහොසි. සා ඉස්සාපකතා සපත්තිං අඞ්ගාරකටාහෙන ඔකිරි -පෙ- එවරූපං අත්තභාව පටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT376. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ගින්නෙන් පැසුනු සිරුර ඇති ඩහ වැගිරෙන ගිනි අඟුරින් හාත්පස ගැවසුනු ස්ත්‍රියක දිටිමි. ඕතොමෝ බැගෑහඬ කෙරෙයි … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ ස්ත්‍රී තොමෝ කලිඟුරජුගේ අගමෙහෙසිය වූවා ය. ඕ තොමෝ ඊර්‍ෂ්‍යායෙන් මඬනා ලද්දී සැතිරිය (=සැමියාගේ අන් බිරිය) මත අඟුරුකබලක් හළාලීය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළ සේක.
Pali BJT7. 2. 6.
Sinhala BJT7. 2. 6.
Pali BJTඅසීසකසුත්තං
Sinhala BJTඅසීසක සූත්‍රය
Pali BJT377. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අසීසකං කබන්ධං{2} වෙහාසං ගච්ඡන්තං. තස්ස උරෙ අක්ඛීනි චෙව හොන්ති මුඛඤ්ච. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ හාරිතො නාම චොරඝාතකො අහොසි -පෙ- එවරූපං අත්තභාවපටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT377. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිස නැති සිරුරක් (=කවන්‍ධයක්) දිටිමි. එහි ලයෙහි ඇස් ද, මුව ද වෙයි. ගිජුලිහිණියෝ ද කවුඩෝ ද උකුස්සෝ ද ඒ මෙය ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. හේ ද බැගෑ හඬ කෙරෙයි. ... [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සත්ත්‍ව තෙමේ මේ රජගහනුවර ම හාරිත නම් චෝරඝාතයෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
Pali BJT7. 2. 7.
Sinhala BJT7. 2. 7.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT378. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං භික්ඛුං වෙහාසං ගච්ඡන්තං. තස්ස සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා, පත්තොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො, කායබන්ධනම්පි ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං, කායොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො, සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසො භික්ඛවෙ, භික්ඛු කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපභික්ඛු අහොසි -පෙ- එවරූපං අත්තභාව පටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT378. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මහණකු දිටිමි. ඔහුගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිත ය. පාත්‍රය ද හාත්පසින් ඇවිල ගත්තේ ය. ගිනි ගෙණ දිලියෙන්නේ ය. ගිනිදැල් සහිතය, කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්ත ය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. හෙතෙමේ ද බැගෑ හඬ කෙරෙයි. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මහණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මහණෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
Pali BJT7. 2. 8.
Sinhala BJT7. 2. 8.
Pali BJTභික්ඛුණීසුත්තං
Sinhala BJTභික්ඛුණී සූත්‍රය
Pali BJT379. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං භික්ඛුං වෙහාසං ගච්ඡන්තිං. තස්සා සඞ්ඝාටිපි ආදිත්තා -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසා භික්ඛවෙ, භික්ඛුනී කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපභික්ඛුනී අහොසි -පෙ- එවරූපං අත්තභාව පටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT379. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මෙහෙණක දිටිමි. ඇගේ සඟළ ද හාත්පසින් ඇවිල ගත්තේ ය. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ මෙහෙණ තොමෝ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු මෙහෙණක් වූවාය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
Pali BJT7. 2. 9.
Sinhala BJT7. 2. 9.
Pali BJTසික්ඛමානාසුත්තං
Sinhala BJTසික්ඛමානා සූත්‍රය
Pali BJT380. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සික්ඛමානං වෙහාසං ගච්ඡන්තිං. තස්සා සඞ්ඝාටිපි ආදිත්තා -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසා භික්ඛවෙ, සික්ඛමානා කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපසික්ඛමානා අහොසි -පෙ- එවරූපං අත්තභාව පටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT380. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ සික්ඛමානාවක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්ත ය. … [ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ...] මහණෙනි, මේ සික්ඛමානාව කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පවිටු සික්ඛමානාවක් වූවා ය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි. වදාළ සේක.
Pali BJT7. 2. 10.
Sinhala BJT7. 2. 10.
