Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4301-4400 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT259. සාවත්ථියං–
Sinhala BJT259. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, පඨවීධාතුං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො ආපොධාතුං අභිනන්දති -පෙ- යො තෙජොධාතුං අභිනන්දති -පෙ- යො වායොධාතුං අභිනන්දති, දුක්ඛං සො අභිනන්දති. යො දුක්ඛං අභිනන්දති, අපරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යමෙක් පඨවීධාතුව පතා ද, හෙතෙමේ දුක පතයි. යමෙක් දුක පතා ද, හෙතෙමේ දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් ආපෝධාතුව පතා ද ... යමෙක් තේජෝධාතුව පතා ද, ... යමෙක් වායෝධාතුව පතා ද, හෙතෙමේ දුක පතයි. යමෙක් දුක පතා ද, හෙතෙමේ දුකින් නො මිදුනේ ය යි කියමි.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, පඨවීධාතුං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමි. යො ආපොධාතුං -පෙ- යො තෙජොධාතුං -පෙ- යො වායොධාතුං නාභිනන්දති, දුක්ඛං සො නාභිනන්දති. යො දුක්ඛං නාභිනන්දති, පරිමුත්තො සො දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTමහණෙනි, යමෙකුන් පඨවීධාතුව නො පතා ද, හෙතෙමේ දුක නො පතයි. යමෙක් දුක නො පතා ද, හෙ තෙමේ දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ආපෝධාතුව ... යමෙක් තේජෝධාතුව ... යමෙක් වායෝධාතුව නො පතා ද, හෙතෙමේ දුක නො පතයි. යමෙක් දුක නො පතා ද, හෙතෙමේ දුකින් මිදුනේ ය යි කියමි යි.
Pali BJT2. 4. 7.
Sinhala BJT2. 4. 7.
Pali BJTඋප්පාදසුත්තං
Sinhala BJTඋප්පාද සූත්‍රය
Pali BJT260. සාවත්ථියං–
Sinhala BJT260. සැවැත්නුවර–
Pali BJTයො භික්ඛවෙ, පඨවීධාතුයා උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො. යො ආපොධාතුයා -පෙ- යො තෙජොධාතුයා -පෙ- යො වායොධාතුයා උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො, රොගානං ඨිති, ජරාමරණස්ස පාතුභාවො.
Sinhala BJTමහණෙනි, පඨවීධාතුවෙහි යම් ඉපැද්මෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ ද, මේ දුක්හුගේ ඉපැද්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයාගේ පහළ වීමය. ආපෝධාතුවෙහි යම් ... තේජෝධාතුවෙහි යම් ... වායෝධාතුවෙහි යම් ඉපැද්මෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ ද, මේ දුක්හුගේ ඉපැද්ම ය, රෝගයන්ගේ පැවැත්ම ය, ජරාමරණයේ පහළ වීම ය.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, පඨවීධාතුයා නිරොධො වූපසමො අත්ථඞ්ගමො{1} දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථඞ්ගමො. යො ආපොධාතුයා -පෙ- යො තෙජොධාතුයා -පෙ- යො වායොධාතුයා නිරොධො වූපසමො අත්ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො, රොගානං වූපසමො, ජරාමරණස්ස අත්ථඞ්ගමොති.
Sinhala BJTමහණෙනි, පඨවීධාතුවෙහි යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ ද, මේ දුක්හුගේ නිරෝධය යි. රෝගයන්ගේ ව්‍යූපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි. ආපෝධාතුවෙහි යම් ... තේජෝධාතුවෙහි යම් ... වායෝධාතුවෙහි යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් අස්තඞ්ගමයෙක් වේ ද, මේ දුක්හුගේ නිරෝධය යි රෝගයන්ගේ ව්‍යූපශමය යි. ජරාමරණයේ අස්තඞ්ගමය යි.
Pali BJT2. 4. 8.
Sinhala BJT2. 4. 8.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT261. සාවත්ථියං–
Sinhala BJT261 සැවැත්නුවර–
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, ධාතුයො. කතමා චතස්සො? පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු.
Sinhala BJTමහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිවුධාතුන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි අරුත (සිවුමග) හෝ බමුණුබැව්හි අරුත (සිව්පල) හෝ මේ අත්බැව්හි ම තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ම වෙසෙති.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ ච ඛොමෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව{1} සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණ සම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ චතුධාතූන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණහ යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණ බැව්හි පලයත්, බමුණු බැව්හි පලයත් මේ අත්බැව්හි ම තුමූ දැන ඊට එළබ වෙසෙති යි.
