Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 15088

SegmentPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො තා දෙවතා{2} භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTමහාසමයො පවනස්මිං දෙවකායා සමාගතා, ආගතම්හ ඉමං ධම්මසමයං දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝන්ති.
Sinhala BJTමහවන ලැහැබෙහි මහාසමූහයෙකි. දේවසමූහයෝ රැස් වුහ. අපරාජිත සඞ්ඝයා දකිනු පිණිස මේ ධර්‍මසභාවට පැමිණියම්හ.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
Pali BJTතත්ර භික්ඛවො සමාදහංසු චිත්තං අත්තනො{8} උජුකමකංසු, සාරථීව නෙත්තානි ගහෙත්වා ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතාති.
Sinhala BJTඑහි භික්‍ෂූහු තමන්ගේ සිත සමාධිගත කළහ. ඍජු කළහ. පණ්ඩිතයෝ රැහැන් ගෙණ (අසුන් හික්මවන) රියැදුරන් මෙන් ඉඳුරන් රකිත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඡෙත්වා ඛීලං{9} ඡෙත්වා පලිඝං{10} ඉන්දඛීලං ඌහච්ච මනෙජා, තෙ චරන්ති සුද්ධා විමලා චක්ඛුමතා සුදන්තා සුසුනාගාති.
Sinhala BJTපසැස් ඇති බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් හික්මවන ලද පවිත්‍ර නිර්‍මල තරුණ නාගයන් වූ උන්වහන්සේ (රාගද්වේෂමෝහ නැමැති) කණුව සිඳ (අවිද්‍යා) කනයම සිඳ (කෙලෙස් නැමැති) ඉන්‍ද්‍රකීලය උදුරා පියා තෘෂ්ණාකම්පනරහිත වූවාහු හැසිරෙත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
Pali BJTයෙ කෙචි බුද්ධං සරණං ගතා සෙ න තෙ ගමිස්සන්ති අපායං,{11} පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්තීති.
Sinhala BJTයම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහු ද, ඔහු අපායට නොයන්නාහු මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJTසකලිකසුත්තං.
Sinhala BJTසකලික සූත්‍රය.
Pali BJT38. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති මද්දකුච්ඡිස්මිං මිගදායෙ.
Sinhala BJT38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුවවෙනෙහි වැඩවසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති. භුසා{12} සුදං භගවතො වෙදනා වත්තන්ති සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරෙකින් පහළේ වේ. භාග්‍යවතුන් වහන්සේට දුක් වූ දැඩි වූ රළු වූ තියුණු වූ නොමිහිරි වූ අමනාප වූ බලවත් ශාරීරික වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක.
Pali BJTඅථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති{13} පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සිවුගුණු කොට පණවා දකුණු පයෙහි වම් පය මඳක් මෑත් කොට තබා දකුණුපසින් සිංහශය්‍යාව කරණ සේක.
Pali BJTඅථ ඛො සත්තසතා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මද්දකුච්ඡිං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති පන්සියක් සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මද්දකුච්ඡිය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTනාගො වත භො සමණො ගොතමො. නාගවතා{1} ච පනුප්පන්නා{2} සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානොති.
Sinhala BJTභවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් නාගයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරිරක වේදනාවන් නාග බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTසීහො වත භො සමණො ගොතමො. සීහවතා{1} ච පනුප්පන්නා{2} සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානොති.
Sinhala BJTභවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් සිංහයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් සිංහ බැවින් ම මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTආජානීයො වත භො සමණො ගොතමො. ආජානීයවතා{1} ච පනුප්පන්නා{2} සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානොති.
Sinhala BJTභවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ආජානීයයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ආජානීය බැවින් ම සිහි ඇති ව මනා නුවණ ඇති ව නොපෙළෙමින් ඉවසයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTනිසභො වත භො සමණො ගොතමො. නිසභවතා ච පනුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානොති.
