Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති:] අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කුසීතා කුසීතෙහි -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි -පෙ- සද්ධා සද්ධෙහි -පෙ- ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- [අස්සද්ධා -පෙ- කුසීතා -පෙ- දුප්පඤ්ඤා -පෙ- සද්ධා -පෙ- ආරද්ධවිරියා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. ] (චතුත්ථත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පිරිපුන් වෙර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු ... සැදැහැනැතියෝ … කුසීතයෝ … නුවණ නැත්තෝ … සැදැහැතියෝ … පිරිපුන් වෙර ඇතියෝ … නුවණැත්තෝ නුවණැතියන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (සිවුවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති.] අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි -පෙ- සද්ධා සද්ධෙහි -පෙ- උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- [අස්සද්ධා -පෙ- මුට්ඨස්සතිනො -පෙ- දුප්පඤ්ඤා -පෙ- සද්ධා -පෙ- උපට්ඨිතසතිනො -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.] (පඤ්චමත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි අත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු ... සැදැහැනැත්තෝ … මුළා සිහි ඇත්තෝ … නුවණ නැත්තෝ … සැදැහැත්තෝ … එළඹි සිහි ඇත්තෝ … පැණැත්තෝ පැණැත්තන් සමග සැසැඳෙති එකතු වෙති යි. (පස්වන තිකය යි.)
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJTඅහිරිකමූලකතිකචතුක්කසුත්තං
Sinhala BJTඅහිරිකමූලකතිකචතුක්ක සූත්‍රය
Pali BJT243. සාවත්ථියං–
Sinhala BJT243. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි [භික්ඛවෙ, අද්ධානං] -පෙ- අනාගතම්පි [භික්ඛවෙ, අද්ධානං] -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- අහිරිකා -පෙ- අනොත්තප්පිනො -පෙ- දුප්පඤ්ඤා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති. (පඨමත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … පවට බිය නැතියෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පවට බිය ඇතියෝ … පැණැතියෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (පළමුවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති:] අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- බහුස්සුතා බහුස්සුතෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- [අහිරිකා -පෙ- අප්පස්සුතා -පෙ- දුප්පඤ්ඤා -පෙ- හිරිමනා -පෙ- බහුස්සුතා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. (දුතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … නූගත්තෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … උගත්තෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (දෙවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති:] අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- [අහිරිකා -පෙ- කුසීතා -පෙ- දුප්පඤ්ඤා -පෙ- හිරිමනා -පෙ- ආරද්ධවිරියා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.] (තතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … කුසීතයෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පරිපුන් වැර ඇතියෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (තෙවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති:] අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- අහිරිකා -පෙ- මුට්ඨස්සතිනො -පෙ- දුප්පඤ්ඤා -පෙ- හිරිමනා -පෙ- උපට්ඨිතසතිනො -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.] (චතුත්ථතතිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … සිහි නැතියෝ … ලජ්ජා ඇතියෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.] (සිවුවන තිකය යි.)
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJTඅනොත්තාපමූලකතිකත්තයසුත්තං
Sinhala BJTඅනොත්තප්පමූලකතිකත්තය සූත්‍රය
Pali BJT244. සාවත්ථියං–
Sinhala BJT244. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- බහුස්සුතා බහුස්සුතෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං [අනොත්තාපිනො -පෙ- අප්පස්සුතා -පෙ- දුප්පඤ්ඤා -පෙ- ඔත්තාපිනො -පෙ- බහුස්සුතා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.] (පඨමත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … අල්පශ්‍රැතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇතියෝ … බහුශ්‍රැතයෝ … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති, සමෙන්ති:] අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- අනොත්තාපිනො -පෙ- කුසීතා -පෙ- දුප්පඤ්ඤා -පෙ- ඔත්තාපිනො -පෙ- ආරද්ධවිරියා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.] (දුතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පාපභිරුකයෝ … පිරිපුන් වැර ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති, සමෙන්ති:] අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං [අනොත්තාපිනො -පෙ- මුට්ඨස්සතිනො -පෙ- දුප්පඤ්ඤා -පෙ- ඔත්තාපිනො -පෙ- උපට්ඨිතසතිනො -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.] (තතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇත්තෝ … සිහි ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)
Pali BJT2. 2. 11.
Sinhala BJT2. 2. 11.
Pali BJTඅප්පස්සුතමූලකතිකද්වයසුත්තං
Sinhala BJTඅප්පස්සුතමූලකතිකදවය සූත්‍රය
Pali BJT245. සාවත්ථියං–
Sinhala BJT245. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- බහුස්සුතා බහුස්සුතෙහි සද්ධිං -පෙ- ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- අප්පස්සුතා -පෙ- කුසීතා -පෙ- දුප්පඤ්ඤා -පෙ- බහුස්සුතා -පෙ- ආරද්ධවිරියා -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. (පඨමත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … අල්පශ්‍රැතයෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … වැර ඇතියෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති, සමෙන්ති:] අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- බහුස්සුතා බහුස්සුතෙහි සද්ධිං -පෙ- උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- අප්පස්සුතා -පෙ- මුට්ඨස්සතිනො -පෙ- දුප්පඤ්ඤා -පෙ- බහුස්සුතා -පෙ- උපට්ඨිතසතිනො -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. (දුතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් විසින් ම සැසැඳෙත්, එකතු වෙත්: අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … අල්පශ්‍රැතයෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … බහුශ්‍රැතයෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
Pali BJT2. 2. 12.
Sinhala BJT2. 2. 12.
Pali BJTකුසීතමූලකතිකෙකසුත්තං
Sinhala BJTකුසීතමූලකතිකෙක සූත්‍රය
Pali BJT246. සාවත්ථියං–
Sinhala BJT246. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: කුසීතා කුසීතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි සද්ධිං -පෙ- උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- කුසීතා -පෙ- මුට්ඨස්සතිනො -පෙ- දුප්පඤ්ඤා -පෙ- ආරද්ධවිරියා -පෙ- උපට්ඨිතසතිනො -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්. එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැතවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග ... පැණැතියෝ පැණැත්තවුන් සමඟ සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … කුසීතයෝ … සිහි නැතියෝ … නුවණ නැතියෝ … පිරිපුන් වැර ඇතියෝ … සිහි ඇතියෝ … පණැතියෝ පණැත්තන් සමග සැසැඳෙති, එකතු වෙති.
Pali BJTසත්තධාතුවග්ගො දුතියො.
Sinhala BJTසත්තධාතු වර්‍ගය දෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසත්තධාතු සනිදානං ගිඤ්ජකාවසථෙන ච, හීනාධිමුත්ති චඞ්කමං සගාථාස්සද්ධ{1} සත්තමං. අස්සද්ධමූලකා පඤ්ච චත්තාරි අහිරිකමූලකා,අනොත්තාපමූලකා තීණි දුවෙ අප්පස්සුතෙන චකුසීතං එකකං වුත්තං සුත්තන්තා තීණි පඤ්චකාති
Sinhala BJTසත්තධාතු, සනිදාන සූත්‍ර සහ ගිඤ්ජකාවසථ, හීනාධිමුත්ති, වඞ්කම, සගාථ සූත්‍ර ද, සත්වැනි අස්සධ සූත්‍රය ද, අස්සද්ධමූලකතික පස ද, අහිරිකමූලකතික සතර ද, අනොත්තාපමූලකතික තුණ ද, අප්පස්සුතමූලකතික දෙක ද, කුසීතමුලකතික එක ද යන තික දැක්වෙන සූත්‍ර පස දැ යි මෙසේ සූත්‍රාන්ත (දොළොසෙක්) ද, තික පසළොසෙක් ද වදාරණ ලදි.