Pali BJT2. 4. 9.
Sinhala BJT2. 4. 9.
Pali BJTදුතියසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT262. සාවත්ථියං–
Sinhala BJT262. සැවැත්නුවර–
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, ධාතුයො. කතමා චතස්සො? පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං චතුන්නං ධාතූනං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- යථාභූතං පජානන්ති, තෙ -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක් යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සිවුධාතුන්ගේ සමුදයත් අත්ඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද ... තතු සේ දනිද්ද, ඒ මහණෝ හෝ බමුණෝ ... තුමූ වෙසෙසින් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
Pali BJT2. 4. 10.
Sinhala BJT2. 4. 10.
Pali BJTතතියසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTතෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT263. සාවත්ථියං–
Sinhala BJT263. සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා පඨවීධාතුං නප්පජානන්ති, පඨවීධාතුසමුදයං නප්පජානන්ති, පඨවීධාතුනිරොධං නප්පජානන්ති, පඨවීධාතුනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති -පෙ- ආපොධාතුං නප්පජානන්ති -පෙ- තෙජොධාතුං නප්පජානන්ති -පෙ- වායොධාතුං නප්පජානන්ති, වායොධාතුසමුදයං නප්පජානන්ති, වායොධාතුනිරොධං නප්පජානන්ති, වායොධාතුනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව නො දනිද්ද, පඨවීධාතු සමුදය නො දනිද්ද, පඨවීධාතු නිරෝධය නො දනිද්ද, පඨවීධාතු නිරෝධගාමිනී පටිපදාව නො දනිද්ද ... ආපෝධාතුව නො දනිද්ද ... තේජෝධාතුව නො දනිද්ද … වායෝධාතුව නො දනිද්ද, වායෝධාතුසමුදය නො දනිද්ද, වායෝධාතුනිරෝධය නො දනිද්ද, වායෝධාතු නිරොධගාමිනී පටිපදාව නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට (එයට) පැමිණ නො ද වෙසෙති.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා පඨවීධාතුං පජානන්ති, පඨවීධාතුසමුදයං පජානන්ති, පඨවීධාතුනිරොධං පජානන්ති පඨවීධාතුනිරොධගාමිනිං පටිපදං පජානන්ති -පෙ- ආපොධාතුං -පෙ- තෙජොධාතුං -පෙ- වායොධාතුං පජානන්ති, වායොධාතුසමුදයං පජානන්ති, වායොධාතුනිරොධං පජානන්ති, වායොධාතුනිරොධගාමිනිං පටිපදං පජානන්ති, තෙ ච ඛො මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව{1} සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව දනිද්ද, පඨවීධාතුසමුදය දනිද්ද, පඨවීධාතුනිරෝධය දනිද්ද, පඨවීධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව දනිද්ද, වායෝධාතුසමුදය දනිද්ද, වායෝධාතුනිරෝධය දනිද්ද, වායෝධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණහ යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJTචතුධාතුවග්ගො චතුත්ථො.
Sinhala BJTචතුධාතු වර්‍ගය සිවුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචතුධාතුපුබ්බඅස්සාදා{2} නො චෙදං ච දුක්ඛෙන ච, අභිනන්දනඤ්ච උප්පාදං තයො සමණබ්රාහ්මණාති.
Sinhala BJTචතුධාතු, පුබ්බ, අස්සාද, නෝචේදං, දුක්ඛ, අභිනන්‍දන, උප්පාද යන සූත්‍ර හා සමානබ්‍රහ්මණ සූත්‍ර තුණ දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJTධාතුසංයුත්තං සමත්තං.
Sinhala BJTධාතුසංයුත්තය නිමියේ ය.
