Pali BJT6. 1. 7.
Sinhala BJT6. 1. 7.
Pali BJTසඤ්චෙතනාසුත්තං
Sinhala BJTසඤ්චේතනා සූත්‍රය
Pali BJT346. සාවත්ථියං–
Sinhala BJT346. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, රූපසඤ්චෙතනා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- සද්දසඤ්චෙතනා -පෙ- ගන්ධසඤ්චෙතනා -පෙ- රසසඤ්චෙතනා -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා -පෙ- ධම්මසඤ්චෙතනා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධර්‍මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො රූපසඤ්චෙතනායපි නිබ්බින්දති. සද්දසඤ්චෙතනායපි නිබ්බින්දති. ගන්ධසඤ්චෙතනායපි නිබ්බින්දති. රසසඤ්චෙතනායපි නිබ්බින්දති. ඵොට්ඨබ්බසඤ්චෙතනායපි නිබ්බින්දති. ධම්මසඤ්චෙතනායපි නිබ්බින්දති. -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්චෙතනායෙහිත් කලකිරෙයි, සද්දසඤ්චේතනායෙහිත් කලකිරෙයි, ගන්‍ධසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. රසසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ඵොට්ඨබ්බසඤ්චේතනායෙහිත් කළ කිරෙයි. ධර්‍මසඤ්චේතනායෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
Pali BJT6. 1. 8.
Sinhala BJT6. 1. 8.
Pali BJTතණ්හාසුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT347. සාවත්ථියං–
Sinhala BJT347. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, රූපතණ්හා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා -පෙ- ධම්මතණ්හා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද, රූපතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දතණ්හාව ... ගන්‍ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො රූපතණ්හායපි නිබ්බින්දති, සද්දතණ්හායපි නිබ්බින්දති, ගන්ධතණ්හායපි නිබ්බින්දති, රසතණ්හායපි නිබ්බින්දති, ඵොට්ඨබ්බතණ්හායපි නිබ්බින්දති, ධම්මතණ්හායපි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපතණ්හාවෙහිත් කලකිරෙයි, සද්දතණ්හාවෙහිත් කලකිරෙයි, ගන්‍ධතණ්හාවෙහිත් කලකිරෙයි, රසතණ්හායෙහිත් කලකිරෙයි, ඵොට්ඨබ්බතණ්හායෙහිත් කලකිරෙයි, ධම්මතණ්හායෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJTධාතුසුත්තං
Sinhala BJTධාතු සූත්‍රය
Pali BJT348. සාවත්ථියං–
Sinhala BJT348. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, පඨවීධාතු නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- ආකාසධාතු -පෙ- විඤ්ඤාණධාතු නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද? පඨවීධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණ ධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො පඨවීධාතුයාපි නිබ්බින්දති. ආපොධාතුයාපි නිබ්බින්දති, තෙජොධාතුයාපි නිබ්බින්දති, වායොධාතුයාපි නිබ්බින්දති, ආකාසධාතුයාපි නිබ්බින්දති, විඤ්ඤාණධාතුයාපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පඨවීධාතුයෙහි ද කලකිරෙයි, ආපෝධාතුයෙහි ද කලකිරෙයි, තේජෝධාතුයෙහි ද කලකිරෙයි, වායෝධාතුයෙහි ද කලකිරෙයි, ආකාසධාතුයෙහි ද කලකිරෙයි, විඤ්ඤාණධාතුයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJTඛන්ධසුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT349. සාවත්ථියං–
Sinhala BJT349. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, රූපං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ’ -පෙ- වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ’ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද, රූපය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... වේදනාචා ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය ...’
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති පජානාතී’ති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි ද කලකිරෙයි, වේදනායෙහි ද කලකිරෙයි, සඤ්ඤායෙහි ද කලකිරෙයි, සඞ්ඛාරයන්හි ද කලකිරෙයි, විඤ්ඤාණයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි’ යි.
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJT[අයාචනාවෙන් දෙසූ ] පළමුවැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTචක්ඛුං රූපඤ්ච විඤ්ඤාණං සම්ඵස්සො වෙදනාය ච,සඤ්ඤා සඤ්චෙතනා තණ්හා ධාතු ඛන්ධෙන තෙ දසාති.
Sinhala BJTචක්ඛු, රූප, විඤ්ඤාණ, සම්ඵස්ස, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු යන ඔහු ඛන්‍ධ සූත්‍රය සමග දශයෙකි.
Pali BJT2. දුතියො වග්ගො
Sinhala BJT2. දෙවෙනි වර්‍ගය
Pali BJT6. 2. 1.
Sinhala BJT6. 2. 1.
