Pali BJTතත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං න පරිජානන්ති, ජරාමරණ සමුදයං න පරිජානන්ති, ජරාමරණනිරොධං න පරිජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං න පරිජානන්ති, -පෙ- ජාතිං න පරිජානන්ති, -පෙ- භවං න පරිජානන්ති -පෙ- උපාදානං න පරිජානන්ති -පෙ- තණ්හං -පෙ- වෙදනං -පෙ- ඵස්සං -පෙ- සළායතනං -පෙ- නාමරූපං -පෙ- විඤ්ඤාණං -පෙ- සඞ්ඛාරෙ න පරිජානන්ති, සඞ්ඛාරසමුදයං න පරිජානන්ති, සඞ්ඛාරනිරොධං න පරිජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං න පරිජානන්ති, නමෙතෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පනෙතෙ ආයස්මන්තා සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, ජාතිය නො දනිත් ද ... භවය නො දනිත් ද ... උපාදාන නො දනිත් ද ... තෘෂ්ණාව ... වේදනාව ... ස්පර්‍ශය ... ෂඩායතන ... නාමරූප ... විඥානය ... සංස්කාර නො දනිත් ද, සංස්කාර සමුදය නො දනිත් ද, සංස්කාර නිරෝධය නො දනිත් ද, සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, මහණෙනි, මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් අතර හෝ මහණෝ ය යි හෝ සම්මත නො වෙති, බමුණන් අතර බමුණෝ ය යි හෝ සම්මත නො වෙති. මේ ආයුෂ්මත්හු ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මෙලොව්හි දී ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ නො ද වෙසෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං පරිජානන්ති, ජරාමරණසමුදයං පරිජානන්ති, ජරාමරණනිරොධං පරිජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං පරිජානන්ති -පෙ- ජාතිං පරිජානන්ති -පෙ- භවං -පෙ- උපාදානං -පෙ- තණ්හං -පෙ- වෙදනං -පෙ- ඵස්සං -පෙ- සළායතනං -පෙ- නාමරූපං -පෙ- විඤ්ඤාණං -පෙ- සඞ්ඛාරෙ පරිජානන්ති, සඞ්ඛාරසමුදයං පරිජානන්ති, සඞ්ඛාරනිරොධං පරිජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පරිජානන්ති. තෙ ඛොමෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා, බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තා සාමඤ්ඤත්ථං ච බ්රහ්මඤ්ඤත්ථං ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ජාතිය දනිත් ද, භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතනය ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද; මහණෙනි, ඒ මේ මහණෝ ද බමුණෝ ද ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතය හ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මත ය හ. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍තවයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍තවයත් මෙලෙව්හි දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙති යි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJTදුතියසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT30. සාවත්ථියං–
Sinhala BJT30. සැවැත්නුවර–
Pali BJTතත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑහි දි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ. සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං නප්පජානන්ති, ජරාමරණසමුදයං නප්පජානන්ති, ජරාමරණනිරොධං නප්පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, තෙ වත ජරාමරණං සමතික්කම්ම ඨස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTයම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ජරාමරණ සමුදය නො දනිත් ද, ජරාමරණනිරෝධය නොදනිත් ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද; ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
Pali BJT[යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා]ජාතිං නප්පජානන්ති -පෙ- භවං -පෙ- උපාදානං -පෙ- තණ්හං -පෙ- වෙදනං -පෙ- ඵස්සං -පෙ- සළායතනං -පෙ- නාමරූපං -පෙ- විඤ්ඤාණං -පෙ- සඞ්ඛාරෙ නප්පජානන්ති, සඞ්ඛාරසමුදයං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, තෙ වත සඞ්ඛාරෙ සමතික්කම්ම ඨස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ) ජාතිය නො දනිත් ද .... භවය ... උපාදාන .... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප ... විඤ්ඤාණය ... සඞ්ඛාර නො දනිත් ද, සඞ්ඛාරසමුදය නො දනිත් ද, සඞ්ඛාරනිරෝධය නො දනිත් ද, සඞ්ඛාරා නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත් ද, ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං පජානන්ති, ජරාමරණසමුදයං පජානන්ති, ජරාමරණනිරොධං පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන්ති, තෙ වත ජරාමරණං සමතික්කම්ම ඨස්සන්තීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දනිත් ද, ජරාමරණ සමුදය දනිත් ද, ජරාමරණ නිරෝධය දනිත් ද, ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ඔහු ඒකාන්තයෙන් ජරාමරණ ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන වේ.
Pali BJT[යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා]ජාතිං පජානන්ති -පෙ- භවං -පෙ- උපාදානං -පෙ- තණ්හං -පෙ- වෙදනං -පෙ- ඵස්සං -පෙ- සළායතනං -පෙ- නාමරූපං -පෙ- විඤ්ඤාණං -පෙ- සඞ්ඛාරෙ පජානන්ති. සඞ්ඛාරසමුදයං පජානන්ති, සඞ්ඛාරනිරොධං පජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානන්ති, තෙ වත සඞ්ඛාරෙ සමතික්කම්ම ඨස්සන්තීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJT(මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ) ජාතිය දනිත් ද ... භවය ... උපාදාන ... තණ්හාව ... වේදනාව ... ඵස්සය ... සළායතන ... නාමරූප .... විඤ්ඤාණය ... සඞ්ඛාර දනිත් ද, සඞ්ඛාර සමුදය දනිත් ද, සඞ්ඛාර නිරෝධය දනිත් ද, සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත් ද; ඔහු ඒකාන්තයෙන් සංස්කාරයන් ඉක්ම සිටින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන වෙයි.
Pali BJTදසබලවග්ගො තතියො
Sinhala BJTදශබලවර්‍ගය තෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ දසබලා උපනිසා ච අඤ්ඤතිත්ථිය භූමිජො, උපවාණො පච්චයො භික්ඛු ද්වෙ ච සමණබ්රාහ්මණාති.
