Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4101-4200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං. වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං. පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති ලාභනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? රූපධාතු -පෙ- ධම්මධාතු, ඉදං වුච්චති, භික්ඛවෙ, ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය … ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච -පෙ- උප්පජ්ජති ලාභනානත්තං?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා … ලාභනානාත්‍වය උපදී ද?
Pali BJTරූපධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති රූපසඤ්ඤා. රූපසඤ්ඤං පටිච්ච උප්පජ්ජති රූපසංකප්පො. රූපසංකප්පං පටිච්ච උප්පජ්ජති රූපසම්ඵස්සො. රූපසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති රූපසම්ඵස්සජා වෙදනා. රූපසම්ඵස්සජං වෙදනං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දො. රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූපපරිළාහො. රූපපරිළාහං පටිච්ච උප්පජ්ජති රූපපරියෙසනා. රූපපරියෙසනං පටිච්ච උප්පජ්ජති රූපලාභො.
Sinhala BJTමහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී. රූපසංඥාව නිසා රූපසඞ්කල්පය උපදී. රූපසඞ්කල්පය නිසා රූපසම්ඵස්සය උපදී. රූපසම්ඵස්සය නිසා රූපසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. රූපසම්ඵස්සයෙන් හටගත් වේදනා නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිදාහය උපදී. රූපපරිදාහය නිසා රූපපර්‍ය්‍යෙෂණාව උපදී. රූපපර්‍ය්‍යෙෂණාව නිසා රූපලාභය උපදී.
Pali BJTසද්දධාතුං භික්ඛවෙ, පටිච්ච -පෙ- ධම්මධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ධම්මසඤ්ඤා. ධම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ධම්මසංකප්පො. ධම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති ධම්මසම්ඵස්සො. ධම්මසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති ධම්මසම්ඵස්සජා වෙදනා. ධම්මසම්ඵස්සජං වෙදනං පටිච්ච උප්පජ්ජති ධම්මච්ඡන්දො. ධම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහො. ධම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති ධම්මපරියෙසනා. ධම්මපරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්මලාභො.
Sinhala BJTමහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධම්මධාතුව නිසා ධම්මසඤ්ඤාව උපදී. ධම්මසඤ්ඤාව නිසා ධම්මසඞ්කප්පය උපදී. ධම්මසඞ්කප්පය නිසා ධම්මසම්ඵස්සය උපදී. ධම්මසම්ඵස්සය නිසා ධම්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. ධම්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා ධම්මච්ඡන්‍දය උපදී. ධම්මච්ඡන්‍දය නිසා ධම්මපරිළාහය උපදී. ධම්මපරිළාහය නිසා ධම්මපරියේසනාව උපදී. ධම්මපරියේසනාව නිසා ධම්මලාභය උපදී.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච -පෙ- උප්පජ්ජති ලාභනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා .. ලාභනානාත්‍වය උපදී යි.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJTනොලාභනානත්තසුත්තං
Sinhala BJTනොලාභනානත්ත සූත්‍රය
Pali BJT234. සාවත්ථියං–
Sinhala BJT234. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. ඵස්ස -පෙ- වෙදනා -පෙ- ඡන්ද -පෙ- පරිළාහ -පෙ- පරියෙසනානානත්තං. පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති ලාභනානත්තං. නො ලාභනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං. නො පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. නො පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති -පෙ- ඡන්ද -පෙ- වෙදනා -පෙ- ඵස්ස -පෙ- සංකප්ප -පෙ- සඤ්ඤානානත්තං -පෙ- නො සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. ස්පර්‍ශ ... වේදනා ... ඡන්‍ද ... පරිදාහ ... පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී. ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානත්‍වය නිසා ඡන්‍ද වේදනා ස්පර්‍ශ සංකල්ප සංඥානානාත්‍වය …. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? රූපධාතු -පෙ- ධම්මධාතු, ඉදං වුච්චති භික්ඛවෙ, ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං -පෙ- ඵස්ස -පෙ- වෙදනා -පෙ- ඡන්ද -පෙ- පරිළාහ -පෙ- පරියෙසනා -පෙ- ලාභ -පෙ- නො ලාභනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං, නො පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානානත්තං -පෙ- ඡන්ද -පෙ- වෙදනා -පෙ- ඵස්ස -පෙ- නො සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, නො සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී ද , ස්පර්‍ශ … වේදනා … ඡන්‍ද….පරිදාහ … පර්‍ය්‍යෙෂණා ලාභ ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී ද, පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී ද, ඡන්‍ද … වේදනා … ස්පර්‍ශ … සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී ද, සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද?
