Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4601-4700 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසත්තාහමෙව ඛො අහං ආවුසො සාණො{3} රට්ඨපිණ්ඩං භුඤ්ජිං. අථ අට්ඨමියා අඤ්ඤා උදපාදි.
Sinhala BJTඇවැත්නි, මම සත්දවසක් ම රටවැසියා විසින් දෙන පිණ්ඩාහාරය නය ගැති ව වැළඳුවෙමි ඉක්බිති අටවැනි දිනයෙහි මට රහත් බව පහළ විය.
Pali BJTඅථ ඛො ආවුසො, භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. අථ ඛොහං ආවුසො පටපිලොතීනං සඞ්ඝාටිං චතුග්ගුණං පඤ්ඤාපෙත්වා භගවන්තං එතදවොචං: “ඉධ භන්තෙ, භගවා නිසීදතු, යං මමස්ස{4} දීඝරත්තං හිතාය සුඛායා”ති. නිසීදි ඛො ආවුසො භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො මං ආවුසො භගවා එතදවොච: “මුදුකා ඛො ත්යායං කස්සප, පටපිලොතීනං සඞ්ඝාටී”ති. පතිගණ්හාතු මෙ භන්තෙ භගවා පටපිලොතීනං සඞ්ඝාටි, අනුකම්පං උපාදායාති.
Sinhala BJTඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. ඇවැත්නි, එකල්හි මම පටපිලෝතිකායේන් කළ සඟල සිවුර සිවුගුණු කොට පණවා භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ හිඳින සේක්වා, දිගු කලක් එය මට හිත පිණිස සැප පිණිස වනු ඇතැයි” මෙය සැළකෙළමි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩහුන් සේක. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ “කස්සප, මේ පටපිලෝතිකා සඞ්ඝාටිය මෘදු ය”යි මෙය මට වදාළ සේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ පටපිලෝතිකා සඞ්ඝාටිය අනුකම්පා කොට පිළිගන්නා සේක්වා යි සැළකෙළෙමි.
Pali BJTධාරෙස්සසි පන මෙ ත්වං කස්සප සාණානි පංසුකූලානි නිබ්බසනානීති? ධාරෙස්සාමහං භන්තෙ භගවතො සාණානි පංසුකූලානි නිබ්බසනානීති.
Sinhala BJTකස්සප, තෙපි පරිභෝගයෙන් දිරාගිය හණවැහැරි (පිළි) යෙන් කළ මාගේ පවුල්සිවුරු දරන්නෙහි ද? වහන්ස, මම පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුරු දරන්නේමි යි.
Pali BJTසො ඛො අහං ආවුසො පටපිලොතීනං සඞ්ඝාටිං භගවතො පාදාසිං. අහං පන භගවතො සාණානි පංසුකූලානි නිබ්බසනානි පටිපජ්ජිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය “භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො පටිග්ගහෙතා.{1} සාණානි පංසුකූලානි නිබ්බසනානී”ති, මමං තං සම්මා වදමානො වදෙය්ය “භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො පටිග්ගහෙතා සාණානි පංසුකූලානි නිබ්බසනානී”ති.
Sinhala BJTඇවැත්නි, මම මහඟුවත් කඩ කපා කළ සඟළසිවුර භාග්‍යවතුන් වහන්සේට ප්‍රදානය කෙළෙමි. පරිභෝගයෙන් දිරාගිය හණවැහැරියෙන් කළ භාග්‍යවතුන් වහන්සේගේ පවුල්සිවුර මම පිළිගතිමි. ඇවැත්නි, මැනවින් සත්‍යය කියන්නෙක් “මුවෙන් (බුදුමුවෙන් නිකුත් අවවාදයෙන්) උපන්, ධර්‍මයෙන් හටගත්, ධර්‍මයෙන් නිමියා වූ ධර්‍මය දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර (ලෙහි උපන් පුතා)ය”යි ඒ යමකු සඳහා කියන්නේ නම්’ මැනවින් කියන්නේ “මුවෙන් උපන්, දහමෙන් හටගත්, දහමෙන් නිමියා වූ, දහම දෑවැද්ද කොට ඇති, පරිභෝගයෙන් දිරාගිය හණවැහැරිමුවා පවුල්සිවුරු පිළිගත්තා වූ, භාග්‍යවතුන් වහන්සේගේ උරදාපුත්ය” යි ඒ මට කියන්නේ ය.