Sinhala BJTභවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ නිසභයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් නිසභ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTධොරය්හො වත භො සමණො ගොතමො. ධොරය්හවතා ච පනුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානොති.
Sinhala BJTභවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් ධොරය්හයෙකි (=ධුර ඉසිලීමෙහි සමර්‍ත්‍ථයෙකි). දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් ධොරය්හ බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTදන්තො වත භො සමණො ගොතමො. දන්තවතා ච පනුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානොති.
Sinhala BJTභවත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ඒකාන්තයෙන් දාන්තයෙකි. දුක් වූ දැඩි වූ කැකුළු වූ කටුක වූ නොමිහිරි වූ අමනාප වූ උපන් ශාරීරික වේදනාවන් දාන්ත බැවින් ම සිහි ඇති ව මනා නුවණැති ව නොපෙළෙමින් ඉවසයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළේ ය:
Pali BJTපස්ස සමාධිං සුභාවිතං චිත්තඤ්ච සුවිමුත්තං{1} නචාභිනතං නචාපනතං න ච සසංඛාරනිග්ගය්හවාරිතවතං{2}. යො එවරූපං පුරිසනාගං පුරිසසීහං පුරිසාජානීයං පුරිසනිසභං පුරිසධොරය්හං පුරිසදන්තං අතික්කමිතබ්බං මඤ්ඤෙය්ය, කිමඤ්ඤත්ර අදස්සනාති.
Sinhala BJTබල, සමාධි මොනවට වඩන ලදී. සිත ද සුවිමුක්ත ය. (රාගනුගත වශයෙන්) පෙරට නැමුනේ නො ද වෙයි. (දෝෂානුගතවශයෙන්) විමුඛ ව නැමුනේ නො ද වෙයි. (අල්පගුණසාස්‍රව සමාධිය සෙයින්) සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීකධර්‍මයන් නිගෙන කෙලෙස් වළහා සිටියේ ද නො වෙයි. යමෙක් මෙබඳු පුරුෂනාගයකු පුරුෂසිංහයෙකු පුරුෂාජානීයකු පුරුනිෂභයකු පුරුෂධෞරෙයකු, පුරුෂදාන්තයකු ඝැටියයුතු කොට ගඟනේ නම් නුනුවණ හැර අන් කිමෙක.
Pali BJTපඤ්චවෙදා සතං සමං තපස්සී බ්රාහ්මණා චරං, චිත්තඤ්ච නෙසං න සම්මා විමුත්තං හීනත්තරූපා න පාරඞ්ගමා තෙ.
Sinhala BJTවේද පස දරණ සියක් වසක් මුළුල්ලෙහි තපස් ඇති ව හැසිරෙන බ්‍රාහ්මණයෝ වෙත් ද, ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. ලාමක ස්වභාව ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.
Pali BJTතණ්හාධිපන්නා වත සීලබද්ධා ලූඛං තපං වස්සසතං චරන්තා, චිත්තඤ්ච නෙසං න සම්මා විමුත්තං හීනත්තරූපා න පාරඞ්ගමා තෙ.
Sinhala BJTතෘෂ්ණායෙන් මඩනා ලද වුත ශීල දෙකින් බැඳුනු සියක් වසක් මුළුල්ලෙහි රූක්‍ෂ තපස් කරණ (යම් බමුණෝ වෙත් ද,) ඔවුන්ගේ සිත ද මැනවින් නො මිදුනේ ය. හීනාත්මස්වභාවය ඇති ඔහු පරතෙරට නො යන්නෝ ය.
Pali BJTන මානකාමස්ස දමො ඉධත්ථි න මොනමත්ථි අසමාහිතස්ස, එකො අරඤ්ඤෙ විහරං පමත්තො න මච්චුධෙය්යස්ස තරෙය්ය පාරන්ති.
Sinhala BJTමෙහි මානය කැමැත්තහුට දමයෙක් නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් නැත. වනයෙහි හුදෙකලා ව ප්‍රමත්ත ව වසන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමානං පහාය සුසමාහිතත්තො සුචෙතසො සබ්බධි විප්පමුත්තො, එකො අරඤ්ඤෙ විහරං අප්පමත්තො ස මච්චුධෙය්යස්ස තරෙය්ය පාරන්ති.
