Pali BJTයො පි සො භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො, තස්ස පාහං{2} ලාභසක්කාරසිලොකො අන්තරායාය වදාමීති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ යම් ඒ මහණෙක් වේ නම්, ඔහුට ද ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ ය යි මම කියමි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච කිස්ස පන භන්තෙ, ඛීණාසවස්ස භික්ඛුනො ලාභසක්කාරසිලොකො අන්තරායායාති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රහත් මහණහුට කුමක් සඳහා ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ දැ”යි මෙය සැළකෙළේ ය.
Pali BJTයා හිස්ස සා ආනන්ද, අකුප්පා චෙතො විමුත්ති, නාහං තස්සා ලාභසක්කාර සිලොකං අන්තරායාය වදාමි. යෙ ච ඛ්වස්ස ආනන්ද අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො දිට්ඨධම්මසුඛවිහාරා අධිගතා, තෙසාහමස්ස ලාභසක්කාරසිලොකං අන්තරායාය වදාමි.
Sinhala BJTආනන්‍ද, ඔහුගේ යම් ඒ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා එයට අන්තරාය පිණිස වේ ය යි මම නො කියමි. ආනන්‍ද, නො පමා ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසනහු විසින් ලබන ලද යම් දිටුදැමි පලසමවත් සුව විහරණයෝ වෙද්ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඔවුනට අන්තරාය (බාධා) පිණිස වන්නේ ය යි මම කියමි.
Pali BJTඑවං දාරුණො ඛො ආනන්ද, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො, අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ ආනන්ද, එවං සික්ඛිතබ්බං. උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම, න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතීති. එවං හි වො ආනන්ද, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTආනන්‍ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණුය, තියුණු ය, රළු ය, නිරුත්තර වූ අර්‍හත්‍වාවබෝධයට අන්තරායකර ය. ආනන්‍ද, එසේ හෙයින් මෙහි මෙසේ හික්මිය යුතු යි: උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටුනේ ය යි. ආනන්‍ද, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJTමාතුගාමවග්ගො තතියො.
Sinhala BJTමාතුගාම වර්‍ගය තෙවෙනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමාතුගාමො ච කල්යාණී එකපුත්තෙක ධීතු ච{3} සමණබ්රාහ්මණා තීණි ඡවි රජ්ජු ච භික්ඛු චෙති.
Sinhala BJTමාතුගාම, කල්‍යාණි, ඒකපුත්ත, ඒකධිතු සූත්‍ර ද, සමණබ්‍රාහ්මණ සූත්‍ර තුණ ද, ඡවි, රජ්ජු, භික්ඛු සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT4. සඞ්ඝභෙදවග්ගො
Sinhala BJT4. සඞ්ඝභේද වර්‍ගය
Pali BJT5. 4. 1.
Sinhala BJT5. 4. 1.
Pali BJTසඞ්ඝභෙදසුත්තං{*}
Sinhala BJTසඞ්ඝභේද සූත්‍රය
Pali BJT327. සාවත්ථියං–
Sinhala BJT327. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
Pali BJTලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදින්නචිත්තො භික්ඛවෙ, දෙවදත්තො සඞ්ඝං භින්දි. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මැඩුණු ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ සඞ්ඝයා බින්දේ ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
Pali BJT5. 4. 2.
Sinhala BJT5. 4. 2.
Pali BJTකුසලමූලසමුච්ඡෙදසුත්තං{*}
Sinhala BJTකුසලමූලසමුච්ඡේද සූත්‍රය
Pali BJT428. සාවත්ථියං–
Sinhala BJT428. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො. -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
Pali BJTලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස භික්ඛවෙ, දෙවදත්තස්ස කුසලමූලං සමුච්ඡෙදමගමා. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ කුසල්මුල් සහමුලින් සිඳීමට ගියේ ය. මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
Pali BJT5. 4. 3.
Sinhala BJT5. 4. 3.
