Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති. වෙදනායපි නිබ්බින්දති. සඤ්ඤායපි නිබ්බින්දති. සඞ්ඛාරෙසුපි නිබ්බින්දති. විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. ‘කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතී’ති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරකයන්හිද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලේ. නො ඇලෙනුයේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ඉපදීම ක්‍ෂය වී ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුත්ත කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගනියි.
Pali BJT1. 7. 2.
Sinhala BJT1. 7. 2.
Pali BJTදුතිය අස්සුතවන්තුසුත්තං
Sinhala BJTදුතිය අස්සුතවන්තු සූත්‍රය
Pali BJT62. සාවත්ථියං–
Sinhala BJT62. සැවැත්නුවර–
Pali BJTඅස්සුතවා භික්ඛවෙ, පුථුජ්ජනො ඉමස්මිං චාතුම්මහාභූතිකස්මිං කායස්මිං නිබ්බින්දෙය්යපි විරජ්ජෙය්යපි විමුච්චෙය්යපි. තං කිස්ස හෙතු: දිස්සති භික්ඛවෙ ඉමස්ස චාතුම්මහාභූතිකස්ස කායස්ස ආචයොපි අපචයොපි ආදානම්පි නික්ඛෙපනම්පි. තස්මා තත්රාස්සුතවා පුථුජ්ජනො නිබ්බින්දෙය්යපි විරජ්ජෙය්යපි විමුච්චෙය්යපි.
Sinhala BJTමහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි කළකිරෙන්නේත් නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි කළකිරෙන්නේ නො ඇලෙන්නේත් මිදෙනු කැමැත්තේත් වෙයි.
Pali BJTයඤ්ච ඛො එතං භික්ඛවෙ වුච්චති චිත්තං ඉතිපි මනො ඉතිපි විඤ්ඤාණං ඉතිපි. තත්රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං. තං කිස්ස හෙතු: දීඝරත්තං හෙතං භික්ඛවෙ, අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ඣොසිතං මමායිතං පරාමට්ඨං “එතං මම එසොහමස්මි එසො මෙ අත්තා”ති. තස්මා තත්රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඥාන යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙනු කැමැති වන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් දිගුකලක් මුළුල්ලෙහි (මේ සිත) ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාවෙන්) බැස ගන්නා ලද්දේය. මමත්‍වය කරණ ලද්දේය. දෘෂ්ටියෙන් පරාමර්‍ශනය කරණ ලද්දේය. එහෙයින් එහි පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙනු කැමැති වන්නට නො සමත් ය.
Pali BJTවරං{1} භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො ඉමං චාතුම්මහාභූතිකං කායං අත්තතො උපගච්ඡෙය්ය, න ත්වෙව චිත්තං. තං කිස්ස හෙතු: දිස්සතායං භික්ඛවෙ, චාතුම්මහාභූතිකො කායො එකම්පි වස්සං තිට්ඨමානො ද්වෙපි වස්සානි තිට්ඨමානො, තීණිපි -පෙ- චත්තාරිපි -පෙ- පඤ්චපි -පෙ- දසපි -පෙ- වීසතිපි -පෙ- තිංසම්පි -පෙ- චත්තාරීසම්පි -පෙ- පඤ්ඤාසම්පි -පෙ- වස්සසතම්පි තිට්ඨමානො. භීය්යොපි තිට්ඨමානො, යඤ්ච ඛො එතං භික්ඛවෙ වුච්චති චිත්තං ඉතිපි මනො ඉතිපි විඤ්ඤාණං ඉතිපි, තං රත්තියා ච දිවසස්ස ච අඤ්ඤදෙව උප්පජ්ජති. අඤ්ඤං නිරුජ්ඣති.
Sinhala BJTමහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ කය ආත්ම වශයෙන් ගන්නේ නම් මැනවි. සිත (ආත්ම වශයෙන් ගන්නේ නම්) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, චාතුම්මහාභූතික මේ කය එක්වසකුත් සිටුනේ දෙවසකුත් සිටුනේ තෙවසකුත් ... සිවුවසකුත් ... පස්වසකුත් ... දසවසකුත් ... විසිවසකුත් ... තිස්වසකුත් ... සාළිස්වසකුත් ... පනස්වසකුත් ... සියවසකුත් සිටුනේ වැඩියකුත් සිටුනේ දක්නා ලැබේ. මහණෙනි, මේ යමක් සිත යයි දු, මනස යයි දු, විඥාන යයි දු, කියනු ලැබේ නම් එය රැයෙහි දු දහවල්හි දු, අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදං යෙව සාධුකං යොනිසො මනසි කරොති: ඉති ඉමස්මිං සති ඉදං හොති: ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣතිං. සුඛවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. තස්සෙව සුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති. සා වූපසම්මති.{1} දුක්ඛවෙදනීයං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා{2}, තස්සෙව දුක්ඛවෙදනීයස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා, සා නිරුජ්ඣති. සා වූපසම්මති. අදුක්ඛමසුඛවෙදනීයං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා, තස්සෙව අදුක්ඛමසුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛවෙදනා සා නිරුජ්ඣති. සා වූපසම්මති.
Sinhala BJTමහණෙනි, එහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය හටගැනීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ” ය යි මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. මහණෙනි, සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා සුඛවේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛ වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ සුඛ වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා දුක් වේදනාව උපදී. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ද්වින්නං කට්ඨානං සඞ්ඝට්ටසමොධානා{3} උස්මා ජායති, තෙජො අභිනිබ්බත්තති. තෙසං යෙව ද්වින්නං කට්ඨානං නානාභාවා විනික්ඛෙපා{4} යා තජ්ජා උස්මා සා නිරුජ්ඣති. සා වූපසම්මති. එවමෙව ඛො භික්ඛවෙ, සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා{5}, තස්සෙව සුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා, සා නිරුජ්ඣති. සා වූපසම්මති. දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච -පෙ- අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා, සා නිරුජ්ඣති. සා වූපසම්මති.
Sinhala BJTමහණෙනි, යම්සේ දඬු දෙකක් ගැටුම හා එක්වීමෙන් උණුසුම උපදී ද, උණුසුම හටගනී ද, ඒ දඬු දෙක ම වෙන්වීමෙන් බැහැර ලීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්සිඳේ. මහණෙනි, එසෙයින් ම සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා සුඛ වේදනාව උපදී. සුඛවේදනාවට ප්‍රත්‍ය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ සුඛවේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ. දුක් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා ... මහණෙනි, මැදහත් වේදනාවට ස්පර්‍ශය නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් ඊට අනුරූප වූ යම් වේදනාවක් වේ නම් මැදහත් වේදනාවට ප්‍රත්‍යය වූ ස්පර්‍ශය නිසා උපන් ඒ දුක් වේදනාව නිරුද්ධ වේ. එය සන්සිඳේ.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො ඵස්සෙපි නිබ්බින්දති. වෙදනායපි නිබ්බින්දති. සඤ්ඤායපි නිබ්බින්දති. සඞ්ඛාරෙසුපි නිබ්බින්දති. විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ස්පර්‍ශයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංඥාවෙහි ද කලකිරෙයි. සංස්කාරයන්හි ද කලකිරෙයි. විඥානයෙහි ද කලකිරෙයි. කළකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂය වූවාය. බඹසර වැස නිමවන නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගනී.
Pali BJT1. 7. 3.
Sinhala BJT1. 7. 3.
Pali BJTපුත්තමංසසුත්තං
Sinhala BJTපුත්තමංස සූත්‍රය
Pali BJT63. සාවත්ථියං–
Sinhala BJT63. සැවැත්නුවර–
Pali BJTචත්තාරො මෙ භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය.
Sinhala BJTමහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස ද ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාර ය, දෙවෙනි වූ ස්පර්‍ශාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඥානාහාර ය යි. මහණෙනි, මේ සිවු ආහාර උපන් සත්ත්‍වයන්ගේ ස්ථිතිය පිණිසත් ඉපදීම අපේක්‍ෂා කරනවුන්ට අනුග්‍රහ පිණිසත් වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, කබළීකාරො ආහාරො දට්ඨබ්බො? සෙය්යථාපි භික්ඛවෙ, ද්වෙ ජයම්පතිකා{1} පරිත්තං සම්බලං ආදාය කන්තාරමග්ගං පටිපජ්ජෙය්යුං. තෙසමස්ස එකපුත්තකො පියො මනාපො. අථ ඛො තෙසං භික්ඛවෙ, ද්වින්නං ජයම්පතිකානං කන්තාරගතානං යා පරිත්තා සම්බලමත්තා, සා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. සියා ච තෙසං කන්තාරාවසෙසො අනිත්තිණ්ණො.{2} අථ ඛො තෙසං භික්ඛවෙ, ද්වින්නං ජයම්පතිකානං එවමස්ස: අම්හාකං ඛො යා පරිත්තා සම්බලමත්තා, සා පරික්ඛීණා පරියාදින්නා අත්ථි චායං කන්තාරාවසෙසො අනිත්තිණ්ණො. යන්නූන මයං ඉමං එකපුත්තකං පියං මනාපං වධිත්වා වල්ලූරඤ්ච සොණ්ඩිකඤ්ච කරිත්වා පුත්තමංසානි ඛාදන්තා ද්වෙපිමං{3} කන්තාරාවසෙසං නිත්ථරෙය්යාම, මා සබ්බෙව තයො විනස්සිම්හාති. අථ ඛො තෙ භික්ඛවෙ, ද්වෙ ජයම්පතිකා තං එකපුත්තකං පියං මනාපං වධිත්වා වල්ලූරඤ්ච සොණ්ඩිකඤ්ච කරිත්වා පුත්තමංසානි ඛාදන්තා එවං නං{4} කන්තාරාවසෙසං නිත්ථරෙය්යුං. තෙ පුත්තමංසානි චෙව ඛාදෙය්යුං, උරෙ ච පතිපිංසෙය්යුං.{5} ‘කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති.