Pali BJTඅහං ඛො ආවුසො යාවදෙ ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාරාමි.
Sinhala BJTඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) කාමයන් කෙරෙන් වෙන් ව ම, අකුශල ධර්‍මයන් කෙරෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි.
Pali BJTඅහං ඛො ආවුසො යාවදෙව ආකඞ්ඛාමි -පෙ- (නවන්නං අනුපුබ්බ විහාරසමාපත්තීනං පඤ්චන්නඤ්ච අභිඤ්ඤානං එවං විත්ථාරො වෙදිතබ්බො.{2})
Sinhala BJTඇවැත්නි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒතාක්) (නවානුපූර්‍ව විහාර සමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද විස්තරය පෙය්‍යාලයෙන් දත යුතු යි)
Pali BJTඅහං ඛො ආවුසො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි.
Sinhala BJTඇවැත්නි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ලබා වෙසෙමි.
Pali BJTසත්තරතනං වා සො ආවුසො{3} නාගං අඩ්ඪට්ඨරතනං වා තාලපත්තිකාය ඡාදෙතබ්බං මඤ්ඤෙය්ය, යො මෙ අභිඤ්ඤා ඡාදෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් වූ හෝ ඇතකු තලපතෙකින් වැසිය හැකි ය යි හඟනේ ය.
Pali BJTචවිත්ථ ච පන ථුල්ලනන්දා භික්ඛුනී බ්රහ්මචරියම්හාති.
Sinhala BJTථුල්ලනන්‍දා මෙහෙණ බඹසරින් ච්‍යුත වූවා ය.
Pali BJT4. 1. 12.
Sinhala BJT4 .1. 12.
Pali BJTතථාගතපරම්මරණසුත්තං
Sinhala BJTතථාගත පරම්මරණ සූත්‍රය
Pali BJT295. එකං සමයං ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච සාරිපුත්තො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පතිල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකස්සපං එතදවොච:
Sinhala BJT295. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි පලසමවතින් නැගී සිටියෝ ආයුෂ්මත් කසුප් තෙරුන් වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරුන්ට මෙය කීහ.
Pali BJTකින්නු ඛො ආවුසො, කස්සප හොති තථාගතො පරම්මරණාති?
Sinhala BJTඇවැත්නි, කාශ්‍යපයෙනි, කිමෙක් ද, තථාගත (සත්ත්‍ව) තෙමේ මරණින් මතුවේ ද?
Pali BJTඅබ්යාකතං ඛො එතං ආවුසො, භගවතා “හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඇවැත්නි, “සත්‍ව තෙමේ මරණින් මතු වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
Pali BJTකිං පනාවුසො, න හොති තථාගතො පරම්මරණාති?
Sinhala BJTඇවැත්නි, කිමෙක් ද, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වේ ද?
Pali BJTඑතම්පි{1} ඛො ආවුසො, අබ්යාකතං භගවතා “න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඇවැත්නි “සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වෙයි” යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
Pali BJTකින්නු ඛො ආවුසො, හොති ච න හොති ච තථාගතො පරම්මරණාති?
Sinhala BJTඇවැත්නි, කිමෙක් ද, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ ද?
Pali BJTඅබ්යාකතං ඛො එතං ආවුසො භගවතා, “හොති ච න හොති ච තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඇවැත්නි, “සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි” යන මේද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදී.
Pali BJTකිං පනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති?
Sinhala BJTඇවැත්නි, කිමෙක් ද, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ ද?
Pali BJTඑතම්පි ඛො ආවුසො, අබ්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඇවැත්නි, “සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වෙයි” යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
Pali BJTකස්මා චෙතං ආවුසො, අබ්යාකතං භගවතාති?
Sinhala BJTඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද්දේ ද?
Pali BJTන හෙතං ආවුසො අත්ථසංහිතං ආදිබ්රහ්මචරියකං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. තස්මා තං අබ්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, මෙය අර්‍ත්‍ථ සහිත වූයේ නො වෙයි. මගබඹසරට මුල් වූයේ නො වෙයි. කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස, ව්‍යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස නො පවතී.
Pali BJTඅථ කිඤ්චරහාවුසො,{2} බ්යාකතං භගවතාති?
Sinhala BJTඑහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලදි.
Pali BJTඉදං දුක්ඛන්ති ඛො ආවුසො, බ්යාකතං භගවතා. අයං දුක්ඛසමුදයොති බ්යාකතං භගවතා. අයං දුක්ඛනිරොධොති බ්යාකතං භගවතා. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති බ්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, වැලි, කිමෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ද? ඇවැත්නි, ‘මේ දුකැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. ‘මේ දුක හටගැණීමේ හේතුව’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. ‘මේ දුක නැති වීම වූ නිවන’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි ‘මේ දුක් නැති වීමට පමුණුවන පිළිවෙතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි.
Pali BJTකස්මා චෙතං ආවුසො බ්යාකතං භගවතාති?
Sinhala BJTඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ද?
Pali BJTඑතං හි ආවුසො, අත්ථසංහිතං, එතං ආදිබ්රහ්මචරියකං, එතං නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මා තං භගවතා බ්යාකතන්ති.
Sinhala BJTඇවැත්නි, මෙය අර්‍ත්‍ථ සහිත ය. මෙය මගබඹසරට මුල් වූයේ ය. මෙය කළකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස, ව්‍යූපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස, සම්බෝධිය පිණිස, නිවන පිණිස පවතී. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
Pali BJT4. 1. 13.
Sinhala BJT4. 1. 13.
Pali BJTසද්ධම්මපතිරූපකසුත්තං
Sinhala BJTසද්ධම්මපතිරූපක සූත්‍රය
Pali BJT296. එකං සමයං භගවා සාවත්ථියං විහරති -පෙ-
Sinhala BJT296. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි … වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකස්සපො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ:
Pali BJTකො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන පුබ්බෙ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං, බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු? කො පන භන්තෙ. හෙතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරාච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්තිති?
Sinhala BJTවහන්ස, යම් හෙයකින් පෙර ශික්‍ෂාපදයොත් ඉතා මඳ වූහු නම් ඉතා බොහෝ භික්‍ෂූහුත් රහත්බැව්හි පිහිටියාහු නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, දැන් යම් හෙයකින් ශික්‍ෂාපදයොත් ඉතා බොහෝ වෙත් නම් ඉතා මඳ වූ භික්‍ෂූහුත් රහත් බැව්හි පිහිටත් නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?
Pali BJTඑවං හෙතං කස්සප, හොති. සත්තෙසු හායමානෙසු, සද්ධම්මෙ අන්තරධායමානෙ, බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති.
Sinhala BJTකස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්‍වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්‍ෂාපදයෝත් ඉතා බොහෝ වෙති ඉතා මඳ වූ භික්‍ෂූහුත් රහත්බැව්හි පිහිටත්.
Pali BJTන තාව කස්සප, සද්ධම්මස්ස අන්තරධානං හොති, යාව න සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති. සෙය්යථාපි කස්සප, න තාව ජාතරූපස්ස අන්තරධානං හොති යාව න ජාතරූපපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප ජාතරූපපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ ජාතරූපස්ස අන්තරධානං හොති. එවමෙව ඛො කස්සප, න තාව සද්ධම්මස්ස අන්තරධානං හොති, යාව න සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති.
Sinhala BJTකස්සප, ලොව යම් තාක් සදහම් පිළිරුවෙක් (=සදහම් වැනි වූවෙක්) නූපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීමෙක් නො වේ. කස්සප, ලොව යම් කලෙක සදහම් පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ. කස්සප, යම් සේ ලොව යම් තාක් රන්බඳු දෙයක් නො හටගණී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නො වේ ද, කස්සප, ලොව යම් කලෙක රන්බඳු දෙයක් හටගණී නම් එකල්හි රන් පිළිබඳ අතුරුදන් වීම වේ ද, කස්සප, එසෙයින් ම ලොව යම් තාක් සදහම්පිළිරුවෙක් නූඋපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීම නො වේ. කස්සප, යම් කලෙක ලොව සදහම්පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ.
Pali BJTන ඛො කස්සප, පඨවීධාතු සද්ධම්මං අන්තරධාපෙති න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති. න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති. අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති.
Sinhala BJTකස්සප, පඨවිධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. ආපෝධාතුව සදහම් අතුරුදන් නො කරයි. තේජෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වායෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වැලි, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්.
Pali BJTසෙය්යථාපි කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති, න ඛො කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති.
Sinhala BJTකස්සප, යම් සේ නැව වඩාලා බඩු ගැණීමෙන් ම ගිලේ ද, කස්සප, එසෙයින් (පරියත්ති ආදීන් පිරීමෙන්) සදහම් අතුරුදන් නො වේ.
Pali BJTපඤ්ච ඛො මෙ කස්සප, ඔක්කමණියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච?
Sinhala BJTකස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පසෙක් සදහම්හුගේ නැසීම පිණිස අතුරුදන් වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්.
Pali BJTඉධ කස්සප, භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා, ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා, සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා. ඉමෙ ඛො කස්සප, පඤ්ච ඔක්කමණියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
Sinhala BJTකස්සප, මේ සසුන්හි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී.
Pali BJTපඤ්ච ඛො මෙ කස්සප, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ කස්සප, භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, සමාධිස්මිං සගාරවා විහරන්ති සප්පතිස්සා ඉමෙ ඛො කස්සප, පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
Sinhala BJTකස්සප, මේ දහම් පසෙක් සදහම්හුගේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්: කස්සප, මෙසස්නෙහි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. කස්සප, මේ දහම්පස සදහම්හුගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී.
Pali BJTකස්සපවග්ගො පඨමො.
Sinhala BJTකස්සපවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය :
Pali BJTසන්තුට්ඨඤ්ච අනොත්තාපී චන්දොපමං කුලූපගං, ජිණ්ණං තයො ච ඔවාදා ඣානාභිඤ්ඤා උපස්සයං, චීවරං පරම්මරණං සද්ධම්මපතිරූපකන්ති.
Sinhala BJTසන්තුට්ඨ, අනොත්තාපී, චන්‍දොපම, ජිණ්ණ යන සූත්‍ර ය, ඕවාද සූත්‍ර තුණ ය, ඣානාභිඤ්ඤා, උපස්සය, චීවර, පරම්මරණ, සද්ධම්මපතිරූපක සූත්‍ර ය යි සූත්‍ර තෙළෙසකි.
Pali BJTකස්සපසංයුත්තං සමත්තං.
Sinhala BJTකස්සපසංයුත්තය නිමියේ ය.
Pali BJT5. ලාභසක්කාරසංයුත්තං
Sinhala BJT5. ලාභසක්කාර සංයුත්තය
Pali BJT1. දාරුණවග්ගො
Sinhala BJT1. දාරුණ වර්‍ගය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJTදාරුණසුත්තං
Sinhala BJTදාරුණ සූත්‍රය
Pali BJT297. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT297. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං “උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම. න ච නො{1} උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය. එහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා බැහැර කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂයකොට ගෙන නොම සිටිනේ” ය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 2.
Sinhala BJT5. 1. 2.
Pali BJTබළීසසුත්තං
Sinhala BJTබළිස සූත්‍රය
Pali BJT298. සාවත්ථියං–
Sinhala BJT298. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. සෙය්යථාපි භික්ඛවෙ බාළිසිකො ආමිසගතං බළිසං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය. තමෙනං අඤ්ඤතරො ආමිසචක්ඛු මච්ඡො ගිලෙය්ය. එවං හි සො භික්ඛවෙ, මච්ඡො ගිලබළිසො{2} බාළිසිකස්ස අනයං ආපන්නො, ව්යසනං ආපන්නො, යථාකාමකරණීයො බාළිසිකස්ස. බාළිසිකොති ඛො භික්ඛවෙ මාරස්සෙතං පාපිමතො අධිවචනං. බළිසන්ති ඛො භික්ඛවෙ ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං.