Sinhala BJTදසබල සූත්‍ර දෙක ය, උපනිස, අඤ්ඤතිත්‍ථිය, භූමිජ, උපවාණ, පච්චය, භික්ඛු සූත්‍ර ද, සමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT4. කළාරඛත්තියවග්ගො
Sinhala BJT4. කළාරඛත්තිය වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJTභූතසුත්තං
Sinhala BJTභූත සූත්‍රය
Pali BJT31. සාවත්ථියං–
Sinhala BJT31. සැවැත්නුවර–
Pali BJTතත්ර ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි. වුත්තමිදං සාරිපුත්ත, පාරායණෙ{1} අජිතපඤ්හෙ:
Sinhala BJTඑහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක: ශාරීපුත්‍ර, මෙය පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි කියන ලදී:
Pali BJTයෙ ච සඞ්ඛාත{2}ධම්මාසෙ යෙ ච සෙඛා{3} පුථූ ඉධ, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො{4} පබ්රූහි මාරිසා”ති.
Sinhala BJT“මේ ශාසනයෙහි දන්නාලද දහම් ඇති යම් රහත්හු වෙද් ද, බෙහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පිළිවෙත වදාරණු මැනැවැ”යි.
Pali BJTඉමස්ස නු ඛො සාරිපුත්ත, සංඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි. -පෙ- දුතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJTශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි විතර විසින් කෙසේ අරුත් දැක්ක යුතු ද? මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය. දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක. ... දෙවනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද වී ය.
Pali BJTතතියම්පි ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: වුත්තමිදං සාරිපුත්ත පාරායණෙ අජිතපඤ්හෙ:
Sinhala BJTතෙවනුත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඇමතූ සේක: ශාරීපුත්‍ර, මෙය පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි දී කියන ලදී:
Pali BJT“යෙ ච සඞ්ඛාතධම්මාසෙ යෙ ච සෙඛා පුථූ ඉධ, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති.
Sinhala BJT“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හු වෙද් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පැවැත්ම වදාරණු මැනැවැ” යි.
Pali BJTඉමස්ස නු ඛො සාරිපුත්ත සංඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො?ති. එවං වුත්තෙ තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJTශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් කෙසේ දැක්ක යුතු ද? මෙසේ වදාළ කල්හි තෙවනුත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
Pali BJTභූතමිදන්ති සාරිපුත්ත පස්සසීති. භූතමිදන්ති භන්තෙ යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති.{*} භූතමිදන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආහාරසම්භවස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා නිරොධධම්මස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො භන්තෙ, සෙඛො හොති.
Sinhala BJTශාරීපුත්‍ර, මේ භූතය (හටගත් බැවින් ‘භූත’ නම් වූ ස්කන්‍ධපඤ්චකය) යී දක්හි යි වදාළ සේක. වහන්ස, මේ ස්කන්‍ධපඤ්චක ය යි සම්‍යක්ප්‍රඥාවෙන් තතු සේ දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ඒ ස්කන්‍ධපඤ්චකය ආහාරයෙන් හටගත්තේ ය යි තතූ සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. ඒ ආහාර නිරෝධයෙන්-යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයන්-යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වහන්ස, මෙසේ ශෛක්‍ෂ වේ. (මෙයින් ශෛක්‍ෂයාගේ පිළිවෙත කියූ.)
Pali BJTකථඤ්ච භන්තෙ, සඞ්ඛාතධම්මො හොති? භූතමිදන්ති භන්තෙ යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. භූතමිදන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආහාරසම්භවස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා නිරොධධම්මස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති. එවං ඛො භන්තෙ සඞ්ඛාතධම්මො හොති.
Sinhala BJTවහන්ස, කෙසේ නම් දන්නා ලද දහම් ඇත්තේ වේ ද? වහන්ස, මේ ස්කන්‍ධපඤ්චකය යි තතුසේ මනා නුවණින් දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතුසේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ තෙල ස්කන්‍ධපඤ්චකය ආහාරයෙන් හගත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ යයි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් පඤ්චස්කන්‍ධය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධ ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේද එය නිරෝධ ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනානුවණින් දැක නිරෝධ ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. වහන්ස, මෙසේ දන්නා ලද දහම් ඇත්තේ වේ. (මෙයින් රහත්හුගේ පිළිවෙත කියූ.)
Pali BJTඉති ඛො භන්තෙ යං තං වුත්තං පාරායණෙ අජිතපඤ්හෙ:
Sinhala BJTවහන්ස, මෙසේ පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි ඒ යමක් කියන ලදද:
Pali BJT“යෙ ච සඞ්ඛාතධම්මාසෙ යෙ ච සෙඛා පුථූ ඉධ,තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති.
Sinhala BJT“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හු වෙද්ද, බෙහෝ වූ යම් ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ පිළිවෙත වදාරණු මැනැවැ”යි -
Pali BJTඉමස්ස ඛ්වාහං භන්තෙ සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් මෙසේ මම දනිමි යි.
Pali BJTසාධු, සාධු, සාරිපුත්ත. භූතමිදන්ති සාරිපුත්ත, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. භූතමිදන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිප්පන්නො හොති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආහාරසම්භවස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා නිරොධධම්මස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො සාරිපුත්ත සෙඛො හොති.
Sinhala BJTශාරීපුත්‍ර, මැනැවි, මැනැවි. ශාරීපුත්‍ර, මේ ස්කන්‍ධපඤ්චකය ය යී තතු සේ මනානුවණින් දකී. මේ ස්කන්‍ධපඤ්චකය තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීම පිණිස නො ඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. ශාරීපුත්‍ර, මෙසේ ශෛක්‍ෂ වෙයි.
Pali BJTකථඤ්ච සාරිපුත්ත, සඞ්ඛාතධම්මො හොති? භූතමිදන්ති සාරිපුත්ත, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. භූතමිදන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරසම්භවන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආහාරසම්භවස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. තදාහාරනිරොධා - යං භූතං තං නිරොධධම්මන්ති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා නිරොධධම්මස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති. එවං ඛො සාරිපුත්ත, සඞ්ඛාතධම්මො හොති.
