Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ භික්ඛවෙ, සික්ඛිතබ්බං: ‘උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම. න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී’ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළසේක:
Pali BJTයස්ස සක්කරියමානස්ස අසක්කාරෙන චූභයං,සමාධි න විකම්පති අප්පමාණවිහාරිනො.{1}
Sinhala BJTසත්කාර කරණු ලබන අප්‍රමාණ සමාධිවිහරණ ඇති යමකුගේ සමාධිය අසත්කාරයෙන් ද සත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ ද,
Pali BJTතං ඣායිනං සාතතිකං සුඛුමදිට්ඨිවිපස්සකං,උපාදානක්ඛයාරාමං ආහු සප්පුරිසො ඉතීති.
Sinhala BJTධ්‍යාන කරණසුලු සතතක්‍රියා ඇති සූක්‍ෂම දෘෂ්ටි හා විදර්‍ශනා ඇති උපාදානක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුනු ඔහුට සත්පුරුෂයා යි කියති යි.
Pali BJTදාරුණවග්ගො පඨමො
Sinhala BJTදාරුණවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදාරුණො බළිසං කුම්මො දීඝලොමිං මීළ්හකං,{2} අසනි දිද්ධං සිගාලඤ්ච වෙරම්බෙන සගාථකන්ති.
Sinhala BJTදාරුණ, බළිස, කුම්ම, දීඝලෝමි, මීළ්හක, අසනි, දිද්ධ, සිඟාල, වේරම්බ, සගාථක යි සූත්‍ර දශයෙකි යි.
Pali BJT2. පාතිවග්ගො.
Sinhala BJT2. පාති වර්‍ගය
Pali BJT5. 2. 1.
Sinhala BJT5. 2. 1.
Pali BJTසුවණ්ණපාතිසුත්තං
Sinhala BJTසුවණ්ණපාති සූත්‍රය
Pali BJT307. සාවත්ථියං–
Sinhala BJT307. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය …
Pali BJTඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි. “න චායමායස්මා සුවණ්ණපාතියාපි රූපියචුණ්ණපරිපූරාය හෙතු සම්පජානමුසා භාසෙය්යා”ති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ලාභසක්කාරසිලොකෙන අභිභූතං පරියාදින්නචිත්තං සම්පජානමුසා භාසන්තං.
Sinhala BJTමහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රිදී සුණු පිරුණු රන්තලියක් හේතු කොට ද දැන දැන මුසා නොම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභසත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 2. 2.
Sinhala BJT5. 2. 2.
Pali BJTරූපියපාතිසුත්තං
Sinhala BJTරුපියපාති සූත්‍රය
Pali BJT308. සාවත්ථියං–
Sinhala BJT308. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය …
Pali BJTඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි “න චායමායස්මා රූපියපාතියාපි සුවණ්ණචුණ්ණපරිපූරාය හෙතු සම්පජානමුසා භාසෙය්යා”ති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ලාභසක්කාරසිලොකෙන අභිභූතං පරියාදින්නචිත්තං සම්පජානමුසා භාසන්තං.
Sinhala BJTමහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රන්සුණු පිරුණු රීදීතලියක් හේතු කොට ද දැන දැන මුසා නො ම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 2. 3-10.
Sinhala BJT5. 2. 3-10.
Pali BJTසුවණ්ණනික්ඛසුත්තාදිඅට්ඨකං.
Sinhala BJTසුවණ්ණනික්ඛ සුත්‍රාදි අෂ්ටකය සූත්‍රය
Pali BJT309-316. සාවත්ථියං–
Sinhala BJT309-316. සැවැත්නුවර–
Pali BJT[දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-]
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. …
Pali BJTඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: න චායමායස්මා -
Sinhala BJTමහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලෙකු “මේ ආයුෂ්මත් තෙමේ
Pali BJTසුවණ්ණනික්ඛස්සාපි හෙතු -පෙ- (තතියං)
Sinhala BJTරන්නිකක් හේතු කොට ද ... (තෙවැන්න)
Pali BJTසුවණ්ණනික්ඛසතස්සාපි හෙතු -පෙ- (චතුත්ථං)
Sinhala BJTරන්නික සියක් හේතු කොට ද ... (සිවුවැන්න)
Pali BJTසිඞ්ගීනික්ඛස්සපි හෙතු -පෙ- (පඤ්චමං)
Sinhala BJTසිඟුරන්නිකක් හේතු කොට ද ... (පස්වැන්න)
Pali BJTසිඞ්ගීනික්ඛසතස්සාපි හෙතු -පෙ- (ඡට්ඨං)
Sinhala BJTසිඟුරන්නික සියක් හේතු කොට ද ... (සවැන්න)
Pali BJTපඨවියාපි ජාතරූපපරිපූරාය හෙතු -පෙ- (සත්තමං)
Sinhala BJTරනින් පිරුණු පොළොව හේතු කොට ද ... (සත්වැන්න)
Pali BJTආමිසකිඤ්චික්ඛහෙතුපි -පෙ- (අට්ඨමං)
Sinhala BJTකිසියම් ආමිසයක් හේතු කොට ද ... (අටවැන්න)
Pali BJTජීවිතහෙතුපි -පෙ- (නවමං)
Sinhala BJTජීවිතය හේතු කොට ද ... (නවවැන්න)
Pali BJTජනපදකල්යාණියාපි හෙතු සම්පජානමුසා භාසෙය්යාති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ලාභසක්කාරසිලොකෙන අභිභූතං පරියාදින්නචිත්තං සම්පජානමුසා භාසන්තං.
Sinhala BJTජනපද කල්‍යාණිය හේතු කොට ද,, දැන දැන මුසා නො ම බණන්නේ ය යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති. (දසමං)
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. (දසවැන්න)
Pali BJTපාතිවග්ගො දුතියො.
Sinhala BJTපාතිවර්‍ගය දෙවෙනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ පාති ද්වෙ සුවණ්ණා සිඞ්ගීහි අපරෙ දුවෙ, පඨවී කිඤ්චික්ඛ ජීවිතං ජනපදකල්යාණියා දසාති.
Sinhala BJTපාති සූත්‍ර දෙක ය, සුවණ්ණ සූත්‍ර දෙක ය, අනෙක් සිඞ්ගී නමින් සූත්‍ර දෙකක, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත, ජනපදකල්‍යාණි සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. මාතුගාමවග්ගො
Sinhala BJT3. මාතු වර්‍ගය
Pali BJT5. 3. 1.
Sinhala BJT5. 3. 1.
Pali BJTමාතුගාමසුත්තං
Sinhala BJTමාතුගාම සූත්‍රය
Pali BJT317. සාවත්ථියං–
Sinhala BJT317. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. ...
Pali BJTන තස්ස භික්ඛවෙ, මාතුගාමො එකො එකස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යස්ස ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය තිට්ඨති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යමකුගේ සිත (යම්සේ) ක්‍ෂය කොට සිටී ද, එකලා වූ මාගමක් එකලා වූ ඔහුගේ සිත (ඒ ධර්‍මයෙන් ද) එසේ ක්‍ෂය කොට නො සිටී.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 3. 2.
Sinhala BJT5. 3. 2.
Pali BJTජනපදකල්යාණීසුත්තං
Sinhala BJTජනපද කල්‍යාණී සූත්‍රය
Pali BJT318. සාවත්ථියං–
Sinhala BJT318. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
Pali BJTන තස්ස භික්ඛවෙ, ජනපදකල්යාණී එකා එකස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යස්ස ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය තිට්ඨති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා යමකුගේ සිත යම්සේ ක්‍ෂයකොට ගෙණ සිටී ද, එකලා වූ ඔහුගේ සිත එකලා වූ ද ජනපද කල්‍යාණී (ජනපදයෙහි රූසපුවෙන් උතුම් ස්ත්‍රී) තොමෝ එසේ ක්‍ෂය කොට ගෙණ නො සිටී.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 3. 3.
Sinhala BJT5. 3. 3.
Pali BJTඑකපුත්තසුත්තං
Sinhala BJTඒකපුත්ත සූත්‍රය
Pali BJT319. සාවත්ථියං–
Sinhala BJT319. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
Pali BJTසද්ධා භික්ඛවෙ, උපාසිකා එකං පුත්තං පියං මනාපං එවං සම්මා ආයාචමානා ආයාචෙය්ය “තාදිසො තාත භවාහි, යාදිසො චිත්තො ච ගහපති හත්ථකො ච ආළවකො.
Sinhala BJTමහණෙනි, සැදැහැති (සෝවන්) උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක් පුතකු මැනැවින් යදින්නී “පුත චිත්ත ගැහැවි තෙමේත් හත්‍ථක ආළවක තෙමේත් යම් බඳු නම් එබඳු වෙව”යි මෙසේ යදින්නී ය.
Pali BJTඑසා භික්ඛවෙ තුලා, එතං පමාණං, මම සාවකානං උපාසකානං යදිදං චිත්තො ච ගහපති, හත්ථකො ච ආළවකො.
Sinhala BJTමහණෙනි, යම් ඒ චිත්ත ගැහැවිත් හත්‍ථක ආළවකත් වෙත් නම් මා සවු උවසුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
Pali BJT“සචෙ ඛො ත්වං තාත, අගාරස්මා අනගාරියං පබ්බජසි, “තාදිසො තාත භවාහි යාදිසා සාරිපුත්ත-මොග්ගල්ලානා”ති.
Sinhala BJT“දරුව, ඉදින් තෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, දරුව, සැරියුත් - මුගලන් දෙනම යම් බඳු ද එබඳු වෙව” යි.
Pali BJTඑසා භික්ඛවෙ තුලා, එතං පමාණං, සාවකානං භික්ඛූනං යදිදං සාරිපුත්තමොග්ගලානා .
Sinhala BJTමහණෙනි, යම් මේ සැරියුත් - මුගලන් දෙනම වෙත් නම්, මා සවු මහණුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
Pali BJT“මා ච ඛො ත්වං තාත සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාතූ”ති.
Sinhala BJT“දරුව, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තා කරා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නො පැමිණේ වා”.
Pali BJTතඤ්චෙ භික්ඛවෙ, භික්ඛුං සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාති, සො{1} තස්ස හොති අන්තරායාය.
Sinhala BJTමහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති ඒ මහණහු කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඔහුට අන්තරාය පිණිස වෙයි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 3. 4.
Sinhala BJT5. 3. 4.
Pali BJTඑකධීතුසුත්තං
Sinhala BJTඒකධීතු සූත්‍රය
Pali BJT320. සාවත්ථියං–
Sinhala BJT320. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාර සිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
Pali BJTසද්ධා භික්ඛවෙ, උපාසිකා එකං ධීතිකං{2} පියං මනාපං එවං සම්මා ආයාචමානා ආයාචෙය්ය: “තාදිසා අය්යෙ, භවාහි, යාදිසා ඛුජ්ජුත්තරා උපාසිකා වෙළුකණ්ටකියා{3} ච නන්දමාතා”ති.
Sinhala BJTමහණෙනි, සැදැහැති සෝවන් උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක ම දුවක් මැනැවින් අයදිනී “දියෙනියෙනි, ඛුජ්ජුත්තරා උවැසියත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් යම්බඳු නම් එබඳු වෙව”යි මෙසේ අයදිනී ය.
Pali BJTඑසා භික්ඛවෙ තුලා, එතං පමාණං, මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ්ජුත්තරා ච උපාසිකා, වෙළුකණ්ටකියා ච නන්දමාතා.
Sinhala BJTමහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් වෙත් නම්, මා සවු උවැසියන්ට මෝ තුලාව ය. මේ පමණ ය.
Pali BJT“සචෙ ඛො ත්වං අය්යෙ අගාරස්මා අනගාරියං පබ්බජසි, තාදිසා අය්යෙ භවාහි, යාදිසා ඛෙමා ච භික්ඛුනී, උප්පලවණ්ණාචා”ති.
Sinhala BJT“දියනියෙනි, ඉදින් තී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් යම්බඳු ද එබඳු වෙව” යි.
Pali BJTඑසා භික්ඛවෙ, තුලා, එතං පමාණං, මම සාවිකානං භික්ඛුනීනං යදිදං ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා ච.
Sinhala BJTමහණෙනි, යම් මේ ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් වෙද්ද, මා සවු මෙහෙණනට මෝ තුලාව ය. මේ පමණ ය.
Pali BJT“මා ච ඛො ත්වං අය්යෙ සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාතූ”ති.
Sinhala BJT“දියනියෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තී කරා ලාභ සත්කාර කීර්තිප්‍රශංසා නො පැමිණේවා”.
Pali BJTතඤ්චෙ භික්ඛවෙ, භික්ඛුනිං සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාති, සො තස්සා හොති අන්තරායාය.
Sinhala BJTමහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත්බැව් ඇති ඒ මෙහෙණ කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඇයට අන්තරාය පිණිස වෙයි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
Pali BJT5. 3. 5.
Sinhala BJT5. 3. 5.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT321. සාවත්ථියං–
Sinhala BJT321. සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ලාභසක්කාරසිලොකස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, න මෙතෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණෝ ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි ඵලය හෝ බමුණු බැව්හි ඵලය හෝ දිටුදැමියෙහි ම තුමූ වෙසෙස් නැණින් දැන පසක් කොට සපයා නො ම වෙසෙති.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ලාභසක්කාරසිලොකස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ ච ඛො මෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාරකීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත වෙති. ඒ ඇවත්හු ද ශ්‍රමණ ඵලය ද බ්‍රාහ්මණ ඵලය ද දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එළඹ වෙසෙති යි.
Pali BJT5. 3. 6.
Sinhala BJT5. 3. 6.
Pali BJTදුතියසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT322. සාවත්ථියං–
Sinhala BJT322. සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ලාභසක්කාරසිලොකස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ නො දනිද්ද ... ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලයත් බ්‍රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ නො ම වෙසෙති.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ලාභසක්කාරසිලොකස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති -පෙ- තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ දනිද්ද, ... ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලයත් බ්‍රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි.
Pali BJT5. 3. 7.
Sinhala BJT5. 3. 7.
Pali BJTතතියසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTතතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT323. සාවත්ථියං–
Sinhala BJT323. සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ලාභසක්කාරසිලොකං යථාභූතං නප්පජානන්ති, ලාභසක්කාරසිලොකසමුදයං නප්පජානන්ති, ලාභසක්කාරසිලොකනිරොධං නප්පජානන්ති, ලාභසක්කාරසිලොකනිරොධගාමිනී පටිපදං නප්පජානන්ති -පෙ- යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා -පෙ- පජානන්ති -පෙ- යෙහි කෙචි සමණාචා බ්රාහ්මණාවා -පෙ- පජානන්ති -පෙ- තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර සිලෝක නො දනිත් ද, ලාභසත්කාර සිලෝක සමුදය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, ... යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ … දනිද් ද ... ඒ ආවත්හු මහණදම්හි ඵලයත් බමුණුදම්හි ඵලයත් දිටුදැමියෙහි ම විශිෂ්ටඥානයෙන් තුමූ දැන පසක් කොට එළඹ වෙසෙති යි.
Pali BJT5. 3. 8.
Sinhala BJT5. 3. 8.
Pali BJTඡවිසුත්තං
Sinhala BJTඡවි සූත්‍රය
Pali BJT324. සාවත්ථියං–
Sinhala BJT324. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො. ලාභසක්කාරසිලොකො භික්ඛවෙ ඡවිං ඡින්දති, ඡවිං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ- එවං හි ඛො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 3. 9.
Sinhala BJT5. 3. 9.
Pali BJTවාලරජ්ජුසුත්තං
Sinhala BJTවාලරජ්ජු සූත්‍රය
Pali BJT325. සාවත්ථියං–
Sinhala BJT325. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො. ලාභසක්කාරසිලොකො භික්ඛවෙ, ඡවිං ඡින්දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, බලවා පුරිසො දළ්හාය වාලරජ්ජුයා{1} ජඞ්ඝං වෙඨෙත්වා ඝංසෙය්ය. සා ඡවිං ඡින්දෙය්ය, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දෙය්ය, චම්මං ඡෙත්වා මංසං ඡින්දෙය්ය, මංසං ඡෙත්වා නහාරුං ඡින්දෙය්ය, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දෙය්ය, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො ඡවිං ඡින්දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨිංමිඤ්ජං ආහච්ච තිට්ඨති.
Sinhala BJTමහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දළ අස්කෙඳි රැහැණෙකින් කෙණ්ඩය වෙළා ගටන්නේ ද, එය සිවිය සිඳිනේ ය. සිවිය සිඳ සම සිඳිනේ ය. සම සිඳ මස් සිඳිනේ ය. මස් සිඳ නහර සිඳිනේ ය. නහර සිඳ ඇට සිඳිනේ ය. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටින්නේ ය. මහණෙනි, එසෙයින් ම ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
Pali BJTඑවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාර සිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 3. 10.
Sinhala BJT5. 3. 10.
Pali BJTඛීණාසවභික්ඛුසුත්තං
Sinhala BJTඛිණාසව භික්ඛු සූත්‍රය
Pali BJT326. සාවත්ථියං–
Sinhala BJT326. සැවැත්නුවර–