Pali BJT3. කම්මපථවග්ගො
Sinhala BJT3. කම්මපථ වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJTඅසමාහිතසුත්තං
Sinhala BJTඅසමාහිත සූත්‍රය
Pali BJT247. සාවත්ථියං–
Sinhala BJT247. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති: අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අසමාහිතා අසමාහිතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අසමාහිත (උපචාර-අපර්‍ණා සමාධි රහිත)යෝ අසමාහිතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTසද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- සමාහිතා සමාහිතෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTසැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සමාහිතයෝ සමාහිතයන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJTදුස්සීලසුත්තං
Sinhala BJTදුස්සීල සූත්‍රය
Pali BJT248. සාවත්ථියං–
Sinhala BJT248. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං -පෙ- අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- දුස්සීලා දුස්සීලෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … දුස්සීලයෝ දුස්සසීලයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTසද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- සීලවන්තො සීලවන්තෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTසැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සිල්වත්තු සිල්වතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJTපඤ්චසික්ඛාපදසුත්තං
Sinhala BJTපඤ්චසික්ඛාපද සූත්‍රය
Pali BJT249. සාවත්ථියං–
Sinhala BJT249. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති. පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදායිනො අදින්නාදායීහි සද්ධිං -පෙ- කාමෙසු මිච්ඡාචාරයො කාමෙසු මිච්ඡාචාරීහි සද්ධිං -පෙ- මුසාවාදිනො මුසාවාදීහි සද්ධිං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනො සුරාමෙරයමජ්ජපමාදට්ඨායීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTපාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදානා පටිවිරතා අදින්නාදානා පටිවිරතෙහි සද්ධිං -පෙ- කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතෙහි සද්ධිං -පෙ- මුසාවාදා පටිවිරතා මුසාවාදා පටිවිරතෙහි සද්ධිං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTපණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවෝ අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවන් සමග … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවන් සමග … මුසවා බිණුමෙන් වෙන් වූවෝ මුසවා බිණුමෙන් වෙන් වූවන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවන් සමග සැසැඳෙති, එකතු වෙතී යි.
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJTසත්තකම්මපථසුත්තං
Sinhala BJTසත්තකම්මපථ සූත්‍රය
Pali BJT250. සාවත්ථියං–
Sinhala BJT250. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදායිනො අදින්නාදායීහි සද්ධිං -පෙ- කාමෙසු මිච්ඡාචාරිනො කාමෙසු මිච්ඡාචාරීහි සද්ධිං -පෙ- මුසාවාදිනො මුසාවාදීහි සද්ධිං -පෙ- පිසුණවාචා පිසුණවාචෙහි සද්ධිං -පෙ- ඵරුසවාචා ඵරුසවාචෙහි සද්ධිං -පෙ- සම්ඵප්පලාපිනො සම්ඵප්පලාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පිසුණුබස් බණන්නෝ පිසුණුබස් බණන්නවුන් සමග … පරොස්බස් බණන්නෝ පරොස්බස් බණන්නවුන් සමග … හිස්බස් බණන්නෝ හිස්බස් බණන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTපාණාතිපාතා පටිවිරතා -පෙ- අදින්නාදානා පටිවිරතා -පෙ- කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා -පෙ- මුසාවාදා පටිවිරතා -පෙ- පිසුණාය වාචාය{1} පටිවිරතා -පෙ- ඵරුසාය වාචාය{2} පටිවිරතා -පෙ- සම්ඵප්පලාපා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTපණිවායෙන් වෙන් වූවෝ … අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ … පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ හිස්බස් බිණුමෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්. එකතු වෙති යි.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJTදසකම්මපථසුත්තං
Sinhala BJTදසකම්මපථ සූත්‍රය
Pali BJT251. සාවත්ථියං–
