Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4401-4500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJTතිංසමත්තසුත්තං
Sinhala BJTතිංසමත්ත සූත්‍රය
Pali BJT276. රාජගහෙ–
Sinhala BJT276 රජගහනුවර–
Pali BJTඅථ ඛො තිංසමත්තා පාවෙය්යකා{2} භික්ඛූ, සබ්බෙ ආරඤ්ඤකා සබ්බෙ පිණ්ඩපාතිකා සබ්බෙ පංසුකූලිකා සබ්බෙ තෙචීවරිකා{3} සබ්බෙ සසංයොජනා{4} යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJTඑකල්හි සියල්ලෝ ම ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ තෙචීවරික වූ, සියල්ලෝ ම සංයෝජන සහිත වූ, පාවානුවර වැසි තිස්නමක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්හ.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: “ඉමෙ ඛො තිංසමත්තා පාවෙය්යකා භික්ඛූ සබ්බෙ ආරඤ්ඤකා, සබ්බෙ පිණ්ඩපාතිකා, සබ්බෙ පංසුකූලිකා, සබ්බෙ තෙචීවරිකා, සබ්බෙ සසංයොජනා.{4} යන්නූනාහං ඉමෙසං තථා ධම්මං දෙසෙය්යං යථා නෙසං{5} ඉමස්මිං යෙව ආසනෙ අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චෙය්යු”න්ති.{6}
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේට “පාවානුවර වැසි මේ තිස්නමක් පමණ වූ භික්‍ෂූහු සියල්ලෝ ම ආරණ්‍යකහ. පිණ්ඩපාතිකහ. පාංශුකූලිකහ. තෙචීවරිකහ. සියල්ලෝ ම සංයෝජන සහිතහ. ඉදින්, මේ අසුන්හි දී ම ඔවුන්ගේ සිත් උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් යම් සේ මිදේ නම් එසේ මම මොවුනට දහම් දෙසන්නේ නම් මැනැවැ”යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො බහුතරං, යං වා වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදකන්ති?
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, මෙසසර අවිදිතාග්‍ර ඇතියේ ය. අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයන්ගේ පූර්‍වකෝටිය නො පෙණේ. මහණෙනි, ඒ කිමැයි හගිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස් සුන් තොපගේ වෑහුනු වැගිරුණු යම් පමණ ලෙයෙක් වේ ද, සිවුමහසමුදුරෙහි යම් පමණ ජලයෙක් වේද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
Pali BJT“යථා ඛො මයං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාම: එතදෙව භන්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදක”න්ති.
Sinhala BJT“වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය යම් සේ දනිවු නම්, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් අපගේ වෑහුණු වැගුරුණු යම් ලෙයෙක් වේ ද, ඒ ලෙය ම ඉතා වැඩි ය. සිවුමහ සමුදුරෙහි ජලය නො ම වැඩි ය.”
Pali BJTසාධු සාධු භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ: එතදෙව භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ, ගුන්නං සතං ගොභූතානං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, -පෙ- න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ, මහිසානං{1} සතං මහිසභූතානං සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං, -පෙ- න ත්වෙව චතුසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ, මහිසානං{1} සතං මහිසභූතානං සීසච්ඡින්නානං -පෙ- අජානං සතං අජභූතානං -පෙ- උරබ්භානං සතං උරබ්භභූතානං -පෙ- මිගානං සතං මිගභූතානං -පෙ- සූකරානං සතං සූකරභූතානං -පෙ- කුක්කුටානං සතං කුක්කුටභූතානං -පෙ- දීඝරත්තං වො භික්ඛවෙ, චොරා ගාමඝාතකාති{2} ගහෙත්වා සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං -පෙ- දීඝරත්තං වො භික්ඛවෙ, චොරා පරිපන්ථකාති{3} ගහෙත්වා -පෙ- චොරා පාරදාරිකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලොහිතං පස්සන්නං පග්ඝරිතං -පෙ- න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- [යාවඤ්චිදං භික්ඛවෙ -පෙ- ] අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්‍මය මෙසේ දනිවු නම් මැනවි: මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු යම් ලෙයක් වේ නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගොජාතියෙහි ම ගොනුන් ව උපන් හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය ම (ඉතා වැඩිය.) සිවුමහසයුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මහිෂ ජාතියෙහි ම මිහි ව උපන් හිස්සුන් තොපගේ ... එළු ජාතියෙහි ම එළු ව උපන් ... තිරෙළු ජාතියෙහි ම තිරෙළු ව උපන් ... මුව ජාතියෙහි ම මුව ව උපන් ... හුරු ජාතියෙහි ම හුරු ව උපන් ... කුකුළු ජාතියෙහි කුකුළු ව උපන් … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි ගම්පහරණ සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුනු වැගුරුණු ලෙය … මහණෙනි, දිගුකලක් මුළුල්ලෙහි මං පහරණ සොරු යි ගෙණ … පරඹුන් සෙවුනා සොරු යි ගෙණ හිස්සුන් තොපගේ වෑහුණු වැගුරුණු ලෙය ම (ඉතා වැඩි ය.) සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. ඒ කවර හෙයින යත්: මහණෙනි , මෙසසර නො පිරිසුන් කෙළවර ඇත්තේ ය ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිං ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ තිංසමත්තානං පාවෙය්යකානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. මේ ධර්‍මවිභාගය වදාරණු ලබන කල්හි තිස් නමක් පමණ පාවෙය්‍යක භික්‍ෂූන් ගේ සිත් උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුනේ ය.
