Pali BJTභවපච්චයා ජාතීති ඤාණං -පෙ- උපාදානපච්චයා භවොති ඤාණං -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති ඤාණං -පෙ- වෙදනා පච්චයා තණ්හාති ඤාණං -පෙ- ඵස්සපච්චයා වෙදනාති ඤාණං -පෙ- සළායතන පච්චයා ඵස්සොති ඤාණං -පෙ- නාමරූපපච්චයා සළායතනන්ති ඤාණං -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඤාණං -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඤාණං -පෙ-
Sinhala BJTභවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි දන්නා නුවණ ය ... උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි. දන්නා නුවණ ය ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි දන්නා නුවණ ය ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි. දන්නා නුවණ ය ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි දන්නා නුවණ ය ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය යි දන්නා නුවණ ය ... නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි දන්නා නුවණ ය ... විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි දන්නා නුවණ ය … සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි දන්නා නුවණ ය ...
Pali BJTඅවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, අතීතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, අනාගතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, යම්පිස්ස තං ධම්මට්ඨිතිඤාණං, තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති ඤාණං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ සත්තසත්තරි ඤාණවත්ථූනීති.{*}
Sinhala BJTඅවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැ යි දන්නා නුවණ ය, අතීතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වූහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, අනාගතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වන්නාහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, යම් ඒ ප්‍රත්‍යායකාරඥානායක් වන්නේ නම් එය ක්‍ෂය ස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධ ස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය. මහණෙනි, මේ සත්සැත්තෑනුවණ ය යි කියනු ලැබෙයි. {*}
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJTඅවිජ්ජාදිපච්චය දෙසනා සුත්තං
Sinhala BJTඅවිජ්ජාදිපච්චය දේසනා සූත්‍රය
Pali BJT35. සාවත්ථියං–
Sinhala BJT35. සැවැත්නුවර–
Pali BJTඅවිජ්ජාපච්චයා භික්ඛවෙ, සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
Sinhala BJTමහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වෙ යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු, භගවන්තං එතදවොච. කතමං නු ඛො භන්තෙ, ජරාමරණං? කස්ස ච පනිදං ජරාමරණන්ති? නො කල්ලො පඤ්හොති භගවා අවොච. “කතමං ජරාමරණං? කස්ස ච පනිදං ජරාමරණන්ති?” ඉති වා භික්ඛු යො වදෙය්ය, “අඤ්ඤං ජරාමරණං අඤ්ඤස්ස ච පනිදං ජරාමරණන්ති” ඉති වා භික්ඛු යො වදෙය්ය, උභයමෙතං එකත්ථං. බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද?” යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “ජරාමරණ අනෙකක මේ ජරාමරණ අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
Pali BJT“තං ජීවං, තං සරීරන්ති” වා භික්ඛු දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. “අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරන්ති” වා භික්ඛු දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. එතෙ තෙ භික්ඛු උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති ජාතිපච්චයා ජරාමරණන්ති.
Sinhala BJTමහණ, “එය ජීව ය, එය ශරීර ය”යි (උචේඡද) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරිය (ආර්‍ය්‍යමාර්‍ග වාසය) නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි (ශාශ්වත) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ ඒ මේ අන්තදෙකට නො පැමිණ තථාගත තෙමේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ”යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTකතමා නු ඛො භන්තෙ, ජාති? කස්ස ච පනායං ජාතීති? නො කල්ලො පඤ්හොති භගවා අවොච “කතමා ජාති? කස්ස ච පනායං ජාතීති” ඉති වා භික්ඛු යො වදෙය්ය, “අඤ්ඤා ජාති, අඤ්ඤස්ස ච පනායං ජාතීති” ඉති වා භික්ඛු යො වදෙය්ය, උභයමෙතං එකත්ථං, බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTවහන්ස, “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ ද?” ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ දැ”යි මෙසේ හො කියන්නේ ද, මහණ, යමෙක් “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
Pali BJT“තං ජීවං, තං සරීරන්ති” වා භික්ඛු දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. “අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරන්ති” වා භික්ඛු දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. එතෙ තෙ භික්ඛු උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති භවපච්චයා ජාතීති.
Sinhala BJTමහණ, “ඒ ජීවය, ශරීරය” යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නොවේ. මහණ, “ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ “භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTකතමො නු ඛො භන්තෙ, භවො? කස්ස ච පනායං භවොති? නො කල්ලො පඤ්හොති භගවා අවොච. “කතමො භවො, කස්ස ච පනායං භවොති” ඉති වා භික්ඛු, යො වදෙය්ය, “අඤ්ඤස්ස භවො” අඤ්ඤො පනායං භවොති” ඉති වා භික්ඛු, යො වදෙය්ය, උභයමෙතං එකත්ථං, බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTවහන්ස, භවය කවරේ ද? මේ භවය කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “භවය අනෙකක, මේ භවය අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
Pali BJT“තං ජීවං, තං සරීරන්ති” වා භික්ඛු දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. “අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරන්ති” වා භික්ඛු, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. එතෙ තෙ භික්ඛු උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති. උපාදානපච්චයා භවොති -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති -පෙ- වෙදනා පච්චයා තණ්හාති -පෙ- ඵස්සපච්චයා වෙදනාති -පෙ- සළායතනපච්චයා ඵස්සොති -පෙ- නාමරූප පච්චයා සළායතනන්ති -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති.
Sinhala BJTමහණ, “එය ජීවය, එය ශරීර ය”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ යයි ... නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි ... විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි ... සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTකතමෙ නු ඛො භන්තෙ, සඞ්ඛාරා? කස්ස ච පනිමෙ සඞ්ඛාරාති? නො කල්ලො පඤ්හොති භගවා අවොච. “කතමෙ සඞ්ඛාරා, කස්ස ච පනිමෙ සඞ්ඛාරාති” ඉති වා භික්ඛු, යො වදෙය්ය, “අඤ්ඤෙ සඞ්ඛාරා, අඤ්ඤස්ස පනිමෙ සඞ්ඛාරාති” ඉති වා භික්ඛු, යො වදෙය්ය, උභයමෙතං එකත්ථං, බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTවහන්ස, සංස්කාරයෝ කවරහු ද? මේ සංස්කාර කවරකු ගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ”යි මෙසේ හෝ කියන්නේ ද, මහණ යමෙක් “සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
Pali BJT“තං ජීවං, තං සරීරන්ති” වා භික්ඛු, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. “අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීරන්ති” වා භික්ඛු, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. එතෙ තෙ භික්ඛු, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති.
Sinhala BJTමහණ “එය ජීවය, එය ශරීර ය” යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත් ය යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.
Pali BJTඅවිජ්ජායත්වෙව භික්ඛු, අසෙසවිරාගනිරොධා යානිස්ස තානි විසූකායිතානි{1} විසෙවිතානි විප්ඵන්දිතානි කානි චි කානි චි. “කතමඤ්ච ජරාමරණං? කස්ස ච පනිදං ජරාමරණං? ඉති වා, අඤ්ඤං ජරාමරණං, අඤ්ඤස්ස ච පනිදං ජරාමරණං ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා” සබ්බානිස්ස තානි පහීණානි භවන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානි.
Sinhala BJTමහණ, “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ “එය ජීවය, එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ” යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට)හුලු වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටිහු අවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJTඅවිජ්ජායත්වෙව භික්ඛු අසෙසවිරාගනිරොධා යානිස්ස තානි විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානි චි කානි චි “කතමා ජාති? කස්ස ච පනායං ජාති? ඉති වා, අඤ්ඤා ජාති අඤ්ඤස්ස ච පනායං ජාති ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා” සබ්බානිස්ස තානි පහීණානි භවන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානි.
Sinhala BJTමහණ,“ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකු ගේ දැ”යි හෝ “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි හෝ ‘එය ජීවය, ශරීර ය” යි හෝ “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි, විරුද්ධ පැවතුම් ඇති, ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යා දෘෂ්ටිහු වෙද්ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු අවිද්‍යාවේ ම නිරවශේෂවිරාග නිරෝධයෙන් ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු මුදුනසුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු පිළිවෙළින් අභාවයට පමුණු වන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJTඅවිජ්ජායත්වෙව භික්ඛු අසෙසවිරාගනිරොධා යානි’ස්ස තානි විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි. “කතමො භවො, කස්ස ච පනායං භවො ඉති වා, අඤ්ඤො භවො අඤ්ඤස්ස ච පනායං භවො ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා” සබ්බානි’ස්ස තානි පහීනානි භවන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානි.