Pali BJTරූපධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති රූපසඤ්ඤා -පෙ- සද්දධාතුං -පෙ- ගන්ධධාතුං -පෙ- රසධාතුං -පෙ- ඵොට්ඨබ්බධාතුං -පෙ- ධම්මධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ධම්මසඤ්ඤා. ධම්මසඤ්ඤං පටිච්ච -පෙ- උප්පජ්ජති ධම්මපරියෙසනා. ධම්මපරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්මලාභො. නො ධම්මලාභං පටිච්ච උප්පජ්ජති ධම්මපරියෙසනා. නො ධම්මපරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහො. නො ධම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති ධම්මච්ඡන්දො. නො ධම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ධම්මසම්ඵස්සජා වෙදනා, නො ධම්මසම්ඵස්සජං වෙදනං පටිච්ච උප්පජ්ජති ධම්මසම්ඵස්සො, නො ධම්මසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති ධම්මසංකප්පො. නො ධම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති ධම්මසඤ්ඤා. නො ධම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ධම්මධාතු.
Sinhala BJTමහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී … සද්දධාතුව … ගන්‍ධධාතුව රසධාතුව ... ඵොට්ඨබ්බධාතුව… මහණෙනි, ධර්‍මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා … ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මලාභය උපදී. ධර්‍මලාභය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව නූපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මපරිදාහය නූපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මච්ඡන්‍දය නූපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මස්පර්‍ශයෙන් හටගත් වේදනාව නූපදී. ධර්‍මස්පර්‍ශයෙන් හටගත් වේදනාව නිසා ධර්‍මස්පර්‍ශය නූපදී. ධර්‍මස්පර්‍ශය නිසා ධර්‍මසඞ්කල්පය නූපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධම්සංඥාව නූපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මධාතුව නූපදී.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච -පෙ- සංකප්ප -පෙ- ඵස්ස -පෙ- වෙදනා -පෙ- ඡන්ද -පෙ- පරිළාහ -පෙ- පරියෙසනා -පෙ- ලාභ -පෙ- නො ලාභනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං. නො පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. නො පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. නො ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං. නො වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. නො සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. නො සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්ප ස්පර්‍ශ … වේදනා …ඡන්‍ද ... පරිදාහ …පර්‍ය්‍යෙෂණා… ලාභ …ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා වේදනානානාත්‍වය නූපදී. වේදනානානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය නූපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
Pali BJTනානත්තවග්ගො පඨමො.
Sinhala BJTනානත්තවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය :
Pali BJTධාතුසම්ඵස්සං නො චෙතං වෙදනා අපරෙ දුවෙ, එතං අජ්ඣත්තපඤ්චකං ධාතුසඤ්ඤා ච නො චෙතං, ඵස්සෙන අපරෙ දුවෙ එතං බාහිරපඤ්චකන්ති.{*}
Sinhala BJTධාතු, සම්ඵස්ස, නොසම්ඵස්ස, වේදනා, නොවේදනා යි මේ අජ්ඣත්ත පඤ්චකය ද, ධාතු, සඤ්ඤා, නොසඤ්ඤා, ඵස්ස, නොඵස්ස යි මේ බාහිර පඤ්චකයදෑ යි සූත්‍ර දශයෙකි යි.{*}
Pali BJT2. සත්තධාතුවග්ගො
Sinhala BJT2. සත්තධාතු වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJTසත්තධාතුසුත්තං
Sinhala BJTසත්තධාතු සූත්‍රය
Pali BJT235. සාවත්ථියං–
Sinhala BJT235. සැවැත්නුවර–
Pali BJTසත්තිමා භික්ඛවෙ, ධාතුයො. කතමා සත්ත? ආභාධාතු, සුභධාතු,{1} ආකාසානඤ්චායතනධාතු, විඤ්ඤාණඤ්චායතනධාතු, ආකිඤ්චඤ්ඤායතනධාතු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු. ඉමා ඛො භික්ඛවෙ, සත්තධාතුයොති.
Sinhala BJTමහණෙනි, මේ ධාතූහු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්: ආලෝකධාතු ය, සුභධාතු ය, ආකාසානඤ්චායතනධාතු ය, විඤ්ඤාණඤ්චායතනධාතු ය, ආකිඤ්චඤ්ඤායතනධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවේදයිතනිරෝධ ධාතු යි. මහණෙනි, මොහු සප්තධාතූහු වෙති යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: යාචායං භන්තෙ, ආභාධාතු, යා ච සුභධාතු, යා ච ආකාසානඤ්චායතනධාතු, යා ච විඤ්ඤාණඤ්චායතනධාතු, යා ච ආකිඤ්චඤ්ඤායතනධාතු, යා ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, යා ච සඤ්ඤාවෙදයිතනිරොධධාතු, ඉමා නු ඛො භන්තෙ, ධාතුයො කිං පටිච්ච පඤ්ඤායන්තීති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවේදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කුමක් නිසා පැණෙද්ද?