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJTමාතුසුත්තං
Sinhala BJTමාතු සූත්‍රය
Pali BJT277. සාවත්ථියං–
Sinhala BJT277. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- න සො භික්ඛවෙ, සත්තො සුලභරූපො යො න මාතාභූතපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. -පෙ- [එවං දීඝරත්තං වො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං -පෙ- යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං.]අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි , මෙසසර නො දන්නා ලද අවධි ඇතියේය ... මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක් සතක්හු මවු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙ සසර නො දන්නා ලද අවධි අතියේ ය ... මහණෙනි, මෙසේ දීර්‍ඝකාලයක් තොප විසින් දුක් විඳින ලදී … මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්නට නිසිය. නො ඇලෙන්නට නිසිය. මිදෙන්නට නිසි ම ය.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTපිතුසුත්තං
Sinhala BJTපිතු සූත්‍රය
Pali BJT278. සාවත්ථියං–
Sinhala BJT278. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- න සො භික්ඛවෙ, සත්තො සුලභරූපො යො න පිතාභූතපුබ්බො [ඉමිනා දීඝෙන අද්ධුනා. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- යාවඤ්චිදං භික්ඛවෙ ] -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසසර අවිදිතාග්‍රය … මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක්සතක්හු පිය නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අවිදිතාග්‍රය ... මහණෙනි, එහෙයින් මිදෙන්නට නිසි ම ය. මිදෙන්නට සුදුසු මැ යි.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTභාතුසුත්තං
Sinhala BJTභාතු සූත්‍රය
Pali BJT279. සාවත්ථියං–
Sinhala BJT279. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො න සො භික්ඛවෙ, සත්තො සුලභරූපො යො න භාතාභූතපුබ්බො [ඉමිනා දීඝෙන අද්ධුනා.] -පෙ- [යාවඤ්චිදං භික්ඛවෙ -පෙ-] අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ සසර අවිදිතාග්‍ර ඇතියේ ය. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් බෑයා නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTභගිනිසුත්තං
Sinhala BJTභගිනි සූත්‍රය
Pali BJT280. සාවත්ථියං–
Sinhala BJT280. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො න සො භික්ඛවෙ, සත්තො සුලභරූපො යො න භගිනීභූතපුබ්බො [ඉමිනා දීඝෙන අද්ධුනා.] -පෙ- [යාවඤ්චිදං භික්ඛවෙ -පෙ-] අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ සසර අවිදිතාග්‍ර ඇතියේ ය ... මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් බුහුන නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වේ … මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTපුත්තසුත්තං
Sinhala BJTපුත්ත සූත්‍රය
Pali BJT281. සාවත්ථියං–
Sinhala BJT281. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො න සො භික්ඛවෙ, සත්තො සුලභරූපො යො න පුත්තභූතපුබ්බො{1} [ඉමිනා දීඝෙන අද්ධුනා.] -පෙ- [යාවඤ්චිදං භික්ඛවෙ -පෙ-] අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ සසර අවිදිතාග්‍ර අතියේ ය. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි යමෙක් පුතු නො වූ විරූ ද, එබඳු සතෙක් සුලබ නො වෙයි ... මෙයිනුදු මහණෙනි ... මිදෙන්නට නිසි මැයි.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTධීතුසුත්තං
Sinhala BJTධීතු සූත්‍රය
Pali BJT282. සාවත්ථියං–
Sinhala BJT282. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. න සො භික්ඛවෙ, සත්තො සුලභරූපො යො න ධීතාභූතපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. එවං දීඝරත්තං වො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං, තිබ්බං පච්චනුභූතං, ව්යසනං පච්චනුභූතං, කටසි වඩ්ඪිතා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසසර නො දන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයන්ගේ පූකෙළ (පූර්‍වාන්තය) නො පෙණෙයි. මහණෙනි, මේ දීර්‍ඝකාලයෙහි දූ නො වූ විරූ නම් එබඳු සතෙක් සුලබ නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද අග අතියේය අවිද්‍යාවෙන් බැඳුනු තෘෂ්ණාවෙන් ඇවුරුණු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණෙයි. මහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් දුක් විදින ලදී. තියුණු දුක් විඳින ලදී. ව්‍යසන විඳින ලදී. සොහොන හෝ පොළොව වඩනලදී. මෙයිනුදු මහණෙනි, සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJTවෙපුල්ලපබ්බතසුත්තං
Sinhala BJTවේපුල්ලපබ්බත සූත්‍රය
Pali BJT283. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ- භගවා එතදවොච: අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
Sinhala BJT283. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නො පිරුසුන් අග ඇත්තේ ය අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයින්ගේ පුර්‍වකෝටිය නො පැණේ.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස පාචීනවංසොත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං තිවරා ත්වෙව සමඤ්ඤා උදපාදි. තිවරානං භික්ඛවෙ, මනුස්සානං චත්තාළීස වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. තිවරා භික්ඛවෙ, මනුස්සා පාචීනවංසං පබ්බතං චතුහෙන{1} ආරොහන්ති, චතුහෙන ඔරොහන්ති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට පාචීනවංස ම ය යි නම් විය මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට සතලිස්වස්දහසෙක් ආයුඃප්‍රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්‍වතයට සිවු දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්.
Pali BJTතෙන ඛො පන සමයෙන කකුසන්ධො{2} භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කකුසන්ධස්ස භික්ඛවෙ භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුර-සඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. තෙ ච මනුස්සා කාලකතා. සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා. එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා. එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං.
Sinhala BJTඑකල්හි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යතුන් වහන්සේ ලොව පහළ වූ සේක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට උතුම් සොඳුරු යුවලක් වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු: මේ පර්‍වතයේ ඒ නාමය ද අතුරුදන් විය ඒ මිනිස්සු ද කලුරිය කළහ . ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිණිවුනහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අදධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික (=අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසිම ය. නො ඇලෙන්නට නිසි ම ය . මිදෙන්නට නිසි මැ යි .
