Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3801-3900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT68. එකං සමයං ආයස්මා ච මුසීලො ආයස්මා ච සවිට්ඨො{1} ආයස්මා ච නාරදො ආයස්මා ච ආනන්දො කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ.
Sinhala BJT68. එක්කලෙක ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ද ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ද ආයුෂ්මත් නාරද තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද කොසඹෑනුවර සමීපයෙහි ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති.
Pali BJTඅථ ඛො ආයස්මා සවිට්ඨො ආයස්මන්තං ඛො මුසීලං එතදවොච: “අඤ්ඤත්රෙව ආවුසො මුසීල, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො මුසීලස්ස පච්චත්තමෙව ඤාණං ජාතිපච්චයා ජරාමරණන්ති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි අහමෙතං පස්සාමි ජාතිපච්චයා ජරාමරණ”න්ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවෝ ආයුෂ්මත් මූසිල තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, පරම්පරාකථායෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි ප්‍රත්‍යවේක්‍ෂාවෙන් තමා කෙරෙහි ම වූ දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරවිකල්පනයෙන් තොරව ම, දෘෂ්ටියට අනුව වැටහීමෙන් තොරව ම ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි. මම මෙය දකිමි.
Pali BJTඅඤ්ඤත්රෙව ආවුසො මුසීල සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, අත්ථායස්මතො මුසීලස්ස පච්චත්තමෙව ඤාණං භවපච්චයා ජාතීති -පෙ- උපාදානපච්චයා භවොති -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති -පෙ- වෙදනාපච්චයා තණ්හාති -පෙ- ඵස්සපච්චයා වෙදනාති -පෙ- සළායතනපච්චයා ඵස්සොති -පෙ- නාමරූපපච්චයා සළායතනන්ති -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති.
Sinhala BJTඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි ... තණ්හා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි ... ඵස්ස ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... සළායතන ප්‍රත්‍යයයෙන් ඵස්ස වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ ය යි ... විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සඞ්ඛාර ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සඞ්ඛාර වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
Pali BJTඅඤ්ඤත්රෙව ආවුසො මුසීල සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, අත්ථායස්මතො මුසීලස්ස පච්චත්තමෙව ඤාණං ජාතිනිරොධා ජරාමරණනිරොධොති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා, අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි, ජාතිනිරොධා ජරාමරණනිරොධොති. අඤ්ඤත්රෙව ආවුසො මුසීල, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො මුසීලස්ස පච්චත්තමෙව ඤාණං භවනිරොධා ජාතිනිරොධොති. -පෙ- උපාදානනිරොධා භවනිරොධොති -පෙ- තණ්හානිරොධා උපාදානනිරොධොති -පෙ- වෙදනානිරොධා තණ්හානිරොධොති -පෙ- ඵස්සනිරොධා වෙදනානිරොධොති -පෙ- සළායතනනිරොධා ඵස්සනිරොධොති -පෙ- නාමරූපනිරොධා සළායතනනිරොධොති -පෙ- විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති -පෙ- සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොති -පෙ- අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති.
Sinhala BJTඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම ... දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර සැලකීමෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි ... වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ ය යි ... ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ය යි ... විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සඞ්ඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය යි ... අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිලහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම ‘අවිජ්ජා නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි. මෙය මම දකිමි.
Pali BJTඅඤ්ඤත්රෙව ආවුසො මුසීල, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො මුසීලස්ස පච්චත්තමෙව ඤාණං භවනිරොධො නිබ්බානන්ති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. භවනිරොධො නිබ්බානන්ති. තෙන හායස්මා මුසීලො අරහං ඛීණාසවොති. එවං වුත්තෙ ආයස්මා මුසීලො තුණ්හී අහොසි.
Sinhala BJTඇවැත්නි, මූසිලයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිවන ය යි තමන් ම ඇති කරගත් දැනීමෙක් ආයුෂ්මත් මූසිල තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව නිරෝධය නිර්‍වාණය ය යි මෙය මම දනිමි, මෙය මම දකිමි. එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් මූසිල තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා නාරදො ආයස්මන්තං සවිට්ඨං එතදවොච: සාධාවුසො සවිට්ඨ, අහමෙතං පඤ්හං ලභෙය්යං. මමෙතං{1} පඤ්හං පුච්ඡ. අහං තෙ එතං පඤ්හං ව්යාකරිස්සාමීති. ලභතායස්මා{2} නාරදො එතං පඤ්හං. පුච්ඡාමහං ආයස්මන්තං නාරදං එතං පඤ්ඤං. බ්යාකරොතු ච මෙ ආයස්මා නාරදො එතං පඤ්හං.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් නාරද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි සවිට්ඨයෙනි, මම මේ පැණය ලබන්නෙම් නම් මැනවි. මාගෙන් මේ පැණය විචාරණු මැනවි. මම ඔබට මේ පැණය විසඳන්නෙමි”යි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය ලබත්වා, ආයුෂ්මත් නාරද තෙරුන්ගෙන් මම මේ පැණය විචාරමි. ආයුෂ්මත් නාරද තෙරණුවෝ මේ පැණය මට විසඳත්වා.
Pali BJTඅඤ්ඤත්රෙව ආවුසො නාරද, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො නාරදස්ස පච්චත්තමෙව ඤාණං ජාතිපච්චයා ජරාමරණන්ති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි ජාතිපච්චයා ජරාමරණන්ති. අඤ්ඤත්රෙව ආවුසො නාරද, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො නාරදස්ස පච්චත්තමෙව ඤාණං භවපච්චයා ජාතීති -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි, අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති.
Sinhala BJTඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි, නාරදයෙනි, ශ්‍රද්ධාවෙන් තොර ව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි ... අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරදහට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ය’ යි මම මෙය දනිමි, මම මෙය දකිමි.
Pali BJTඅඤ්ඤත්රෙව ආවුසො නාරද, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො නාරදස්ස පච්චත්තමෙව ඤාණං ජාතිනිරොධා ජරාමරණනිරොධොති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි ජාතිනිරොධා ජරාමරණනිරොධොති. අඤ්ඤත්රෙව ආවුසො නාරද, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො නාරදස්ස පච්චත්තමෙව ඤාණං භවනිරොධා ජාතිනිරොධොති -පෙ- අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි අවිජ්ජා නිරොධා සඞ්ඛාරනිරොධොති.
