Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසබ්බසො වා පන තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො උපාදානං පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ම තෘෂ්ණාව නැති කල්හි තෘෂ්ණානිරෝධයෙන් උපාදාන පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන උපාදානෙ අසති උපාදානනිරොධා අපි නු ඛො භවො පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ම උපාදාන නැති කල්හි උපාදානනිරෝධයෙන් භවය පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ’.
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන භවෙ අසති භවනිරොධා අපි නු ඛො ජාති පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ම භවය නැති කල්හි භවනිරෝධයෙන් ජාතිය පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ම ජාතිය නැති කල්හි ජාතිනිරෝධයෙන් ජරාමරණ පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ’.
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසාධු සාධු ඛො{1} භික්ඛවෙ, එවමෙවෙතං{2} භික්ඛවෙ, නෙතං අඤ්ඤථා සද්දහථ එවමෙවෙතං{3} භික්ඛවෙ, අධිමුච්චථ. නික්කඞ්ඛා එත්ථ හොථ නිබ්බිචිකිච්ඡා. එසෙවන්තො දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, මැනැවි, මැනැවි. මහණෙනි, මෙය මෙසේ ම ය. මෙය අන් අයුරකින් නො වේ. මහණෙනි, මෙය මෙසේ ම යයි අදහවු නිශ්චයට පැමිණෙවු. මෙහි සැක නැත්තෝ පහ වූ විචිකිච්ඡා ඇත්තෝ වවු. මෙය ම දුක් කෙළවර (නිවන) වේ.
Pali BJT1. 6. 2.
Sinhala BJT1. 6. 2.
Pali BJTඋපාදානසුත්තං
Sinhala BJTඋපාදාන සූත්‍රය
Pali BJT52. සාවත්ථියං–
Sinhala BJT52. සැවැත්නුවර–
Pali BJTඋපාදානීයෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, උපාදානයන්ට ප්‍රත්‍යය වූ ධර්‍මයන් විෂයෙහි ආස්වාදය අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වෙසෙසින් වැඩේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දසන්නං වා කට්ඨවාහානං වීසාය වා කට්ඨවාහානං තිංසාය වා කට්ඨවාහානං චත්තාරීසාය වා කට්ඨවාහානං මහාඅග්ගික්ඛන්ධො ජලෙය්ය{1}, තත්ර පුරිසො කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්ය, සුක්ඛානි ච ගොමයානි පක්ඛිපෙය්ය, සුක්ඛානි ච කට්ඨානි පක්ඛිපෙය්ය, එවං{2} හි සො භික්ඛවෙ මහාඅග්ගික්ඛන්ධො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං ජලෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි වියළිතණත් බහා ලන්නේ ද, වියළි ගොමත් බහා ලන්නේ ද, වියලි දරත් බහා ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ ඒ ආහාර ඇත්තේ උපාදාන ඇත්තේ ඉතා දිගු කලක් දිලෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, උපාදානීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTඋපාදානීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා -පෙ- ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, උපාදානිය ධර්‍මයන්හි දෝෂ නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දසන්නං වා කට්ඨවාහානං වීසාය වා කට්ඨවාහානං තිංසාය වා කට්ඨවාහානං චත්තාරීසාය වා කට්ඨවාහානං මහාඅග්ගික්ඛන්ධො ජලෙය්ය, තත්ර පුරිසො න කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්ය. න සුක්ඛානි ච ගොමයානි පක්ඛිපෙය්ය, න සුක්ඛානි ච කට්ඨානි පක්ඛිපෙය්ය, එවං හි සො භික්ඛවෙ මහාඅග්ගික්ඛන්ධො පුරිමස්ස ච උපාදානස්ස පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරො නිබ්බායෙය්ය.
Sinhala BJTමහණෙනි, දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත් එහි නො ලන්නේ ද, වියළි ගොමත් එහි නො ලන්නේ ද, වියළි දරත් එහි නො ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ පළමු දර දැවීමෙනුත් අනෙක් දර නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, උපාදානීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින්ම උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලුව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 6. 3.
Sinhala BJT1. 6. 3.
Pali BJTසඤ්ඤොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT53. සාවත්ථියං–
Sinhala BJT53. සැවැත්නුවර–
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යය වූ ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තෙලං ච පටිච්ච වට්ටිං ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය. තත්ර පුරිසො කාලෙන කාලං තෙලං ආසිඤ්චෙය්ය,{1} වට්ටිං උපසංහරෙය්ය,{2} එවං හි සො භික්ඛවෙ, තෙලප්පදීපො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං ජලෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො. -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තෙලං ච පටිච්ච වට්ටිං ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය, තත්ර පුරිසො න කාලෙන කාලං තෙලං ආසිඤ්චෙය්ය, න වට්ටිං ච{3} උපසංහරෙය්ය, එවං හි සො භික්ඛවෙ තෙලප්පදීපො පුරිමස්ස ච උපාදානස්ස පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා අනාහාරො නිබ්බායෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් දැල් වෙන්නේ ද, පුරුෂ තෙමේ කලින් කල එහි තෙල් නො බහන්නේද, වැටියත් නො සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දැවීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 6. 4.
Sinhala BJT1. 6. 4.
Pali BJTදුතිය සඤ්ඤොජනසුත්තං
Sinhala BJTදුතිය සංයෝජන සූත්‍රය
Pali BJT54. සාවත්ථියං–
Sinhala BJT54. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තෙලං ච පටිච්ච වට්ටිං ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය. තත්ර පුරිසො කාලෙන කාලං තෙලං ආසිඤ්චෙය්ය, වට්ටිං ව උපසංහරෙය්ය. එවං හි සො භික්ඛවෙ තෙලප්පදීපො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං ජලෙය්ය.
Sinhala BJTමහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් යම්සේ දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තෙලං ච පටිච්ච වට්ටිං ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය. තත්ර පුරිසො න කාලෙන කාලං තෙලං ආසිඤ්චෙය්ය, න වට්ටිං ච උපසංහරෙය්ය. එවං හි සො භික්ඛවෙ තෙලප්පදීපො පුරිමස්ස ච උපාදානස්ස පරියාදානා අඤ්ඤස්ස ච අනුපහාරා{4} අනාහාරො නිබ්බායෙය්ය.
Sinhala BJTමහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා යම්සේ තෙල්පහනෙක් දැල්වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් නො බහන්නේ නම් වැටියත් නො සකස් කරන්නේ නම්, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දවා ලීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වෙයි.
Pali BJT1. 6. 5.
Sinhala BJT1. 6. 5.
Pali BJTමහාරුක්ඛසුත්තං
Sinhala BJTමහාරුක්ඛ සූත්‍රය
Pali BJT55. සාවත්ථියං–
Sinhala BJT55. සැවැත්නුවර–
Pali BJTඋපාදානීයෙසු භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. තස්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියංගමානි, සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති. එවං හි සො භික්ඛවෙ මහාරුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යයි. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් පවත්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, උපාදානීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTඋපාදානීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය. සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්ය. මූලෙ ඡෙත්වා{1} පලිඛණෙය්ය{2} පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය අන්තමසො උසීරනාළමත්තානිපි.{3} සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය. ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා ඵාලෙය්ය. ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය. සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය. අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්ය. මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය. නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවං හි සො භික්ඛවෙ මහාරුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවකතො{4} ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල සිඳින්නේ ය. මුල සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූත් මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුලඟෙහි වියලන්නේ ය. අවුසුලඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලගෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ, නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, උපාදානීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJT1. 6. 6.
Sinhala BJT1. 6. 6.
Pali BJTදුතිය මහාරුක්ඛසුත්තං
Sinhala BJTදුතිය මහාරුක්ඛ සූත්‍රය
Pali BJT56. සාවත්ථියං–
Sinhala BJT56. සැවැත්නුවර–
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. තස්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියඞ්ගමානි, සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති. එවං හි සො භික්ඛවෙ මහාරුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, උපාදානීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය. සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්ය මූලෙ ඡෙත්වා පලිඛණෙය්ය. පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය -පෙ- නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවං හි සො භික්ඛවෙ මහාරුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා මුල් උදුරන්නේ ය ... සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ මුදුන සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පත් කරණ ලද්දේ මතු නො හටගන්නා ස්වභාව ඇත්තේ වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, උපාදානීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂ දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJT1. 6. 7.
Sinhala BJT1. 6. 7.
Pali BJTතරුණරුක්ඛසුත්තං
Sinhala BJTතරුණරුක්ඛ සූත්‍රය
Pali BJT57. සාවත්ථියං–
Sinhala BJT57. සැවැත්නුවර–
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තරුණෙ රුක්ඛො. තස්ස පුරිසො කාලෙන කාලං මූලානි පලිසත්ථෙය්ය.{1} කාලෙන කාලං පංසුං දදෙය්ය. කාලෙන කාලං උදකං දදෙය්ය. එවං හි සො භික්ඛවෙ තරුණො රුක්ඛො තදාහාරො තදුපාදානො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, පුරුෂයෙක් කලින් කල එහි මුල් සුද්ධ කරන්නේ ද, කලින් කල පස් පොහොර දෙන්නේ ද, කලින් කල ජලය දෙන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තරුණ රුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ වැඩීමට හටගත් මුල් ඇති බවට මහත් බවට පැමිණෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නා සුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තරුණො රුක්ඛො, අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය. සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්ය. මූලෙ ඡෙත්වා පලිඛණෙය්ය. පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය අන්තමසො උසීරනාළමත්තානිපි. සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය. ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය. ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය. සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය. අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්ය. මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය. නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවං හි සො භික්ඛවෙ තරුණො රුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTමහණෙනි, යම්සේ තරුණ රුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවු සුළඟෙහි වියලන්නේ ය. අවු සුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ තරුණ රුක උසුන්මුල් ඇත්තේ හිස්සුන් තල්රුකක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දක්නාසුලු ව වසන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJT1. 6. 8.
Sinhala BJT1. 6. 8.
Pali BJTනාමරූපසුත්තං
Sinhala BJTනාමරූප සූත්‍රය
Pali BJT58. සාවත්ථියං–
Sinhala BJT58. සැවැත්නුවර–
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති හොති. නාමරූපපච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. තස්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියංගමානි, සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති. එවං හි සො භික්ඛවෙ මහාරුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති හොති නාමරූප පච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළ වීම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති න හොති. නාමරූපනිරොධා සළායතනනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ පහළවීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය -පෙ- ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි උදැල්ලක් හා පැසක් ගෙණ පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො නාමරූපස්ස අවක්කන්ති න හොති. නාමරූපනිරොධා සළායතනනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට නාමරූපයන්ගේ බැසගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJT1. 6. 9.
Sinhala BJT1. 6. 9.
Pali BJTවිඤ්ඤාණසුත්තං
Sinhala BJTවිඤ්ඤාණ සූත්‍රය
Pali BJT59. සාවත්ථියං–
Sinhala BJT59. සැවැත්නුවර–
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො විඤ්ඤාණස්ස අවක්කන්ති හොති. විඤ්ඤාණපච්චයා නාමරූපං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. තස්ස යානි චෙව මූලානි [අධොගමානි] -පෙ- [දීඝමද්ධානං තිට්ඨෙය්ය.]
Sinhala BJTමහණෙනි, යම්සේ මහ රුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, ... [බොහෝ දිගුකලක් සිටුනේ ය].
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො විඤ්ඤාණස්ස අවක්කන්ති හොති. විඤ්ඤාණපච්චයා නාමරූපං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
Pali BJTසඤ්ඤොජනීයෙසු භික්ඛවෙ, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො විඤ්ඤාණස්ස අවක්කන්ති න හොති. විඤ්ඤාණනිරොධා{1} නාමරූපනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම නො වේ. විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහාරුක්ඛො. අථ පුරිසො ආගච්ඡෙය්ය -පෙ- ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTමහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සඤ්ඤොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො විඤ්ඤාණස්ස අවක්කන්ති න හොති. විඤ්ඤාණනිරොධා{1} නාමරූපනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJT1. 6. 10.
Sinhala BJT1. 6. 10.
Pali BJTනිදාන [පටිච්චසමුප්පාද] සුත්තං
Sinhala BJTනිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය
Pali BJT60. එකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං{2} නාම කුරූනං නිගමො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව ගම්භීරො චායං භන්තෙ, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච, අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායතීති.
Sinhala BJT60. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වැඩවෙසෙන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
Pali BJTමා හෙවං ආනන්ද, මා හෙවං ආනන්ද, ගම්භීරො චායං ආනන්ද, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච. එතස්ස ආනන්ද, ධම්මස්ස අඤ්ඤාණා අනනුබොධා අප්පටිවෙධා එවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨික{3}ජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.
Sinhala BJTආනන්‍ද, එසේ නොකිය, ආනන්‍ද එසේ නො කිය. ආනන්‍ද, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙණේ. ආනන්‍ද, මේ දහම නො දැනීමෙන් අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ සත්ත්‍වයෝ අවුල් වූ නූල් පන්දක් මෙන් වූවාහු, පෙහෙරුන්ගේ කැඳෙහි නූල් ගුලාවක් හෝ කුරුළුකැදැල්ලක් මෙන් ව්‍යාකූල වූවාහු, මුදුතණ බබුස්තණ මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන සසර නො ඉක්මවත්.
Pali BJTඋපාදානීයෙසු ආනන්ද, ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
Pali BJTසෙය්යථාපි ආනන්ද, මහාරුක්ඛො. තස්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියංගමානි. සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති. එවං හි සො ආනන්ද, මහාරුක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය.
Sinhala BJTආනන්‍ද, යම්සේ මහරුකෙක් වේද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට ගමන් ගත් යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යේ. ආනන්‍ද, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ ඉතා දිගුකලක් සිටුනේ ය.
Pali BJTඑවමෙව ඛො ආනන්ද, උපාදානීයෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
Pali BJTඋපාදානීයෙසු ආනන්ද, ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTසෙය්යථාපි ආනන්ද, මහාරුක්ඛො, අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය. සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්ය’ මූලෙ ඡෙත්වා පලිඛණෙය්ය. පලිඛණිත්වා මූලානි උද්ධරෙය්ය. අන්තමසො උසීරනාළමත්තානිපි. සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය. සකලිකං සකලිකං කරිත්වා වාතාතපෙ විසොසෙය්ය. වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය. අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්ය. මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය. නදියා වා සීඝසොතාය පවාහෙය්ය. එවං හි සො ආනන්ද මහාරුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනවභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTආනන්‍ද, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එහි එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස කනින්නේ ය. හාත්පස කැන යටත් පිරිසෙයින් සුවඳහොට මුල් පමණවූ ද මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුළඟෙහි වියලන්නේ ය. අවුසුළඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලඟෙහි හෝ පොලා හරින්නේ ය. සැඬ පහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. ආනන්‍ද, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස්සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො හටන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො ආනන්ද, උපාදානීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරතො තණ්හා නිරුජ්ඣති. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
Pali BJTදුක්ඛවග්ගො ඡට්ඨො.
Sinhala BJTදුක්ඛවර්‍ගය සවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපරිවීමංසනුපාදානං ද්වෙ ච සඤ්ඤොජනානි ච මහාරුක්ඛෙන ද්වෙ වුත්තා තරුණෙන ච සත්තමං නාමරූපඤ්ච විඤ්ඤාණං නිදානෙන ච තෙ දසාති.
Sinhala BJTපරිවීමංසන උපාදාන සූත දෙකය, සංයෝජන සූත දෙක ය, මහාරුක්ඛ සූත දෙක ය, සත්වන තරුණ රුක්ඛ සූත්‍රය, නාමරූප, විඤ්ඤාණ, නිදාන සූත්‍රය යි සූත්‍ර දශයෙකි.
Pali BJT7. මහාවග්ගො
Sinhala BJT7. මහා වර්‍ගය
Pali BJT1. 7. 1.
Sinhala BJT1. 7. 1.
Pali BJTඅස්සුතවන්තුසුත්තං
Sinhala BJTඅස්සුතවන්තු සූත්‍රය
Pali BJT61. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර -පෙ- අවොච.
Sinhala BJT61. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී ... වදාළ සේක:
Pali BJTඅස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො ඉමස්මිං චාතුම්මහාභූතිකස්මිං{1} කායස්මිං නිබ්බින්දෙය්ය’පි විරජ්ජෙය්ය’පි විමුච්චෙය්ය’පි. තං කිස්ස හෙතු? දිස්සති භික්ඛවෙ, ඉමස්ස චාතුම්මහාභූතිකස්ස කායස්ස ආචයො’පි අපචයො’පි ආදානම්පි නික්ඛෙපනම්පි{2}. තස්මා තත්රාස්සුතවා පුථුජ්ජනො නිබ්බින්දෙය්ය’පි විරජ්ජෙය්ය’පි විමුච්චෙය්ය’පි.
Sinhala BJTමහණෙනි, නූගත් පුහුදුන් තෙමේ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ සිරුරෙහි උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි. මිදෙනු කැමැත්තේත් වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයෙහි වැඩීමත් පිරිහීමත් හටගැනීමත් බිඳීමත් පෙණෙයි. එහෙයින් නූගත් පුහුදුන් තෙමේ එහි ලා උකටලී වන්නේත් වෙයි. නො ඇලෙන්නේත් වෙයි, මිදෙනු කැමැත්තේත් වෙයි.
Pali BJTයං ච ඛො එතං භික්ඛවෙ, වුච්චති චිත්තං ඉතිපි මනො ඉතිපි විඤ්ඤාණං ඉතිපි, තත්රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං. තං කිස්ස හෙතු? දීඝරත්තං හෙතං භික්ඛවෙ, අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ඣොසිතං මමායිතං පරාමට්ඨං එතං මම එසොහමස්මි එසො මෙ අත්තාති. තස්මා තත්රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං.
Sinhala BJTමහණෙනි, මේ යමක් සිත යයි දු මනස යයි දු විඤ්ඤාණ යයි දු කියනු ලැබේ ද, එහි ලා නූගත් පුහුදුන් තෙමේ කලකිරෙන්නට නො සමත් ය, නො ඇලෙන්නට නො සමත් ය, මිදෙන්නට නො සමත් ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, නූගත් පුහුදුන්හු විසින් බොහෝ කලක් මුළුල්ලෙහි ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය’යි (තෘෂ්ණාදියෙන්) බැස ගන්නා ලදී. මමත්‍වය කරණ ලදී. පරාමර්‍ශනය කරණ ලදී. එහෙයින් එහිලා නූගත් පුහුදුන් තෙමේ උකටලී වන්නට නො සමත් ය. නො ඇලෙන්නට නො සමත් ය. මිදෙන්නට නො සමත් ය.
Pali BJTවරං භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො ඉමං චාතුම්මහාභූතිකං කායං අත්තතො උපගච්ඡෙය්ය, නත්වෙව චිත්තං. තං කිස්ස හෙතු: දිස්සතායං භික්ඛවෙ, චාතුම්මහාභූතිකො කායො එකම්පි වස්සං තිට්ඨමානො, ද්වෙපි වස්සානි තිට්ඨමානො, තීණිපි වස්සානි තිට්ඨමානො, චත්තාරිපි වස්සානි තිට්ඨමානො, පඤ්චපි වස්සානි තිට්ඨමානො, දසපි වස්සානි තිට්ඨමානො, වීසතිපි වස්සානි තිට්ඨමානො, තිංසම්පි වස්සානි තිට්ඨමානො, චත්තාරීසම්පි වස්සානි තිට්ඨමානො, පඤ්ඤාසම්පි වස්සානි තිට්ඨමානො, වස්සසතම්පි තිට්ඨමානො භිය්යො පි තිට්ඨමානො. යඤ්ච ඛො එතං භික්ඛවෙ වුච්චති චිත්තං ඉතිපි මනො ඉතිපි විඤ්ඤාණං ඉතිපි. තං රත්තියා ච දිවසස්ස ච අඤ්ඤදෙව උප්පජ්ජති අඤ්ඤං නිරුජ්ඣති.
Sinhala BJTමහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සතරමහාභූතයන්ගෙන් හටගත් ශරීරය ආත්ම ය යි ගන්නේ නම් උතුම්. සිත (එලෙස ගැනීම) නො ම මැනවි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සතරමහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරය එක් වසක් සිටුනේ ම, දෙවසක් සිටුනේ ම, තෙවසක් සිටුනේ ම, සිවුවසක් සිටුනේ ම, පස්වසක් සිටුනේ ම, දසවසක් සිටුනේ ම, විසිවසක් සිටුනේ ම, තිස්වසක් සිටුනේ ම, සතලිස්වසක් සිටුනේ ම, පනස් වසක් සිටුනේ ම, සියවසක් සිටුනේ ම, ඉන් වැඩියක් කල් සිටුනේ ම පැණේ. මහණෙනි, යමක් මේ සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ සිත රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මක්කටො අරඤ්ඤෙ පවනෙ{3} චරමානො සාඛං ගණ්හාති.{4} තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති: තං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හාති: එවමෙව ඛො භික්ඛවෙ යදිදං වුච්චති චිත්තං ඉතිපි මනො ඉතිපි විඤ්ඤාණං ඉතිපි. තං රත්තියා ච දිවසස්ස ච අඤ්ඤදෙව උප්පජ්ජති, අඤ්ඤං නිරුජ්ඣති.
Sinhala BJTමහණෙනි, වඳුරෙක් මහවෙනෙහි හැසිරෙණුයේ යම්සේ අත්තක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, එය මුදා අනිකක් එල්බ ගනී ද, මහණෙනි, එසෙයින් ම මේ යමක් සිත යයි මනස යයි විඤ්ඤාණ යයි කියනු ලැබේ ද, ඒ (සිත) රෑ ද දහවල් ද අනෙකක් ම උපදී. අනෙකක් ම නිරුද්ධ වේ. (සිත අරමුණක් පාසා වෙනස්වන බව කියුසේ ය.)
Pali BJTතත්ර භික්ඛවෙ සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදං යෙව සාධුකං යොනිසො මනසි කරොති: ඉති ඉමස්මිං සති ඉදං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති: යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරේ ද, මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මෙය ඇතිවීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මේ හේතුව නිරුද්ධ වීමෙන් මේ ඵලය නිරුද්ධ වේ. ඒ නම් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTඅවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTඅවිද්‍යාව ම නිරවශේෂයෙන් නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.