Pali BJTකුසලධම්මසමුච්ඡෙදසුත්තං{*}
Sinhala BJTකුසලධම්මසමුච්ඡේද සූත්‍රය
Pali BJT429. සාවත්ථියං–
Sinhala BJT429. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
Pali BJTලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස භික්ඛවෙ, දෙවදත්තස්ස කුසලො ධම්මො සමුච්ඡෙදමගමා. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලදසිත් ඇති දෙව්දත්ගේ කුසල්දහම් සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
Pali BJT5. 4. 4.
Sinhala BJT5. 4. 4.
Pali BJTසුක්කධම්මසමුච්ඡෙදසුත්තං{*}
Sinhala BJTසුක්කධම්මසමුච්ඡේද සූත්‍රය
Pali BJT430. සාවත්ථියං–
Sinhala BJT430. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
Pali BJTලාභසක්කාරසිලොකෙන අභිභූතස්ස පරියාදින්නචිත්තස්ස භික්ඛවෙ, දෙවදත්තස්ස සුක්කො ධම්මො සමුච්ඡෙදමගමා. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද නිශ්ශේෂයෙන් ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ ශෝභන ධර්‍මය සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන්ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් හික්මිය යුතු මැ යි.
Pali BJT5. 4. 5.
Sinhala BJT5. 4. 5.
Pali BJTඅත්තවධසුත්තං{*}
Sinhala BJTඅත්තවධ සූත්‍රය
Pali BJT331. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි: අත්තවධාය භික්ඛවෙ, දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJT331. භාග්‍යවතුන් වහන්සේ එක්සමයෙක දෙව්දත් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් ඇරබ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තමාගේ ම විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දෙව්දත්හට ලාභසත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කදලී අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම්සේ කෙසෙල්ගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, වෙළු අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම් සේ හුණගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, නළො අත්තවධාය ඵලං දෙති, පරාභවාය ඵලං දෙති, එවමෙව ඛො භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම් සේ බටගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙ, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අස්සතරී අත්තවධාය ගබ්භං ගණ්හාති, පරාභවාය ගබ්භං ගණ්හාති, එවමෙව ඛො භික්ඛවෙ, අත්තවධාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි. පරාභවාය දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, යම් සේ අශ්වතරිය (වෙළඹකුස කොටළුවකුට දාව උපන්නී) තමන් නැසීම පිණිස ගැබ් ගණී ද, විනාශය පිණිස ගැප් ගණී ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ- එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැළි මෙය ද වදාළ සේක:
Pali BJTඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං,සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථාති.
Sinhala BJTඵලය ඒකාන්තයෙන් කෙසෙල්ගස නසයි. ඵලය හුණගස (නසයි). ඵලය බටගස (නසයි). ගැබ අශ්වතරිය (නසයි). එමෙන් සත්කාරය නින්‍දිතපුරුෂයා නස යි.
Pali BJT5. 4. 6.
Sinhala BJT5. 4. 6.
Pali BJTපඤ්චරථසතසුත්තං{*}
Sinhala BJTපඤ්චරථසත සූත්‍රය
Pali BJT332. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගච්ඡති. පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “දෙවදත්තස්ස භන්තෙ, අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගච්ඡති. පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයතී”ති.
Sinhala BJT332. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. මුළුබත් පන්සියක්වූ බත ද එළවනු ලැබේ. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. තලි පන්සියක බත ද එළවනු ලැබේ” යි.
