Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී. තං උදකං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමන්නු ඛො බහුතරං යං වා සම්භෙජ්ජ උදකං පරික්ඛීණං පරියාදින්නං. යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිකානි අවසිට්ඨානීති?
Sinhala BJTමහණෙනි, යම් සේ යම් තැනෙක මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එක් වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. දියබිඳු දෙකක් හෝ තුනක් හෝ තබා ඒ දිය ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිඳු හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං සම්භෙජ්ජ උදකං යදිදං පරික්ඛීණං පරියාදින්නං. අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානි. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, සම්භෙජ්ජ උදකං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ ගඞ්ගා එක් වූ තැන වූ දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 5.
Sinhala BJT1. 10. 5.
Pali BJTපඨවීසුත්තං
Sinhala BJTපඨවි සූත්‍රය
Pali BJT218. සාවත්ථියං–
Sinhala BJT218. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහාපඨවියා සත්තකොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමං නු ඛො බහුතරං යා වා සත්තකොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තා යා වා මහාපඨවීති?
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් මහපොළොවෙන් ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ගෙණ තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, කිමෙක් ඉතා බොහෝ ද, ගෙණ තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ යම් මහපොළොව හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී. අප්පමත්තිකා සත්තකොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, මහාපඨවිං උපනිධාය සත්තකොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තාති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, යම් මහපොළොව වේ ද, මෙය ම ඉතා බොහෝ ය. තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටි ගුළි ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී තබන ලද ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 6.
Sinhala BJT1. 10. 6.
Pali BJTදුතියපඨවීසුත්තං
Sinhala BJTදෙවන පඨවි සූත්‍රය
Pali BJT219. සාවත්ථියං–
Sinhala BJT219. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාපඨවි පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා සත්තකොලට්ඨිමත්තියො ගුළිකා. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො බහුතරං යං වා මහාපඨවියා පරික්ඛීණං පරියාදිණ්ණං, යා වා සත්තකොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨාති?
Sinhala BJTමහණෙනි, යම් සේ ඩෙබර ඇට සතක් පමණ මැටිගුළි තිබිය දී මහපොළොව ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මහපොළොවෙහි යම් ගෙවුනු අවසන් වූ කොටස හෝ ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ යම් මැටිගුළි හෝ දැයි?
Pali BJTඑතදෙව භන්තෙ බහුතරං මහාපඨවියා යදිදං පරික්ඛීණං පරියාදින්නං. අප්පමත්තිකා සත්තකොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, මහාපඨවියා පරික්ඛීණං පරියාදිණ්ණං උපනිධාය සත්තකොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, මහපොළොවෙහි ගෙවුනු අවසන් වූ යම් කොටසෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ ඩෙබර ඇට සතක් පමණ වූ මැටිගුළි ඉතා මඳ ය. මහාපොළොවෙහි ක්‍ෂය වූ අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට සතක් පමණ වූ මැටිගුළි සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 7.
Sinhala BJT1. 10. 7.
Pali BJTසමුද්දසුත්තං
Sinhala BJTසමුද්ද සූත්‍රය
Pali BJT220. සාවත්ථියං–
Sinhala BJT220. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහාසමුද්දතො{1} ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උද්ධරෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි, යං වා මහාසමුද්දෙ උදකන්ති?
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් මහසමුදුරෙන් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ නගා ලන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, නගන ලද යම් දියබිඳු දෙක හෝ තුන හෝ ද, මහසමුදුරෙහි යම් දිය හෝ දැයි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාසමුද්දෙ උදකං. අප්පමත්තාකනි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති. මහාසමුද්දෙ උදකං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානීති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, යම් මේ මහසමුදුරෙහි දිය වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා මඳ ය. මහසමුදුරෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දියබිඳු දෙක හෝ තුන හෝ සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම … දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 8.
Sinhala BJT1. 10. 8.
Pali BJTදුතිය සමුද්දසුත්තං
Sinhala BJTදෙවන සමුද්ද සූත්‍රය
Pali BJT221. සාවත්ථියං–
Sinhala BJT221. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාසමුද්දෙ උදකං පරික්ඛීණං පරියාදින්නං, යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති?
Sinhala BJTමහණෙනි,යම් සේ දියබිඳු දෙකක් හෝ තුනක් තිබිය දි මහමුහුද ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා වැඩි ද, මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ යම් දිය හෝ ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ යම් දියබිදඳු හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං මහාසමුද්දෙ උදකං යදිදං පරික්ඛීණං පරියාදින්නං. අප්පමත්තානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානි. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, මහාසමුද්දෙ උදකං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ අවසන් වූ දිය හා සැසදීමේහි දී ඉතිරි වූ දෙකෙක් හෝ තුනෙක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදන්නේ වේ යි.