Pali BJTසාමණෙරසුත්තං
Sinhala BJTසාමණේර සූත්‍රය
Pali BJT381. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සාමණෙරං වෙහාසං ගච්ඡන්තං. තස්සා සඞ්ඝාටිපි ආදිත්තා -පෙ- [අථ ඛො භගවා -පෙ-] එසො භික්ඛවෙ, සාමණෙරො කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපසාමණෙරො අහොසි -පෙ- එවරූපං අත්තභාව පටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJT381. ඇවැත්නි, මම මෙහි ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හෙරණකු දිටිමි. ඔහුගේ සඟළ ද ආදීප්ත ය. … ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ හෙරණ තෙමේ කසුප් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පවිටු හෙරණෙක් විය ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳි යි වදාළසේක.
Pali BJT7. 2. 11.
Sinhala BJT7. 2. 11.
Pali BJTසාමණෙරීසුත්තං
Sinhala BJTසාමණේරී සූත්‍රය
Pali BJT382. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං සාමණෙරිං වෙහාසං ගච්ඡන්තිං. තස්සා සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා. පත්තොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො. කායබන්ධනම්පි ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. කායොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො. සා සුදං අට්ටස්සරං කරොති. තස්ස මය්හං ආවුසො, එතදහොසි. අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, එවරූපොපි නාම සත්තො භවිස්සති. එවරූපොපි නාම යක්ඛො භවිස්සති. එවරූපොපි නාම අත්තභාවපටිලාභො භවිස්සතීති. [-පෙ-]
Sinhala BJT382. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හෙරණක දිටිමි. ඇගේ සඟළ ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. පාත්‍රය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කාබාන ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. කය ද ආදිත්තය, සම්පජ්ජලිත ය, සජෝතිභූත ය. ඕතොමෝ ද බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි ඒ මට මේ අදහස විය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි , පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මෙබඳු නම් සත්ත්‍වයෙක් වන්නේ ද, මෙබඳු නම් යක්‍ෂයෙක් වන්නේද, මෙබඳු නම් අත්බැව් පිළිලැබීමෙක් වන්නේදැ”යි. …
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: චක්ඛුභූතා වත භික්ඛවෙ, සාවකා විහරන්ති. ඤාණභූතා වත භික්ඛවෙ, සාවකා විහරන්ති. යත්ර හි නාම සාවකො එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති. පුබ්බෙව මෙ සා භික්ඛවෙ, සාමණෙරී දිට්ඨා අහොසි. අපි චාහං න බ්යාකාසිං. අහමෙවෙතං බ්යාකරෙය්යං, පරෙ මෙ න සද්දහෙය්යුං. යෙ මෙ න සද්දහෙය්යුං. නෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. යම් හෙයකින් ශ්‍රාවක තෙමේ මෙබන්දක් දන්නේ හෝ වේ ද, දක්නේ හෝ වේ ද, සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, (එහෙයින්) මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් ඇස් ඇත්තාහු වෙසෙත්. මහණෙනි, ශ්‍රාවකයෝ ඒකාන්තයෙන් හට ගත් නුවණ ඇත්තාහු වෙසෙත්. මහණෙනි, පෙර ම මා විසින් ඒ හෙරණි දක්නා ලද්දී වූවා ය. එහෙත් මම නො පැවසීමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු මා වදන නො අදහන්නාහු ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
Pali BJTඑසා භික්ඛවෙ, සාමණෙරී කස්සපස්ස සම්මාසම්බුද්ධස්ස පාවචනෙ පාපසාමණෙරී අහොසි. සා තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන එවරූපං අත්තභාවපටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJTමහණෙනි, මේ හෙරණ තොමෝ කසුප් සම්මාසම්බුදුන්ගේ සස්නෙහි පවිටු හෙරණක් වූවා ය ... ඕ තොමෝ ඒ කර්‍මයේ විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සිය ගණන් බොහෝ වස් දහස්ගණන් බොහෝ වස් සියදහස්ගණන් නිරයෙහි පැස ඒ කර්‍මයාගේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
Pali BJTවග්ගො දුතියො
Sinhala BJTදෙවෙනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකූපෙ නිමුග්ගො හි සො පාරදාරිකො ගූථඛාදි අහු දුට්ඨසමණබ්රාහ්මණො, නිච්ඡවිත්ථි අතිචාරිනී අහු මඞ්ගුලිත්ථි අහු ඉක්ඛණිත්ථිකා, ඔකිලිනී සපත්තඞ්ගාරකොකිරි සීසච්ඡින්නො අහු චොරඝාතකො, භික්ඛු භික්ඛුනී සික්ඛමානා සාමණෙරො අථ සාමණෙරිකා කස්සපස්ස විනයස්මිං පබ්බජ්ජ, පාපකම්මං අකරිංසු තාවදෙති.