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස වඞ්කකො{3} ත්වෙව සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං රොහිතස්සා ත්වෙව සමඤ්ඤා උදපාදි. රොහිතස්සානං භික්ඛවෙ, මනුස්සානං තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. රොහිතස්සා භික්ඛවෙ, මනුස්සා වඞ්කකං පබ්බතං තීහෙන ආරොහන්ති, තීහෙන ඔරොහන්ති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට වඞ්කක යන නාමය ම වි ය . මහණෙනි, එකල්හි මිනිසුන්ට රෝහිතස්ස යන නාමය ම විය. මහණෙනි, රෝහිතස්ස මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය තිස්වස්දහසෙක් විය. මහණෙනි, රෝහිතස්ස මිනිස්සු වඞ්කක පර්‍වතයට තෙදිනකින් නගිත්. තෙදිනකින් බසිත්.
Pali BJTතෙන ඛො පන භික්ඛවෙ, සමයෙන කොණාගමනො{4} භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භිය්යො සුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. තෙ ච මනුස්සා කාලකතා? සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා -පෙ- අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි , එකල්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයක් වූ භිය්‍යො, සුත්තර නම් සවු යුගයෙක් වීය මහණෙනි, බලවු: මේ පර්‍වතයාගේ ඒ නාමයත් අතුරුදන් විය ඒ මිනිස්සුත් කලුරිය කළහ ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස සුඵස්සො ත්වෙව{5} සමඤ්ඤා උදපාදි. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන මනුස්සානං සුප්පිය.{6} ත්වෙව සමඤ්ඤා උදපාදි. සුප්පියානං භික්ඛවෙ, මනුස්සානං වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සුප්පියා භික්ඛවෙ, මනුස්සා සුඵස්සං පබ්බතං ද්වීහෙන ආරොහන්ති ද්වීහෙන ඔරොහන්ති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට සුඵස්ස යන නාමය ම විය. මහණෙනි, එකල්හි මිනිසුන්ට සුප්පිය යන නාමය විය. මහණෙනි, සුප්පිය මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය විසිවස්දහසෙක් සේක් විය. මහණෙනි, සුප්පිය මිනිස්සු සුඵස්ස පර්‍වතයට දෙදිනකින් නගිත්, දෙදිනකින් බසිත්.
Pali BJTතෙන ඛො පන භික්ඛවෙ, සමයෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්ස-භාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. පස්සථ භික්ඛවෙ, සා චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා තෙ ච මනුස්සා කාලකතා. සො ච භගවා පරිනිබ්බුතො. එවං අනිච්චා භික්ඛවෙ, සඞ්ඛාරා -පෙ- අලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, එසමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයෙක් වූ තිස්ස, භාරද්වාජ නම් ශ්‍රාවක යුගයෙක් විය මහණෙනි, බලවු: මේ පර්‍වතයාගේ ඒ නමත් අතුරුදන් විය. ඒ මිනිස්සුත් කලුරිය කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
Pali BJTඑතරහි ඛො පන භික්ඛවෙ, ඉමස්ස වෙපුල්ලස්ස පබ්බතස්ස වෙපුල්ලො ත්වෙව සමඤ්ඤා උදපාදි. එතරහි ඛො පන භික්ඛවෙ, ඉමෙසං මනුස්සානං මාගධකා ත්වෙව සමඤ්ඤා උදපාදි. මාගධකානං භික්ඛවෙ, මනුස්සානං අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං.{1} යො චිරං ජීවති, සො වස්සසතං, අප්පං වා භිය්යො මාගධකා භික්ඛවෙ, මනුස්සා වෙපුල්ලං පබ්බතං මුහුත්තෙන ආරොහන්ති, මුහුත්තෙන ඔරොහන්ති.
Sinhala BJTමහණෙනි, දැන් මේ වේපුල්ලපර්‍වතයට වේපුල්ල යන නාමය ම විය. මහණෙනි, දැන් මේ මිනිසුන්ට මාගධක යන නාමය ම විය. මහණෙනි, මාගධක මිනිසුන්ගේ අයුඃප්‍රමාණය ඉතා ස්වල්ප ය, මද ය, ඉතා සුලුය යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙතෙමේ සියවසක් හෝ, ඉන් මදක් (දස - විසිවසක්) වැඩියෙන් හෝ ජීවත් වෙයි. මහණෙනි, මගධරට වැසි මිනිස්සු වේපුල්ල පර්‍වතයට මොහොතකින් නගිත්. මොහොතින් බසිත්.
Pali BJTඑතරහි ඛො පනාහං භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. මය්හං ඛො පන භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං අග්ගං භද්දයුගං. භවිස්සති භික්ඛවෙ, සො සමයො යා අයඤ්චෙවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරධායිස්සති. ඉමෙ වෙ මනුස්සා කාලං කරිස්සන්ති. අහඤ්ච පරිනිබ්බායිස්සාමි. එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අද්ධුවා භික්ඛවෙ සඞ්ඛාරා, එවං අනස්සාසිකා භික්ඛවෙ සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, දැන් වූ කලි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම ලෝකයෙහි උපන්මි. මහණෙනි, මට අගසොඳුරු යුවල වූ සැරියුත්, මුගලන් නම් සවු යුවල වේ. මහණෙනි, මේ පර්‍වතයාගේ යම් මේ නාමයක් වේ ද, එය අතුරුදන් වන්නේ නම්. ඒ කාලය වන්නේය. මේ මිනිස්සුත් කලුරිය කරන්නාහු ය. මමත් පිරිනිවෙන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසය. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනස්සාසිකහ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය. නො ඇලෙන්නට නිසි ම ය. මිදෙන්නට නිසි මැ යි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි අන් අයුරිනුදු මෙය වදාළ සේක:
Pali BJTපාචීනවංසො තිවරානං රොහිතස්සාන වඞ්කකො, සුප්පියානං සුඵස්සොති මාගධානඤ්ච වෙපුල්ලො.
