Pali BJT83. ජාතිං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT83. මහණෙනි, ජාතිය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 3.
Sinhala BJT1. 9. 1. 3.
Pali BJTභවසුත්තං
Sinhala BJTභව සූත්‍රය
Pali BJT84. භවං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT84. මහණෙනි, භවය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 4.
Sinhala BJT1. 9. 1. 4.
Pali BJTඋපාදානසුත්තං
Sinhala BJTඋපාදාන සූත්‍රය
Pali BJT85. උපාදානං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT85. මහණෙනි, උපාදාන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 5.
Sinhala BJT1. 9. 1. 5.
Pali BJTතණ්හාසුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT86. තණ්හං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT86. මහණෙනි, තණ්හාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 6.
Sinhala BJT1. 9. 1. 6.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT87. තණ්හං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT87. මහණෙනි, වේදනාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 7.
Sinhala BJT1. 9. 1. 7.
Pali BJTඵස්සසුත්තං
Sinhala BJTඵස්ස සූත්‍රය
Pali BJT88. ඵස්සං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT88. මහණෙනි, ඵස්සය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 8.
Sinhala BJT1. 9. 1. 8.
Pali BJTසළායතනසුත්තං
Sinhala BJTසළායතන සූත්‍රය
Pali BJT89. සළායතනං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT89. මහණෙනි, සළායතන තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 9.
Sinhala BJT1. 9. 1. 9.
Pali BJTනාමරූපසුත්තං
Sinhala BJTනාමරූප සූත්‍රය
Pali BJT90. නාමරූපං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT90. මහණෙනි, නාමරූප තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 10.
Sinhala BJT1. 9. 1. 10.
Pali BJTවිඤ්ඤාණසුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT91. විඤ්ඤාණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං -පෙ- [යථාභූතංඤාණාය] සත්ථා පරියෙසිතබ්බාති.
Sinhala BJT91. මහණෙනි, විඤ්ඤාණය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ... තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT1. 9. 1. 11.
Sinhala BJT1. 9. 1. 11.
Pali BJTසඞ්ඛාරසුත්තං
Sinhala BJTසඞ්ඛාර සූත්‍රය
Pali BJT92. සඞ්ඛාරෙ භික්ඛවෙ, අජානතා අපස්සතා යථාභූතං සංඛාරෙසු යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බො. සංඛාරසමුදයං අජානතා අපස්සතා යථාභූතං සඞ්ඛාරසමුදයෙ යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බො. සඞ්ඛාරනිරොධං අජානතා අපස්සතා යථාභූතං සඞ්ඛාරනිරොධෙ යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බො. සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අජානතා අපස්සතා යථාභූතං සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බොති.
Sinhala BJT92. මහණෙනි, සංස්කාරයන් තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරයන්හි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාරසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාර නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් සංස්කාරනිරෝධාගමිනී ප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT(සබ්බෙසං චතුසච්චිකං කාතබ්බං)
Sinhala BJT(සියල්ල චතුස්සත්‍යයෙන් යුක්ත කට යුතු යි.)
Pali BJT2. සික්ඛාවග්ගො
Sinhala BJT2. සික්ඛා වර්‍ගය
Pali BJT1. 9. 2. 1-11.
Sinhala BJT1. 9. 2. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT93-103. ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය සික්ඛා කරණීයාති. ( පෙය්යාලො. )
Sinhala BJT93-103. මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නාහු විසින් නො දක්නාහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (ත්‍රිවිධ) ශික්‍ෂාව කට යුතු යි. (පෙය්‍යාල යි.)
Pali BJT(චතුසච්චිකං කාතබ්බං)
Sinhala BJT(චතුස්සත්‍යයෙන් යුක්ත කට යුතු යි.)
Pali BJT3. යොගවග්ගො
Sinhala BJT3. යෝග වර්‍ගය
Pali BJT1. 9. 3. 1-11.
Sinhala BJT1. 9. 3. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT104-114 [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය ] යොගො කරණීයොති.
Sinhala BJT104-114. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] යෙදීම කට යුතු යි.