Sinhala BJT251. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදායිනො -පෙ- කාමෙසු මිච්ඡාචාරිනො -පෙ- මුසාවාදිනො -පෙ- පිසුණවාචා -පෙ- ඵරුසවාචා -පෙ- සම්ඵප්පලාපිනො -පෙ- අභිජ්ඣාලුනො අභිජ්ඣාලූහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. බ්යාපන්නචිත්තා බ්යාපන්නචිත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මෙරමා සතු දැ ගන්නෝ … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ … මුසවා බණන්නෝ … පිසුණුබස් බණන්නෝ … පරොස්බස් බණන්නෝ … හිස්බස් බණන්නෝ … දැඩිලොබ බහුල කොට ඇත්තෝ දැඩිලොබ බහුල කොට ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ව්‍යාපාදයට පැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් මිසදිටුවෝ මිසදිටුවන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTපාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදානා පටිවිරතා -පෙ- කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා -පෙ- මුසාවාදා පටිවිරතා -පෙ- පිසුණාය වාචාය පටිවිරතා -පෙ- ඵරුසාය වාචාය පටිවිරතා -පෙ- සම්ඵප්පලාපා පටිවිරතා -පෙ- අනභිජ්ඣාලුනො අනභිජ්ඣාලූහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අබ්යාපන්නචිත්තා අබ්යාපන්නචිත්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTපණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ ... පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ … අභිධ්‍යාව බහුල කොට නැත්තෝ අභිධ්‍යාව බහුල කොට නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … ව්‍යාපාදයට නොපැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට නො පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සමිදිටුවෝ සමිදිටුවන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJTඅට්ඨඞ්ගිකසුත්තං
Sinhala BJTඅට්ඨඞ්ගික සූත්‍රය
Pali BJT252. සාවත්ථියං–
Sinhala BJT252. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මිච්ඡාසංකප්පා -පෙ- මිච්ඡාවාචා -පෙ- මිච්ඡාකම්මන්තා -පෙ- මිච්ඡාආජීවා -පෙ- මිච්ඡාවායාමා -පෙ- මිච්ඡාසතිනො -පෙ- මිච්ඡාසමාධිනො මිච්ඡාසමාධීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මිත්‍ථ්‍යා සංකල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ මිත්‍ථ්‍යා සමාධි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTසම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. සම්මාසංකප්පා -පෙ- සම්මාවාචා -පෙ- සම්මාකම්මන්තා -පෙ- සම්මාආජීවා -පෙ- සම්මාවායාමා -පෙ- සම්මාසතිනො -පෙ- සම්මාසමාධිනො සම්මාසමාධීහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටි ඇත්තෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යක් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ සම්‍යක් සමාධි ඇත්තවුන් සමග සැසැඳෙති, එකතුවෙතියි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJTදසඞ්ගිකසුත්තං
Sinhala BJTදසඞ්ගික සූත්‍රය
Pali BJT253. සාවත්ථියං–
Sinhala BJT253. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මිච්ඡාසංකප්පා -පෙ- මිච්ඡාවාචා -පෙ- මිච්ඡාකම්මන්තා -පෙ- මිච්ඡාආජීවා -පෙ- මිච්ඡාවායාමා -පෙ- මිච්ඡාසතිනො -පෙ- මිච්ඡාසමාධිනො -පෙ- මිච්ඡාඤාණිනො මිච්ඡාඤාණීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මිච්ඡාවිමුත්තිනො{1} මිච්ඡාවිමුත්තීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා සඞ්කල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ … මිත්‍ථ්‍යා ඥාන ඇත්තෝ මිත්‍ථ්‍යා ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තෝ මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTසම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. සම්මාසංකප්පා -පෙ- සම්මාවාචා -පෙ- සම්මාකම්මන්තා -පෙ- සම්මාආජීවා -පෙ- සම්මාවායාමා -පෙ- සම්මාසතිනො -පෙ- සම්මාසමාධිනො -පෙ- සම්මාඤාණිනො සම්මාඤාණීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. සම්මාවිමුත්තිනො{1} සම්මාවිමුත්තීහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTසම්‍යග් දෘෂ්ටි ඇත්තෝ සම්‍යග් දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්. එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යග් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ … සම්‍යග් ඥාන ඇත්තෝ සම්‍යග් ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සම්‍යග් විමුක්ති ඇත්තෝ සම්‍යග් විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙති.
Pali BJT(සබ්බත්ථ අතීතානාගත පච්චුප්පන්නං කාතබ්බං.)
Sinhala BJT(සියලු තැන්හි අතීතානාගතපච්චුප්පන්න කළ යුතු යි.)
Pali BJTසත්තන්නං සුත්තන්තානං උද්දානං:
Sinhala BJTසූත්‍ර සත පිළිබඳ උද්දානය:
Pali BJTඅසමාහිතං දුස්සීලං පඤ්චසික්ඛාපදානි ච, සත්තකම්මපථං වුත්තා දසකම්මපථෙන ච, ඡට්ඨං අට්ඨඞ්ගිකං වුත්තං දසඞ්ගිකෙන{2} සත්තමන්ති.
Sinhala BJTඅසමාහිත, දුස්සීල, පඤ්චසික්ඛාද, සත්තකම්මපථ, දසකම්මපථ, අට්ඨඞ්ගික යන සූත්‍ර හා දසඞ්ගික සූත්‍රය දැ යි සූත්‍ර සතෙකි.
Pali BJTකම්මපථවග්ගො තතියො.
Sinhala BJTකම්මපථවර්‍ගය තුන්වැනි යි.
Pali BJT4. චතුධාතුවග්ගො
Sinhala BJT4. චතුධාතු වර්‍ගය
Pali BJT2. 4. 1.
Sinhala BJT2. 4. 1.
Pali BJTචතුධාතුසුත්තං
Sinhala BJTචතුධාතු සූත්‍රය
Pali BJT254. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ -පෙ-
Sinhala BJT254. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක ...
Pali BJTචතස්සො ඉමා භික්ඛවෙ, ධාතුයො. කතමා චතස්සො? පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු. ඉමා ඛො භික්ඛවෙ, චතස්සො ධාතුයොති.
Sinhala BJTමහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි. මහණෙනි, මේ ධාතු සතර යි.
Pali BJT2. 4. 2.
Sinhala BJT2. 4. 2.
Pali BJTපුබ්බසුත්තං
Sinhala BJTපුබ්බ සූත්‍රය
Pali BJT255. සාවත්ථියං–
Sinhala BJT255. සැවැත්නුවර–
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: කො නු ඛො පඨවීධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං? කො ආපොධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං? කො තෙජොධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං? කො වායොධාතුයා අස්සාදො කො ආදීනවො කිං නිස්සරණන්ති?
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්මාසම්බුද්ධ නො වූ බෝසත් වූ ම මට මේ අදහස විය. පඨවීධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? ආපෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? තෙජොධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? වායෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: යං ඛො පඨවීධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පඨවීධාතුයා අස්සාදො, යං පඨවීධාතු{1} අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං පඨවීධාතුයා ආදීනවො. යො පඨවීධාතුයා ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහාණං, ඉදං පඨවීධාතුයා නිස්සරණං. යං ආපොධාතුං පටිච්ච -පෙ- යං තෙජොධාතුං පටිච්ච -පෙ- යං වායොධාතුං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වායොධාතුයා අස්සාදො. යං වායොධාතු{2} අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වායොධාතුයා ආදීනවො. යො වායොධාතුයා ඡන්දවිරාගවිනයො ඡන්දරාගප්පහාණං, ඉදං වායොධාතුයා නිස්සරණං.
Sinhala BJTමහණෙනි, ඒ මට මේ අදහස විය: පඨවීධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ පඨවීධාතුවේ ආස්වාදය යි. යම් හෙයෙකින් පඨවීධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව ඇත්තේ ද, මේ පඨවීධාතුහුගේ ආදීනවය යි. පඨවීධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ පඨවීධාතුහුගේ නිස්සරණ ය යි. ආපෝධාතුව නිසා යම් ... තේජෝධාතුව නිසා යම් ... වායෝධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වායෝධාතුවෙහි ආස්වාදය යි. යම් හෙයකින් වායෝධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරලෙනසුලු ද, මේ වායෝධාතුවෙහි ආදීනවය යි. වායෝධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ වායෝධාතුවෙහි නිස්සරණය යි.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.{3}
Sinhala BJTමහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි.
Pali BJTයතො ච ඛොහං භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: “අකුප්පා මෙ චෙතොවිමුත්ති{1} අයමන්තිමා ජාති. නත්ථිදානි පුනබ්භවො”ති.
Sinhala BJTමහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත් ඵලවිමුක්තිය අකෝප්‍ය ය (නිශ්චලය). මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනය ද (=ප්ස්විකුම් නුවණද) මට පහළ වී ය.
Pali BJT2. 4. 3.
Sinhala BJT2. 4. 3.
Pali BJTඅස්සාදපරියෙසනසුත්තං{*}
Sinhala BJTඅස්සාදපරියේසන සූත්‍රය
Pali BJT256. සාවත්ථියං–
Sinhala BJT256. සැවැත්නුවර–
Pali BJTපඨවීධාතුයාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො පඨවීධාතුයා අස්සාදො, තදජ්ඣගමං. යාවතා පඨවීධාතුයා අස්සාදො, පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. පඨවීධාතුයාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො පඨවීධාතුයා ආදීනවො, තදජ්ඣගමං. යාවතා පඨවීධාතුයා ආදීනවො, පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. පඨවීධාතුයාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං පඨවීධාතුයා නිස්සරණං, තදජ්ඣගමං. යාවතා පඨවීධාතුයා නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම පඨවීධාතුවෙහි ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම් එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි ආදිනවපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි නිස්සරණපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
Pali BJTආපොධාතුයාහං භික්ඛවෙ -පෙ- මෙ තං සුදිට්ඨං. තෙජොධාතුයාහං භික්ඛවෙ -පෙ- මෙ තං සුදිට්ඨං. වායොධාතුයාහං භික්ඛවෙ, අස්සාදපරියෙසනං අචරිං. යො වායොධාතුයා අස්සාදො, තදජ්ඣගමං. යාවතා වායොධාතුයා අස්සාදො, පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. වායොධාතුයාහං භික්ඛවෙ, ආදීනවපරියෙසනං අචරිං. යො වායොධාතුයා ආදීනවො, තදජ්ඣගමං. යාවතා වායොධාතුයා ආදීනවො පඤ්ඤාය මෙ සො සුදිට්ඨො. වායොධාතුයාහං භික්ඛවෙ, නිස්සරණපරියෙසනං අචරිං. යං වායොධාතුයා නිස්සරණං. තදජ්ඣගමං. යාවතා වායොධාතුයා නිස්සරණං, පඤ්ඤාය මෙ තං සුදිට්ඨං.
Sinhala BJTමහණෙනි, මම ආපෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම තේජෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආදීනවය පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කළෙමි. වායෝධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙව මනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං.
Sinhala BJTමහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නොම පිළිණ කෙළෙමි.
Pali BJTයතො ච ඛොහං භික්ඛවෙ, ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: “අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති. නත්ථිදානි පුනබ්භවො”ති.
Sinhala BJTමහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත්, තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනයද මට පහළ වීය.
Pali BJT2. 4. 4.
Sinhala BJT2. 4. 4.
Pali BJTනොචෙදංසුත්තං
Sinhala BJTනෝචේදං සූත්‍රය
Pali BJT257. සාවත්ථියං–
Sinhala BJT257. සැවැත්නුවර–
Pali BJTනො චෙදං භික්ඛවෙ, පඨවීධාතුයා අස්සාදො අභවිස්ස, නයිදං සත්තා පඨවීධාතුයං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි පඨවීධාතුයා අස්සාදො, තස්මා සත්තා පඨවීධාතුයා සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, පඨවීධාතුයා ආදීනවො අභවිස්ස, නයිදං සත්තා පඨවීධාතුයා නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි පඨවීධාතුයා ආදීනවො, තස්මා සත්තා පඨවීධාතුයා නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, පඨවීධාතුයා නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා පඨවීධාතුයා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි පඨවීධාතුයා නිස්සරණං, තස්මා සත්තා පඨවීධාතුයා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ පඨවීධාතුයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්‍වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ පඨවීධාතුවෙහි ආදීනවයෙක් නො වී නම් සත්‍වයෝ පඨවීධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් පඨවීධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් පඨවීධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්‍වයෝ පඨවීධාතුයෙන් නො නික්මෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙන් නික්මෙති.