Sinhala BJTමානය දූර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදෙකලා ව වෙනෙහි වෙසෙන හෙ තෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ ය.
Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJTපජ්ජුන්නධීතුසුත්තං
Sinhala BJTපජඡුන්නධීතු සූත්‍රය.
Pali BJT39. එවං මෙ සුතං එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො කොකනදා පජ්ජුන්නස්ස ධීතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මහාවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො කොකනදා{3} පජ්ජුන්නස්ස ධීතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි.
Sinhala BJT39. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි පර්ජන්‍ය (=වස්සවලාහක) දෙවිහුගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති කොකනදා තොමෝ මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කිවු ය:
Pali BJTවෙසාලියං වනෙ{4} විහරන්තං අග්ගං සත්තස්ස සම්බුද්ධං, කොකනදාහමස්මි අභිවන්දෙ කොකනදා පජ්ජුන්නස්ස ධීතා.
Sinhala BJTමම කොකනදා වෙමි. පර්ජන්‍යයාගේ දුව වූ කොකනදා (නම් වූ මම) විසල්පුර මහවනෙහි වැඩ වසන සත්ත්‍වයාට අග්‍ර වූ සර්‍වඥයන් වහන්සේ සකසා වඳිමි.
Pali BJTසුතමෙව මෙ{5} පුරෙ ආසි ධම්මො චක්ඛුමතානුබුද්ධො, සාහංදානි සක්ඛී ජානාමි මුනිනො දෙසයතො සුගතස්ස.
Sinhala BJTපසැස් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරණ ලද්දේ ය යි මාවිසින් පෙර අසන ලද පමණෙක් ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ ලෙස දනිමි.
Pali BJTයෙ කෙචි අරියධම්මං{1} විගරහන්තා චරන්ති දුම්මෙධා, උපෙන්ති රොරුවං ඝොරං චිරරත්තං දුක්ඛමනුභවන්ති.
Sinhala BJTනුවණ නැත්තා වූ යම් කිසි කෙනෙක් ආර්‍ය්‍යධර්‍මය ගරහමින් හැසිරෙද්ද, ඔහු දරුණු වූ රෞරව නිරයට පැමිණෙත්. බොහෝ කලක් දුක් අනුභව කෙරෙත්.
Pali BJTයෙ ච ඛො අරියධම්මෙ{2} ඛන්තියා උපසමෙන උපෙතා, පහාය මානුසං දෙහං දෙවකායං පරිපූරෙස්සන්තී’ති.
Sinhala BJTයම් කෙනෙක් ආර්‍ය්‍යධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන් හා ව්‍යුපශමයෙන් යුක්ත වූවාහු ද, (ඔහු) මිනිස්සිරුර හැර පියා දෙව්පිරිස පුරා ලන්නාහ.
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJTචුල්ලපජ්ජුන්නධීතුසුත්තං
Sinhala BJTචුල්ලපජජුන්තධිතු සූත්‍රය.
Pali BJT40. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො චුල්ල{3}කොකනදා පජ්ජුන්නස්ස ධීතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මහාවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො චුල්ලකොකනදා පජ්ජුන්නස්ස ධීතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJT40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල පර්ජන්‍යයාගේ දුව වූ මනා ඡවිවර්‍ණ ඇති චුල්ලකොකනදා තොමෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු මහවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා ය. එකත්පසෙක සිටි පර්ජන්‍යයාගේ දුව වූ චුල්ලකොකනදා තොමෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කිවු ය:
Pali BJTඉධාගමා විජ්ජුපභාසවණ්ණා කොකනදා පජ්ජුන්නස්ස ධීතා, බුද්ධඤ්ච ධම්මඤ්ච නමස්සමානා ගාථා චිමා අත්ථවතී අභාසි.