Sinhala BJTඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාර පරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’යි තමන් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද හට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි. ඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය’යි ... ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රුචියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය’ යන මෙය මම දනිමි, මෙය මම දකිමි.
Pali BJTඅඤ්ඤත්රෙව ආවුසො නාරද, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අත්ථායස්මතො නාරදස්ස පච්චත්තමෙව ඤාණං භවනිරොධො නිබ්බානන්ති? අඤ්ඤත්රෙව ආවුසො සවිට්ඨ, සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි භවනිරොධො නිබ්බානන්ති.
Sinhala BJTඇවැත්නි නාරදයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන ය’ යි තමන් විසින් ම ඇති කර ගත් දැනීමෙක් ආයුෂ්මත් නාරද තෙරුන්ට ඇත්තේ ද? ඇවැත්නි සවිට්ඨයෙනි, ඇදහීමෙන් තොරව ම, රිසියෙන් තොරව ම, අනුශ්‍රැතියෙන් තොරව ම, ආකාරපරිවිතර්‍කයෙන් තොරව ම, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියෙන් තොරව ම, ‘භව නිරෝධය නිවන’ ය යන මෙය මම දනිමි, මෙය මම දකිමි.
Pali BJTතෙන හායස්මා නාරදො අරහං ඛීණාසවොති? භවනිරොධො නිබ්බානන්ති ඛො මෙ ආවුසො සම්මප්පඤ්ඤාය සුදිට්ඨං, න චම්හි අරහං ඛීණාසවො. සෙය්යථාපි ආවුසො, කන්තාරමග්ගෙ උදපානො, තත්ර නෙවස්ස රජ්ජු න උදකවාරකො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. සො තං උදපානං ඔලොකෙය්ය. තස්ස උදකන්ති හි ඛො ඤාණං අස්ස, න ච කායෙන ඵුසිත්වා විහරෙය්ය. එවමෙව ඛො ආවුසො, භවනිරොධො නිබ්බානන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං, න චම්හි අරහං ඛීණාසවොති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො ආයස්මන්තං සවිට්ඨං එතදවොච: එවංවාදී ත්වං ආවුසො සවිට්ඨ, ආයස්මන්තං නාරදං කිං වදෙසීති? එවංවාදාහං ආවුසො ආනන්ද, ආයස්මන්තං නාරදං න කිඤ්චි වදාමි අඤ්ඤත්ර කල්යාණා, අඤ්ඤත්ර කුසලාති.
Sinhala BJTඑසේ නම් ආයුෂ්මත් නාරද තෙරණුවෝ ක්‍ෂීණාස්‍රව රහත් කෙනෙකි යි. ඇවැත්නි, භව නිරෝධය නිවන ය යි මවිසින් සම්‍යක් ප්‍රඥාවෙන් මැනවින් දක්නා ලදී. ක්‍ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. ඇවැත්නි, යම් සේ කතරමගෙක ලිඳක් වේ ද, එහි රැහැනෙක් නො ම වන්නේ ය. බඳුනෙක් නො ම වන්නේ ය. එකල්හි ගිමෙන් තැවුණු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමති පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ ලිඳ බලන්නේ ය. ඔහුට ජලය ය යි දැනීම වන්නේ ය. කයින් පැහැස නො ද වෙසෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම භව නිරෝධය නිවන ය යි මනා නුවණින් තතුසේ දක්නා ලදී. ක්‍ෂීණාස්‍රව වූ රහතෙක් නො ද වෙමි. මෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ට “ඇවැත්නි සවිට්ඨයෙනි, මෙසේ කියන ඔබ ආයුෂ්මත් නාරද තෙරුන්ට කුමක් කියහි දැ”යි මෙය කීහ. ඇවැත්නි ආනන්‍දයෙනි, මෙසේ මෙසේ කියන මම ආයුෂ්මත් නාරද තෙරුන්ට යහපතින් තොර කුසලින් තොර කිසිවක් නො කියමි යි.
Pali BJT1. 7. 9.
Sinhala BJT1. 7. 9.
Pali BJTඋපයන්තිසුත්තං
Sinhala BJTඋපයන්ති සූත්‍රය
Pali BJT69. සාවත්ථියං–
Sinhala BJT69. සැවැත්නුවර–
Pali BJTමහාසමුද්දො භික්ඛවෙ, උපයන්තො මහානදියො උපයාපෙති. මහානදියො උපයන්තියො කුන්නදියො උපයාපෙන්ති. කුන්නදියො උපයාපෙන්තියො මහාසොබ්භෙ උපයාපෙන්ති. මහාසොබ්භා උපයන්තා කුස්සොබ්භෙ{1} උපයාපෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජා උපයන්තී සඞ්ඛාරෙ උපයාපෙති. සඞ්ඛාරා උපයන්තා විඤ්ඤාණං උපයාපෙන්ති. විඤ්ඤාණං උපයන්තං නාමරූපං උපයාපෙති. නාමරූපං උපයන්තං සළායතනං උපයාපෙති. සළායතනං උපයන්තං ඵස්සං උපයාපෙති. ඵස්සො උපයන්තො වෙදනං උපයාපෙති. වෙදනා උපයන්තී තණ්හං උපයාපෙති. තණ්හා උපයන්තී උපාදානං උපයාපෙති. උපාදානං උපයන්තං භවං උපයාපෙති. භවො උපයන්තො ජාතිං උපයාපෙති. ජාති උපයන්තී ජරාමරණං උපයාපෙති.
Sinhala BJTමහණෙනි, මහමුහුද ගලන්නේ මහාගඞ්ගාවන් පුරවයි. මහාගඞ්ගා ගලන්නාහු කුඩා ගඞ්ගාවන් පුරවත්. කුඩා ගඞ්ගා ගලන්නාහු මහහෙප් පුරවත්. මහහෙප් ගලන්නාහු කුඩා හෙප් පුරවත්. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව වැඩෙන්නී සංස්කාර වඩයි. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූප වඩයි. නාමරූප වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ඵස්සය වඩයි. ඵස්සය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩයි. තණ්හාව වැඩෙන්නී උපාදාන වඩයි. උපාදාන වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නී ජරාමරණ වඩයි.