Sinhala BJTකූපයෙහි නිමග්න වූ හෙතෙමේ පාරදාරික වූයේ ය. අශුචි කන්නේ දුෂ්ටබ්‍රාහ්මණයෙක් වූයේ ය. සිවිය නැත්තී වේශ්‍යාවක් වූවා ය. පිළිකුල් කටයුත්තී යද්දැස්සක් වූවා ය. ඩහ වැගිරෙන්නී සැතිරිය මත අඟුරු විසිරිය. හිස්සුන් තැනැත්තේ චෝරඝාතකයෙක් විය. භික්ඛු භික්ඛුනී සික්ඛමානා සාමණේර සාමණේරීහු කසුප් සස්නෙහි පැවිදි ව රිසිසේ පව්කම් කළහ.
Pali BJTලක්ඛණසංයුත්තං සමත්තං.
Sinhala BJTලක්ඛණ සංයුත්තය නිමියේ ය.
Pali BJT8. ඔපම්මසංයුත්තං
Sinhala BJT8. ඔපම්ම සංයුත්තය
Pali BJT1. පඨමො වග්ගො
Sinhala BJT1. ප්‍රථම වර්‍ගය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJTකූටසුත්තං
Sinhala BJTකූට සූත්‍රය
Pali BJT383. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා -පෙ- එතදවොච:
Sinhala BJT383. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො, සබ්බා තා කූටඞ්ගමා කූටසමොසරණා, කූටසමුග්ඝාතා සබ්බා තා සමුග්ඝාතං ගච්ඡන්ති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි අකුසලමූලා{1} සබ්බෙ තෙ අවිජ්ජඞ්ගමා{2} අවිජ්ජාසමොසරණා. අවිජ්ජාසමුග්ඝාතා සබ්බෙ තෙ සමුග්ඝාතං ගච්ඡන්ති.
Sinhala BJTඑහි දී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, යම් සේ කුළුගෙයක හැම ගොනැස්හු ම කූටයෙහි (කැණිමඩලෙහි) පිවිසියාහු කූටයෙහි මුළුදුන්නාහු ද කූටය බිඳීමෙන් ඒ හැම විනාශයට යෙත් ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි අකුසල්මුල් කෙනෙක් වෙත් ද, ඒ හැම අවිද්‍යාවෙහි පිවිසියාහු අවිද්‍යාවෙහි මුළුදුන්නාහු වෙත්. අවිද්‍යාව නැසීමෙන් ඒ සියලු අකුශලමූලයෝ විනාශයට යෙති.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “අප්පමත්තා විහරිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඑහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “අප්‍රමත්ත ව වසන්නමෝ” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJTනඛසිඛාසුත්තං
Sinhala BJTනඛසිඛා සූත්‍රය
Pali BJT384. සාවත්ථියං–
Sinhala BJT384. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නුඛො බහුතරං යො වායං{3} මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා{3} මහාපඨවීති?
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ඒ කිමැයි හගිවු ද? කිමෙක් ඉබොහෝ ද? මා විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ද, නොහොත් මේ මහ පොළොව දැ”යි.
Pali BJTඑතදෙව භන්තෙ බහුතරං යදිදං මහාපඨවී. අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති.
Sinhala BJTවහන්ස, යම් මේ මහපොළවක් වේ ද, එය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ ස්වල්ප ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බුඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගණනකට ද නො පැමිණේ. උපමාවට ද නො පැමිණේ. සොළොස්වැනි කලාවෙන් කලාවට ද නො පැමිණේ.