Pali BJT1. 10. 9.
Sinhala BJT1. 10. 9.
Pali BJTපබ්බතූපමසුත්තං
Sinhala BJTපබ්බතුපම සූත්‍රය
Pali BJT222. සාවත්ථියං–
Sinhala BJT222. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො හිමවතො පබ්බතරාජස්ස සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිංමඤ්ඤථ භික්ඛවෙ කතමන්නුඛො බහුතරං යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා, යො වා හිමවා පබ්බතරාජාති.
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් හිමවත් පවුරජුගේ අබඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉතා බොහෝ ද, පසෙක තබන ලද අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් හිමවත් පවුරජ හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං යදිදං හිමවා පබ්බතරාජා. අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තාති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමේ දී පසෙක තබන ලද අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම දහම් ඇස පිළිලැබීම මහාදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 10.
Sinhala BJT1. 10. 10.
Pali BJTදුතිය පබ්බතූපමසුත්තං
Sinhala BJTදෙවන පබ්බතුපම සූත්‍රය
Pali BJT223. සාවත්ථියං–
Sinhala BJT223. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, හිමවා පබ්බතරාජා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමන්නුඛො බහුතරං, යං වා හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං, යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති?
Sinhala BJTමහණෙනි, යම් සේ අබැට සතක් පමණ වූ ගල්කැට තිබිය දී හිමවත් පවුරජ ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිහු ද, කිමෙක් ඉතා වැඩි ද, හිමවත් පවුරජුගේ යම් ක්‍ෂය වූ අවසන් වූ කොටස හෝ ඉතිරි වූ අබැට සතක් පමණ වූ යම් ගල්කැට හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං හිමවතො පබ්බතරාජස්ස යදිදං පරික්ඛීණං පරියාදින්නං. අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං උපනිධාය සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති.
Sinhala BJTවහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්‍ෂය වූ අවසන් වූ කොටසෙක් වේ ද, මෙය ම ඉතා වැඩි ය. ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්‍ෂය වූ, අවසන් වූ කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ අබැට සතක් පමණ වූ ගල්කැට සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුං පරමතා. එවං මහත්ථියො ඛො භික්ඛවෙ ධම්මාභිසමයො, එවං මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම දහම් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයාගේ ක්‍ෂය වූ අවසන් වූ යම් මේ දුකෙක් වේ ද, එය ම ඉතා වැඩි ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්‍ෂය වූ අවසන් වූ පළමු දුක් රැස හා සැසඳීමේ දී සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ නම් එය සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්‍මාවබෝධය එසේ මහත් වැඩ ඇත්තෙකි. දහම් ඇස පිළිලැබීම එසේ මහත් වැඩ ඇත්තෙකි යි.
Pali BJT1. 10. 11.
Sinhala BJT1. 10. 11.
Pali BJTතතියපබ්බතූපමසුත්තං
Sinhala BJTතෙවන පබ්බතුපම සූත්‍රය
Pali BJT224. සාවත්ථියං–
Sinhala BJT224. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො සිනෙරුස්ස පබ්බතරාජස්ස සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමං නු ඛො බහුතරං යා වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා, යො වා සිනෙරු පබ්බතරාජාති.
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් සිනේරු පවුරජුගේ මුංඇට සතක් පමණ වූ ගල්කැට පසෙක තබන්නේ ද, මහණෙනි, ඒ කිමැයි, හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ යම් ගල්කැට හෝ යම් සිනේරු පවුරජ හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං යදිදං සිනෙරු පබ්බතරාජා. අප්පමත්තිකා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, සිනෙරුං පබ්බතරාජානං උපනිධාය සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තාති.