Sinhala BJTමහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් “භවය කවරේ ද, මේ භවය කවරකුගේ දැ යි හෝ, භවය අනෙකක, මේ භවය අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය එය ම ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ ඔහුට යම් ඒ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද; ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJTඅවිජ්ජායත්වෙව භික්ඛු අසෙසවිරාගනිරොධා යානි’ස්ස තානි විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි. “කතමං උපාදානං -පෙ- කතමා තණ්හා -පෙ- කතමා වෙදනා -පෙ- කතමො ඵස්සො -පෙ- කතමං සළායතනං -පෙ- කතමං නාමරූපං -පෙ- කතමං විඤ්ඤාණං -පෙ- අවිජ්ජායත්වෙව භික්ඛු අසෙසවිරාගනිරොධා යානිස්ස තානි විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානි චි කානි චි. “කතමෙ සඞ්ඛාරා, කස්ස ච පනිමෙ සඞ්ඛාරා ඉති වා, අඤ්ඤෙ සඞ්ඛාරා, අඤ්ඤස්ස ච පනිමෙ සඞ්ඛාරා ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා” සබ්බානිස්ස තානි පහීනානි භවන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානීති.
Sinhala BJTමහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඔහුට (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද්ද, .... උපාදාන කවරේ ද, ... තෘෂ්ණාව කවර, ... වේදනාව කවර, ... ස්පර්‍ශය කවරේ ද, … ෂඩායතන කවරේ ද, … නාමරූප කවරේ ද, … විඥානය කවරේ ද, … මහණ, අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැ යි හෝ, සංස්කාර අනෙකෙක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ම ජීවය, එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවතුම් ඇති ඔබ මොබ සැලෙන පැවතුම් ඇති යම් කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටිහු වෙත් ද, ඔහුගේ ඒ සියලු මිථ්‍යාදෘෂ්ටිහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල් ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJTදුතියඅවිජ්ජාපච්චයසුත්තං
Sinhala BJTදෙවැනි අවිජ්ජාපච්චය සූත්‍රය
Pali BJT36. සාවත්ථියං–
Sinhala BJT36. සැවැත්නුවර–
Pali BJTතත්ර ඛො භගවා -පෙ- අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඑහි දී භාග්‍යවතුන් වහන්සේ ... මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ යයි වදාළ සේක.
Pali BJTකතමං ජරාමරණං, කස්ස ච පනිදං ජරාමරණං ඉති වා භික්ඛවෙ, යො වදෙය්ය, අඤ්ඤං ජරාමරණං අඤ්ඤස්ස ච පනිදං ජරාමරණං ඉති වා භික්ඛවෙ, යො වදෙය්ය, උභයමෙතං එකත්ථං. බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTමහණෙනි, යමෙක් “ජරාමරණ කවරේ ද, මේ ජරාමරණ කවරකුගේ දැ”යි හෝ කියන්නේ ද, මහණෙනි, යමෙක් “ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය”යි හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
Pali BJTතං ජීවං තං සරීරං ඉති වා භික්ඛවෙ දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා භික්ඛවෙ දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: ජාතිපච්චයා ජරාමරණන්ති -පෙ-
Sinhala BJTමහණෙනි, “එය ජීවය, එය ශරීර ය”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි (මග්ග) බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යයි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි ...
Pali BJTකතමා ජාති -පෙ- කතමො භවො -පෙ- කතමං උපාදානං -පෙ- කතමා තණ්හා -පෙ- කතමා වෙදනා -පෙ- කතමො ඵස්සො -පෙ- කතමං සළායතනං -පෙ- කතමං නාමරූපං -පෙ- කතමං විඤ්ඤාණං -පෙ- කතමෙ සඞ්ඛාරා, කස්ස ච පනිමෙ සඞ්ඛාරා ඉති වා භික්ඛවෙ යො වදෙය්ය, අඤ්ඤෙ සඞ්ඛාරා, අඤ්ඤස්ස ච පනිමෙ සඞ්ඛාරා ඉති වා භික්ඛවෙ යො වදෙය්ය, උභයමෙතං එකත්ථං බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTජාතිය කවර ... භවය කවරේ ද ... උපාදාන කවරේ ද ... තෘෂ්ණාව කවර ... වේදනාව කවර ... ස්පර්‍ශය කවරේ ද ... ෂඩායතන කවරේ ද ... නාමරූප කවරේ ද ... විඥානය කවරේද ... මහණෙනි, යමෙක් සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැයි හෝ කියන්නේ ද මහණෙනි, යමෙක් සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ කියන්නේ ද මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
Pali BJT“තං ජීවං තං සරීරං” ඉති වා භික්ඛවෙ, දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” ඉති වා භික්ඛවෙ දිට්ඨියා සති බ්රහ්මචරියවාසො න හොති. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. -පෙ-
Sinhala BJTමහණෙනි, “එය ජීවය, එය ශරීර ය”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි,“ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගත තෙමේ අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි …
Pali BJTඅවිජ්ජායත්වෙව භික්ඛවෙ, අසෙසවිරාගනිරොධා යානිස්ස තානි විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි. “කතමං ජරාමරණං කස්ස ච පනිදං ජරාමරණං ඉති වා, අඤ්ඤං ජරාමරණං අඤ්ඤස්ස ච පනිදං ජරාමරණං ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා.” සබ්බානිස්ස තානි පහීණානි භවන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවඞ්කතානි ආයතිං අනුප්පාදධම්මානි.