Pali BJTඑව මෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අඤ්ඤත්ර මනුස්සෙහි පච්චාජායන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිද්ද, ඒ සත්ත්‍වයෝ ඉතා අල්පය. වැලි යම් කෙනෙක් මිනිස්ලොවින් අන් තන්හි උපදිත් ද, මේ සත්ත්‍වයෝ ම ඉතා බොහෝය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “අප්පමත්තා විහරිස්සාමා”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඑහෙයින් මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු. “නො පමා ව වෙසෙන්නමෝ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJTකුලසුත්තං
Sinhala BJTකුල සූත්‍රය
Pali BJT385. සාවත්ථියං–
Sinhala BJT385. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි කුලානි බහුත්ථිකානි අප්පපුරිසානි, තානි සුප්පධංසියානි හොන්ති චොරෙහි කුම්භත්ථෙනකෙහි. එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි භික්ඛුනො මෙත්තා චෙතොවිමුත්ති අභාවිතා අබහුලීකතා, සො සුප්පධංසියො හොති අමනුස්සෙහි.
Sinhala BJTමහණෙනි, යම් සේ බොහෝ ස්ත්‍රීන් ඇති අල්ප පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කළයෙහි සැඟවූ පහන් එළියෙන් සොරකම් කරණ කුඹු සොරුන් විසින් සුවසේ වෙහෙසිය හැක්කාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය (මෛත්‍රීධ්‍යානය) නො වඩන ලද ද, බහුල නො කරණ ලද ද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් සුවසේ වෙහෙසිය හෙන්නේ වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි කුලානි අප්පිත්ථිකානි{1} බහුපුරිසානි, තානි දුප්පධංසියානි හොන්ති චොරෙහි කුම්භත්ථෙනකෙහි. එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි භික්ඛුනො මෙත්තා චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා, සො දුප්පධංසියො හොති අමනුස්සෙහි.
Sinhala BJTමහණෙනි, යම් සේ අල්ප ස්ත්‍රීන් ඇති බොහෝ පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කුඹු සොරුන් විසින් නො වෙහෙසිය හෙන්නාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, හෙතෙමේ අමනුෂ්‍යයන් විසින් නො වෙහෙසිය හෙන්නේ වෙයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: මෙත්තා නො චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යුක්ත යානයක් මෙන් කරණ ලද්දී ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන් වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
Pali BJT8. 1. 4.
Sinhala BJT8. 1. 4.
Pali BJTඔක්ඛාසතසුත්තං
Sinhala BJTඔක්ඛාසත සූත්‍රය
Pali BJT386. සාවත්ථියං–
Sinhala BJT386. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, පුබ්බණ්හසමයං ඔක්ඛාසතං{2} දානං දදෙය්ය, යො මජ්ඣන්තිකං සමයං ඔක්ඛාසතං දානං දදෙය්ය, යො සායණ්හසමයං ඔක්ඛාසතං දානං දදෙය්ය, යො වා පුබ්බණ්හසමයං අන්තමසො ගද්දුහනමත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්ය, යො වා මජ්ඣන්තිකං සමයං අන්තමසො ගද්දුහනමත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්ය, යො වා සායණ්හසමයං අන්තමසො ගද්දුහනමත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
Sinhala BJTමහණෙනි, යමෙක් පෙරවරු මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් මද්දහනෙහි මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් සවස් කල මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් පෙරවරු යටත් පිරිසෙයින් ගෝදෝනා (දෙනගේ තනපුඬු එක් වරක් අදනා) කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් මද්දහනෙහි යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙක් සවස් වරු යටත් පිරිසෙයින් ගෝදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, මෙය ඒ දනට වඩා මහත්ඵල ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: මෙත්තා නො චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තාවේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
Pali BJT8. 1. 5.
Sinhala BJT8. 1. 5.
Pali BJTසත්තිසුත්තං
Sinhala BJTසත්ති සූත්‍රය
Pali BJT387. සාවත්ථියං–
Sinhala BJT387. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සත්ති තිණ්හඵලා. අථ පුරිසො ආගච්ඡෙය්ය “අහං ඉමං සත්තිං තිණ්හඵලං පාණිනා වා මුට්ඨිනා වා පතිලෙණිස්සාමි පතිකොට්ටෙස්සාමි{1} පතිවට්ටෙස්සාමී”ති.{2} තං කිම්මඤ්ඤසි භික්ඛවෙ, භබ්බො නු ඛො සො පුරිසො අමුං සත්තිං තිණ්හඵලං පාණිනා වා මුට්ඨිනා වා පටිලෙණෙතුං පතිකොට්ටෙතුං පතිවට්ටෙතුන්ති? නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? අසු හි භන්තෙ සත්ති තිණ්හඵලා න සුකරා පාණිනා වා මුට්ඨිනා වා පතිලෙණෙතුං පතිකොට්ටෙතුං පතිවට්ටෙතුං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති.