Sinhala BJTවහන්ස, යම් මේ සිනේරු පවුරජෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. පසෙක තබන ලද මුංඇට සතක් පමණ වූ ගල්කැට ඉමඳ ය. සිනේරු පවුරජු හා සැසඳීමේ දී පසෙක තබනලද මුංඇට සතක් පමණ වූ ගල්කැට සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අධිගමං උපනිධාය අඤ්ඤතිත්ථියසමණබ්රාහ්මණපරිබ්බාජකානං අධිගමො නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති. එවං මහාධිගමො භික්ඛවෙ දිට්ඨිසම්පන්නො පුග්ගලො එවං මහාභිඤ්ඤොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයාගේ අධිගමය හා සැසඳීමේ දී අන්තොටු මහණ බමුණු පිරිවැජ්ජන්ගේ අධිගමය සිය වන කලාවටත් නො ම පැමිණෙයි. දහස් වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙයි. මහණෙනි, දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ එසේ මහත් අධිගම ඇත්තෙකි. එසේ මහත් අභිඥා ඇත්තෙකි යි.
Pali BJTඅභිසමයවග්ගො දසමො.
Sinhala BJTඅභිසමයවර්‍ගය දසවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනඛසිඛා පොක්ඛරණී චෙව සම්භෙජ්ජ උදකෙ දුවෙ, ද්වෙ පඨවී ද්වෙ සමුද්දා තයො ච පබ්බතූපමාති.
Sinhala BJTනඛසිඛා පොක්ඛරණී සූත්‍ර දෙක ය, සම්භෙජ්ජ උදක සූත්‍ර දෙක ය, පඨවි සූත්‍ර දෙක ය, සමුද්ද සූත්‍ර දෙක ය, පබ්බතූපම සූත්‍ර තුණ යැ යි සූත්‍ර එකොළොසෙකි යි.
Pali BJTඅභිසමය සංයුත්තං සමත්තං.
Sinhala BJTඅභිසමයසංයුත්තය නිමියේ ය.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTබුද්ධො ආහාරො දසබලො කළාරො ගහපති පඤ්චමො, දුක්ඛවග්ගො මහාවග්ගො අට්ඨමො සමණබ්රාහ්මණො, නවමො’න්තරපෙය්යාලො දසමො’භිසමයො භවෙති.
Sinhala BJTබුද්ධ , ආහාර, දසබල, කළාරඛත්තිය යි වර්‍ග සතරෙකි. ගහපතිවර්‍ගය පස්වැන්න ය. දුක්ඛවර්‍ගය, මහාවර්‍ගය යි දෙකෙකි. සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැන්න ය. අන්තර පෙය්‍යාලවර්‍ගය නවවැන්න ය. අභිසමයවර්‍ගය දසවැන්න වෙ යි.
Pali BJT2. ධාතුසංයුත්තං
Sinhala BJT2. ධාතු සංයුත්තය
Pali BJT1. නානත්තවග්ගො
Sinhala BJT1. නානත්ත වර්‍ගය
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJTධාතුනානත්තසුත්තං
Sinhala BJTධාතුනානත්ත සූත්‍රය
Pali BJT225. සාවත්ථියං–
Sinhala BJT225. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං වො භික්ඛවෙ දෙසිස්සාමි,{1} තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච.
Sinhala BJTමහණෙනි, තොපට ධාතුනානාත්‍වය දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි යි ඒ භික්‍ෂූහු “වහන්ස එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ධාතුනානත්තං? චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. ඉදං වුච්චති භික්ඛවෙ ධාතුනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කිමෙක යත්: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජීව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ යි.
Pali BJT2. 1. 2.
Sinhala BJT2. 1. 2.
Pali BJTඵස්සනානත්තසුත්තං
Sinhala BJTඵස්සනානත්ත සූත්‍රය
Pali BJT226. සාවත්ථියං–
Sinhala BJT226. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. කතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? චක්ඛුධාතු සොතධාතු ඝානධාතු ජිව්හාධාතු කායධාතු මනොධාතු. ඉදං වුච්චති භික්ඛවෙ ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය, සෝතධාතු ය, ඝානධාතු ය, ජිව්හාධාතු ය, කායධාතු ය, මනෝධාතු ය යි. මහණෙනි, මෙය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච{2} භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං? චක්ඛුධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සො. සොතධාතුං පටිච්ච උප්පජ්ජති සොතසම්ඵස්සො, ඝාණධාතුං පටිච්ච උප්පජ්ජති ඝානසම්ඵස්සො, ජිව්හාධාතුං පටිච්ච උප්පජ්ජති ජිව්හාසම්ඵස්සො, කායධාතුං පටිච්ච උප්පජ්ජති කායසම්ඵස්සො, මනොධාතුං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සො. එවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. සෝතධාතුව නිසා සෝතසම්ඵස්සය උපදී. ඝාණධාතුව නිසා ඝාණසම්ඵස්සය උපදී. ජිව්හාධාතුව නිසා ජිව්හාසම්ඵස්සය උපදී. කායධාතුව නිසා කායසම්ඵස්සය උපදී. මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මහණෙනි, මෙසෙයින් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී යි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJTනො ඵස්සනානත්තසුත්තං
Sinhala BJTනො ඵස්සනානත්ත සූත්‍රය
Pali BJT227. සාවත්ථියං–
Sinhala BJT227. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? චක්ඛුධාතු -පෙ- මනොධාතු. ඉදං වුච්චති භික්ඛවෙ ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේද යත්: චක්ඛුධාතු ය ... මනෝධාතු ය යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං? චක්ඛුධාතුං භික්ඛවෙ පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සො, නො චක්ඛුසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති චක්ඛුධාතු -පෙ- මනොධාතුං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සො. නො මනොසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොධාතු. එවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝ ධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
Pali BJT2. 1. 4.