Sinhala BJTමහණෙනි, අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ඔහුට “ජරාමරණ කවරේ ද, මේ ජරාමරණ කවරකුගේ දැ යි හෝ, ජරාමරණ අනෙකක, මේ ජරාමරණ අනෙකකුගේ ය යි හෝ, එය ජීවය, එය ශරීර ය යි හෝ, ජීවය අනිකක, ශරීරය අනෙකකැ යි” හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති සැලෙන පැවැතුම් ඇති යම් ඒ කිසියම් කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙද් ද ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු මුලුසුන් කරණ ලද්දාහු හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු. මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJTඅවිජ්ජායත්වෙව භික්ඛවෙ, අසෙසවිරාගනිරොධා යානිස්ස තානි විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි. “කතමා ජාති -පෙ- කතමො භවො -පෙ- කතමං උපාදානං -පෙ- කතමා තණ්හා -පෙ- කතමා වෙදනා -පෙ- කතමො ඵස්සො -පෙ- කතමං සළායතනං -පෙ- කතමං නාමරූපං -පෙ- කතමං විඤ්ඤාණං -පෙ- කතමෙ සඞ්ඛාරා, කස්ස ච පනිමෙ සඞ්ඛාරා ඉති වා, අඤ්ඤෙ සඞ්ඛාරා, අඤ්ඤස්ස ච පනිමෙ සඞ්ඛාරා ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං ඉති වා” සබ්බානිස්ස තානි පහීණානි භවන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවඞ්කතානි{1} ආයතිං අනුප්පාදධම්මානීති.
Sinhala BJTමහණෙනි, අවිද්‍යාවේ ම නිරවශේෂවිරාග නිරෝධයෙන් ඔහුට “ජාතිය කවර ... භවය කවරේ ද ... උපාදාන කවරේ ද ... තෘෂ්ණාව කවර ... වේදනාව කවර ... ස්පර්‍ශය කවරේ ද ... ෂඩායතන කවරේ ද ... නාම රූප කවරේ ද ... විඥානය කවරේ ද ... සංස්කාරයෝ කවරහු ද, මේ සංස්කාර කවරකුගේ දැයි හෝ, සංස්කාර අනෙකක, මේ සංස්කාර අනෙකකුගේ යයි හෝ, එය ජීවය, එය ශරීරය යි හෝ, ජීවය අනෙකක, ශරීරය අනෙකකැ යි” හෝ (සම්‍යග්දෘෂ්ටියට) හුල් වැනි විරුද්ධ පැවැතුම් ඇති ඔබමොබ සැලෙන පැවතුම් ඇති යම් ඒ කිසියම් මිථ්‍යාදෘෂ්ටීහු වෙත් ද, ඔහුගේ ඒ සියලු දෘෂ්ටීහු ප්‍රහීණ වූවාහු මුලසුන් කරණ ලද්දාහු හිස්සුන් තල්ගසක් මෙන් කරණ ලද්දාහු නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇත්තාහු වෙත්.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJTනතුම්හසුත්තං
Sinhala BJTනතුම්හ සූත්‍රය
Pali BJT37. සාවත්ථියං–
Sinhala BJT37. සැවැත්නුවර–
Pali BJTනායං භික්ඛවෙ, කායො තුම්හාකං තාපි{2} අඤ්ඤෙසං. පුරාණමිදං භික්ඛවෙ කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදයිතං{3} දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, මේ කය තොපගේ නො වේ. අනුන්ගේ ද නො වේ. මහණෙනි, මේ පුරාණ කර්‍මයෙකි. ප්‍රත්‍යයයෙන් කරණ ලද්දේ ය. චේතනාව මුල් කොට ඇත්තේ ය. වේදනාවට වස්තු වූයේ යයි දතයුතු යි.
Pali BJTතත්ර ඛො භික්ඛවෙ, සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදඤ්ඤෙව සාධුකං යොනිසො මනසිකරොති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදුදුක් රැසේ හට ගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදුදුක්රැසේ නිරෝධය වේය යන යමක් ඇද්ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ ය” යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි.
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJTචෙතනාසුත්තං
Sinhala BJTචේතනා සූත්‍රය
Pali BJT38. සාවත්ථියං–
Sinhala BJT38. සැවැත්නුවර–
Pali BJTයඤ්ච භික්ඛවෙ, චෙතෙති යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා සති ආයතිං ජාති ජරා මරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, යමකුත් සිතයි ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇතිකල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි, වැඩුනු කල්හි මතු පුනර්‍භවය හටගැණීම වේ. මතු පුනර්‍භවය හට ගැණීම ඇති කල්හි මතු ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
Pali BJTනො චෙ භික්ඛවෙ, චෙතෙති, නො චෙ{1} පකප්පෙති, අථ චෙ අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි මතු පුනර්‍භවය හටගැණීම වේ. මතු පුනර්‍භවය හටගැණීම ඇති කල්හි මතු ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, නො චෙව චෙතෙති, නො ච පකප්පෙති, නො ච අනුසෙති, ආරම්මණමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ අසති පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතෙ විඤ්ඤාණෙ අවිරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති න හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා අසති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි මතු පුනර්‍භවය හට ගැණීම නොවේ. මතු පුනර්‍භවය හටගැණීම නැති කල්හි මතු ජාති ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJTදුතිය චෙතනා සුත්තං
Sinhala BJTදෙවැනි චේතනා සූත්‍රය
Pali BJT39. සාවත්ථියං–
Sinhala BJT39. සැවැත්නුවර–
Pali BJTයඤ්ච භික්ඛවෙ, චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ නාමරූපස්ස අවක්කන්ති හොති. නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා -පෙ- තණ්හා -පෙ- උපාදානං -පෙ- භවො -පෙ- ජාති -පෙ- ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... තෘෂ්ණාව ... උපාදාන ... භවය ... ජාතිය ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
Pali BJTනො චෙ භික්ඛවෙ, චෙතෙති, නො චෙ පකප්පෙති, අථ චෙ අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ නාමරූපස්ස අවක්කන්ති හොති. නාමරූපපච්චයා සළායතනං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වේ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, නො චෙව චෙතෙති, නො ච පකප්පෙති, නො ච අනුසෙති, ආරම්මණමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ අසති පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතෙ විඤ්ඤාණෙ අවිරූළ්හෙ නාමරූපස්ස අවක්කන්ති න හොති. නාමරූපනිරොධා සළායතන නිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJTතතියචෙතනාසුත්තං
Sinhala BJTතෙවැනි චේතනා සූත්‍රය
Pali BJT40. සාවත්ථියං–
Sinhala BJT40. සැවැත්නුවර–
Pali BJTයඤ්ච භික්ඛවෙ, චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ නති හොති. නතියා සති ආගතිගති හොති. ආගතිගතියා සති චුතූපපාතො හොති. චුතූපපාතෙ සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි කර්‍මාදී අරමුණෙහි විඥානය පැවැත්ම වේ. අරමුණෙහි විඥානය පැවැත්ම ඇති කල්හි ච්‍යුතිය හා උපපත්තිය වේ. ච්‍යුතිඋපපත්ති ඇති කල්හි මත්තෙහි ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැන්ම වේ.
Pali BJTනො චෙ භික්ඛවෙ, චෙතෙති, නො චෙ පකප්පෙති, අථ චෙ අනුසෙති ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ නති හොති. නතියා සති ආගතිගති හොති. ආගතිගතියා සති චුතූපපාතො හොති. චුතූපපාතෙ සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නොකෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයාගේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි තෘෂ්ණා නතිය වේ. තෘෂ්ණාව ඇති කල්හි (කර්‍මාදි අරමුණුවල විඥානයේ පැවැත්ම) ආගතිය, (කර්‍ම හෝ කර්‍මනිමිති හො ගතිනිමිති එළඹ සිටි කාල ගතිය (ප්‍රතිසන්‍ධි වශයෙන් විඥානයාගේ ගමන) වේ ආගතිගති ඇති කල්හි චුතිය හා උපපත්තිය වේ. චුතිය උපපත්ති ඇති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්සඋපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, නො චෙව චෙතෙති, නො ච පකප්පෙති, නො ච අනුසෙති, ආරම්මණමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ අසති පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතෙ විඤ්ඤාණෙ අවිරූළ්හෙ නති න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති ආයතිං ජාති ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නොසිටි කල්හි නො වැඩුනු කල්හි තෘෂ්ණාව නො වේ. තෘෂ්ණාව නැති කල්හි කර්‍මාදි ආගතිගති නො වේ. ආගතිගති නැති කල්හි ච්‍යුතිය හා උපපත්තිය නො වේ. ච්‍යුති උපපත්ති නැති කල්හි මතු ජාතිජරාමරණසෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි.
Pali BJTකළාරඛත්තියවග්ගො චතුත්ථො.
Sinhala BJTකාළාරඛත්තිය වර්‍ගය සිවුවැනි යී.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTභූතමිදං කළාරඤ්ච දුවෙ ච ඤාණවත්ථූනි, අවිජ්ජාපච්චයා ච ද්වෙ නතුම්හා චෙතනා තයොති.
Sinhala BJTභූත සූත්‍ර ය, කළාරඛත්තිය සූත්‍ර ය, ඤාණවත්‍ථු සූත්‍ර දෙක ය, අවිජ්ජාපච්චය සූත්‍ර දෙක ය, නතුම්හ සූත්‍ර ය, චේතනා සූත්‍ර තුණය යි සූත්‍ර දශයෙකි.
Pali BJT5. ගහපතිවග්ගො
Sinhala BJT5. ගහපති වර්‍ගය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJTපඤ්චභයවෙරභයසුත්තං
Sinhala BJTපඤ්චභයවේර සූත්‍රය
Pali BJT41. සාවත්ථියං–
Sinhala BJT41. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයතො ඛො ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො{1} ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJTගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස්වැදෑරුම් භය හා වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වේ ද, අර්‍ය්‍ය (නිර්දෝෂ) වූ න්‍යාය (ප්‍රතීත්‍ය සමුත්පාදය විදර්‍ශනා) ප්‍රඥායෙන් මනා ව දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමැති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසට පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
Pali BJTකතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති?
Sinhala BJTකවර පස්වැදෑරුම් භය වෛර චේතනාවෝ සංසිඳුනාහු වෙත් ද යත්:
Pali BJTයං ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති,{2} පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJTගැහැවිය, පරපණ නසන සුලු පුද්ගල තෙමේ පරපණ නැසීමේ ප්‍රත්‍යයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චේතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, පණිවායින් දුරු වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
Pali BJTයං ගහපති, අදින්නාදායී අදින්නාදානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, අදින්නාදානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJTගැහැවිය, නුදුන් දෙය ගන්නාසුලු පුඟුල් තෙමේ නුදුන් දෙය ගැණීම් හේතුයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස්කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් හා දොම්නසක් විඳී ද, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූ ඔහුට මෙසේ ඒ භය හා වෙර සංසිඳුනේ වේ.
Pali BJTයං ගහපති, කාමෙසු මිච්ඡාචාරී කාමෙසු මිච්ඡාචාරපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJTගැහැවිය, කාමයෙහි වරදවා හැසිරෙණසුලු පුඟුල් තෙමේ කාමයෙහි වරදවා හැසිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසිකවූත් යම් දුකක් දොම්නසක් වඳී ද, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
Pali BJTයං ගහපති, මුසාවාදී මුසාවාදපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, මුසාවාදා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJTගැහැවිය, මුසවා බෙණෙනසුලු පුඟුල් තෙමේ මුසවා පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මුසවායෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
Pali BJTයං ගහපති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදයති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
Sinhala BJTගැහැවිය, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුඟුල් තෙමේ මදපමාවට කරුණු වූ රහමෙර පානය කිරීම් පසයෙන් මෙලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, පරලෙව්හිත් යම් බියක් හා වෙරක් රැස් කෙරේ ද, චෛතසික වූත් යම් දුකක් දොම්නසක් විඳී ද, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
Pali BJTඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
Sinhala BJTමේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙත්.