Sinhala BJTමහණෙනි, යම් සේ තියුණු තල ඇති සිරියක් වේ ද, එකල්හි “මම තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ පැහැර නමන්නෙමි. (ධාරා දෙක එක් කොට) අලවන්නෙමි. දිග හැර නැවත හකුළුවන්නෙමි” යි පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, ඒ පුරුෂ තෙමේ තියුණු තල ඇති මේ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට නිසි ද? වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින්ද? වහන්ස, තියුණු තල ඇති ඒ සිරිය අතින් හෝ මිටෙන් හෝ නමන්නට අලවන්නට දිග හැර නැවත හකුළුවන්නට සුකර නො වේ. ඒ පුරුෂ තෙමේ (ඒ සඳහා යම්තාක් වැර වඩා ද,) ඒ තාක් ම වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි භික්ඛුනො මෙත්තා චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, තස්ස චෙ අමනුස්සො චිත්තං ඛිපිතබ්බං මඤ්ඤෙය්ය, අථ ඛො ස්වෙව අමනුස්සොකිලමථස්ස. විඝාතස්ස භාගී අස්ස.
Sinhala BJTමහණෙනි, එහෙයින් ම යම් කිසි මහණකු විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, යානයක් මෙන් කරණ ලද ද, වාස්තුවක් මෙන් කරණ ලද ද, එළඹ සිටියක් කරණ ලද ද, පුරුදු කරණ ලද ද, මැනවින් පිරිපුන් කරණ ලද ද, ඉදින් අමනුෂ්‍යයෙක් ඔහුගේ සිත පෙරළිය යුතු ය යි හඟනේ නම් වැලි ඒ අමනුෂ්‍ය තෙමේ වෙහෙසීමට විඩාවට හිමියෙක් වන්නේ ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං. මෙත්තා නො චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “අප විසින් මෙත්තා වේතොවිමුත්තිය වඩන ලද්දී බහුල කරණ ලද්දී යානයක් මෙන් කරණ ලද්දී වාස්තුවක් මෙන් කරණ ලද්දී එළඹ සිටියක් කරණ ලද්දී පුරුදු කරණ ලද්දී මැනවින් පිරිපුන් කරණ ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැයි.
Pali BJT8. 1. 6.
Sinhala BJT8. 1. 6.
Pali BJTධනුග්ගහසුත්තං
Sinhala BJTධනුග්ගහ සූත්‍රය
Pali BJT388. සාවත්ථියං–
Sinhala BJT388. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, චත්තාරො දළ්හධම්මා ධනුග්ගහා සික්ඛිතා කහතත්ථා කතූපාසනා චතුද්දිසා ඨිතා අස්සු. අථ පුරිසො ආගච්ඡෙය්ය “අහං ඉමෙසං චතුන්නං දළ්හධම්මානං ධනුග්ගහානං සික්ඛිතානං කතභත්ථානං කතූපාසනානං චතුද්දිසා කණ්ඩෙ ඛිත්තෙ අප්පතිට්ඨිතෙ පඨවියං{3} ගහෙත්වා ආහරිස්සාමී”ති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, ජවනො පුරිසො පරමෙන ජවෙන සමන්නාගතොති අලං වචනායාති?
Sinhala BJTමහණෙනි, යම් සේ දැඩි දුනු දරණ නිපුණ වූ කෘතහස්ත වූ දැක්වූ ධනුශ්ශිල්ප ඇති දුනුවායෝ සිවුදෙනෙක් සිවුදිග සිටියෝ ද, එකල්හි දැඩි දුනු ඇති නිපුණ වූ කෘතහස්ත වූ දැක් වූ ධනුශ්ශිල්ප ඇති මේ සිවු දුනුවායන් විසින් සිවුදිගට විදින ලද ඊතල පොළොවෙහි නො පිහිටියවුන්ම (පොළොව නොහෙන තෙක්ම) මම හැර ගෙණ එන්නෙමි”යි. පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, “එසේ දිවිය හෙන්නා වූ මේ පුරුෂ තෙම උතුම් ජව ඇත්තේ ය යි - දිවිය හෙන්නේ ය යි කියන්නට සුදුසු දැ”යි:
Pali BJTඑකස්ස චෙපි භන්තෙ, දළ්හධම්මස්ස ධනුග්ගහස්ස සික්ඛිතස්ස{3} කතහත්ථස්ස කතූපාසනස්ස කණ්ඩං ඛිත්තං අප්පතිට්ඨිතං පඨවියං{4} ගහෙත්වා ආහරෙය්ය, ජවනො පුරිසො පරමෙන ජවෙන සමන්නාගතොති අලං වචනාය. කොපනවාදො චතුන්නං දළ්හධම්මානං ධනුග්ගහානං සික්ඛිතානං කතහත්ථානං කතූපාසනානන්ති.
Sinhala BJTවහන්ස, දැඩි දුනු දරණ උගත් පළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායකු විසිනුදු විදිනලද හීය පොළොව නො හෙන තෙක් ම ඉදින් හැර ගෙණ එන්නේ නම් එසේ දිවිය හෙන පුරුෂයා උතුම් ජව ඇත්තේ ය යි කියන්නට සුදුසු ය. දැඩි දුනු දරණ උගත් කළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායන් සිවුදෙනෙකුන් විදි හී ගැණ කවර කථා ද?
Pali BJTයථා ච භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො යථා ච චන්දිමසුරියානං ජවො තතො සීඝතරො. යථා ච භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො, යථා ච චන්දිමසුරියානං ජවො, යථා ච යා දෙවතා චන්දිමසුරියානං පුරතො ධාවන්ති, තාසං දෙවතානං ජවො තතො සීඝතරො.{1} යථා ච භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො, යථා ච චන්දිමසුරියානං ජවො, යථා ච යා දෙවතා චන්දිමසුරියානං පුරතො ධාවන්ති තාසං දෙවතානං ජවො, තතො සීඝතරං ආයුසඞ්ඛාරා ඛීයන්ති.
Sinhala BJTමහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම්බඳු ද, සඳහිරු දෙදෙනාගේ යම්බඳු වේගයෙක් වේ නම් (එය) ඊට වඩා ශීඝ්‍ර ය. මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය, යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව යම් සේ දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය එයට වඩා ශීඝ්‍රය. ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය යම් බඳු ද, ඊට වඩා ශීඝ්‍රව ආයුසංස්කාරයෝ (රූප ජිවිතින්‍ද්‍රියයෝ) ක්‍ෂය වෙත්.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: අප්පමත්තා විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT8. 1. 7.
Sinhala BJT8. 1. 7.
Pali BJTආණිසුත්තං
Sinhala BJTආණි සූත්‍රය
Pali BJT389. සාවත්ථියං–
Sinhala BJT389. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, දසාරහානං{2} ආණකො නාම මුදිඞ්ගො අහොසි. තස්ස දසාරහා ආණකෙ ඵළිතෙ{3} අඤ්ඤං ආණිං ඔදහිංසු. අහු ඛො සො භික්ඛවෙ සමයො යං ආණකස්ස මුදිඞ්ගස්ස පොරාණං පොක්ඛර ඵලකං{4} අන්තරධායි, ආණිසඞ්ඝාටොව අවසිස්සි.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙරකඳ අතුරුදන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේ ම ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං, යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතපටිසංයුත්තා,{5} තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසිස්සන්ති,{6} න සොතං ඔදහිස්සන්ති, න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සන්ති. න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්යා චිත්තක්ඛරා චිත්තබ්යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සන්ති, සොතං ඔදහිස්සන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨාපෙස්සන්ති තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. එවමෙතෙසං භික්ඛවෙ, සුත්තන්තානං තථාගතභාසිතානං ගම්භීරානං ගම්භීරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතපටිසංයුත්තානං අන්තරධානං භවිස්සති.
Sinhala BJTමහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්‍ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්‍මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.