Pali BJTයායං භික්ඛු, ආභාධාතු, අයං ධාතු අන්ධකාරං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, සුභධාතු, අයං ධාතු අසුභං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, ආකාසානඤ්චායතනධාතු, අයං ධාතු රූපං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, විඤ්ඤාණඤ්චායතනධාතු, අයං ධාතු ආකාසානඤ්චායතනං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, ආකිඤ්චඤ්ඤායතනධාතු, අයං ධාතු විඤ්ඤාණඤ්චායතනං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, අයං ධාතු ආකිඤ්චඤ්ඤායතනං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු, අයං ධාතු නිරොධං පටිච්ච පඤ්ඤායතීති.
Sinhala BJTමහණ, යම් මේ ආලෝකධාතුවක් වේ ද, මේ ධාතුව අඳුර නිසා පැණේ. මහණ, යම් මේ සුභධාතුවක් වේ ද, මේ ධාතුව අසුභය නිසා පැණේ. මහණ, යම් මේ ආකාසානඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව රූපය නිසා පැණේ. මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා පැණේ. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව (නාමස්කන්‍ධ) නිරෝධය නිසා පැණේ යි.
Pali BJTයා චායං භන්තෙ, ආභාධාතු යා ච සුභධාතු, යා ච ආකාසානඤ්චායතනධාතු, යා ච විඤ්ඤාණඤ්චායතනධාතු, යා ච ආකිඤ්චඤ්ඤායතනධාතු, යා ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, යා ච සඤ්ඤාවෙදයිතනිරොධධාතු, ඉමා නු ඛො භන්තෙ, ධාතුයො කථං සමාපත්ති පත්තබ්බාති?
Sinhala BJTවහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවෙදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කෙබඳු පමාපත්ති නම් ව පැමිණිය යුත්තෝ වෙද්ද?
Pali BJTයා චායං භික්ඛු, ආභාධාතු, යා ච සුභධාතු, යා ච ආකාසානඤ්චායතනධාතු, යා ච විඤ්ඤාණඤ්චායතනධාතු, යා ච ආකිඤ්චඤ්ඤායතනධාතු, ඉමා ධාතුයො සඤ්ඤාසමාපත්ති පත්තබ්බා. යායං භික්ඛු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, අයං ධාතු සංඛාරාවසෙසා සමාපත්ති පත්තබ්බා. යායං භික්ඛු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු, අයං ධාතු නිරොධසමාපත්ති පත්තබ්බාති.
Sinhala BJTමහණ, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතූහු සංඥාසමාපත්ති නම් ව පැමිණිය යුත්තා හ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතුව සංස්කාරාවශේෂසමාපත්ති නම් ව පැමිණිය යුත්තී ය. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව නිරෝධසමාපත්ති නම් ව පැමිණිය යුත්තී යි.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJTසනිදානසුත්තං
Sinhala BJTසනිදාන සූත්‍රය
Pali BJT236. සාවත්ථියං–
Sinhala BJT236. සැවැත්නුවර–
Pali BJTසනිදානං භික්ඛවෙ, උප්පජ්ජති කාමවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති ව්යාපාදවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති විහිංසා විතක්කො නො අනිදානං.
Sinhala BJTමහණෙනි, කාමවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. ව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. විහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සනිදානං උප්පජ්ජති කාමවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති ව්යාපාදවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති විහිංසාවිතක්කො නො අනිදානං?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් කාමවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, ව්‍යාපාදවිතර්‍කය ප්‍රරත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, විහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
Pali BJTකාමධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති කාමසඤ්ඤා. කාමසඤ්ඤං පටිච්ච උප්පජ්ජති කාමසංකප්පො. කාමසංකප්පං පටිච්ච උප්පජ්ජති කාමච්ඡන්දො. කාමච්ඡන්දං පටිච්ච උප්පජ්ජති කාමපරිළාහො. කාමපරිළාහං පටිච්ච උප්පජ්ජති කාමපරියෙසනා. කාමපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො අස්සුතවා පුථුජ්ජනො තීහි ඨානෙහි මිච්ඡා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
Sinhala BJTමහණෙනි, කාමධාතුව නිසා කාමසංඥාව උපදී. කාමසංඥාව නිසා කාමසඞ්කල්පය උපදී. කාමසඞ්කල්පය නිසා කාමච්ඡන්‍දය උපදී. කාමච්ඡන්‍දය නිසා කාමපරිදාහය උපදී. කාමපරිදාහය නිසා කාමපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, කාමපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
Pali BJTව්යාපාදධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ව්යාපාදසඤ්ඤා. ව්යාපාදසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ව්යාපාදසංකප්පො. ව්යාපාදසංකප්පං පටිච්ච උප්පජ්ජති ව්යාපාදච්ඡන්දො. ව්යාපාදච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ව්යාපාදපරිළාහො. ව්යාපාදපරිළාහං පටිච්ච උප්පජ්ජති ව්යාපාදපරියෙසනා. ව්යාපාදපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො අස්සුතවා පුථුජ්ජනො තීහි ඨානෙහි මිච්ඡා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
Sinhala BJTමහණෙනි, ව්‍යාපාදධාතුව නිසා ව්‍යාපාදසංඥාව උපදී. ව්‍යාපාදසංඥාව නිසා ව්‍යාපාදසඞ්කල්පය උපදී. ව්‍යාපාදසඞ්කල්පය නිසා ව්‍යාපාදච්ඡන්‍දය උපදී. ව්‍යාපාදච්ඡන්‍දය නිසා ව්‍යාපාදපරිදාහය උපදී. ව්‍යාපාදපරිදාහය නිසා ව්‍යාපාදපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, ව්‍යාපාදපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
Pali BJTවිහිංසාධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති විහිංසාසඤ්ඤා -පෙ- විහිංසාසංකප්පො -පෙ- විහිංසාඡන්දො -පෙ- විහිංසාපරිළාහො -පෙ- විහිංසාපරියෙසනා -පෙ- විහිංසාපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො අස්සුතවා පුථුජ්ජනො තීහි ඨානෙහි මිච්ඡා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
Sinhala BJTමහණෙනි, විහිංසාධාතුව නිසා විහිංසා සංඥාව උපදී … විහිංසාසංකල්පය … විහිංසාඡන්‍දය … විහිංසාපරිදාහය … විහිංසාපර්‍ය්‍යෙෂණාව ... මහණෙනි, විහිංසාපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ආදිත්තං තිණුක්කං සුක්ඛෙ තිණදායෙ නික්ඛිපෙය්ය,{1} නො චෙ හත්ථෙහි ච පාදෙහි ච ඛිප්පමෙව නිබ්බාපෙය්ය. එවං හි භික්ඛවෙ, යෙ තිණකට්ඨනිස්සිතා පාණා, තෙ අනයව්යසනං ආපජ්ජෙය්යුං.
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් අවිලගත් තණ හුළක් වියලි තණලැහැබෙක හෙලන්නේ ද, ඉදින් අතින් පයින් වහා නො නිවන්නේ නම් මහණෙනි, මෙසේ තණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් ද, ඔහු විනාශයට පැමිණෙන්නාහු ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යො හි කොචි සමණො වා බ්රාහ්මණො වා උප්පන්නං විසමගතං අකුසලසඤ්ඤං{2} න ඛිප්පමෙව පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, සො දිට්ඨෙ චෙව{3} ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා{4} පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ උපන්නා වූ විෂම බවට පැමිණි අකුශල සංඥාව වහා ම දුරු නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, අවසන් නො කෙරේ ද, අනුක්‍රමයෙන් නො ඉපැද්මට නො පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හිත් පීඩා සහිත ව උපායාස සහිත ව පරිදාහ සහිත ව දුකසේ වෙසෙයි. කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු යි.
Pali BJTසනිදානං භික්ඛවෙ, උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො නො අනිදානං. සනිදානං උප්පජ්ජති අව්යාපාදවිතක්කො නො අනිදානං. සනිදානං උප්පජ්ජති අවිහිංසාවිතක්කො නො අනිදානං.
Sinhala BJTමහණෙනි, නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සනිදානං උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති අව්යාපාදවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති අවිහිංසාවිතක්කො නො අනිදානං?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
Pali BJTනෙක්ඛම්මධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මසඤ්ඤා. නෙක්ඛම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මසංකප්පො. නෙක්ඛම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මච්ඡන්දො. නෙක්ඛම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මපරිළාහො. නෙක්ඛම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මපරියෙසනා. නෙක්ඛම්මපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො සුතවා අරියසාවකො තීහි ඨානෙහි සම්මා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
Sinhala BJTමහණෙනි, නෛෂ්ක්‍රම්‍යධාතුව නිසා නෛෂ්ක්‍රම්‍යසංඥාව උපදී. නෛෂ්ක්‍රම්‍යසංඥාව නිසා නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය උපදී. නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය නිසා නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දය උපදී. නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දය නිසා නෛෂ්ක්‍රම්‍යපරිදාහය උපදී. නෛෂ්ක්‍රම්‍ය පරිදාහය නිසා නෛෂ්ක්‍රම්‍යපර්‍ය්‍යෙෂණාව උපදී. නෛෂ්ක්‍රම්‍යපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් මනසින් යන තුන් කරුණින් මනා සේ පිළිපදී.