Pali BJTමහාසමුද්දො භික්ඛවෙ, අපයන්තො මහානදියො අපයාපෙති. මහානදියො අපයන්තියො කුන්නදියො අපයාපෙන්ති. කුන්නදියො අපයන්තියො මහාසොබ්භෙ අපයාපෙන්ති. මහාසොබ්භා අපයන්තා කුස්සොබ්භෙ අපයාපෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජා අපයන්තී සඞ්ඛාරෙ අපයාපෙති. සඞ්ඛාරා අපයන්තා විඤ්ඤාණං අපයාපෙන්ති. විඤ්ඤාණං අපයන්තං නාමරූපං අපයාපෙති. නාමරූපං අපයන්තං සළායතනං අපයාපෙති. සළායතනං අපයන්තං ඵස්සං අපයාපෙති. ඵස්සො අපයන්තො වෙදනං අපයාපෙති. වෙදනා අපයන්තී තණ්හං අපයාපෙති. තණ්හා අපයන්තී උපාදානං අපයාපෙති. උපාදානං අපයන්තං භවං අපයාපෙති. භවො අපයන්තො ජාතිං අපයාපෙති. ජාති අපයන්තී ජරාමරණං අපයාපෙතීති.
Sinhala BJTමහණෙනි, මහමුහුද බැස යන්නේ මහාගඞ්ගා බස්වයි. මහාගඞ්ගා බැස යන්නාහු කුඩා ගඞ්ගා බස්වත්. කුඩා ගඞ්ගා බැස යන්නාහු මහහෙබ් බස්වත්. මහහෙබ් බැස යන්නාහු කුඩා හෙබ් බස්වත්. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව පහ ව යන්නී සංස්කාර පහ කෙරෙයි. සංස්කාරයෝ පහ ව යන්නාහු විඥානය පහ කෙරෙත්. විඥානය පහ ව යන්නේ නාමරූප පහ කෙරෙයි. නාමරූප පහ ව යන්නේ ෂඩායතන පහ කෙරෙයි. ෂඩායතන පහ ව යන්නේ ස්පර්‍ශය පහ කෙරෙයි. ස්පර්‍ශය පහ ව යන්නේ වේදනාව පහ කෙරෙයි. වේදනාව පහ ව යන්නී තෘෂ්ණාව පහ කෙරෙයි. තෘෂ්ණාව පහ ව යන්නී උපාදාන පහ කෙරෙයි. උපාදාන පහ ව යන්නේ භවය පහ කෙරෙයි. භවය පහ ව යන්නේ ජාතිය පහ කෙරෙයි. ජාතිය පහ ව යන්නී ජරාමරණ පහ කෙරේ යි.
Pali BJT1. 7. 10.
Sinhala BJT1. 7. 10.
Pali BJTසුසීමසුත්තං{1}
Sinhala BJTසුසීම සූත්‍රය
Pali BJT70. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය{2}භෙසජ්ජපරික්ඛාරානං. භික්ඛුසඞ්ඝොපි සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා න ලාභිනො{3} චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං.
Sinhala BJT70. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරණ ලද සේක් ගරුකාර කරණ ලද සේක් බුහුමන් කරණ ලද සේක් පුදන ලද සේක් යටත් පහත් පැවතුම් දක්වන ලද සේක් සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුලු සේක් වෙති. බික්සඟන ද සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බුහුමන් කරණ ලද්දේ පුදන කරණ ලද්දේ යටත් පහත් පැවතුම් දක්වන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. අන්තොටු පිරිවැජියෝ වනාහි සත්කාර නො කරණ ලද්දාහු ගරුකාර නො කරණ ලද්දාහු බුහුමන් නො කරණ ලද්දාහු නො පුදන ලද්දාහු යටත් පහත් පැවතුම් නො දක්වන ලද්දාහු සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නෝ වෙති.
Pali BJTතෙන ඛො පන සමයෙන සුසීමො පරිබ්බාජකො රාජගහෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං. අථ ඛො සුසීමස්ස පරිබ්බාජකස්ස පරිසා සුසීමං පරිබ්බාජකං එතදවොචුං: එහි ත්වං ආවුසො සුසීම, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චර. ත්වං ධම්මං පරියාපුණිත්වා අම්හෙ වාචෙය්යාසි. තං මයං ධම්මං පරියාපුණිත්වා ගිහීනං භාසිස්සාම. එවං මයම්පි සක්කතා භවිස්සාම ගරුකතා මානිතා පූජිතා අපචිතා ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති. එවමාවුසොති ඛො සුසීමො පරිබ්බාජකො සකාය පරිසාය පටිස්සුත්වා{4} යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුසීමො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: ඉච්ඡාමහං ආවුසො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතුන්ති.
Sinhala BJTඑකල්හි සුසීම පිරිවැජි තෙමේ මහත් පිරිස සමග රජගහනුවර වෙසෙයි. ඉක්බිති සුසීම පිරිවැජ්ජාගේ පිරිස සුසීම පිරිවැජ්ජාට මෙසේ කීහ: ඇවැත්නි, සුසිමයෙනි, එනු මැනව, ඔබ මහණ ගොයුම් කෙරෙහි බඹසර හැසිරෙණු මැනව. ඔබ දහම් පිරිවහා අපට කියවනු මැනව. අපි ඒ දහම පිරිවහා ගිහියනට කියන්නෙමු. මෙසේ අපි දු සත්කාර කරණ ලද්දමෝ ගරුකාර කරණ ලද්දමෝ බුහුමන් කරණ ලද්දමෝ පුදන ලද්දමෝ යටත් පහත් පැවතුම් දක්වන ලද්දමෝ සිවුරු පිඬු සෙනසුන් බෙහෙත් පිරිකර ලබන සුල්ලමෝ වන්නෙමු යි. ඇවැත්නි, එසේ ය යි සුසීම පිරිවැජි තෙමේ සිය පිරිසට පිළිතුරු දී ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුසීම පිරිවැජි තෙමේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට “ඇවැත්නි, ආනන්‍දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි” යි මෙය කී ය.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො සුසීමං පරිබ්බාජකං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ සුසීමො පරිබ්බාජකො එවමාහ: “ඉච්ඡාමහං ආවුසො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු”න්ති. තෙන හානන්ද සුසීමං පබ්බාජෙථාති. අලත්ථ ඛො සුසීමො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.{5}
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සුසීම පිරිවැජ්ජා කැඳවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹුනහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මේ සුසීම පිරිවැජි තෙමේ ඇවැත්නි, ආනන්‍දයෙනි, මේ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි යි මෙසේ කියා”යි මෙය සැළකළහ. ආනන්‍ද, එසේ නම් සුසීම පැවිදි කරවු යි. සුසීම පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදී. උපසපුව ලදී.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලෙහි භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා ව්යාකතා හොති “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමා”ති. අස්සොසි ඛො ආයස්මා සුසීමො සම්බහුලෙහි කිර භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා. “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමා”ති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දන්මහ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. ආයුෂ්මත් සුසීම තෙමේ බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ ය යි ඇසී ය.