Sinhala BJTශාරීපුත්‍ර, කෙසේ නම් සඞ්ඛ්‍යාතධර්‍ම ඇත්තේවේ ද යත්: ශාරීපුත්‍ර, මේ ස්කන්‍ධපඤ්චක ය යි තතු සේ මනානුවණින් දකී මේ ස්කන්‍ධපඤ්චකය යි තතු සේ මනා නුවණින් දැක ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනානුවණින් දකී. එය ආහාරයෙන් හටගත්තේ ය යි තතු සේ මනානුවණින් දැක ආහාරයෙන් හටගත් ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දකී. ඒ ආහාර නිරෝධයෙන් - යමක් හටගත්තේ ද එය නිරෝධය ස්වභාව කොට ඇත්තේ ය යි තතු සේ මනා නුවණින් දැක නිරෝධය ස්වභාව කොට ඇති ස්කන්‍ධපඤ්චකය පිළිබඳ කළකිරීමෙන් නො ඇලීමෙන් නිරෝධයෙන් උපාදාන විසින් නො ගෙණ මිදුනේ වේ. ශාරීපුත්‍ර, මෙසේ සඞ්ඛ්‍යාතධර්‍ම ඇත්තේ වේ.
Pali BJTඉති ඛො සාරිපුත්ත, යං තං වුත්තං පාරායණෙ අජිතපඤ්හෙ:
Sinhala BJTශාරීපුත්‍ර, මෙසේ පාරායණ වර්‍ගයෙහි අජිතප්‍රශ්නයෙහි දී ඒ යමක් කියන ලද ද:
Pali BJT“යෙ ච සඞ්ඛාතධම්මාසෙ යෙ ච සෙඛා පුථූ ඉධ,තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති.
Sinhala BJT“මේ ශාසනයෙහි දන්නා ලද දහම් ඇති යම් රහත්හූත් වෙද්ද, බොහෝ වූ යම ශෛක්‍ෂයෝත් වෙද්ද, නිදුකානන් වහන්ස, මා විසින් විචාරණ ලද නුවණැති ඔබ වහන්සේ ඔවුන්ගේ විහරණය වදාරණු මැනවැ”යි-
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත, සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTශාරීපුත්‍ර, සැකෙවින් කියන ලද මෙහි අරුත් විතර විසින් මෙසේ දැක්ක යුත්තේ යි.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJTකළාරසුත්තං
Sinhala BJTකළාර සූත්‍රය
Pali BJT32. සාවත්ථියං–
Sinhala BJT32. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො කළාරඛත්තියො භික්ඛු යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කළාරඛත්තියො භික්ඛු ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJTඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වන්සේට මෙය සැළ කළේ ය.
Pali BJTමොලියඵග්ගුණො ආවුසො සාරිපුත්ත, භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තොති. නහ නූන සො ආයස්මා ඉමස්මිං ධම්මවිනයෙ අස්සාසමලත්ථාති. තෙන හායස්මා සාරිපුත්තො ඉමස්මිං ධම්මවිනයෙ අස්සාසං පත්තොති. “න ඛ්වාහං ආවුසො කඞ්ඛාමී”ති. ආයතිම්පනාවුසොති? “න ඛ්වාහං ආවුසො, විචිකිච්ඡාමී”ති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මොලියඵග්ගුණ මහණ තෙමේ ශික්‍ෂාව හැර දමා ගිහිබවට පෙරලුනේ ය. ඒ ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් මෙසස්නෙහි පිහිටක් නො ලැබී ය. එහෙත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසස්නෙහි පිහිට ලැබූ සේක. “ඇවැත්නි, මම සැක නො ම කරමි” ඇවැත්නි, මතු පිළිසඳ කෙසේ ද? “ඇවැත්නි, මම විචිකිච්ඡා නො ම කරමි”.
Pali BJTඅථ ඛො කළාරඛත්තියො භික්ඛු උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කළාරඛත්තියො භික්ඛු භගවන්තං එතදවොච: ආයස්මතා භන්තෙ, සාරිපුත්තෙන අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJTඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ’ යි මෙසේ රහත්බව පවසන ලදැ”යි තෙල සැළ කළේ ය.
Pali BJTඅථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන සාරිපුත්තං ආමන්තෙහි “සත්ථා තං ආවුසො සාරිපුත්ත ආමන්තෙතී”ති. එවං භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “සත්ථා තං ආවුසො සාරිපුත්ත ආමන්තෙතී”ති. එවමාවුසොති ඛො ආයස්මා සාරිපුත්තො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෙපි මාගේ වචනයෙන් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ” යි සැරියුත් අමතවුයි. ඒ මහණ තෙමේ වහන්ස, එසේ ය යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන සේකැ”යි මෙය කී ය. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ඇවැත්නි, එසේ ය යි ඒ මහණහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTසච්චං කිර තයා සාරිපුත්ත, අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති? න ඛො භන්තෙ, එතෙහි පදෙහි එතෙහි බ්යඤ්ජනෙහි. අත්ථො{1} ච වුත්තොති. යෙන කෙනචිපි සාරිපුත්ත, පරියායෙන කුලපුත්තො අඤ්ඤං බ්යාකරොති, අථ ඛො බ්යාකතං බ්යාකතතො දට්ඨබ්බන්ති. නනු අහම්පි භන්තෙ, එවං වදාමි: “න ඛො භන්තෙ, එතෙහි පදෙහි එතෙහි බ්යඤ්ජනෙහි අත්ථො ච වුත්තො”ති.
Sinhala BJTශාරීපුත්‍ර, තොප විසින් “ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි මෙසේ දනිමි”යි රහත්බව පවසන ලද්දේ සැබෑ ද? වහන්ස, මේ පදවලින් මේ බ්‍යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්‍ත්‍ථය (=රහත්බව) කියන ලදී. ශාරීපුත්‍ර, කුලපුත්තෙමේ යම් කිසි ක්‍රමයකිනුදු රහත්බව පවසයි. වැලිදු පවසන ලද්ද පවසන ලද්ද වශයෙන් දැක්ක යුතු ය. වහන්ස, “මේ පදවලින් මේ බ්‍යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්‍ත්‍ථය කියන ලද්දේ ය” යි වහන්ස, මම ද මෙසේ නො කියම් ද?