Sinhala BJTමහණෙනි, කබලීකාර ආහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම් සේ අඹුසැමි දෙදෙනෙක් මද වූ මාර්ගෝපකරණයක් ගෙන කතරමගට පිළිපන්නාහු ද, ඔවුනට ප්‍රිය මනාප වූ එක් පුතෙක් වන්නේ ය. මහණෙනි, එකල්හි කතරමගට පිළිපන් ඒ දෙමහල්ලන්ගේ මඳ වූ යම් මාර්ගෝපකරණයෙක් වී නම් එය ගෙවීමට නිමාවට යන්නේ ය. ඔවුන් විසින් තරණය නොකරණ ලද කතරමංශේෂයෙක් ද වන්නේ ය. මහණෙනි, එකල්හි ඒ දෙමහල්ලන්ට මෙබඳු අදහසෙක් වන්නේ ය. ‘අපගේ මඳ වූ යම් මගවියදමෙක් වී නම් එය ගෙවුනේ ය. අවසන් වූයේ ය. තරණය නො කරණ ලද ඉතිරි වූ මේ කතරමගෙක් ද ඇත. අපි ප්‍රියමනාප වූ මේ එකම පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් අපි දෙදෙනා ම ඉතිරි කතරමග එතර කරන්නමෝ නම් යෙහෙකි. (එකල්හි) අපි සියලු තිදෙන ම නො වැනසෙන්නමෝ’ යි. මහණෙනි, ඉක්බිති ඒ දෙමහල්ලෝ ප්‍රියමනාප වූ ඒ එක් පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් මෙසේ ඉතිරි කතරමග තරණය කරන්නාහ. ඔහු පුතුමස් ද කන්නාහු ය. ‘එක ම පුත කොහි ද? එක ම පුත කොහි දැ?’යි ලෙහි ද පහර දෙන්නාහු ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තෙ දවාය වා ආහාරං ආහරෙය්යුං,{6} මදාය වා ආහාරං ආහරෙය්යුං,{6} මණ්ඩනාය වා ආහාරං ආහරෙය්යුං,{6} විභූසනාය වා ආහාරං ආහරෙය්යුං. නො හෙතම්භන්තෙ. නනු තෙ භික්ඛවෙ, යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය ආහාරං ආහාරෙය්යුන්ති? එවම්භන්තෙ. එවමෙව ඛ්වාහං භික්ඛවෙ, කබළීකාරො ආහාරො දට්ඨබ්බොති වදාමි.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඔහු ක්‍රීඩා පිණිස හෝ ආහාර ගන්නාහු ද? මදය පිණිස හෝ ආහාර ගන්නාහු ද? අලඞ්කාරය පිණිස හෝ ආහාර ගන්නාහු ද? සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහු ද? වහන්ස, මේ නොවේ ම ය. මහණෙනි, ඔහු කතරමග තරණය කිරීම පිණිස ම ආහාර ගන්නාහු නො වෙද්ද? වහන්ස, එසේ ය. මහණෙනි, කබලීකාර ආහාරය මෙසේ ම දතයුතු යයි මම කියමි.
Pali BJTකබලීකාරෙ භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ පඤ්චකාමගුණිකො රාගො පරිඤ්ඤාතො හොති. පඤ්චකාමගුණිකෙ රාගෙ පරිඤ්ඤාතෙ නත්ථි තං සඤ්ඤොජනං, යෙන සඤ්ඤොජනෙන සංයුත්තො අරියසාවකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්ය.
Sinhala BJTමහණෙනි, කබලීකාර ආහාරය පිරිසිඳ දත් කල්හි පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත්තේ වෙයි. පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නැවත මෙලොවට එන්නේ නම් ඒ සංයෝජනය නැත්තේය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ඵස්සාහාරො දට්ඨබ්බො? සෙය්යථාපි භික්ඛවෙ, ගාවී නිච්චම්මා කුඩ්ඩඤ්චෙ නිස්සාය තිට්ඨෙය්ය, යෙ කුඩ්ඩනිස්සීතා පාණා තෙ නං ඛාදෙය්යුං. රුක්ඛඤ්චෙ නිස්සාය තිට්ඨෙය්ය, යෙ රුක්ඛනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්යුං. උදකඤ්චෙ නිස්සාය තිට්ඨෙය්ය, යෙ උදකනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්යුං. ආකාසඤ්චෙ නිස්සාය තිට්ඨෙය්ය, යෙ ආකාසනිස්සිතා පාණා තෙ නං ඛාදෙය්යුං. යඤ්ඤදෙව හි සා භික්ඛවෙ ගාවී නිච්චම්මා නිස්සාය තිට්ඨෙය්ය, යෙ තන්නිස්සිතා තන්නිස්සිතා පාණා{7} තෙ නං ඛාදෙය්යුං. එවමෙව ඛ්වාහං භික්ඛවෙ, ඵස්සාහාරො දට්ඨබ්බොති වදාමි.
Sinhala BJTමහණෙනි, ස්පර්‍ශාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ උදුළසම් ඇති දෙනක් ඉදින් බිත්තියක් ඇසුරු කොට සිටින්නී නම් බිත්තිය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් රුකක් ඇසුරු කොට සිටින්නී නම් රුක ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් ජලයක් ඇසුරු කොට සිටින්නී නම් ජලය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් අහස ඇසුරු කොට සිටින්නී නම් අහස ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, උදුළසම් ඇති ඒ දෙන යමක් යමක් ඇසුරු කොට සිටින්නී නම් ඒ ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, ස්පර්‍ශාහාරය මෙසෙයින් ම දතයුත්තේ යයි මම කියමි.
Pali BJTඵස්සෙ භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ තිස්සො වෙදනා පරිඤ්ඤාතා හොන්ති. තීසු වෙදනාසු පරිඤ්ඤාතාසු අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිං{8} කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ස්පර්‍ශාහාරය පරිඥාත කල්හි වේදනාත්‍රය පරිඥාත වේ. වේදනාත්‍රය පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, මනොසඤ්චෙතනාහාරො දට්ඨබ්බො? සෙය්යථාපි භික්ඛවෙ, අඞ්ගාරකාසු සාධිකපොරිසා පුණ්ණා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො.{1} තමෙනං ද්වෙ බලවන්තො පුරිසා නානාබාහාසු ගහෙත්වා තං අඞ්ගාරකාසුං උපකඩ්ඪෙය්යුං. අථ ඛො භික්ඛවෙ තස්ස පුරිසස්ස ආරකාවස්ස චෙතනා ආරකා පත්ථනා ආරකා පණිධි. තං කිස්ස හෙතු: විදිතං හි{2} භික්ඛවෙ, තස්ස පුරිසස්ස හොති: ඉමඤ්චාහං අඞ්ගාරකාසුං පපතිස්සාමි, තතොනිදානං මරණං වා නිගච්ඡාමි, මරණමත්තං වා දුක්ඛන්ති. එවමෙව ඛ්වාහං භික්ඛවෙ මනොසඤ්චෙතනාහාරො දට්ඨබ්බොති වදාමි.
Sinhala BJTමහණෙනි, මනෝසඤ්චේතනාහාරය කෙසේ දත යුත්තේද යත්: මහණෙනි, යම්සේ පුරුෂප්‍රමාණයට අධික වූ පහ වූ ගිනිසිළු ඇති, පහ වූ දුම් ඇති, අඟුරෙන් පිරුණු අඟුරුවළක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නොමැරෙණු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරණ පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන වෙන අතින් ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. මහණෙනි, එකල්හි ඒ පුරුෂයාගේ සිතිවිල්ල දුර ම වන්නේ ය. පැතුම දුර ම වන්නේ ය. අපේක්‍ෂාව දුර ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නෙමි”යි ඒ පුරුෂයා විසින් දන්නා ලද්දේ ම වෙයි, එහෙයිනි. මහණෙනි, මනෝසඤ්චේතනාහාරය මෙසේ ම දතයුත්තේ යැ යි මම කියමි.
Pali BJTමනොසඤ්චෙතනාය භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ තිස්සො තණ්හා පරිඤ්ඤාතා හොන්ති. තීසු තණ්හාසු පරිඤ්ඤාතාසු අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිං කරණීයන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, මනෝසඤ්චේතනාහාරය පරිඥාත කල්හි තෘෂ්ණාත්‍රය පරිඥාත වේ. තෘෂ්ණාත්‍රය පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණාහාරො දට්ඨබ්බො? සෙය්යථාපි භික්ඛවෙ චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්යුං, අයං තෙ දෙව චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහීති. තමෙනං රාජා එවං වදෙය්ය: ගච්ඡථ, භො, ඉමං පුරිසං පුබ්බන්හසමයං සත්තිසතෙන හනථාති. තමෙනං පුබ්බන්හසමයං සත්තිසතෙන හනෙය්යුං. අථ රාජා මජ්ඣන්තිකං සමයං එවං වදෙය්ය: අම්භො කථං සො පුරිසොති. තථෙව දෙව ජීවතීති. තමෙනං රාජා එවං වදෙය්ය: ගච්ඡථ භො, තං පුරිසං මජ්ඣන්තිකසමයං සත්තිසතෙන හනථාති. තමෙනං මජ්ඣන්තිකසමයං සත්තිසතෙන හනෙය්යුං. අථ රාජා සායන්හසමයං එවං වදෙය්ය: අම්භො කථං සො පුරිසොති. තථෙව දෙව ජීවතීති. තමෙනං රාජා එවං වදෙය්ය: ගච්ඡථ භො තං පුරිසං සායන්හසමයං සත්තිසතෙන හනථාති. තමෙනං සායන්හසමයං සත්තිසතෙන හනෙය්යුං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො දිවසං තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයෙථාති.{3} එකිස්සාපි භික්ඛවෙ, සත්තියා හඤ්ඤමානො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදයෙථ. කො පන වාදො තීහි සත්තිසතෙහි හඤ්ඤමානොති. එවමෙව ඛ්වාහං භික්ඛවෙ, විඤ්ඤාණාහාරො දට්ඨබ්බොති වදාමි.
Sinhala BJTමහණෙනි, විඥානාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ වරදකරු වූ සොරකු ගෙන “දේවයන් වහන්ස, මේ ඔබට වරද කරණ සොරෙකි. යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම මොහුට පණවනු මැනැවැ”යි රජහට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ මොහුට “පින්වත්නි, යවු, පෙරවරු අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු”යි මෙසේ කියන්නේ ය. පෙරවරු අඩයටි සියයකින් ඒ මොහු පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ මද්ද්දහනෙහි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “පින්වත්නි, යවු, මද්දහනෙහි අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු මද්දහනෙහි අඩයටි සියයකින් පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ සවස්හි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “එම්බල පින්වත්නි, යවු, සවස්හි ඒ පුරුෂයා අඩයටි සියයකින් පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු සවස්හි අඩයටි සියයකින් පෙළන්නාහු ය. මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඒ පුරුෂ දවල් කාලයෙහි අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳින්නේ ද? යත්: මහණෙනි, එක් අඩයටියකිනුදු පෙළනු ලබන්නේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ ය. අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ කියනු ම කවරේ ද? මහණෙනි, විඥානාහාරය මෙසේ ම දතයුත්තේ ය යි මම කියමි.
Pali BJTවිඤ්ඤාණෙ භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ නාමරූපං පරිඤ්ඤාතං හොති. නාමරූපෙ පරිඤ්ඤාතෙ අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිං කරණීයන්ති වදාමීති.
Sinhala BJTමහණෙනි, විඥානාහාරය පරිඥාත කල්හි නාමරූප පරිඥාත වේ. නාමරූප පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.
Pali BJT1. 7. 4.
Sinhala BJT1. 7. 4.
Pali BJTඅත්ථිරාගසුත්තං
Sinhala BJTඅත්‍ථිරාග සූත්‍රය
Pali BJT64. සාවත්ථියං–
Sinhala BJT64. සැවැත්නුවර–
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො{1} ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය.
Sinhala BJTමහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස හා ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාරය, දෙවෙනි ඵස්සාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඤ්ඤාණානාහාර ය යි. මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතර වේ.
Pali BJTකබලීකාරෙ චෙ භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දී අත්ථි තණ්හා. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං, සසොකං තං භික්ඛවෙ සදරං{2} සඋපායාසන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් එහි තෘෂ්ණාව ඇත්තේ නම් විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේ ද, වැඩුනේ ද, එහි නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේ ද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ද, එහි මතු නැවත හටගැණීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත හටගැණීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. (කෙලෙස්) පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
Pali BJTඵස්සෙ චෙ භික්ඛවෙ, ආහාරෙ -පෙ- මනොසඤ්චෙතනාය චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ, ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දී අත්ථි තණ්හා. පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං, සසොකං තං භික්ඛවෙ සදරං සඋපායාසන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ඉදින් ස්පර්‍ශාහාරයෙහි ... මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත්, වැඩුනේත් වේ ද, එහි නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම ඇත්තේ ද, එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ද, එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, රජකො වා චිත්තකාරො{3} වා සති රජනාය වා ලාඛාය වා හළිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය{4} වා සුමට්ඨෙ වා{5} ඵලකෙ වා භිත්තියා වා දුස්සපටෙ ‘වා ඉත්ථිරූපං වා පුරිසරූපං වා අභිනිම්මිණෙය්ය සබ්බඞ්ගපච්චඞ්ගං. එවමෙව ඛො භික්ඛවෙ, කබලීකාරෙ චෙ ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දී අත්ථි තණ්හා: පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං සසොක තං භික්ඛවෙ සදරං සඋපායාසන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, යම්සේ රදවෙක් හෝ සිත්තරෙක් හෝ රදන් හෝ ලාකඩ හෝ කහපාට හෝ නිල්පාට හෝ මදටියපාට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් හෝ පුරුෂ රුවක් හෝ මවන්නේ ද, මහණෙනි, එසෙයින් ම ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත් වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම ඇත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ නම් එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ නම් එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ නම්, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
Pali BJTඵස්සෙ චෙ භික්ඛවෙ, ආහාරෙ -පෙ- මනොසඤ්චෙතනාය චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දී අත්ථි තණ්හා, පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං. යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුද්ධි, අත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං, සසොකංතං භික්ඛවෙ සදරං සඋපායාසන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහි ... මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇත්තේ නම් ඇල්ම ඇත්තේ නම් තණ්හාව ඇත්තේ නම් එහි විඤ්ඤාණය පිහිටියේ ද වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය පිහිටියේත් වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම ඇත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම ඇත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇත්තේ නම් එහි මතු නැවත ඉපදීම ඇත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම ඇත්තේ ද, එහි මතු ජාතිජරාමරණ ඇත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ ඇත්තේ ද, මහණෙනි, එය ශෝක සහිත ය. පීඩා සහිතය. දැඩි ආයාස සහිත ය යි කියමි.
Pali BJTකබලීකාරෙ චෙ භික්ඛවෙ ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දී නත්ථි තණ්හා. අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං. යත්ථ අප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං, නත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ නත්ථි නාමරූපස්ස අවක්කන්ති, නත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ නත්ථි සඞ්ඛාරානං වුද්ධි, නත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ නත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, නත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ නත්ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික්ඛවෙ, අදරං අනුපායාසන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් එහි තෘෂ්ණාව නැත්තේ නම් විඤ්ඤාණය නො පිහිටියේ ද නො වැඩුනේ ද වේ. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේත් නො වැඩුනේත් වේ නම් එහි නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ ද, එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිතය. දැඩි ආයාස රහිත ය යි කියමි.
Pali BJTඵස්සෙ චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන්ති] වදාමි. මනොසඤ්චෙතනාය චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන්ති] වදාමි. විඤ්ඤාතෙ චෙ භික්ඛවෙ ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දී නත්ථි තණ්හා, අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං. යත්ථ අප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං, නත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ නත්ථි නාමරූපස්ස අවක්කන්ති, නත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ නත්ථි සඞ්ඛාරානං වුද්ධි, නත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ නත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, නත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ නත්ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික්ඛවෙ අදරං අනුපායාසන්ති වදාමි.
Sinhala BJTමහණෙනි, ඉදින් ඵස්සාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තණ්හාව නැත්තේ නම් එහි විඤ්ඤාණය නො පිහිටියේ ද නො වැඩුනේ ද වෙයි. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේත් නො වැඩුනේත් වේ නම් එහි නාමරූපයේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ නම් එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිත ය. දැඩි ආයාස රහිත ය යි කියමි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරං වා කූටාගාරසාලා වා උත්තරාය වා දක්ඛිණාය වා පාචීනාය වා වාතපානා{1} සූරියෙ උග්ගච්ඡන්තෙ වාතපානෙන රස්මි පවිසිත්වා ක්වාස්ස පතිට්ඨිතාති. පච්ඡිමාය භන්තෙ භිත්තියන්ති. පච්ඡිමා චෙ භික්ඛවෙ, භිත්ති නාස්ස, ක්වාස්ස පතිට්ඨිතාති? පඨවියං භන්තෙති පඨවී චෙ භික්ඛවෙ, නාස්ස, ක්වාස්ස පතිට්ඨිතාති? ආපස්මිං භන්තෙති ආපො චෙ භික්ඛවෙ, නාස්ස ක්වාස්ස, පතිට්ඨිතාති? අප්පතිට්ඨිතා භන්තෙති.
Sinhala BJTමහණෙනි, යම් සේ කුළුගෙයක් හෝ කුළුගේහලක් හෝ වේ ද, එහි උතුරුදිග හෝ දකුණුදිග හෝ පෙරදිග හෝ වාකවුළු වෙද්ද, හිරු නගින කල්හි වාකවුළුවෙන් රැස් පිවිස කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, බටහිර බිතෙහි ය. මහණෙනි, බටහිරබිත නො වන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, පොළොවෙහි ය. මහණෙනි, ඉදින් පොළොව නො වන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, දියෙහි ය. මහණෙනි, ඉදින් දිය නොවන්නේ නම් කොහි පිහිටියේ වන්නේ ද? වහන්ස, නො පිහිටියේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, කබලීකාරෙ චෙ ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දී නත්ථි තණ්හා -පෙ- [අනුපායාසන්ති] වදාමි. ඵස්සෙ චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන්ති] වදාමි. මනොසඤ්චෙතනාය චෙ භික්ඛවෙ ආහාරෙ -පෙ- [අනුපායාසන්ති] වදාමි.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම ඉදින් කබලීකාර ආහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තෘෂ්ණාව නැත්තේ නම් … [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි ඉදින් ස්පර්‍ශාහාරයෙහි ... [දැඩි ආයාස රහිත ය යි] කියමි. මහණෙනි, ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි [දැඩි ආයාස රහිත ය යි] කියමි.
Pali BJTවිඤ්ඤාණෙ චෙ භික්ඛවෙ, ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දී නත්ථි තණ්හා අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං. යත්ථ අප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං, නත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ නත්ථි නාමරූපස්ස අවක්කන්ති, නත්ථි තත්ථ සඞ්ඛාරානං වුද්ධි. යත්ථ නත්ථි සඞ්ඛාරානං වුද්ධි, නත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ නත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, නත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං. යත්ථ නත්ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික්ඛවෙ අදරං අනුපායාසන්ති වදාමීති.
Sinhala BJTමහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැත්තේ නම් ඇල්ම නැත්තේ නම් තණ්හාව නැත්තේ නම් එහි විඤ්ඤාණය නො පිහිටියේ නො වැඩුනේ වේ. යම් තැනෙක විඤ්ඤාණය නො පිහිටියේ නො වැඩුනේ වේ නම් එහි නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේය. යම් තැනෙක නාමරූපයාගේ බැස ගැන්ම නැත්තේ නම් එහි සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ ය. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම නැත්තේ නම් එහි මතු නැවත ඉපදීම නැත්තේ ය. යම් තැනෙක මතු නැවත ඉපදීම නැත්තේ නම් එහි මතු ජාතිජරාමරණ නැත්තේ ය. යම් තැනෙක මතු ජාතිජරාමරණ නැත්තේ නම්, මහණෙනි, එය ශෝක රහිත ය. පීඩා රහිත ය. දැඩි ආයාස රහිත ය යි කියමි.
Pali BJT1. 7. 5.
Sinhala BJT1. 7. 5.
Pali BJTනගරසුත්තං
Sinhala BJTනගර සූත්‍රය
Pali BJT65. සාවත්ථියං–
Sinhala BJT65. සැවැත්නුවර–
Pali BJTපුබ්බෙව මෙ{1} භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “කිච්ඡං{2} වතායං ලොකො ආපන්නො ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච{3}. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං න පජානාති ජරාමරණස්ස. කුදාස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා”ති. තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති, කිංපච්චයා ජරාමරණන්ති.” තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො “ජාතියා ඛො සති ජරාමරණං හොති. ජාතිපච්චයා ජරාමරණ”න්ති.
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පෙර බුදු නො වූ බෝසත් වූ ම මට මේ සිත විය: “මේ ලෝකයා ඒකාන්තයෙන් දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත ද වෙයි. (අන් භවයකට ද) පැමිණෙයි. එහෙත් මේ ජරාමරණ දුක දුරලීම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකේ දුරලීම පෙනෙන්නේ දැ”යි. මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කවර ප්‍රත්‍යයකින් ජරාමරණ වේ දැ”යි මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නුඛො සති ජාති හොති -පෙ- භවො හොති -පෙ- උපාදානං හොති -පෙ- තණ්හා හොති -පෙ- වෙදනා හොති -පෙ- ඵස්සො හොති -පෙ- සළායතනං හොති -පෙ- කිම්හි නු ඛො සති නාමරූපං හොති, කිම්පච්චයා නාමරූප”න්ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො සති නාමරූපං හොති. විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද ... භවය වේ ද ... උපාදාන වේ ද ... තණ්හාව වේ ද, වේදනාව වේ ද ... ස්පර්‍ශය වේ ද ... සළායතන වේ ද ... කුමක් ඇති කල්හි නාමරූප වේ ද කවර ප්‍රත්‍යයකින් නාමරූප වේ දැ”යි, මේ සිත පහළ විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය ඇති කල්හි නාමරූප වෙයි. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති විඤ්ඤාණං හොති, කිම්පච්චයා විඤ්ඤාණ”න්ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං හොති, නාමරූපපච්චයා විඤ්ඤාණ”න්ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද, කවර ප්‍රත්‍යයකින් විඤ්ඤාණය වේ දැ”යි මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප ඇති කල්හි විඤ්ඤාණය වෙයි. නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “පච්චුදාවත්තති ඛො ඉදං විඤ්ඤාණං, නාමරූපම්හා න පරං{4} ගච්ඡති. එත්තාවතා ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති. -
Sinhala BJTමහණෙනි, ඒ මට “මේ විඤ්ඤාණය වූ කලී එහි නවතියි. නාමරූප දෙකෙන් ඔබ්බට නො යේ. මේ ක්‍රමයෙන් උපදිනේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මියෙන්නේ හෝ වෙයි. ච්‍යුත වන්නේ හෝ වෙයි. (අන් භවයකට) පැමිණෙන්නේ හෝ වෙයි. එනම්: නාමරූප ප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැනීම වේ”යි මේ සිත පහළ වි ය.
Pali BJT“සමුදයො සමුදයො”ති ඛො මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, “සමුදය සමුදය” යි පෙර නො ඇසූ විරූ දහම්හි මට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති, කිස්ස නිරොධා ජරාමරණනිරොධො”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති, ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද, කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි “කිම්හි නු ඛො අසති ජාති න හොති -පෙ- භවො න හොති -පෙ- උපාදානං න හොති -පෙ- තණ්හා න හොති -පෙ- වෙදනා න හොති -පෙ- ඵස්සො න හොති -පෙ- සළායතනං න හොති -පෙ- නාමරූපං න හොති. කිස්ස නිරොධා නාමරූපනිරොධො”ති? තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො අසති නාමරූපං න හොති. විඤ්ඤාණනිරොධා නාමරූප නිරොධො”ති .
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජාතිය නො වේ ද .. භවය නො වේ ද ... උපාදාන නො වේ ද ... තණ්හාව නො වේ ද ... වේදනාව නො වේ ද ... ස්පර්‍ශය නො වේ ද ... ෂඩායතන නො වේ ද … නාමරූප නො වේ ද … කුමක නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති විඤ්ඤාණං න හොති, කිස්ස නිරොධා විඤ්ඤාණනිරොධො”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති විඤ්ඤාණං න හොති, නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද, කුමක නිරෝධයෙන් විඤ්ඤාණය නිරෝධය වේ දැ”යි, මේ සිත විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් “නාමරූප නැති කල්හි විඤ්ඤාණය නො වේ. නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ ය”යි ප්‍රඥායෙන් අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “අධිගතො ඛො ම්යායං මග්ගො බොධාය යදිදං නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො නාමරූපනිරොධා සළායතනනිරොධො සළායතනනිරොධා ඵස්සනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මේ යමෙක් වේ ද, සම්බෝධිය පිණිස වූ මේ මාර්‍ගය මා විසින් අවබෝධ කරණ ලද්දේ ම ය යි මේ සිත පහළ විය.
Pali BJT“නිරොධො නිරොධො”ති ඛො මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූ විරූ දහම්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො අරඤ්ඤෙ පවනෙ චරමානො පස්සෙය්ය පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි මනුස්සෙහි අනුයාතං. සො තමනුගච්ඡෙය්ය, තමනුගච්ඡන්තො පස්සෙය්ය පුරාණං නගරං, පුරාණං රාජධානිං පුබ්බකෙහි මනුස්සෙහි අජ්ඣාවුත්ථං{1} ආරාමසම්පන්නං වනසම්පන්නං පොක්ඛරණීසම්පන්නං උද්දාපං{2} රමණීයං. අථ ඛො සො භික්ඛවෙ, පුරිසො රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා ආරොචෙය්ය: “යග්ඝෙ භන්තෙ, ජානෙය්යාසි අහං අද්දසං අරඤ්ඤෙ පවනෙ චරමානො පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි මනුස්සෙහි අනුයාතං. තමනුගච්ඡිං. තමනුගච්ඡන්තො අද්දසං පුරාණං නගරං, පුරාණං රාජධානිං පුබ්බකෙහි මනුස්සෙහි අජ්ඣාවුත්ථං ආරාමසම්පන්නං වනසම්පන්නං පොක්ඛරණීසම්පන්නං උද්දාපං{2} රමණීයං. තම්භන්තෙ නගරං මාපෙහීති.
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් අරණෙහි මහවෙනෙහි හැසිරෙන්නේ පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දක්නේ ද, හෙතෙමේ එය අනුව යන්නේ ය. එය අනුව යන්නේ පෙර මිනිසුන් වුසූ මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දක්නේ ය. මහණෙනි, ඉක්බිති ඒ පුරිස් තෙමේ රජුට හෝ රජමහඇමැතිහට හෝ “පින්වත් හිමියනි, දන්නෙහි ය. මම අරණෙහි මහවෙනෙහි හැසිරෙන්නෙම් පෙර වුසූ මිනිසුන් විසින් අනුගමනය කරණ ලද පැරණි මගක්, පැරණි මාවතක් දැක්කෙමි. එය අනුගමනය කළෙමි. එය අනුගමනය කරන්නෙම් පෙර මිනිසුන් වුසූ, මල් උයනින් යුත්, වන උයනින් යුත්, පොකුණින් යුත්, පවුරු ඇති සිත්කලු වූ පැරණි නුවරක්, පැරණි රාජධානියක් දැක්කෙමි. හිමියනි, එය නගරයක් කරණු මැනවැ”යි සැළ කරන්නේ ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, රාජා වා රාජමහාමත්තො වා තං නගරං මාපෙය්ය. තදස්ස නගරං අපරෙන සමයෙන ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බාහුජඤ්ඤං{1} ආකිණ්ණමනුස්සං වුද්ධිං වෙපුල්ලප්පත්තං. එවමෙව ඛ්වාහං භික්ඛවෙ අද්දසං පුරාණං මග්ගං පුරාණඤ්ජසං පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතං.