Pali BJTනො චෙදං භික්ඛවෙ, ආපොධාතුයා අස්සාදො අභවිස්ස -පෙ- නිස්සරන්ති. නො චෙදං භික්ඛවෙ, තෙජොධාතුයා අස්සාදො අභවිස්ස -පෙ- නිස්සරන්ති. නො චෙදං භික්ඛවෙ, වායොධාතුයා අස්සාදො අභවිස්ස, නයිදං සත්තා වායොධාතුයා සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි වායොධාතුයා අස්සාදො, තස්මා සත්තා වායොධාතුයා සාරජ්ජන්ති. නො චෙදං භික්ඛවෙ, වායොධාතුයා ආදීනවො අභවිස්ස, නයිදං සත්තා වායොධාතුයා නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි වායොධාතුයා ආදීනවො, තස්මා සත්තා වායොධාතුයා නිබ්බින්දන්ති. නො චෙදං භික්ඛවෙ, වායොධාතුයා නිස්සරණං අභවිස්ස, නයිදං සත්තා වායොධාතුයා නිස්සරෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි වායොධාතුයා නිස්සරණං, තස්මා සත්තා වායොධාතුයා නිස්සරන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මේ ආපෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ තේජෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ වායෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම්, සත්‍වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ, වායෝධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙහි ආදීනවයෙක් නො වි නම්, සත්‍වයෝ වායෝධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙහි කළකිරෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්‍වයෝ වායෝධාතුයෙන් නො නික්මෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙන් නික්මෙති.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, සත්තා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසුං{1}, නෙව තාවිමෙ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා, සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා{2} නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදිකතෙන චෙතසා විහරිංසු.
Sinhala BJTමහණෙනි, සත්‍වයෝ යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒ තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි සත්‍වයෝ, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෝ නික්මුනාහු, වෙන් වූවාහු, මිදුනාහු, ඉක්මවූ කෙලෙස් සීමා ඇති සිතින් යුක්ත ව නො ම විසූහ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, සත්තා ඉමාසං චතුන්නං ධාතූනං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසුං, අථ භික්ඛවෙ, සත්තා සදෙවකා ලොකා සමාරකා සබ්රහ්මකා, සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා{2} නිස්සටා විසඤ්ඤුත්තා විප්පමුත්තා විමරියාදිකතෙන චෙතසා විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සත්‍වයෝ මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය අදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ කළාහු ද, මහණෙනි, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි සත්‍වයෝ, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෝ නික්මුනාහු, වෙන් වූවාහු, මිදුනාහු ඉක්මවූ කෙලෙස් සීමා ඇතී සිතින් යුතු ව වෙසෙති යි.
Pali BJT2. 4. 5.
Sinhala BJT2. 4. 5.
Pali BJTදුක්ඛලඞ්කණසුත්තං
Sinhala BJTදුක්ඛලක්ඛණ සූත්‍රය
Pali BJT258. සාවත්ථියං–
Sinhala BJT258. සැවැත්නුවර–
Pali BJTපඨවීධාතු ච{3} හිදං භික්ඛවෙ, එකන්තදුක්ඛා අභවිස්ස දුක්ඛානුපතිතා දුක්ඛාවක්කන්තා අනවක්කන්තා සුඛෙන, නයිදං සත්තා පඨවීධාතුයා සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, පඨවීධාතු සුඛා සුඛානුපතිතා සුඛාවක්කන්තා අනවක්කන්තා දුක්ඛෙන, තස්මා සත්තා පඨවීධාතුයා සාරජ්ජන්ති. ආපොධාතු ච හිදං භික්ඛවෙ, -පෙ- තෙජොධාතු ච හිදං භික්ඛවෙ, -පෙ- වායොධාතු ච හිදං භික්ඛවෙ, එකන්තදුක්ඛා අභවිස්ස දුක්ඛානුපතිතා දුක්ඛාවක්කන්තා අනවක්කන්තා සුඛෙන, නයිදං සත්තා වායොධාතුයා සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, වායොධාතු සුඛා සුඛානුපතිතා සුඛාවක්කන්තා අනවක්කන්තා දුක්ඛෙන, තස්මා සත්තා වායොධාතුයා සාරජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඨවීධාතුව ද ඒකාන්තයෙන්ම දුක් වූවක්, දුකෙහි පතිත වූවක්, දුකෙහි වැද ගත්තක්, සුවයෙහි නො වැද ගත්තක් වී නම්, මේ සත්‍වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුව සුඛ (හේතු) ද, සුඛයෙන් යුක්තද, සුඛාවතීණි ද, දුඃඛාවතිණි නො වේ ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුවෙහි ඇලෙති. මහණෙනි, මේ ආපෝධාතුව ද ... මහණෙනි, මේ තේජෝධාතුව ද ... මහණෙනි, මේ වායෝධාතුව ද ඒකාන්තයෙන් දුක් වූවක්, දුකෙන් යුක්ත වූවක්, දුකෙන් අවතීර්‍ණ වූවක්, සුවයෙන් අවතීර්‍ණ නො වූවක් වී නම්, මේ සත්‍වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුව සුඛ ද, සුඛයෙන් යුක්ත ද, සුඛයෙන් අවතීර්‍ණ ද, දුඃඛයෙන් අවතීර්‍ණ නො නොවේ ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙහි ඇලෙත්.
Pali BJTපඨවීධාතු ච හිදං භික්ඛවෙ, එකන්තසුඛා අභවිස්ස සුඛානුපතිතා සුඛාවක්කන්තා අනවක්කන්තා දුක්ඛෙන, නයිදං සත්තා පඨවීධාතුයා නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, පඨවීධාතු දුක්ඛා දුක්ඛානුපතිතා. දුක්ඛාවක්කන්තා අනවක්කන්තා සුඛෙන, තස්මා සත්තා පඨවීධාතුයා නිබ්බින්දන්ති. ආපොධාතු ච හිදං භික්ඛවෙ, -පෙ- තෙජොධාතු ච හිදං භික්ඛවෙ, -පෙ- වායොධාතු ච හිදං භික්ඛවෙ, එකන්තසුඛා අභවිස්ස සුඛානුපතිතා සුඛාවක්කන්තා අනවක්කන්තා දුක්ඛෙන, නයිදං සත්තා වායොධාතුයා නිබ්බින්දෙය්යුං. යස්මා ච ඛො භික්ඛවෙ, වායොධාතු දුක්ඛා දුක්ඛානුපතිතා දුක්ඛාවක්කන්තා අනවක්කන්තා සුඛෙන, තස්මා සත්තා වායොධාතුයා නිබ්බින්දන්තීති.
Sinhala BJTමහණෙනි, මේ පඨවීධාතුව ද ඒකාන්තයෙන් සුව වූවක්, සුවයෙන් යුක්ත වූවක්, සුවයෙහි පිවිසගත්තක්, දුකෙහි නො පිවිසගත්තක් වී නම්, මේ සත්‍වයෝ පඨවීධාතුයෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවත් දුක් ද, දුකෙන් යුක්ත ද, දුකෙහි පිවිසගත්තී ද, සුවයෙහි නො පිවිසගත්තී ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුවෙහි කළකිරෙත්. මහණෙනි, මේ ආපෝධාතුව ද ... මහණෙනි, මේ තේජෝධාතුව ද ... මහණෙනි, මේ වායෝධාතුවද ඒකාන්තයෙන් සුව වූවක්, සුවයෙන් යුක්ත වූවක්, සුවයෙහි පිවිසගත්තක්, දුකෙහි නො පිවිසගත්තක්වී නම් මේ සත්‍වයෝ වායෝධාතුයෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවත් දුක් ද, දුකෙන් යුක්ත ද, දුකෙහි පිවිසගත්තී ද, සුවයෙහි නො පිවිසගත්තී ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුයෙහි කළකිරෙති යි.
Pali BJT2. 4. 6.
Sinhala BJT2. 4. 6.
Pali BJTඅභිනන්දනසුත්තං
Sinhala BJTඅභිනන්‍ද සූත්‍රය