Sinhala BJTතිවරයන්ට පාචීනවංස විය. රෝහිතස්සයන්ට වඞ්කක විය. සුප්පියයන්ට සුඵස්ස විය. මගධයන්ට වේපුල්ල විය.
Pali BJTඅනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
Sinhala BJTසංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යහ. ඉපැද නැතිවන ස්වභාව ඇතියහ. ඉපැද නිරුද්ධ වෙති. ඔවුන්ගේ සංහිඳීම සුව යි.
Pali BJTදුග්ගතවග්ගො දුතියො.
Sinhala BJTදුග්ගතවර්‍ගය දෙවෙනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදුග්ගතං සුඛිතඤ්චෙව තිංස මාතාපිතෙන ච භාතා භගිනි පුත්තො ච ධීතා වෙපුල්ලපබ්බතං.{2}
Sinhala BJTදුග්ගත, සුඛිත, තිංස (මත්ත), මාතු, පිතු, භාතු, භගිනි, පුත්ත, ධීතු, වේපුල්ල පබ්බත ය යි සූත්‍ර දශයෙකි යි.
Pali BJTඅනමතග්ගසංයුත්තං සමත්තං.
Sinhala BJTඅනමතග්ගසංයුත්තය නිමියේ ය.
Pali BJT4. කස්සපසංයුත්තං
Sinhala BJT4. කස්සප සංයුත්තය
Pali BJT1. කස්සපවග්ගො
Sinhala BJT1. කස්සප වර්‍ගය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJTසන්තුට්ඨිසුත්තං
Sinhala BJTසන්තුට්ඨ සූත්‍රය
Pali BJT284. සාවත්ථියං–
Sinhala BJT284. සැවැත්නුවර–
Pali BJTසන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති. ලද්ධා ච චීවරං අගධිතො{1} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJTමහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර චීවරයෙන් (රූක්‍ෂප්‍රණීතාදීන් ලද පරිදි යම් කිසි සිවුරකින්) සන්තුෂ්ට - සතුටු වූයේ වෙයි ඉතරීතරචීවර සන්තෝසයෙහි ගුණ කියනසුලු වූයේ, සිවුරු හේතුවෙන් අයුතු සෙවුමට නුසුදුසු පිළිවෙතට නො ද පැමිණෙයි. සිවුරු නො ලැබ නො ද තැවෙයි. සිවුරු ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණායෙන් නො වළඳනා ලදුයේ දොස් දක්නා සුලු වූයේ, ප්‍රත්‍යවේක්‍ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
Pali BJTසන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගධිතො{1} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJTමහණෙනි, මේ කාශ්‍යප තෙමේ ඉතරීතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ ඉතරීතර පිණ්ඩපාත සංතුෂ්ටියෙහි ගුණ කියනසුලු වූයේ, පිණ්ඩපාත හේතුවෙන් අනුලොම් නොවූ අයුරු සෙවුමට නො ද පැමිණෙයි. පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි. පිණ්ඩපාතය ලැබ ද ගිජු නුවූයේ, මුසපත් නුවූයේ, තෘෂ්ණාවෙන් යටපත් නො වූයේ එහි දොස් දක්න සුලු වූයේ ප්‍රත්‍යවේක්‍ෂාඥාන ඇතියේ පරිභෝග කෙරෙයි.
Pali BJTසන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සෙනාසන හෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච සෙනාසනං න පරිතස්සති. ලද්ධා ච සෙනාසනං අගධිතො{1} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJTමහණෙනි, මේ කාශ්‍යප තෙමේ යම් කිසි සෙනසුනකින් සතුටු වූයේ, යම්කිසි සෙනසුනකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවුමට නො ද පැමිණෙයි. සෙනසුන නො ලැබ ද නො තැවෙයි. සෙනසුන ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ, තෘෂ්ණාවෙන් නො මැඩුනේ එහි දොස් දක්නාසුලු වූයේ, පස්විකුම් නුවණ ඇතියේ පරිභෝග කෙරෙයි.
Pali BJTසන්තුට්ඨොයං භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සති. ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතො, අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJTමහණෙනි, මේ කාශ්‍යප තෙමේ ලද යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූයේ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුලු වූයේ, ගිලන්පස බෙහෙසත් පිරිකර හේතුවෙන් නුසුදුසු අයුක්තානේවෂණයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූයේ, මුසපත් නො වූයේ තෘෂ්ණායෙන් නො වෙළුනේ, එහි දොස් දක්නාසුලු වූයේ, නිඃසරණප්‍රඥා ඇතියේ පරිභෝග කෙරෙයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං, සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා වණ්ණවාදිනො. න ච චීවරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සාම. අලද්ධා ච චීවරං න ච පරිතස්සිස්සාමං{2} ලද්ධා ච චීවරං අගධිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජිස්සාම. (එවං සබ්බං කත්තබ්බං).{*} සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන පිණ්ඩපාතෙන -පෙ- සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන සෙනාසනෙන -පෙ- සන්තුට්ඨා භවිස්සාම ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදිනො. න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සාම. අලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං න පරිතස්සිස්සාම. ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගධිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජිස්සාමාති. එවං හි ඛො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTඑහෙයින් මහණෙනි, මෙහි මෙසේ හික්මිය යුතු. ඉතරෙතර චීවරයෙන් සතුටු වන්නමෝ ඉතරෙතර චීවරසංතුෂ්ටියෙහි ගුණ කියන්නමෝ වන්නෙමු. සිවුරු හේතු කොට අප්‍රතිරූප අයුක්තානේවෂණයට නො ද පැමිණෙන්නෙමු. සිවුරු නො ලැබ ද නො තැවෙන්නෙමු. සිවුරු ලැබ ද ගිජු නො වන්නමෝ, මුසපත් නො වූවමෝ, තෘෂ්ණායෙන් නොමැඩුනමෝ, දොස් දක්නාසුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු. යම් කිසි පිණ්ඩපාතයකින් සතුටු වන්නෙමු … යම් කිසි සෙනසුනකින් සතුටු වූවමෝ වන්නෙමු … යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වූවමෝ, යම් කිසි ගිලන්පස බෙහෙසත් පිරිකරකින් සතුටු වීමෙහි ගුණ කියනසුල්ලමෝ වන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර හේතු කොට නුසුදුසු අයුතු අන්‍වෙෂණයට නො ද පැමිණෙන්නෙමු. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද ගිජු නො වූවමෝ, මුසපත් නො වූවමෝ තෘෂ්ණාවෙන් නො වැළදුනමෝ, දොස් දක්නා සුලු වූවමෝ, නිඃසරණප්‍රඥා ඇත්තමෝ පරිභෝග කරන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJTකස්සපෙන වා හි වො භික්ඛවෙ, ඔවදිස්සාමි යො වා පනස්ස{3} කස්සපසදිසො ඔවදිතෙහි ච පන වො තථත්තාය පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, කාශ්‍යප හා සම වන්නට නොද යමෙක් කාශ්‍යප හා සම වන්නේ නම් (එබන්දකු වන්නට) හෝ තොපට අවවාද කරමි අවවාද කරණ ලද තොප විසිනුදු ඒ පිණිස පිළිපැදිය යුතු යි.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJTඅනොත්තාපීසුත්තං
Sinhala BJTඅනොත්තාපී සූත්‍රය
Pali BJT285. එවං මෙ සුතං, එකං සමයං ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච සාරිපුත්තො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකස්සපො තෙනුපසංකමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකස්සපෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකස්සපං එතදවොච:
Sinhala BJT285. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කලැ පලසමවතින් නැගී සිටි සේක් ආයුසමත් මහසුප් තෙරණුවන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහසුප් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහසුප් තෙරණුවන්ට මෙය කීහ:
Pali BJT“වුච්චති හිදං ආවුසො කස්සප, අනාතාපී අනොත්තාපී;{1} අභබ්බො සම්බොධාය අභබ්බො නිබ්බානාය, අභබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය, ආතාපී ච ඔත්තාපී ච භබ්බො සම්බොධාය, භබ්බො නිබ්බානාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමායා”ති.
Sinhala BJT“ඇවැත්නි, කාශ්‍යපයෙනි, කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි ය. නිවන පිණිස නො නිසි ය. අනුත්තර වූ අර්‍හත්ත්‍වය පිණිස නො නිසි ය. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ ම පවට බිය ඇත්තේ ම සම්බෝධිය පිණිස නිසි ය. නිවන පිණිස නිසි ය. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි ය”යි මෙය කියනු ලැබෙයි.
Pali BJT“කිත්තාවතා නු ඛො ආවුසො, අනාතාපී හොති අනොත්තාපී{1} අභබ්බො සම්බොධාය, අභබ්බො නිබ්බානාය, අභබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය? කිත්තාවතා ච පනාවුසො, ආතාපී හොති ඔත්තාපී භබ්බො සම්බොධාය, භබ්බො නිබ්බානාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමායා”ති?
Sinhala BJT“ඇවැත්නි, කොපමණෙකින් කෙලෙස් තවන වැර නැත්තේ පවට බිය නැත්තේ සම්බෝධිය පිණිස නො නිසි වේ ද, නිවන පිණිස නො නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ ද? ඇවැත්නි, කොපමණකින් කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ ද, නිවන පිණිස නිසි වේද, අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ දැ” යි?
Pali BJTඉධාවුසො, භික්ඛු අනුප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති න ආතප්පං කරොති. උප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීයමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති න ආතප්පං කරොති. අනුප්පන්නා මෙ කුසලා ධම්මා නූප්පජ්ජමානා{2} අනත්ථාය සංවත්තෙය්යුන්ති න ආතප්පං කරොති. උප්පන්නා මෙ කුසලා ධම්මා නිරුජ්ඣමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති න ආතප්පං කරොති. එවං ඛො ආවුසො, අනාතාපී හොති.
Sinhala BJTඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවතින්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය නො කෙරේ ද, ඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ වේ.
Pali BJTකථඤ්චාවුසො, අනොත්තාපී{1} හොති?
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් පවට බිය නැත්තේ වේ ද?
Pali BJTඉධාවුසො, භික්ඛු අනුප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති න ඔත්තපති.{3} උප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීයමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති න ඔත්තපති.{3} අනුප්පන්නා මෙ කුසලා ධම්මා නූප්පජ්ජමානා{2} අනත්ථාය සංවත්තෙය්යුන්ති න ඔත්තපති.{3} උප්පන්නා මෙ කුසලා ධම්මා නිරුජ්ඣමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති න ඔත්තපති.{3} එවං ඛො ආවුසො අනොත්තාපී{1} හොති.
Sinhala BJTඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බියපත් නො වේ ද, ඇවැත්නි, මෙසේ පවට බිය නැත්තේ වේ.
Pali BJTඑවං ඛො ආවුසො, අනාතාපී අනොත්තාපී{1} අභබ්බො සම්බොධාය, අභබ්බො නිබ්බානාය, අභබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
Sinhala BJTඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර නැත්තේ, පවට බිය නැත්තේ, සම්බෝධිය පිණිස නොනිසි වේ, නිවන පිණිස නො නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නො නිසි වේ.
Pali BJTකථඤ්චාවුසො, ආතාපී හොති?
Sinhala BJTඇවැත්නි, කෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ ද?
Pali BJTඉධාවුසො භික්ඛු අනුප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ආතප්පං කරොති. උප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීයමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ආතප්පං කරොති. අනුප්පන්නා මෙ කුසලා ධම්මා නූප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ආතප්පං කරොති. උප්පන්නා මෙ කුසලා ධම්මා නිරුජ්ඣමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ආතප්පං කරොති. එවං ඛො ආවුසො, ආතාපී හොති.
Sinhala BJTඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, නූපන් කුශලධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි වීර්‍ය්‍යය කෙරේ ද; ඇවැත්නි, මෙසේ කෙළෙස් තවන වැර ඇත්තේ වේ.
Pali BJTකථඤ්චාවුසො, ඔත්තාපී{1} හොති?
Sinhala BJTඇවැත්නි, කෙසේ පවට බිය ඇත්තේ වේ ද?
Pali BJTඉධාවුසො, භික්ඛු අනුප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ඔත්තපති. උප්පන්නා මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීයමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ඔත්තපති. අනුප්පන්නා මෙ කුසලා ධම්මා නූප්පජ්ජමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ඔත්තපති. උප්පන්නා මෙ කුසලා ධම්මා නිරුජ්ඣමානා අනත්ථාය සංවත්තෙය්යුන්ති ඔත්තපති. එවං ඛො ආවුසො, ඔත්තාපී{1} හොති.
Sinhala BJTඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ නො වන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, නූපන් කුශල ධර්‍මයෝ නූපදනාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, උපන් කුශලධර්‍මයෝ නිරුද්ධවන්නාහු මට අනර්‍ත්‍ථය පිණිස පවත්නාහ යි බයි ද, ඇවැත්නි, මෙසේ පවට බිය ඇත්තේ වෙයි.
Pali BJTඑවං ඛො ආවුසො, ආතාපී ඔත්තාපී{1} භබ්බො සම්බොධාය, භබ්බො නිබ්බානාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමායාති.
Sinhala BJTඇවැත්නි, මෙසේ කෙලෙස් තවන වැර ඇත්තේ පවට බිය ඇත්තේ සම්බෝධිය පිණිස නිසි වේ. නිවන පිණිස නිසි වේ. අනුත්තර අර්‍හත්ත්‍වය ලැබීම පිණිස නිසි වේ යි.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJTචන්දූපමසුත්තං
Sinhala BJTචන්‍දූපම සූත්‍රය
Pali BJT286. සාවත්ථියං–
Sinhala BJT286. සැවැත්නුවර–
Pali BJTචන්දූපමා භික්ඛවෙ, කුලානි උපසඞ්කමථ අපකස්සෙව කායං, අපකස්ස{2} චිත්තං, නිච්චනවකා කුලෙසු{3} අප්පගබ්භා. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ජරූදපානං වා ඔලොකෙය්ය පබ්බතවිසමං වා නදීවිදුග්ගං වා අපකස්සෙව කායං, අපකස්ස චිත්තං, එවමෙව ඛො භික්ඛවෙ, චන්දූපමා කුලානි උපසඞ්කමථ අපකස්සෙව කායං, අපකස්ස{2} චිත්තං, නිච්චනවකා කුලෙසු අප්පගබ්භා. කස්සපො භික්ඛවෙ, චන්දූපමො කුලානි උපසඞ්කමති අපකස්සෙව කායං අපකස්ස{2} චිත්තං, නිච්චනවකො කුලෙසු අප්පගබ්භො.
Sinhala BJTමහණෙනි, (කිසිවකු කෙරෙහි නො ඇලෙමින් අහස් නගින) චන්‍ද්‍රයා වැනිව සත්‍ථවාදියෙන්) කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිති (ආගන්තුකයකු මෙන්) අලුත් ව කුලයන්හි ප්‍රගල්භ (ගැටීම්) රහිතව කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගරාවැටුනු ලිඳක් හෝ කඳුබෑවුමක් හෝ ගංඉවුරු බුන් තැනක් හෝ කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම බලන්නේ ද, මහණෙනි එසෙයින් ම චන්‍ද්‍රයා වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව, කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙවු. මහණෙනි, කසුප් තෙමේ සඳ වැනි ව කය ඉවත් කොට ම සිත ඉවත් කොට ම නිතර අලුත් ව කුලයන්හි නො ගැටී කුලයන් වෙත එළඹෙයි.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කථංරූපො භික්ඛු අරහති කුලානි උපසඞ්කමිතුන්ති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණෙක් කුලයන් වෙත එළඹෙන්නට නිසි දැ යි?
Pali BJT“භගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති.
Sinhala BJT“වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස, මේ භාෂිතයෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. (ඒ අර්‍ත්‍ථය) භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි.
Pali BJTඅථ ඛො භගවා ආකාසෙ පාණිං චාලෙසි. සෙය්යථාපි භික්ඛවෙ, අයං ආකාසෙ පාණි න සජ්ජති, න ගය්හති, න බජ්ඣති, එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි භික්ඛුනො කුලානි උපසඞ්කමතො කුලෙසු චිත්තං න සජ්ජති, න ගය්හති න බජ්ඣති “ලභන්තු ලාභකාමා, පුඤ්ඤකාමා කරොන්තු පන පුඤ්ඤානී”ති. යථා සකෙන ලාභෙන අත්තමනො හොති සුමනො, එවං පරෙසං ලාභෙන අත්තමනො හොති සුමනො. එවරූපො ඛො භික්ඛවෙ, භික්ඛු අරහති කුලානි උපසඞ්කමිතුං. කස්සපස්ස භික්ඛවෙ, කුලානි උපසඞ්කමතො කුලෙසු චිත්තං න සජ්ජති, න ගය්හති, න බජ්ඣති “ලභන්තු ලාභකාමා, පුඤ්ඤකාමා කරොන්තු පුඤ්ඤානී”ති. යථා සකෙන ලාභෙන අත්තමනො හොති සුමනො, එවං පරෙසං ලාභෙන අත්තමනො හොති සුමනො. එවරූපො ඛො භික්ඛවෙ, භික්ඛු අරහති කුලානි උපසඞ්කමිතුං.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අහසෙයි අත සැලූහ. මහණෙනි, යම් සේ මේ අත අහසෙහි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, මහණෙනි, එසෙයින් ම කුලයන් වෙත එළඹෙන යම් කිසි මහණකුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා. පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලේ ද, නො ගැණේ ද, නො බැඳේ ද, තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් එසේ ම මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ ද, මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය. මහණෙනි, කුලයන් වෙත එළඹෙන කසුප්හුගේ සිත “ලබනු කැමැත්තෝ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වා” යි කුලයන්හි නො ඇලෙයි. නො ගැණෙයි. නො බැඳෙයි. තමහට ලැබීමෙන් යම් සේ සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වේ නම් මෙරමාහට ලැබීමෙනුත් සතුටු සිත් ඇත්තේ මනා සිත් ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලයන් වෙත එළඹෙන්නට නිසි ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කථංරූපස්ස භික්ඛුනො අපරිසුද්ධා ධම්මදෙසනා හොති, කථංරූපස්ස භික්ඛුනො පරිසුද්ධා ධම්මදෙසනා හොතීති? “භගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම අපිරිසිදු ද, කෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු දැ යි? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා, මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි.
Pali BJTතෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයො හි කොචි භික්ඛවෙ, භික්ඛු එවඤ්චිත්තො පරෙසං ධම්මං දෙසෙති: “අහො වත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච පන ධම්මං පසීදෙය්යුං, පසන්නා ච මෙ පසන්නාකාරං කරෙය්යු”න්ති. එවරූපස්ස ඛො භික්ඛවෙ, භික්ඛුනො අපරිසුද්ධා ධම්මදෙසනා හොති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් “මගේ දහම් අසන්නාහු නම්, අසාත් පහන් වන්නාහු නම්, පහන් වූවාහුත් මට පහන් අයුරු (ප්‍රකාශ) කරන්නාහු නම් ඉතා මැනැවැ” යි මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම් දෙසුම අපිරිසිදු වෙයි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, භික්ඛු එවඤ්චිත්තො පරෙසං ධම්මං දෙසෙති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අහො වත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච පන ධම්මං ආජානෙය්යුං, ආජානිත්වා ච පන තථත්තාය පටිපජ්ජෙය්යු”න්ති. ඉති ධම්මසුධම්මතං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. කාරුඤ්ඤං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. අනුද්දයං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. අනුකම්පං උපාදාය පරෙසං ධම්මං දෙසෙති. එවරූපස්ස ඛො භික්ඛවෙ, භික්ඛුනො පරිසුද්ධා ධම්මදෙසනා හොති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසාද- “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, විඥයන් විසින් තමන් තමන් විසින් ම දත යුතු යි. මාගේ ධර්‍මය අසන්නාහු නම්, අසාත් ධර්‍මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්‍මසුධර්‍මත්‍වය නිසා මෙරමාහට දහම් දෙසා ද, කරුණාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසා ද, අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසා ද, මහණෙනි, මෙබඳු මහණහුගේ දම්දෙසුම පිරිසිදු වේ.
Pali BJTකස්සපො භික්ඛවෙ, එවංචිත්තො පරෙසං ධම්මං දෙසෙති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අහොවත මෙ ධම්මං සුණෙය්යුං, සුත්වා ච පන ධම්මං ආජානෙය්යුං, ආජානිත්වා ච පන තථත්තාය පටිපජ්ජෙය්යු”න්ති. ඉති ධම්මසුධම්මතං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. කාරුඤ්ඤං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. අනුද්දයං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. අනුකම්පං උපාදාය පරෙසං ධම්මං දෙසෙති.{1}
Sinhala BJTමහණෙනි, කාශ්‍යප තෙමේ මෙබඳු සිත් ඇත්තේ මෙරමාහට දහම් දෙසයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලිකය, ඒහිපස්සික ය, ඕපනයික ය, විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යි මාගේ ධර්‍මය අසන්නාහු නම්, අසාත් ධර්‍මය අවබෝධ කරන්නාහු නම්, අවබෝධ කොටත් ඒ පිණිස පිළිපදනාහු නම් ඉතා මැනැවැ” යි මෙසේ ධර්‍මසුධර්‍මත්‍වය නිසා මෙරමාහට දහම් දෙසයි. කරුණාව නිසා මෙරමාහට දහම් දෙසායි අනුද්දයාව නිසා මෙරමාහට දහම් දෙසායි. අනුකම්පාව නිසා මෙරමාහට දහම් දෙසයි.
Pali BJTකස්සපෙන වා හි වො භික්ඛවෙ, ඔවදිස්සාමි, යො වා පනස්ස කස්සපසදිසො. ඔවදිතෙහි ච පන වො තථත්තාය පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ඒ කාශ්‍යප හා සමාන වන්නට හෝ යමෙක් කාශ්‍යප බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ ද තොප විසින් ඒ පිණිස පිළිපැදිය යුතු යි.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJTකුලූපගසුත්තං
Sinhala BJTකුලූපක සූත්‍රය
Pali BJT287. සාවත්ථියං–
Sinhala BJT287. සැවැත්නුවර–
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, කථංරූපො භික්ඛු අරහති කුලූපගො හොතුං, කථංරූපො භික්ඛු අරහති න කුලූපගො{1} හොතුන්ති? “භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. -පෙ- භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ද, කෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි දැ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ … “භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහුය” … භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයො හි කොචි භික්ඛවෙ, භික්ඛු එවංචිත්තො කුලානි උපසඞ්කමති. “දෙන්තුයෙව මෙ, මා නාදංසු.{2} බහුඤ්ඤෙව{3} මෙ දෙන්තු මා ථොකං. පණීතඤ්ඤෙව මෙ දෙන්තු මා ලූඛං. සීඝඤ්ඤෙව මෙ දෙන්තු මා දන්ධං. සක්කච්චඤ්ඤෙව මෙ දෙන්තු මා අසක්කච්ච”න්ති. තස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො එවංචිත්තස්ස කුලානි උපසඞ්කමතො න දෙන්ති, තෙන භික්ඛු සන්දීයති. සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ථොකං දෙන්ති නො බහුකං, තෙන භික්ඛු සන්දීයති. සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ලූඛං දෙන්ති නො පණීතං, තෙන භික්ඛු සන්දීයති. සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. දන්ධං දෙන්ති නො සීඝං, තෙන භික්ඛු සන්දීයති. සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. තෙන භික්ඛු සන්දීයති. සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. අසක්කච්චං දෙන්ති, නො සක්කච්චං. තෙන භික්ඛු සන්දීයති. සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. එවරූපො ඛො භික්ඛවෙ, භික්ඛු න අරහති කුලූපගො හොතුං.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ස්වල්පයක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා. ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වා” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. ඒ හේතු කොට ගෙණ හෙතෙමේ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ටිකක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නො නිසි ය.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, භික්ඛු එවංචිත්තො කුලානි උපසඞ්කමති “තං කුතෙත්ථ ලබ්භා පරකුලෙසු – දෙන්තු යෙව මෙ, මා නාදංසු. බහුඤ්ඤෙව මෙ දෙන්තු මා ථොකං. පණීතඤ්ඤෙව මෙ දෙන්තු මා ලූඛං. සීඝඤ්ඤෙව මෙ දෙන්තු මා දන්ධං. සක්කච්චඤ්ඤෙව මෙ දෙන්තු මා අසක්කච්ච”න්ති. තස්ස මෙ භික්ඛවෙ, භික්ඛුනො එවංචිත්තස්ස කුලානි උපසඞ්කමතො න දෙන්ති. තෙන භික්ඛු න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ථොකං දෙන්ති නො බහුකං, තෙන භික්ඛු න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ලූඛං දෙන්ති නො පණීතං, තෙන භික්ඛු න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. දන්ධං දෙන්ති නො සීඝං, තෙන භික්ඛු න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං, තෙන භික්ඛු න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. එවරූපො ඛො භික්ඛවෙ, භික්ඛු අරහති කුලූපගො හොතුං.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, ටිකක් නො දෙත්වා, මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා. මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා. මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වායි-මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් කරා එළඹේ ද, මහණෙනි, මෙබඳු සිත් ඇති ව කුලයන් කරා එළඹෙන ඒ මහණහට ඉදින් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මඳක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් ලස් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් මහණ තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. මහණෙනි, මෙබඳු මහණ තෙමේ කුලුපග වන්නට නිසි ය.
Pali BJTකස්සපො භික්ඛවෙ, එවංචිත්තො කුලානි උපසඞ්කමති: “තං කුතෙත්ථ ලබ්භා පරකුලෙසු – දෙන්තු යෙව මෙ, මා නාදංසු, බහුකඤ්ඤෙව මෙ දෙන්තු මා ථොකං, පණීතඤ්ඤෙව මෙ දෙන්තු, මා ලූඛං. සීඝඤ්ඤෙව මෙ දෙන්තු මා දන්ධං, සක්කච්චඤ්ඤෙව මෙ දෙන්තු,” මා අසක්කච්චන්ති.
Sinhala BJTමහණෙනි, කාශ්‍යප තෙමේ “මට එකැතින් ම දෙත්වා, නො ම නො දෙත්වා. මට බොහෝවක් ම දෙත්වා, මදක් නො දෙත්වා. මට පිණි වූවක් ම දෙත්වා, කුළු වූවක් නො දෙත්වා, මට වහා ම දෙත්වා, ලස් ව නො දෙත්වා, මට සකසා ම දෙත්වා, නො සකසා නො දෙත්වාය” යි මෙය මෙහි අනුන්ගේ කුලයන්හි කොයින් ලැබිය හැකි දැ” යි මෙබඳු සිත් ඇත්තේ කුලයන් වෙත එළඹෙයි.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ, කස්සපස්ස එවංචිත්තස්ස කුලානි උපසඞ්කමතො න දෙන්ති, තෙන කස්සපො න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ථොකං දෙන්ති නො බහුකං, තෙන කස්සපො න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. ලූඛං දෙන්ති නො පණීතං, තෙන කස්සපො න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. දන්ධං දෙන්ති නො සීඝං, තෙන කස්සපො න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං, තෙන කස්සපො න සන්දීයති. සො න තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති.
Sinhala BJTමහණෙනි, මේ බඳු සිත් ඇති ව කුලයන් වෙත එළඹෙන ඒ කසුප්හට ඉදින් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙන දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් මදක් දෙද්ද, බොහෝවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් කුළු වූවක් දෙද්ද, පිණි වූවක් නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉදින් සල් ව දෙද්ද, වහා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි. ඉඳින් නො සකසා දෙද්ද, සකසා නො දෙද්ද, එයින් කසුප් තෙමේ නො පෙළෙයි. හෙතෙමේ ඒ හේතු කොට ගෙණ දුකක් දොම්නසක් නො විඳියි.
Pali BJTකස්සපෙන වා හි වො තෙ භික්ඛවෙ, ඔවදිස්සාමි, යො වා පනස්ස කස්සපසදිසො. ඔවදිතෙහි ච පන වො තෙ තථත්තාය පටිපජ්ජිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, කාශ්‍යපයන් හා සමාන වන්නට හෝ යමෙක් කසුප් බඳු වන්නේ නම් (එබන්දකු වන්නට හෝ) ඒ තොපට අවවාද කරමි. අවවාද කරන ලද්දා වූ තොප විසින් ද ඒ පිණිස පිළිපැදිය යුතු යි.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJTජිණ්ණසුත්තං
Sinhala BJTජිණ්ණ සූත්‍රය