Sinhala BJTමහණෙනි, ඉක්බිති රජ හෝ රජමහඇමැති හෝ එය නගරයක් කරන්නේ ය. ඒ නුවර පසුකලෙක සමෘද්ධ වූයේ ද, සියලු සම්පතින් පිරුණේ ද, බොහෝ දෙනා විසින් දත යුතු වූයේ නොහොත් බොහෝ දෙනාට හිත වූයේ ද, මිනිසුන් විසින් ගැවසී ගත්තේ ද, වැඩීමට විපුලත්‍වයට පැමිණියේ ද වන්නේ ය. මහණෙනි, එසෙයින් ම මම පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත දැක්කෙමි.
Pali BJTකතමො ච සො භික්ඛවෙ, පුරාණමග්ගො පුරාණඤ්ජසො පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතො? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො සො භික්ඛවෙ පුරාණමග්ගො පුරාණඤ්ජසො පුබ්බකෙහි සම්මාසම්බුද්ධෙහි අනුයාතො.
Sinhala BJTමහණෙනි, පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද පැරණි මග, පැරණි මාවත කවරේ ද යත්: මේ අරිඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, ඒ මේ පැරණි මග, පැරණි මාවත පෙර වුසූ සම්මාසම්බුදුවරයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය .
Pali BJTතමනුගච්ඡිං, තමනුගච්ඡන්තො ජරාමරණං අබ්භඤ්ඤාසිං, ජරාමරණ සමුදයං අබ්භඤ්ඤාසිං, ජරාමරණනිරොධං අබ්භඤ්ඤාසිං, ජරාමරණනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤාසිං. තමනුගච්ඡිං, තමනුගච්ඡන්තො ජාතිං අබ්භඤ්ඤාසිං -පෙ- භවං අබ්භඤ්ඤාසිං -පෙ- උපාදානං අබ්භඤ්ඤාසිං -පෙ- තණ්හං අබ්භඤ්ඤාසිං -පෙ- වෙදනං අබ්භඤ්ඤාසිං -පෙ- ඵස්සං අබ්භඤ්ඤාසිං -පෙ- සළායතනං අබ්භඤ්ඤාසිං -පෙ- නාමරූපං අබ්භඤ්ඤාසිං -පෙ- විඤ්ඤාණං අබ්භඤ්ඤාසිං -පෙ- විඤ්ඤාණනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤාසිං, තමනුගච්ඡිං. තමනුගච්ඡන්තො සඞ්ඛාරෙ අබ්භඤ්ඤාසිං, සඞ්ඛාරසමුදයං අබ්භඤ්ඤාසිං, සඞ්ඛාරනිරොධං අබ්භඤ්ඤාසිං, සඞ්ඛාරනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤාසිං.
Sinhala BJT(මම) එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජරාමරණ දැන ගත්තෙමි. ජරාමරණ සමුදය දැන ගත්තෙමි. ජරාමරණ නිරෝධය දැන ගත්තෙමි. ජරාමරණ නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් ජාතිය දැන ගත්තෙමි ... භවය දැන ගත්තෙමි ... උපාදාන දැන ගත්තෙමි ... තණ්හාව දැන ගත්තෙමි ... වේදනාව දැන ගත්තෙමි ... ඵස්සය දැන ගත්තෙමි ... සළායතන දැන ගත්තෙමි ... නාමරූප දැන ගත්තෙමි ... විඤ්ඤාණය දැන ගත්තෙමි ... විඤ්ඤාණ නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි. එය අනුගමනය කෙළෙමි. එය අනුගමනය කරණුයෙම් සඞ්ඛාර දැන ගත්තෙමි. සඞ්ඛාර සමුදය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරෝධය දැන ගත්තෙමි. සඞ්ඛාර නිරොධගාමිනී පටිපදාව දැන ගත්තෙමි.
Pali BJTතදභිඤ්ඤා ආචික්ඛිං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. තයිදං භික්ඛවෙ බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං{1} පුථුභූතං යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතන්ති.
Sinhala BJTඑය මැනවින් දැන ගෙන මහණුන්ට ද මෙහෙණන්ට ද උවසුන්ට ද උවැසියන්ට ද ප්‍රකාශ කෙළෙමි. මහණෙනි, ඒ මේ බඹසර සමෘද්ධ වූයේ ද, සියල්ලෙන් පිරුණේ ද, පැතුරුණේ ද, බෝ දෙනා විසින් දත යුතු වූයේ ද, හැම අයුරින් පුලුල් බවට පැමිණියේ ද, ඇති තාක් නුවණැති මිනිසුන් විසින් ප්‍රකාශ කරණ ලද්දේ ද වේ යි.
Pali BJT1. 7. 6.
Sinhala BJT1. 7. 6.
Pali BJTසම්මසනසුත්තං{*}
Sinhala BJTසම්මසන සූත්‍රය
Pali BJT66. එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT66. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු දනව්වෙහි කල්මාසදම්‍ය නම් කුරුන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වත් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTසම්මසථ නො තුම්හෙ භික්ඛවෙ අන්තරා සම්මසනන්ති?{2} එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, සම්මසාමි අන්තරං සම්මසන්ති. යථා කථං පන ත්වං භික්ඛු සම්මසසි අන්තරා සම්මසන්ති? අථ ඛො සො භික්ඛු ව්යාකාසි. යථා සො භික්ඛු ව්යාකාසි, න සො භික්ඛු භගවතො චිත්තං ආරාධෙසි.
Sinhala BJTමහණෙනි, තෙපි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කරන්නහු දැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මම අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙමි”යි මෙය සැළ කළේ ය. මහණ, තෙපි ඒ කෙසේ නම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කරවු දැ යි. එකල්හි ඒ මහණ තෙමේ ප්‍රකාශ කෙළේ ය. යම් සේ ඒ මහණ පැවසී ද, ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු නො කෙළේ ය.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා අන්තරා සම්මසනං භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. තෙනහානන්ද සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “භාග්‍යවතුන් වහන්සේ යම් අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනයක් වදාරණ සේක් නම්: භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කාලය යි. සුගතයන් වහන්ස, මේ ඊට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ”යි. ආනන්‍ද, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සම්මසමානො සම්මසති අන්තරා සම්මසනං. යං ඛො ඉදං අනෙකවිධං නානප්පකාරකං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරාමරණං. ඉදං නු ඛො{1} දුක්ඛං කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිම්පභවං, කිස්මිං සති ජරාමරණං හොති, කිස්මිං අසති ජරාමරණං න හොතීති. සො සම්මසමානො එවං පජානාති: යං ඛො ඉදං අනෙකවිධං නානප්පකාරකං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරාමරණං. ඉදං ඛො දුක්ඛං උපධිනිදානං උපධිසමුදයං උපධිජාතිකං උපධිපභවං, උපධිස්මිං සති ජරාමරණං හොති, උපධිස්මිං අසති ජරාමරණං න හොතීති. සො ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති. යා ච ජරාමරණනිරොධසාරුප්පගාමිනී පටිපදා, තඤ්ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නො ජරාමරණනිරොධාය.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ සම්මර්‍ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ නන් වැදෑරුම් වූ නන් අයුරු වූ යම් ජරාමරණ දුකෙක් ලොව උපදී ද, මේ දුක උපධි නිදාන කොට ඇත්තේ ය. උපධි සමුදය කොට ඇත්තේ ය. උපධි ජාති කොට ඇත්තේ ය. උපධි ප්‍රභව කොට ඇත්තේ ය. උපධි ඇති කල්හි ජරාමරණ වෙයි. උපධි නැති කල්හි ජරාමරණ නො වේ ය යි, මෙසේ දැන ගනී. හෙතෙමේ ජරාමරණත් දැන ගනී. ජරාමරණ සමුදයත් දැන ගනී. ජරාමරණ නිරෝධයත් දැන ගනී. ජරාමරණ නිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම අනුව හැසිරෙන සුලු වූයේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
Pali BJTඅථාපරං සම්මසමානො සම්මසති අන්තරා සම්මසනං. උපධි පනායං කින්නිදානො කිංසමුදයො කිඤ්ජාතිකො කිම්පභවො, කිස්මිං සති උපධි හොති, කිස්මිං අසති උපධි න හොතීති. සො සම්මසමානො එවං පජානාති උපධි තණ්හානිදානො තණ්හාසමුදයො තණ්හාජාතිකො තණ්හාපභවො, තණ්හාය සති උපධි හොති, තණ්හාය අසති උපධි න හොතීති. සො උපධිඤ්ච පජානාති, උපධිසමුදයඤ්ච පජානාති, උපධිනිරොධඤ්ච පජානාති, යා ච උපධිනිරොධසාරුප්පගාමිනී පටිපදා, තඤ්ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නො උපධිනිරොධාය.
Sinhala BJTයලි මතු ද සම්මර්‍ශනය කරන්නේ මේ උපධිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදයය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි උපධි වේ ද කුමක් නැති කල්හි උපධි නො වේ දැ යි අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ ‘උපධිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ ය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ ය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ ය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ ය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නො වේ’ යයි මෙසේ දැන ගනී. හෙතෙමේ උපධියත් දැන ගනී. උපධි සමුදයත් දැන ගනී. උපධි නිරෝධයත් දැන ගනී. උපධි නිරෝධයට සරුප් ව යනසුලු යම් පිළිවෙතක් වේ නම් එයත් දැන ගනී. එසේ පිළිපන්නේ දහම් අනුව හැසිරෙන්නේ ද වේ. මහණෙනි, මේ මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් මැනැවින් දුක් ගෙවීම පිණිස උපධි නිරෝධය පිණිස පිළිපන්නේ ය යි කියනු ලැබේ.
Pali BJTඅථාපරං සම්මසමානො සම්මසති අන්තරා සම්මසනං, තණ්හා පනායං කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසතීති. සො සම්මසමානො එවං පජානාති:{2} යං ඛො කිඤ්චි ලොකෙ{3} පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTයලි මතු ද සම්මර්‍ශනය කරන්නේ මේ තෘෂ්ණාව කොහි උපදනේ උපදී ද, කොහි පවත්නේ පවතී දැ යි, අභ්‍යන්තරප්‍රත්‍යය සම්මර්‍ශනය කෙරෙයි. හෙතෙමේ සම්මර්‍ශනය කරන්නේ ‘ලොව පියසැහැවි ඇති මිහිරිසැහැවි ඇති යම් කිසිවෙක් වේ ද, මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පුනපුනා පැවතුම් විසින් පිහිටනුයේ පිහිටයි. ලොව කිමෙක් පියසැහැවි ඇත්තේ ද, මිහිරිසැහැවි ඇත්තේ ද? ලොව ඇස පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.
Pali BJTසොතං ලොකෙ පියරූපං සාතරූපං -පෙ- ඝානං ලොකෙ පියරූපං සාතරූපං -පෙ- ජිව්හා ලොකෙ පියරූපං සාතරූපං -පෙ- කායො ලොකෙ පියරූපං සාතරූපං -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලෙව්හි කණ පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි … ලොව නැහැය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව දිව පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව කය පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි ... ලොව සිත පියසැහැවි ඇත්තෙකි. මිහිරිසැහැවි ඇත්තෙකි. මෙහි මේ තෘෂ්ණාව උපදනේ උපදී. මෙහි පිහිටනුයේ පිහිටයි.
Pali BJTයෙ හි කෙ චි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො අද්දක්ඛුං, සුඛතො අද්දක්ඛුං, අත්තතො අද්දක්ඛුං, ආරොග්යතො අද්දක්ඛුං, ඛෙමතො අද්දක්ඛුං, තෙ තණ්හං වඩ්ඪෙසුං. යෙ තණ්හං වඩ්ඪෙසුං, තෙ උපධිං වඩ්ඪෙසුං. යෙ උපධිං වඩ්ඪෙසුං, තෙ දුක්ඛං වඩ්ඪෙසුං. යෙ දුක්ඛං වඩ්ඪෙසුං, තෙ න පරිමුච්චිංසු ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දැක්කාහු ද, සුඛවශයෙන් දැක්කාහු ද, ආත්ම වශයෙන් දැක්කාහු ද, නීරෝගභාව වශයෙන් දැක්කාහු ද, නිර්‍භය වශයෙන් දැක්කාහු ද, ඔහු තණ්හාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව වැඩූහු ද ඔහු උපධි (=පඤ්චස්කන්‍ධය) වැඩූහ. යම් කෙනෙක් උපධි වැඩූහු ද, ඔහු දුක වැඩූහ. යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. (සියලු) දුකෙන් නො මිදුනහ යි කියමි.
Pali BJTයෙපි හි කෙ චි{1} භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො දක්ඛින්ති{2}, සුඛතො දක්ඛින්ති. අත්තතො දක්ඛින්ති, ආරොග්යතො දක්ඛින්ති, ඛෙමතො දක්ඛින්ති. තෙ තණ්හං වඩ්ඪෙස්සන්ති.{3} යෙ තණ්හං වඩ්ඪෙස්සන්ති, තෙ දුක්ඛං වඩ්ඪෙස්සන්ති. යෙ දුක්ඛං වඩ්ඪෙස්සන්ති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛවශයෙන් දක්නාහු ද, ආත්ම වශයෙන් දක්නාහු ද, ආරෝග්‍ය වශයෙන් දක්නාහු ද, නිර්‍භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව වඩන්නාහු ද, ඔහු උපධි වඩන්නාහු ය. යම් කෙනෙක් උපධි වඩන්නාහු ද, ඔහු දුක වඩන්නාහු ය. යම් කෙනෙක් දුක වඩන්නාහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙන්නාහු ය. සියලු දුකෙන් නො මිදෙන්නාහු ය යි කියමි.
Pali BJTයෙපි හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො පස්සන්ති සුඛතො පස්සන්ති, අත්තතො පස්සන්ති, ආරොග්යතො පස්සන්ති, ඛෙමතො පස්සන්ති. තෙ තණ්හං වඩ්ඪෙන්ති, යෙ තණ්හං වඩ්ඪෙන්ති, තෙ උපධිං වඩ්ඪෙන්ති. යෙ උපධිං වඩ්ඪෙන්ති, තෙ දුක්ඛං වඩ්ඪෙන්ති. යෙ දුක්ඛං වඩ්ඪෙන්ති, තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දකිත් ද, සුඛ වශයෙන් දකිත් ද, ආත්ම වශයෙන් දකිත් ද, ආරෝග්‍ය වශයෙන් දකිත් ද, ක්‍ෂේම වශයෙන් දකිත් ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව වඩද්ද, ඔහු උපධි වඩත්. යම් කෙනෙක් උපධි වඩද්ද, ඔහු දුක වඩත්. යම් කෙනෙක් දුක වඩද්ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ආපානීයකංසො{4} වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො. සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. තමෙනං එවං වදෙය්යුං: “අයං තෙ අම්භො පුරිස, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. සචෙ ආකඞ්ඛසි පිව.{5} පිවතො හි ඛො තං ඡාදිස්සති{6} වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පීත්වා{7} ච පන තතොනිදානං මරණං වා නිගච්ඡසි මරණමත්තං වා දුක්ඛ”න්ති. සො තං පානීයකංසං සහසා අප්පටිසඞ්ඛා පිවෙය්ය, න පටිනිස්සජ්ජෙය්ය. සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTමහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳින් යුත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගිමෙන් පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම (රා බඳුන) වර්‍ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙන් ද සුවඳින් ද රසයෙන් ද රුස්නේ ය. එහෙත් බී ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට පමිණේහී ය. හෙතෙමේ ඒ ඔඩම වහා නො විමසා බොන්නේ ය. නො බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යෙ හි කෙ චි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො අද්දක්ඛුං, සුඛතො අද්දක්ඛුං, අත්තතො අද්දක්ඛුං, ආරොග්යතො අද්දක්ඛුං, ඛෙමතො අද්දක්ඛුං. තෙ තණ්හං වඩ්ඪෙසුං. යෙ තණ්හං -පෙ- යෙ දුක්ඛං වඩ්ඪෙසුං. තෙ න පරිමුච්චිංසු ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දුටුහු ද, සුඛ වශයෙන් දුටුහු ද, ආත්ම වශයෙන් දුටුහු ද, ආරෝග්‍ය වශයෙන් දුටුහු ද, ක්‍ෂේම වශයෙන් දුටුහු ද, ඔහු තෘෂ්ණාව වැඩූහ. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වැඩූහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදුනහ. දුකින් නො මිදුනහ යි කියමි.
Pali BJTයෙ හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො දක්ඛින්ති, සුඛතො -පෙ- අත්තතො -පෙ- ආරොග්යතො -පෙ- ඛෙමතො දක්ඛින්ති, තෙ තණ්හං වඩ්ඪෙස්සන්ති. යෙ තණ්හං -පෙ- යෙ දුක්ඛං වඩ්ඪෙස්සන්ති. තෙ -පෙ- න පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, අනාගත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය නිත්‍ය වශයෙන් දක්නාහු ද, සුඛ වශයෙන් ... ආත්ම වශයෙන් ... ආරෝග්‍ය වශයෙන් ... ක්‍ෂේම වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව වඩන්නාහු ය. යම් කෙනෙක් තෘෂ්ණාව ... යම් කෙනෙක් දුක වඩන්නාහු ද ඔහු ... (සියලු) දුකින් නො මිදෙන්නාහ යි කියමි.
Pali BJTයෙ හි කෙ චි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං නිච්චතො පස්සන්ති, සුඛතො පස්සන්ති, අත්තතො පස්සන්ති, ආරොග්යතො පස්සන්ති, ඛෙමතො පස්සන්ති. තෙ තණ්හං වඩ්ඪෙන්ති. යෙ තණ්හං [වඩ්ඪෙන්ති] -පෙ- තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය නිත්‍ය වශයෙන් දකිද්ද, සුඛ වශයෙන් දකිද්ද, ආත්ම වශයෙන් දකිද්ද, ආරෝග්‍ය වශයෙන් දකිද්ද, ක්‍ෂේම වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව වඩත්. යම් කෙනෙක් තෘෂ්ණාව [වඩත් ද,] … ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකෙන් නො මිදෙති යි කියමි.
Pali BJTයෙ ච ඛො කෙ චි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො අද්දක්ඛුං, දුක්ඛතො අද්දක්ඛුං, අනත්තතො අද්දක්ඛුං, රොගතො අද්දක්ඛුං, භයතො අද්දක්ඛුං. තෙ තණ්හං පජහිංසු. යෙ තණ්හං පජහිංසු, තෙ උපධිං පජහිංසු. යෙ උපධිං පජහිංසු, තෙ දුක්ඛං පජහිංසු. යෙ දුක්ඛං පජහිංසු, තෙ පරිමුච්චිංසු ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දුටුහු ද, දුක් වශයෙන් දුටුහු ද, අනාත්ම වශයෙන් දුටුහු ද, රෝග වශයෙන් දුටුහු ද, භය වශයෙන් දුටුහු ද, ඔහු තණ්හාව හළහ. යම් කෙනෙක් තෘෂ්ණාව හළහු ද, ඔහු උපධි හළහ. යම් කෙනෙක් උපධි හළහු ද, ඔහු දුක හළහ. යම් කෙනෙක් දුක හළහු ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදුනහ. (සියලු) දුකෙන් මිදුනහ යි කියමි.
Pali BJTයෙපි හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො දක්ඛින්ති, දුක්ඛතො දක්ඛින්ති, අනත්තතො දක්ඛින්ති, රොගතො දක්ඛින්ති, භයතො දක්ඛින්ති. තෙ තණ්හං පජහිස්සන්ති. යෙ තණ්හං පජහිස්සන්ති, තෙ -පෙ- පරිමුච්චිස්සන්ති{1} දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, අනාගත කාලයෙහිදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ නම් එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද, දුක් වශයෙන් දක්නාහු ද, අනාත්ම වශයෙන් දක්නාහු ද, රෝග වශයෙන් දක්නාහු ද, භය වශයෙන් දක්නාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කරන්නාහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කරන්නාහු ද, ද ඔහු දුකින් මිදෙන්නාහ යි කියමි.
Pali BJTයෙපි හි කෙ චි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො පස්සන්ති, දුක්ඛතො පස්සන්ති, අනත්තතො පස්සන්ති, රොගතො පස්සන්ති, භයතො පස්සන්ති. තෙ තණ්හං පජහන්ති. යෙ තණ්හං පජහන්ති, තෙ උපධිං පජහන්ති. යෙ උපධිං පජහන්ති, තෙ දුක්ඛං පජහන්ති. යෙ දුක්ඛං පජහන්ති, තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, බිය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙත් ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙත් ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙත් ද, ඔහු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. තමෙනං එවං වදෙය්යුං: “අයං තෙ අම්භො පුරිස, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. සචෙ ආකඞ්ඛසි පිව. පිවතො හි ඛො තං ඡාදිස්සති වණ්ණෙනපි ගන්ධෙනපි රසෙනපි. පීත්වා ච පන තතොනිදානං මරණං වා නිගච්ඡසි, මරණමත්තං වා දුක්ඛ”න්ති. අථ ඛො භික්ඛවෙ, තස්ස පුරිසස්ස එවමස්ස: “සක්කා ඛො මෙ අයං සුරාපිපාසිතා පානීයෙන වා විනෙතුං, දධිමණ්ඩකෙන වා විනෙතුං, මත්ථලොණිකාය{1} වා විනෙතුං, ලොණසොවීරකෙන වා විනෙතුං. න ත්වෙවාහං තං පිවෙය්යං යං මම අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති. සො තං ආපානීයකංසං පටිසඞ්ඛා න පිවෙය්ය, පටිනිස්සජ්ජෙය්ය. සො තතොනිදානං න මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTමහණෙනි, යම් සේ පැහැයෙන් යුත් සුවඳවත් රසවත් වූ ඔඩමෙක් වේ ද, හෙ ද විසෙන් මුසු වූයේ ය. එකල්හි ගිමෙන් තැවුනු ගීමේ පෙළුනු ක්ලාන්ත වූ හටගත් පවස් ඇති බොනු කැමැති වූ පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, තොපගේ මේ ඔඩම වර්‍ණවත් ය, සුවඳවත් ය, රසවත් ය, හෙ ද විසෙන් මුසු ය. ඉදින් කැමැත්තෙහි නම් බොව්. බොන්නහුට එය පැහැයෙනුදු සුවඳිනුදු රසිනුදු රුස්නේ ය. පානය කොට (සිටියේ) ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පමිණේහි”යි. මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙසේ අදහස් වන්නේ ය: “මාගේ මේ සුරාපවස පැනින් හෝ දුරු කළ හෙයි. දිපෙරලි දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණු සහිත අත්සුණු දියෙන් හෝ දුරු කළ හෙයි. ලුණුකාඩි දියෙන් හෝ දුරු කළ හෙයි. යමෙක් මට දිගුකලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ නම් එය මම නො ම බොන්නෙමි”යි. හෙතෙමේ ඒ ඔඩම විමසා නො බොන්නේ ය, බැහැර ලන්නේ ය. හෙතෙමේ ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ නො පැමිණෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යෙ හි කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො අද්දක්ඛුං, දුක්ඛතො අද්දක්ඛුං, අනත්තතො අද්දක්ඛුං, රොගතො අද්දක්ඛුං, භයතො අද්දක්ඛුං. තෙ තණ්හං පජහිංසු. යෙ තණ්හං පජහිංසු. තෙ උපධිං පජහිංසු. යෙ උපධිං පජහිංසු, තෙ දුක්ඛං පජහිංසු. යෙ දුක්ඛං පජහිංසු, තෙ පරිමුච්චිංසු ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුච්චිංසු දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත කාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේ ද, එය අනිත්‍ය වශයෙන් දැක්කාහු ද, දුක් වශයෙන් දැක්කාහු ද, අනාත්ම වශයෙන් දැක්කාහු ද, රෝග වශයෙන් දැක්කාහු ද, බිය වශයෙන් දැක්කාහු ද, ඔහු තෘෂ්ණාව දුරු කළහ. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කළාහු ද, ඔහු උපධි දුරු කළහ. යම් කෙනෙක් උපධි කළාහු ද, ඔහු දුක දුරු කළාහු ය. යම් කෙනෙක් දුක දුරු කළාහු ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසෙන් උපායාසයෙන් මිදුනාහු ය. දුකෙන් මිදුනාහු යි කියමි.
Pali BJTයෙපි හි කෙ චි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො දක්ඛින්ති -පෙ- තෙ පරිමුච්චිස්සන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චිස්සන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, අනාගත කාලයෙහි දු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යෙමෙක් පියසැහැවි මිහිරිසැහැවි ඇත්තේ ද එය අනිත්‍ය වශයෙන් දක්නාහු ද ... ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙන්නාහු ය. දුකෙන් මිදෙන්නාහු ය යි කියමි.
Pali BJTයෙපි හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යං ලොකෙ පියරූපං සාතරූපං, තං අනිච්චතො පස්සන්ති, දුක්ඛතො පස්සන්ති, අනත්තතො පස්සන්ති, රොගතො පස්සන්ති, භයතො පස්සන්ති. තෙ තණ්හං පජහන්ති. යෙ තණ්හං පජහන්ති, තෙ උපධිං පජහන්ති. යෙ උපධිං පජහන්ති, තෙ දුක්ඛං පජහන්ති. යෙ දුක්ඛං පජහන්ති, තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTමහණෙනි, දැනුදු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලොව යමෙක් ප්‍රිය ස්වභාව මධුර ස්වභාව ඇත්තේද, එය අනිත්‍ය වශයෙන් දකිද්ද, දුක් වශයෙන් දකිද්ද, අනාත්ම වශයෙන් දකිද්ද, රෝග වශයෙන් දකිද්ද, භය වශයෙන් දකිද්ද, ඔහු තෘෂ්ණාව දුරු කෙරෙත්. යම් කෙනෙක් තෘෂ්ණාව දුරු කෙරෙද්ද, ඔහු උපධි දුරු කෙරෙත්. යම් කෙනෙක් උපධි දුරු කෙරෙද්ද, ඔහු දුක දුරු කෙරෙත්. යම් කෙනෙක් දුක දුරු කෙරෙද්ද, ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. දුකෙන් මිදෙති යි කියමි.
Pali BJT1. 7. 7.
Sinhala BJT1. 7. 7.
Pali BJTනළකලාපසුත්තං
Sinhala BJTනළකලාප සූත්‍රය
Pali BJT67. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසංකමි. උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT67. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝත් බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරුන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කථාව නිමවා එකත්පසෙක වැඩ හුන්හ.
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “කින්නු ඛො ආවුසො සාරිපුත්ත, සයංකතං ජරාමරණං, පරකතං{1} ජරාමරණං, සයංකතඤ්ච පරකතඤ්ච ජරාමරණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං ජරාමරණ”න්ති?
Sinhala BJTඑකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරනණුවෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ මෙරමා විසින් කරණ ලද්දේ ද, ජරාමරණ තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මික වැ - ඉබේ හටගත්තේ දැ” යි.
Pali BJTන ඛො ආවුසො කොට්ඨිත, සයංකතං ජරාමරණං. න පරකතං ජරාමරණං. න සයංකතඤ්ච පරකතඤ්ච ජරාමරණං. නාපි අසයංකාරං අපරංකාරං අධිච්ච සමුප්පන්නං ජරාමරණං. අපි ච ජාතිපච්චයා ජරාමරණන්ති.
Sinhala BJTඇවැත්නි කොට්ඨිතයෙනි, ජරාමරණ තමා විසින් කරණ ලද්දේ නො වේ. ජරාමරණ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් කරණ ලද්දේ මෙරමා විසිනුත් කරණ ලද්දේ නො වේ. ජරාමරණ තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, සයංකතා ජාති, පරකතා{1} ජාති, සයංකතා ච පරකතා ච ජාති, උදාහු අසයංකාරා{2} අපරංකාරා{2} අධිච්චසමුප්පන්නා ජාතීති?
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ජාතිය තමා විසින් කරණ ලද ද, ජාතිය මෙරමා විසින් කරණ ලද ද, ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් වේ ද, නොහොත් ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී දැ යි.
Pali BJTන ඛො ආවුසො කොට්ඨිත, සයංකතා ජාති. න පරකතා ජාති, න සයංකතා ච පරකතා ච ජාති. නාපි අසයංකාරා{2} අපරංකාරා{2} අධිච්චසමුප්පන්නා ජාති. අපි ච භවපච්චයා ජාතීති.
Sinhala BJTඇවැත්නි කොට්ඨිතයෙනි, ජාතිය තමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය මෙරමා විසින් කරණ ලද්දී නො වේ. ජාතිය තමා විසින් කරණ ලද්දීත් මෙරමා විසින් කරණ ලද්දීත් නො වේ. ජාතිය තමා විසිනුත් නො කරණ ලද්දී මෙරමා විසිනුත් නො කරණ ලද්දී ඉබේ හටගත්තී ද නො වේ. වැලි දු භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ යි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, සයංකතො භවො, පරකතො භවො, සයංකතො ච පරකතො ච භවො, උදාහු අසයංකාරො අපරංකාරො අධිච්චසමුප්පන්නො භවොති?
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භවය තමා විසින් කරණ ලද්දේ ද, භවය මෙරමා විසින් කරණ ලද්දේ ද, භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.
Pali BJTන ඛො ආවුසො කොට්ඨිත, සයංකතො භවො. න පරකතො භවො, න සයංකතො ච පරකතො ච භවො. නාපි අසයංකාරො අපරංකාරො අධිච්චසමුප්පන්නො භවො. අපි ච උපාදානපච්චයා භවොති.
Sinhala BJTඇවැත්නි කොට්ඨිතයෙනි, භවය තමා විසින් කරණ ලද්දේ නො වේ. භවය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. භවය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. භවය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, සයංකතං උපාදානං -පෙ- සයංකතා තණ්හා -පෙ- සයංකතා වෙදනා -පෙ- සයංකතො ඵස්සො -පෙ- සයංකතං සළායතනං -පෙ- සයංකතං නාමරූපං, පරකතං නාමරූපං, සයංකතඤ්ච පරකතඤ්ච නාමරූපං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං නාමරූපන්ති?
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, උපාදාන තමා විසින් කරණ ලද්දේ ද ... තෘෂ්ණාව තමා විසින් කරණ ලද්දී ද ... වේදනාව් තමා විසින් කරණ ලද්දී ද ... ස්පර්‍ශය තමා විසින් කරණ ලද්දේ ද ... ෂඩායතන තමා විසින් කරණ ලද්දේ ද … නාමරූප තමා විසින් කරණ ලද්දේ ද, නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ ද, නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේදැ යි.
Pali BJTන ඛො ආවුසො කොට්ඨිත, සයංකතං නාමරූපං. න පරකතං නාමරූපං. න සයංකතඤ්ච පරකතඤ්ච නාමරූපං. නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං නාමරූපං. අපි ච විඤ්ඤාණපච්චයා නාමරූපන්ති.
Sinhala BJTඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ යි.
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, සයංකතං විඤ්ඤාණං, පරකතං විඤ්ඤාණං, සයංකතඤ්ච පරකතඤ්ච විඤ්ඤාණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං විඤ්ඤාණන්ති?
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ ද, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් වේ ද, නොහොත් විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ දැ යි.
Pali BJTන ඛො ආවුසො කොට්ඨිත, සයංකතං විඤ්ඤාණං. පරකතං විඤ්ඤාණං, න සයංකතඤ්ච පරකතඤ්ච විඤ්ඤාණං. නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං විඤ්ඤාණං. අපි ච නාමරූපපච්චයා විඤ්ඤාණන්ති.
Sinhala BJTඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ යි.
Pali BJTඉදානෙව ඛො මයං ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම: “න ඛො ආවුසො කොට්ඨිත, සයංකතං නාමරූපං, න පරකතං නාමරූපං, න සයංකතඤ්ච පරකතඤ්ච නාමරූපං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං නාමරූපං. අපි ච විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති.
Sinhala BJTදැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, නාමරූප තමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. නාමරූප තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. නාමරූප තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ ද නො වේ. වැලි දු විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි.
Pali BJTඉදානෙව ච පන මයං ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම: “න ඛො ආවුසො කොට්ඨිත, සයංකතං විඤ්ඤාණං, න පරකතං විඤ්ඤාණං, න සයංකතඤ්ච පරකතඤ්ච විඤ්ඤාණං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං විඤ්ඤාණං. අපි ච නාමරූපපච්චයා විඤ්ඤාණ”න්ති.
Sinhala BJTදැන් වූ කලී අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ භාෂිතය මෙසේ දනිමු: “ඇවැත්නි කොට්ඨිතයෙනි, විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය මෙරමා විසින් කරණ ලද්දේ නො වේ. විඤ්ඤාණය තමා විසින් කරණ ලද්දේත් මෙරමා විසින් කරණ ලද්දේත් නො වේ. විඤ්ඤාණය තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හටගත්තේත් නො වේ. වැලි දු නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ”යි.
Pali BJTයථා කථම්පනාවුසො සාරිපුත්ත, ඉමස්ස භාසිතස්ස අත්ථො දට්ඨබ්බොති? තෙන හාවුසො උපමං තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කෙසේ නම් මේ භාෂිතයේ අර්‍ත්‍ථය දත යුතු ද? ඇවැත්නි, එසේ නම් තොපට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද භාෂිතයේ අර්‍ත්‍ථය දැන ගණිත්.
Pali BJTසෙය්යථාපි ආවුසො, ද්වෙ නළකලාපියො අඤ්ඤමඤ්ඤං නිස්සාය තිට්ඨෙය්යුං, එවමෙව ඛො ආවුසො, නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. තාසඤ්චෙ ආවුසො, නළකලාපීනං එකං අපකඩ්ඪෙය්ය, එකා පපතෙය්ය, අපරඤ්චෙ අපකඩ්ඪෙය්ය, අපරා පපතෙය්ය. එවමෙව ඛො ආවුසො, නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTඇවැත්නි, යම් සේ නළකළප් දෙකක් ඔවුනොවුන් ඇසුරු කොට සිටුනේ ද, ඇවැත්නි, එසෙයින් ම නාමරූප ප්‍රත්‍යයයෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් සළායතන වේ. සළායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. ඇවැත්නි, ඒ නළකළප් දෙකින් එකක් ඉවත් කරන්නේ නම් එකෙක් වැටෙන්නේ ය. අනෙක ඉවත් කරන්නේ නම් අනෙක වැටෙන්නේ ය. ඇවැත්නි, එසෙයින් ම නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ යි.
Pali BJTඅච්ඡරියං ආවුසො සාරිපුත්ත, අබ්භුතං ආවුසො සාරිපුත්ත, යාවසුභාසිතඤ්චිදං ආයස්මතා සාරිපුත්තෙන. ඉදං ච පන මයං ආයස්මතො සාරිපුත්තස්ස සුභාසිතං ඉමෙහි ඡත්තිංසාය වත්ථූහි අනුමොදාම.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, ආශ්චර්‍ය්‍යයෙකි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, අද්භූතයෙකි. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විසින් මෙය සුභාෂිත (මැනවින් කියන ලද) ම ය. අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන්ගේ සුභාෂිතය මේ සතිස්කරුණින්* අනුමෝදන් වම්හ.
Pali BJTජරාමරණස්ස චෙ ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ‘ධම්මකථිකො භික්ඛූ’ති අලං වචනාය. ජරාමරණස්ස චෙ ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ‘ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ’ති අලං වචනාය. ජරාමරණස්ස චෙ ආවුසො, භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, ‘දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ’ති අලං වචනාය.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, (හෙතෙමේ) “ධර්‍මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, ඉදින් මහණ තෙමේ ජරාමරණයෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, හේ “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.
Pali BJTජාතියා චෙ ආවුසො, භික්ඛු -පෙ- භවස්ස චෙ -පෙ- උපාදානස්ස චෙ -පෙ- තණ්හාය චෙ -පෙ- වෙදනාය චෙ -පෙ- ඵස්සස්ස චෙ -පෙ- සළායතනස්ස චෙ -පෙ- නාමරූපස්ස චෙ -පෙ- විඤ්ඤාණස්ස චෙ -පෙ- සඞ්ඛාරානං චෙ [නිබ්බිදාය] -පෙ- ‘දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ’ති අලං වචනාය.
Sinhala BJTඇවැත්නි, මහණ තෙමේ ඉදින් ජාතියේ ... ඉදින් භවයේ ... ඉදින් උපාදානයේ ... ඉදින් තෘෂ්ණාවේ ... ඉදින් වේදනාවේ ... ඉදින් ඵස්සයේ ... ඉදින් සළායතනයේ ... ඉදින් නාමරූපයේ ... ඉදින් විඤ්ඤාණයේ ... ඉදින් සඞ්ඛාරයන්ගේ [නිර්වේදයෙන්] ... “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය.
Pali BJTඅවිජ්ජාය චෙ ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ‘ධම්මකථිකො භික්ඛූ’ති අලං වචනාය. අවිජ්ජාය චෙ ආවුසො, භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ‘ධම්මානුධම්මපටිපන්නො භික්ඛූ’ති අලං වචනාය. අවිජ්ජාය චෙ ආවුසො, භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, ‘දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූ’ති අලං වචනායාති.
Sinhala BJTඇවැත්නි, ඉදින් මහණ තෙමේ අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස දහම් දෙසා ද, “ධර්‍මකථික මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදය විරාගය නිරෝධය පිණිස පිළිපන්නේ වේ ද, හේ “දහම් අනුදහම් පිළිවෙත්හි පිළිපන් මහණෙකැ”යි කියන්නට සුදුසු ය. ඇවැත්නි, මහණ තෙමේ ඉදින් අවිද්‍යාවේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුනේ වේ ද, “දිටුදැමියෙහි නිවන් පැමිණි මහණෙකැ”යි කියන්නට සුදුසු ය යි.
Pali BJT1. 7. 8.
Sinhala BJT1. 7. 8.
Pali BJTකොසම්බිසුත්තං
Sinhala BJTකෝසම්බි සූත්‍රය