Pali BJTචක්ඛුආදිසුත්තං
Sinhala BJTචක්ඛුආදි සූත්‍රය
Pali BJT350. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාහුලං භගවා එතදවොච:
Sinhala BJT350 මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුලහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ’. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භන්තෙ’. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති? ‘නො හෙතං භන්තෙ’. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො නිච්චො වා, අනිච්චො වාති? ‘අනිච්චො භන්තෙ’. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භන්තෙ’. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”?ති. ‘නො හෙතං භන්තෙ’.
Sinhala BJTරාහුල, ඒ කිමැයි හඟිහි ද? ඇස නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය,’ යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’ කණ ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද? සැපද, ‘වහන්ස දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී’ති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි, ... කණෙහි ද කළ කිරෙයි ... නැහැයෙහි ද කලකිරෙයි ... දිවෙහි ද කලකිරෙයි, ... කයෙහි ද කලකිරෙයි ... සිතෙහි ද කලකිරෙයි. කළ කිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි කට යුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.
Pali BJT(එතෙන පෙය්යාලෙන දස සුත්තන්තා කාතබ්බා.)
Sinhala BJT(පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි)
Pali BJT6. 2. 2.
Sinhala BJT6. 2. 2.
Pali BJTරූපාදිසුත්තං
Sinhala BJTරූපාදි සූත්‍රය
Pali BJT351. සාවත්ථියං–
Sinhala BJT351. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, රූපා නිච්චා වා අනිච්චා වා ති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා [නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ.’] -පෙ- එවං පස්සං රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, ඒ කිමැ යි හඟිහි ද? රූපයෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
Pali BJT6. 2. 3.
Sinhala BJT6. 2. 3.
Pali BJTවිඤ්ඤාණසුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT352. තං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ’ -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං [නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ.’] -පෙ- එවං පස්සං රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT352. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද,අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය … කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
Pali BJT6. 2. 4.
Sinhala BJT6. 2. 4.
Pali BJTසම්ඵස්සසුත්තං
Sinhala BJTසම්ඵස්ස සූත්‍රය
Pali BJT353. තං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වා ති? අනිච්චො භන්තෙ -පෙ- සොතසම්ඵස්සො -පෙ- ඝානසම්ඵස්සො -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- කායසම්ඵස්සො -පෙ- මනොසම්ඵස්සො [නිච්චො වා අනිච්චො වාති?] ‘අනිච්චො භන්තෙ.’ -පෙ- එවං පස්සං රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT353. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සය ... ඝාණසම්ඵස්සය ... ජිව්හාසම්ඵස්සය … කායසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 2. 5.
Sinhala BJT6. 2. 5.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT354. තං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුසම්ඵස්සජා වෙදනා නිච්චා වා අනිච්චා වා ති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සොතසම්ඵස්සජා වෙදනා -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- කායසම්ඵස්සජා වෙදනා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා [නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ.’] -පෙ- එවං පස්සං, රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT354. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව … කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 2. 6.
Sinhala BJT6. 2. 6.
Pali BJTසඤ්ඤාසුත්තං
Sinhala BJTසඤ්ඤා සූත්‍රය
Pali BJT355. තං කිම්මඤ්ඤසි රාහුල, රූපසඤ්ඤා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සද්දසඤ්ඤා -පෙ- ගන්ධසඤ්ඤා -පෙ- රසසඤ්ඤා -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා -පෙ- ධම්මසඤ්ඤා [නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ.’] -පෙ- එවං පස්සං රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT355. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධර්‍මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 2. 7.
Sinhala BJT6. 2. 7.
Pali BJTසඤ්චෙතනාසුත්තං
Sinhala BJTසඤ්චේතනා සූත්‍රය
Pali BJT356. තං කිම්මඤ්ඤසි රාහුල, රූපසඤ්චෙතනා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සද්දසඤ්චෙතනා -පෙ- ගන්ධසඤ්චෙතනා -පෙ- රසසඤ්චෙතනා -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනා -පෙ- ධම්මසඤ්චෙතනා [නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ.’] -පෙ- එවං පස්සං, රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT356. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 2. 8.
Sinhala BJT6. 2. 8.
Pali BJTතණ්හාසුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT357. තං කිම්මඤ්ඤසි රාහුල, රූපතණ්හා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා -පෙ- ධම්මතණ්හා [නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ.’] -පෙ- එවං පස්සං, රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT357. රාහුල, ඒ කිමැයි හඟිහි ද, රූපතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සද්දතණ්හාව ... ගන්‍ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 2. 9.
Sinhala BJT6. 2. 9.
Pali BJTධාතුසුත්තං
Sinhala BJTධාතු සූත්‍රය
Pali BJT358. තං කිම්මඤ්ඤසි රාහුල, පඨවීධාතු නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- ආකාසධාතු -පෙ- විඤ්ඤාණධාතු [නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ.’] -පෙ- එවං පස්සං, රාහුල -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT358. රාහුල, ඒ කිමැයි හඟිහි ද? පඨවිධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය. ‘ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝ ධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 2. 10.
Sinhala BJT6. 2. 10.
Pali BJTඛන්ධසුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT359. තං කිම්මඤ්ඤසි රාහුල, රූපං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ’ -පෙ- වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සංඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ.’ -පෙ- එවං පස්සං රාහුල සුතවා අරිය සාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT359. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ … වේදනාව ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ … රාහුල මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණී යි.
Pali BJT6. 2. 11.
Sinhala BJT6. 2. 11.
Pali BJTමානානුසයසුත්තං
Sinhala BJTමානානුසය සූත්‍රය
Pali BJT360. සාවත්ථියං–
Sinhala BJT360. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය:
Pali BJT“කථන්නු ඛො භන්තෙ, ජානතො, කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානානුසයා{1} න හොන්තී?ති.”
Sinhala BJT“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ (ස්වකීය) කයෙහිත්, පිටත සියලු (සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වූ) නිමිත්තයන්හිත් අභිඞ්කාර (මම යන දෘෂ්ටිය) ද, මමිඞ්කාර (මාගේ යන තෘෂ්ණාව ද මානානුසයෝ ද නො වෙද් දැ” යි?
Pali BJTයං කිඤ්චි රාහුල, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා - සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති.
Sinhala BJTරාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයෙක් වේද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති.
Sinhala BJTයම් කිසි වේදනාවක් ... යම් කිසි සඤ්ඤාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හේ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් විඤ්ඤාණයෙක් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දකී.
Pali BJTඑවං ඛො රාහුල, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්තීති.
Sinhala BJTරාහුල මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරමමිඞ්කාරමානානුසයෝ නො වෙති යි.
Pali BJT6. 2. 12.
Sinhala BJT6. 2. 12.
Pali BJTමානාපගතසුත්තං
Sinhala BJTමානාපගත සූත්‍රය
Pali BJT361. සාවත්ථියං–
Sinhala BJT361. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච: “කථන්නු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති, විධාසමතික්කන්තං සන්තං සුවිමුත්ත”න්ති?
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහිත්, පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාරයෙන් මමිඞ්කාරයෙන් මානයෙන් පහ වූයේ වේ ද, මානකොටස් මැනවින් ඉක්ම වූයේ සන්සුන් වූයේ මනා කොට මිදුනේ වේ දැ යි?
Pali BJTයං කිඤ්චි රාහුල, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති. (පඤ්චන්නං ඛන්ධානං එවං කත්තබ්බං.) යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා - සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදාවිමුත්තො හොති.
Sinhala BJTරාහුල, අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ. (පඤ්චස්කන්‍ධය පිළිබඳ පෙය්‍යාලය මෙසේ කට යුතු යි.) ... යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ වර්‍තමාන වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙක් වේ ද, දුර වූ හෝ ලඟ වූ හෝ යම් කිසි විඤ්ඤාණයෙකුත් වේ ද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුනේ වේ.
Pali BJTඑවං ඛො රාහුල, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ, බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති.
Sinhala BJTරාහුල, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සිත සවිඤ්ඤාණක වූ මේ කයෙහි ද, පිටත සියලු නිමිත්තයන්හි ද අභිඞ්කාරමමිඞ්කාරමානයෙන් පහ වූයේ මාන කොටස් මනා කොට ඉක්මවූයේ සන්හුන් වූයේ මැනවින් මිදුනේ වේ යි.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචක්ඛුං රූපඤ්ච විඤ්ඤාණං සම්ඵස්සො වෙදනාය ච, සඤ්ඤා සඤ්චෙතනා තණ්හා ධාතු ඛන්ධෙන තෙ දස අනුසයං අපගතඤ්චෙව වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTචක්ඛු, රූප, විඤ්ඤාණ, වේදනා, සඤ්ඤා, සඤ්චේතනා, තණ්හා, ධාතු, ඛන්‍ධ යන දශය ද, අනුසය අපගත දෙක ද යන මේ සූත්‍ර දොළසින් වර්‍ගය කියනු ලැබේ.
Pali BJTරාහුලසංයුත්තං සමත්තං.
Sinhala BJTරාහුල සංයුත්තය නිමියේ ය.
Pali BJT7. ලක්ඛණසංයුත්තං
Sinhala BJT7. ලක්ඛණ සංයුත්තය
Pali BJT1. පඨමො වග්ගො
Sinhala BJT1. ප්‍රථම වර්‍ගය
Pali BJT7. 1. 1.
Sinhala BJT7. 1. 1.
Pali BJTඅට්ඨිසඞ්ඛලිකසුත්තං
Sinhala BJTඅට්ඨිසඞ්ඛලික සූත්‍රය
Pali BJT362. එවම්මෙසුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච ලක්ඛණො ආයස්මා ච මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනායස්මා ලක්ඛණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ලක්ඛණං එතදවොච: ආයාමාවුසො ලක්ඛණ, රාජගහං පිණ්ඩාය පවිසිස්සාමාති. එවමාවුසොති ඛො ආයස්මා ලක්ඛණො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසි.
Sinhala BJT362. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ද ගිජුකුළුපව්වෙහි වැඩවෙසෙති. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ලක්ඛණ තෙරුන්ට “ඇවැත්නි, ලක්ඛණයෙනි, යමු, රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි මෙය කීහ. ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. අථ ඛො ආයස්මා ලක්ඛණො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: කො නු ඛො ආවුසො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො සිතස්ස පාතුකම්මායාති? අකාලො ඛො ආවුසො ලක්ඛණ, එතස්ස පඤ්හස්ස. භගවතො මං සන්තිකෙ එතං පඤ්හං පුච්ඡාති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ගිජුකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. එකල්හි ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ”යි මෙය කීහ. ඇවැත්නි, ලක්ඛණයෙනි, මේ ප්‍රශ්නයට නො කල් ය. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රශ්නය මා විචාරව යි.
Pali BJTඅථ ඛො ආයස්මා ච ලක්ඛණො ආයස්මා ච මහාමොග්ගල්ලානො පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ලක්ඛණො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: ඉධායස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. කො නු ඛො ආවුසො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො සිතස්ස පාතුකම්මායාති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද රජගහ නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ලක්ඛණ තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීහ: මෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ගිජිකුළුපව්වෙන් බස්නාහු එක්තරා පෙදෙසක දී සිනහ පහළ කළහ. “ඇවැත්නි, මොග්ගල්ලානයෙනි, සිනහ පහළ කිරීමට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”යි?
Pali BJTඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අට්ඨිකසඞ්ඛලිකං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා ඵාසුලන්තරිකාහි විතුදන්ති.{1} සාසුදං{2} අට්ටස්සරං කරොති. තස්ස මය්හං ආවුසො, එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, එවරූපොපි නාම සත්තො භවිස්සති, එවරූපොපි නාම යක්ඛො භවිස්සති, එවරූපොපි නාම අත්තභාවපටිලාභො භවිස්සතීති.
Sinhala BJTඇවැත්නි, මෙහි මම ගිජුකුළුපව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ ඇටසැකිල්ලක් වූ (ප්‍රේතයකු දිවැසින්) දිටිමි. (යක්) ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ ඇටසැකිල්ල ලුහුබඳිමින් ඉළඇට අතරින් විදිත්. ඒ ඇටසැකිල්ල බැගෑහඬ කෙරෙයි. ඇවැත්නි, ඒ මට “භවත්නි, ආශ්චර්‍ය්‍යෙක් ම ය! භවත්නි, අද්භුතයෙක් ම ය! මෙබඳු වූත් සත්ත්‍වයෙක් වේ ද! මෙබඳු වූත් යක්‍ෂයෙක් වේ ද! මෙබඳු වූත් අත්බැව් ලැබීමෙක් වේ දැ!යි මේ අදහස විය.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: චක්ඛුභූතා වත භික්ඛවෙ, සාවකා විහරන්ති, ඤාණභූතා වත භික්ඛවෙ, සාවකා විහරන්ති, යත්ර හි නාම සාවකො එවරූපං ඤස්සති වා දක්ඛති වා සක්ඛිං වා කරිස්සති. පුබ්බෙව මෙ සො භික්ඛවෙ, සත්තො දිට්ඨො අහොසි. අපි චාහං න ව්යාකාසිං. අහමෙවෙතං{1} බ්යාකරෙය්යං, පරෙ මෙ{2} න සද්දහෙය්යුං. යෙ මෙ නසද්දහෙය්යුං, තෙසං තං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ ගොඝාතකො අහොසි. සො තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්වා{3} තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන{4} එවරූපං අත්තභාවපටිලාභං පටිසංවෙදයතීති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, යම් හෙයකින් සව්වෙක් ද මෙබන්දක් දන්නේ හෝ දක්නේ හෝ සාක්‍ෂ්‍ය කරන්නේ හෝ වේ ද, එහෙයින් උපන් (දිව) ඇස් ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, උපන් (දිව) නැණ ඇති සව්වෝ මෙහි වෙසෙති. මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මා විසින් පෙර ම දක්නා ලද්දේ විය. එහෙත් මම නො පැවසුවෙමි. මම ම මෙය පැවසුයෙම් නම් අන්නු (නොදැනීමෙන්) මා වදන නො අදහන්නාහු (විය හැකි) ය. යම් කෙනෙක් මා වදන නො අදහන්නාහු නම් එය ඔවුනට දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෝඝාතකයෙක් (ගෙරින් නසා ඇටෙන් මස් මුදා විකොට වැටෙන්නෙක්) විය. හෙ තෙමේ ඒ කර්‍මයෙහි විපාකයෙන් බොහෝ වස් ගණන් බොහෝ වස් සියගණන් බොහෝ වස් දහස් ගණන් බොහෝ වස් සියදහස් ගණන් නිරයෙහි පැස ඒ කර්‍මයාගේ ම ඉතිරි විපාකයෙන් (අට්ඨිසඞ්ඛලික පේතව) මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT(සබ්බෙසං සුත්තානං එසෙව පෙය්යාලො)
Sinhala BJT(මෙය ම මතු දැක්වෙන සියලු සූත්‍රයන්ගේ පෙය්‍යාලය වේ.)
Pali BJT7. 1. 2.
Sinhala BJT7. 1. 2.
Pali BJTමංසපෙසිසුත්තං
Sinhala BJTමාංසපෙසි සූත්‍රය
Pali BJT363. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං මංසපෙසිං වෙහාසං ගච්ඡන්තිං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සා සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ ගොඝාතකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT363. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි යන මස්වැදැල්ලක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මේ මස්වැදැල්ල ලුහුබඳිමින් කඩා කති, ඉරා කති. ඒ මස්වැදැල්ල ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ගෙරින් මරන්නෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 1. 3.
Sinhala BJT7. 1. 3.
Pali BJTමංසපිණ්ඩසුත්තං
Sinhala BJTමාංසපිණ්ඩ සූත්‍රය
Pali BJT364. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං මංසපිණ්ඩං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ සාකුණිකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT364. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ මස්පිඩක් (වූ ප්‍රේතයකු) දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මෙය ලුහුබඳිමින් කඩා කත් ,ඉරා කත්. ඒ මස් පිඩ ද බැගෑහඬ නගයි ... මහණෙනි ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම ලිහිණි වැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත් බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 1. 4.
Sinhala BJT7. 1. 4.
Pali BJTනිච්ඡවිසුත්තං
Sinhala BJTනිච්ඡවි සූත්‍රය
Pali BJT365. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං නිච්ඡවිං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තමෙනං ගිජ්ඣාපි කාකාපි කුලලාපි අනුපතිත්වා අනුපතිත්වා විතච්ඡෙන්ති, විරාජෙන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ ඔරබ්භිකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT365. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ (ඇඟ) සිවිය නැති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි. ගිජුලිහිණියෝත් කවුඩෝත් උකුස්සෝත් ඒ මොහු ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. ඒ හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම බැටෙළුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
Pali BJT7. 1. 5.
Sinhala BJT7. 1. 5.
Pali BJTඅසිලොමසුත්තං
Sinhala BJTඅසිලෝම සූත්‍රය
Pali BJT366. ඉධාහං ආවුසො, ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දසං අසිලොමං පුරිසං වෙහාසං ගච්ඡන්තං. තස්ස තෙ අසී උප්පතිත්වා උප්පතිත්වා තස්සෙව කායෙ නිපතන්ති. සො සුදං අට්ටස්සරං කරොති -පෙ- [අථ ඛො භගවා -පෙ- ] එසො භික්ඛවෙ, සත්තො ඉමස්මිං යෙව රාජගහෙ සූකරිකො අහොසි -පෙ- [එවරූපං අත්තභාවපටිලාභං] පටිසංවෙදයතීති.
Sinhala BJT366. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ අසිලොම් (=කඩුමුවා ලොම්) ඇති පුරුෂ(ප්‍රේත)යකු දිටිමි . ඔහුගේ ඒ අසි උඩ නැග නැග ඔහුගේ ම සිරුරෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්‍වතෙමේ මේ රජගහනුවර ම හුරුවැද්දෙක් විය. ... ඒ කර්‍මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
Pali BJT7. 1. 6.
Sinhala BJT7. 1. 6.
Pali BJTසත්තීලොමසුත්තං
Sinhala BJTසත්තිලෝම සූත්‍රය