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, යම් සේ බිළී වැද්දෙක් ඇමින් යුත් බිළිය ගැඹුරු දිය විලෙක බහන්නේ ද, ඇමෙහි ලූ ඇස් ඇති එක්තරා මසෙක් එය ගිලින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මසු තෙමේ බිළිය ගිලගත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ බිළීවැදි විසින් කැමති සේ කටයුත්තෙක් වන්නේ ය. මහණෙනි, “බිළීවැද්දා” යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, “බිළිය” යනු ලාභසත්කාර කීර්තිප්‍රශංසාවනට මේ නමෙකි.
Pali BJTයො හි කොචි භික්ඛවෙ, භික්ඛු උප්පන්නං ලාභසක්කාරසිලොකං අස්සාදෙති නිකාමෙති, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ගිලබළිසො{2} මාරස්ස අනයං ආපන්නො, ව්යසනං ආපන්නො, යථාකාමකරණීයො පාපිමතො. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම. “න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 3.
Sinhala BJT5. 1. 3.
Pali BJTකුම්මසුත්තං
Sinhala BJTකුම්ම සූත්‍රය
Pali BJT299. සාවත්ථියං–
Sinhala BJT299. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, අඤ්ඤතරස්මිං උදකරහදෙ මහාකුම්මකුලං චිරනිවාසී අහොසි. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො කුම්මො අඤ්ඤතරං කුම්මං එතදවොච: “මා ඛො ත්වං තාත කුම්ම, එතං පදෙසං අගමාසී”ති. අගමාසි ඛො භික්ඛවෙ, සො කුම්මො තං පදෙසං. තමෙනං ලුද්දො පපතාය විජ්ඣි. අථ ඛො භික්ඛවෙ, සො කුම්මො යෙන සො කුම්මො තෙනුපසඞ්කමි. අද්දසා ඛො භික්ඛවෙ, සො කුම්මො තං කුම්මං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තං කුම්මං එතදවොච: කච්චි ත්වං තාත කුම්ම, න තං පදෙසං අගමාසීති? අගමාසිං ඛො අහං තාත කුම්ම, තං පදෙසන්ති. කච්චි පනාසි තාත කුම්ම, අක්ඛතො අනුපහතොති? අක්ඛතො ඛොම්හි තාත කුම්ම, අනුපහතො. අත්ථි පන මෙ{1} ඉදං සුත්තකං පිට්ඨිතො පිට්ඨිතො, අනුබද්ධන්ති.{2}
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා දියවිලෙක මහ කැසුප් කුලක් දිගුකලක් වුසුයේ විය. මහණෙනි, එකල්හි එක්තරා කැසුබුවෙක් අනෙක් කැසුබුවකුට “පුත, කැස්බ, තෝ මේ පෙදෙසට නො යා”යි මෙය කී ය. ඒ කැසුබු ඒ පෙදෙසට ගියේ ය. උහුට වැද්දෙක් යොත් බන් යකටුවකින් විද්දේ ය. මහණෙනි, එකල්හි ඒ කැසුබු ඒ කැසුබුවා වෙත එළඹියේ ය. මහණෙනි, ඒ කැසුබු තෙමේ එන්නා වූ ඒ කැසුබුවා දුර දී ම දැක්කේ ය. දැක ඒ කැසුබුවාට මෙය කී ය. පුත, කැස්බ, කිම? තෝ ඒ පෙදෙසට නො ගියෙහි ද? පියේ, කැස්බ, මම ඒ පෙදෙසට ගියෙමි යි. පුත, කැස්බ, කිම? අක්‍ෂත (නුබුන් සිරුරු ඇති) යෙහි ද? අනුපහත (නොනැසුනේ) වෙහිද? පියේ කැස්බ, අක්‍ෂතයෙමි, අනුපහතයෙමි. එහෙත් මා පසුපස ලුහුබැඳි මේ හුයෙක් ඇතැයි.
Pali BJTතග්ඝස්සසි{3} තාත කුම්ම, ඛතො උපහතො. එතෙන හි තෙ තාත කුම්ම, සුත්තකෙන පිතරො ච පිතාමහා ච අනයං ආපන්නා ව්යසනං ආපන්නා. ගච්ඡදානි ත්වං තාත කුම්ම, න දානි ත්වං අම්හාකන්ති.
