Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4501-4600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT288. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවන කලන්දක නිවාපෙ.
Sinhala BJT288. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලඥක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච: ජිණ්ණොසිදානි ත්වං කස්සප. ගරුකානි ඛො තෙ{1} ඉමානි සාණානි පංසුකූලානි නිබ්බසනානි. තස්මාතිහ ත්වං කස්සප, ගහපතිකානි චෙව චීවරානි ධාරෙහි, නිමන්තණෙසු{2} ච භුඤ්ජාහි, මමඤ්ච සන්තිකෙ විහරාහීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහකසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කාශ්‍යප, දැන් තෙපි මහලු වහු. හණපිලියෙන් කළ (භාග්‍යවතුන් විසින් පළමු පොරොවා හළ බැවින්) නිබ්බසන වූ (නැවත නැවත කළ ගෙත්තම් ඇති) මේ පවුල් සිවුරු (දැරීම) තොපට බර ය. කස්සප, එහෙයින් දැන් තෙපි (පාංශුකූලිකාඞ්ගාදිය හැර) ගැහැවි සිවුරු ද දරවු. ලහබත් ආදි නිමන්ත්‍රණයන්හි ද වළඳවු, මා ලඟ ද වෙසෙවු.
Pali BJTඅහං ඛො භන්තෙ, දීඝරත්තං ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී, පංසුකූලිකො චෙව පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී, තෙචීවරිකො චෙව තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී, අප්පිච්ඡො චෙව අප්පිච්ඡතාය ච වණ්ණවාදී, සන්තුට්ඨො චෙව සන්තුට්ඨියා ච වණ්ණවාදී, පවිවිත්තො චෙව පවිවෙකස්ස ච වණ්ණවාදී, අසංසට්ඨො චෙව අසංසග්ගස්ස ච වණ්ණවාදී, ආරද්ධවිරියො චෙව වීරියාරම්භස්ස ච වණ්ණවාදී.
Sinhala BJTවහන්ස, මම දිගුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ බණනුයේ ද, පිණ්ඩපාතික ද, පිණ්ඩපාතික බැව්හි ගුණකියනුයේ ද, පාංසුකූලික ද, පාංසුකූලික බැව්හි ගුණ කියනුයේ ද, තෙචීවරික ද,තෙචීවරික බැව්හි ගුණ කියනුයේ ද, අල්පෙච්ඡ ද, අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුයේ ද, සන්තුෂ්ට ද, සන්තුෂ්ට බැව්හි ගුණ කියනුයේ ද, ප්‍රවිවික්ත ද, ප්‍රවිවේකයෙහි ගුණ කියනුයේ ද, අසංසෘෂ්ට ද, අසංසර්‍ගයෙහි ගුණ කියනුයේ ද, ආරබ්ධවීර්‍ය්‍යය ද, වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
Pali BJTකිම්පන ත්වං කස්සප, අත්ථවසං සම්පස්සමානො දීඝරත්තං ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, (එවං පෙය්යාලො.) පිණ්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකො චෙව -පෙ- අප්පිච්ඡො චෙව -පෙ- සන්තුට්ඨො චෙව -පෙ- පවිවිත්තො චෙව -පෙ- අසංසට්ඨො චෙව -පෙ- ආරද්ධවිරියො චෙව වීරියාරම්භස්ස ච වණ්ණවාදීති?
Sinhala BJTකාශ්‍යප, තෙපි කිනම් ප්‍රයෝජනයක් දක්නහු දිඟුකලක් ආරණ්‍යක ද, ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද? පිණ්ඩපාතික ද ... පංසුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද … අසංසෘෂ්ට ද … ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ දැ යි?
Pali BJT“ද්වෙ ඛොහං භන්තෙ, අත්ථවසෙ සම්පස්සමානො දීඝරත්තං ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී -පෙ- පිණ්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකො චෙව -පෙ- අප්පිච්ඡො චෙව -පෙ- සන්තුට්ඨො චෙව -පෙ- පවිවිත්තො චෙව -පෙ- අසංසට්ඨො චෙව -පෙ- ආරද්ධවිරියො චෙව වීරියාරම්භස්ස ච වණ්ණවාදී: අත්තනා ච දිට්ඨධම්මසුඛවිහාරං සම්පස්සමානො - පච්ඡිමඤ්චජනතං අනුකම්පමානො ‘අප්පෙවනාම පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජෙය්ය.{1} යෙ කිර තෙ අහෙසුං බුද්ධානුබුද්ධසාවකා, තෙ දීඝරත්තං ආරඤ්ඤකා චෙව අහෙසුං ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදිනො, පිණ්ඩපාතිකා චෙව අහෙසුං -පෙ- පංසුකූලිකා චෙව අහෙසුං -පෙ- තෙචීවරිකා චෙව අහෙසුං -පෙ- අප්පිච්ඡා චෙව අහෙසුං -පෙ- සන්තුට්ඨා චෙව අහෙසුං -පෙ- පවිවිත්තා චෙව අහෙසුං -පෙ- අසංසට්ඨා චෙව අහෙසුං -පෙ- ආරද්ධවිරියා චෙව අහෙසුං විරියාරම්භස්ස ච වණ්ණවාදිනොති. තෙ තථත්තාය පටිපජ්ජිස්සන්ති. තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.”
Sinhala BJTවහන්ස, මම ප්‍රයෝජන දෙකක් දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද වෙමි පිණ්ඩපාතික ද … පාංශුකූලික ද ... තෙචීචරිකද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද ... ප්‍රවිවික්තද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි: තමාගේ ඉහාත්ම සැපවිහරණය දකිමිනුත් “පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙන්නේ නම් මැනවැ” යි පශ්චිම ජනතාවට අනුකම්පා කරමිනුත් ය. යම් ඒ බුදු අනුබුදු සව්වෝ වූහු ද ඔහු දිගුකලක් අරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද වූහ පිණ්ඩපාතික ද ... වූහ. පාංශුකූලික ද ... වූහ. තෙචීවරික ද වූහ අල්පෙච්ඡ ද ... වූහ සන්තුෂ්ට ද … වූහ ප්‍රවිවික්ත ද … වූහ අසංසෘෂ්ට ද වූහ. ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද වූහ. ඔහු ඒ පිණිස පිළිපදනාහ. ඔවුනට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.
Pali BJTඉමෙ ඛොහං භන්තෙ, ද්වෙ අත්ථවසෙ සම්පස්සමානො දීඝරත්තං ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව -පෙ- පංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකො චෙව -පෙ- අප්පිච්ඡො චෙව -පෙ- සන්තුට්ඨො චෙව -පෙ- පවිවිත්තො චෙව -පෙ- අසංසට්ඨො චෙව -පෙ- ආරද්ධවිරියො චෙව විරියාරම්භස්ස ච වණ්ණවාදීති.
Sinhala BJTවහන්ස, මම මේ ප්‍රයෝජන දෙක දකිමින් දිගුකලක් ආරණ්‍යක ද ආරණ්‍යක බැව්හි ගුණ කියනුයේ ද ... පිණ්ඩපාතික ද ... පාංශුකූලික ද ... තෙචීවරික ද ... අල්පෙච්ඡ ද ... සන්තුෂ්ට ද … ප්‍රවිවික්ත ද ... අසංසෘෂ්ට ද ... ආරබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුයේ ද වෙමි.
Pali BJTසාධු, සාධු, කස්සප, බහුජනහිතාය කිර ත්වං කස්සප, පටිපන්නො බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. තස්මාතිහ ත්වං කස්සප, සාණානි චෙව පංසුකූලානි ධාරෙහි නිබ්බසනානි, පිණ්ඩාය ච චරාහි, අරඤ්ඤෙ ච විහරාහීති.
Sinhala BJTකාශ්‍යප, මැනවි, මැනවි. කාශ්‍යප, තෙපි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට හිත වැඩ පිණිස පිළිපන්නහු ය. කාශ්‍යප, එහෙයින් තෙපි හණපිලියෙන් කළ පරිභෝගයෙන් මාලු වූ පවුල්සිවුරුම දරවු. පිඬු පිණිසත් හැසිරෙවු වෙනෙහිත් වෙසෙවු යි.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJTඔවාදසුත්තං
Sinhala BJTඕවාද සූත්‍රය
Pali BJT289. රාජගහෙ–
Sinhala BJT289. රජගහනුවර–
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච: ඔවද කස්සප භික්ඛූ. කරොහි කස්සප භික්ඛූනං ධම්මිං කථං. අහං වා කස්සප, භික්ඛූ ඔවදෙය්යං ත්වං වා, අහං වා භික්ඛූනං ධම්මිං කථං කරෙය්යං ත්වං වාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “කස්සප, භික්‍ෂූන්ට අවවාද කරව. කස්සප, භික්‍ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්‍ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු)” යි.