Pali BJTඅථ ඛො ආයස්මා සුසීමො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි භික්ඛූහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සුසීමො තෙ භික්ඛූ එතදවොච: සච්චං කිර ආයස්මන්තෙහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමාති. එවමාවුසොති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂුන්ට ආයුෂ්මතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනුම්හ”යි අර්‍හත්‍වය ප්‍රකාශ කරණ ලද්දේ සැබෑ දැයි මෙය කී ය. ඇවැත්නි ,එසේ ය යි.
Pali BJTඅපි නු තුම්හෙ{1} ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොථ? එකොපි හුත්වා බහුධා හොථ. බහුධාපි හුත්වා එකො හොථ. ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡථ සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං{2} කරොථ සෙය්යථාපි උදකෙ. උදකෙපි අභෙජ්ජමානෙ{3} ගච්ඡථ සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන කමථ සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවම්මහිද්ධිකෙ එවම්මහානුභාවෙ පාණිනා පරාමසථ{4} පරිමජ්ජථ. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙථාති? නො හෙතං ආවුසො.
Sinhala BJTආයුෂ්මත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ තෙපි නන්වැදෑරුම් ඍද්ධි කොටස් විඳිවු ද? (කෙසේ ද යත්:) එකෙක් වීත් බොහෝ අයුරු වවු ද, බොහෝ අයුරු වීත් එකෙක් වවු ද, පැණෙන බවත් නො පැණෙන බවත් කරවු ද, අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස නො ගැටෙමින් යවු ද, දියෙහි මෙන් පොළොවෙහිත් කිමිදීම් මතුවීම් කරවු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යවු ද, පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් හැසිරෙවු ද, මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්‍ශන කරවු ද, පිරිමදි වු ද, බඹලොව තෙක් කයින් වශයෙහි පවත්වවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
Pali BJTඅපි නු තුම්හෙ ආයස්මන්තො එවං ජානන්තා එවං පස්සන්තා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය{5} උභො සද්දෙ සුණාථ දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ චාති? නො හෙතං ආවුසො.
Sinhala BJTආයුෂ්මත්නි, මෙසේ දන්නා මෙසේ දක්නා තෙපි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම පැවති දිව්‍යමය වූ ශ්‍රෝත්‍ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසවු දැයි? ඇවැත්නි, මේ නො වේ ම ය.
Pali BJTඅපි නු තුම්හෙ ආයස්මන්තො, එවං ජානන්තා එවං පස්සන්තා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාථ?{6} සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාථ, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාථ. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාථ. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාථ, සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාථ, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාථ, සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාථ, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාථ, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාථ, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාථ, සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාථ, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාථ, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාථ, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාථ, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාථ, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාථාති? නො හෙතං ආවුසො.
Sinhala BJTආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු තම සිතින් අන් සතුන්ගේ අන්පුඟුලන් සිත පිරිසිඳ දනිවු ද? (කෙසේ ද යත්:) සරාග සිතත් සරාග සිත ය යි දනිවු ද, වීතරාග සිතත් වීතරාග සිත ය යි දනිවු ද, සදෝස සිතත් සදෝස සිත ය යි දනිවු ද, වීතදෝස සිතත් වීතදෝස සිත ය යි දනිවු ද, සමෝග සිතත් සමෝග සිත ය යි දනිවු ද, වීතමෝහ සිතත් වීතමෝහ සිත ය යි දනිවු ද, සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිත ය යි දනිවු ද, වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිත ය යි දනිවු ද, මහග්ගත සිතත් මහග්ගත සිත ය යි දනිවු ද, අමහග්ගත සිතත් අමහග්ගත සිත ය යි දනිවු ද, සඋත්තර සිතත් සඋත්තර සිත ය යි දනිවු ද, අනුත්තර සිතත් අනුත්තර සිත ය යි දනිවු ද, සමාහිත සිතත් සමාහිත සිත ය යි දනිවු ද, අසමාහිත සිතත් අසමාහිත සිත ය යි දනිවු ද, විමුත්ත සිතත් විමුත්ත සිත ය යි දනිවු ද, අවිමුත්ත සිතත් අවිමුත්ත සිත ය යි දනිවු දැ යි? ඇවැත්නි, මෙය නො වේ ම ය.
Pali BJTඅපි නු තුම්හෙ ආයස්මන්තො, එවං ජානන්තා එවං පස්සන්තා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරථ? සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, ‘අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං.{1} තත්රාපාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරථාති? නො හෙතං ආවුසො.
Sinhala BJTආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරවු ද? කෙසේද යත්: එක් ජාතියකුත්, ජාති දෙකකුත්, ජාති තුනකුත්, ජාති සතරකුත්, ජාති පසකුත්, ජාති දසයකුත්, ජාති විස්සකුත්, ජාති තිසකුත්, ජාති සාළිසකුත්, ජාති පණසකුත්, ජාති සියකුත්, ජාති දහසකුත්, ජාති ලක්‍ෂයකුත්, නොයෙක් වැනසෙන කල්පයනුත්, නොයෙක් වැඩෙන කල්පයනුත්, නොයෙක් වැනසෙන වැඩෙන කල්පයනුත් (සිහි කරවු ද?) ‘අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳිනසුලු වූයෙම්, මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන පහළ වූයෙමි. එහි දු මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු වර්‍ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙසේ සුවදුක් විඳිනසුලු වූයෙම් මෙසේ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි’යි මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරවු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය.
Pali BJTඅපි නු තුම්හෙ ආයස්මන්තො, එවං ජානන්තා එවං පස්සන්තා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සථ චවමානෙ උප්පජ්ජමානෙ.{2} හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාථ? ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සථ චවමානෙ උපපජ්ජමානෙ{2} හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාථාති? නො හෙතං ආවුසො.
Sinhala BJTආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු පිරිසිදු වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයන් දකිවු ද? හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද යහපත් ගති අත්තා වූ ද නපුරු ගති අත්තා වූ ද කම් වූ පරිදි පැමිණියා වූ ද සත්ත්‍වයින් දනි වු ද, “මේ පින්වත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තයහ. වාග්දුශ්චරිතයෙන් යුක්තයහ. මනෝ දුශ්චරිතයෙන් යුක්තයහ. ආර්‍ය්‍යයන්ටඋපවාද කරන්නහු ය. මිසදිටු ගත්තහ. මිසදිටුකම් සමාදන් වූවහුය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණියහ. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්තයහ. වාග්සුචරිතයෙන් යුක්තයහ. මනඃසුචරිතයෙන් යුක්තයහ. ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නහු ය. සම්‍යග්දෘෂ්ටි ගත්තහ. සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවහුය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයන් දකිවු ද, හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද මනා ගති ඇත්තා වූ ද නපුරු ගති අත්තා වූ ද කම් වූ පරිදි පැමිණියා වූ ද සත්ත්‍වයින් දනි වු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය.
Pali BJTඅපි නු තුම්හෙ ආයස්මන්තො, එවං ජානන්තා එවං පස්සන්තා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තෙ කායෙන ඵුසිත්වා විහරථාති? නො හෙතං ආවුසො. එත්ථදානි ආයස්මන්තො, ඉදඤ්ච වෙය්යාකරණං ඉමෙසඤ්ච ධම්මානං අසමාපත්ති. ඉදං නො ආවුසො කථන්ති? පඤ්ඤාවිමුත්තා ඛො මයං ආවුසො සුසීමාති. න ඛ්වාහං ඉමස්ස ආයස්මන්තානං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ ආයස්මන්තො තථා භාසන්තු, යථාහං ඉමස්ස ආයස්මන්තානං සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති. ආජානෙය්යාසි වා ත්වං ආවුසො සුසීම, න වා{3} ත්වං ආජානෙය්යාසි. අථ ඛො පඤ්ඤාවිමුත්තා මයන්ති.
Sinhala BJTආයුෂ්මත්නි, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු රූපයෙන් ඉක්ම සිටි යම් ඒ ශාන්ත අරූප විමෝක්‍ෂයෝ වෙත් නම් ඔවුන් කයින් පැහැස වෙසෙවු ද? ඇවැත්නි, මෙය නො වේ ම ය. ආයුෂ්මත්නි, දැන් මෙහි මේ ප්‍රකාශය ද මේ ධර්‍මයන්ට නො පැමිණීම ය. ඇවැත්නි, මෙය කෙසේ වේ ද? ‘ඇවැත් සුසීම, අපි (ශුෂ්ක විදර්‍ශකයමෝ විදර්‍ශනා) ප්‍රඥායෙන් ම මිදුනමෝ වම්හ’යි. ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ලද මෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. යම් සේ ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ලද මෙහි අරුත විතර විසින් මම දැන ගතහෙම් ද, ආයුෂ්මත්හු මට එසේ කියත්ව යි අයදිමි. ‘ඇවැත් සුසීම, තෝ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) අපි වූ කලී ප්‍රඥාමාත්‍රයෙන් ම මිදුනෝ වම්හ’යි.
Pali BJTඅථ ඛො ආයස්මා සුසීමො උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සුසීමො යාවතකො තෙහි භික්ඛූහි සද්ධිං අහොසි කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සුසීම තෙමේ හුනනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සුසීම තෙමේ ඒ භික්‍ෂූන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළේය.
Pali BJT“පුබ්බෙ ඛො සුසීම, ධම්මට්ඨිතිඤාණං, පච්ඡා නිබ්බානෙ ඤාණන්ති.”
Sinhala BJT“සුසීම, පළමු ම විදර්‍ශනාඥානය වේ. පසුව මාර්‍ගඥානය උපදී.”
Pali BJTන ඛ්වාහං භන්තෙ, ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ භන්තෙ, භගවා තථා භාසතු, යථාහං ඉමස්ස භගවතා{1} සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මෙහි අරුත විතර විසින් මම යම් සේ දැන ගතහෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එසේ වදාරණ සේක්වායි අයදිමි.
Pali BJT“ආජානෙය්යාසි වා ත්වං සුසීම, න වා ත්වං ආජානෙය්යාසි, අථ ඛො ධම්මට්ඨිති ඤාණං පුබ්බෙ, පච්ඡා නිබ්බානෙ ඤාණං”.
Sinhala BJT‘සුසීම, තෝ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) විදසුන් නුවණ වූ කලී පළමුව උපදී. මඟනුවණ පසුව උපදී.’
Pali BJTතඞ්කිම්මඤ්ඤසි සුසීම, රූපං නිච්චං වා අනිච්චං වාති? ‘අනිච්චං භන්තෙ’. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භන්තෙ.’ යං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං, “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? ‘නො හෙතං භන්තෙ.’ වෙදනා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- සඤ්ඤා නිච්චා වා අනිච්චා වාති? ‘අනිච්චා භන්තෙ’ -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා ති? ‘අනිච්චං භන්තෙ’ යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? ‘දුක්ඛං භන්තෙ.’ යං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තාති?” ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, ඒ කිමැයි හඟිහි ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම් එය ‘මෙය මා ගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’ වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේ ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සුලු නම්, එය ‘මෙය මා ගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTතස්මාතිහ සුසීම, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතංසම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා අතීතානාගත පච්චුප්පන්නා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන්තිකෙ වා, සබ්බෙ සඞ්ඛාරා “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTසුසීම, එහෙයින් මෙහි ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න යම් කිසි රූපයෙක් වේ නම් ඒ සියලු රූපය ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. අතීතානාගතපච්චුප්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද ... ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න යම් කිසි සංස්කාරයෝ වෙත් නම් ඒ සියලු සංස්කාරයෝ ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ලඟ වූ හෝ, අතීතානාගතපච්චුප්පන්න විඤ්ඤාණයෙක් වේ නම් ඒ සියලු විඤ්ඤාණය ‘මෙය මාගේ නො වේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං සුසීම සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTසුසීම, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරයන්හි ද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ ය යි දැන්ම වෙයි. ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.
Pali BJTජාතිපච්චයා ජරාමරණන්ති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ’. භවපච්චයා ජාතීති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ.’ උපාදානපච්චයා භවොති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ.’ තණ්හාපච්චයා උපාදානන්ති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ.’ වෙදනාපච්චයා තණ්හාති -පෙ- ඵස්සපච්චයා වෙදනාති -පෙ- සළායතනපච්චයා ඵස්සොති -පෙ- නාමරූපපච්චයා සළායතනන්ති -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ’.
Sinhala BJTසුසීම, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානවේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ ය යි ... නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේ ය යි ... සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ ය යි ... සුසීම, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’
Pali BJTජාතිනිරොධා ජරාමරණනිරොධොති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ.’ භවනිරොධා ජාතිනිරොධොති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ.’ උපාදානනිරොධා භවනිරොධොති -පෙ- තණ්හානිරොධා උපාදානනිරොධොති -පෙ- වෙදනානිරොධා තණ්හානිරොධොති -පෙ- ඵස්සනිරොධා වෙදනානිරොධොති -පෙ- සළායතනනිරොධා ඵස්සනිරොධොති -පෙ- නාමරූපනිරොධා සළායතනනිරොධොති -පෙ- විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති -පෙ- සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොති -පෙ- අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති සුසීම, පස්සසීති? ‘එවං භන්තෙ’.
Sinhala BJTසුසීම, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ සුසීම, භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’ ... උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ ය යි ... තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ය යි … වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ ය යි ... ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ ය යි ... ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ය යි ... නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ ය යි ... විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය යි ... සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ ය යි ... සුසීම, අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ ය යි දකිහි ද? ‘වහන්ස, එසේ ය.’
Pali BJTඅපි නු ත්වං සුසීම, එවං ජානන්තො එවං පස්සන්තො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසි? – එකොපි හුත්වා බහුධා හොසි, බහුධාපි හුත්වා එකො හොසි, ආවීභාවං තිරොභාවං, තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡසි සෙය්යථාපි ආකාසෙ, පඨවියම්පි උම්මුජ්ජනිමුජ්ජං කරොසි සෙය්යථාපි උදකෙ, උදකෙපි අභෙජ්ජමානෙ ගච්ඡසි සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමසි සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිම සූරියෙ එවම්මහිද්ධිකෙ එවම්මහානුභාවෙ පාණිනා පරාමසසි පරිමජ්ජසි, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙසීති? ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි නන් අයුරු වූ ඍද්ධි කොටස් විඳිහි ද? (එනම්:) එකෙක් වී බොහෝ අයුරුත් වෙහි ද, බොහෝ අයුරු වී එකෙකුත් වෙහි ද, පැණෙන බවත් නො පැණෙන බවත් (කෙරෙහි ද), අහසෙහි මෙන් බිතු සරස පවුරු සරස, පවු සරස නො ගැටෙමින් යෙහි ද, දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම් කිමිදීම් කෙරෙහි ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යෙහි ද, පියාපත් ඇති පක්‍ෂියෙකු මෙන් අහසෙහිත් පළඟින් යෙහි ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පරාමර්‍ශනය කෙරෙහි ද, පිරිමදි හි ද, බඹලොව තෙක් දු කයින් වශයෙහි පවත්වහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTඅපි නු ත්වං සුසීම, එවං ජානන්තො එවං පස්සන්තො දිබ්බාය සොත ධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාසි දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චාති? ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි පිරිසුදු වූ මිනිස් බැව් ඉක්ම සිටි දිව්‍යමය වූ ශ්‍රෝත්‍ර ධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුර වූත් ලඟ වූත් දෙවැදෑරුම් ශබ්ද අසහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTඅපි නු ත්වං සුසීම, එවං ජානන්තො එවං පස්සන්තො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාසි: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාසි -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාසීති? ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි තම සිතින් අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත පිරිසිඳ දනිහි ද? සරාග වූ හෝ සිත සරාග සිත ය යි දනිහි ද, ... විමුත්ත වූ හෝ සිත විමුත්ත සිත ය යි දනිහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTඅපි නු ත්වං සුසීම, එවං ජානන්තො එවං පස්සන්තො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරසි: සෙය්යථිදං – එකම්පි ජාතිං -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරසීති? ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙහි ද? කෙසේද යත්: එක් ජාතියකුත් ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් අයුරු වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTඅපි නු ත්වං සුසීම, එවං ජානන්තො එවං පස්සන්තො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සසි චවමානෙ උප්පජ්ජමානෙ -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානාසීති? ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදින්නා වූ ද සත්ත්‍වයින් දකිහි ද ... කම් වූ පරිදි පැමිණි සත්ත්‍වයින් දකිහි ද? ‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTඅපි නු ත්වං සුසීම, එවං ජානන්තො එවං පස්සන්තො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵුසිත්වා විහරසීති? ‘නො හෙතං භන්තෙ.’
Sinhala BJTසුසීම, තෝ මෙසේ දන්නෙහි මෙසේ දක්නෙහි රූපයන් ඉක්මවා සිටි යම් ඒ ශාන්ත අරූප විමෝක්‍ෂයෝ වෙත් නම් ඔවුන් කයින් පැහැස වෙසෙහි ද? ‘වහන්ස, මෙය නො වේ මැ යි.’
Pali BJTඑත්ථදානි සුසීම, ඉදඤ්ච වෙය්යාකරණං ඉමෙසඤ්ච ධම්මානං අසමාපත්ති. ඉදං නො සුසීම, කථන්ති?
Sinhala BJTසුසීම, දැන් මෙහි මේ ප්‍රකාශය ද මේ ධර්‍මයන්ට නො පැමිණීම ය. සුසීම මෙය කෙසේ වේ ද?
Pali BJTඅථ ඛො ආයස්මා සුසීමො භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: “අච්චයො මං භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යො’හං{1} එවං ස්වාක්ඛාතො ධම්මවිනයෙ ධම්මත්ථෙනකො පබ්බජිතො. තස්ස මෙ භන්තෙ, භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායා”ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සුසීම තෙමේ භාග්‍යවතුන් වහන්සේ පා ළඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැළ කළේය: වහන්ස, ‘යම්බඳු මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුව පැවිදි වූයෙම් ද, බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්‍ෂයකු මෙන් වරද ඒ මා ඉක්ම ගියේය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද ආයති සංවරය පිණිස වරද වශයෙන් පිළිගන්නා සේක් වා’ යි.
Pali BJTතග්ඝ ත්වං සුසීම, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථා අකුසලං, යො ත්වං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ ධම්මත්ථෙනකො පබ්බජිතො. සෙය්යථාපි සුසීම, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්යුං ‘අයං තෙ දෙව චොරො ආගුචාරී. ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: “ගච්ඡථ භො ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩකං{2} කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිණෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දථා”ති . තමෙනං රඤ්ඤො පුරිසා දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිණෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දෙය්යුං.
Sinhala BJTසුසීම, යම්බඳු තෝ මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුව පැවිදි වූයෙහි ද, බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්‍ෂයකු මෙන් වරද ඒකාන්තයෙන් තා ඉක්ම ගියේය. සුසීම, යම් සේ අපරාධකාරී සොරකු ගෙන ‘දේවයන් වහන්ස, මේ ඔබ වහන්සේට අපරාධ කළ සොරෙකි. මොහුට යම් දණ්ඩනයක් රිසියෙහි නම් පණවනු මැනැවැ’ යි රජුට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ ඔහුට මෙසේ කියන්නේ ය: ‘පින්වත්නි, යවු. මේ පුරුෂයා දැඩි රැහැණින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ ක්‍ෂුරයෙන් හිස මුදු කොට රළු හඬැති පණාබෙරින් වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු පසෙහි දී හිස ගසා ලවු’යි. රාජපුරුෂයෝ ඒ ඔහු දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැම්මෙන් බැඳ ක්‍ෂුරයෙන් හිස මුදු කොට රළුහඩ ඇති පණාබෙරින් වීදියෙන් වීදියට සිවුමංසලින් සිවුමංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු පසෙහි දී හිස සිඳින්නාහු ය.
Pali BJTතං කිං මඤ්ඤසි සුසීම, අපි නු සො පුරිසො තතොනිදානං දුක්ඛං දොමනස්සං{3} පටිසංවෙදයෙථාති? ‘එවං භන්තෙ’.
Sinhala BJTසුසීම, ඒ කිමැයි හඟිහි ද. ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ දැයි? ‘වහන්ස, එසේ ය.’
Pali BJTයඞ්ඛො සො සුසීම, පුරිසො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයෙථ,{4} යා ච එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ ධම්මත්ථෙනකස්ස පබ්බජ්ජා, අයං තතො දුක්ඛවිපාකතරා ච කටුකවිපාකතරා ච. අපි ච විනිපාතාය සංවත්තති. යතො ච ඛො ත්වං සුසීම, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පටිගණ්හාම. වුද්ධි හෙසා සුසීම, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිඤ්ච සංවරං ආපජ්ජතීති.
Sinhala BJTසුසීම, ඒ පුරුෂ තෙමේ ඒ හේතුවෙන් යම්බඳු දුකක් දොම්නසක් විඳින්නේ ද, මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි දහම් සොරකුගේ යම් පැවිද්දක් වේ ද, මේ පැවිද්ද ඒ දුකට වඩා අතිශයින් දුක්විපාක ඇත්තේ ද, අතිශයින් කටුක විපාක ඇත්තේ ද වෙයි. වැලිදු නිරය පිණිස ද පවතී. සුසීම, යම් හෙයකින් තෝ වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරෙහි ද, තාගේ ඒ වරද පිළිගණුම්හ. සුසීම, යමෙක් වරද වරද වශයෙන් දැක දහම් වූ පරිදි පිළියම් කෙරේ නම් ආයති සංවරයටත් පැමිණේ නම් ආර්‍ය්‍යවිනයෙහි මේ වැඩීමෙක් ම ය.
Pali BJTමහාවග්ගො සත්තමො.
Sinhala BJTමහා වර්‍ගය සත් වැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය :
Pali BJTද්වෙ අස්සුතවතා වුත්තා පුත්තමංසෙන චාපරං, අත්ථිරාගො ච නගරං සම්මසනනළකලාපියං, කොසම්බි උපයන්ති ච දසමො සුසීමෙනාති.{*}
Sinhala BJTඅස්සුතවන්තු සූත්‍ර දෙක ද, පුත්තමංස, අත්‍ථිරාග, නගර, සම්මසන, නළකලාපි , කෝසම්බි , උපයන්ති, සුසීම සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT8. සමණබ්රාහ්මණවග්ගො
Sinhala BJT8. සමණබ්‍රාහ්මණ වර්‍ගය
Pali BJT1. 8. 1.
Sinhala BJT1. 8. 1.
Pali BJTජරාමරණසුත්තං
Sinhala BJTජරාමරණ සූත්‍රය
Pali BJT71. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා -පෙ- එතදවොච:
Sinhala BJT71. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ... මෙය වදාළ සේක:
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං නප්පජානන්ති, ජරාමරණසමුදයං නප්පජානන්ති, ජරාමරණනිරොධං නප්පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණ සම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි දු ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි දු බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණ දමෙහි ඵලය හෝ බමුණු දමෙහි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං පජානන්ති, ජරාමරණසමුදයං පජානන්ති, ජරාමරණනිරොධං පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන්ති. තෙ ඛොමෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා, බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණසමුදය දනිත් ද, ජරාමරණනිරෝධය දනිත් ද, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද, මහණෙනි, ඒ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි දු මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහි දු බමුණෝ ය යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු මහණදමේ ඵලයත් බමුණු දමෙහි ඵලයත් මේ අත්බැව්හි තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
Pali BJT1. 8. 2.
Sinhala BJT1. 8. 2.
Pali BJTජාතිසුත්තං
Sinhala BJTජාති සූත්‍රය
Pali BJT72. [යෙ හි කෙචි -පෙ-] ජාතිං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- ජාතිං පජානන්ති -පෙ-]
Sinhala BJT72. යම් කිසි … කෙනෙක් ජාතිය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ජාතිය දනීද ...
Pali BJT1. 8. 3.
Sinhala BJT1. 8. 3.
Pali BJTභවසුත්තං
Sinhala BJTභව සූත්‍රය
Pali BJT73. [යෙ හි කෙචි -පෙ-] භවං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- භවං පජානන්ති -පෙ-]
Sinhala BJT73. යම් කිසි … කෙනෙක් භවය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් භවය දනිද්ද ...
Pali BJT1. 8. 4.
Sinhala BJT1. 8. 4.
Pali BJTඋපාදානසුත්තං
Sinhala BJTඋපාදාන සූත්‍රය
Pali BJT74. [යෙ හි කෙචි -පෙ-] උපාදානං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- උපාදානං පජානන්ති -පෙ-]
Sinhala BJT74. යම් කිසි … කෙනෙක් උපාදානය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් උපාදානය දනිද්ද ...
Pali BJT1. 8. 5.
Sinhala BJT1. 8. 5.
Pali BJTතණ්හාසුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT75. [යෙ හි කෙචි -පෙ-] උපාදානං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- උපාදානං පජානන්ති -පෙ-]
Sinhala BJT75. යම් කිසි … කෙනෙක් තණ්හාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් තණ්හාව දනිද්ද ...
Pali BJT1. 8. 6.
Sinhala BJT1. 8. 6.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT76. [යෙ හි කෙචි -පෙ-] වෙදනං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- වෙදනං පජානන්ති -පෙ-]
Sinhala BJT76. යම් කිසි … කෙනෙක් වේදනාව නො දනිද්ද … යම් කිසි … කෙනෙක් වේදනාව දනිද් ද..
Pali BJT1. 8. 7.
Sinhala BJT1. 8. 7.
Pali BJTඵස්සසුත්තං
Sinhala BJTඵස්ස සූත්‍රය
Pali BJT77. [යෙ හි කෙචි -පෙ-] ඵස්සං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- ඵස්සං පජානන්ති -පෙ-]
Sinhala BJT77. යම් කිසි … කෙනෙක් ඵස්සය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් ඵස්සය දනිද් ද ...
Pali BJT1. 8. 8.
Sinhala BJT1. 8. 8.
Pali BJTසළායතනසුත්තං
Sinhala BJTසළායතන සූත්‍රය
Pali BJT78. [යෙ හි කෙචි -පෙ-] සළායතනං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- සළායතනං පජානන්ති -පෙ-]
Sinhala BJT78. යම් කිසි … කෙනෙක් සළායතන නො දනිද්ද … යම් කිසි … කෙනෙක් සළායතන දනිද් ද ...
Pali BJT1. 8. 9.
Sinhala BJT1. 8. 9.
Pali BJTනාමරූපසුත්තං
Sinhala BJTනාමරූප සූත්‍රය
Pali BJT79. [යෙ හි කෙචි -පෙ-] නාමරූපං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- නාමරූපං පජානන්ති -පෙ-]
Sinhala BJT79. යම් කිසි … කෙනෙක් නාමරූප නො දනිද්ද … යම් කිසි … කෙනෙක් නාමරූප දනිද් ද ...
Pali BJT1. 8. 10.
Sinhala BJT1. 8. 10.
Pali BJTවිඤ්ඤාණසුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT80. [යෙ හි කෙචි -පෙ-] විඤ්ඤාණං නප්පජානන්ති -පෙ- [යෙ ච ඛො කෙචි -පෙ- විඤ්ඤාණං පජානන්ති -පෙ-]
Sinhala BJT80. යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය නො දනිද්ද … යම් කිසි … කෙනෙක් විඤ්ඤාණය දනිද් ද ...
Pali BJT1. 8. 11.
Sinhala BJT1. 8. 11.
Pali BJTසඞ්ඛාරසුත්තං
Sinhala BJTසඞ්ඛාර සූත්‍රය
Pali BJT81. [යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා] සඞ්ඛාරෙ නප්පජානන්ති, සඞ්ඛාරසමුදයං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, -පෙ- [න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ] සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJT81. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සඞ්ඛාර නො දනිද්ද, සඞ්ඛාරසමුදය නො දනිද්ද, සඞ්ඛාරනිරෝධය නො දනිද්ද ... සඞ්ඛාරනිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිද්ද … ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලය හෝ බමුණුදම්හි ඵලය හෝ මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාසය නො කෙරෙති.
Pali BJT[යෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සඞ්ඛාරෙ පජානන්ති -පෙ- තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.]
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ සඞ්ඛාර දනිද් ද, ... ඒ ආයුෂ්මත්හු මහණදම්හි ඵලයත් හෝ බමුණුදම්හි ඵලයත් මේ අත්බැව්හි තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙති යි.
Pali BJTසමණබ්රාහ්මණවග්ගො අට්ඨමො.
Sinhala BJTසමණබ්‍රාහ්මණවර්‍ගය අටවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපච්චයෙකාදස වුත්තා චතුසච්චවිභජ්ජනා, සමණබ්රාහ්මණවග්ගො අභිසමයෙභවතට්ඨමො.{1}
Sinhala BJTසිවුසස් බෙදීමෙන් (ජරාමරණාදි) පච්චය සූත්‍ර එකොළොසෙක් වදාරණ ලදි. අභිසමයසංයුත්තයෙහි සමණබ්‍රාහ්මණවර්‍ගය අටවැන්න වන්නේ යි.
Pali BJT9. අන්තරපෙය්යාලො
Sinhala BJT9. අන්තරපෙය්‍යාලය
Pali BJT1. සත්ථුවග්ගො
Sinhala BJT1. සත්‍ථු වර්‍ගය
Pali BJT1. 9. 1. 1.
Sinhala BJT1. 9. 1. 1.
Pali BJTජරාමරණසුත්තං
Sinhala BJTජරාමරණ සූත්‍රය
Pali BJT82. සාවත්ථියං–
Sinhala BJT82. සැවැත්නුවර–
Pali BJTජරාමරණං භික්ඛවෙ, අජානතා අපස්සතා යථාභූතං ජරාමරණෙ යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බො. ජරාමරණසමුදයං අජානතා අපස්සතා යථාභූතං ජරාමරණසමුදයෙ යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බො. ජරාමරණනිරොධං අජානතා අපස්සතා යථාභූතං ජරාමරණනිරොධෙ යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බො. ජරාමරණනිරොධගාමිනිං පටිපදං අජානතා අපස්සතා යථාභූතං ජරාමරණනිරොධගාමිනියා පටිපදාය යථාභූතංඤාණාය සත්ථා පරියෙසිතබ්බොති.
Sinhala BJTමහණෙනි, ජරාමරණ තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණයෙහි තතු සේ දැනීම පිණිස (මාර්‍ගඥානදායී) ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණසමුදය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණසමුදයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධය තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණ නිරෝධයෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ ය. ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව තතු සේ නො දන්නහු විසින් නො දක්නහු විසින් ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාවෙහි තතු සේ දැනීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේ යි.
Pali BJT(සබ්බෙසං පෙය්යාලො එවං විත්ථාරෙතබ්බොති)
Sinhala BJT(සියල්ල පිළිබඳ පෙය්‍යාලය මෙසේ විස්තර කට යුතු.)
Pali BJT1. 9. 1. 2.
Sinhala BJT1. 9. 1. 2.
Pali BJTජාතිසුත්තං
Sinhala BJTජාති සූත්‍රය