Pali BJTමා භික්ඛවෙ, දෙවදත්තස්ස ලාභසක්කාරසිලොකං පිහයිත්ථ. යාවකීවඤ්ච භික්ඛවෙ, දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති, හානි යෙව භික්ඛවෙ, දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, දෙව්දත්ගේ ලාභ සත්කාර කීර්තිප්‍රශංසා කැමති නො වවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය හවස දෙව්දත්හට උවටැනට යන්නේ ද, තලි පන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි, (ඒතාක්) දෙව්දත්ගේ කුසල් දහම්හි පිරිහීම ම කැමති විය යුතු යි. වැඩීම නො කැමති විය යුතු යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, චණ්ඩස්ස කුක්කුරස්ස නාසාය පිත්තං භින්දෙය්යුං, එවං හි සො භික්ඛවෙ, කුක්කුරො භිය්යොසොමත්තාය චණ්ඩතරො අස්ස. එවමෙව භික්ඛවෙ, යාවකීවඤ්ච දෙවදත්තස්ස අජාතසත්තුකුමාරො පඤ්චහි රථසතෙහි සායංපාතං උපට්ඨානං ගමිස්සති, පඤ්ච ච ථාලිපාකසතානි භත්තාභිහාරො අභිහරීයිස්සති, හානි යෙව භික්ඛවෙ, දෙවදත්තස්ස පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, යම් සේ සැඩ බල්ලකුගේ නැහැයෙහි (නැහැසිදුරෙහි) පිත (වලස් හෝ සැඩමසු පිත) බිඳින්නාහු (සුණුකොට බහන්නාහු) ද, මහණෙනි, මෙයින් ඒ බල්ලා අතිශයින් ම සැඩ වන්නේ ය. මහණෙනි, එසෙයින් ම අජාසත් කුමාර තෙමේ රිය පන්සියකින් උදේ සවස දෙව්දත්හට උවටැනට යම් තාක් යන්නේ ද, තලිපන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි එයින් දෙව්දත්හුගේ කුසල් දහම් පිරිහීම කැමති විය යුතු. වැඩීම නො කැමති විය යුතු.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ- එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 4. 7.
Sinhala BJT5. 4. 7.
Pali BJTමාතුසුත්තං
Sinhala BJTමාතු සූත්‍රය
Pali BJT333. සාවත්ථියං–
Sinhala BJT333. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො, ඵරුසො, අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. ඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “න චායමායස්මා මාතුපි හෙතු සම්පජානමුසා භාසෙය්යාති”. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ලාභසක්කාරසිලොකෙන අභිභූතං පරියාදින්නචිත්තං සම්පජානමුසා භාසන්තං.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය තියුණු ය රළු ය. අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ මව හේතු කොට ගෙණ ද දැන දැන මුසා නො බණන්නේ ය”යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසුකලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, දැන දැන මුසා බණන ඔහු දකිමි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම. න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත සිඳ ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 4. 8–13.
Sinhala BJT5. 4. 8-13.
Pali BJTපිතුසුත්තාදිඡක්කං
Sinhala BJTපිතුසූත්‍රාදිෂට්කය
Pali BJT334-339. සාවත්ථියං–
Sinhala BJT334-339 සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. ඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “න චායමායස්මා
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ
Pali BJTපිතුපි හෙතු -පෙ- (අට්ඨමං)
Sinhala BJTපියා හේතු කොට ද (අට වැන්න)
Pali BJTභාතුපි හෙතු -පෙ- (නවමං)
Sinhala BJTබෑයා හේතු කොට ද ... (නවවැන්න)
Pali BJTභගිනියාපි හෙතු -පෙ- (දසමං)
Sinhala BJTබුහුන හේතු කොට ද ... (දසවැන්න)
Pali BJTපුත්තස්සපි හෙතු -පෙ- (එකාදසමං)
Sinhala BJTපුතා හේතු කොට ද ... (එකොළොස්වැන්න)
Pali BJTධීතුයාපි හෙතු -පෙ- (ද්වාදසමං)
Sinhala BJTදුව හේතු කොට ද ... දොළොස්වැන්න)
Pali BJTපජාපතියාපි හෙතු සම්පජානමුසා භාසෙය්යාති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ලාභසක්කාරසිලොකෙන අභිභූතං පරියාදින්නචිත්තං සම්පජානමුසා භාසන්තං.