Pali BJTදුබ්බචා ඛො භන්තෙ භගවා, එතරහි භික්ඛූ දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා, අක්ඛමා, අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. ඉධාහං භන්තෙ, අද්දසං භණ්ඩුඤ්ච නාම භික්ඛුං ආනන්දස්ස සද්ධිවිහාරිං, ආභිඤ්ජිකඤ්ච නාම භික්ඛුං අනුරුද්ධස්ස සද්ධිවිහාරිං, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදන්තෙ “එහි භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති.
Sinhala BJTස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු නො කිකරුහ. නො කීකරු බව කරණ දැයින් යුත්තයහ. නො ඉවසන්නෝ ය, අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, මෙහි මම ආනන්‍දගේ සද්ධිවිහාරික වූ භණඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද “මහණ, එව, කවරෙක් (ධර්‍මකථාවෙහි) ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට කියන්නේද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියනුවන් දිටිමි යි.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු, මම වචනෙන භණ්ඩුඤ්ච භික්ඛුං ආනන්දස්ස සද්ධිවිහාරිං, ආභිඤ්ජිකඤ්ච භික්ඛුං අනුරුද්ධස්ස සද්ධිවිහාරිං ආමන්තෙහි සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති. එවං භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී”ති. ‘එවමාවුසො’ති ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො පන තෙ භික්ඛූ භගවා එතදවොච: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ, “එහි භික්ඛු කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. එවං භන්තෙති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ, මහණ, එව, තෝ මාගේ වචනයෙන් “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැ” යි ආනන්‍දගේ සද්ධි විහාරික වූ භණ්ඩු නම් මහණ ද, අනුරුද්ධගේ සද්ධිවිහාරික වූ ආභිඤජික නම් මහණ ද කැඳව” යි එක්තරා මහණකු ඇමතූ සේක. වහන්ස, එසේ යයි ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ”යි මෙය කී ය. “ඇවැත්නි, එසේ ය” යි ඒ භික්‍ෂූහු ඒ මහණහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, සැබෑ ද තෙපි “මහණ, එව කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු (මිහිරි) කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් කියන්නේ දැ” යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු ද? වහන්ස, එසේ ය යි.
Pali BJTකින්නු මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ? “එථ තුම්හෙ භික්ඛවෙ, අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ: ‘එහි භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. ‘නො හෙතං භන්තෙ, නො චෙ කිර තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං අජානාථ, අථ කිඤ්චරහි තුම්හෙ මොඝපුරිසා, කිං ජානන්තා කිං පස්සන්තා එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදථ: “එහි භික්ඛු කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති.
Sinhala BJTමහණෙනි, “තෙපි එවු, ‘මහණ එව කවරෙක් ඉතා වැඩියක් බණන්නේ ද, කවරෙක් ඉතා සොඳුරු කොට, බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ’ යි උගත්කමින් ඔවුනොවුන් ඉක්මවා කියවු” යි මවිසින් එසේ දෙසූ දහමක් කිම, තෙපි දන්නහු ද? වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, තෙපි මා විසින් “මෙසේ දහම් දෙසන ලදැ”යි ඉදින් නො දන්නාහු නම් එසේ කල්හි, මෝඝ (හිස්) පුරුෂයෙනි, තෙපි දැන් කුමක් හෙයින් කුමක් දන්නාහු, කුමක් දක්නාහු මෙසේ ස්වාක්ඛ්‍යාත ධර්‍මවිනයෙහි - ශාසනයෙහි පැවිදි වූවාහු, “මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කියවු ද?
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං: අච්චයො නො භන්තෙ, අච්චගමා යථාබාලෙ, යථා මූළ්හෙ, යථා අකුසලෙ යෙ මයං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදිම්හා “එහි භික්ඛු කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. තෙසං නො භන්තෙ, භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පාහි හිසින් වැටී, “වහන්ස, යම් බඳු අපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ ශාසනයෙහි පැවිදි වූවාහු ම “මහණ එව, කවරෙක් ඉතා වැඩියක් බණන්නේද, කවරෙක් ඉතා සොඳුරු කොට බණන්නේ ද, කවරෙක් බොහෝ වේලාවක් බණන්නේ දැ”යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීම්හ, අපගේ වරද බාලයන් සේ මෝඩයන් සේ අදක්‍ෂයන් සේ ඒ අප ඉක්මවා ගියේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි. යචචා කළහ.
Pali BJTතඞ්ඝ තුම්හෙ භික්ඛවෙ, අච්චයො අච්චගමා, යථා බාලෙ යථා මූළ්හෙ යථා අකුසලෙ, යෙ{1} තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා අඤ්ඤමඤ්ඤං සුතෙන අච්චාවදිත්ථ: “එහි භික්ඛු, කො බහුතරං භාසිස්සති, කො සුන්දරතරං භාසිස්සති, කො චිරතරං භාසිස්සතී”ති. යතො ච ඛො තුම්හෙ භික්ඛවෙ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොථ, තං වො මයං අච්චයං පටිගණ්හාම.{2} වුද්ධි හෙසා භික්ඛවෙ, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිඤ්ච සංවරං ආපජ්ජතීති.
Sinhala BJTමහණෙනි, යම් බඳු තෙපි මෙසේ ස්වාක්ඛ්‍යාත වූ සසුනෙහි පැවිදි වූවාහු ම ‘මහණ, එව, කවරෙක් ඉතා වැඩියක් කියන්නේ ද, කවරෙක් සොඳුරු කොට කියන්නේ ද, කවරෙක් බොහෝ වෙලාවක් කියන්නේ දැ” යි ශ්‍රැතයෙන් ඔවුනොවුන් ඉක්මවා කීවහු ද, බාලයන් සේ මෝඩයන් සේ අදක්‍ෂයන් සේ ඒකාන්තයෙන් වරද ඒ තොප ඉක්ම ගියේ ය. මහණෙනි, යම් හෙයකින් තෙපි වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කරවු ද, තොපගේ ඒ වරද අපි පිළිගණිමු මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ ද, මතුත් සංවරයට පැමිණේ ද, ආර්‍ය්‍යශාසනයෙහි මේ වැඩීමෙකි යි.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJTදුතිය ඔවාදසුත්තං
Sinhala BJTදෙවන ඕවාද සූත්‍රය
Pali BJT290.සාවත්ථියං–{1}
Sinhala BJT290. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච: ඔවද කස්සප භික්ඛූ, කරොහි කස්සප භික්ඛූනං ධම්මිං කථං. අහං වා කස්සප භික්ඛූ ඔවදෙය්යං, ත්වං වා. අහං වා භික්ඛූනං ධම්මිං කථං කරෙය්යං, ත්වං වාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක කස්සප, භික්‍ෂූන්ට අවවාද කරවු කස්සප, භික්‍ෂූන්ට දැහැමි කතා කරවු. කස්සප, මම හෝ භික්‍ෂූන්හට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) කස්සප, මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (දැහැමි කතා කරවු යි.)
Pali BJTදුබ්බචා ඛො භන්තෙ, එතරහි භික්ඛූ දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා අක්ඛමා අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. යස්ස කස්සචි භන්තෙ,{2} සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි{3} නත්ථි කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පං නත්ථි කුසලෙසු ධම්මෙසු, විරියං නත්ථි කුසලෙසු ධම්මෙසු, පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති{4}, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්‍ෂූහු දුර්වවහ. දුවවබැව් කරණ දහමින් සමන්‍විතහ. නො ඉවසන්නෝ ය. අනුශාසනාව නුහුරට ගන්නෝ ය. වහන්ස, යම් කිසිවකුට කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල්දහම්හි හිරි නැද්ද, කුසල්දහම්හි ඔතප් නැද්ද, කුසල්දහම්හි වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
Pali BJTසෙය්යථාපි භන්තෙ කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන. එවමෙව ඛො භන්තෙ, යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි -පෙ- ඔත්තප්පං නත්ථි -පෙ- විරියං නත්ථි -පෙ- පඤ්ඤා නත්ථි -පෙ- කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTවහන්ස, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් සඳ පැහැයෙන් පිරිහේ ම ය, මඬලින් පිරිහේ ම ය, දීප්තියෙන් පිරිහේම ය, උසමහතින් පිරිහේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ නැද්ද, … හිරි නැද්ද, … ඔතප් නැද්ද, ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
Pali BJTඅස්සද්ධො පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං. අහිරිකො පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං අනොත්තාපී පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං. කුසීතො පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං. දුප්පඤ්ඤො පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං. කොධනො පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං. උපනාහී පුරිසපුග්ගලොති භන්තෙ, පරිහානමෙතං. න සන්ති භික්ඛූ ඔවාදකාති භන්තෙ, පරිහානමෙතං.