Sinhala BJTපුත, කැස්බ, ඒකාන්තයෙන් ක්‍ෂත වූයේ උපහත වෙහි. පුත, කැස්බ, මේ හුයෙන් තාගේ පියහු ද මුත්හු ද දුකට පැමිණියහ. විපතට පැමිණියහ. පුත, කැස්බ, දැන් තෝ යව. දැන් තෝ අපගේ නො වෙහි යි.
Pali BJTලුද්දොති{4} ඛො භික්ඛවෙ, මාරස්සෙතං පාපිමතො අධිවචනං. පපතාති ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං. සුත්තකන්ති ඛො භික්ඛවෙ නන්දිරාගස්සෙතං අධිවචනං. යො හි කොචි භික්ඛවෙ භික්ඛු උප්පන්නං ලාභසක්කාරසිලොකං අස්සාදෙති, නිකාමෙති, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ගිද්ධො පපතාය අනයං ආපන්නො, ව්යසනං ආපන්නො, යථාකාමකරණීයො පාපිමතො. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: උප්පන්නං ලාභ සක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ‘වැද්දා’ යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, ‘යකටු’ යනු ලාබ සත්කාර කීර්ති ප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ‘හුය’ යනු තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිජු වූයේ යකටුවෙන් දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 4.
Sinhala BJT5. 1. 4.
Pali BJTදීඝලොමිඵළකසුත්තං
Sinhala BJTදීඝලෝමි ඵලක සූත්‍රය
Pali BJT300. සාවත්ථියං–
Sinhala BJT300. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ දීඝලොමිකා එළකා කණ්ටකාගහණං පවිසෙය්ය, සා තත්ර තත්ර සජ්ජෙය්ය, තත්ර තත්ර ගය්හෙය්ය,{5} තත්ර තත්ර බජ්ඣෙය්ය, තත්ර තත්ර අනයව්යසනං ආපජ්ජෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදින්නචිත්තො{6} පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. සො තත්ර තත්ර සජ්ජති, තත්ර තත්ර ගය්හති.{7} තත්ර තත්ර බජ්ඣති, තත්ර තත්ර අනයව්යසනං ආපජ්ජති. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ- ]එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ දික් ලොම් ඇති එළුදෙනක් කටුලැහැබකට පිවිසියා ද, ඕ ඒ ඒ තන්හි ඇලෙන්නී ය. ඒ ඒ තන්හි ගැණෙන්නී ය, ඒ ඒ තන්හි බැඳෙන්නී ය. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙන්නී ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඬනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසේ ද, හෙතෙමේ ඒ ඒ තන්හි ඇලෙයි, ඒ ඒ තන්හි ගැණෙයි, ඒ ඒ තන්හි බැඳෙයි. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා බැහැර ලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 5.
Sinhala BJT5. 1. 5.
Pali BJTමීළ්හකසුත්තං
Sinhala BJTමීළ්හක සූත්‍රය
Pali BJT301. සාවත්ථියං–
Sinhala BJT301 සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. ...
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මීළ්හකා{1} ගූථාදී, ගූථපූරා, පුණ්ණා ගූථස්ස, පුරතො චස්ස මහාගූථපුඤ්ජො. සා තෙන අඤ්ඤා මීළ්හකා අතිමඤ්ඤෙය්ය: අහං හි ගූථාදී, ගූථපූරා, පුණ්ණා ගූථස්ස, පුරතො ච ම්යායං මහාගූථපුඤ්ජොති.