Sinhala BJTබිරිය හේතු කොට ද දැන දැන මුසා නො බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද ගන්නා ලද සිත් ඇති දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො, ඵරුසො, අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරාකාර ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම, න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතීති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති. (තෙරසමං.)
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටින්නේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි. (තෙළෙස් වැන්න.)
Pali BJTසඞ්ඝභෙදවග්ගො චතුත්ථො.
Sinhala BJTසඞ්ඝභේදවර්‍ගය සිවුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTභින්දි මූලං සුක්කො ධම්මො පක්කන්තං රථමාතරො, පිතා ච භාතා භගිනී පුත්තො ධීතා පජාපතීති.
Sinhala BJTහින්දි, මූල, සුක්ක, ධම්ම,පක්කන්ත, රථ, මාතු, පීතු, භාතු, භගිනී, පුත්ත, ධීතු, පජාපති යි සූත්‍ර තෙළෙසකි යි.
Pali BJTලාභසක්කාරසංයුත්තං සමත්තං.
Sinhala BJTලාභසක්කාර සංයුත්තය නිමියේ ය.
Pali BJT6. රාහුලසංයුත්තං
Sinhala BJT6. රාහුල සංයුත්තය
Pali BJT1. පඨමො වග්ගො
Sinhala BJT1. ප්‍රථම වර්‍ගය
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJTචක්ඛුආදිසුත්තං
Sinhala BJTචක්ඛුආදි සූත්‍රය
Pali BJT340. එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT340. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ, භගවා සංක්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව ස්මෘතියෙන් තොර නොවී කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා, මැනවි”යි.
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද, ඇස නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යි දකිනට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
Pali BJTසොතං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ, -පෙ- ඝානං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ -පෙ- ජිව්හා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- කායො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTකණ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... නැහැය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... දිව අනිත්‍ය ද, නිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... කය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සිත නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ . යමක් අනිත්‍ය නම් එය දුක් ද, සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මගේ ය’ මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යි දක්නට සුදුසු ද? ‘වහන්ස, සුදුසු නො වේ ම ය.’
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතී’ති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහි ද කළ කිරෙයි. කණෙහි ද කලකිරෙයි. නැහැයෙහි ද කළ කිරෙයි, දිවෙහි ද කළ කිරෙයි. කයෙහි ද කළ කිරෙයි. සිතෙහි ද කළ කිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලෙන්නේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. සිටුමග කිස කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ” යි දැන ගණි යි.
Pali BJT[එතෙන පෙය්යාලෙන දස සුත්තන්තා කාතබ්බා]
Sinhala BJT[පෙය්‍යාලනයින් සූත්‍රාන්ත දශය සංක්‍ෂේප කට යුතු යි.]
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJTරූපාදි සුත්තං
Sinhala BJTරූපාදි සූත්‍රය
Pali BJT341. සාවත්ථියං–
Sinhala BJT341. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, රූපා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද, රූප (ආරම්මණ) යෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති, සද්දෙසුපි නිබ්බින්දති, ගන්ධෙසුපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසුපි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයන්හිත් කළ කිරෙයි, ශබ්දයන්හිත් කලකිරෙයි, ගන්‍ධයන්හිත් කලකිරෙයි, රසයන්හිත් කලකිරෙයි, ස්ප්‍රෂ්ටව්‍යයන්හිත් කලකිරෙයි, ධර්‍මයන්හිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ” යි දැන ගණි යි.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJTවිඤ්ඤාණසුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT342. සාවත්ථියං–
Sinhala BJT342. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ, -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය ... කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ...
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො චක්ඛුවිඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති -පෙ- සොතවිඤ්ඤාණස්මිම්පි -පෙ- ඝානවිඤ්ඤාණස්මිම්පි -පෙ- ජිව්හාවිඤ්ඤාණස්මිම්පි -පෙ- කායවිඤ්ඤාණස්මිම්පි -පෙ- මනොවිඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි, සෝතවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. ඝාණවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහි ද කළ කිරෙයි. කායවිඤ්ඤාණයෙහි ද කලකිරෙයි. මනෝවිඤ්ඤාණයෙහි ද කළ කිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJTසම්ඵස්සසුත්තං
Sinhala BJTසම්ඵස්ස සූත්‍රය
Pali BJT343. සාවත්ථියං–
Sinhala BJT343. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ -පෙ- සොතසම්ඵස්සො -පෙ- ඝානසම්ඵස්සො -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- කායසම්ඵස්සො -පෙ- මනොසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්ස ය ... ඝාණසම්ඵස්ස ය ... ජිව්හාසම්ඵස්ස ය ... කායසම්ඵස්ස ය ... මනෝසම්ඵස්ස ය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය …
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො චක්ඛුසම්ඵස්සස්මිම්පි නිබ්බින්දති, සොතසම්ඵස්සස්මිම්පි නිබ්බින්දති, ඝානසම්ඵස්සස්මිම්පි නිබ්බින්දති, ජිව්හාසම්ඵස්සස්මිම්පි නිබ්බින්දති, කායසම්ඵස්සස්මිම්පි නිබ්බින්දති, මනොසම්ඵස්සස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙහිත් කළ කිරෙයි. සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. ඝාණසම්ඵස්සයෙහිත් කලකිරෙයි, ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි, කායසම්ඵස්සයෙහිත් කලකිරෙයි, මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT344. සාවත්ථියං–
Sinhala BJT344. සැවැත්නුවර–
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, චක්ඛුසම්ඵස්සජා වෙදනා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- සොතසම්ඵස්සජා වෙදනා -පෙ- ඝානසම්ඵස්සජා වෙදනා -පෙ- ජිව්හාසම්ඵස්සජා වෙදනා -පෙ- කායසම්ඵස්සජා වෙදනා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ...
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො චක්ඛුසම්ඵස්සජාය වෙදනායපි නිබ්බින්දති. සොතසම්ඵස්සජාය -පෙ- ඝාන සම්ඵස්සජාය -පෙ- ජිව්හා සම්ඵස්සජාය -පෙ- කාය සම්ඵස්සජාය -පෙ- මනොසම්ඵස්සජාය වෙදනායපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. සෝතසම්ඵස්සයෙන් හටගත් ... ඝානසම්ඵස්සයෙන් හටගත් ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් ... කායසම්ඵස්සයෙන් හටගත් ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණි යි.
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJTසඤ්ඤාසුත්තං.
Sinhala BJTසඤ්ඤා සූත්‍රය
Pali BJT345. සාවත්ථියං–
Sinhala BJT345. සැවැත්නුවර–
Pali BJTතං කිම්මඤ්ඤසි රාහුල, රූපසඤ්ඤා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- සද්දසඤ්ඤා -පෙ- ගන්ධසඤ්ඤා -පෙ- රසසඤ්ඤා -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤා -පෙ- ධම්මසඤ්ඤා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTරාහුල, ඒ කිමැයි හගිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො රූපසඤ්ඤායපි නිබ්බින්දති. සද්දසඤ්ඤායපි නිබ්බින්දති. ගන්ධසඤ්ඤායපි නිබ්බින්දති. රසසඤ්ඤායපි නිබ්බින්දති. ඵොට්ඨබ්බසඤ්ඤායපි නිබ්බින්දති. ධම්මසඤ්ඤායපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුල, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රුපසඤ්ඤායෙහිත් කලකිරෙයි. සද්දසඤ්ඤායෙහිත් කලකිරෙයි. ගන්‍ධසඤ්ඤායෙහිත් කලකිරෙයි. රසසඤ්ඤායෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බසඤ්ඤායෙහිත් කළ කිරෙයි, ධම්මසඤ්ඤායෙහිත් කළ කිරෙයි. ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.