Sinhala BJT2. 1. 4.
Pali BJTවෙදනානානත්තසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT228. සාවත්ථියං–
Sinhala BJT228. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? චක්ඛුධාතු -පෙ- මනොධාතු ඉදං වුච්චති භික්ඛවෙ ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං? චක්ඛුධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සො. චක්ඛුසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සජා වෙදනා -පෙ- මනොධාතුං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සො. මනොසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සජා වෙදනා. එවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා උපදී. මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී යි.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJTනොවෙදනානානත්තසුත්තං
Sinhala BJTනොවේදනා සූත්‍රය
Pali BJT229. සාවත්ථියං–
Sinhala BJT229. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං, නො වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වයක් උපදී. වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? චක්ඛුධාතු -පෙ- මනොධාතු. ඉදං වුච්චති භික්ඛවෙ ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: චක්ඛුධාතු ය … මනෝ ධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං, නො වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං? චක්ඛුධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සො, චක්ඛුසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සජා වෙදනා. නො චක්ඛුසම්ඵස්සජං වෙදනං පටිච්ච උප්පජ්ජති චක්ඛුසම්ඵස්සො. නො චක්ඛුසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති චක්ඛුධාතු -පෙ- මනොධාතුං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සො. මනොසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සොජාවෙදනා. නො මනොසම්ඵස්සජං වෙදනං පටිච්ච උප්පජ්ජති මනොසම්ඵස්සො. නො මනොසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොධාතු.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී ද? ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී ද? වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී ද?. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය උපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදි. චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය නූපදී. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව නූපදී … මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය උපදී. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා මනෝසම්ඵස්සය නූපදී. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව නූපදී.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානානත්තං. නො වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං. නො ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය නූපදී. ඵස්සනානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJTබාහිරධාතුනානත්තසුත්තං
Sinhala BJTබාහිරධාතුනානත්ත සූත්‍රය
Pali BJT230. සාවත්ථියං–
Sinhala BJT230. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං ඛො භික්ඛවෙ, දෙසෙස්සාමි. තං සුණාථ -පෙ- භාසිස්සාමි. කතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? රූපධාතු සද්දධාතු ගන්ධධාතු රසධාතු ඵොට්ඨබ්බධාතු ධම්මධාතු. ඉදං වුච්චති භික්ඛවෙ, ධාතුනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, තොපට ධාතුනානාත්‍වය දේශනා කරන්නෙමි. එය අසවු දේශනා කරන්නෙමි. මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය, සද්දධාතු ය, ගන්‍ධධාතු ය, රසධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, ධම්මධාතු යි. මහණෙනි, මෙය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJTපරියෙසනානත්තසුත්තං
Sinhala BJTපරියෙසනානානත්ත සූත්‍රය
Pali BJT231. සාවත්ථියං–
Sinhala BJT231. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං. සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං, පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී. සංකල්පනානාත්‍වය නිස ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං? රූපධාතු -පෙ- ධම්මධාතු. ඉදං වුච්චති භික්ඛවෙ ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය, ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං, සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං, ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං, පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී ද, සංකල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී ද, ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානත්‍වය උපදී ද, පරිදාහනානත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී ද?
Pali BJTරූපධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති රූපසඤ්ඤා. රූපසඤ්ඤං පටිච්ච උප්පජ්ජති රූපසංකප්පො. රූපසංකප්පං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දො. රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූපපරිළාහො. රූපපරිළාහං පටිච්ච උප්පජ්ජති රූපපරියෙසනා [සද්දධාතුං භික්ඛවෙ, පටිච්ච] -පෙ- ධම්මධාතුං පටිච්ච උප්පජ්ජති ධම්මසඤ්ඤා. ධම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ධම්මසංකප්පො. ධම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති ධම්මච්ඡන්දො. ධම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහො. ධම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති ධම්මපරියෙසනා.