Pali BJTඅව්යාපාදධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති අව්යාපාදසඤ්ඤා -පෙ- අව්යාපාදසංකප්පො -පෙ- අව්යාපාදච්ඡන්දො -පෙ- අව්යාපාදපරිළාහො -පෙ- අව්යාපාදපරියෙසනා -පෙ- අව්යාපාදපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො සුතවා අරියසාවකො තීහි ඨානෙහි සම්මා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
Sinhala BJTමහණෙනි, අව්‍යාපාදධාතුව නිසා අව්‍යාපාදසංඥාව උපදී ... අව්‍යාපාදසංකල්පය … අව්‍යාපාදච්ඡන්‍දය … අව්‍යාපාදපරිදාහය … අව්‍යාපාදපර්‍ය්‍යෙෂණාව … මහණෙනි, අව්‍යාපාදපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් මැනවින් පිළිපදී.
Pali BJTඅවිහිංසාධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති අවිහිංසාසඤ්ඤා. අවිහිංසාසඤ්ඤං පටිච්ච උප්පජ්ජති අවිහිංසාසංකප්පො. අවිහිංසාසංකප්පං පටිච්ච උප්පජ්ජති අවිහිංසාඡන්දො. අවිහිංසාඡන්දං පටිච්ච උප්පජ්ජති අවිහිංසාපරිළාහො. අවිහිංසාපරිළාහං පටිච්ච උප්පජ්ජති අවිහිංසාපරියෙසනා. අවිහිංසාපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො සුතවා අරියසාවකො තීහි ඨානෙහි සම්මා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
Sinhala BJTමහණෙනි, අවිහිංසාධාතුව නිසා අවිහිංසාසංඥාව උපදී. අවිහිංසාසංඥාව නිසා අවිහිංසාසඞ්කල්පය උපදී. අවිහිංසාසඞ්කල්පය නිසා අවිහිංසාඡන්‍දය උපදී. අවිහිංසාඡන්‍දය නිසා අවිහිංසාපරිදාහය උපදී. අවිහිංසාපරිදාහය නිසා අවිහිංසාපර්‍ය්‍යෙෂණය උපදී. මහණෙනි, අවිහිංසාපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් මැනවින් පිළිපදී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ආදිත්තං තිණුක්කං සුක්ඛෙ තිණදායෙ නික්ඛිපෙය්ය, තමෙනං හත්ථෙහි ච පාදෙහි ච ඛිප්පමෙව නිබ්බාපෙය්ය, එවං හි භික්ඛවෙ, යෙ තිණකට්ඨනිස්සිතා පාණා, තෙ න අනයව්යසනං ආපජ්ජෙය්යුං.
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් ගිනි ගත් තණහුලක් වියලිතණලැහැබෙක බහා ලන්නේ ද, ඒ මේ තණහුළ අතින් පයින් වහා ම නිවන්නේ ද, මහණෙනි, මෙසේ තෘණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු විනාශයට නො පැමිණෙන්නාහු ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යො හි කොචි සමණො වා බ්රාහ්මණො වා උප්පන්නං විසමගතං අකුසලසඤ්ඤං ඛිප්පමෙව පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, සො දිට්ඨෙ චෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ විෂමබවට පැමිණි උපන් අකුශලසංඥාව වහා ම දුරු කෙරේ ද, බැහැර කෙරේ ද, මුලුසුන් කෙරේ ද, නැවත නො හටගන්නා බවට පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හි ද පීඩා රහිත ව ආයාස රහිත ව පරිදාහ රහිත ව සුවසේ වෙසෙයි කාබුන් මරණින් මතු ද සුගතිය කැමති විය යුතු යි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJTගිඤ්ජකාවසථසුත්තං
Sinhala BJTගිඤ්ජකාවසථ සූත්‍රය
Pali BJT237. එකං සමයං භගවා ඤාතිකෙ{1} විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT237. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගිඤ්ජකාවසථයෙහි (=ගැඩොලින් කළ ගෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති සඤ්ඤා, උප්පජ්ජති දිට්ඨි, උප්පජ්ජති විතක්කොති.
Sinhala BJTමහණෙනි, ධාතු (අධ්‍යාශය) නිසා සංඥාව උපදී, දෘෂ්ටිය උපදී, විතර්‍කය උපදී යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා කච්චානො{2} භගවන්තං එතදවොච: “යායං භන්තෙ, දිට්ඨි අසම්මාසම්බුද්ධෙසු සම්මා සම්බුද්ධාති. අයං නු ඛො භන්තෙ දිට්ඨි කිං පටිච්ච පඤ්ඤායතී”ති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: වහන්ස, සම්මාසම්බුදු නො වන්නවුන් කෙරෙහි ‘සම්මාසම්බුදුහු’ යන යම් මේ දෘෂ්ටියෙක් වේ ද, වහන්ස, මේ දෘෂ්ටිය කුමක් නිසා පැණේ දැ යි?
Pali BJTමහති ඛො එසා කච්චාන, ධාතු යදිදං අවිජ්ජාධාතු. හීනං කච්චාන, ධාතුං පටිච්ච උප්පජ්ජති හීනා සඤ්ඤා, හීනා දිට්ඨි, හීනො විතක්කො, හීනා චෙතනා, හීනා පත්ථනා, හීනො පණිධි, හීනො පුග්ගලො, හීනා වාචා. හීනං ආචික්ඛති, දෙසෙති, පඤ්ඤපෙති, පට්ඨපෙති, විවරති, විභජති, උත්තානීකරොති. හීනා තස්ස උප්පත්තීති{1} වදාමි.
Sinhala BJTකච්චාන, යම් මේ අවිද්‍යාධාතුවෙක් වේ ද, මේ ධාතුව මහත් ය කච්චාන හීනාධ්‍යාශය නිසා හීන සංඥාව උපදී. හීන දෘෂ්ටිය, හීන විතර්‍කය හීන චේතනාව, හීන ප්‍රාර්‍ත්‍ථනාව, හීන ප්‍රණිධිය, හීන පුද්ගලයා, හීන වචන උපදී, හීන වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම හීන ය යි කියමි.
Pali BJTමජ්ඣිමං කච්චාන, ධාතුං පටිච්ච උප්පජ්ජති මජ්ඣිමා සඤ්ඤා, මජ්ඣිමා දිට්ඨි, මජ්ඣිමො විතක්කො, මජ්ඣිමා චෙතනා, මජ්ඣිමා පත්ථනා, මජ්ඣිමො පණිධි, මජ්ඣිමො පුග්ගලො, මජ්ඣිමා වාචා. මජ්ඣිමං ආචික්ඛති, දෙසෙති, පඤ්ඤපෙති, පට්ඨපෙති, විවරති, විභජති, උත්තානීකරොති. මජ්ඣිමා තස්ස උප්පත්තීති වදාමි.
Sinhala BJTකච්චාන, මධ්‍යම අධ්‍යාශය නිසා මධ්‍යම සංඥාව උපදී, මධ්‍යම දෘෂ්ටිය, මධ්‍යම විතර්‍කය, මධ්‍යම චේතනාව මධ්‍යම ප්‍රාර්‍ත්‍ථනාව, මධ්‍යම ප්‍රණිධිය, මධ්‍යම පුද්ගලයා, මධ්‍යම වචන උපදී. මධ්‍යම වූවක් කියයි, දේශනා කරයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම මධ්‍යම ය යි කියමි.
Pali BJTපණීතං කච්චාන, ධාතුං පටිච්ච උප්පජ්ජති පණීතා සඤ්ඤා, පණීතා දිට්ඨි, පණීතො විතක්කො, පණීතා චෙතනා, පණීතා පත්ථනා, පණීතො පණිධි, පණීතො පුග්ගලො, පණීතා වාචා. පණීතං ආචික්ඛති, දෙසෙති, පඤ්ඤාපෙති, පට්ඨපෙති, විවරති, විභජති, උත්තානීකරොති. පණීතා තස්ස උප්පත්තීති වදාමීති.
Sinhala BJTකච්චාන ප්‍රණීතාධ්‍යාශය නිසා ප්‍රණීත සංඥාව උපදී. ප්‍රණීත දෘෂ්ටිය, ප්‍රණීත විතර්‍කය, ප්‍රණීත චේතනාව, ප්‍රණීත ප්‍රාර්‍ත්‍ථනාව, ප්‍රණීත ප්‍රණිධිය, ප්‍රණීත පුද්ගලයා, ප්‍රණීත වචන උපදී. ප්‍රණීත වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම ප්‍රණීත ය යි කියමි යි.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJTහීනාධිමුත්තික සුත්තං
Sinhala BJTහීනාධිමුත්තික සූත්‍රය
Pali BJT238. සාවත්ථියං–
Sinhala BJT238. සැවැත්නුවර–
Pali BJTධාතුසොව{2} භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත් ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTඅතීතම්පි{3} භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
Sinhala BJTමහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වුහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වුහ.
Pali BJTඅනාගතම්පි{4} භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති.