Sinhala BJTපර්ජන්‍ය ගේ දුව වූ විදුලිය එළිය වැනි පැහැ ඇති කොකනදා තොමෝ මෙහි අවු ය. බුදුන් ද දහම් ද වඳිමින් අර්‍ත්‍ථවත් වූ මේ ගාථා ද කිවු ය.
Pali BJTබහුනාපි ඛො තං විභජෙය්යං පරියායෙන තාදිසො ධම්මො, සංඛිත්තමත්තං ලපයිස්සාමි යාවතා මෙ මනසා පරියත්තං.
Sinhala BJTඒ (ස්වල්පවූ ද) ධර්‍මය බොහෝ ක්‍රමයෙනුදු බෙදන්නෙමි. ඒ ධර්‍මය එබඳු ය. මවිසින් සිතින් යම් තාක් පුහුණු කරණ ලද්ද්දේ ද, (ඒ හැම නො කියා) සංක්‍ෂේපමාත්‍රයක් කියන්නෙමි.
Pali BJTපාපං න කයිරා වචසා මනසා කායෙන වා කිඤ්චන සබ්බලොකෙ, කාමෙ පහාය සතිමා සම්පජානො දුක්ඛං න සෙවෙථ අනත්ථසංහිතන්ති.
Sinhala BJTවචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුළුලොව කිසි පවක් නො කරන්නේ ය. සිහි ඇත්තේ මනානුවණින් දන්නේ කාමයන් හැරපියා අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ දුක නො සෙවුනේ යි.
Pali BJTසතුල්ලපකායිකවග්ගො චතුත්ථො.
Sinhala BJTසතුල්ලපකායිකවර්‍ගය සිවුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උදානය මෙසේ යි:
Pali BJTසබ්භි මච්ඡරිනා සාධු නසන්තුජ්ඣානසඤ්ඤිනො, සද්ධා සමයො සකලිකං උභො පජ්ජුන්නධීතරො’ති.
Sinhala BJTසබ්හි, මච්ඡරී, සාධු, නසන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික, පජ්ජන්නධීතු සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.
Pali BJT5. ආදිත්තවග්ගො
Sinhala BJT5. ආදිත්ත වර්‍ගය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJTආදිත්තසුත්තං.
Sinhala BJTආදිත්ත සූත්‍රය
Pali BJT41. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJT41. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJTආදිත්තස්මිං අගාරස්මිං යං නීහරති භාජනං, තං තස්ස හොති අත්ථාය නො ච යං තත්ථ ඩය්හති.
Sinhala BJTගෙය ගිනිගත් කල (ගෙහිමියා) යම් භාජනයක් බැහැර කෙරේ ද, එය ඔහුට ප්‍රයෝජනය පිණිස වෙයි. යමක් එහි දැවේ ද, එය (ප්‍රයෝජනය පිණිස) නො වේ.
Pali BJTඑවමාදිපිතො{1} ලොකො ජරාය මරණෙන ච, නීහරෙථෙව දානෙන දින්නං හොති සුනීහතං.
Sinhala BJTමෙසේ ලෝවැසි තෙමේ ජරායෙන් හා මරණයෙන් ද ඇවිළ ගන්නා ලද්දේ ය. (එහෙයින්) දානයෙන් ම බැහැර කරන්නේ ය. දෙන ලද්ද මැනවින් බැහැර කරණ ලද්දේ වෙයි.
Pali BJTදින්නං සුඛඵලං හොති නාදින්නං හොති තං තථා, චොරා හරන්ති රාජානො අග්ගි ඩහති නස්සති.
Sinhala BJTදෙනලද්ද සුවපල ඇත්තේ වේ. නො දෙන ලද්ද එසේ නො වේ. ඒ (නුදුන්) දෙය සොරු හැර ගණිත්. රජහු හෝ හැර ගණිත්. ගින්න හෝ දවයි. (තුබූ තැන ම හෝ) නැසෙයි. යලි නො නැසුනු භෝග සහිත ශරීරය මරණයෙන් හැර පියයි.
Pali BJTඅථ අන්තෙන ජහති සරීරං සපරිග්ගහං, එතදඤ්ඤාය මෙධාවී භුඤ්ජෙථ ච දදෙථ ච. දත්වා ච භුත්වා ච යථානුභාවං අනින්දිතො සග්ගමුපෙති ඨානන්ති.
Sinhala BJTනුවණැත්තේ මේ කරුණ දැන අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය. ශක්තිපරිද්දෙන් දී අනුභව ද කොට අනින්‍දිත වූයේ ස්වර්‍ගස්ථාන යට පැමිණේ.
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJTකිංදදසුත්තං.
Sinhala BJTකිංදද සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT42. කිංදදො බලදො හොති කිංදදො හොති වණ්ණදො. කිංදදො සුඛදො හොති කිංදදො හොති චක්ඛුදො. යො ච{2} සබ්බදදො හොති තං මෙ අක්ඛාහි පුච්ඡිතොති.
Sinhala BJT42. කුමක් දෙන්නේ බලය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ සැපය දෙන්නේ වේ ද? කුමක් දෙන්නේ ඇස් දෙන්නේ වේ ද? යමෙක් සියල්ල දෙන්නෙත් වේ ද, මා විසින් විචාරණ ලද්දෙහි එය වදාළ මැනවි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅන්නදො බලදො හොති වත්ථදො හොති වණ්ණදො, යානදො සුඛදො හොති දීපදො හොති චක්ඛුදො. සො ච සබ්බදදො හොති යො දදාති උපස්සයං, අමතංදදො ච සො හොති යො ධම්මමනුසාසතීති.
Sinhala BJTආහාර දෙන්නේ බලය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නේ වර්‍ණය දෙන්නේ වේ. යාන දෙන්නේ සැප දෙන්නේ වේ. පහන් දෙන්නේ ඇස් දෙන්නේ වේ. යමෙක් අවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ. යමෙක් ධර්‍මානුශාසන කෙරේ ද, හෙතෙමේ අමෘතය දෙන්නේත් වෙයි.
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJTඅන්නසුත්තං
Sinhala BJTඅන්න සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT43. අන්නමෙවාභිනන්දන්ති උභයෙ දෙවමානුසා, අථ කො නාම සො යක්ඛො යං අන්නං නාභිනන්දතීති.
Sinhala BJT43. දෙව්මිනිස් දෙකොටස වූවෝ ආහාරය ම පතත්. යම් හෙයෙකින් යමෙක් ආහාරය නො පතා නම්, හේ කවර නම් යකෙක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJTයම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙද්ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
Pali BJTතස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTඑහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වේ.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJTඑකමූලසුත්තං
Sinhala BJTඒකමූල සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT44. එකමූලං ද්විරාවට්ටං තිමලං පඤ්චපත්ථරං, සමුද්දං ද්වාදසාවට්ටං පාතාලං අතරී ඉසීති.
Sinhala BJT44. එක්මුලක් ඇති සළාවැටුම් දෙකක් ඇති මල තුණක් ඇති ප්‍රස්තර පසක් ඇති ආවර්‍ත දොළසක් ඇති අගාධ වූ සමුද්‍රය මහර්ෂි තෙමේ තරණය කළේ ය.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJTඅනොමසුත්තං
Sinhala BJTඅනෝම සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT45. අනොමනාමං නිපුණත්ථදස්සිං පඤ්ඤාදදං කාමාලයෙ අසත්තං තං පස්සථ සබ්බවිදුං සුමෙධං අරියෙ පථෙ කමමානං මහෙසින්ති.
Sinhala BJT45. පිරිපුන් නම් ඇති සියුම් අරුත් දක්නාසුලු නුවණ දෙන කාමවස්තුන්හි නොඇලුනු සියල්ල දන්නා මනා නුවණ ඇති ආර්‍ය්‍යමාර්‍ගයෙහි ගියා වූ ඒ මහර්ෂිහු බලව.
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJTඅච්ඡරාසුත්තං.
Sinhala BJTඅච්ඡරා සූත්‍රය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT46. අච්ඡරාගණසඞ්ඝුට්ඨං පිසාචගණසෙවිතං, වනන්තං මොහනං නාම කථං යාත්රා භවිස්සතීති.
Sinhala BJT46. අප්සරස් සමූහයා විසින් සුඝෝෂිත වූ පිශාචයන් වැනි ඒ අප්සරස් සමූහයා විසින් සෙවුනාලද මේ වනය මෝහන නමි. (එයින්) නික්ම යෑම කෙසේ වන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඋජුකො නාම සො මග්ගො අභයා නාම සා දිසා, රථො අකූජනො{1} නාම ධම්මචක්කෙහි සංයුතො.
Sinhala BJTඒ මාර්‍ගය උජුක නම් වේ. දිශාව අභයා නම් වේ. ධර්‍මචක්‍රයන් ගෙන් යුක්ත වූ ඒ රථය අකූජන නම් වේ.
Pali BJTහිරි තස්ස අපාලම්බො සතස්ස{2} පරිවාරණං, ධම්මාහං සාරථිං බ්රූමි සම්මාදිට්ඨිපුරෙජවං.
Sinhala BJTහිරිඔතප් දෙක ඒ රථයේ වැතිර ගන්නා පුවරු (ඇඳි) යි. සිහිය ඒ රථයේ පිරිකරයි (සැරැසිල්ලයි.) විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට යන ලෝකෝත්තර මාර්‍ග ධර්‍මය (එහි) රියැදුරා ය යි මම කියමි.
Pali BJTයස්ස එතාදිසං යානං ඉත්ථියා පුරිසස්ස වා, ස වෙ එතෙන යානෙන නිබ්බාණස්සෙව සන්තිකෙති.
Sinhala BJTයම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ මෙබඳු යානයෙක් වේ නම් හෙතෙමේ ඒකාන්තයෙන් මේ යානයෙන් නිවණ සමීපයෙහි ම වේ.
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJTවනරොපසුත්තං
Sinhala BJTවනරෝප සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJT47. කෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති, ධම්මට්ඨා සීලසම්පන්නා කෙ ජනා සග්ගගාමිනොති.
Sinhala BJT47. කිනම් කෙනකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්‍ගයට යෙත් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා, පපඤ්ච උදපානඤ්ච යෙ දදන්ති උපස්සයං.
Sinhala BJTයම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙ ද් ද,
Pali BJTතෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති, ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ගගාමිනොති.
Sinhala BJTඔවුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගයට යෙත්.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJTජෙතවනසුත්තං
Sinhala BJTජේතවන සූත්‍රය
Pali BJT[දෙවතා:]
Sinhala BJT[අනාථපිණ්ඩික දෙවි:]
Pali BJT48. ඉදඤ්හි තං ජෙතවනං ඉසිසඞ්ඝනිසෙවිතං, ආවුත්ථං ධම්මරාජෙන පීතිසඤ්ජනනං මම.
Sinhala BJT48. භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද ධර්‍මරාජ වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද මේ ඒ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං, එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා.
Sinhala BJTකර්‍මය ද, විද්‍යාව ද, සමාධි ධර්‍මය ද, උතුම් ජීවිතය වූ ශීලය ද යන මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
Pali BJTතස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො, යොනිසො විචිනෙ ධම්මං එවං තත්ථ විසුජ්ඣති.
Sinhala BJTඑහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් දහම් රැස් කරන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි පිරිසිදු වෙයි.
Pali BJTසාරිපුත්තොව පඤ්ඤාය සීලෙන උපසමෙන ච, යොපි පාරගතො{1} භික්ඛු එතාව පරමො සියා’ති.
Sinhala BJTප්‍රඥාවෙන් ද, ශීලයෙන් ද, ව්‍යුපශමයෙන් ද, ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ) පරතෙරට (නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම්, මේ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ම උතුම් කොට ඇත්තේ වන්නේ ය යි.