Sinhala BJTමහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී. රූපසංඥාව නිසා රූපසංකල්පය උපදී. රූපසංකල්පය නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිදාහය උපදී. රූපපරිදාහය නිසා රූපපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධර්‍මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මසඞ්කල්පය උපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මච්ඡන්‍දය උපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මපරිදාහය උපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානත්‍වය උපදී. පරිදාහනානත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී යි.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJTනොපරියෙසනානානත්තසුත්තං
Sinhala BJTනො පරියෙසනානානත්ත සූත්‍රය
Pali BJT232. සාවත්ථියං–
Sinhala BJT232. සැවැත්නුවර–
Pali BJTධාතුනානත්තං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං. නො පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. නො පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. නො ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. නො සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. නො සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ ධාතුනානත්තං? රූපධාතු -පෙ- ධම්මධාතු. ඉදං වුච්චති භික්ඛවෙ, ධාතුනානත්තං.
Sinhala BJTමහණෙනි, ධාතුනානාත්‍වය කවරේද යත්: රූපධාතු… ධර්‍මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති -පෙ- පරියෙසනානානත්තං, නො පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. නො පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං, නො ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං, නො සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, නො සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තං?
Sinhala BJTමහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී ද, පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී ද, පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී ද, ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී ද, සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී ද, සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද?
Pali BJTරූපධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති රූපසඤ්ඤා. රූපසඤ්ඤං පටිච්ච උප්පජ්ජති රූපසංකප්පො. රූපසංකප්පං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දො. රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූපපරිළාහො. රූපපරිළාහං පටිච්ච උප්පජ්ජති රූපපරියෙසනා. නො රූපපරියෙසනං පටිච්ච උප්පජ්ජති රූපපරිළාහො. නො රූපපරිළාහං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දො. නො රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූපසංකප්පො. නො රූපසංකප්පං පටිච්ච උප්පජ්ජති රූපසඤ්ඤා. නො රූපසඤ්ඤං පටිච්ච උප්පජ්ජති රූපධාතු.
Sinhala BJTමහණෙනි, රූපධාතුව නිසා රූපසඤ්ඤාව උපදී. රූපසඤ්ඤාව නිසා රූපසඞ්කප්පය උපදී. රූපසඞ්කප්පය නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිළාභය උපදී. රූපපරිළාභය නිසා රූපපරියේසනාව උපදී. රූපපරියේසනාව නිසා රූපපරිළාභය නූපදී. රූපපරිළාභය නිසා රූපච්ඡන්‍දය නූපදී. රූපච්ඡන්‍දය නිසා රූපසඞ්කප්පය නූපදී. රූපසඞ්කප්පය නිසා රූපසඤ්ඤාව නූපදී. රූපසඤ්ඤාව නිසා රූපධාතුව නූපදී.
Pali BJTසද්දධාතුං භික්ඛවෙ, පටිච්ච -පෙ- ධම්මධාතුං භික්ඛවෙ පටිච්ච උප්පජ්ජති ධම්මසඤ්ඤා. ධම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ධම්මසංකප්පො. ධම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති ධම්මච්ඡන්දො. ධම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහො. නො ධම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති ධම්මපරියෙසනා. නො ධම්මපරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහො. නො ධම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති ධම්මච්ඡන්දො. නො ධම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ධම්මසංකප්පො. නො ධම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති ධම්මසඤ්ඤා. නො ධම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ධම්මධාතු.
Sinhala BJTමහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධම්මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මසඞ්කල්පය උපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මච්ඡන්‍දය උපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මපරිදාහය උපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මපරිදාහය නූපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මච්ඡන්‍දය නූපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මසඞ්කල්පය නූපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මසංඥාව නූපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මධාතුව නූපදී.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. සඤ්ඤානානත්තං පටිච්ච -පෙ- උප්පජ්ජති පරියෙසනානානත්තං. නො පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං. නො පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං. නො ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං. නො සංකප්පනානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං. නො සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති ධාතුනානත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා … පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJTලාභනානත්තසුත්තං
Sinhala BJTලාභනානත්ත සූත්‍රය
Pali BJT233. සාවත්ථියං–
Sinhala BJT233. සැවැත්නුවර–