Sinhala BJTවහන්ස, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, ‘හිරි නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කුසීත පුරුෂපුද්ගලයා, යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘දුෂ්ප්‍රාඥ පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. වහන්ස, ‘බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි වහන්ස, අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ යන’ මෙය පිරිහීමෙකි.
Pali BJTයස්ස කස්සචි භන්තෙ, සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි අත්ථි කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පං අත්ථි කුසලෙසු ධම්මෙසු, විරියං අත්ථි කුසලෙසු ධම්මෙසු, පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
Sinhala BJTවහන්ස, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, කුසල්දහම්හි හිරි ඇද්ද, කුසල්දම්හි ඔතප් ඇද්ද, කුසල්දහම්හි වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමති විය නොහේ.
Pali BJTසෙය්යථාපි භන්තෙ, ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන, වඩ්ඪති මණ්ඩලෙන, වඩ්ඪති ආභාය, වඩ්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො භන්තෙ යස්ස කස්සචි සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි අත්ථි -පෙ- ඔත්තප්පං අත්ථි -පෙ- විරියං අත්ථි -පෙ- පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
Sinhala BJTමහණෙනි, පුරපස සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උසමහතින් වැඩේ ම ය. වහන්ස, එසෙයින් ම යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, … හිරි ඇද්ද, … ඔතප් ඇද්ද, … වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම කැමැති විය නොහේ.
Pali BJTසද්ධො පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. හිරිමා පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. ඔත්තාපී පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. ආරද්ධවිරියො පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. පඤ්ඤවා පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. අක්කොධනො පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. අනුපනාහී පුරිසපුග්ගලොති භන්තෙ, අපරිහානමෙතං. සන්ති භික්ඛූ ඔවාදකාති භන්තෙ, අපරිහානමෙතන්ති.
Sinhala BJTවහන්ස, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘හිරි ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඔතප් ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘ඇරඹූ වෑර ඇති පුරුෂපුද්ගලයා යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නුවණැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘නො කිපෙනසුලු පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘බද්ධවෛර නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. වහන්ස, ‘අවවාද කරණ භික්‍ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි.
Pali BJTසාධු සාධු කස්සප, යස්ස කස්සචි කස්සප, සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි -පෙ- ඔත්තප්පං නත්ථි -පෙ- විරියං නත්ථි -පෙ- පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTකස්සප, මැනවි, මැනවි. කස්සප, යම් කිසිවකුට කුසල්දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද … වැර නැද්ද, කුසල් දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි හානිය ම කැමති විය යුතු. වැඩීම කැමති විය නො හේ.
Pali BJTසෙය්යථාපි කස්සප, කාළපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හායතෙව වණ්ණෙන, හායති මණ්ඩලෙන, හායති ආභාය, හායති ආරොහපරිණාහෙන, එවමෙව ඛො කස්සප, යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි -පෙ- ඔත්තප්පං නත්ථි -පෙ- විරියං නත්ථි -පෙ- පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො වුද්ධි.
Sinhala BJTකස්සප, යම් සේ කලුවරපස සඳට යම් රැයෙක් දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් පිරිහේ ම ය. මඬලින් පිරිහේම ය. දීප්තියෙන් පිරිහේ ම ය. උසමහතින් පිරිහේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල් දහම්හි සැදැහැ නැද්ද ... හිරි නැද්ද … ඔතප් නැද්ද ... වැර නැද්ද, කුසල්දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම් හි පිරිහීම ම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.
Pali BJTඅස්සද්ධො පුරිසපුග්ගලොති කස්සප, පරිහානමෙතං. අහිරිකො -පෙ- අනොත්තාපී -පෙ- කුසීතො -පෙ- දුප්පඤ්ඤො -පෙ- කොධනො -පෙ- උපනාහී පුරිසපුග්ගලොති කස්සප, පරිහානමෙතං. න සන්ති භික්ඛූ ඔවාදකාති කස්සප, පරිහානමෙතං.
Sinhala BJTකස්සප, ‘සැදැහැ නැති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. හිරි නැති … ඔතප් නැති … කුසීත … නුවණ නැති … කිපෙනසුලු … කස්සප, ‘බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා’ යන මෙය පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්‍ෂූහු නැත්තාහ’ යන මෙය පිරිහීමෙකි.
Pali BJTයස්ස කස්සචි කස්සප, සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු. හිරි -පෙ- ඔත්තප්පං -පෙ- විරියං -පෙ- පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
Sinhala BJTකස්සප, යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද, හිරි … ඔතප් ... වැර … කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු ය. පිරිහීම කැමති නො විය යුතු යි.
Pali BJTසෙය්යථාපි කස්සප, ජුණ්හපක්ඛෙ චන්දස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වඩ්ඪතෙව වණ්ණෙන, වඩ්ඪති මණ්ඩලෙන, වඩ්ඪති ආභාය, වඩ්ඪති ආරොහපරිණාහෙන. එවමෙව ඛො කස්සප, යස්ස කස්සචි සද්ධා අත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි අත්ථි -පෙ- ඔත්තප්පං අත්ථි -පෙ- විරියං අත්ථි -පෙ- පඤ්ඤා අත්ථි කුසලෙසු ධම්මෙසු, තස්ස යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානි.
Sinhala BJTකස්සප, යම්සේ පුර සඳට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් පැහැයෙන් වැඩේ ම ය. මඬලින් වැඩේ ම ය. දීප්තියෙන් වැඩේ ම ය. උස්මහතින් වැඩේ ම ය. කස්සප, එසෙයින් ම යම් කිසිවකුහට කුසල්දහම්හි සැදැහැ ඇද්ද … හිරි ඇද්ද … ඔතප් ඇද්ද ... වැර ඇද්ද, කුසල්දහම්හි නුවණ ඇද්ද, ඔහුට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ නම් කුසල්දහම්හි වැඩීම ම කැමැති විය යුතු. පිරිහීම කැමති නො විය යුතු යි.
Pali BJTසද්ධො පුරිසපුග්ගලොති කස්සප, අපරිහානමෙතං. හිරිමා -පෙ- ඔත්තාපී -පෙ- ආරද්ධවිරියො -පෙ- පඤ්ඤවා -පෙ- අක්කොධනො -පෙ- අනුපනාහී පුරිසපුග්ගලොති කස්සප, අපරිහානමෙතං. සන්ති භික්ඛූ ඔවාදකාති කස්සප, අපරිහානමෙතන්ති.
Sinhala BJTකස්සප, ‘සැදැහැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. හිරි ඇති ... ඔතප් ඇති … ඇරඹු වෙර ඇති ... නුවණ ඇති … නො කිපෙන සුලු … ‘බද්ධවෛරය නැති පුරුෂපුද්ගලයා’ යන මෙය නො පිරිහීමෙකි. කස්සප, ‘අවවාද කරණ භික්‍ෂූහු ඇත්තාහ’ යන මෙය නො පිරිහීමෙකි යි.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJTතතිය ඔවාදසුත්තං
Sinhala BJTතෙවන ඕවාද සූත්‍රය
Pali BJT291. සාවත්ථියං–{1}
Sinhala BJT291. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාකස්සපං භගවා එතදවොච: “ඔවද කස්සප, භික්ඛූ, කරොහි කස්සප, භික්ඛූනං ධම්මිං කථං. අහං වා කස්සප, භික්ඛූ{2} ඔවදෙය්යං ත්වං වා. අහං වා භික්ඛූනං ධම්මිං කථං කරෙය්යං, ත්වං වාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහසුප් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: කස්සප, භික්‍ෂූන්ට අවවාද කරව. කස්සප භික්‍ෂූන්ට දැහැමි කතා කරව. කස්සප, මම හෝ භික්‍ෂූන්ට අවවාද කරන්නෙමි. තෙපි හෝ (අවවාද කරවු.) මම හෝ භික්‍ෂූන්ට දැහැමි කතා කරන්නෙමි. තෙපි හෝ (කරවු ) යි.