Sinhala BJTමහණෙනි, මතු කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
Pali BJTඑතරහි{5} භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTමහණෙනි, දැන් පවත්නා කල්හි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJTචඞ්කමසුත්තං
Sinhala BJTචඞ්කම සූත්‍රය
Pali BJT239. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා{1} සාරිපුත්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො මහාමොග්ගල්ලානො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො මහාකස්සපො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො අනුරුද්ධො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො පුණ්ණො මන්තානිපුත්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො උපාලි සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. දෙවදත්තොපි ඛො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති.
Sinhala BJT239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මන්තානිපුත් පුණ්ණ තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. දෙව්දත් තෙමේ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙයි.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, සාරිපුත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’ සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ මහාපඤ්ඤා.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ සැරියුත් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු මහපැණැත්තහ.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, මොග්ගල්ලානං{2} සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො{3} එතෙ භික්ඛවෙ, භික්ඛූ මහිද්ධිකා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ භික්‍ෂූන් සමග සක්මන් කරණ මුගලන් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු මහත් ඍද්ධි ඇත්තහ.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, කස්සපං{4} සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ ධුතවාදා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ කසුප් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහුධුතවාදීහු ය.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, අනුරුද්ධං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ දිබ්බචක්ඛුකා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ භික්‍ෂූන් සමග සක්මන් කරණ අනුරුද්ධ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු දිවැස් ඇත්තහ.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, පුණ්ණං මන්තානිපුත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ ධම්මකථිකා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ මන්තානීපුත් පුණ්ණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු ධර්‍මකථිකයහ.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, උපාලිං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ විනයධරා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ උපාලි දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු විනයධරයහ.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, ආනන්දං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ බහුස්සුතා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ අනඳ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු බහුශ්‍රැතයහ.
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, දෙවදත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ පාපිච්ඡා.
Sinhala BJTමහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ දෙව්දතු දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්‍ෂූහු පාපිච්ඡයහ.
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTඅතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
Sinhala BJTමහණෙනි, අතීත කාලයෙහි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එක් වූහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එක් වූහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එක් වූහ.
Pali BJTඅනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති.
Sinhala BJTමහණෙනි, මතු කාලයෙහි දු අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙන්නාහු ය, එක් වන්නාහු ය: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහු ය, එක් වන්නාහු ය. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
Pali BJTඑතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTමහණෙනි, දැන් පවත්නා කල්හි දු අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙති, එකතු වෙති: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJTසගාථසුත්තං
Sinhala BJTසගාථා සූත්‍රය
Pali BJT240. සාවත්ථියං–
Sinhala BJT240. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති: එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳෙති, එකතු වෙති: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කාලයෙහි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගූථො ගූථෙන සංසන්දති සමෙති. මුත්තං මුත්තෙන සංසන්දති සමෙති. ඛෙළො ඛෙලෙන සංසන්දති සමෙති. පුබ්බො පුබ්බෙන සංසන්දති සමෙති. ලොහිතං ලොහිතෙන සංසන්දති සමෙති. එවමෙව ඛො භික්ඛවෙ, ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති. -පෙ- අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ මල මල සමග සැසැඳේ ද, එකතු වේ ද; මූත්‍ර මූත්‍ර සමග සැසැඳේ ද, එකතු වේ ද; කෙල කෙල සමග සැසැඳේ ද, එකතු වේ ද; පූයාව පූයාව සමග සැසැඳේ ද, එකතු වේ ද; ලේ ලේ සමග සැසැඳේ ද, එකතු වේ ද; මහණෙනි, එසෙයින් ම සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති, … මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කාලයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ඛීරං ඛීරෙන සංසන්දති සමෙති. තෙලං තෙලෙන සංසන්දති සමෙති. සප්පි සප්පිනා සංසන්දති සමෙති. මධු මධුනා සංසන්දති සමෙති. ඵාණිතං ඵාණිතෙන සංසන්දති සමෙති. එවමෙව ඛො භික්ඛවෙ, ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ කිරි කිරි සමග සැසැඳේ ද, එකතු වේ ද, තෙල් තෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද; ගිතෙල් ගිතෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද, මී මී සමග සැසැඳේ ද; එකතු වේ ද, පැණි පැණි සමග සැසැඳේ ද, එකතු වේ ද, මහණෙනි, එසෙයින් ම සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
Pali BJTඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු දු මෙය වදාළ සේක:
Pali BJTසංසග්ගා වනථො ජාතො අසංසග්ගෙන ඡිජ්ජති, පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ.
Sinhala BJTඇල්මෙන් කෙලෙස්වනය හටගත්තේ ය, නො ඇල්මෙන් සිඳෙයි. කුඩා දරකඩකට නැගී (සිටියහු) මහමුහුදෙහි යම් සේ කිඳෙන්නේ ද,
Pali BJTඑවං කුසීතමාගම්ම සාධු ජීවිපි සීදති, තස්මා නං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං,
Sinhala BJTඑසෙයින් ම පිරිසුදු දිවි ඇත්තේ ද මැලි පිඟුලා වෙත පැමිණ කිඳෙයි. (පිරිහෙයි) එහෙයින් වීර්‍ය්‍ය නැති ඒ මැලි පුඟුලා දුරු කරන්නේ ය.
Pali BJTපවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි, නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහා වසෙ’ති.
Sinhala BJTප්‍රකර්‍ෂ විවේක ඇති ආර්‍ය්‍ය වූ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති පටන් ගත වීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරණසුලු පණ්ඩිතයන් සමග නිරතුරු එක් ව වෙසෙන්නේ යි.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJTඅස්සද්ධසුත්තං{1}
Sinhala BJTඅස්සද්ධ සූත්‍රය
Pali BJT241. සාවත්ථියං–
Sinhala BJT241. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි{2} සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කුසීතා කුසීතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.{*}
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTඅතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු: අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. කුසීතා කුසීතෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං සංසන්දිංසු සමිංසු. දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
Sinhala BJTමහණෙනි, අයු කල්හි දු අදහස් වශයෙන් ම සත්ත්‍වයෝ සැසැඳුනහ, එකතු වූහ: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. නූගතුන් නූගතුන් සමග සැසැඳුනහ, එකතු වූහ. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳුනහ, එකතු වූහ. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ.
Pali BJTඅනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං -පෙ- කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති.
Sinhala BJTමහණෙනි, මතු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් මැ සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ, පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග ... නූගතුන් නූගතුන් සමග ... කුසීතයෝ කුසීතයන් සමග ... මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග ... නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
Pali BJTඑතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං -පෙ- අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං -පෙ- කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග ... පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග ... නූගත්තු නූගතුන් සමග ... කුසීතයෝ කුසීතයන් සමග ... මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග ... නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: සද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හිරිමනා හිරිමනෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. බහුස්සුතා බහුස්සුතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. උගත්තු උගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තෝ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTඅතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: සද්ධා සද්ධෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
Sinhala BJTමහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් පවත්නා කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJTඅස්සද්ධමූලකතිකපඤ්චකසුත්තං
Sinhala BJTඅස්සද්ධමූලකතිකපඤ්චක සූත්‍රය
Pali BJT242. සාවත්ථියං–
Sinhala BJT242. සැවැත්නුවර–
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං [සංසන්දන්ති සමෙන්ති.] දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං [සංසන්දන්ති සමෙන්ති.] සද්ධා සද්ධෙහි සද්ධිං [සංසන්දන්ති සමෙන්ති.] හිරිමනා හිරිමනෙහි සද්ධිං [සංසන්දන්ති සමෙන්ති.] පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
Pali BJTඅතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙන්ති -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති. අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං -පෙ- අහිරිකා අහිරිකෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං -පෙ- සද්ධා සද්ධෙහි සද්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. (පඨමත්තිකං)
Sinhala BJTමහණෙනි, අයු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් සැසැඳුනහ, එකතු වූහ … මහණෙනි, මතු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග … ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … නුවණනැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තික ය යි.)
Pali BJTධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි -පෙ- අනොත්තාපිනො අනොත්තාපීහි -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි -පෙ- සද්ධා සද්ධෙහි -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං [ධාතුසොව සත්තා සංසන්දන්ති] සමෙන්ති: [අස්සද්ධං අස්සද්ධෙහි -පෙ- අනොත්තාපිනො අනොත්තාපීහි -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි -පෙ- සද්ධා සද්ධෙහි -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති, සමෙන්ති.] (දුතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග … පවටබිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පවට බියැත්තෝ පවට බිය ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
Pali BJT[ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති:] අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අප්පස්සුතා අප්පස්සුතෙහි -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි -පෙ- සද්ධා සද්ධෙහි -පෙ- බහුස්සුතා බහුස්සුතෙහි -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං -පෙ- [අස්සද්ධං අස්සද්ධෙහි -පෙ- අප්පස්සුතා අප්පස්සුතෙහි -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි -පෙ- සද්ධා සද්ධෙහි -පෙ- බහුස්සුතා බහුස්සුතෙහි -පෙ- පඤ්ඤවනෙතෙ පඤ්ඤවනෙතෙහි සද්ධිං සංසන්දන්ති] සමෙන්ති. (තතියත්තිකං)
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගතුන් නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු .... සැදැහැත්තෝ සැදැහැතියන් සමග … නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැතියෝ සැදැහැතියන් සමග …උගත්තු උගතුන් සමග … නුවණැත්තෝ නුවණැතියන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)