Pali BJTසචෙ තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං: කථං ජානතා පන තයා ආවුසො සාරිපුත්ත, කථං පස්සතා අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොප විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත්බව පවසන ලදදැ” යි මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්‍රකාශ කරවු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: කථං ජානතා පන තයා ආවුසො සාරිපුත්ත, කථං පස්සතා අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. එවං පුට්ඨොහම්භන්තෙ. එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දකිනා වූ තොප විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත් බව පවසන ලදදැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි:
Pali BJT“යන්නිදානාවුසො ජාති, තස්ස නිදානස්ස ඛයා ඛීණස්මිං ඛීණමිති{2} විදිතං. ඛීණස්මිං ඛීණමිහීති විදිත්වා, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. එවං පුට්ඨොහම්භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJT“ඇවැත්නි, ජාතිය යමක් නිදාන කොට ඇත්තී ද, ඒ නිදානය ගෙවී යෑමෙන් ක්‍ෂය වූ කල ක්‍ෂය වී යයි දන්නා ලදී. ක්‍ෂය වූ කල ක්‍ෂය වූයේ යයි දැන, ජාතිය ක්‍ෂය වූවා, බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං: ජාති පනාවුසො සාරිපුත්ත, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවාති? එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් කරුණු කොට ඇත්තී ද, කුමක් ඉපැද්ම කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: ජාති පනාවුසො සාරිපුත්ත, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවාති? එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: “ජාති ඛො ආවුසො, භවනිදානා, භවසමුදයා භවජාතිකා, භවප්පභවාති. එවං පුට්ඨොහං භන්තෙ එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ජාතිය කුමක් නිදාන කොට, කුමක් කාරණ කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස , එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, ජාතිය භවහ නිදාන කොට, භවය හටගැණීම් කොට, භවය ඉපැද්ම කොට, භවහ ප්‍රභව කොට ඇත්තී ය යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං: භවො පනාවුසො සාරිපුත්ත, කින්නිදානො? කිංසමුදයො? කිඤ්ජාතිකො? කිම්පභවොති? එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, භවය කුමක් නිදාන කොට කුමක් හටගැණීම් කොට, කුමක් ඉපැද්ම කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්,: ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්‍රකාශ කරන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: භවො පනාවුසො සාරිපුත්ත, කින්නිදානො? කිංසමුදයො? කිඤ්ජාතිකො? කිම්පභවො?ති එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: භවො ඛො ආවුසො උපාදානනිදානො, උපාදානසමුදයො, උපාදානජාතිකො, උපාදානප්පභවොති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, භවය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම් කොට ඇත්තේ ද, කුමක් ඉපැද්ම කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය, උපාදාන හටගැණීම කොට ඇත්තේ ය, උපාදාන ඉපැද්ම කොට ඇත්තේ ය, උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං. උපාදානං පනාවුසො සාරිපුත්ත, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවන්ති? එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති බ්යාකරෙය්යාසීති.
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපාදානය කුමක් නිදාන කොට ඇත්ද? කුමක් කාරණ කොට ඇත්ද? කුමක් ජාති කොට ඇත්ද? කුමක් ප්‍රභව කොට ඇත් ද?” මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්‍රය, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: “උපාදානං පනාවුසො සාරිපුත්ත, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවන්ති?” එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: උපාදානං ඛො ආවුසො තණ්හා නිදානං, තණ්හා සමුදයං, තණ්හා ජාතිකං, තණ්හා පභවන්ති. එවං පුට්ඨොහං භන්තෙ එවං බ්යාකරෙය්යන්තී.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපාදානය කුමක් නිදාන කොට කුමක් කාරණ කොට කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්ද? වහන්ස, මෙසේ මා විචාරන්නාහු නම් එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, උපාදානය තණ්හාව නිදාන කොට ඇත. තණ්හාව කාරණ කොට ඇත. තණ්හාව ජාති කොට ඇත. තණ්හාව ප්‍රභව කොට ඇතැයි. වහන්ස, මෙසේ විචාරණ ලද්දෙම් මෙසේ පවසන්නෙමි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං: තණ්හා පනාවුසො සාරිපුත්ත කින්නිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිම්පභවාති? එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාතී කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: තණ්හා පනාවුසො සාරිපුත්ත, කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවාති? එවං පුට්ඨොහං භන්තෙ එවං බ්යාකරෙය්යං: තණ්හා ඛො ආවුසො වෙදනානිදානා, වෙදනාසමුදයා, වෙදනාජාතිකා, වෙදනාපභවාති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි, ඇවැත්නි, තෘෂ්ණාව වේදනාව නිදාන කොට ඇත. වේදනාව සමුදය කොට ඇත. වේදනාව ජාති කොට ඇත වේදනාව ප්‍රභව කොට ඇතැ යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං. වෙදනා පනාවුසො සාරිපුත්ත, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවාති? එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති බ්යාකරෙය්යාසීති.
Sinhala BJTශාරීපුත්‍ර, “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, වේදනාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි ප්‍රකාශ කරන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: වෙදනා පනාවුසො සාරිපුත්ත, කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවාති. එවං පුට්ඨොහං භන්තෙ එවං බ්යාකරෙය්යං: වෙදනා ඛො ආවුසො ඵස්සනිදානා, ඵස්සසමුදයා, ඵස්සජාතිකා, ඵස්සප්පභවාති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, වේදනාව කුමක් නිදාන කොට ඇත් ද? කුමක් සමුදය කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, වේදනාව ස්පර්‍ශය නිදාන කොට ඇත. ස්පර්‍ශය කාරණා කොට ඇත. ස්පර්‍ශය ජාති කොට ඇත්තී ය. ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං: කථං ජානතො පන තෙ ආවුසො සාරිපුත්ත, කථං පස්සතො යා වෙදනාසු නන්දී සා න උපට්ඨාසීති? එවං පුට්ඨො ත්වං සාරිපුත්ත, කින්ති ව්යාකරෙය්යාසීති?