Pali BJTදුබ්බචා ඛො භන්තෙ,{3} එතරහි භික්ඛූ, දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා, අක්ඛමා, අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනින්ති.
Sinhala BJTවහන්ස, දැන් භික්‍ෂූහු දුවචහ. දුවචබව කරණ දහමින් සමන්‍විතහ. නො ඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය යි.
Pali BJTතථා හි පන කස්සප පුබ්බෙ ථෙරා භික්ඛූ ආරඤ්ඤකා චෙව අහෙසුං ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදිනො. පිණ්ඩපාතිකා චෙව අහෙසුං පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදිනො. පංසුකූලිකා චෙව අහෙසුං පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදිනො. තෙචීවරිකා චෙව අහෙසුං තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදිනො. අප්පිච්ඡා චෙව අහෙසුං අප්පිච්ඡතාය ච{4} වණ්ණවාදිනො. සන්තුට්ඨා චෙව අහෙසුං සන්තුට්ඨියා{5} ච වණ්ණවාදිනො. පවිවිත්තා චෙව අහෙසුං පවිවෙකස්ස ච වණ්ණවාදිනො. අසංසට්ඨා චෙව අහෙසුං අසංසග්ගස්ස ච වණ්ණවාදිනො. ආරද්ධවිරියා චෙව අහෙසුං විරියාරම්භස්ස ච වණ්ණවාදිනො.
Sinhala BJTකස්සප, ඒ එසේ මැ යි. පෙර ස්ථවිර භික්‍ෂූහු ආරණ්‍යක වූවොත්, ආරණ්‍යක බැව්හි ගුණ කියන්නෝත් වූහ. පිණ්ඩපාතික වූවොත්, පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නෝත් වූහ. පාංශුකූලික වූවොත්, පාංශුකූලික බැව්හි ගුණ කියන්නෝත් වූහ. තෙචීවරික වූවෝත්, තෙචීවරික බැව්හි ගුණ කියන්නෝත් වූහ. අල්පෙච්ඡ වූවොත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නෝත් වූහ. සන්තුෂ්ට වූවොත්, සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නෝත් වූහ. ප්‍රවිවික්ත වූවෝත්, ප්‍රවිවේකයෙහි ගුණ කියන්නෝත් වූහ. අසංසෘෂ්ටයෝත්, අසංසර්‍ගයෙහි ගුණ කියන්නෝත් වූහ. අරාබ්ධවීර්‍ය්‍යයෝත්, වීර්‍ය්‍යාරම්භයෙයි ගුණ කියන්නෝත් වූහ.
Pali BJTතත්ර යො හොති භික්ඛු ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී, පංසුකූලිකො චෙව පංසුකූලිකත්තස්සච වණ්ණවාදී, තෙචීවරිකො චෙව තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී, අප්පිච්ඡො චෙව අප්පිච්ඡතාය ච වණ්ණවාදී, සන්තුට්ඨො චෙව සන්තුට්ඨියා ච වණ්ණවාදී, පවිවිත්තො චෙව පවිවෙකස්ස ච වණ්ණවාදී, අසංසට්ඨො චෙව අසංසග්ගස්ස ච වණ්ණවාදී, ආරද්ධවිරියො චෙව විරියාරම්භස්ස ච වණ්ණවාදී, තං ථෙරා භික්ඛූ ආසනෙන නිමන්තෙන්ති “එහි භික්ඛු, කො නාමායං{6} භික්ඛු, භද්දකො වතායං භික්ඛු. සික්ඛාකාමො වතායං භික්ඛු, එහි භික්ඛු, ඉදං ආසනං නිසීදාහී”ති.
Sinhala BJTඑහි යම් මහණෙක් අරණ්‍යකත් ආරණ්‍යක බැව්හි ගුණ කියන්නේත්, පිණ්ඩපාතිකත් පිණ්ඩපාතික බැව්හි ගුණ කියන්නේත්, පාංශුකූලිකත් පාංශුකූලික බැව්හි ගුණ කියන්නේත්, තෙචීවරිකත් තෙචීවරික බැව්හි ගුණ කියන්නේත්, අල්පේච්ඡත් අල්පෙච්ඡ බැව්හි ගුණ කියන්නේත්, සන්තුෂ්ටත් සන්තුෂ්ට බැව්හි ගුණ කියන්නේත්, ප්‍රවිවික්තත් ප්‍රවිවේකයෙහි ගුණ කියන්නේත්, අසංසෘෂ්ටත් අසංසර්‍ගයෙහි ගුණ කියන්නේත්, අරාබ්ධවීර්‍ය්‍යත් වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියන්නේත් වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගණුව” යි අසුනෙන් පවරත්.
Pali BJTතත්ර කස්සප, නවානං භික්ඛූනං එවං හොහි. ‘යො කිර සො හොති භික්ඛු ආරඤ්ඤකො චෙව ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, පිණ්ඩපාතිකො චෙව -පෙ- පාංසුකූලිකො චෙව -පෙ- තෙචීවරිකොව චෙව -පෙ- අප්පිච්ඡො චෙව -පෙ- සන්තුට්ඨො චෙව -පෙ- පවිවිත්තො චෙව -පෙ- අසංසට්ඨො චෙව -පෙ- ආරද්ධවිරියො චෙව විරියාරම්භස්ස ච වණ්ණවාදී, තං ථෙරා භික්ඛූ ආසනෙන නිමන්තෙන්ති “එහි භික්ඛු කො නාමායං, භද්දකො වතායං භික්ඛු සික්ඛාකාමොවතායං භික්ඛු “එහි භික්ඛු, ඉදං ආසනං නිසීදාහීති. තෙ තථත්තාය පටිපජ්ජන්ති. තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJTකස්සප, එහි ලා නවක භික්‍ෂූන්ට “යම් ඒ මහණෙක් ආරණ්‍යකත් අරණ්‍යක බැව්හි ගුණ කියනුයේත් පිණ්ඩපාතිකත් … පාංශුකූලිකත් … තෙචීවරිකත් ... අල්පේච්ඡත් ... සන්තුෂ්ටත් ... ප්‍රවිවික්තත් ... අසංසෘෂ්ටත් ... අරාබ්ධවීර්‍ය්‍යත් ... වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියණුයේත් වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව, මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂාකාමී ය. මහණ, එව, මේ අසුන ය, හිඳගණුවයි අසුනෙන් පවරති” යි මෙසේ අදහස් වේ නම් ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුන්ට එය දිගුකලක් හිත පිණිස සැප පිණිස වේ.
Pali BJTඑතරහි පන කස්සප, ථෙරා භික්ඛූ න චෙව ආරඤ්ඤකා න ච ආරඤ්ඤකත්තස්ස වණ්ණවාදිනො. න චෙව පිණ්ඩපාතිකා න ච පිණ්ඩපාතිකත්තස්ස වණ්ණවාදිනො. න චෙව පංසුකූලිකා න ච පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදිනො. න චෙව තෙචීවරිකා න ච තෙචීවරිකත්තස්ස වණ්ණවාදිනො. න චෙව අප්පිච්ඡා න ච අප්පිච්ඡතාය ච වණ්ණවාදිනො. න චෙව සන්තුට්ඨා න ච සන්තුට්ඨියා ච වණ්ණවාදිනො. න චෙව පවිවිත්තා න ච පවිවෙකස්ස ච වණ්ණවාදිනො. න චෙව අසංසට්ඨා න ච අසංසග්ගස්ස ච වණ්ණවාදිනො. න චෙව ආරද්ධවිරියා න ච විරියාරම්භස්ස වණ්ණවාදිනො.
Sinhala BJTකස්සපය, දැන් ස්ථවිර භික්‍ෂූහු ආරණ්‍යක ද අරණ්‍යක බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පිණ්ඩපාතික ද පිණ්ඩපාතික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. පංසුකූලික ද පංසුකූලික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. තෙචීවරිකද තෙචීවරික බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. අල්පෙච්ඡ ද අල්පෙච්ඡ බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. සන්තුෂ්ට බැව්හි ගුණ කියනුවෝ ද නො වෙති. ප්‍රවිවික්ත ද ප්‍රවිවේකයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අසංසෘෂ්ට ද අසංසර්‍ගයෙහි ගුණ කියනුවෝ ද නො වෙති. අරාබ්ධවීර්‍ය්‍ය ද වීර්‍ය්‍යාරම්භයෙහි ගුණ කියනුවෝ ද නො වෙති.
Pali BJTතත්ර යො හොති භික්ඛු ඤාතො යසස්සී ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, තං ථෙරා භික්ඛූ ආසනෙන නිමන්තෙන්ති “එහි භික්ඛු, කො නාමායං භික්ඛු, භද්දකො වතායං භික්ඛු, සබ්රහ්මචාරිකාමො වතායං භික්ඛු, එහි භික්ඛු, ඉදං ආසනං, නිසීදාහී”ති.
Sinhala BJTඑහි යම් මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වේ නම්, ස්ථවිර භික්‍ෂූහු ඔහුට “මහණ, එව මේ භික්‍ෂු තෙමේ කිනම් ද? මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ භික්‍ෂු තෙමේ ඒකාන්තයෙන්ම සබ්‍රම්සරුනට කැමති ය. මහණ, එව, මේ අසුන ය. ඉඳගනුව” යි අසුනෙන් පවරත්.
Pali BJTතත්ර කස්සප නවානං භික්ඛූනං එවං හොති: “යො කිර සො හොති භික්ඛු ඤාතො යසස්සී ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, තං ථෙරා භික්ඛූ ආසනෙන නිමන්තෙති “එහි භික්ඛු කොනාමායං භික්ඛු, භද්දකො වතායං භික්ඛු: සබ්රහ්මචාරිකාමො වතායං භික්ඛු, එහි භික්ඛු, ඉදං ආසනං, නිසීදාහීති. තෙ තථත්තාය පටිපජ්ජන්ති. තෙසං තං හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJTකස්සපය, එහි දී නවක භික්‍ෂූන්ට “යම් ඒ මහණෙක් ප්‍රසිද්ධ වූයේ යසස් ඇත්තේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන සුලු වූයේ වේ නම් ස්ථවිර භික්‍ෂූහු ඔහුට ‘මහණ, එව මේ මහණ තෙමේ කිනම් ද? මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සොඳුරු ය. මේ මහණ තෙමේ ඒකාන්තයෙන් සබ්‍රම්සරුන්ට කැමති ය. මහණ, එව මේ අසුනය හිඳගණුව’ යි අසුනෙන් පවරති” යි මෙසේ අදහස් වේ. ඔහු ඒ පිණිස පිළිපදිත්. ඔවුනට එය දිගුකලක් අහිත පිණිස දුක් පිණිස වෙයි.
Pali BJTයං හි තං කස්සප, සම්මාවදමානො වදෙය්ය උපද්දුතා බ්රහ්මචාරී බ්රහ්මචාරූපද්දවෙන, අභිභවනා{1} බ්රහ්මචාරී බ්රහ්මචාරාභිභවනෙනාති{2} එවංහිතං කස්සප සම්මාවදන්තො වදෙය්ය{2} උපද්දුතා බ්රහ්මචාරී බ්රහ්මචාරුපද්දවෙන අභිභවනා බ්රහ්මචාරී බ්රහ්මචාරාභිභවනෙනාති.
Sinhala BJTකස්සපය, යම් හෙයකින් මැනවින් (සත්‍යය) කියන්නෙක් “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ ය”යි කියන්නේ නම්, කස්සපය, සත්‍යය කියන්නේ “බ්‍රහ්මචාරීහු බඹසර උවදුරින් හටගත් උවදුරු ඇත්තෝ ය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන් පිළිබඳ සිවුපසයෙහි වූ අධිකප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත අභිභවනයෙන් යුක්තයෝ” යි මෙසේ කියන්නේ යි.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJTඣානාභිඤ්ඤසුත්තං
Sinhala BJTඣානාභිඤ්ඤ සූත්‍රය
Pali BJT292. සාවත්ථියං–
Sinhala BJT292. සැවැත්නුවර–
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ{4} ආකඞ්ඛති විවිච්චෙ ව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම්තාක් කල් කැමති වන්නෙම් නම් (ඒ තාක්) කාමයන් ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම්තාක් කල් කැමති වන්නේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙහි හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ{1} ආකඞ්ඛාමි විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ{1} ආකඞ්ඛති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියංඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමහේතුවෙන් ස්වසන්තානයෙහි උපන් පැහැදීම ඇති, සිත්හුගේ එකලාව උපදනා උතුම් සමාධිය වඩන, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් ඒ තාක් විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශම හේතුවෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරාමි’ සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙමි. යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද වෙසෙමි. සුව ද කයින් විඳිමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ තෘතීයධ්‍යාන සමන්‍විත පුද්ගලයා ‘උපේක්‍ෂකය, සිහි ඇත්තේ ය, සුඛවිහාර ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහාණා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්‍වයෙහිම සොම්නස් දොම්නස් අස්තඞ්ගමයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂායෙන් හටගත් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා -පෙ- ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්මසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්ත ය” යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කල් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කාශ්‍යප ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්ත ය” යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චි’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති -පෙ- ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැතැ” යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කසුප් ද, යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) … නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොමි: එකොපි හුත්වා බහුධා හොමි, බහුධාපි හුත්වා එකො හොමි. ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡාමි, සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොමි සෙය්යථාපි උදකෙ. උදකෙපි අභෙජ්ජමානෙ ගච්ඡාමි සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන චඞ්කමාමි{1} සෙය්යථාපි පක්ඛි සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවම්මහිද්ධිකෙ එවම්මහානුභාවෙ පාණිනා පරාමසාමි පරිමජ්ජාමි. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් නම් (ඒ තාක්) නන්වැදෑරුම් ඍද්ධි කොටස් වළඳමි. එකෙක් ව ද බොහෝ පරිදි වෙමි. බොහෝ පරිදි ව ද එකෙක් වෙමි. ප්‍රකටබව ද සැඟවුනුබව ද (කරමි.) බිතුසරස පවුරුසරස පවුසරස අහසෙහි මෙන් නො ගැටෙමින් යෙමි. පොළොවෙහි ද දියෙහි ද මෙන් මතු වීම කිමිදීම කරමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි ද යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙයි ද පලඟින් සක්මන් කරමි. මේ සා මහත් ඍද්ධි ඇති මේ සා මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ශනය කරමි. පිරිමදිමි. බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ ද (ඒ තාක්) නන්වැදෑරුම් ඍද්ධි කොටස් වළඳ යි ... බඹලොව තෙක් ද කයින් වශයෙහි පවත්වයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාමි දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති දිබ්බාය සොතධාතුයා උභොසද්දෙ සුණාති -පෙ- යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කැමති වෙම් ද, (ඒ තාක්) විසුද්ධ වූ මනුෂ්‍ය විෂය ඉක්ම පැවති දිව කණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසමි. මහණෙනි, කස්සප ද යම්තාක් කැමති වේ ද … (ඒතාක්) දිවකණින් දිව්‍ය වූත් මනුෂ්‍ය වූත්, දුර වූත් ලඟ වූත්, දෙසද අසයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි, පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාමි: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාමි. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාමි. සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සංඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍යපුද්ගලයන්ගේ සිත (තම) සිතින් පිරිසිඳ දැන ගණිමි: සරාග සිත හෝ සරාග සිතැයි දැන ගණිමි. වීතරාග සිත වීතරාග සිතැයි දැන ගණිමි. සදෝස සිත හෝ ... වීතදෝස සිත හෝ … සමෝහ සිත හෝ ... වීතමෝහ සිත හෝ … සඞ්ඛිත්ත සිත හෝ ... වික්ඛිත්ත සිත හෝ … මහග්ගත සිත හෝ … අමහග්ගත සිත හෝ ... සඋත්තර සිත හෝ … අනුත්තර සිත හෝ … සමාහිත සිත හෝ … අසමාහිත සිත හෝ ... විමුත්ත සිත හෝ ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තම සිතින්) පිරිසිඳ දැන ගණියි: සරාග සිත හෝ සරාග සිතැ යි දැන ගණියි ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දැන ගණියි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි - සෙය්යථිදං: “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ “අමුත්රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති - සෙය්යථිදං: “එකම්පි ජාතිං -පෙ- ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTමහණෙනි, “මම යම්තාක් කැමති වෙම් ද (ඒ තාක්) පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙමි. ඒ මෙසේ යි: “එක ජාතියක් ද, දෙජාතියක් ද, තුන් ජාතියක් ද, සිවු ජාතියක් ද, පස් ජාතියක් ද, දස ජාතියක් ද, විසි ජාතියක් ද, තිස් ජාතියක් ද, සාළිස් ජාතියක් ද, පණස් ජාතියක් ද, සිය ජාතියක් ද, දහස් ජාතියක් ද, සියදහස් ජාතියක් ද, නොයෙක් වැනසෙන කප් ද, නොයෙක් වැඩෙන කප් ද, නොයෙක් වැනසෙන වැඩෙන කප් ද” අසුවල් තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයුකෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන පහළ වීමි. එහි දු මෙ නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු පැහැ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳිනෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව මෙහි උපන්මි” යි. මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මහණෙනි, කස්සප ද, යම් තාක් කැමති වේ නම් (ඒ තාක්) නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: “එක් ජාතියක් ද … මෙහි උපන්මියි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTඅහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති -පෙ- චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTමහණෙනි, මම යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්මවා පැවති දිවැසින් සත්ත්‍වයන් දකිමි: ච්‍යුත වන, උපදින, හීන ප්‍රණීත, මනා පැහැ ඇති, නපුරු පැහැ ඇති, මනා ගති ඇති, නපුරු ගති ඇති, කර්‍ම වූ පරිදි පැමිණි සතුන් දැන ගණිමි: ‘මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්‍වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝ ය. මිථ්‍යාදුෂ්ටිකයෝ ය. මිථ්‍යාදුෂ්ටිකර්‍ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, විවස ව පතිත වන, නිරයට පැමිණියාහු ය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතහ. වාග්සුචරිතයෙන් සමන්‍වාගතහ. මනඃසුචරිතයෙන් සමන්‍වාගතහ. ආර්‍ය්‍යෝපවාද නො කරන්නෝ ය. සම්‍යග්දෘෂ්ටි ගත්තෝ ය. සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහයි, මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකිමි. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දැන ගණිමි. මහණෙනි, කස්සප ද යම් තාක් කැමති වෙම් නම් (ඒ තාක්) විශුද්ධ වූ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. … ච්‍යුත වන උපදින හීනප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දැන ගණියි.
Pali BJTඅහං භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කස්සප ද ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධිය ද අර්‍හත් ඵලප්‍රඥාව ද මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙ යි.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJTභික්ඛුනූපස්සයසුත්තං
Sinhala BJTභික්ඛුනු උපස්සය සූත්‍රය
Pali BJT293. එකං සමයං ආයස්මා මහාකස්සපො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකස්සපං එතදවොච: “ආයාම භන්තෙ, කස්සප, යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමිස්සාමා”ති.
Sinhala BJT293. එක්කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ පෙරවරු හැඳ පොරවා පා සිවුරු ගෙණ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය- එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.
Pali BJTගච්ඡ ත්වං ආවුසො ආනන්ද, බහුකිච්චො ත්වං බහුකරණීයොති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං මහාකස්සපං එතදවොච: “ආයාම භන්තෙ කස්සප, යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමිස්සාමා”ති.
Sinhala BJTදෙවන වට දු ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.
Pali BJTගච්ඡ ත්වං ආවුසො ආනන්ද, බහුකිච්චො ත්වං බහුකරණීයොති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි යවු. තෙපි බොහෝ කිස ඇත්තහු, බොහෝ කටයුතු ඇත්තහු ය.
Pali BJTතතියම්පි ඛො ආයස්මා ආනන්දො, ආයස්මන්තං මහාකස්සපං එතදවොච: “ආයාම භන්තෙ කස්සප, යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමිස්සාමා”ති.
Sinhala BJTතෙවන වට දු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට “වහන්ස, කාශ්‍යපයෙනි, යමු, එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹෙන්නෙමු” යි මෙය කී ය.
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන ආයුෂ්මත් අනඳතෙරුන් පසුමහණහු කොට ගෙණ එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පණවන ලද අසුන්හි වැඩහුන්හ.
Pali BJTඅථඛො සම්බහුලා භික්ඛුනියො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මා මහාකස්සපො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො ආයස්මා මහාකස්සපො තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කමි.
Sinhala BJTඑකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මෙහෙණන් ආයුෂ්මත් මහසුප් තෙරනණුවෝ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ඒ මෙහෙණන් දැහැමි කතායෙන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩියහ.
Pali BJTඅථ ඛො ථුල්ලතිස්සා භික්ඛුනී අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරෙසි: “කිං පනය්යො{1} මහාකස්සපො අය්යස්ස ආනන්දස්ස වෙදෙහමුනිනො සම්මුඛා ධම්මං භාසිතබ්බං මඤ්ඤති? සෙය්යථාපි නාම සූචිවාණිජකො සූචිකාරස්ස සන්තිකෙ සූචිං වික්කෙතබ්බං මඤ්ඤෙය්ය, එවමෙවං අය්යො මහාකස්සපො අය්යස්ස ආනන්දස්ස වෙදෙහමුනිනො සම්මුඛා ධම්මං භාසිතබ්බං මඤ්ඤතී”ති.
Sinhala BJTඑකල්හි ථූල්ලතිස්සා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, ආර්‍ය්‍ය වු මහා කාශ්‍යප තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්‍ද තෙරණුවන් හමුයෙහි දහම් බිණිය යුතු යි හගිද්ද? යම් සේ හිදි වෙළෙඳෙක් හිදිකරු ලඟ හිදි විකිණිය යුතු ය යි හඟනේ නම්, එසෙයින් ම ආර්‍ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහ මුනි අනඳ තෙරුන් හමුයෙහි දහම් බිණිය යුතු යි හඟිති” යි නො සතුටු වදන් බිණුවා ය.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා මහාකස්සපො ථුල්ලතිස්සාය භික්ඛුනියා ඉමං වාචං භාසමානාය. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං එතදවොච: කින්නු ඛො ආවුසො ආනන්ද, අහං සූචිවාණිජකො, ත්වං සූචිකාරො? උදාහු අහං සූචිකාරො, ත්වං සූචිවාණිජකො”ති? ඛමථ{2} භන්තෙ කස්සප, බාලො මාතුගාමොති.
Sinhala BJTආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථූල්ලතිස්සා මෙහෙණ මේ වදන් කියද්දී (අනෙකෙකු විත් සැළකළ පරිදි) ඇසූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට “ඇවැත්නි, ආනන්‍දයෙනි, කිමෙක් ද, මම හිඳි වෙළෙඳෙකිම් ද? තෙපි හිඳිකරුද? නොහොත් මම හිඳි කරු වෙම් ද? තෙපි හිඳි වෙළෙඳෙක් දැ” යි? මෙය කීහ “වහන්ස කාශ්‍යපයෙනි, කමා කළ මැනවි. මාගම මෝඩය” යි.
Pali BJTආගමෙහි ත්වං ආවුසො ආනන්ද, මා තෙ සඞ්ඝො උත්තරිං{3} උපපරික්ඛි.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, තෙපි සිටිවු. බික්සඟ තෙමේ මතු (අතිරේක කරුණෙක්හි) තොප නොපිරික්සාවා. (තොප කෙරෙහි භික්ඛුනී සත්‍ථවාදීන් සැක නො කෙරේවා.)
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො ආනන්ද? අපි නු ත්වං භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො: “අහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. ආනන්දොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරතී”ති?
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිවු ද? “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. මහණෙනි, ආනන්‍දත් යම් තාක් කල් කැමති වේ නම් (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන කෙරෙහි (බුදුනට ප්‍රතිභාග ශ්‍රාවකයෙකු වශයෙන්) පමුණුවන ලදහු ද?
Pali BJT‘නො හෙතං භන්තෙ’.
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ මය.’
Pali BJTඅහං ඛො ආවුසො භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො: “අහං භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. කස්සපොපි භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරතී”ති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි “මහණෙනි, මම යම් තාක් කල් කැමති වෙම් ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් යම් තාක් කල් කැමැති වේ ද (ඒ තාක්) කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙ”යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්ඟන කෙරෙහි (බුද්ධප්‍රතිභාග ශ්‍රාවක වශයෙන්) පමුණුවන ලද්දෙම් වෙමි.
Pali BJT(නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනං පඤ්චන්නඤ්ච අභිඤ්ඤානං පෙය්යාලො{4}.)
Sinhala BJT(ප්‍රථමධ්‍යානාදී නවවිධ අනුපූර්‍ව විහාරසමාපත්තීන්ගේ ද පඤ්චාභිඥාවන්ගේ ද පෙය්‍යාලය දතයුතු.)
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො ආනන්ද, අපි නු ත්වං භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො “අහං භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමි. ආනන්දොපි භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති?
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ කුමැයි හඟිවු ද, “මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, ආනන්‍දත් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵල සමාධියත්, අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ” යි තෙපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලදහු ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, එය නො වේ ම ය.’
Pali BJTඅහං ඛො ආවුසො භගවතො සම්මුඛා භික්ඛුසඞ්ඝෙ උපනීතො “අහං භික්ඛවෙ, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විහරාමි. කස්සපොපි භික්ඛවෙ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.
Sinhala BJT“මහණෙනි, මම ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙමි. මහණෙනි, කාශ්‍යපත් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵලසමාධියත් අර්‍හත් ඵලප්‍රඥාවත් මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ” යි මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි බික්සඟන මැද පමුණුවන ලද්දෙමි.
Pali BJTසත්තරතනං වා සො ආවුසො නාගං අඩ්ඪට්ඨරතනං වා තාලපත්තිකාය ඡාදෙතබ්බං මඤ්ඤෙය්ය, යො මෙ ඡ අභිඤ්ඤා ඡාදෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඇවැත්නි, යමෙක් මාගේ ෂඩභිඥාවන් වැසිය හැකි ය යි හඟනේ නම් හෙතෙමේ සත්රියන් වූ හෝ අඩකින් අඩු අටරියන් (=සත්රියන් හමාරක්) වූ හෝ ඇතකු තල්පතකින් වැසිය හැකි ය යි හඟනේ ය.
Pali BJTචවිත්ථ ච පන ථුල්ලතිස්සා භික්ඛුනී බ්රහ්මචරියම්හාති.
Sinhala BJTථුල්ලතිස්සා මෙහෙණ බඹසරින් චුත වූවා ය.
Pali BJT4. 1. 11.
Sinhala BJT4. 1. 11.
Pali BJTචීවරසුත්තං
Sinhala BJTචීවර සූත්‍රය
Pali BJT294. එකං සමයං ආයස්මා මහාකස්සපො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො දක්ඛිණාගිරිස්මිං{1} චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස තිංසමත්තා සද්ධිවිහාරිනො භික්ඛූ සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තා භවන්ති යෙභුය්යෙන කුමාරභූතා. අථ ඛො ආයස්මා ආනන්දො දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං{2} චාරිකං චරිත්වා යෙන රාජගහං වෙළුවනං කලන්දකනිවාපො, යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං ආයස්මා මහාකස්සපො එතදවොච:
Sinhala BJT294. එක් සමයෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ මහත් බික්සඟන සමග දක්ඛිණාගිරි දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ සද්ධිවිහාරික වූ බෙහෙවින් තරුණ වූ තිසක් පමණ භික්‍ෂූහු සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරලුනාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ දකුණුගිරි දනව්වෙහි කැමතිතාක් චාරිකා කොට රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහසුප් තෙරණුවන් වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ මෙය කීහ:
Pali BJT“කති නු ඛො ආවුසො ආනන්ද අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තන්ති?”
Sinhala BJT“ඇවැත්නි, ආනන්‍දයෙනි, කෙතෙක් කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය* පණවන ලද්දේ දැ” යි.
Pali BJTතයො ඛො භන්තෙ කස්සප, අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තං: දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, මා පාපිච්ඡා පක්ඛං නිස්සාය සඞ්ඝං භින්දෙය්යුං, කුලානුද්දයතාය ච.{3} ඉමෙ ඛො භන්තෙ කස්සප, තයො අත්ථවසෙ පටිච්ච භගවතා කුලෙසු තිකභොජනං පඤ්ඤත්තන්ති.
Sinhala BJTවහන්ස, කාශ්‍යපයෙනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි: දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස ද, ප්‍රියශීල භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස ද, ලාමක අදහස් ඇත්තෝ, (කුලවිනවා බුදිමින්) පක්‍ෂය (=එවැනි ලාමකයන්ගෙන් ම වඩාගත් සමූහයා) නිසා සඞ්ඝයා නො බිඳිත්වා යි ද, වැලි කුලයන් කෙරෙහි වූ අනුද්දයාව නිසා ද වේ. වහන්ස, කාශ්‍යපයෙනි, මේ කරුණු තුණ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි තිකභෝජනය පණවන ලදි.
Pali BJTඅථ කිඤ්චරහි ත්වං ආවුසො ආනන්ද ඉමෙහි නවෙහි භික්ඛූහි ඉන්ද්රියෙසු අගුත්තද්වාරෙහි භොජනෙ අමත්තඤ්ඤූහි ජාගරියං අනනුයුත්තෙහි සද්ධිං චාරිකං චරසි? සස්සඝාතං මඤ්ඤෙ චරසි. කුලූපඝාතං මඤ්ඤෙ චරසි. ඔලුජ්ජති{1} ඛො තෙ ආවුසො ආනන්ද, පරිසා පලුජ්ජන්ති ඛො තෙ ආවුසො නවප්පායා. න චායං කුමාරකො මත්තමඤ්ඤාතීති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, ඉදින් එසේ නම් කුමක් හෙයින් තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදි වැරීමෙහි නො යෙදුනු මේ නව භික්‍ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු ද? ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. අවැත් ආනන්‍දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් තරුණ වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
Pali BJT“අපි මෙ භන්තෙ, කස්සප, සිරස්මිං පලිතානි ජාතානි. අථ ච පන මයං අජ්ජාපි ආයස්මතො මහාකස්සපස්ස කුමාරකවාදා න මුච්චාමා”ති.
Sinhala BJT“වහන්ස, කාශ්‍යපයෙනි, මගේ හිසෙහි පලිතයෝත් (=පැසුනු කෙසුත්) හට ගත්හ. එහෙත් අද දු ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ගේ කුමරක වාදයෙන් නො මිදෙමු” යි.
Pali BJTතථා හි පන ත්වං ආවුසො ආනන්ද, ඉමෙහි නවෙහි භික්ඛූහි ඉන්ද්රියෙසු අගුත්තද්වාරෙහි භොජනෙ අමත්තඤ්ඤූහි ජාගරියං අනනුයුත්තෙහි සද්ධිං චාරිකං චරසි, සස්සඝාතං මඤ්ඤෙ චරසි, කුලූපඝාතං මඤ්ඤෙ චරසි. ඔලුජ්ජති ඛො තෙ ආවුසො ආනන්ද, පරිසා. පලුජ්ජන්ති ඛො තෙ ආවුසො නවප්පායා. න වායං කුමාරකො මත්තමඤ්ඤාතීති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, ඒ එසේ මැයි: (කුමරකයන් වෙනම හැසිරෙණ බැවින් තෙපි දු කුමරක වාදයට නිසි ය යි සූ යේ ය:) තෙපි ඉඳුරන්හි නො රක්නා ලද දොර ඇති බොජුනෙහි පමණ නො දන්නා නිදිවැරීමෙහි නො යෙදුණු මේ නවක භික්‍ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙවු. ශස්‍ය නසමින් හැසිරෙණු වැන්න. කුලයන් නසමින් හැසිරෙණු වැන්න. ඇවැත්නි ආනන්‍දයෙනි, තොපගේ පිරිස බිඳේ. ඇවැත්නි, බෙහෙවින් නවක වූ ඔහු බිඳෙත්. මේ ලදරු තෙමේ තමන් පමණ නො දනි යි.
Pali BJTඅස්සොසි ඛො ථුල්ලනන්දා භික්ඛුනී “අය්යෙන කිර මහාකස්සපෙන අය්යො ආනන්දො වෙදෙහමුනි කුමාරකවාදෙන අපසාදිතො”ති. අථ ඛො ථුල්ලනන්දා භික්ඛුනී අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරෙසි. “කිං පන අය්යො මහාකස්සපො අඤ්ඤතිත්ථියපුබ්බො සමානො අය්යං ආනන්දං වෙදෙහමුනිං කුමාරකවාදෙන අපසාදෙතබ්බං මඤ්ඤතී”ති.
Sinhala BJTථුල්ලනන්‍දා මෙහෙණ “ආර්‍ය්‍ය වූ මහසුප් තෙරුන් විසින් ආර්‍ය්‍ය වූ වේදේහ මුනි ආනන්‍ද ස්ථවිර තෙමේ කුමරකවාදයෙන් ගරහන ලදැ” යි ඇසූ. එකල්හි ථුල්ලනන්‍දා මෙහෙණ නො සතුටු සිත් ඇත්තී “කිමෙක් ද, පෙර අන්තොටු වූ ම ආර්‍ය්‍ය වූ මහසුප් තෙරණුවෝ ආර්‍ය්‍ය වූ වේදේහමුනි ආනන්‍ද තෙරුන්ට කුමරක වාදයෙන් ගැරහිය යුතු ය යි සිතද්දැ”යි නො සතුටු වදන් පහළ කළා ය.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා මහාකස්සපො ථුල්ලනන්දාය භික්ඛුනියා ඉමං වාචං භාසමානාය. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං එතදවොච: තග්ඝාවුසො ආනන්ද, ථුල්ලනන්දාය භික්ඛුනියා සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා. යතොහං{2} ආවුසො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො, නාභිජානාමි අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං අඤ්ඤත්ර තෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන.
Sinhala BJTආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ථුල්ලනන්‍දා මෙහෙණ මේ වචන කියද්දී අසූහ. ඉක්බිති ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ විසින් ඒකාන්තයෙන් කරුණු නො සලකා ද්වේෂයෙන් වචන කියන ලදි. ඇවැත්නි, මම යම් කලෙක කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද, (එවක් පටන්) ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ හැර අන් ශාස්තෘවරයකු (මගේ ශාස්තෘ ය යි) උදෙසන්නට (=උදෙසූ බවක්) නො දනිමි.
Pali BJTපුබ්බෙ මෙ ආවුසො අගාරිකභූතස්ස සතො එතදහොසි. “සම්බාධො ඝරාවාසො රජාපථො{3} අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. සො ඛො අහං{4} ආවුසො අපරෙන සමයෙන පටපිලොතිකානං සඞ්ඝාටිං කරිත්වා{5} යෙ ලොකෙ අරහන්තො තෙ උද්දිස්ස කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං.
Sinhala BJTඇවැත්නි, පෙර ගිහිවූ ම මට “ගෘහවාසය සම්බාධ (=අවකාශ රහිත) ය, කෙලෙස් රජස් රැස්වන මග ය. පැවිද්ද අභ්‍යවකාස ය. ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරුසුදු දෙවූ සකක් බඳු කොට (මොහොතකුදු මල නො ගන්වා හැසිරිය යුතු) මේ බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස් රැවුල් බා කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඇවැත්නි, ඒ මම පසුකලෙක මහඟුවත් කඩකපාගත් පිලියෙන් සඟල (සිවුරක්) කොට ගෙණ ලොව යම් රහත්හු වෙත් නම් ඒ රහතුන් උදෙසා කෙස් රැවුල් බා ඒ කාසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙමි.
Pali BJTසො එවං පබ්බජිතො සමානො අද්ධානමග්ගපටිපන්නො අද්දසං භගවන්තං අන්තරා ච රාජගහං අන්තරා ච නාලන්දං බහුපුත්තෙ චෙතියෙ නිසින්නං. දිස්වාන මෙ එතදහොසි: සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං, සුගතඤ්ච වතාහං පස්සෙය්යං, භගවන්තමෙව පස්සෙය්යං, සම්මාසම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යන්ති. සො ඛොහං ආවුසො තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “සත්ථා මෙ භන්තෙ භගවා. සාවකොහමස්මි. සත්ථා මෙ භන්තෙ භගවා. සාවකොහමස්මී”ති.
Sinhala BJTඒ මම මෙසේ පැවිදි වූයෙම් ම අදන් මගට පිළිපන්නෙමි. රජගහනුවරට ද නාලන්‍දාවට ද අතර බහුපුත්ත සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටිමි. දැක “මම ශාස්තෘවරයකු දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම මාගේ ශාස්තෘවශයෙන් දක්නෙමි. මම සුගත කෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි. මම සම්මාසම්බුදුකෙනකුන් දක්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ ම දක්නෙමි” යි මට මේ සිත විය. ඇවැත්නි, ඒ මම එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා වෙත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘවරයා ය. මම සවු වෙමි” යි{*} මෙය සැළකෙළෙමි.
Pali BJTඑවං වුත්තෙ මං ආවුසො, භගවා එතදවොච: “යො ඛො කස්සප එවං සබ්බචෙතසා සමන්නාගතං සාවකං ආජානඤ්ඤෙව වදෙය්ය ජානාමීති, අපස්සඤ්ඤෙව වදෙය්ය පස්සාමීති, මුද්ධාපි තස්ස විපතෙය්ය. අහං ඛො පන කස්සප ජානඤ්ඤෙව වදාමි ජානාමීති, පස්සඤ්ඤෙව වදාමි පස්සාමී”ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මට මෙය වදාළ සේක: “කස්සප, යමෙක් මෙසේ මුළුහිතින් සමන්‍විත වූ සවුවකු (ගුණවිසින්) නො දන්නේ ම දනිමි යි (ස්වකීය ශාස්තෘභාවය ප්‍රතිඥා කෙරේ ද) නොදක්නේ ම දකිමි යි කියා ද, ඔහුගේ හිසත් ගිලිහෙන්නේ ය. (සත්කඩකට) පැලෙන්නේය. කස්සප, මම වනාහි (මාගේ ශාස්තෘභාවය) දන්නෙම් ම දනිමි යි කියමි. දක්නෙම් ම දකිමියි කියමි.{†}
Pali BJTතස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං: “තිබ්බං මෙ හිරොත්තප්පං පච්චුපට්ඨිතං භවිස්සති ථෙරෙසු නවෙසු{1} මජ්ඣිමෙසූ”ති. එවං හි තෙ කස්සප සික්ඛිතබ්බං.
Sinhala BJTකස්සප, එහෙයින් (මා ශාස්තෘ බැවින්) තොප විසින් මෙහි මෙසේ හික්මියයුතු: “ස්ථවිර නව මධ්‍යම භික්‍ෂූන් කෙරෙහි මාගේ දැඩි හිරි ඔතප් එළඹ සිටියේ වන්නේ” ය යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTතස්මාතිහ තෙ කස්සප, එවං සික්ඛිතබ්බං: “යං කිඤ්චි ධම්මං සුණිස්සාමි.{2} කුසලූපසංහිතං, සබ්බං තං අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණිස්සාමී”ති. එවං හි තෙ කස්සප සික්ඛිතබ්බං.
Sinhala BJTකස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතු. “කුසල් ඇසුරු කළ යම්කිසි දහමක් අසන්නෙම් නම් ඒ සියලු දහම (තමහට අර්‍ත්‍ථයකැයි) අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කරමින් මුළුහිත එක්කොට යොමු කළ කන් ඇති ව අසන්නෙමි” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJTතස්මාතිහ තෙ කස්සප, එවං සික්ඛිතබ්බං “සාතසහගතා ච මෙ කායගතාසති න විජහිස්සතී”ති. එවං හි තෙ කස්සප සික්ඛිතබ්බන්ති.
Sinhala BJTකස්සප, එහෙයින් මෙහි තොප විසින් මෙසේ ම හික්මිය යුතු “සුඛසම්ප්‍රයුක්ත (ප්‍රථමධ්‍යාන සුඛයෙන් යුක්ත) වූ මාගේ කායගතාසතිය, නො මා හරණේ ය” යි. කස්සප, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTඅථ ඛො මං ආවුසො, භගවා ඉමිනා ඔවාදෙන ඔවාදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ (ත්‍රිවිධ)අවවාදයෙන්{‡} මට අවවාද කොට හුනස්නෙන් නැගී වැඩිසේක.