Pali BJT4. ඡන්දවග්ගො
Sinhala BJT4. ඡන්‍ද වර්‍ගය
Pali BJT1. 9. 4. 1-11.
Sinhala BJT1. 9. 4. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT115-125. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] ඡන්දො කරණීයොති.
Sinhala BJT115-125. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය කට යුතු යි.
Pali BJT5. උස්සොළභිවග්ගො
Sinhala BJT5. උස්සෝළහි වර්‍ගය
Pali BJT1. 9. 5. 1-11.
Sinhala BJT1. 9. 5. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT126-136. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] උස්සොළ්හී කරණීයාති.
Sinhala BJT126-136. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] අධිමාත්‍ර වීර්‍ය්‍යය කට යුතු යි.
Pali BJT6. අප්පටිවානීවග්ගො
Sinhala BJT6. අප්පටිවානි වර්‍ගය
Pali BJT1. 9. 6. 1-11.
Sinhala BJT1. 9. 6. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT137-147. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] අප්පටිවානී කරණීයාති.
Sinhala BJT137-147. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] නො පසු බස්නා වීර්‍ය්‍යය කට යුතු යි.
Pali BJT7. ආතප්පවග්ගො
Sinhala BJT7. ආතප්ප වර්‍ගය
Pali BJT1. 9. 7. 1-11.
Sinhala BJT1. 9. 7. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT148-158. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] ආතප්පං කරණීයන්ති.
Sinhala BJT148-158. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස] කෙලෙස් තවන වීර්‍ය්‍යය කට යුතු යි.
Pali BJT8. විරියවග්ගො
Sinhala BJT8. විරිය වර්‍ගය
Pali BJT1. 9. 8. 1-11.
Sinhala BJT1. 9. 8. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT159-169. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] විරියං කරණීයන්ති.
Sinhala BJT159-169. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] වීර්‍ය්‍යය කට යුතු යි.1.9.9. 1-11
Pali BJT9. සාතච්චවග්ගො
Sinhala BJT9. සාතච්ච වර්‍ගය
Pali BJT1. 9. 9. 1-11.
Sinhala BJT1. 9. 9. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT170-180. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] සාතච්චං කරණීයන්ති.
Sinhala BJT170-180. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] සත්තක්‍රියා කට යුතු යි.
Pali BJT10. සතිවග්ගො
Sinhala BJT10. සති වර්‍ගය
Pali BJT1. 9. 10. 1-11.
Sinhala BJT1. 9. 10. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT181-191. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] සති කරණීයාති.
Sinhala BJT181-191. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්‍යපරිග්‍රාහක) සිහිය කට යුතු යි.
Pali BJT11. සම්පජඤ්ඤවග්ගො
Sinhala BJT11. සම්පජඤ්ඤ වර්‍ගය
Pali BJT1. 9. 11. 1-11.
Sinhala BJT1. 9. 11. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT192-202. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] සම්පජඤ්ඤං කරණීයන්ති.
Sinhala BJT192-202. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (චතුස්සත්‍යපරිග්‍රාහක) ඥානය කට යුතු යි.1.9.12. 1-11
Pali BJT12. අප්පමාදවග්ගො
Sinhala BJT12. අප්පමාද වර්‍ගය
Pali BJT1. 9. 12. 1-11.
Sinhala BJT1. 9. 12. 1-11.
Pali BJTජරාමරණාදීසුත්තානි
Sinhala BJTජරාමරණාදි සූත්‍ර
Pali BJT203-213. [ජරාමරණං භික්ඛවෙ අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය] අප්පමාදො කරණීයොති.
Sinhala BJT203-213. [මහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස ] (සත්‍යභාවනායෙහි) අප්‍රමාදය කට යුතු යි.
Pali BJTඅන්තරපෙය්යාලො නවමො.
Sinhala BJTඅන්තර පෙය්‍යාල නව වැනි යි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ග නාමාවලිය:
Pali BJTසත්ථා සික්ඛා ච යොගො ච ඡන්දො උස්සොළ්හි පඤ්චමී, අප්පටිවානි ආතප්පං විරියං සාතච්චමුච්චති. සති ච සම්පජඤ්ඤඤ්ච අප්පමාදෙන ද්වාදසාති.{*}
Sinhala BJTසත්‍ථු, සික්ඛා, යෝග, ඡන්‍ද, උස්සේළහී, අප්පටිවනී, ආතප්ප, විරිය, සාතච්ච, සති, සම්පජඤ්ඤ, අප්පමාද යි (පෙය්‍යාල වර්‍ග) දොළසකි යි.{*}
Pali BJTසුත්තන්තා අන්තරපෙය්යාලා නිට්ඨිතා.
Sinhala BJTඅන්තරපෙය්‍යාල සුත්‍රාන්තයෝ නිමියහ.
Pali BJTවග්ගා තෙ ද්වාදස හොන්ති සුත්තා ද්වත්තිංස සතානි ච, චතුසච්චෙන තෙ වුත්තා පෙය්යාලෙ අන්තරම්හි යෙති
Sinhala BJTඔහු වර්‍ග දොළසකි. සූත්‍ර එක්සිය දෙතිසෙක් වේ. අන්තර පෙය්‍යාලයෙහි යම් සූත්‍රයෝ වෙද්ද, ඔහු චතුස්සත්‍ය විභාගයෙන් කියන ලදහ යි.
Pali BJT10. අභිසමයවග්ගො
Sinhala BJT10 අභිසමය වර්‍ගය
Pali BJT1. 10. 1.
Sinhala BJT1. 10. 1.
Pali BJTනඛසිඛාසුත්තං
Sinhala BJTනඛසිඛා සූත්‍රය
Pali BJT214. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: තඞ්කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමන්නු ඛො බහුතරං යො වායං මයා{1} පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවීති?
Sinhala BJT214. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බුඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, මා විසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බුඳ හෝ මේ මහපොළොව හෝ දැ?යි.
Pali BJTඑතදෙව භන්තෙ බහුතරං යදිදං මහාපඨවි, අප්පමත්තකො නඛසිඛායං භගවතා පරිත්තො පංසු ආරොපිතො. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති.
Sinhala BJTවහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය ම ඉබොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බුඳ ඉමඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිසසිළෙහි නගන ලද පස්බුඳ සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුං පරමතා.{2}
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම සිවුසස් අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයා විසින් යම් මේ දුකෙක් ක්‍ෂය කරණ ලද ද, අවසන් කරණ ලද ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම හිම් කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසඳීමෙහි දී සිය වන කලාවටත් නො ම පැමිණේ. දහස් වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණෙ යි.
Pali BJTඑවං මහත්ථියො ඛො භික්ඛවෙ ධම්මාභිසමයො, එවං මහත්ථියො{3} ධම්මචක්ඛු පටිලාභොති.
Sinhala BJTමහණෙනි, ධර්‍මාවබෝධය මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ ය, දහම් ඇස (සෝවන්පෙල) පිළිලැබීම මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 2.
Sinhala BJT1. 10. 2.
Pali BJTපොක්ඛරණීසුත්තං
Sinhala BJTපොක්ඛරණී සූත්‍රය
Pali BJT215. සාවත්ථියං–
Sinhala BJT215. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පොක්ඛරණී පඤ්ඤාසයොජනානි ආයාමෙන පඤ්ඤාසයොජනානි විත්ථාරෙන පඤ්ඤාසයොජනානි උබ්බෙධෙන පුණ්ණා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. තතො පුරිසො කුසග්ගෙන උදකං උද්ධරෙය්ය, තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමන්නුඛො බහුතරං යං වා කුසග්ගෙන උදකං උබ්භතං, යං වා පොක්ඛරණියා උදකන්ති?
Sinhala BJTමහණෙනි, යම් සේ අයමින් පණස්යොදනක් ඇති විතරින් පණස් යොදනක් ඇති ගැඹරින් පණස්යොදනක් ඇති දියෙන් පිරුණු මුවවට සම වූ කවුඩන් විසින් පිය හැකි පොකුණක් වේ ද, පුරුෂයෙක් තෙමේ ඒ පොකුණෙන් කුසතණ අගින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, කිමෙක් ඉබොහෝ ද, කුසතණඅඟින් නගන ලද යම් දියෙක් හෝ පොකුණෙහි වූ යම් දියෙක් හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ බහුතරං යදිදං පොක්ඛරණියා උදකං. අප්පමත්තං කුසග්ගෙන උදකං උබ්භතං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පොක්ඛරණියා උදකං උපනිධාය කුසග්ගෙන උදකං උබ්භතන්ති.
Sinhala BJTවහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං. නෙව සතිමං කලං උපෙති, න සහස්සිමං කලං උපෙති, න සතසහස්සිමං කලං උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුං පරමතා. එවං මහත්ථියො ඛො භික්ඛවෙ, ධම්මාභිසමයො, එවං මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම ධර්‍මය අවබෝධ කළ දෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගලයා විසින් ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද යම් මේ දුකෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ දුක ඉමඳ ය. සත්වරක් ඉපදීම පරම කොට ඇති යම් මේ දුකෙක් වේ ද, එය ක්‍ෂය කරණ ලද අවසන් කරණ ලද පළමු දුක්රැස හා සැසදීමේ දී සියවැනි කලාවටත් නො ම පැමිණෙයි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, ධර්‍මාවබෝධය මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ ය. දහම්ඇස පිළිලැබීම මෙසේ මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 3.
Sinhala BJT1. 10. 3.
Pali BJTසම්භෙජ්ජඋදකසුත්තං
Sinhala BJTසම්භෙජ්ජඋදක සූත්‍රය
Pali BJT216. සාවත්ථියං–
Sinhala BJT216. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී. තතො පුරිසො ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උද්ධරෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ කතමන්නු ඛො බහුතරං යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි, යං වා සම්භෙජ්ජ උදකන්ති?
Sinhala BJTමහණෙනි, යම් සේ යම් තැනෙක්හි මේ මහානදීහු එක් ව ගලා බසිද්ද, එකට මුසු වෙද්ද, ඒ කවර නදීහු ද යත්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මොහු යි. පුරුෂයෙක් තෙමේ එයින් දෙකක් හෝ තුණක් හෝ දියබිඳු නගන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගීවු ද, කිමෙක් ඉබොහෝ ද,නගන ලද යම් දියබිඳු දෙක තුන හෝ ගඞ්ගා එක් වූ තැන යම් දියෙක් හෝ දැ යි?
Pali BJTඑතදෙව භන්තෙ, බහුතරං යදිදං සම්භෙජ්ජ උදකං. අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි. නෙව සතිමං කලං උපෙන්ති, න සහස්සිමං කලං උපෙන්ති, න සතසහස්සිමං කලං උපෙන්ති, සම්භෙජ්ජඋදකං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානීති. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- මහත්ථියො ධම්මචක්ඛුපටිලාභොති.
Sinhala BJTවහන්ස, ගඞ්ගා එක් වූ තැන යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉතා බොහෝ ය. නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු ඉතා මඳ ය. ගඞ්ගා එක් වූ තැන දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙකක් හෝ තුණක් හෝ වූ දියබිඳු සියවන කලාවටත් නො ම පැමිණේ. දහස්වන කලාවටත් නො ම පැමිණේ. සියදහස් වන කලාවටත් නො ම පැමිණේ. මහණෙනි, එසෙයින් ම ... දහම් ඇස පිළිලැබීම මහදර්‍ත්‍ථයක් නිපදවන්නේ වේ යි.
Pali BJT1. 10. 4.
Sinhala BJT1. 10 .4.
Pali BJTදුතියසම්භෙජ්ජඋදකසුත්තං
Sinhala BJTදෙවන සම්භෙජ්ජඋදක සූත්‍රය
Pali BJT217. සාවත්ථියං–
Sinhala BJT217. සැවැත්නුවර–