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොපට වේදනාවන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නො වැටහුනේ දැ?” යි මෙසේ තොප විචාරන්නාහු නම්: ශාරීපුත්‍ර, මෙසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ එවං පුච්ඡෙය්යුං: කථං ජානතො පන තෙ ආවුසො සාරිපුත්ත, කථං පස්සතො යා වෙදනාසු නන්දී සා න උපට්ඨාසීති, එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: තිස්සො ඛො ඉමා ආවුසො වෙදනා. කතමා තිස්සො? සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ආවුසො, තිස්සො වෙදනා අනිච්චා. යදනිච්චං තං දුක්ඛන්ති විදිතං. යා වෙදනාසු නන්දී සා න උපට්ඨාසීති.{1} එවං පුට්ඨොහං භන්තෙ එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොපට වේදනාවන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නො වැටහුනේ ද”? යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසෙ විචාරන ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, මේ වේදනා තුණෙකි. කවර තුණෙක් ද යත්: සැප වේදනාව ය, දුක් වේදනාව ය, මැදහත් වේදනාව ය යි. ඇවැත්නි, මේ වේදනාත්‍රිකය අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් ඒ දුකැයි දන්නා ලදි. (එහෙයින්) වේදනාවන්හි යම් තෘෂ්ණායෙක් වේ නම් එය (මා වෙත) නො සිටියේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසාධු, සාධු, සාරිපුත්ත. අයම්පි ඛො සාරිපුත්ත, පරියායො එතස්සෙව අත්ථස්ස සඞ්ඛිත්තෙන වෙය්යාකරණාය:{1} යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති.
Sinhala BJTශාරීපුත්‍ර, මැනැවි. මැනැවි. ශාරීපුත්‍ර, යම් කිසි වේදනාවක් වේ නම් ඒ දුකැයි යන මේ අරුත ම සැකෙවින් පැවසීමට මෙ ද නයෙකි.
Pali BJTසචෙ පන තං සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං: කථං විමොක්ඛා පන තයා ආවුසො සාරිපුත්ත, අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. එවං පුට්ඨො ත්වං සාරිපුත්ත කින්ති බ්යාකරෙය්යාසීති?
Sinhala BJTශාරීපුත්‍ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තොප විසින් ‘ජාතිය ක්‍ෂය වූවා ය බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි’යි කවර විමෝක්‍ෂයකින් අර්‍හත්‍වය පවසන ලද්දේ දැ”යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්‍ර, එසේ විචාරණ ලද තෙපි කුමැයි පවසන්නහු ද?
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: කථං විමොක්ඛා පන තයා ආවුසො සාරිපුත්ත, අඤ්ඤා බ්යාකතා “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං: අජ්ඣත්තවිමොක්ඛා {2}ඛ්වාහං ආවුසො සබ්බුපාදානක්ඛයා{3} තථා සතො විහරාමි, යථා සතං විහරන්තං ආසවා නානුස්සවන්ති, අත්තානඤ්ච නාවජානාමීති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTවහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ‘ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි කවර විමෝක්‍ෂයකින් අර්‍හත්ත්‍වය පවසන ලද්දේ දැ?”යි මෙසේ මා විචාරන්නාහු නම්, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: “ඇවැත්නි, යම් සේ සිහි ඇති ව වෙසෙන මට ආස්‍රවයෝ නො පවතිද්ද, (ප්‍රඥාව ප්‍රසන්න බැවින්) තමාට ද අවමන් නො කෙරෙම් ද, ඒ අජ්ඣත්තවිමොක්ඛයෙන් (=ආධ්‍යත්මික් සංස්කාරයන් පරිග්‍රහණය කොට ලද අර්‍හත්ත්‍වයෙන් සියලු උපාදානයන් ක්‍ෂය කිරීමෙන් මම එසේ සිහි ඇති ව වෙසෙමි”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
Pali BJTසාධු සාධු, සාරිපුත්ත. අයම්පි ඛො සාරිපුත්ත, පරියායො එතස්සෙව අත්ථස්ස සංඛිත්තෙන වෙය්යාකරණාය: “යෙ ආසවා සමණෙන වුත්තා, තෙස්වාහංන කඞ්ඛාමි. තෙ මෙ පහීණාති න විචිකිච්ඡාමී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන{4} සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTශාරීපුත්‍ර, මැනවි, මැනවි. ශාරීපුත්‍ර, “යම් ආස්‍රව කෙනෙක් බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ද, මම ඔවුන් කෙරෙහි සැක නොකෙරෙමි. ඒ ආස්‍රවයෝ මට ප්‍රහීණ වූවාහු ය යි විචිකිච්ඡා නො කෙරෙමි”යි යන මේ අරුත ම සැකෙවින් පැවසීමට මෙ ද නයෙකියි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී වෙහෙරට පිවිසි සේක.
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි: පුබ්බෙ අප්පටිසංවිදිතං මං ආවුසො භගවා පඨමං පඤ්හං අපුච්ඡි. තස්ස මෙ අහොසි දන්ධායිතත්තං. යතො ච ඛො මෙ ආවුසො භගවා පඨමං පඤ්හං අනුමොදි, තස්ස මය්හං ආවුසො එතදහොසි:
Sinhala BJTඑහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පෙර මවිසින් නො දන්නා ලද පළමු වන ප්‍රශ්නය මාගෙන් විතාළ සේක. ඒ මට ලැසිබවෙක් වී ය. ඇවැත්නි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ම විසින් විසඳන ලද මාගේ පළමු වන ප්‍රශ්නය අනුමෝදන් වූ සේක් ද, ඇවැත්නි, ඒ මට මේ අදහස පහළ විය:
Pali BJT“දිවසඤ්චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, දිවසම්පහං{5} භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු දහවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙන් වෙන් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු දහවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
Pali BJTරත්තිඤ්චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, රත්තිම්පහං{6} භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු රැය ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
Pali BJTරත්තින්දිවං චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, රත්තින්දිවම්පාහං භගවතො එතමත්ථං ව්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රෑ දාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු රෑදාවලම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම භාග්‍යවතුන් වහන්සේට මේ අරුත පවසන්නෙමි.
Pali BJTද්වෙ රත්තින්දිවානි චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, ද්වෙ රත්තින්දිවානිපහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙරෑදවාලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නා සේක් නම් මුළු දෙරෑ දවාල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
Pali BJTතීණි රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- චත්තාරි රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- පඤ්ච රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- ඡ රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- සත්ත රත්තින්දිවානි චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, සත්ත රත්තින්දිවානිපහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහීති.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ තුන් රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිවු රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ පස් රෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ ස රෑ දවාලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත් රෑදාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නා සේක් නම් සත් රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
Pali BJTඅථ ඛො කළාරඛත්තියො භික්ඛු උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො කළාරඛත්තියො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
Pali BJTආයස්මතා භන්තෙ, සාරිපුත්තෙන සීහනාදො නදිතො: “පුබ්බෙ අප්පටිසංවිදිතං මං ආවුසො, භගවා පඨමං පඤ්හං ආපුච්ඡි.{1} තස්ස මෙ අහොසි දන්ධායිතත්තං. යතො ච ඛො මෙ ආවුසො භගවා පඨමං පඤ්හං අනුමොදි තස්ස මය්හං ආවුසො එතදහොසි:
Sinhala BJTවහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් (මෙසේ) සිංහනාද කරණ ලදී: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ (මා විසින්) පෙර නො දන්නා ලද පළමු වන ප්‍රශ්නය මා පුළුවුත් සේක. ඒ මට ලැසිබවෙක් විය. ඇවැත්නි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ මාගේ පළමු වන ප්‍රශ්නය අනුමෝදන් වූ සේක ද, ඒ මට මේ අදහස පහළ විය:
Pali BJT“දිවසඤ්චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, දිවසම්පහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJT“ඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු දාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පිළුවුස්නා සේක් නම්, මුළු දහවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
Pali BJTරත්තිඤ්චෙපි{2} මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, රත්තිම්පහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළු රැයක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මගෙන් පුළුවුස්නා සේක් නම් මුළු, රැයම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි.
Pali BJTරත්තින්දිවං චෙපි මං භගවා -පෙ- ද්වෙ රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- තීණි රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- චත්තාරි රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- පඤ්ච රත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- ඡරත්තින්දිවානි චෙපි මං භගවා -පෙ- සත්ත රත්තින්දිවානි චෙපි මං භගවා එතමත්ථං පුච්ඡෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, සත්ත රත්තින්දිවානිපහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහී”ති.
Sinhala BJTඉදින් භාග්‍යවතුන් වහන්සේ මුළුරෑදාවලක් ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙරෑදාවලක් ම මා .... ඉදින් භාග්‍යවතුන් වහන්සේ තුන් රෑදාවලක්ම මා ... ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිවු රෑදාවලක් ම මා ... පස් රෑදාවලක් ම මා .... ඉදින් භාග්‍යවතුන් වන්සේ සරෑදාවලක් මා ඉදින් භාග්‍යවතුන් වහන්සේ සත්රූදාවලක් ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මා පුළුවුස්නාසේක් නම් සත්රූදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මම මේ අරුත භාග්‍යවතුන් වහන්සේට පවසන්නෙමි” යි.
Pali BJTසා හි භික්ඛු සාරිපුත්තස්ස ධම්මධාතු සුප්පටිවිද්ධා.{3} යස්ස ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා දිවසඤ්චෙපහං සාරිපුත්තං එතමත්ථං පුච්ඡෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි. දිවසම්පි{4} මෙ සාරිපුත්තො එතමත්ථං බ්යාකරෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTමහණ, ඉදින් මම මුළු දවාලකුත් එකිනෙකට වෙනස් පෙදෙන් එකිනෙක වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස්නෙම් නම් යම් ධර්‍මධාතුවක් (ශ්‍රාවක පාරමීඥානයක්) මැනවින් අවබෝධ කරණ ලද බැවින්, ශාරීපුත්‍ර තෙමේ මුළුදවස ම එකිනෙකට වෙනස් පෙදෙන් එකිනෙකට වෙනස් නයින් මේ අරුත මට පවසන්නේනේ ද ඒ, ධර්‍මධාතු සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයාකාරය දක්නට සමර්‍ත්‍ථ ශ්‍රාවකපාරමීඥානය ශාරීපුත්‍රයන් විසින් මැනවින් අවබෝධ කරණ ලද්දේ ම ය.
Pali BJTරත්තිං චෙපහං සාරිපුත්තං එතමත්ථං පුච්ඡෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, රත්තිම්පි මෙ සාරිපුත්තො එතමත්ථං බ්යාකරෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් මම මුළු රැයකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් ශාරීපුත්‍රයන් මේ අරුත පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ මුළු රැය ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේ ය.
Pali BJTරත්තින්දිවං චෙපහං සාරිපුත්තං එතමත්ථං පුච්ඡෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, රත්තින්දිවම්පි මෙ සාරිපුත්තො එතමත්ථං බ්යාකරෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් මම මුළු රෑදාවලකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස් තෙමේ නම් ශාරීපුත්‍ර තෙමේ මුළු රෑදාවල ම වෙනස් වෙනස් පදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේය.
Pali BJTද්වෙ රත්තින්දිවානි චෙපහං සාරිපුත්තං එතමත්ථං පුච්ඡෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, ද්වෙ රත්තින්දිවානිපි මෙ සාරිපුත්තො එතමත්ථං බ්යාකරෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි.
Sinhala BJTඉදින් මම දෙ රෑදාවලකුදු වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන් පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ දෙ රෑදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේය.
Pali BJTතීණි රත්තින්දිවානි චෙපහං සාරිපුත්තං -පෙ- චත්තාරි රත්තින්දිවානි චෙපාහං සාරිපුත්තං -පෙ- පඤ්ච රත්තින්දිවානි චෙපාහං සාරිපුත්තං -පෙ- ඡ රත්තින්දිවානි චෙපාහං සාරිපුත්තං -පෙ- සත්ත රත්තින්දිවානි චෙපාහං සාරිපුත්තං එතමත්ථං පුච්ඡෙය්යං අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහි, සත්ත රත්තින්දිවානිපි මෙ සාරිපුත්තො එතමත්ථං බ්යාකරෙය්ය අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි පරියායෙහීති.
Sinhala BJTඉදින් මම තුන් රෑදාවලකුදු ශාරීපුත්‍රයන් ... ඉදින් මම සිවු රෑදාවලකුදු ශාරීපුත්‍රයන් ... ඉදින් මම පස් රෑදාවලකුදු ශාරීපුත්‍රයන්ගෙන් ... ඉදින් මම සරෑදාවලකුදු ශාරීපුත්‍රයන්ගෙන් .... ඉදින් මම සත් රෑදාවලකුදු වෙනස් වෙනස් පදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත ශාරීපුත්‍රයන්ගෙන් පුළුවුස්නෙම් නම් ශාරීපුත්‍ර තෙමේ සත්රූදාවල ම වෙනස් වෙනස් පෙදෙන් වෙනස් වෙනස් නයින් මේ අරුත මට පවසන්නේ යි.
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJTඤාණවත්ථුසුත්තං
Sinhala BJTඤාණවත්‍ථු සූත්‍රය
Pali BJT33. සාවත්ථියං–
Sinhala BJT33. සැවැත්නුවර–
Pali BJTචතුචත්තාළීසං වො භික්ඛවෙ, ඤාණවත්ථූනි දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමානි භික්ඛවෙ, චතුචත්තාළීසං ඤාණවත්ථූනි?
Sinhala BJTමහණෙනි, තොපට සිවුසාළිස් නුවණවත් දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සිවුසාළිස් නුවණවත් කවර යත්:
Pali BJTජරාමරණෙ ඤාණං, ජරාමරණසමුදයෙ ඤාණං, ජරාමරණනිරොධෙ ඤාණං, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTජරාමරණ දන්නා නුවණ ය, ජරාමරණ හටගැණීම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්ම දන්නා නුවණ ය, ජරාමරණ නැවැත්මේ පිළි වෙත දන්නා නුවණ ය.
Pali BJTජාතියා ඤාණං, ජාති සමුදයෙ ඤාණං, ජාතිනිරොධෙ ඤාණං, ජාතිනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTඉපැදීම දන්නා නුවණ ය, ඉපැද්ම හටගැණීම දන්නා නුවණ ය, ඉපැද්මේ නැවැත්ම දන්නා නුවණ ය, ඉපැද්ම නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.
Pali BJTභවෙ ඤාණං, භවසමුදයෙ ඤාණං, භවනිරොධෙ ඤාණං, භවනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTභවය දන්නා නුවණ ය, භවයේ හටගැන්ම දන්නා නුවණ ය, භවයේ නැවැත්ම දන්නා නුවණ ය, භවය නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය.
Pali BJTඋපාදානෙ ඤාණං -පෙ- තණ්හාය ඤාණං -පෙ- වෙදනාය ඤාණං -පෙ- ඵස්සෙ ඤාණං -පෙ- සළායතනෙ ඤාණං -පෙ- නාමරූපෙ ඤාණං -පෙ- විඤ්ඤාණෙ ඤාණං -පෙ- සඞ්ඛාරෙසු ඤාණං, සඞ්ඛාරසමුදයෙ ඤාණං, සඞ්ඛාරනිරොධෙ ඤාණං, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ චතුචත්තාළීසං ඤාණවත්ථූනි.{*}
Sinhala BJTඋපාදාන දන්නා නුවණ ය. ... තෘෂ්ණාව දන්නා නුවණ ය. ... වේදනාව දන්නා නුවණ ය ... ස්පර්‍ශ දන්නා නුවණ ය ... ෂඩායතන දන්නා නුවණය ... නාමරූප දන්නා නුවණ ය ... විඥාන දන්නා නුවණ ය ... සංස්කාර දන්නා නුවණ ය, සංස්කාර හටගැණීම දන්නා නුවණ ය, සංස්කාර නැවැත්ම දන්නා නුවණ ය. සංස්කාර නැවැත්මේ පිළිවෙත දන්නා නුවණ ය. මහණෙනි, මේ සිවුසාළිස් නුවණවත් ය යි{*} කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කළෙබරස්ස නික්ඛෙපො. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා, ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවෙ ජරාමරණං.
Sinhala BJTමහණෙනි, ජරාමරණ නම් කවර? ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, මේ ජරා යංයි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්වු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද, මහණෙනි, මේ ජරාරමණ ය යි කියනු ලැබේ.
Pali BJTජාතිසමුදයා ජරාමරණසමුදයො, ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTජාතිය හටගැණීමෙන් ජරාමරණ හටගැණීම වේ. ජාතිය නැවැත්මෙන් ජරාමරණ නැවැත්ම වේ. මේ අරිඅටඟිමග ම ජරාමරණ නැවැත්මේ පිළිවෙත යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස්ස ධම්මෙ ඤාණං. සො ඉමිනා ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙති{1}.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදය දනි ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, මේ ඔහුගේ (සිවුසස්) දහම්හි නුවණ ය. හෙතෙමේ දක්නා ලද දන්නා ලද කල් නො යවා විපාක දෙන පැමිණෙන ලද බැසගන්නා ලද මේ මාර්‍ගඥානයෙන් (මතු ඇතිවන ප්‍රත්‍යවේක්‍ෂා ඥානයෙන්) අතීතයෙහිත් අනාගතයෙහිත් දහම් නය පමුණුවයි.
Pali BJTයෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං අබ්භඤ්ඤංසු, ජරාමරණසමුදයං අබ්භඤ්ඤංසු, ජරාමරණනිරොධං අබ්භඤ්ඤංසු, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු, සබ්බෙ තෙ එවමෙව අබ්භඤ්ඤංසු, සෙය්යථාපහං{2} එතරහි. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං අභිජානිස්සන්ති, ජරාමරණසමුදයං අභිජානිස්සන්ති, ජරාමරණනිරොධං අභිජානිස්සන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං අභිජානිස්සන්ති, සබ්බෙ තෙ එවමෙව අභිජානිස්සන්ති, සෙය්යථාපහං එතරහි. ඉදමස්ස අන්වයෙ ඤාණං.
Sinhala BJTඅතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හො බමුණු කෙනෙක් හෝ ජරාමරණ දත්තාහු ද, ජරාමරණසමුදය දත්තාහු ද, ජරාමරණනිරෝධය දත්තාහු ද, ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදාව දත්තාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දත්තාහු ය. අනාගත කාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දැන ගන්නාහු ද, ජරාමරණ සමුදයය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධය දැන ගන්නාහු ද, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ දනිමි නම් එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්‍වවයෙහි (ධර්‍මඥානානුගමනයෙහි ප්‍රත්‍යවේක්‍ෂා) ඥාන ය යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ අරියසාවකස්ස ඉමානි ද්වෙ ඤාණානි පරිසුද්ධානි හොන්ති පරියොදාතානි ධම්මෙ ඤාණඤ්ච අන්වයෙ ඤාණඤ්ච. අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මාර්‍ගඥානයත් ප්‍රත්‍යවේක්‍ෂාඥානයත් යන මේ දෙනුවණ පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්‍ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්‍මය දකී ය යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත ය යි ද, ශෛක්‍ෂවිද්‍යායෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධිකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං -පෙ- කතමො ච භික්ඛවෙ, භවො -පෙ- කතමඤ්ච භික්ඛවෙ, උපාදානං -පෙ- කතමා ච භික්ඛවෙ, තණ්හා -පෙ- කතමා ච භික්ඛවෙ, වෙදනා -පෙ- කතමො ච භික්ඛවෙ, ඵස්සො -පෙ- කතමඤ්ච භික්ඛවෙ, සළායතනං -පෙ- කතමඤ්ච භික්ඛවෙ, නාමරූපං -පෙ- කතමඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං -පෙ- කතමෙ ච භික්ඛවෙ, සඞ්ඛාරා? තයොමෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සඞ්ඛාරා.
Sinhala BJTමහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: මහණෙනි, වේදනාව නම් කවර යත්. ... මහණෙනි, ස්පර්‍ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: මහණෙනි, නාමරූප නම් කවර යත්: ... මහණෙනි, විඥානය නම් කවර යත්:... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි. කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJTඅවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTඅවිද්‍යාසමුදයෙන් සංස්කාරසමුදයය වේ. අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ අරිඅටඟිමග ම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව යි එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධි යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ අරියසාවකො එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති, එවං සඞ්ඛාරනිරොධං පජානාති, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, ඉදමස්ස ධම්මෙ ඤාණං. සො ඉමිනා ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙති.{1}
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාරනිරෝධය දනී ද, මෙසේ සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, මේ ඔහුගේ මාර්‍ගඥාන ය යි. හෙතෙමේ දක්නා ලද දන්නා ලද අකාලික වූ පැමිණෙන ලද බැස ගන්නා ලද මේ මාර්‍ගඥානයෙන් අතීතයෙහිත් අනාගතයෙහිත් නය පමුණුවයි.
Pali BJTයෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සඞ්ඛාරෙ අබ්භඤ්ඤංසු, සඞ්ඛාරසමුදයං අබ්භඤ්ඤංසු, සඞ්ඛාරනිරොධං අබ්භඤ්ඤංසු, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු, සබ්බෙ තෙ එවමෙව අබ්භඤ්ඤංසු, සෙය්යථාපහං එතරහි. යෙපි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සඞ්ඛාරෙ අභිජානිස්සන්ති, සඞ්ඛාරසමුදයං අභිජානිස්සන්ති, සඞ්ඛාරනිරොධං අභිජානිස්සන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං අභිජානිස්සන්ති, සබ්බෙ තෙ එවමෙව අභිජානිස්සන්ති, සෙය්යථාපාහං එතරහි. ඉදමස්ස අන්වයෙ ඤාණං.
Sinhala BJTමහණෙනි, අතීතකාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාර දත්තාහු ද සංස්කාර සමුදයය දත්තාහු ද සංස්කාරනිරෝධය දත්තාහු ද සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව දත්තාහු ද ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද එ සේ ම දත්තාහු ය. අනාගත කාලයෙහිත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සංස්කාරයන් දැන්ගන්නාහු ද සංස්කාරසමුදය දැන ගන්නාහු ද සංස්කාරනිරෝධය දැන ගන්නාහු ද සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන ගන්නාහු ද, ඒ සියල්ලෝ දැන් මම යම් සේ (දනිම්) ද, එසේ ම දැන ගන්නාහු ය. මේ ඔහුගේ අන්‍වයෙහි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥාන ය යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි ද්වෙ ඤාණානි පරිසුද්ධානි හොන්ති පරියොදාතානි ධම්මෙ ඤාණං ච අන්වයෙ ඤාණං ච. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මාර්‍ගඥානයත් ප්‍රත්‍යවේක්‍ෂාඥානයත් මේ දෙනුවන පිරිසිදු වූයේ ඉතා පිරිසිදු වූයේ වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දෘෂ්ටිසම්පන්න ය යි ද, දර්‍ශනසම්පන්න ය යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ ය යි ද, මේ සද්ධර්‍මය දකී ය යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත ය යි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වු නිර්වේධිකප්‍රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJTදුතියඤාණවත්ථුසුත්තං
Sinhala BJTදුතියඤාණවත්‍ථු සූත්‍රය
Pali BJT34. සාවත්ථියං–
Sinhala BJT34. සැවැත්නුවර–
Pali BJTසත්තසත්තරි වො භික්ඛවෙ ඤාණවත්ථූනි දෙසිස්සාමි. තං සුණාථ -පෙ- කතමානි භික්ඛවෙ සත්ත සත්තරි ඤාණවත්ථූනි?
Sinhala BJTමහණෙනි, තොපට සත්සැත්තෑ නුවණ දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සත්සැත්තෑ නුවණ කවර යත්:
Pali BJTජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං, අතීතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං, අනාගතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං, යම්පිස්ස තං ධම්මට්ඨිති ඤාණං තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති ඤාණං.
Sinhala BJTජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අතීත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වී ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අනාගත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වන්නේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, යම් ඒ (යථෝක්ත) ප්‍රත්‍යයාකාර ඥානයක් වන්නේ නම් එ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වාභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය.