Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 15088

SegmentPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය ඤාතිමජ්ඣෙ විරොචතීති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් නෑයන් මැද වෙසෙසින් බබලයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති.{2}
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සත්ත්‍වයෝ සුගතියට යෙත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතන්ති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සත්ත්‍වයෝ බොහෝකල් සුව සේ සිටිත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච: කස්ස නු ඛො භගවා{3} සුභාසිතන්ති.
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද්දේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසබ්බාසං වො සුභාසිතං පරියායෙන. අපි ච මමාපි{4} සුණාථ:
Sinhala BJTතොප සියල්ලන් විසින් කරුණු වශයෙන් මැනවින් කියන ලදී. වැලි දු මගේ (වචනය) ද අසවු:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චතීති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තා දෙවතායො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසූති.{5}
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වූහ යි.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJTමච්ඡරිසුත්තං
Sinhala BJTමච්ඡරී සූත්‍රය
Pali BJT32. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT32. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
Pali BJTමච්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති, පුඤ්ඤමාකඞ්ඛමානෙන{1} දෙය්යං හොති විජානතාති.
Sinhala BJTමසුරුකමින් ද ප්‍රමාදයෙන් ද මෙසේ දන් නො දෙනු ලැබේ. පින් කැමති (දානඵල) දන්නහු විසින් දිය යුතු වේ.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJTයස්සෙව භීතො න දදාති මච්ඡරී තදෙවාදදතො{2} භයං, ජිඝච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ඡරී, තමෙව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJTමසුරු පුද්ගල තෙමේ යමකට ම බිය වූයේ දන් නො දේ ද, නො දෙන ඔහුට එය ම බිය වේ. මසුරු පුද්ගල තෙමේ යමකට බිය වේ ද, ඒ බඩසය ද පවස ද ඒ බාලයා ම මෙලෙව්හිත් පරලෙව්හිත් පහස්නේ ය.
Pali BJTතස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTඑහෙයින් මසුරුමල මැඩ ලන පුද්ගල තෙමේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් පරලෙව්හි දී සතුන්ට පිහිට වේ.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJTතෙ මතෙසු න මීයන්ති{3} අද්ධානං{4} ව සහබ්බජං{5}, අප්පස්මිං යෙ පවෙච්ඡන්ති එස ධම්මො සනන්තනො.
Sinhala BJTයම් කෙනෙක් මඟ කැටු වැ යනුවනට (ලදදෙය බෙදා දෙන්නාක්) සෙයින් ස්වල්පයක් ඇති කල්හිත් දෙත් ද, ඔහු (අදාන මරණයෙන්) මළවුන් අතර නො මියෙත්. මේ පැරණි දහමෙකි.
Pali BJTඅප්පස්මෙකෙ පවෙච්ඡන්ති බහුනෙකෙ නදිච්ඡරෙ, අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙන සමං මිතා.
Sinhala BJTඇතැම්හු ස්වල්පයක් ඇති කල්හිත් දෙත්. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙත් මඳ දෙයින් දෙන ලද දක්‍ෂිණාව දහසක් (=දහසෙකින් දෙන ලද දන) හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJTදුද්දදං දදමානානං දුක්කරං කම්ම කුබ්බතං, අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මො දුරන්නයො{6}.
Sinhala BJTඅසත්පුරුෂයෝ (ස්වල්පයක් ඇති කල්හි දීම වූ) දුෂ්කර දානය දෙන දුෂ්කර (සුචරිත) ක්‍රියා කරණ (සත්පුරුෂයන්ට) අනුක්‍රියා නො කෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය දුෂ්පූර ය. (එහෙයිනි.)
Pali BJTතස්මා සතඤ්ච අසතඤ්ච{7} නානා හොති ඉතො ගති, අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායණාති.
Sinhala BJTඑහෙයින් සත්පුරුෂ්‍යන්ගේත් අසත්පුරුෂයන්ගේත් මෙලොවින් පරලොව යෑම එකිනෙක වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ ස්වර්‍ගපරායණ වෙත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවන්තං{8} එතදවොච: කස්ස නු ඛො භගවා සුභාසිතන්ති?