Pali BJTකතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති?
Sinhala BJTකවර සිවුවැදෑරුම් සෝවන් අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද යත්:
Pali BJTඉධ ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං, සම්මාසම්බුද්ධො, විජ්ජාචරණසම්පන්නො, සුගතො, ලොකවිදූ, අනුත්තරො පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධො, භගවා”ති.
Sinhala BJTගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූ හ, නිරුත්තරපුරිසදම්මසාරථී හ, දෙව් මිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධය හ, භාග්‍යවත් හ” යි බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි.
Pali BJTධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේ විසින් (දෙසූ) ධර්‍මය-ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය”යි ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වේ.
Pali BJTසඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො{1} භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, - ආහුනෙය්යො, පාහුණෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරුෂයුග සතරෙක් ආර්‍ය්‍යපුද්ගලයෝ අටදෙනෙක් වෙද් ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණී ය, ලෝවැස්සාට නිරුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයි.
Pali BJTඅරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති: අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි{2} අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.
Sinhala BJTකඩ නොවූ සිදුරු නො වූ සබර නො වූ කල්මාෂ නො වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වේ.
Pali BJTඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJTමේ සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයෙන් යුක්ත වූයේ වෙයි.
Pali BJTකතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො?
Sinhala BJTනිර්දෝෂ වූ කවර න්‍යායයෙක් ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ අවබෝධ කරණ ලද්දේ වේ ද?
Pali BJTඉධ ගහපති, අරියසාවකො පටිච්චසමුප්පාද ඤ්ඤෙවසාධුකං යොනිසො මනසි කරොති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පහදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාර නිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො -
Sinhala BJTගැහැවිය, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය යන මේ යමක් ඇද් ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ ය”යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි. නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනාප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.
Pali BJTයතො ඛො ගහපති, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයමස්ස{1} අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJTගැහැවිය, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස් වැදැරුම් බිය හා වෛරයෝ සංසිඳුනාහු වෙද් ද, මේ සිවුවැදෑරුම් සෝතාපත්තිඅඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, නිර්දෝෂ වූ මේ න්‍යාය ඔහු විසින් විදර්‍ශනා ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේත විෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. සෝවන් වූයෙම් විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJTදුතිය පඤ්චභයවෙරසුත්තං
Sinhala BJTදෙවැනි පඤ්චභයවේර සූත්‍රය
Pali BJT42. සාවත්ථියං–
Sinhala BJT42. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛු භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය. ඛීණනිරයොම්හි -පෙ- අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJTමහණෙනි, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පස් වැදැරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද, සිවුවැදෑරුම් සෝතාපත්ති අඞ්ගයන්ගෙන් යුක්තවූයේ වේ ද, ඔහු විසින් නිර්දෝෂ වූ න්‍යායය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂය වූ නිරය ඇත්තෙම්. විවසව පතිතවන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
Pali BJTකතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති?
Sinhala BJTකවර පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද්ද යත්:
Pali BJTයං භික්ඛවෙ,{*} පාණාතිපාතී -පෙ- [භයං වෙරං පසවති -පෙ-] අදින්නාදායී -පෙ- කාමෙසු මිච්ඡාචාරී -පෙ- මුසාවාදී -පෙ- යං භික්ඛවෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨායී -පෙ- [භයං වෙරං පසවති -පෙ- දුක්ඛං දොමනස්සං වෙදයති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති]
Sinhala BJTමහණෙනි, පරපණ නසනා සුලු පුද්ගල තෙමේ යම් ... භයක් හා වෙරක් රැස්කෙරේද ... නුදුන් දෙය ගන්න පුද්ගල තෙමේ ... කාමයෙන් වරදවා හැසිරෙන පුද්ගල තෙමේ ... මුසවා බෙණෙනසුලු පුද්ගල තෙමේ ... මහණෙනි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරණසුලු පුද්ගල තෙමේ ... යම් භයක් හා වෙරක් රැස්කෙරේද ... දුකක් දොම්නසක් විඳීද, මදපමා කරුණු වූ රහමෙර පානයෙන් වෙන් වූ වහුට මෙසේ ඒ බිය හා වෙර සංසිඳුනේ වේ.
Pali BJTඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තාතිහොන්ති.