Pali BJT3. අනමතග්ගසංයුත්තං
Sinhala BJT3. අනමතග්ග සංයුත්තය
Pali BJT1. තිණකට්ඨවග්ගො
Sinhala BJT1. තිණකට්ඨ වර්‍ගය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTතිණකට්ඨසුත්තං
Sinhala BJTතිණකට්ඨ සූත්‍රය
Pali BJT264. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT264. සැවැත්නුවර - මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො යං ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං, තං ඡෙත්වා{1} එකජ්ඣං සංහරෙය්ය, එකජ්ඣං සංහරිත්වා චතුරඞ්ගුලං චතුරඞ්ගුලං ඝටිකං කරිත්වා{2} නික්ඛිපෙය්ය, අයං මෙ මාතා, තස්සා මෙ මාතු අයං මාතාති. අපරියාදින්නාව භික්ඛවෙ, තස්ස පුරිසස්ස මාතු මාතරො අස්සු. අථ ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
Sinhala BJTමහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්‍යානීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වකෝටිය (පූර්‍වාන්තය) නො පැණේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ දඬු අතු කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේ ද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට “මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය” යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නො පිරිසිඳුනාහු ම වන්නාහ. වැලි, මේ දඹදිව තණ දඬු අතු කොළ ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණේ.
Pali BJTඑවං දීඝරත්තං වො{3} භික්ඛවෙ දුක්ඛං පච්චනුභූතං, තිබ්බං පච්චනුභූතං, ව්යසනං පච්චනුභූතං, කටසි{4} වඩ්ඪිතා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, (ඥාතිව්‍යසනාදි) ව්‍යසන විඳින ලදී. සොහොන නොහොත් පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTපඨවීසුත්තං
Sinhala BJTපඨවී සූත්‍රය
Pali BJT265. සාවත්ථියං–
Sinhala BJT265. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ඉමං මහාපඨවිං කොලට්ඨිකමත්තං{5} කොලට්ඨිකමත්තං ගුළිකං{6} කරිත්වා නික්ඛිපෙය්ය, අයං මෙ{7} පිතා, තස්ස මෙ පිතු අයං පිතාති. අපරියාදින්නාව ඛො භික්ඛවෙ{8} තස්ස පුරිසස්ස පිතු පිතරො අස්සු. අථායං මහාපඨවී පරික්ඛයං පරියාදින්නං ගච්ඡෙය්ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
Sinhala BJTමහණෙනි, මේ සසර අමතවූ - නොදත් අග් ඇතියේයි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල නො පැණේ. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මේ මහපොළොව ඩෙබර ඇට පමණ ඩෙබර ඇට පමණ ගුළි කොට “මේ මගේ පියා ය, මේ මගේ ඒ පියාගේ පියා ය” යි තබන්නේ ද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියාගේ පියහු නො පිරිසිදින ලද්දාහු ම වන්නාහ වැලි, මේ මහපොළොව ගෙවීමට අවසන් වීමට යන්නේය. ඒ කුම් හෙයින? යත්: මහණෙනි, මේ සසර අවිදිත වූ අග ඇතියේ යි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල නො පෙණේ. (එහෙයිනි.)
Pali BJTඑවං දීඝරත්තං වො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං, තිබ්බං පච්චනුභූතං, ව්යසනං පච්චනුභූතං, කටසි වඩ්ඪිතා. යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ තොප විසින් දිගුකලක් ම දුක් විඳින ලදී, තියුණු දුක් විඳින ලදි, ව්‍යසන විඳින ලදී, සොහොන හෝ පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTඅස්සුසුත්තං
Sinhala BJTඅස්සු සූත්‍රය
Pali BJT266. සාවත්ථියං–
Sinhala BJT266. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. “දීඝරත්තං වො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං”.{1} තං කිං මඤ්ඤථ භික්ඛවෙ කතමන්නු ඛො බහුතරං යං වා ඛො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රුදන්තානං{2} අස්සු පස්සන්නං{3} පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදකන්ති?
Sinhala BJTමහණෙනි, මේ සසර අවිච්ඡින්න වූ පශ්චිම සීමා ඇතියේ යි. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) ධාවත් සංසරත් සත්‍වයන්ගේ පූර්‍වසීමා නො පෙණේ. මහණෙනි, තොප විසින් දිගුකලක් දුක් විඳින ලදී. ඒ කිමැ යි හඟිවු ද, මේ දිගුකල දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වේද, සිවුමහසමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි?
Pali BJT“යථා ඛො මයං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව භන්තෙ, බහුතරං යං නො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රොදන්තානං අස්සු පස්සන්නං{3} පග්ඝරිතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදකන්ති?
Sinhala BJTවහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය යම් සේ දනිමු නම්, මේ දිගුකල දිවෙත්. දිවෙන සැරිසරණ, අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන අපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී ද, වහන්ස, මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය.
Pali BJTසාධු සාධු භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං, න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ, මාතුමරණං පච්චනුභූතං. [එතදෙව භික්ඛවෙ බහුතරං යං] තෙසං වො මාතුමරණං පච්චනුභොන්තානං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්නං, පග්ඝරිතං. න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. දීඝරත්තං වො භික්ඛවෙ පි පිතුමරණං පච්චනුභූතං -පෙ- භාතුමරණං පච්චනුභූතං -පෙ- භගිනිමරණං පච්චනුභූතං -පෙ- පුත්තමරණං පච්චනුභූතං -පෙ- ධීතුමරණං පච්චනුභූතං -පෙ- ඤාතිව්යසනං පච්චනුභූතං -පෙ- භොගව්යසනං පච්චනුභූතං -පෙ- රොගව්යසනං පච්චනුභූතං -පෙ- තෙසං වො රොගව්යසනං පච්චනුභොන්තානං අමනාපසම්පයොගා මනාපවිප්පයොගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්නං පග්ඝරිතං. න ත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි මා විසින් දේශනා කරණ ලද ධර්‍මය මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල දිවෙන සැරිසරණ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැලපෙන තොපගේ වෑහුනු වැගුරුණු යම් කඳුලෙක් වී නම් මෙය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි ජලය නො ම වැඩි ය. මහණෙනි, තොප විසින් දිගුකලක් මවු මළ දුක විඳිනලදී. මහණෙනි, මවු මළ දුක විඳින අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුණු වැගුරුණු යම් කඳුලෙක් වී නම් එය ඉබොහෝමය. සිවුමහසමුදුරෙහි දිය නොබොහෝමය. මහණෙනි, තොප විසින් දිගුකලක් පියා මළ දුක විඳින ලදි ... බෑයා මළ දුක විඳින ලදි ... බුහුන මළ දුක විඳින ලදි ... පුතු මළ දුක විඳින ලදි ... දූ මළ දුක විඳින ලදි ... ඥාතිව්‍යසන විඳින ලදි ... භෝගව්‍යසන විඳින ලදි ... රෝගව්‍යසන විඳින ලදි … රෝගව්‍යසනය විඳින්නා වූ අමනාපයන් හා එක් වීමෙන් මනාපයන්ගෙන් වෙන් වීමෙන් හඬන වැලපෙන ඒ තොපගේ වෑහුනු වැගුරුණු කඳුලු ඉතා වැඩි ය. සිවුමහසයුරෙහි දිය නො ම වැඩි ය. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ සසර නො පිරිසුන් කෙළවර ඇතියේ ය ... මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTමාතුථඤ්ඤසුත්තං
Sinhala BJTමාතුථඤ්ඤ සූත්‍රය
Pali BJT267. සාවත්ථියං–
Sinhala BJT267. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො බහුතරං යං වා වො{1} ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, යං වා චතූසු මහාසමුද්දෙසු උදකන්ති?
Sinhala BJTමහණෙනි, මෙ සසර නො පිරිසුන් අග ඇතියේ ය, අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල් කෙළවර නො පෙණේ. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? මේ දිගුකල දිවෙන සැරිසරණ තොප විසින් (එක්නම් ඇති මිනිස්) මවකගේ යම් කිරක් පූ ද, සිවුමහ සමුදුරෙහි යම් ජලයෙක් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි ද?
Pali BJT“යථා ඛො මයං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාම, එතදෙව භන්තෙ, බහුතරං යං නො{2} ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, නත්වෙව චතූසු මහාසමුද්දෙසු උදක”න්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍මය අපි යම් සේ දනිමු නම්, මේ දිගුකල් දිවෙන සැරිසරණ අප විසින් යම් මව් කිරෙක් බොන ලද ද, වහන්ස, මෙය ම ඉතා වැඩිය. සිවු මහ සමුදුරෙහි දිය නො වැඩිය.
Pali BJTසාධු සාධු භික්ඛවෙ, සාධු ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. එතදෙව භික්ඛවෙ, බහුතරං යං වො ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං මාතුථඤ්ඤං පීතං, නත්වෙව චතූසු මහාසමුද්දෙසු උදකං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, මා විසින් දේශනා කරණ ලද ධර්‍මය තෙපි මෙසේ දනිවු නම් මැනවි. මහණෙනි, මේ දිගුකල් දිවෙන සැරිසරණ තොප විසින් යම් මවුකිරෙක් පූ නම්, එය ම ඉතා වැඩි ය. සිවුමහසමුදුරෙහි දිය නො වැඩි ය. ඒ කුම් හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය ... මිදෙන්නට සුදුසුමැ යි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJTපබ්බතසුත්තං
Sinhala BJTපබ්බත සූත්‍රය
Pali BJT268. සාවත්ථියං–
Sinhala BJT268. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “කීවදීඝො{3} නු ඛො භන්තෙ, කප්පො”ති?
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “වහන්ස, කල්පය කෙතෙක් දිගු දෝ” යි.
Pali BJTදීඝො ඛො භික්ඛු, කප්පො. සො න සුකරො සඞ්ඛාතුං එත්තකානි වස්සානි ඉති වා, එත්තකානි වස්සසතානි ඉති වා, එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වාති. සක්කා පන භන්තෙ, උපමං කාතුන්ති? සක්කා භික්ඛූති භගවා අවොච. සෙය්යථාපි භික්ඛු, මහාසෙලො පබ්බතො යොජනං ආයාමෙන, යොජනං විත්ථාරෙන, යොජනං උබ්බෙධෙන, අච්ඡිද්දො අසුසිරො එකඝනො. තමෙනං පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන කාසිකෙන වත්ථෙන සකිං සකිං පරිමජ්ජෙය්ය. ඛිප්පතරං ඛො සො භික්ඛු මහාසෙලො පබ්බතො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, න ත්වෙව කප්පො.
Sinhala BJTමහණ, කල්පය දිග ය. එය මෙතෙක් වසැයි හෝ මෙතෙක් වස් සියයෙකැ යි හෝ මෙතෙක් වස් දහසෙකැ යි හෝ මෙතෙක් වස් සියදහසෙකැ යි හෝ ගිණීමට සුකර නො වේ. වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ අයමින් යොදුනක් වූ, විතරින් යොදුනක් වූ උසින් යොදුනක් වු සිදුරු රහිත විවර රහිත ගතබොල් මහසෙල් මුවා පව්වෙක් වේ ද, එය පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් කසීසළුවෙකින් වරින්වර පිරිමදනේ ද, මහණ, මේ උපක්‍රමයෙන් ඒ මහසෙල් මුවා පව්ව වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. කල්පය (එතෙක්) අවසනට නො යන්නේ ය.
Pali BJTඑවං දීඝො ඛො භික්ඛු, කප්පො. එවං දීඝානං ඛො භික්ඛු, කප්පානං නෙකො කප්පො සංසිතො නෙකං කප්පසතං සංසිතං, නෙකං කප්පසහස්සං සංසිතං, නෙකං කප්පසතසහස්සං සංසිතං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛු සංසාරො. -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණ, මෙසේ කල්පය දීර්‍ඝ ය. මහණ, මෙසේ දීර්‍ඝ වූ කල්පයන් අතුරෙන් ස්‍රස්රස්තවූයේ - ගෙවීගියේ එක්කපෙක් නො වෙයි. ගෙවීගියේ කප්සියෙක් නො වෙයි. ගෙවීගියේ කප්දහසෙක් නො වෙයි ගෙවීගියේ කප්සියදහසෙක් නො වෙයි. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍ර වෙයි ... (එයින්) මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTසාසපසුත්තං
Sinhala BJTසාසප සූත්‍රය
Pali BJT269. සාවත්ථියං–
Sinhala BJT269. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “කීවදීඝො නු ඛො භන්තෙ, කප්පො”ති?
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේය ... එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, “කල්පය කෙතෙක් දිග ද?
Pali BJTදීඝො ඛො භික්ඛු කප්පො. සො න සුකරො සංඛාතුං එත්තකානි වස්සානීති වා -පෙ- එත්තකානි වස්සසතසහස්සානීති වාති. සක්කා පන භන්තෙ, උපමං කාතුන්ති? සක්කා භික්ඛූති භගවා අවොච. සෙය්යථාපි භික්ඛු ආයසං නගරං යොජනං ආයාමෙන යොජනං විත්ථාරෙන යොජනං උබ්බෙධෙන පුණ්ණං සාසපානං චූලිකාබද්ධං, තතො පුරිසො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන එකමෙකං සාසපං උද්ධරෙය්ය. ඛිප්පතරං ඛො සො භික්ඛු මහාසාසපරාසි ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, න ත්වෙව කප්පො.