Sinhala BJTමහණෙනි, යම්සේ වර්චස් බුදින වර්චස් භරිත වර්චසින් පිරුණු මීළ්හක (වර්චස් බුදිනා) පණුවෙක් වේ ද, ඉදිරියෙහිත් මහා වර්චස් පිඩෙක් වන්නේ ද, ඕ එයින් “මම් වූ කලි වර්චස් කන්නෙම් වර්චස් භරිතයෙම් වර්චසින් පිරුණෙම් වෙමි. මා ඉදිරියෙහිත් මේ අශූචිපිඩෙක් වේ ය”යි අන් මීළ්හකාවන් ඉක්මවා සිතයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදින්නචිත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. සො තත්ථ භුත්තාවී ච හොති යාවදත්ථො, නිමන්තිතො ච ස්වාතනාය, පිණ්ඩපාතො චස්ස පූරො. සො ආරාමං ගන්ත්වා භික්ඛුගණස්ස මජ්ඣෙ විකත්ථති:{2} භුත්තාවී චම්හි යාවදත්ථො, නිමන්තිතොචම්හි ස්වාතනාය, පිණ්ඩපාතො ච ම්යායං පූරො, ලාභී චම්හි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පපුඤ්ඤා අප්පෙසක්ඛා න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො තෙන ලාභසක්කාරසිලොකෙනාභිභිභූතො පරියාදින්නචිත්තො අඤ්ඤෙපෙසලෙ භික්ඛූ අතිමඤ්ඤති. තං හි තස්ස භික්ඛවෙ, මොඝපුරිසස්ස හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ හාත්පසින් පැහැරගන්නා ලද හිත් ඇත්තේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේ. හෙතෙමේ එහි දී ඇති තාක් වළඳුයේත් සෙට පිණිස පවරණ ලද්දේත් වෙයි. පිණ්ඩපාතය ද පිරුණේ වන්නේ ය. හෙතෙම අරමට ගොස් මහණගණා මැද “මම ඇති තාක් වැළඳුයෙම් ද වෙමි. සෙට පිණිස පවරණ ලද්දෙම් ද වෙමි. මාගේ මේ පිණ්ඩපාතය ද පිරුණේ ය. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෙම් ද වෙමි. මේ අන් මහණහු මඳ පිණැත්තහ, අල්පේශාක්‍යයහ. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලහ”යි තමා වණයි. හෙ තෙමේ ඒ ලාබ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් ඉක්මවා සිතයි. මහණෙනි, එය ඒ හිස්පුරුෂයාහට දිඟුකලක් අහිත පිණිස දුක් පිණිස වේ. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
Pali BJT5. 1. 6.
Sinhala BJT5. 1. 6.
Pali BJTඅසනිවිචක්කසුත්තං
Sinhala BJTඅසනිවක්ක සූත්‍රය
Pali BJT302. සාවත්ථියං–
Sinhala BJT302. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය, ...
Pali BJTකං භික්ඛවෙ, අසනි විචක්කං ආගච්ඡතු? සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාතු.{3} “අසනි විචක්කන්ති” ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො, -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, හෙනසක කවරකු කරා පැමිණිය හෙයි ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්‍ෂයා වෙත ය. ලාභසත්කාර කීර්තිප්‍රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හෙනසක” යනු ලාභසත්කාර කීර්තිප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 7.
Sinhala BJT5. 1. 7.
Pali BJTදිද්ධවිසල්ලසුත්තං.
Sinhala BJTදිද්ධවිසල්ල සූත්‍රය
Pali BJT303. සාවත්ථියං–
Sinhala BJT303. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
Pali BJTකං භික්ඛවෙ, දිද්ධගතෙන විසල්ලෙන{4} සල්ලෙන බිජ්ඣතු? සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාතු. විසල්ල’න්ති ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, විසපී විස වැකි හුලෙකින් කවරකුට විදිය හේ ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්‍ෂයාට ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හුල” යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 8.
Sinhala BJT5. 1. 8.
Pali BJTසිගාලසුත්තං{1}
Sinhala BJTසිගාල සූත්‍රය
Pali BJT304. සාවත්ථියං–
Sinhala BJT304. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
Pali BJTඅස්සුත්ථ{2} නො තුම්හෙ භික්ඛවෙ, රත්තියා පච්චූසසමයං ජරසිගාලස්ස වස්සමානස්සාති? එවං භන්තෙ, එසො ඛො භික්ඛවෙ, ජරසිගාලො උක්කණ්ටකෙන{3} නාම රොගජාතෙන ඵුට්ඨො නෙව බිලගතො රමති. න රුක්ඛමූලගතො රමති. න අජ්ඣොකාසගතො රමති. යෙන යෙන ගච්ඡති, යත්ථ යත්ථ තිට්ඨති, යත්ථ යත්ථ නිසීදති, යත්ථ යත්ථ නිපජ්ජති, තත්ථ තත්ථ අනයබ්යසනං ආපජ්ජති.
Sinhala BJTමහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන ජරසිවලකුගේ හඬ ඇසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවලා උක්කණ්ටක නම් රෝග ජාතියෙන් පහස්නා ලද්දේ බිලයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදින්නචිත්තො නෙව සුඤ්ඤාගාරගතො රමති. න රුක්ඛමූලගතො රමති. න අජ්ඣොකාසගතො රමති. යෙන යෙන ගච්ඡති, යත්ථ යත්ථ තිට්ඨති, යත්ථ යත්ථ නිසීදති, යත්ථ යත්ථ නිපජ්ජති, තත්ථ තත්ථ අනයබ්යසනං ආපජ්ජති. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ ශූන්‍යාගාරයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 9.
Sinhala BJT5. 1. 9.
Pali BJTවෙරම්බසුත්තං
Sinhala BJTවේරම්බ සූත්‍රය
Pali BJT305. සාවත්ථියං–
Sinhala BJT305. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
Pali BJTඋපරි භික්ඛවෙ, ආකාසෙ වෙරම්බා{4} නාම වාතා වායන්ති. තත්ථ යො පක්ඛී ගච්ඡති, තමෙනං වෙරම්බා වාතා ඛිපන්ති. තස්ස වෙරම්බවාතඛිත්තස්ස{5} අඤ්ඤෙනෙව පාදා ගච්ඡන්ති, අඤ්ඤෙන පක්ඛා ගච්ඡන්ති, අඤ්ඤෙන සීසං ගච්ඡති, අඤ්ඤෙන කායො ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මතු අහසෙහි වේරම්බ නම් වාතයෝ හමත්. එහි යම් පක්‍ෂි (වාලිහිණි)යෙක් යේ නම් ඒ මූ වේරම්බ වාතයෝ දමාපියත්. වේරම්බ වාතයෙන් දමා ලූ උගේ පාදයෝ අන් දෙසකට යෙත්. පියාපත් අන් දෙසකට යේ. හිස අන් දෙසකට යේ. කය අන්දෙසකට යේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදින්නචිත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති, අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන, අනුපට්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. තස්ස අඤ්ඤෙ චීවරං හරන්ති. අඤ්ඤෙ පත්තං හරන්ති. අඤ්ඤෙ නිසීදනං හරන්ති. අඤ්ඤෙ සූචිඝරං හරන්ති. වෙරම්බවාතඛිත්තස්සෙව සකුණස්ස. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නොරක්නා ලද කයින් යුතු ව ම නොරක්නා ලද වචනයෙන් යුතුව ම නොරක්නා ලද සිතින් යුතුව ම නො රක්නා ලද සිහියෙන් යුතු ව ම සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේද, හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගමක දකී ද, නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගම දැකීමෙන් ඔහුගේ සිත රාගය තෙමේ වනසයි. හෙතෙමේ රාගයෙන් වනසන ලද සිතින් සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරළෙයි. අන්නු ඔහුගේ සිවුර හැර ගණිත්. අන්නු පාත්‍රය හැර ගණිත්, අන්නු නිසීදනය හැර ගණිත්. අන්නු හිදිගුලාව හැර ගණිත්. වේරම්බ වාතයෙන් බැහැර ලූ පක්‍ෂියාගේ (අවයව) මෙනි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු යි ... උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJT5. 1. 10.
Sinhala BJT5. 1. 10.
Pali BJTසගාථසුත්තං
Sinhala BJTසගාථ සූත්‍රය
Pali BJT306. සාවත්ථියං–
Sinhala BJT306. සැවැත්නුවර–
Pali BJTදාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
Sinhala BJTමහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
Pali BJTඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං පස්සාමි ලාභසක්කාරෙන අභිභූතං පරියාදින්නචිත්තං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
Sinhala BJTමහණෙනි, මෙහි මම ලාභ සත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
Pali BJTඉධ පනාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං පස්සාමි අසක්කාරෙන අභිභූතං පරියාදින්නචිත්තං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
Sinhala BJTමහණෙනි, මෙහි මම අසත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
Pali BJTඉධ පනාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං පස්සාමි සක්කාරෙන ච අසක්කාරෙන ච ද්වයෙන අභිභූතං පරියාදින්නචිත්තං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
Sinhala BJTමහණෙනි, මෙහි මම සත්කාරයෙන් ද, අසත්කාරයෙන් ද යන දෙකින් ම මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.