Sinhala BJTමේ පස්වැදැරැම් වෙර හා බිය සංසිඳුනාහු වෙත්.
Pali BJTකතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති?
Sinhala BJTකවර සෝතාපත්තිඅඞ්ග සතරකින් යුක්තවූයේ වේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ [අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති.] -පෙ- ධම්මෙ -පෙ- සඞ්ඝෙ [අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති.] -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති. -පෙ- ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ බුදුරජානන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුක්ත වූයේ වෙයි. මේ සෝවන් අඞ්ග සතරින් යුක්ත වූයේ වෙයි.
Pali BJTකතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො?
Sinhala BJTඔහු විසින් නිර්දෝෂ වූ කවර න්‍යායයෙක් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් අවබෝධ කරණ ලද්දේ වේ ද?
Pali BJTඉධ භික්ඛවෙ, අරියසාවකො පටිච්චසමුප්පාදඤ්ඤෙව සාධුකංයොනිසො මනසි කරොති -පෙ- අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
Sinhala BJTමහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ පටිච්චසමුප්පාදය ම මැනැවින් නුවණින් මෙනෙහි කෙරෙයි ... ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වෙයි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි, ඛීණතිරච්ඡානයොනියො, ඛීණපෙත්තිවිසයො, ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ පස්වැදෑරුම් බිය හා වෙර සංසිඳුනාහු වෙද් ද, මේ සෝවන් අඞ්ගසතරෙන් යුක්ත වූයේ වේ ද. ඔහු විසින් මේ නිර්දෝෂ වූ න්‍යාය නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනැවින් අවබෝධ කරණ ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ නම් “ක්‍ෂීණ වූ නිරය ඇත්තෙම් ක්‍ෂීණ වූ තිරච්ඡාන යෝනි ඇත්තෙම් ක්‍ෂීණ වු ප්‍රේතවිෂය ඇත්තෙම්, ක්‍ෂීණ වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් සෝවන් වූයෙම් විවස ව පතිත වන ස්වභාව නැත්තෙම් නියත වූයෙම් සම්බෝධිය පිහිට කොට ඇත්තෙම් වෙමි”යි තෙමේ ම තමා ප්‍රකාශ කරන්නේ ය.
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJTදුක්ඛසුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT43. සාවත්ථියං–
Sinhala BJT43. සැවැත්නුවර–
Pali BJTදුක්ඛස්ස භික්ඛවෙ, සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච{1} දෙසිස්සාමි. තං සුණාථ -පෙ-
Sinhala BJTමහණෙනි, දුක් හටගැන්ම ද නැතිවීම ද දේශනා කරන්නෙමි. එය අසවු.
Pali BJTකතමො ච භික්ඛවෙ දුක්ඛස්ස සමුදයො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. අයං ඛො භික්ඛවෙ දුක්ඛස්ස සමුදයො.
Sinhala BJTමහණෙනි, දුක් හටගැන්ම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. මේ දහම් තුණේ එක්වීම ස්පර්‍ශය යි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැන්මයි.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. අයං ඛො භික්ඛවෙ දුක්ඛස්ස සමුදයො.
Sinhala BJTකණත් ශබ්දත් නිසා ... නැහැයත් ගඳත් නිසා ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. මහණෙනි, මේ දුක් හටගැණීම යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, දුක්ඛස්ස අත්ථඞ්ගමො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ දුක්ඛස්ස අත්ථඞ්ගමො.
Sinhala BJTමහණෙනි, දුක් නැතිවීම කවරේ ද යත්: ඇසත් රූපත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යය යෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
Pali BJTසොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනො විඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා වෙදනාපච්චයා තණ්හා. තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං ඛො භික්ඛවෙ, දුක්ඛස්ස අත්ථඞ්ගමොති.
Sinhala BJTකණත් ශබ්දත් නිසා සෝතවිඤ්ඤාණය උපදී ... නැහැයත් ගඳත් නිසා ඝාණවිඤ්ඤාණය උපදී ... දිවත් රසත් නිසා ... කයත් ස්ප්‍රෂ්ටව්‍යයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ දහම් තුණේ එක්වීම ස්පර්‍ශ ය යි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ. ඒ තෘෂ්ණාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුක් නැතිවීම යි.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJTලොකසුත්තං
Sinhala BJTලෝක සූත්‍රය
Pali BJT44. සාවත්ථියං–
Sinhala BJT44. සැවැත්නුවර–