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසබ්බාසං වො සුභාසිතං පරියායෙන. අපි ච මමාපි සුණාථ:
Sinhala BJTතොප සියල්ලන් විසින් කරුණු විසින් මැනවින් කියන ලදී. යලි දු මගේ (වචනය) ද අසවු:
Pali BJTධම්මං චරෙ යොපි සමුඤ්ඡකං{9} චරං{10} දාරඤ්ච පොසං දදමප්පකස්මිං, සතං සහස්සානං සහස්සයාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති
Sinhala BJTයමෙක් උඤ්ඡාවරියාවෙහි හැසිරෙන්නේ (කලවිටි ශුද්ධ කිරීම් පිදුරු පෙළීම් ආදී වශයෙන් දුක සේ ජීවිකාව පවත්වන්නේ) අඹුදරුවනුත් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දෙමින් දහම්හි හැසිරෙන්නේ ද, සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුන්ගේ ඒ යාගක්‍රියාවෝ එබඳු දිළින්දාගේ (දානක්‍රියාවන් පිළිබඳ) ශතභාගයකුත් නො අගිත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකෙනෙස යඤ්ඤො විපුලො මහග්ගතො සමෙන දින්නස්ස න අග්ඝමෙති, කථං{1} සතං සහස්සානං{2} සහස්සයාගිනං, කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති.
Sinhala BJTමහත් වූ උදාරබවට පැමිණි මේ දානය දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට කුමක් හෙයින් නො පැමිණේ ද? සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුන්ගේ ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් කෙසේ නම් නො අගිත් ද?
Pali BJTඅථ ඛො භගවා තං දෙවතං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාට ගාථායෙන් වදාළ සේක.
Pali BJTදදන්ති හෙකෙ{3} විසමෙ නිවිට්ඨා ඡෙත්වා{4} වධිත්වා අථ සොචයිත්වා, සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා සමෙන දින්නස්ස න අග්ඝමෙති. එවං සතං සහස්සානං{2} සහස්සයාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති.
Sinhala BJTකෙනෙක් විෂම වූ (කායවාඞ්මනඃ) කර්‍මයෙහි පිහිටියාහු (මෙරමා) තළා මරා යලි ශෝක කරවා දෙත් ම ය. (කඳුළු වැකුනු මුහුණ ඇති කොට මෙරමාහට දඬුවම් කොට දුන් හෙයින්) අස්සුමුඛ නම් වූ සදණ්ඩ නම් වූ ඒ දක්‍ෂිණාව දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට නො පැමිණේ. සහස්‍රයාග කළ ලක්‍ෂයක් දෙනකුගෙන් ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් මෙසේ නො අගිත්.
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJTසාධුසුත්තං
Sinhala BJTසාධු සූත්‍රය
Pali BJT33. සාවත්ථියං–
Sinhala BJT33. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
Pali BJTසාධු ඛො මාරිස දානං.
Sinhala BJTනිදුකානන් වහන්ස, දීම මැනවි.
Pali BJTමච්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති, පුඤ්ඤමාකඞ්ඛමානෙන දෙය්යං හොති විජානතාති.
Sinhala BJTමසුරු කමින් ද, ප්‍රමාදයෙන් ද මෙසේ දානය නො දෙනු ලැබේ. පින් කැමති (පින්පල) දන්නහු විසින් දිය යුතු වෙයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:
Pali BJTසාධු ඛො මාරිස දානං. අපි ච අප්පස්මිම්පි{5} සාධු{6} දානං.
Sinhala BJTනිදුකානන් වහන්ස, දීම මැනවි. තව ද, මඳක් ඇති කල්හිත් දීම මැනවි.
Pali BJTඅප්පස්මෙකෙ පවෙච්ඡන්ති බහුනෙකෙ න දිච්ඡරෙ, අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙන සමං මිතාති.
Sinhala BJTඇතැම්හු මඳක් ඇති කල්හිත් දෙති. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙතී. මඳෙකින් දෙන ලද දක්‍ෂිණාව දහසක් හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේ ය:
Pali BJTසාධු ඛො මාරිස දානං. අප්පස්මිම්පි සාධු{6} දානං. අපි ච සද්ධායපි සාධු{6} දානං.
Sinhala BJTනිදුකානන් වහන්ස, දීම මැනවි. ස්වල්පයක් ඇති කල්හි දීමත් මැනවි. තව ද, ශ්‍රද්ධායෙන් දීමත් මැනවි.
Pali BJTදානඤ්ච යුද්ධඤ්ච සමානමාහු අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති, අප්පම්පි චෙ සද්දහානො දදාති තෙනෙව සො හොති සුඛී පරත්ථාති.
Sinhala BJTදානයත් යුද්දයත් සමාන ය යි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ වූ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:
Pali BJTසාධු ඛො මාරිස දානං. අප්පස්මිම්පි සාධු{1} දානං. සද්ධායපි සාධු{1} දානං. අපි ච ධම්මලද්ධස්සපි සාධු{1} දානං.
Sinhala BJTනිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. තව ද, දැහැමින් ලද දෙයක් දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයකුට දීමත් මැනවි.
Pali BJTයො ධම්මලද්ධස්ස දදාති දානං උට්ඨානවීරියාධිගතස්ස ජන්තු, අතික්කම්ම සො{2} වෙතරණිං යමස්ස දිබ්බානි ඨානානි උපෙති මච්චොති.
Sinhala BJTයම් සත්ත්‍වයෙක් උත්‍ථානයෙන් හා වීර්‍ය්‍යයෙන් ලැබූ වස්තු දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයෙකුට දන් දේ ද, ඒ මිනිස් තෙමේ යමයාගේ වේතරණී නිරය ඉක්මවා දිව්‍යස්ථානයන්ට පැමිණේ.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:
Pali BJTසාධු ඛො මාරිස දානං. අප්පස්මිම්පි සාධු{1} දානං. සද්ධායපි සාධු{1} දානං. ධම්මලද්ධස්ස පි සාධු{1} දානං. අපි ච විචෙය්ය දානම්පි සාධු.{3}
Sinhala BJTනිදුකානන් වහන්ස, දීම මැනවි, මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තව ද, (දානවස්තූන් හා ප්‍රතිග්‍රාහකයන්) තෝරා ගෙණ දීමත් මැනවි.
Pali BJTවිචෙය්ය දානං සුගතප්පසත්ථං යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ, එතෙසු දින්නානි මහප්ඵලානි බීජානි වුත්තානි යථා සුඛෙත්තෙති.
Sinhala BJTතෝරා ගෙණ දීම භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ සත්ත්‍වලෝකයෙහි යම් දක්‍ෂිණාර්‍හයෝ වෙද්ද, මොවුන් විෂයෙහි දෙන ලද්දාහු සරු කෙතෙක වපුළ බිජුවට මෙන් මහත්ඵල වෙත්.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:
Pali BJTසාධු ඛො මාරිස දානං. අප්පස්මිම්පි සාධු දානං. සද්ධායපි සාධු{1} දානං. ධම්මලද්ධස්සපි සාධු{1} දානං. විචෙය්ය දානම්පි සාධු.{1} අපි ච පාණෙසුපි සාධු සංයමො.
Sinhala BJTනිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තෝරා දීමත් මැනවි. තව ද, ප්‍රාණීන් කෙරෙහි සංයමයත් (ප්‍රාණඝාතයෙන් වැළැක්මත්) මැනවි.
Pali BJTයො පාණභූතෙසු{4} අහෙඨයං චරං පරූපවාදා න කරොති පාපං, භීරුං පසංසන්ති න හි තත්ථ සූරං භයා හි සන්තො න කරොන්ති පාපන්ති.
Sinhala BJTයමෙක් සත්ත්‍වයන් නො වෙහෙසමින් හැසිරෙන්නේ පරෝපවාද හේතුවෙන් පව් නො කෙරේ ද, එහි ලා (සත්පුරුෂයෝ) පවට බියසුල්ලාට පසසත්. (පව්කිරීමෙහී) සූරයා නො පසසත්. සත්පුරුෂයෝ උපවාදයන්ට බියෙන් පව් නො කෙරෙත් ම ය. එහෙයිනි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච: කස්ස නු ඛො භගවා සුභාසිතන්ති?
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසබ්බාසං වො සුභාසිතං පරියායෙන. අපි ච මමාපි සුණාථ:
Sinhala BJTතොප සියල්ලන් විසින් පර්‍ය්‍යායයෙන් සුභාෂිත ය. වැලි දු මාගේ (වචනය) ද අසවු:
Pali BJTසද්ධාහි දානං බහුධා පසත්ථං දානා ච ඛො ධම්මපදංව සෙය්යො, පුබ්බෙ ච හි{5} පුබ්බතරෙ ච සන්තො නිබ්බාණමෙවජ්ඣගමුං සපඤ්ඤාති.
Sinhala BJTසැදැහැයෙන් දීම නන්අයුරින් පසස්නා ලදී. දානයට වඩා ධර්‍ම පදය හෙවත් නිර්‍වාණය ම ශ්‍රේෂ්ඨ ය. පෙර ද, ඉතා පෙර ද, නුවණැතී සත්පුරුෂයෝ නිවණ ම අවබෝධ කළාහු ය.
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJTනසන්තිසුත්තං.
Sinhala BJTනසාන්ති සූත්‍රය
Pali BJT34. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.
Pali BJTඅථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථායො අභාසි:
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාකී ය:
Pali BJTන සන්ති කාමා මනුජෙසු නිච්චා සන්තීධ කමනීයානි යෙසු බද්ධො, යෙසු පමත්තො අපුනාගමනං අනාගන්තා පුරිසො මච්චුධෙය්යාති. ඡන්දජං අඝං ඡන්දජං දුක්ඛං ඡන්දවිනයා අඝවිනයො අඝවිනයා දුක්ඛවිනයොති.
Sinhala BJTමිනිසුන් කෙරෙහි නිත්‍ය වූ කාමයෝ නැත. යම් කාම වස්තූන් කෙරෙහි බැඳුනු යම් කාමවස්තුන්හි ප්‍රමත්ත වූ පුරුෂ තෙමේ මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සසරින් අපුනරාගමන සඞ්ඛ්‍යාත නිවණට නොපැමිණෙන්නේ වේ ද, (එබඳු වූ) ඉෂ්ටාලම්බනයෝ මේ ලෝකයෙහි ඇත. (පඤ්චස්කන්‍ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. (පඤ්චෝපාදානස්කන්‍ධ) දුඃඛය තෘෂ්ණාච්ඡන්‍දයෙන් හටගත්තේ ය. තෘෂ්ණාව දුරු කිරීමෙන් (පඤ්චස්කන්‍ධ) දුඃඛය දුරු කිරීම වේ. (පඤ්චස්කන්‍ධ) දුඃඛය දුරු කිරීමෙන් සියලු සංසාරදුඃඛය දුරු කිරීම වේ.
Pali BJTන තෙ කාමා යානි චිත්රානි ලොකෙ සඞ්කප්පරාගො පුරිසස්ස කාමො, තිට්ඨන්ති චිත්රානි තථෙව ලොකෙ අථෙත්ථ{1} ධීරා විනයන්ති ඡන්දං.
Sinhala BJTලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි. ලෝකයෙහි විසිතුරු වූ (රූපාදි) අරමුණු එසේ ම සිටී. වැලිත් පණ්ඩිතයෝ මේ ආරම්මණයන්හි ඡන්‍දරාගය දුරු කෙරෙත්.
Pali BJTකොධං ජහෙ විප්පජහෙය්ය මානං සංයොජනං සබ්බමතික්කමෙය්ය, තං නාමරූපස්මිමසජ්ජමානං{2} අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.
Sinhala BJTක්‍රෝධය දුරු කරන්නේ ය. මානය වෙසෙසින් බැහැර කරන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙකෙහි නොඇලෙන රූපාදි පළිබෝධ රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයා මතුයෙහි (සංසාර) දුඃඛයෝ නො වැටෙත්.
Pali BJTපහාසි සඞ්ඛං න ච මානමජ්ඣගා අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ, තං ඡින්නගන්ථං අනිඝං නිරාසං පරියෙසමානා නාජ්ඣගමුං දෙවා මනුස්සා ඉධ වා හුරං වා සග්ගෙසු වා සබ්බනිවෙසනෙසූති.
Sinhala BJT(යමෙක්) සත්ත්‍වප්‍රඥප්තිය දුරු කෙළේ ද, මානයට නො පැමිණියේ ද, මේ නාමරූප දෙක්හි තෘෂ්ණාව සිඳ ලූයේ ද, සුන් කළ තෘෂ්ණාග්‍රන්‍ථි ඇති නිදුක් වූ ආශාරහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ දෙවියෝත් මනුෂ්‍යයෝත් මෙලොව ද පරලොව ද ස්වර්‍ගයන්හි ද සියලු සත්ත්‍වනිවේසනයන්හි ද සොයන්නාහු නමුත් නො ලබත්.
Pali BJTතඤ්චෙ හි නාද්දක්ඛුං තථා විමුත්තං (ඉච්චායස්මා මොඝරාජා:) දෙවා මනුස්සා ඉධ වා හුරං වා, නරුත්තමං අත්ථචරං නරානං යෙ තං නමස්සන්ති පසංසියා තෙති?
Sinhala BJT(මෝඝරාජ ස්ථවිර තෙමේ මෙසේ කී ය:) ඉදින් දෙවියෝත් මනුෂ්‍යයෝත් එසේ මිදුනු ඒ සර්‍වඥයන් වහන්සේ මෙලොවත් පරලොවත් නො දක්නාහු ද, මිනිසුනට හිතවැඩ සලසන නරශ්‍රේෂ්ඨ වූ ඒ සර්‍වඥයන් වහන්සේට යම් කෙනෙක් නමස්කාර කෙරෙත් නම්, ඔහු පැසසිය යුත්තෝ ද?
Pali BJTපසංසියා තෙපි භවන්ති භික්ඛූ (මොඝරාජා’ති භගවා:) යෙ තං නමස්සන්ති තථා විමුත්තං, අඤ්ඤාය ධම්මං විචිකිච්ඡං පහාය සඞ්ගාතිගා තෙපි භවන්ති භික්ඛූති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ: මෝඝරාජය.) යම් කෙනෙක් එසේ මිදුනු ඒ සර්‍වඥයන් වහන්සේට නමස්කාර කෙරෙද්ද, ඒ භික්‍ෂූහු පැසසිය යුත්තෝත් වෙති. ඒ භික්‍ෂූහු ධර්‍මය දැන විචිකිච්ඡාව දුරු කොට (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගියාහු ද වෙති.
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJTඋජ්ඣානසඤ්ඤිසුත්තං.
Sinhala BJTඋජ්ඣානසඤඤී සූත්‍රය.
Pali BJT35. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා උජ්ඣානසඤ්ඤිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා වෙහාසං අට්ඨංසු. වෙහාසං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT35. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ උජ්ඣානසඤඤික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ අහසෙහි සිටියහ. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඅඤ්ඤථා සන්තමත්තානං අඤ්ඤථා යො පවෙදයෙ, නිකච්ච කිතවස්සෙ’ව භුත්තං ථෙය්යෙන තස්ස තං
Sinhala BJTයම් මහණෙක් අන් අයුරෙකින් පවත්නා තමා අන් අයුරෙකින් (ඇතිසැටි වළහා) ප්‍රකාශ කරන්නේ ද, ලිහිණි වැද්දාගේ (ලිහිණිමස් කෑම) මෙන් ඔහු විසින් ඒ සිවුපසය වඤ්චායෙන් රවටා හොරකමින් අනුභව කරණ ලද්දේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානානං{1} පටිජානන්ති පණ්ඩිතාති.
Sinhala BJTයමක් කරන්නේ නම්, එය ම කියන්නේ ය. යමක් නොකරන්නේ නම්, එය නොකියන්නේ ය. කියන්නවුන් අතුරෙන් නොකරන්නහු පණ්ඩිතයෝ දැන ගණිත්.
Pali BJTනයිදං භාසිතමත්තෙන එකන්තසවණෙන වා, අනුක්කමිතවෙ{2} සක්කා යායං පටිපදා දළ්හා, යාය ධීරා පමුච්චන්ති ඣායිනො මාරබන්ධනා.
Sinhala BJTයම් මේ ප්‍රතිපදායෙක් දැඩි ද, ධ්‍යාන කරණසුලු පණ්ඩිතයෝ යම් ප්‍රතිපදායෙකින් මාරබන්‍ධනයෙන් මිදෙද් ද, මේ ප්‍රතිපත්තිය කථිතමාත්‍රයෙකින් හෝ ශ්‍රවණමාත්‍රයෙකින් හෝ පිළිපදින්නට නො හැකි ය.
Pali BJTන වෙ ධීරා පකුබ්බන්ති විදිත්වා ලොකපරියායං, අඤ්ඤාය නිබ්බුතා ධීරා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTසංස්කාර ලෝකයාගේ උදයව්‍යයස්වාභාවය දැන (චතුස්සත්‍යය) අවබෝධ කොට ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කළා වූ (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවියා වූ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් (මෙසේ) නො කෙරෙත්.
Pali BJTඅථ ඛො තා දෙවතායො පඨවියං පතිට්ඨහිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොචුං. අච්චයො නො භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං,{3} යා මයං භගවන්තං ආසාදෙතබ්බං{4} අමඤ්ඤිම්හා. තාසං නො භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු{5} ආයතිං සංවරායා’ති.
Sinhala BJTඉක්බිති ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, යම්බඳු අපි බාල බවට අනුරූප සේ මූඪබවට අනුරූපසේ අදක්‍ෂබවට අනුරූප සේ භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් ගැටිය යුත්තකු කොට සිතුමු ද, ඒ වරද අප ඉක්ම ගියේ ය. වහන්ස, ඒ අපගේ වරද ආයතිසංවරය පිණිස වරද වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා” යි මෙය සැළ කළහ.
Pali BJTඅථ ඛො භගවා සිතං පාත්වාකාසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කළ සේක.
Pali BJTඅථ ඛො තා දෙවතායො භීයොසොමත්තාය උජ්ඣායන්තියො වෙහාසං අබ්භුග්ගඤ්ඡුං.
Sinhala BJTඑකල්හි ඒ දේවතාවෝ බොහෝ සෙයින් දොස් පහළ කෙරෙමින් අහසට නැංගහ.
Pali BJTඑකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:{6}
Sinhala BJTඑක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කි ය:
Pali BJTඅච්චයං දෙසයන්තීනං යො චෙ{7} න පටිගණ්හති, කොපන්තරො දොසගරු ස වෙරං පටිමුච්චති.
Sinhala BJTයමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණීද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ ඒකාන්තයෙන් වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅච්චයො චෙ න විජ්ජෙථ නො චිධාපගතං{8} සියා, වෙරානි ච සම්මෙය්යුං තෙනීධ කුසලො සියා.
Sinhala BJTඉදින් මෙහි වරදෙක් නැත් නම්, ඉදින් අපරාධයෙකුත් නො වන්නේ නම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, එයින් මෙහි (නිරවද්‍යචර්‍ය්‍යායෙහි) දක්‍ෂයෙක් වන්නේය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTකස්සච්චයා න විජ්ජන්ති කස්ස නත්ථි අපාගතං{9} කො සම්මොහමාපාදි කො වා{10} ධීරො සදා සතොති.
Sinhala BJTකවරෙකුගේ වැරදි නැද්ද? කවරෙකුගේ අපරාධ නැද්ද? කවරෙක් මුළාවට නො පැමිණේ ද? කවරෙක් හැම කල්හි සිහි ඇත්තේ ද? පණ්ඩිත ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතථාගතස්ස බුද්ධස්ස සබ්බභූතානුකම්පිනො, තස්සච්චයා න විජ්ජන්ති තස්ස නත්ථි අපාගතං, සො න සම්මොහමාපාදි සොව{1} ධීරො සදා සතො.
Sinhala BJTචතුස්සත්‍යය අවබෝධ කළා වූ හැම සතුන් කෙරෙහි අනුකම්පා ඇති ඒ තථාගතයන් වහන්සේගේ වැරදි නැත. උන්වහන්සේගේ අපරාධ නැත. උන්වන්හසේ මුළාවට නො පැමිණෙත්. මේ ලෝකයෙහි උන්වහන්සේ ම හැම කල්හි සිහි ඇති සේක. පණ්ඩිත සේක.
Pali BJTඅච්චයං දෙසයන්තීනං යො චෙ න පටිගණ්හති, කොපන්තරො දොසගරු ස වෙරං{2} පටිමුච්චති, තං වෙරං නාභිනන්දාමි පතිගණ්හාමි වොච්චයන්ති.