Sinhala BJTමහණ, කල්පය දිගය. එය මෙතෙක් වසැ යි හෝ … මෙතෙක් වස් සියදහසැයි හෝ ගණනට සුකර නොවේ වහන්ස, උපමාවක් කරනට හැකි ද? මහණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම් සේ දිගින් යොදුනක් වූ පුළුලින් යොදුනක් වූ උසින් යොදුනක් වූ අබැටින් සිළු බැද පිරුණු යපවුරෙන් පිරිකෙවු නුවරෙක් වේද, පුරුෂයෙක් සියවස් සියවස් ඇවෑමෙන් එයින් එක් එක් අබැටක් උදුරන්නේද, මහණ, ඒ මහත් අබැටරැස මේ උපක්‍රමයෙන් ඉතා වහා ගෙවීමට නිමාවට යන්නේ ය. කල්පය(එසේ ගෙවීමට) නො ම යන්නේ ය.
Pali BJTඑවං දීඝො ඛො භික්ඛු, කප්පො. එවං දීඝානං ඛො භික්ඛු, කප්පානං නෙකො කප්පො සංසිතො. නෙකං කප්පසතං සංසිතං, නෙකං කප්පසහස්සං සංසිතං. නෙකං කප්පසතසහස්සං සංසිතං. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛු සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණ, මෙසේ කල්පය දිගය. මහණ, මෙසේ දික් වූ කල්පයන් අතුරෙන් ගෙවුනේ එක් කපෙක් නො වෙයි. ගෙවුනේ කප්සියෙක් නො වෙයි. ගෙවුනේ කප් දහසෙක් නො වෙයි. ගෙවුනේ කප් සියදහසෙක් නොවේ. ඒ කවර හෙයින යත්: මහණ, මෙසසර අනවරාග්‍රය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTසාවකසුත්තං
Sinhala BJTසාවක සූත්‍රය
Pali BJT270. සාවත්ථියං–
Sinhala BJT270. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං “කීවබහුකා නු ඛො භන්තෙ, කප්පා අබ්භතීතා අතික්කන්තා”ති?
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ද, ඉක්මුනා ද”
Pali BJTබහුකා ඛො භික්ඛවෙ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වාති. සක්කා පන භන්තෙ, උපමං කාතුන්ති? සක්කා භික්ඛවොති භගවා අවොච. ඉධස්සු භික්ඛවෙ, චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො. තෙ දිවසෙ දිවසෙ කප්පසතසහස්සං කප්පසතසහස්සං අනුස්සරෙය්යුං{1}. අනනුස්සරිතාව{2} භික්ඛවෙ, තෙහි කප්පා අස්සු. අථ ඛො තෙ චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො වස්සසතස්ස අච්චයෙන කාලං කරෙය්යුං.
Sinhala BJTමහණෙනි, අතීත වූ කල්පයෝ බොහෝ ය. මෙතෙක් කපැ යි හෝ මෙතෙක් කප් සියෙකැ යි හෝ මෙතෙක් කප්දහසැ යි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ එය ගිණුමට සුකර නො වෙයි වහන්ස, උපමාවක් කරනට හැකි දැයි? මහාණෙනි, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මෙහි සියවස් ආයු ඇති සියවස් ජීවත් වන සුලු සව්වෝ සිවුදෙනෙක් වෙත් නම්, ඔහුත් දිනපතා කප් සියදහසක් කප් සියදහසක් සිහි කෙරෙත් නම්, මහණෙනි, ඔවුන් විසින් කල්පයෝ සිහි නො කළහු ම වෙත්. වැලි දු සියවස් ආයු ඇති සියවස් ජීවත්වන සුලු ඒ සිවුසව්වෝ සියවස් සියවස්හුගේ ඇවෑමෙන් කලුරිය කරන්නාහු ය.
Pali BJTඑවං බහුකා ඛො භික්ඛවෙ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ගෙවී ගියා වූ ඉක්ම ගියා වූ කල්පයෝ බොහෝ ය. ඔහු මෙතෙක් කපැ යි හෝ, මෙතෙක් කප් සියෙකැයි හෝ, මෙතෙක් කප් දහසැයි හෝ, මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අපරිමාණ ය … එයින් මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTගඞ්ගාසුත්තං
Sinhala BJTගඞ්ගා සූත්‍රය
Pali BJT271. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච. කීවබහුකා නු ඛො භො ගොතම, කප්පා අබ්භතීතා අතික්කන්තාති.
Sinhala BJT271. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේ ය ... එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයෙනි, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්මුනාහු දැ? යි.
Pali BJTබහුකා ඛො බ්රාහ්මණ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වාති. සක්කා පන භො ගොතම උපමං කාතුන්ති? සක්කා බ්රාහ්මණාති භගවා අවොච. සෙය්යථාපි බ්රාහ්මණ යතො චායං ගඞ්ගානදී පහොති{1}, යත්ථ ච මහාසමුද්දං අප්පෙති, යා තස්මිං{2} අන්තරෙ වාලිකා, එසා න සුකරා සඞ්ඛාතුං එත්තකා වාලිකා ඉති වා, එත්තකානි වාලිකාසතානි ඉති වා, එත්තකානි වාලිකාසහස්සානි ඉති වා, එත්තකානි වාලිකාසතසහස්සානි ඉති වා.
Sinhala BJTබමුණ, බොහෝ කල්පයෝ ගත වූහ. ඉක්මූනාහු ය. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ ගිණීමට සුකර නො වෙති. භවත් ගෞතමයෙනි, උපමාවක් කරන්නට හැකි දැ යි? බමුණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. බමුණ, යම් සේ මේ ගඞ්ගා නදිය යම් තැනෙකින් හට ගණී ද, යම් තැනෙක මහසමුදුරට පිවිසේ ද, මේ අතර යම් වැල්ලෙක් වේ ද, එය මෙතෙක් වැලි ය යි හෝ මෙතෙක් වැලි සියකැ යි හෝ මෙතෙක් වැලි දහසැයි හෝ මෙතෙක් වැලි සියදහසැයි හෝ ගිණීමට සුකර නො වේ.
Pali BJTතතො බහුතරං ඛො බ්රාහ්මණ, කප්පා අබ්භතීතා අතික්කන්තා. තෙ න සුකරා සඞ්ඛාතුං එත්තකා කප්පා ඉති වා, එත්තකානි කප්පසතානි ඉති වා, එත්තකානි කප්පසහස්සානි ඉති වා, එත්තකානි කප්පසතසහස්සානි ඉති වා. තං කිස්ස හෙතු? අනමතග්ගොයං බ්රාහ්මණ, සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTබමුණ, එයට වැඩි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගියහ. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙති. ඒ කවර හෙයින යත්: බමුණ, මෙසසර අනාදිමත්ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
Pali BJTඑවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒ බමුණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි, භවත් ගෞතමයෙනි, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJTදණ්ඩසුත්තං
Sinhala BJTදණ්ඩ සූත්‍රය
Pali BJT272. සාවත්ථියං–
Sinhala BJT272. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි භික්ඛවෙ, දණ්ඩො උපරි වෙහාසං ඛිත්තො සකිම්පි මූලෙන නිපතති, සකිම්පි මජ්ඣෙන නිපතති. සකිම්පි අග්ගෙන{3} නිපතති, එවමෙව ඛො භික්ඛවෙ අවිජ්ජානීවරණා සත්තා තණ්හාසංයොජනා සන්ධාවන්තා සංසරන්තා සකිම්පි අස්මා ලොකා පරං ලොකං ගච්ඡන්ති. සකිම්පි පරස්මා ලොකා ඉමං ලොකං ආගච්ඡන්ති. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සසර නො දත් අග ඇතියේ වෙයි. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍ව කෙළවර නො පෙණේ. මහණෙනි, යම් සේ උඩ අහසෙහි දැමූ දඬෙක් වරක් මුලිනුදු වැටෙයි. වරක් මැදිනුදු වැටෙයි. වරක් අගිනුදු වැටෙයි. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (ඒ මේ අත) දිවෙන සැරිසරණ සත්‍වයෝ වරක් මෙලොවින් පරලොවට යෙති. වරක් පරලොවින් මෙලොවට එති. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග්මුල් ඇත්තේ ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTඑකපුග්ගලසුත්තං
Sinhala BJTඒකපුග්ගල සූත්‍රය
Pali BJT273. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්ර ඛො -පෙ- එතදවොච:
Sinhala BJT273. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක.
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- එකපුග්ගලස්ස භික්ඛවෙ, කප්පං සන්ධාවතො සංසරතො සියා එවං මහා අට්ඨිකඞ්කලො අට්ඨිපුඤ්ජො අට්ඨිරාසි යථායං වෙපුල්ලො පබ්බතො, සචෙ සංහාරකො අස්ස, සම්භතඤ්ච න විනස්සෙය්ය. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසසර නැවත නැවත බලයි දු නොපිරිසුන් කෙළවර ඇතියේ යි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නො වැනසේ නම්, මේ වේපුල්ල පර්‍වතය යම් සේ ද, එසේ මහත් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය. … එයින් මිදෙන්නට නිසි මැ යි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යලි මතුදු මෙය වදාළ සේක:
Pali BJTඑකස්සෙකෙන කප්පෙන පුග්ගලස්සට්ඨිසඤ්චයො,සියා පබ්බතසමො රාසි ඉති වුත්තං මහෙසිනා.
Sinhala BJTඑක් කපෙකින් එක් පුඟුලකුගේ ඇට රැස (වේපුල්ල) පර්‍වතය බඳු රැසෙක් වන්නේ ය යි මහර්ෂි වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදි.
Pali BJTසො ඛො පනායං අක්ඛාතො වෙපුල්ලො පබ්බතො මහා,උත්තරො ගිජ්ඣකූටස්ස මගධානං ගිරිබ්බජෙ.
Sinhala BJTඒ මේ මහත් වේපුල්ල පර්‍වතය මගධජනපදයෙහි ගිරිව්‍රජයෙහි (පර්‍වත පරික්‍ෂේපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී.
Pali BJTයතො ච{1} අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති:දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං,අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJTයම් කලෙක දුක, දුක හට ගැණීම, දුක ඉක්මීම, දුක ඉක්මීමට යන අරිඅටගිමග යන ආර්‍ය්‍ය සත්‍යයන් මනා නුවණින් දකී ද,
Pali BJTස සත්තක්ඛත්තුං පරමං සන්ධාවිත්වාන පුග්ගලො,දුක්ඛස්සන්තකරො හොති සබ්බසඤ්ඤොජනක්ඛයාති.
Sinhala BJTඒ (සෝවන්) පුද්ගල තෙමේ සත්වරක් පරම කොට සැරිසරා සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නෙක් වේ යි.
Pali BJTතිණකට්ඨවග්ගො පඨමො
Sinhala BJTතිණකට්ඨවර්‍ගය පළමුවැ නි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTතිණකට්ඨඤ්ච පඨවී අස්සු ඛීරඤ්ච පබ්බතං, සාසපා සාවකො ගඞ්ගා දණ්ඩො ච පුග්ගලෙන චාති.
Sinhala BJTතිණකට්ඨ, පඨවි, අස්සු, බීර, පබ්බත, සාසප, සාවක, ගඞ්ගා, දණ්ඩ, පුග්ගල ය යි සූත්‍ර දශයෙකි යි.
Pali BJT2. දුග්ගතවග්ගො
Sinhala BJT2. දුග්ගත වර්‍ගය
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJTදුග්ගතසුත්තං
Sinhala BJTදුග්ගත සූත්‍රය
Pali BJT274. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො -පෙ- එතදවොච:
Sinhala BJT274. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක:
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. යං භික්ඛවෙ, පස්සෙය්යාථ දුග්ගතං දුරුපෙතං,{1} නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අම්හෙහිපි එවරූපං පච්චනුභූතං ඉමිනා දීඝෙන අද්ධුනාති’. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJT“මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය. අවිද්‍යානීවරණයෙන් වැසුනු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූකෙළ (පූර්‍වාන්තය) නො පෙණේ. මහණෙනි, දිළිඳු වූ විරූප වූ යමකු දක්නහු නම්, මෙහි දී “අප විසිනු දු මේ දීර්‍ඝකාලයෙහි මෙබඳුවක් විඳින ලදැ”යි නිමාවට (නිශ්චයට) යා යුතු යි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ යි … මෙයිනුදු … මිදෙන්නට නිසි මැ යි.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJTසුඛිතසුත්තං
Sinhala BJTසුඛිත සූත්‍රය
Pali BJT275. සාවත්ථියං–
Sinhala BJT275. සැවැත්නුවර–
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො -පෙ- යං භික්ඛවෙ, පස්සෙය්යාථ සුඛිතං සජ්ජිතං, නිට්ඨමෙත්ථ ගන්තබ්බං “අම්හෙහිපි එවරූපං පච්චනුභූතං ඉමිනා දීඝෙන අද්ධුනා”ති. තං කිස්ස හෙතු? අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. -පෙ- අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය … මහණෙනි, සුවපත් අලඞ්කාරයෙන් සැදුනු යමකු දක්නහු නම්, මෙහි දී “මේ දිගුකල අප විසිනුදු මෙබඳුවක් විදින ලද” යි නිමාවට යා යුතු යි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග ඇතියේ ය ... මෙයිනුදු මිදෙන්නට නිසි මැ යි.