Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTලොකස්ස භික්ඛවෙ සමුදයං ච අත්ථඞ්ගමං ච දෙසිස්සාමි. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, ලෝකයේ (පඤ්චස්කන්‍ධයේ) හටගැණීමත් නැතිවීමත් දේශනා කරන්නෙමි එය අසවු.
Pali BJTකතමො ච භික්ඛවෙ, ලොකස්ස සමුදයො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. අයං ඛො භික්ඛවෙ, ලොකස්ස සමුදයො.
Sinhala BJTමහණෙනි, පඤ්චස්කන්‍ධ ලෝකයේ හටගැණීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හට ගැණීම යි.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා -පෙ- ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස සමුදයො.
Sinhala BJTකණත් ශබ්දත් නිසා නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී ඒ තුණේ එක්වීම ස්පර්‍ශ යයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මහණෙනි, මේ ලෝකයේ හටගැණීම යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, ලොකස්ස අත්ථඞ්ගමො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස අත්ථඞ්ගමො.
Sinhala BJTමහණෙනි, ලෝකයේ නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ යයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ . ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි මේ ලෝකයේ නැතිවීම ය.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ ලොකස්ස අත්ථඞ්ගමොති.
Sinhala BJTකණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් සප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ නැතිවීම යි.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJTඤාතිකසුත්තං
Sinhala BJTඤාතික සූත්‍රය
Pali BJT45. එවං මෙ සුතං: එකං සමයං භගවා ඤාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ.
Sinhala BJT45. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගැඩොලින් කළ පහයෙහි වසන සේක.
Pali BJTඅථ ඛො භගවා රහොගතො පටිසල්ලීනො ඉමං ධම්මපරියායං අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකලාව විවේකී ව වැඩහුන් සේක මේ දහම් ක්‍රමය වදාළ සේක:
Pali BJTචක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTකණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නාසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක් වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ ට ගැණීම වේ.
Pali BJTචක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච -පෙ- ඝානච්ච පටිච්ච ගන්ධෙ ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTකණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුණ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි (වදාළ සේක.)
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භගවතො උපස්සුතිං{1} ඨිතො හොති. අද්දසා ඛො භගවා තං භික්ඛුං උපස්සුතිං ඨිතං. දිස්වාන තං භික්ඛුං එතදවොච: අස්සොසි නො ත්වං භික්ඛු ඉමං ධම්මපරියායන්ති? එවම්භන්තෙති. උග්ගණ්හාහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. පරියාපුණාහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. ධාරෙහි ත්වං භික්ඛු ඉමං ධම්මපරියායං. අත්ථසංහිතොයං භික්ඛු ධම්මපරියායො, ආදිබ්රහ්මචරියකොති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උපශ්‍රැතියෙහි (=දේශනාව ඇසෙන තන්හි) සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ උපශ්‍රැතියෙහි සිටි ඒ මහණ දුටුසේක. දැක ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය ඇසුවහු ද? වහන්ස, එසේ ය. මහණ, තෙපි මේ ධර්‍මක්‍රමය උගණිවු. මහණ, තෙපි මේ ධර්‍මචක්‍රමය පිරිවහවු. මහණ තෙපි මෙ ධර්‍මක්‍රමය දරවු. මහණ, මේ ධර්‍මක්‍රමය අර්‍ත්‍ථ සහිතය, මගබඹසරට මුල් වූයේ ය.
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJTඅඤ්ඤතර බ්රාහ්මණසුත්තං
Sinhala BJTඅඤ්ඤතරබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT46. සාවත්ථියං–
Sinhala BJT46. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේ ය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
Pali BJTකින්නු ඛො භො ගොතම සො කරොති, සො පටිසංවෙදයතීති? “සො කරොති සො පටිසංවෙදයතී”ති ඛො බ්රාහ්මණ, අයමෙකො අන්තො.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිමෙක් ද, හෙ තෙමේ කෙරේ ද, හෙ තෙමේ විඳී ද? බමුණ,“හෙ තෙමේ කෙරෙයි. හෙ තෙමේ විඳී” යනු මේ එක් අන්තයෙකි. (=කෙළවරෙකි.)
Pali BJTකිං පන භො ගොතම අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදයතීති? “අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදයතී”ති ඛො බ්රාහ්මණ, අයං දුතියො අන්තො.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිමෙක් ද අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳී ද? බමුණ, “අනෙකෙක් කෙරෙයි. අනෙකෙක් විඳී” යනු දෙවන අන්ත යයි.
Pali BJTඑතෙ තෙ බ්රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTබමුණ, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේනිරෝධය වේ” යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTඑවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි ඉතා මැනව. ... භවත් ගෞතම තෙමේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කළේ ය.
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJTජාණුස්සොණිසුත්තං
Sinhala BJTජාණුස්සෝණි සූත්‍රය
Pali BJT47. සාවත්ථියං–
Sinhala BJT47. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි -පෙ- එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වන්සේ සමග සතුටු වි ය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
Pali BJTකින්නු ඛො භො ගොතම සබ්බමත්ථීති? “සබ්බමත්ථී”ති ඛො බ්රාහ්මණ අයමෙකො අන්තො.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිම සියල්න ඇත්තේ ද? බමුණ, “සියල්ල ඇත්තේ ය” යනු මේ එක් අනන්තයෙකි.
Pali BJTකිං පන භො ගොතම සබ්බං නත්ථීති? “සබ්බං නත්ථී”ති ඛො බ්රාහ්මණ අයං දුතියො අන්තො.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිම සියල්ල නැත්තේ ද? බමුණ, “සියල්ල නැත්තේ ය” යනු මේ දෙවන අන්ත ය යි.
Pali BJTඑතෙ තෙ බ්රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTබමුණ, ඒ මේ (ශාශ්වත - උචේඡද) අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයේ වෙති. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTඑවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව, ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා”යි මෙය සැළ කෙළේ ය.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJTලොකායතිකසුත්තං
Sinhala BJTලෝකායතික සූත්‍රය
Pali BJT48. සාවත්ථියං–
Sinhala BJT48. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ලොකායතිකො බ්රාහ්මණො යෙන භගවා [තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ඵගවතා සද්ධිං සම්මොදි.] -පෙ- එකමන්තං නිසින්නො ඛො ලොකායතිකො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය . ... එකත්පසෙක හුන් ලෝකායතික (විතණ්ඩවාදයෙහි පුහුණු වූ) බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
Pali BJTකින්නු ඛො භො ගොතම, සබ්බමත්ථීති? ‘සබ්බමත්ථී’ති ඛො බ්රාහ්මණ ජෙට්ඨමෙතං ලොකායතං.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඇත්තේ ද? බමුණ,‘සියල්ල ඇත්තේ ය’ යන මෙය පළමුවන ලෝකායත ය යි.
Pali BJTකිං පන භො ගොතම, සබ්බං නත්ථීති? ‘සබ්බං නත්ථී’ති ඛො බ්රාහ්මණ දුතියමෙතං ලොකායතං.
Sinhala BJTභවත් ගෞතමයෙනි, සියල්ල නැත්තේ ද? බමුණ, ‘සියල්ල නැත්තේ ය’ යන මෙය දෙවැනි ලෝකායත ය යි.
Pali BJTකින්නු ඛො භො ගොතම, සබ්බමෙකත්තන්ති? ‘සබ්බමෙකත්තන්ති’ ඛො බ්රාහ්මණ තතියමෙතං ලොකායතං.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිම, සියල්ල ඒකස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල ඒකස්වභාව ඇත්තේ ය’ යන මෙය තෙවැනි ලෝකායත ය යි.
Pali BJTකිං පන භො ගොතම, සබ්බං පුථුත්තන්ති? ‘සබ්බං පුථුත්තන්ති’ ඛො බ්රාහ්මණ චතුත්ථමෙතං ලොකායතං.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිම, සියල්ල නානාස්වභාව ඇත්තේ ද? බමුණ, ‘සියල්ල නානාස්වභාව ඇත්තේ ය’ යන මෙය සිවුවැනි ලෝකායත ය යි.
Pali BJTඑතෙ තෙ බ්රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTබමුණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ, තථාගත තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTඑවං වුත්තෙ ලොකායතිකො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- [උපාසකං මං භවං ගොතමො ධාරෙතු] අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ලෝකායතික බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, ඉතා මැනව. ... මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි මෙය සැළ කළේ ය.
Pali BJT1. 5. 9.
Sinhala BJT1. 5. 9.
Pali BJTපඨම අරියසාවකසුත්තං
Sinhala BJTපඨම අරියසාවක සූත්‍රය
Pali BJT49. සාවත්ථියං–
Sinhala BJT49. සැවැත්නුවර–
Pali BJTන භික්ඛවෙ සුතවතො අරියසාවකස්ස එවං හොති: “කින්නු ඛො කිස්මිං සති කිං හොති, කිස්සුප්පාදා කිං උප්පජ්ජති, [කිස්මිං සති සඞ්ඛාරා හොන්ති, කිස්මිං සති විඤ්ඤාණං හොති, කිස්මිං සති නාමරූපං හොති, කිස්මිං සති සළායතනං හොති,]{*} කිස්මිං සති ඵස්සො හොති, කිස්මිං සති වෙදනා හොති, කිස්මිං සති තණ්හා හොති, කිස්මිං සති උපාදානං හොති, කිස්මිං සති භවො හොති, කිස්මිං සති ජාති හොති, කිස්මිං සති ජරාමරණං හොතී”ති?
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සුතවතො අරියසාවකස්ස අපරප්පච්චයා ඤාණමෙවෙත්ථ හොති: “ඉමස්මිං සති ඉදං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. [අවිජ්ජාය සති සඞ්ඛාරා හොන්ති. සඞ්ඛාරෙසු සති විඤ්ඤාණං හොති.]{*} විඤ්ඤාණෙ සති නාමරූපං හොති. -පෙ- ජාතියා සති ජරාමරණං හොතී”ති. සො එවං පජානාති “එවං අයං ලොකො සමුදයතී”ති.
Sinhala BJTවැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මේ වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. ... ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත (අනුන්ගේ පිහිටක් නැතිව) ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් උපදී” ය යි මෙසේ දැනගනී.
Pali BJTන භික්ඛවෙ, සුතවතො අරියසාවකස්ස එවං හොති: “කිං නු ඛො කිස්මිං අසති කිං න හොති, කිස්ස නිරොධා කිං නිරුජ්ඣති, කිස්මිං අසති සඞ්ඛාරා න හොන්ති, කිස්මිං අසති විඤ්ඤාණං න හොති, කිස්මිං අසති නාමරූපං න හොති, කිස්මිං අසති සළායතනං න හොති, කිස්මිං අසති ඵස්සො න හොති, කිස්මිං අසති වෙදනා න හොති, කිස්මිං අසති තණ්හා න හොති, කිස්මිං අසති උපාදානං න හොති, කිස්මිං අසති භවො න හොති, කිස්මිං අසති ජාති න හොති, කිස්මිං අසති ජරාමරණං න හොතී”ති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි නාමරූප නො වේ ද, කුමක් නැති කල්හි ෂඩායතන නො වේ ද, කුමක් නැති කල්හි ස්පර්‍ශය නො වේ ද, කුමක් නැති කල්හි වේදනාව නො වේ ද, කුමක් නැති කල්හි තෘෂ්ණාව නො වේ ද, කුමක් නැති කල්හි උපාදාන නො වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි මෙබඳු සිතෙක් නො වෙයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, සුතවතො අරියසාවකස්ස අපරප්පච්චයා ඤාණමෙවෙත්ථ හොති: “ඉමස්මිං අසති ඉදං න හොති. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. අවිජ්ජාය අසති සඞ්ඛාරා න හොන්ති. සඞ්ඛාරෙසු අසති විඤ්ඤාණං න හොති. විඤ්ඤාණෙ අසති නාමරූපං න හොති. නාමරූපෙ අසති සළායතනං න හොති -පෙ- ඵස්සො න හොති -පෙ- වෙදනා න හොති -පෙ- තණ්හා න හොති -පෙ- උපාදානං න හොති -පෙ- භවො න හොති -පෙ- ජාති න හොති. ජාතියා අසති ජරාමරණං න හොතී”ති. සො එවං පජානාති “එවං අයං ලොකො නිරුජ්ඣතී”ති.
Sinhala BJTවැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙති. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නොවේ. නාමරූප නැති කල්හි ෂඩායතන නො වේ ... ස්පර්‍ශය නො වේ. ... වේදනාව නො වේ. ... තෘෂ්ණාව නො වේ. ... උපාදාන නො වේ. ... භවය නො වේ ... ජාතිය නො වේ. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිතව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙසේ නිරුද්ධ වේ ය”යි මෙසේ දැන ගණී.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකො එවං ලොකස්ස සමුදයං ච අත්ථඞ්ගමං ච යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි -පෙ- අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතුසේ දැනගනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිට්ඨිසම්පන්න යයි ද, .. අමාදොරට හැපී සිටී යයි ද කියනු ලැබේ.
Pali BJT1. 5. 10.
Sinhala BJT1. 5. 10.
Pali BJTදුතිය අරියසාවකසුත්තං.
Sinhala BJTදෙවැනි අරියසාවක සූත්‍රය
Pali BJT50. සාවත්ථියං–
Sinhala BJT50. සැවැත්නුවර–
Pali BJTන භික්ඛවෙ, සුතවතො අරියසාවකස්ස එවං හොති: “කින්නු ඛො කිස්මිං සති කිං හොති, කිස්සුප්පාදා කිං උප්පජ්ජති, කිස්මිං සති සඞ්ඛාරා හොන්ති, කිස්මිං සති විඤ්ඤාණං හොති, කිස්මිං සති නාමරූපං හොති, කිස්මිං සති සළායතනං හොති, කිස්මිං සති ඵස්සො හොති, කිස්මිං සති වෙදනා හොති, කිස්මිං සති තණ්හා හොති, කිස්මිං සති උපාදානං හොති, කිස්මිං සති භවො හොති, කිස්මිං සති ජාති හොති, කිස්මිං සති ජරාමරණං හොතී”ති?
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, සුතවතො අරියසාවකස්ස අපරප්පච්චයා ඤාණමෙවෙත්ථ හොති: “ඉමස්මිං සති ඉදං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. අවිජ්ජාය සති සඞ්ඛාරා හොන්ති. සඞ්ඛාරෙසු සති විඤ්ඤාණං හොති. විඤ්ඤාණෙ සති නාමරූපං හොති. නාමරූපෙ සති සළායතනං හොති. සළායතනෙ සති ඵස්සො හොති. ඵස්සෙ සති වෙදනා හොති. වෙදනාය සති තණ්හා හොති. තණ්හාය සති උපාදානං හොති. උපාදානෙ සති භවො හොති. භවෙ සති ජාති හොති. ජාතියා සති ජරාමරණං හොතී”ති. සො එවං පජානාති: “එවමයං ලොකො සමුදයතී”ති.
Sinhala BJTවැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. නාමරූප ඇති කල්හි ෂඩායතන වේ. ෂඩායතන ඇති කල්හි ස්පර්‍ශය වේ. ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වේ. වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වේ. උපාදාන ඇති කල්හි භවය වේ. භවය ඇති කල්හි ජාතිය වේ. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් හටගණී ය”යි මෙසේ දැන ගණී.
Pali BJTන භික්ඛවෙ, සුතවතො අරියසාවකස්ස එවං හොති: “කින්නු ඛො කිස්මිං අසති කිං න හොති, කිස්ස නිරොධා කිං නිරුජ්ඣති, කිස්මිං අසති සංඛාරා න හොන්ති, කිස්මිං අසති විඤ්ඤාණං න හොන්ති -පෙ- කිස්මිං අසති ජරාමරණං න හොතී”ති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිමෙක් ද, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙත් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, සුතවතො අරියසාවකස්ස අපරප්පච්චයා ඤාණමෙවෙත්ථ හොති: “ඉමස්මිං අසති ඉදං න හොති. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. අවිජ්ජාය අසති සඞ්ඛාරා න හොන්ති. සඞ්ඛාරෙසු අසති විඤ්ඤාණං න හොති. විඤ්ඤාණෙ අසති නාමරූපං න හොති. -පෙ- ජාතියා අසති ජරාමරණං න හොතී”ති. සො එවං පජානාති: “එවමයං ලොකො නිරුජ්ඣතී”ති.
Sinhala BJTමහණෙනි, වැලිදු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නො වේ ... ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ”යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් නිරුද්ධ වේ ය” යි මෙසේ දැන ගණී.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකො එවං ලොකස්ස සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතු සේ දැන ගණී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්නයයි ද, දර්‍ශනසම්පන්න යයි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ යයි ද, මේ සද්ධර්‍මය දකී යයි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත යයි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
Pali BJTගහපතිවග්ගො පඤ්චමො.
Sinhala BJTගහපති වර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ පඤ්චවෙරභයා වුත්තා දුක්ඛං ලොකො ච ඤාතිකං අඤ්ඤතරං ජාණුස්සොණි ච ලොකායතිකෙන අට්ඨමං ද්වෙ අරියසාවකා වුත්තා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපඤ්චවේරභය සූත්‍ර දෙකක් කියන ලදී. දුක්ඛ, ලෝක, ඤාතික, අඤ්ඤතර, ජානුස්සෝණි සූත්‍ර ද, අටවැනි ලෝකායතික සූත්‍රය ද, අරියසාවක සූත්‍ර දෙක ද කියන ලදහ. එයින් වර්‍ග ය කියනු ලැබේ.
Pali BJT6. දුක්ඛවග්ගො
Sinhala BJT6. දුක්ඛ වර්‍ගය
Pali BJT1. 6. 1.
Sinhala BJT1. 6. 1.
Pali BJTපරිවීමංසනසුත්තං
Sinhala BJTපරිවීමංසන සූත්‍රය
Pali BJT51. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො{1} භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT51. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකිත්තාවතා නු ඛො භික්ඛවෙ භික්ඛූ පරිවීමංසමානො පරිවීමංසෙය්ය සබ්බසො සම්මා දුක්ඛක්ඛයායාති? “භගවං මූලකා නො භන්තෙ, ධම්මා. භගවං නෙත්තිකා, භගවං පටිසරණා. සාධු වත භන්තෙ භගවන්තං එව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති.
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ හැම අයුරින් මැනැවින් දුක් දුරු කිරීම පිණිස පිරික්සන්නේ කෙතෙකින් පිරික්සාද? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්ස, මැනැවි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ” යි. ඇත්තාහ භාග්‍යවතුන් වහන්ස,
Pali BJTතෙන හි භික්ඛවෙ,{2} සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති.
Sinhala BJT“මහණෙනි, එසේ නම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි” යි.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT“වහන්ස, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඉමං භික්ඛවෙ, භික්ඛු පරිවීමංසමානො පරිවීමංසති: “යං ඛො ඉදං අනෙකවිධං. නානප්පකාරකං{3} දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරාමරණං. ඉදං නු ඛො දුක්ඛං කින්නිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං. කිස්මිං සති ජරාමරණං හොති. කිස්මිං අසති ජරාමරණං න හොතී”ති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ පිරික්සන්නේ “නන් වැදෑරුම් නන් අයුරු දුක් වූ යම් මේ ජරාමරණ ලෝකයෙහි උපදී ද, මේ දුක කිමෙක් නිදාන කොට ඇත්තේද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි පිරික්සයි.
Pali BJTසො පරිවීමංසමානො එවං පජානාති: “යං ඛො ඉදං අනෙකවිධං නානප්පකාරකං දුක්ඛං ලොකෙ උප්පජ්ජති ජරාමරණං, ඉදං ඛො දුක්ඛං ජාතිනිදානං ජාතිසමුදයං ජාතිජාතිකං ජාතිප්පභවං. ජාතියා සති ජරාමරණං හොති. ජාතියා අසති ජරාමරණං න හොතී”ති.
Sinhala BJTහෙතෙමේ පිරික්සන්නේ “නන්වැදෑරුම් නන් අයුරු වූ දුක් වූ යම් මේ ජරාමරණ ලෙව්හි උපදී ද, මේ දුක ජාතිය නිදාන කොට ඇත්තේය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය පභව කොට ඇත්තේය. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යයි මෙසේ දැන ගණී.
Pali BJTසො ජරාමරණඤ්ච පජානාති. ජරාමරණසමුදයඤ්ච පජානාති. ජරාමරණනිරොධඤ්ච පජානාති. යා ච ජරාමරණනිරොධසාරුප්පගාමිනී පටිපදා තං ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී.
Sinhala BJTහෙතෙමේ ජරාමරණත් දැන ගණී. ජරාමරණ සමුදයයත් දැන ගණී. ජරාමරණ නිරෝධයත් දැන ගණී. ජරාමරණනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එය ද දැන ගණී. එසේ පිළිපන්නේ නිවණට අනුකූල වූ පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වෙයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නො හොති{4} ජරාමරණනිරොධාය.
Sinhala BJTමහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්‍ෂය කිරීම පිණිස ජරාමරණ නිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
Pali BJTඅථාපරං පරිවීමංසමානො පරිවීමංසති: “ජාතිපනායං කින්නිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා, කිස්මිං සති ජාති හොති, කිස්මිං අසති ජාති න හොතී”ති.{*}
Sinhala BJTයලි මතු ද පිරික්සන්නේ “මේ ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද, කිමෙක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ දැ යි” පිරික්සයි.
Pali BJTසො පරිවීමංසමානො එවං පජානාති: “ජාති භවනිදානා, භවසමුදයා, භවජාතිකා, භවප්පභවා. භවෙ සති ජාති හොති. භවෙ අසති ජාති න හොතී”ති.
Sinhala BJTහෙතෙම පිරික්සන්නේ “ජාතිය භවය නිදාන කොට ඇත්තේය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවය පභව කොට ඇත්තේ ය. භවය ඇති කල්හි ජාතිය වේ. භවය නැති කල්හි ජාතිය නො වේ” ය යි මෙසේ දැන ගණී.
Pali BJTසො ජාතිං ච පජානාති. ජාතිසමුදයං ච පජානාති. ජාතිනිරොධං ච පජානාති. යා ච ජාතිනිරොධසාරුප්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී.
Sinhala BJTහෙතෙමේ ජාතියත් දැන ගණී. ජාතිසමුදයත් දැන ගණී. ජාතිනිරෝධයත් දැන ගණී. ජාතිනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො දුක්ඛක්ඛයාය පටිපන්නො හොති{1} ජාතිනිරොධාය.
Sinhala BJTමහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ගෙවීම පිණිස ජාතිනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
Pali BJTඅථාපරං පරිවීමංසමානො පරිවීමංසති: “භවො පනායං කින්නිදානො, කිංසමුදයො, කිඤ්ජාතිකො, කිම්පභවො, කිස්මිං සති භවො හොති, කිස්මිං අසති භවො න හොතී”ති.
Sinhala BJTයලි මතු ද පිරික්සන්නේ “මේ භවය වනාහි කිමෙක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කිමෙක් ජාති කොට ඇත්තේ ද, කුමක් පභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ දැ යි” පිරික්සයි.
Pali BJTසො පරිවීමංසමානො එවං පජානාති: භවො උපාදානනිදානො. උපාදානසමුදයො, උපාදානජාතිකො, උපාදානපභවො. උපාදානෙ සති භවො හොති. උපාදානෙ අසති භවො න හොතීති.
Sinhala BJTහෙතෙම පිරික්සන්නේ “භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන පභව කොට ඇත්තේ ය. උපාදාන ඇති කල්හි භවය වේ. උපාදාන නැති කල්හි භවය නො වේ” ය යි මෙසේ දැන ගණී.
Pali BJTසො භවං ච පජානාති. භවසමුදයං ච පජානාති. භවනිරොධං ච පජානාති. යා ච භවනිරොධසාරුප්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී.
Sinhala BJTහෙතෙමේ භවයත් දැන ගණී. භවසමුදයත් දැන ගණී. භවනිරෝධයත් දැන ගණී. භවනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපන්නේ ද වේ.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො දුක්ඛක්ඛයාය පටිපන්නො හොති භවනිරොධාය.
Sinhala BJTමහණෙනි, මේ මහණ තෙමේ හැම අයුරින් මැනවින් දුක් ක්‍ෂය කිරීම පිණිස භවනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
Pali BJTඅථාපරං පරිවීමංසමානො පරිවීමංසති: උපාදානං පනිදං කින්නිදානං -පෙ- තණ්හා පනායං කින්නිදානා -පෙ- වෙදනා පනායං කින්නිදානා -පෙ- ඵස්සො පනායං කින්නිදානො -පෙ- සළායතනං පනිදං කිංනිදානං -පෙ- නාමරූපං පනිදං කින්නිදානං -පෙ- විඤ්ඤාණං පනිදං කින්නිදානං -පෙ- සඞ්ඛාරා පනිමෙ කින්නිදානා, කිංසමුදයා, කිඤ්ජාතිකා, කිම්පභවා, කිස්මිං සති සඞ්ඛාරා හොන්ති, කිස්මිං අසති සඞ්ඛාරා න හොන්තී”ති. සො පරිවීමංසමානො එවං පජානාති: “සඞ්ඛාරා අවිජ්ජා නිදානා, අවිජ්ජාසමුදයා, අවිජ්ජාජාතිකා, අවිජ්ජාපභවා. අවිජ්ජාය සති සඞ්ඛාරා හොන්ති. අවිජ්ජාය අසති සඞ්ඛාරා න හොන්තීති. සො සඞ්ඛාරෙ ච පජානාති. සඞ්ඛාරසමුදයංච පජානාති. සඞ්ඛාර නිරොධං ච පජානාති. යා ච සඞ්ඛාරනිරොධසාරුප්පගාමිනී පටිපදා, තං ච පජානාති. තථා පටිපන්නො ච හොති අනුධම්මචාරී.
Sinhala BJTයලි මතු ද පිරික්සන්නේ “මේ උපාදාන කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ වේදනාව කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ ෂඩායතන කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ නාමරූප කුමක් නිදාන කොට ඇත්තේ ද ... මේ විඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද … මේ සංස්කාරයෝ කිමෙක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කිමෙක් ජාති කොට ඇත්තාහු ද, කුමක් පභව කොට ඇත්තාහු ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද්දැ” යි පිරික්සයි. හෙතෙමේ පිරික්සන්නේ සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇතියහ. අවිද්‍යාව සමුදය කොට ඇතියහ. අවිද්‍යාව ජාති කොට ඇතියහ. අවිද්‍යාව පභව කොට ඇතියහ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙ ති” යි මෙසේ දැන ගණී. හෙතෙමේ සංස්කාරයනුත් දැන ගණී. සංස්කාරසමුදයත් දැන ගණී. සංස්කාරනිරොධයත් දැන ගණී. සංස්කාරනිරෝධයට සරුප් ව යනසුලු යම් ප්‍රතිපදාවක් වේ නම් එයත් දැන ගණී. එසේ පිළිපන්නේ නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙන්නේ ද වේ.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සබ්බසො සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නො සඞ්ඛාරනිරොධාය.
Sinhala BJTමහණෙනි, මේ මහණ තෙමේ හැම ලෙසින් මැනවින් දුක් ගෙවීම පිණිස සඞ්ඛාරනිරෝධය පිණිස පිළිපන්නේ වේ යයි කියනු ලැබේ.
Pali BJTඅවිජ්ජාගතොයං භික්ඛවෙ, පුරිසපුග්ගලො පුඤ්ඤං චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති, පුඤ්ඤොපගං හොති විඤ්ඤාණං. අපුඤ්ඤං චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති, අපුඤ්ඤොපගං හොති විඤ්ඤාණං. ආනෙඤ්ජං චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති, ආනෙඤ්ජූපගං හොති විඤ්ඤාණං.
Sinhala BJTමහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත මේ පුද්ගල තෙමේ ඉදින් කුශලසංස්කාර රැස් කෙරේ නම් (කර්‍ම) විඥානය කුශලසහගත වේ. ඉදින් අකුශලසංස්කාර රැස් කෙරේ නම් (කර්‍ම) විඥානය අකුශලසහගත වේ. ඉදින් අරූපාවචරකුශලසංස්කාර රැස් කෙරේ නම් විඥානය අරූපාවචරකුශලසහගත වේ.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛුනො අවිජ්ජා පහීණා හොති විජ්ජා උප්පන්නා, සො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා නෙව පුඤ්ඤාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොති. න අපුඤ්ඤාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොති. න ආනෙඤ්ජාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොති. අනභිසඞ්ඛරොන්තො අනභිසඤ්චෙතයන්තො න කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තං යෙව{1} පරිනිබ්බායති. ‘ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණවූවා වේ ද, (එකල අර්‍හන්මාර්‍ග) විද්‍යාව උපන්නී වෙයි. හෙතෙමේ අවිද්‍යාව තොරවීමෙන් මාර්‍ගඥානසංඛ්‍යාත විද්‍යාව ඉපදීමෙන් කුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. අකුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. අරූපාවචරකුශලසංස්කාර නො ම රැස් කෙරෙයි. කර්‍ම් රැස් නො කරන්නේ සිත නො මෙහෙයවන්නේ ලෝකයෙහි කිසිවක් (තෘෂ්ණාදියෙන්) උපාදානය නො කරයි. උපාදාන නො කරන්නේ (තණ්හාපරිතස්සනා භයපරිතස්සනා වසයෙන්) නො තැති ගණී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවේ. ‘ජාතිය ක්‍ෂය වූවා ය. ඹබසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ’යි දැන ගණී.
Pali BJTසො සුඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති{2} පජානාති. අනභිනන්දිතාති{3} පජානාති. දුක්ඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති{2} පජානාති. අනභිනන්දිතාති{3} පජානාති. අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති{2} පජානාති. අනභිනන්දිතාති පජානාති.
Sinhala BJTහෙතෙමේ ඉදින් සුඛවේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. (තෘෂ්ණාවෙන්) නො බැසගන්නා ලදැ යි දැන ගණී. (අභිනන්‍දන විසින්) නො පිළිගන්නා ලදැ යි දැන ගණී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. (තෘෂ්ණාවෙන්) නො බැස ගන්නා ලදැ යි දැන ගණී. නො පිළිගන්නා ලදැ යි දැන ගණී. ඉදින් නො දුක් නො සුව වේදනාවක් විඳී නම් එය අනිත්‍ය ය යි දැන ගණී. නො බැස ගන්නා ලදැ යි දැන ගණී. නො පිළිගන්නා ලදැ යි දැන ගණී.
Pali BJTසො සුඛං චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං{4} වෙදනං වෙදියති. දුක්ඛං චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං වෙදනං වෙදියති. අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං වෙදනං වෙදියති.
Sinhala BJTහෙතෙමේ ඉදින් සුඛ වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී. ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් නො බැඳුනේ ඒ වේදනාව විඳී.
Pali BJTසො කායපරියන්තිකං වෙදනං වෙදයමානො{5} කායපරියන්තිකං වෙදනං වෙදයාමීති{6} පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදයමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදයාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතී භවිස්සන්ති. සරීරානි අවසිස්සන්තීති පජානාති.
Sinhala BJTහෙතෙමේ කය හිම් කොට ඇති (පඤ්චද්වාරික) වේදනාව විඳින්නේ කය හිම් කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. දිවි හිම් කොට ඇති (මනෝද්වාරික) වේදනාව විඳින්නේ දිවිහිමි කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. කය බිඳීමෙන් දිවි කෙළවර වන්නට පෙරාතුව මෙලෙව්හි දී ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහු (නොපවත්නා ස්වභාව ඇත්තාහු) ය. ධාතුශරීරයෝ ශේෂ වන්නාහ යි දැන ගණී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො කුම්භකාරපාකා උණ්හං කුම්භං උද්ධරිත්වා සමෙ භූමිභාගෙ පතිවිසෙය්ය,{7} තත්ර යායං උස්මා සා තත්ථෙව වූපසමෙය්ය. කපල්ලානි අවසිස්සෙය්යුං. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො [කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති.] ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතී භවිස්සන්ති, සරීරානි අවසිස්සන්තීති පජානාති.
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් උණුසුම් කළයක් කුඹල් උදුනෙන් නගා සමබිමෙක තබා ද, එහි යම් ඒ උණුසුමෙක් වේ ද, එය එහි ම සංසිඳෙන්නේ ය. කබල ශේෂ වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කය හිම් කොට ඇති වේදනාව විඳින්නේ කය හිම් කොට ඇති වේදනාව විඳිමි යි, දිවි හිම් කොට ඇති වේදනාව විඳින්නේ දිවි හිම් කොට ඇති වේදනාව විඳිමි යි දැන ගණී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමට පෙරාතුව මෙලෙව්හි දී ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ. ධාතු ශරීරයෝ ශේෂ වන්නාහ යි දැන ගණී.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු ඛො ඛීණාසවො භික්ඛු පුඤ්ඤාභිසඞ්ඛාරං වා අභිසඞ්ඛරෙය්ය, අපුඤ්ඤාභිසඞ්ඛාරං වා අභිසඞ්ඛරෙය්ය, ආනෙඤ්ජාභිසඞ්ඛාරං වා අභිසඞ්ඛරෙය්යාති?
Sinhala BJTමහණෙනි, එ කුමැ යි හඟිහු ද? රහත් මහණ තෙමේ කුශලසංස්කාර හෝ රැස් කරන්නේ ද? අකුශලසංස්කාර හෝ රැස් කරන්නේ ද? අරූපාවචරසංස්කාර හෝ රැස් කරන්නේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන සඞ්ඛාරෙසු අසති සඞ්ඛාරනිරොධා අපි නු ඛො විඤ්ඤාණං පඤ්ඤායෙථාති?
Sinhala BJTහැම අයුරින් සංස්කාර නැති කල්හි සඞ්ඛාරනිරෝධයෙන් විඥානයෙක් පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන විඤ්ඤාණෙ අසති විඤ්ඤාණනිරොධා අපි නු ඛො නාමරූපං පඤ්ඤායෙථාති?
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් විඥානය නැති කල්හි විඥානනිරෝධයෙන් නාමරූප පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන නාමරූපෙ අසති නාමරූපනිරොධා අපි නු ඛො සළායතනං පඤ්ඤායෙථාති?
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් නාමරූප නැති කල්හි නාමරූපනිරෝධයෙන් ෂඩායතන පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJT‘සබ්බසො වා පන සළායතනෙ අසති සළායතනනිරොධා අපි නු ඛො ඵස්සො පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ෂඩායතන නැති කල්හි ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශය පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන ඵස්සෙ අසති ඵස්සනිරොධා අපි නු ඛො වෙදනා පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ම ස්පර්‍ශය නැති කල්හි ස්පර්‍ශනිරෝධයෙන් වේදනාව පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ.’
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’
Pali BJTසබ්බසො වා පන වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තණ්හා පඤ්ඤායෙථාති?
Sinhala BJTනිරවශේෂයෙන් ම වේදනාව නැති කල්හි වේදනානිරෝධයෙන් තණ්හාව පැණේ ද?
Pali BJT‘නො හෙතං භන්තෙ’.
Sinhala BJT‘වහන්ස, මෙය නො වේ ම ය.’