Sinhala BJTඉදින් යමෙක් දෙසන්නවුන්ගේ වරද නො පිළිගණී ද, ඇතුළත කෝප ඇති ද්වේෂය ගුරු කොට ගෙණ වසන හෙතෙමේ වෛරය (තමා කෙරෙහි) බැඳ තබයි. ඒ වෛරය නො පිළිගණිමි. තොපගේ වරද පිළිගණිමි යි.
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJTසද්ධාසුත්තං.
Sinhala BJTසද්ධා සූත්‍රය.
Pali BJT36. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙඉමං ගාථං අභාසි:
Sinhala BJT36. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරමෙහි වැඩවසන සේක. එකල්හි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගියකල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසද්ධා දුතියා පුරිසස්ස හොති නො චෙ අස්සද්ධියං අවතිට්ඨති යසො ච කිත්තී ච තත්වස්ස හොති. සග්ගඤ්ච සො ගච්ඡති සරීරං පහායාති.{3}
Sinhala BJTපුරුෂයාට ශ්‍රද්ධාව දෙවැනි වේ. ඉදින් සැදැහැ නැති බව නො සිටී නම්, ඒ හේතුවෙන් ඔහුට පිරිවර ද කීර්තිය ද වෙයි. හෙතෙමේ සිරුර හැර පියා ස්වර්‍ගයට ද යෙයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJTකොධං ජහෙ විප්පජහෙය්ය මානං සංයොජනං සබ්බමතික්කමෙය්ය, තං නාමරූපස්මිමසජ්ජමානං අකිඤ්චනං නානුපතන්ති සඞ්ගාති.
Sinhala BJTක්‍රෝධය දුර ලන්නේ ය. මානය වෙසෙසින් බැහැර ලන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙක්හි නොඇලෙන කෙලෙස් පළිබෝධ රහිත වූ ඔහු මත සඞ්ගයෝ නො වැටෙත්.
Pali BJTපමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා අප්පමාදඤ්ච මෙධාවී ධනං සෙට්ඨං’ව{4} රක්ඛති.
Sinhala BJTබාල වූ නුවණ නැත්තා වූ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ{1} ධනය මෙන් රකී.
Pali BJTමා පමාදමනුයුඤ්ජෙථ මා කාමරතිසන්ථවං අප්පමත්තො හි ඣායන්තො පප්පොති පරමං සුඛන්ති.
Sinhala BJTප්‍රමාදයෙහි නහමක් යෙදෙන්නේ ය. කාමරතියෙහි යෙදීම නො කරන්නේ ය. අප්‍රමත්ත පුද්ගල තෙමේ වනාහි ධ්‍යාන කරන්නේ උතුම් සුවයට පැමිණේයි.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJTසමයසුත්තං.
Sinhala BJTසමය සූත්‍රය.
Pali BJT37. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච.
Sinhala BJT37. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි වූ මහාවනයෙහි හැමම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසදහසක් සක්වළින් දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙත්.
Pali BJTඅථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවානං{1} එතදහොසි. අයං ඛො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. දසහි ච ලොක ධාතූහි දෙවතා{2} යෙභුය්යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. යන්නූන මයම්පි{3} යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ පච්චෙකගාථං{4} භාසෙය්යාමාති.
Sinhala BJTඑකල්හි සුදවස්වැසි සිවුදෙවිකෙනෙකුන්ට මේ අදහස පහළ විය: “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත්පුර සමීපයෙහි මහාවෙනෙහි හැම ම රහත් වූ භික්‍ෂූන් පන්සියයක් පමණ වූ මහාබික්සඟන සමග වැඩ වසන සේක. දසසහසක් සක්වළින් දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂුසඞ්ඝයාත් දකිනු පිණිස බෙහෙවින් රැස් වූවාහු ද වෙති. අපි දු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නමෝ නම්, එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙන ම ගාථාවක් කියන්නමෝ නම්, ඉතා මැනවැ”යි.
Pali BJTඅථ ඛො තා දෙවතා{2} සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{5} වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය{6}, එවමෙවං සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහංසු.{7}
Sinhala BJTඉක්බිති ඒ දේවතාවෝ, බලවත් පුරුෂයෙක් හැකිළූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ යම් සේ ද, එසේ සුදවස් දෙවියන් කෙරෙහි අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූහ.