Pali BJTකතමෙ ච භික්ඛවෙ, පටිච්චසමුප්පන්නා ධම්මා? ජරාමරණං භික්ඛවෙ, අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. ජාති භික්ඛවෙ, අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. භවො භික්ඛවෙ, අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො. උපාදානං භික්ඛවෙ -පෙ- තණ්හා භික්ඛවෙ - වෙදනා භික්ඛවෙ - ඵස්සො භික්ඛවෙ - සළායතනං භික්ඛවෙ - නාමරූපං භික්ඛවෙ - විඤ්ඤාණං භික්ඛවෙ - සඞ්ඛාරා භික්ඛවෙ - අවිජ්ජා භික්ඛවෙ අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, පටිච්චසමුප්පන්නා ධම්මා.
Sinhala BJTමහණෙනි, ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ කවරහ යත්: මහණෙනි, ජරාමරණ අනිත්‍ය ය. සංස්කෘත ය. හේතුප්‍රත්‍යයයෙන් හටගත්තේ ය. ක්‍ෂය ස්වභාවය ඇත්තේ ය. ව්‍යයස්වභාවය ඇත්තේ ය. විරාගස්වභාවය ඇත්තේ ය. නිරෝධස්වභාවය ඇත්තේ ය. මහණෙනි, ඉපැද්ම අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්‍ෂයධර්‍ම ය . ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරෝධධර්‍ම ය. මහණෙනි, භවය අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්‍ෂයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, උපාදාන ... මහණෙනි, තෘෂ්ණාව ... මහණෙනි, වේදනාව ... මහණෙනි, ස්පර්‍ශය ... මහණෙනි, ෂඩායතන ... මහණෙනි, නාමරූප ... මහණෙනි, විඥාන ... මහණෙනි, සංස්කාරයෝ ... මහණෙනි, අවිද්‍යාව අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය ක්‍ෂයධර්‍ම ය. ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ යි කියනු ලැබෙත්.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස අයඤ්ච පටිච්චසමුප්පාදො ඉමෙ ච පටිච්චසමුප්පන්නා ධම්මා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා{1} හොන්ති, සො වත{2} පුබ්බන්තං වා පරිධාවිස්සති{3}: “අහොසිං නු ඛො අහං අතීතමද්ධානං, න නු ඛො අහොසිං අතීතමද්ධානං, කිං නු ඛො අහොසිං අතීතමද්ධානං, කථං නු ඛො අහොසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්ධානන්ති”; අපරන්තං වා උපධාවිස්සති: “භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං, න නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කිං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කථං නු ඛො භවිස්සාමි අනාගතමද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානන්ති”; එතරහි වා පච්චුප්පන්නං අද්ධානං අජ්ඣත්තං කථඞ්කථී භවිස්සති: “අහං නු ඛොස්මි, නො නු ඛොස්මි කිං නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛො සත්තො කුතො{4} ආගතො, සො කුහිං ගාමී භවිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු? තථා හි භික්ඛවෙ, අරියසාවකස්ස අයඤ්ච පටිච්චසමුප්පාදො, ඉමෙ ච පටිච්චසමුප්පන්නා ධම්මා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයත් මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝත් තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් මැනැවින් දක්නා ලද්දාහු වෙද්ද, හෙ තෙමේ ‘අතීත කාලයෙහි මම වූයෙම් දෝ? අතීත කාලයෙහි නො වූයෙම් දෝ? අතීත කාලයෙහි කවරෙක් වූයෙම් දෝ? අතීත කාලයෙහි කෙසේ වූයෙම් දෝ? අතීත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වූයෙම් දෝ?” යි පූර්‍වාන්තය කරාත් දුවන්නේ ය - “මම අනාගත කාලයෙහි වන්නෙම් දෝ? අනාගත කාලයෙහි නො වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කෙසේ වන්නෙම් දෝ? අනාගත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වන්නෙම් දෝ?”යි අපරාන්තය කරාත් දුවන්නේ ය - දැන් වර්‍තමාන කාලයෙහිත් “මම වෙම් දෝ? නො වෙම් දෝ? කවරෙක් වෙම් දෝ? කෙසේ වෙම් දෝ? මේ සත්ත්‍වතෙමේ කොහි සිට ආයේ දෝ? හෙ තෙමේ කොහි යන්නෙක් වන්නේ දෝ?”යි තමා පිළිබඳ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ වන්නේය - යන මේ කරුණ විද්‍යාමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදය ද , මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝ ද තතු සේ මනා නුවණින් දක්නා ලද්දාහු ය. එහෙයිනි.
Pali BJTආහාරවග්ගො දුතියො.
Sinhala BJTආහාරවර්‍ගය දෙවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය :
Pali BJTආහාරඵග්ගුණා චෙව ද්වෙ ච සමණබ්රාහ්මණා, කච්චානගොත්තො ධම්මකථි අචෙලතිම්බරුකෙන ච, බාලපණ්ඩිතතො චෙව දසමො පච්චයෙන චාති.
Sinhala BJTආහාර ය, ඵග්ගුණ ය, සමණබ්‍රාහ්මණ දෙක ය,කච්චානගොත්ත ය, ධම්මකථික ය, අචේලකය, තිම්බරුක ය, බාලපණ්ඩිත ය, දසවැනි ප්‍රත්‍යය සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. දසබලවග්ගො
Sinhala BJT3. දසබල වර්‍ගය
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJTදසබලසුත්තං
Sinhala BJTදසබල සූත්‍රය
Pali BJT21. සාවත්ථියං–
Sinhala BJT21. සැවැත්නුවර–
Pali BJTදසබලසමන්නාගතො භික්ඛවෙ, තථාගතො චතූහි ච වෙසාරජ්ජෙ හි සමන්නාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්රහ්මචක්කං පවත්තෙති: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො.{1} ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථංගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථංගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථංගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමො. ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
Sinhala BJTමහණෙනි, දශබලයෙන් සමන්‍විත වූ සිවුවැදෑරුම් විසාරද බැවින් ද යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණෙයි. පිරිස්මැද සිංහනාද කෙරෙයි. බ්‍රහ්මචක්‍රය (=ධර්‍මචක්‍රය) පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයාගේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාර. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
Pali BJTයදිදං: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTඒ කෙසේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවගේ ම අශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJTදුතියදසබලසුත්තං
Sinhala BJTදෙවැනි දසබල සූත්‍රය
Pali BJT22. සාවත්ථියං–
Sinhala BJT22. සැවැත්නුවර–
Pali BJTදසබලසමන්නාගතො භික්ඛවෙ, තථාගතො චතූහි ච වෙසාරජ්ජෙහි සමන්නාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්රහ්මචක්කං පවත්තෙති: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථංගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථංගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථංගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමො. ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
Sinhala BJTමහණෙනි, දසබලයෙන් සමන්‍වාගත වූ සිවුවැදෑරැම් විසාරද බැවින් යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිස්මැද සිංහනාද කෙරෙයි. ධර්‍මචක්‍රය පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාරය. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානයැ. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
Pali BJTයදිදං: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTකෙසේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ, ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJTඑවං ස්වාක්ඛාතො භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ ඛො භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ අලමෙව සද්ධා පබ්බජිතෙන කුලපුත්තෙන විරියං{1} ආරභිතුං: කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු, සරීරෙ උපසුස්සතු මංසලොහිතං. යං තං පුරිසත්ථාමෙන{2} පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සණ්ඨානං භවිස්සති.
Sinhala BJTමහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාකොට දේශනා කරණලද්දේ ය. ප්‍රකට කරණලද්දේ ය. විවෘත කරණලද්දේ ය. ප්‍රකාශ කරණලද්දේය. සුන්වැරහැලි ඇත්තේ ය, හෙවත් සුන්කසට ඇත්තේ ය. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දේසනා කරණලද ප්‍රකට කරණලද විවෘත කරණලද ප්‍රකාශ කරණලද සුන්වැරහැලි ඇති ධර්‍මය ඇති කල්හි සැදැහැයෙන් පැවිදි වූ කුලපුතු විසින් “සිරුරෙහි සම ද නහර ද ඇට ද ඒකාන්තයෙන් ඉතිරි වේවා. මස් ලේ වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ යමක් වේ නම් ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ සිටුමෙක් (=නැවැත්මෙක්) නො වන්නේ ය” යි වැර අරඹන්නට සුදුසු ම ය.
Pali BJTදුක්ඛං හි භික්ඛවෙ, කුසීතො විහරති වොකිණ්ණො පාපකෙහි අකුසලෙහි ධම්මෙහි. මහන්තඤ්ච සදත්ථං පරිහාපෙති. ආරද්ධවිරියො ච ඛො භික්ඛවෙ සුඛං විහරති පවිවිත්තො පාපකෙහි අකුසලෙහි ධම්මෙහි. මහන්තඤ්ච සදත්ථං පරිපූරෙති.
Sinhala BJTමහණෙනි, කුසීත පුද්ගල තෙමේ පවිටු අකුසල් දහමින් ගැවසුනේ දුක සේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්‍ත්‍ථය පිරිහෙළයි. මහණෙනි, ඇරඹූ වැර ඇති පුඟුල් තෙමේ පවිටු අකුසල් දහමින් වෙන් වූයේ සුවසේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්‍තවය සම්පූර්‍ණ කෙරෙයි (රහත් බවට පැමිණෙයි)
Pali BJTන භික්ඛවෙ, හීනෙන අග්ගස්ස පත්ති හොති. අග්ගෙන ච ඛො{3} අග්ගස්ස පත්ති හොති. මණ්ඩපෙය්යමිදං භික්ඛවෙ, බ්රහ්මචරියං, සත්ථා{4} සම්මුඛීභූතො. තස්මාතිහ භික්ඛවෙ, විරියං ආරභථ අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. “එවං නො අයං අම්හාකං පබ්බජ්ජා අවඤ්ඣා{5} භවිස්සති, සඵලා සඋද්රයා, යෙසං{6} මයං පරිභුඤ්ජාම චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරං, තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා”ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං. අත්තත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං. පරත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුන්ති. උභයත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුන්ති.
Sinhala BJTමහණෙනි, හීන වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත් බවට පැමිණීමෙක් නො වේ. අග්‍ර වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත්බවට පැමිණීම වේ. මහණෙනි, මේ බඹසර පහන් මිහිරි පැනක් බඳු ය. ශාස්තෲන් වහන්සේ හමු වූ සේක. මහණෙනි, එහෙයින් නො පැමිණි ධර්‍මයට පැමිණීම පිණිස අවබෝධ නො කළ ධර්‍මය අවබෝධ කිරීම පිණිස පසක් නො කළ ධර්‍මය පසක් කිරීම පිණිස වැර අරඹවු: “මෙසේ අපගේ පැවිද්ද නො සිස් වන්නේ ය. සඵල වන්නේ ය. වැඩීම් සහිත වන්නේ ය. අපි යම් කෙනකුන්ගේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමෝ නම් ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප විෂයයෙහි මහත්ඵල මහානිසංස වන්නාහ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, ආත්මාර්‍ත්‍ථය අපේක්‍ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. පරාර්‍ත්‍ථය අපේක්‍ෂා කරන්නහු විසිනුදු නො පමාව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. මහණෙනි, උභයාර්‍ත්‍ථය අපේක්‍ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය.
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJTඋපනිසසුත්තං
Sinhala BJTඋපනිස සූත්‍රය
Pali BJT23. සාවත්ථියං–
Sinhala BJT23 සැවැත්නුවර–
Pali BJTජානතො අහං භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති? “ඉති රූපං ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස අත්ථංගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයො ඉති විඤ්ඤාණස්ස අත්ථංගමොති”. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොති.
Sinhala BJTමහණෙනි, මම දන්නහුට දක්නහුට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුට නො දක්නහුට නො වේ. මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රවක්‍ෂය වේ ද? “මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ වේදනා ය. ... මේ සංඥාය. ... මේ සංස්කාර ය. ... මේ විඥානය ය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය”යි මහණෙනි මෙ සේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රවක්‍ෂය වේ.
Pali BJTයම්පිස්ස{1} තං භික්ඛවෙ, ඛයස්මිං ඛයෙ ඤාණං, තම්පි සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික්ඛවෙ ඛයෙ ඤාණස්ස උපනිසා? විමුත්තීතිස්ස වචනීයං. විමුත්තිම්පහං{2} භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, විමුත්තියා උපනිසා? විරාගොතිස්ස වචනීයං. විරාගම්පහං{3} භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, විරාගස්ස උපනිසා? නිබ්බිදාතිස්ස වචනීයං. නිබ්බිදම්පහං{4} භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, නිබ්බිදාය උපනිසා? යථාභූතඤාණදස්සනන්තිස්ස වචනීයං.
Sinhala BJTමහණෙනි, ආස්‍රවක්‍ෂය වූ කල්හි අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත ක්‍ෂයයෙහි යම් ඒ ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙක් වන්නේ ද, එය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ක්‍ෂයඥානයෙහි ප්‍රත්‍යය කුමක් ද? (අර්‍හත්ඵල) විමුක්තිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විමුක්තිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නොකියමි. මහණෙනි, විමුක්තියට ප්‍රත්‍යය කුමක් ද? විරාගය (මාර්‍ගය) යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විරාගය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විරාගයට ප්‍රත්‍යය කුමක් ද? නිර්වේදය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, නිර්වේදය ද ප්‍රත්‍යය සහිත යයි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නිර්වේදයට ප්‍රත්‍යය කුමක් ද? යථාභූතඥානදර්‍ශනය යි කිය යුතු වන්නේ ය.
Pali BJTයථාභූතඤාණදස්සනම්පහං{5} භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, යථාභූතඤාණදස්සනස්ස උපනිසා? සමාධීතිස්ස වචනීයං. සමාධිම්පහං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සමාධිස්ස උපනිසා? සුඛන්තිස්ස වචනීයං. සුඛම්පහං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සුඛස්ස උපනිසා? පස්සද්ධීතිස්ස වචනීයං. පස්සද්ධිම්පහං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, පස්සද්ධියා උපනිසා? පීතීතිස්ස වචනීයං. පීතිම්පහං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ පීතියා උපනිසා? පාමුජ්ජන්තිස්ස වචනීයං. පාමුජ්ජම්පහං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං.
Sinhala BJTමහණෙනි, යථාභූතඥානදර්‍ශනය ද ප්‍රත්‍යය සහිත ය යි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, යථාභූතඥානදර්‍ශනයට ප්‍රත්‍යය කුමක් ද? සමාධිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සමාධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සමාධියට ප්‍රත්‍යය කුමක් ද? සුඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සුඛය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සුඛයට ප්‍රත්‍යය කුමක් ද? පස්සද්ධි ය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම පස්සද්ධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, පස්සද්ධියට ප්‍රත්‍යය කුමක්ද? ප්‍රීතිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රීතිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ප්‍රීතියට ප්‍රත්‍යය කුමක් ද? ප්‍රාමෝද්‍යය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රාමෝද්‍යය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.
Pali BJTකා ච භික්ඛවෙ, පාමුජ්ජස්ස උපනිසා? සද්ධාතිස්ස වචනීයං. සද්ධම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සද්ධාය උපනිසා? දුක්ඛන්තිස්ස වචනීයං. දුක්ඛම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, දුක්ඛස්ස උපනිසා? ජාතීතිස්ස වචනීයං. ජාතිම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, ජාතියා උපනිසා? භවොතිස්ස වචනීයං. භවම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, භවස්ස උපනිසා? උපාදානන්තිස්ස වචනීයං. උපාදානම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, උපාදානස්ස උපනිසා? තණ්හාතිස්ස වචනීයං. තණ්හම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, තණ්හාය උපනිසා? වෙදනාතිස්ස වචනීයං. වෙදනම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, වෙදනාය උපනිසා? ඵස්සොතිස්ස වචනීයං. ඵස්සම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං.
Sinhala BJTමහණෙනි, ප්‍රාමෝද්‍යයට ප්‍රත්‍යය කුමක් ද? ශ්‍රද්ධාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ශ්‍රද්ධාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ශ්‍රද්ධාවට ප්‍රත්‍යය කුමක් ද? දුඃඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම දුඃඛය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි මහණෙනි, දුඃඛයට ප්‍රත්‍යය කුමක් ද? ජාතිය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම ජාතිය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ජාතියට ප්‍රත්‍යය කුමක් ද? භවය යි කිය යුතු වන්නේය. මහණෙනි, මම භවය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, භවයට ප්‍රත්‍යය කුමක් ද? උපාදානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම උපාදානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, උපාදානයට ප්‍රත්‍යය කුමක් ද? තෘෂ්ණාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම තෘෂ්ණාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, තෘෂ්ණාවට ප්‍රත්‍යය කුමක් ද? වේදනාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම වේදනාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, වේදනාවට ප්‍රත්‍යය කුමක් ද? ස්පර්‍ශය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ස්පර්‍ශය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.
Pali BJTකා ච භික්ඛවෙ, ඵස්සස්ස උපනිසා? සළායතනන්තිස්ස වචනීයං. සළායතනම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික්ඛවෙ සළායතනස්ස උපනිසා? නාමරූපන්තිස්ස වචනීයං. නාමරූපම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික්ඛවෙ නාමරූපස්ස උපනිසා? විඤ්ඤාණන්තිස්ස වචනීයං. විඤ්ඤාණම්පහං භික්ඛවෙ, සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික්ඛවෙ විඤ්ඤාණස්ස උපනිසා? සඞ්ඛාරාතිස්ස වචනීයං. සඞ්ඛාරෙපහං භික්ඛවෙ, සඋපනිසෙ වදාමි, නො අනුපනිසෙ. කා ච භික්ඛවෙ, සඞ්ඛාරානං උපනිසා? අවිජ්ජාතිස්ස වචනීයං.
Sinhala BJTමහණෙනි, ස්පර්‍ශයට ප්‍රත්‍යය කුමක් ද? ෂඩායතනය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ෂඩායතනය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ෂඩායතනයට ප්‍රත්‍යය කුමක් ද? නාමරූප යි කිය යුතු වන්නේ යි. මහණෙනි, මම නාමරූප ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නාමරූපයට ප්‍රත්‍යය කුමක් ද? විඥානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විඥානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විඥානයට ප්‍රත්‍යය කුමක් ද? සංස්කාර ය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, සංස්කාර ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සංස්කාරයන්ට ප්‍රත්‍යය කුමක් ද? අවිද්‍යාව යි කිය යුතු වන්නේ ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ, අවිජ්ජූපනිසා සඞ්ඛාරා. සඞ්ඛාරූපනිසං විඤ්ඤාණං. විඤ්ඤාණූපනිසං නාමරූපං. නාමරූපූපනිසං සළායතනං. සළායතනූපනිසො ඵස්සො. ඵස්සූපනිසා වෙදනා. වෙදනූපනිසා තණ්හා. තණ්හූපනිසං උපාදානං. උපාදානූපනිසො භවො. භවූපනිසා ජාති. ජාතූපනිසං දුක්ඛං. දුක්ඛූපනිසා සද්ධා. සද්ධූපනිසං පාමුජ්ජං. පාමුජ්ජූපනිසා පීති. පීතූපනිසා පස්සද්ධි. පස්සද්ධූපනිසං සුඛං. සුඛූපනිසො සමාධි. සමාධූපනිසං යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනූපනිසා නිබ්බිදා. නිබ්බිදූපනිසො විරාගො. විරාගූපනිසා විමුත්ති. විමුත්තූපනිසං ඛයෙඤාණං.
Sinhala BJTමහණෙනි, මෙසේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමෝද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උපරි පබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දර පදරසාඛා පරිපූරෙති. පබ්බතකන්දර පදරසාඛා පරිපූරා කුසොබ්භෙ{1}. පරිපූරෙන්ති, කුසොබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති. කුන්නදියො පරිපූරායො මහානදියො පරිපූරෙන්ති. මහානදියො පරිපූරා මහාසමුද්දං{2} පරිපූරෙන්ති.
Sinhala BJTමහණෙනි, කඳුමුදුනක මහත් දියබිඳු ඇති වැස්ස වස්නා කල්හි ඒ දිය පහත් බිම අනුව පවත්නේ කඳු බෑවුම් පැළිවිවර හා කුඩා දිය අගල් යම් සේ පුරවා ද, කඳුබෑවුම් පැළිවිවර සහ කුඩා දිය අගල් පිරුණාහු කුඩා වළවල් පුරවත් ද, කුඩා වළවල් පිරුණාහු මහ වළවල් පුරවත් ද, මහවළවල් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවත් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවත් ද, මහාගඞ්ගා පිරුණාහු මහසමුදුර පුරවත් ද,
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජූපනිසා සඞ්ඛාරා. සඞ්ඛාරූපනිසං විඤ්ඤාණං. විඤ්ඤාණූපනිසං නාමරූපං. නාමරූපූපනිසං සළායතනං. සළායතනූපනිසො ඵස්සො. ඵස්සූපනිසා වෙදනා. වෙදනූපනිසා තණ්හා. තණ්හූපනිසං උපාදානං. උපාදානූපනිසො භවො. භවූපනිසා ජාති. ජාතූපනිසං දුක්ඛං. දුක්ඛූපනිසා සද්ධා. සද්ධූපනිසං පාමොජ්ජං. පාමොජ්ජූපනිසා පීති. පීතූපනිසා පස්සද්ධි. පස්සද්ධූපනිසං සුඛං. සුඛූපනිසො සමාධි. සමාධූපනිසං යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනූපනිසා නිබ්බිදා. නිබ්බිදූපනිසො විරාගො. විරාගූපනිසා විමුත්ති. විමුත්තූපනිසං ඛයෙඤාණන්ති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමෝද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJTඅඤ්ඤතිත්ථියසුත්තං
Sinhala BJTඅඤ්ඤතිත්‍ථිය සූත්‍රය
Pali BJT24. රාජගහෙ –
Sinhala BJT24. රජගහනුවර –
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: අතිප්පගො ඛො තාව රාජගහෙ පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරැ ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “රජගහ නුවර පිඬු පිණිස හැසිරීමට ඉතා අලුයම මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස පහළ විය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹියහ. එළැඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීවාහු ය:
Pali BJTසන්තාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්තාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති. ඉධ පනාවුසො සාරිපුත්ත, සමණො ගොතමො කිංවාදී, කිමක්ඛායී? කථං බ්යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව සමණස්ස ගොතමස්ස අස්සාම? න ච සමණං ගොතමං අභූතෙන අබ්භාචික්ඛෙය්යාම? ධම්මස්ස චානුධම්මං{1} බ්යාකරෙය්යාම න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති?
Sinhala BJTඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි. කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හට ගත්තේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙහි ලා මහණ ගොයුම් තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු වූයේ ද, කෙසේ විසඳන්නා වූ අපි මහණ ගොයුම්හු විසින් කියන ලද්දක් කියන්නමෝ ද? මහණ ගොයුම්හට බොරුවෙන් නො ම අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොම පැමිණෙන්නේ ද’යි.
Pali BJTපටිච්චසමුප්පන්නං ඛො ආවුසො දුක්ඛං වුත්තං භගවතා. කිම්පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව භගවතො අස්ස. න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්ය ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය. න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
Sinhala BJTඇවැත්නි, දුක ප්‍රත්‍යයයෙන් හට ගත්තෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
Pali BJTතත්ර ආවුසො යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා.
Sinhala BJTඇවැත්නි, කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලදැ යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව හටගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි.
Pali BJTතත්ර ආවුසො යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති{1} නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (දුක්වේදනා) විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො සාරිපුත්තස්ස තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො ආයස්මතො සාරිපුත්තස්ස තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං අහොසි කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙම් ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසුයේ ම ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ රජගහනුවර පිඬු පිණිස හැසිරැ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.
Pali BJTසාධු සාධු ආනන්ද, යථා තං සාරිපුත්තො ව{2} සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. පටිච්චසමුප්පන්නං ඛො ආනන්ද දුක්ඛං වුත්තං මයා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස. න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
Sinhala BJTආනන්‍ද, මැනවි. මැනවි. ශාරීපුත්‍ර තෙමේ ම පවසන්නේ මොනොවට පවසන්නේ ය. ආනන්‍ද, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තේ ය යි මා විසින් කියන ලදි. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. මා බොරුවෙන් නො ම අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද පැමිණෙන්නේ ය.
Pali BJTතත්රා’නන්ද, යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා.
Sinhala BJTආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශ ප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
Pali BJTතත්රා’නන්ද, යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පවසද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනු දු මෙරමා විසිනු දු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
Pali BJTඑකමිදාහං ආනන්ද, සමයං ඉධෙව රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථඛ්වාහං ආනන්ද, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. තස්ස මය්හං ආනන්ද එතදහොසි: “අතිප්පගො ඛො තාව රාජගහෙ පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛ්වාහං ආනන්ද, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරාණීයං{3} වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං, එකමන්තං නිසින්නං ඛො මං ආනන්ද, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං:
Sinhala BJTආනන්‍ද, එක්කලෙක මම මේ රජගහනුවර ම කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වෙසෙමි. ආනන්‍ද එකල්හි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියෙමි. ආනන්‍ද, ඒ මට රජගහනුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩි ය, මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් යෙහෙකැ”යි මේ අදහස වී ය. ආනන්‍ද, එකල්හි මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වීමි. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හිඳගත්තෙමි. ආනන්‍ද, එකත්පසෙක හිඳ ගත් මට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:
Pali BJTසන්තාවුසො ගොතම, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො ගොතම, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා, පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්තාවුසො ගොතම, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො ගොතම, එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති. ඉධ නො ආයස්මා ගොතමො කිංවාදී? කිමක්ඛායී? කථං බ්යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව ආයස්මතො ගොතමස්ස අස්සාම: න ච ආයස්මන්තං ගොතමං අභූතෙන අබ්භාචික්ඛෙය්යාම, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යාම, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති.
Sinhala BJTඇවැත්නි ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලදැයි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත්. මෙහි ලා අපගේ ආයුෂ්මත් ගෞතම තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු ද? කෙසේ විසඳන්නා වූ අපි ආයුෂ්මත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝත් වන්නමෝ ද; ආයුෂ්මත් ගෞතමයන්ට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කියන්නමෝ ද, දහමට අනුදහමක් පවසන්නමෝ ද, කරණු සහිත කිසියම් වාදානුපාතයෙක් පැමිණෙන්නේ ද යි.
Pali BJTඑවං වුත්තාහං ආනන්ද, තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොචං: පටිච්චසමුප්පන්නං ඛො ආවුසො දුක්ඛං වුත්තං මයා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස, න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.{1}
Sinhala BJTආනන්‍ද, මෙසේ කියන ලද මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මේ කීයෙමි. ඇවැත්නි, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තෙකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කරන්නේය දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය යි.
Pali BJTතත්රා’වුසො යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා.
Sinhala BJTඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි, යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, එද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
Pali BJTතත්රා’වුසො යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (වේදනා) විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ යි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යත්ර හි නාම එකෙන පදෙන සබ්බො අත්ථො වුත්තො භවිස්සති. සියා නු ඛො භන්තෙ එසෙවත්ථො විත්ථාරෙන වුච්චමානො ගම්භීරො චෙව අස්ස, ගම්භීරාවභාසො චාති. තෙනහානන්ද, තඤ්ඤෙවෙත්ථ පටිභාතූති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි! වහන්ස, පුදුමයෙකි යම් හෙයෙකින් නම් එක් පදයකින් සියලු අර්‍ත්‍ථය කියන ලද්දේ වන්නේ ද, (එහෙයිනි.) වහන්ස, මේ අරුත ම විතර විසින් කියනු ලබන්නේ ගැඹුරු වූයේත් ගැඹුරැ වැටහීම් ඇත්තේත් වන්නේ දෝ, ආනන්‍ද, එසේ වූ නම් එය ම මෙහි ලා වැටහේ වා.
Pali BJTසචෙ මං භන්තෙ එවං පුච්ඡෙය්යුං, ජරාමරණං ආවුසො ආනන්ද, කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිම්පභවන්ති: එවං පුට්ඨොහං{2} භන්තෙ එවං බ්යාකරෙය්යං, ජරාමරණං ඛො ආවුසො ජාතිනිදානං, ජාතිසමුදයං, ජාතිජාතිකං, ජාතිප්පභවන්ති. එවං පුට්ඨොහං භන්තෙ, එවං බ්යාකරෙය්යං.
Sinhala BJTවහන්ස, ඉදින් මා ඇවැත්නි ආනන්‍දයෙනි, ජරාමරණ කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිහේතු කොට ඇත්තේ ද , කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම්, වහන්ස, මෙසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. ඇවැත්නි, ජරාමරණ ජාතිය නිදාන කොට ඇත්තේ ය. ජාතිය හට ගැණුම් කොට ඇත්තේ ය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය ප්‍රභව කොට ඇත්තේ යයි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං ජාති පනාවුසො ආනන්ද, කින්නිදානා කිංසමුදයා කිඤ්ජාතිකා කිම්පභවාති, එවං පුට්ඨො’හං භන්තෙ එවං බ්යාකරෙය්යං ජාති ඛො ආවුසො භවනිදානා, භවසමුදයා, භවජාතිකා, භවප්පභවාති. එවං පුට්ඨො’හං භන්තෙ එවං බ්යාකරෙය්යං.
Sinhala BJTවහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්‍දයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාතිය කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ජාතිය භවය නිදාන කොට ඇත්තේ ය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවහ ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං භවො පනාවුසො ආනන්ද, කින්නිදානො, කිංසමුදයො, කිඤ්ජාතිකො, කිම්පභවොති, එවං පුට්ඨො’හං භන්තෙ එවං බ්යාකරෙය්යං භවො ඛො ආවුසො උපාදානනිදානො උපාදානසමුදයො උපාදානජාතිකො උපාදානප්පභවොති. එවං පුට්ඨො’හං භන්තෙ එවං බ්යාකරෙය්යං.
Sinhala BJTවහන්ස, ඉදින් මා “ඇවැත්නි ආනන්‍දයෙනි, භවහ කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං. උපාදානං පනාවුසො -පෙ- තණ්හා පනාවුසො -පෙ- වෙදනා පනාවුසො -පෙ-
Sinhala BJTවහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම් “ඇවැත්නි, උපාදාන ... ඇවැත්නි, තෘෂ්ණාව ... ඇවැත්නි, වේදනාව ...
Pali BJTසචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං ඵස්සො පනාවුසො ආනන්ද, කින්නිදානො, කිංසමුදයො, කිඤ්ජාතිකො, කිම්පභවොති, එවං පුට්ඨො’හං භන්තෙ එවං බ්යාකරෙය්යං, ඵස්සො ඛො ආවුසො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො, සළායතනපභවො{1}
Sinhala BJTවහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්‍දයෙනි, ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ? යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරන ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ස්පර්‍ශය ෂඩායතන නිදාන කොට ඇත්තේ ය, ෂඩායතන සමුදය කොට ඇත්තේ ය, ෂඩායතන ජාති කොට ඇත්තේ ය, ෂඩායතන ප්‍රභව කොට ඇත්තේ ය.
Pali BJTඡන්නං ත්වෙව ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා ඵස්සනිරොධො. ඵස්සනිරොධා වෙදනානිරොධො. වෙදනානිරොධා තණ්හානිරොධො. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති. එවං පුට්ඨො’හං භන්තෙ එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJTඇවැත්නි, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJTභූමිජසුත්තං
Sinhala BJTභූමිජ සූත්‍රය
Pali BJT25. සාවත්ථියං–
Sinhala BJT25. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා භූමිජො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භූමිජො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථිවිර තෙමේ සවස්කල පටිසල්ලානයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් භූමිජ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළේය:
Pali BJTසන්තාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා පරංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො{1} සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ ඔහු සුවදුක් මෙරමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණලද්දේ ඉබේ හටගත්තකැ යි පණවත්.
Pali BJTඉධ නො ආවුසො සාරිපුත්ත භගවා කිං වාදී? කිමක්ඛායී? කථං ව්යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව භගවතො අස්සාම? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යාම? ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යාම? න ච කො චි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති?
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියන සුලු සේක් ද? කෙසේ විසඳන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝත් වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ද? යී.
Pali BJTපටිච්චසමුප්පන්නං ඛො ආවුසො සුඛදුක්ඛං වුත්තං භගවතා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව. භගවතො අස්ස, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය. න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
Sinhala BJTඇවැත්නි, සුවදුක් ප්‍රත්‍යයෙන් හටගත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරණු සහිත කිසි යම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
Pali BJTතත්රා’වුසො යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තද’පි ඵස්සපච්චයා.
Sinhala BJTඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
Pali BJTතත්රා’වුසො යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTඇවැත්නි, එහි කර්‍මවාදී වූ ඒ මහණ බමුණු කෙනෙකුත් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වන්නේ ය. යම් ඒ .. යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන්ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො සාරිපුත්තස්ස ආයස්මතා භූමිජෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො ආයස්මතො සාරිපුත්තස්ස ආයස්මතා භූමිජෙන සද්ධිං අහොසි කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග පැවැති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ යම් තාක් කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJTසාධු සාධු ආනන්ද, යථා තං සාරිපුත්තො සම්මා ව්යාකරමානො ව්යාකරෙය්ය. පටිච්චසමුප්පන්නං ඛො ආනන්ද සුඛදුක්ඛං වුත්තං මයා, කිං පටිච්ච, ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
Sinhala BJTආනන්‍ද, මැනවි, මැනවි, ශාරීපුත්‍රස්ථවිර තෙමේ ම විසඳන්නේ ඒ තත්වූ පරිදි මොනවට විසඳන්නේ ය. ආනන්‍ද, සුවදුක් ප්‍රත්‍යයයෙන් හටගත්තේ යයි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියනලද්දක් කියන ලද්දේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
Pali BJTතත්රානන්ද යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි ඵස්සපච්චයා.
Sinhala BJTආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු, කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එය ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
Pali BJTතත්රානන්ද යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.
Pali BJTකායෙ වා හානන්ද සති කායසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, වාචාය{1} වා හානන්ද සති වචීසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. මනෙ වා හානන්ද සති මනොසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං අවිජ්ජාපච්චයා ච{2}.
Sinhala BJTආනන්‍ද, කය ඇති කල්හිත් කායසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්‍ද, වචනය ඇති කල්හිත් වචීයසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්‍ද, සිත ඇති කල්හිත් මනෝසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. අවිද්‍යාප්‍රත්‍යයෙන් ද (සුවදුක්) උපදි.
Pali BJTසාමං වා තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති යම්පච්චයාස්ස{3} තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙවාස්ස{4} තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති{5} යම්පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සම්පජානො වා තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති. යම්පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති.
Sinhala BJTයම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද තෙමේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මෙරමාත් ඔහුගේ ඒ කායසංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් ඇත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් නැත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරේ.
Pali BJTයං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සාමං වා තං ආනන්ද වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං{6}, පරෙවාස්ස තං ආනන්ද වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සම්පජානො වා තං ආනන්ද -පෙ- අසම්පජානො වා තං ආනන්ද -පෙ- වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති.
Sinhala BJTයම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ එ සුවදුක් උපදී ද, ආනන්‍ද තෙමේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, මෙරමාත් ඔහුගේ ඒ වාක්සංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද මනා දැනුම් ඇත්තේත් ඒ ... ආනන්‍ද, මනා දැනුම් නැත්තේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි.
Pali BJTයං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සාමං වා තං ආනන්ද මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං ආනන්ද මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං ආනන්ද -පෙ- අසම්පජානො වා තං ආනන්ද මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. ඉමෙසු ආනන්ද ධම්මෙසු අවිජ්ජා අනුපතිතා.
Sinhala BJTයම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද තෙමේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදි ද, ආනන්‍ද, මෙරමාත් ඔහුගේ ඒ මනඃසංස්කාර රැස් කෙරෙත්. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් ඇත්තේත් ඒ ... යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, මනා දැනුම් නැත්තේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. ආනන්‍ද, මේ ධර්‍මයන්හි අවිද්‍යාව යුක්තවූවා ය.
Pali BJTඅවිජ්ජායත්වෙව ආනන්ද අසෙසවිරාගනිරොධා සො කායො න හොති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සා වාචා න හොති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සො මනො න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. ඛෙත්තං තං{7} න හොති. -පෙ- වත්ථු තං{8} න හොති. -පෙ- ආයතනං තං{9} න හොති. -පෙ- අධිකරණං තං{10} න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති.
Sinhala BJTයම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්‍ද, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඒ කය නොවේ. යම් ප්‍රත්‍යය කින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ වචනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ සිත නොවේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ කෙත නො වේ. ... ඒ වාස්තුව නො වේ. ... ඒ ආයතනය නො වේ. යම් ප්‍රත්‍යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ අධිකරණය නො වේ.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJTඋපවාණසුත්තං
Sinhala BJTඋපවාණ සූත්‍රය
Pali BJT26. සාවත්ථියං–
Sinhala BJT26. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවාණො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
Pali BJTසන්ති හි භන්තෙ,{1} එකෙ සමණබ්රාහ්මණා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති හි පන භන්තෙ{1} එකෙ සමණබ්රාහ්මණා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති හි භන්තෙ එකෙ සමණබ්රාහ්මණා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති හි පන භන්තෙ එකෙ සමණබ්රාහ්මණා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTවහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසින්ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක මෙරමා විසින් ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලද්දේ ය යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ හේතුප්‍රත්‍යය රහිතව (ඉබේ) හටගත්තේය යි පණවත්,
Pali BJTඉධ නො භන්තෙ භගවා කිං වාදී? කිමක්ඛායී! කථං බ්යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව භගවතො අස්සාම? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යාම? ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යාම? න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති?
Sinhala BJTවහන්ස, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියනසුලු සේක් ද? කෙසේ පවසන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්ද අනුව කියන්නෝ වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො එන්නේ ද?
Pali BJTපටිච්චසමුප්පන්නං ඛො උපවාණ දුක්ඛං වුත්තං මයා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්ය ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
Sinhala BJTඋපවාණ, දුක ප්‍රත්‍යයයෙන් හටගත්තකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොටය මෙසේ කියන්නේ මා විසින් කියන ලද්ද අනු ව කියන්නෙක් වන්නේ ය. බොරුවෙන් මා නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද එන්නේ ය.
Pali BJTතත්ර උපවාණ යෙ තෙ සමණබ්රාහ්මණා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි ඵස්සපච්චයා.
Sinhala BJTඋපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලදැ යි පණවද්ද, ළු ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
Pali BJTතත්ර උපවාණ{2} යෙ තෙ සමණබ්රාහ්මණා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTඋපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJTපච්චයසුත්තං
Sinhala BJTපච්චය සූත්‍රය
Pali BJT27. සාවත්ථියං–
Sinhala BJT27. සැවැත්නුවර–
Pali BJTඅවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස{1} නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො, ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදං ච මරණං ඉදං වුච්චති භික්ඛවෙ ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො, ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, ජරාමරණ කවරේ ද යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැලි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වනිකායෙන් ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් සම්මුති මරණයෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතින්‍ද්‍රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණ ය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදය වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජරාමරණ නිරොධගාමිනී ප්‍රතිපදාව ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, ජාති?{2} යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති භික්ඛවෙ ජාති. භවසමුදයා ජාති සමුදයො. භවනිරොධා ජාති නිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජාතිනිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළි ගැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාතිය යි කියනු ලැබේ. භවසමුදයෙන් ජාති සමුදය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධිය යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, භවො -පෙ- කතමඤ්ච භික්ඛවෙ උපාදානං -පෙ- කතමා ච භික්ඛවෙ තණ්හා -පෙ- කතමා ච භික්ඛවෙ වෙදනා -පෙ- කතමො ච භික්ඛවෙ ඵස්සො -පෙ- කතමං ච භික්ඛවෙ සළායතනං -පෙ- කතමං ච භික්ඛවෙ නාමරූපං -පෙ- කතමං ච භික්ඛවෙ විඤ්ඤාණං -පෙ- {*} කතමෙ ච භික්ඛවෙ සඞ්ඛාරා තයො මෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛාරා. අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: ... මහණෙනි, වේදනා නම් කවර යත්: ... මහණෙනි, ස්පර්‍ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: ... මහණෙනි, නාම රූප නම් කවර යත්: ... මහණෙනි, විඥාන නම් කවර යත්: ... {*}මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි: කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මේ සංස්කාර ය යි කියනු ලැබේ. අවිද්‍යා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසම්ධි යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, අරියසාවකො එවං පච්චයං{3} පජානාති, එවං පච්චයසමුදයං පජානාති, එවං පච්චයනිරොධං පජානාති, එවං පච්චයනිරොධගාමිනිං පටිපදං පජානාති, අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන{4} ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය{5} විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යය දනී ද, මෙසේ ප්‍රත්‍යයසමුදය දනී ද, මෙසේ ප්‍රත්‍යයනිරෝධය දනී ද, මෙසේ ප්‍රත්‍යය නිරෝධගාමිනීප්‍රතිපදාව දනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මාර්‍ගදෘෂ්ටියෙන් යුක්ත ය යි ද, මාර්‍ගදර්‍ශනයෙන් යුක්ත ය යි ද, මේ සදහමට පැමිණියේ ය යි ද, මේ සදහම දකී ය යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත ය යි ද, ශෛක්‍ෂවිද්‍යාවෙන් සමන්‍වාගත ය යි ද, (මාර්‍ගසඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතසට පැමිණියේ ය යි ද, ආර්‍ය්‍ය වූ නිර්වේධිප්‍රඥා ඇත්තේ ය යි ද නිවන් දොරට හැනී සිටි ය යි ද කියනු ලැබෙයි.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT28. සාවත්ථියං–
Sinhala BJT28. සැවැත්නුවර–
Pali BJTතත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ජරාමරණං පජානාති, ජරාමරණසමුදයං පජානාති, ජරාමරණනිරොධං පජානාති, ජරාමරණ නිරොධගාමිනිං පටිපදං පජානාති. ජාතිං පජානාති -පෙ- භවං පජානාති -පෙ- උපාදානං පජානාති -පෙ- තණ්හං පජානාති -පෙ- වෙදනං පජානාති -පෙ- ඵස්සං පජානාති -පෙ- සළායතනං පජානාති -පෙ- නාමරූපං පජානාති -පෙ- විඤ්ඤාණං පජානාති -පෙ- සඞ්ඛාරෙ පජානාති, සඞ්ඛාරසමුදයං පජානාති, සඞ්ඛාරනිරොධං පජානාති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ ජරාමරණ දනී. ජරාමරණ සමුදය දනී. ජරාමරණ නිරෝධය දනී. ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී. ජාතිය දනී ... භවය දනී ... උපාදාන දනී ... තෘෂ්ණාව දනී ... වේදනාව දනී ... ස්පර්‍ශය දනී ... ෂඩායතන දනී ... නාමරූප දනී ... විඥානය දනී ... සංස්කාර දනී. සංස්කාර සමුදයය දනී. සංස්කාර නිරෝධය දනී. සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී.
Pali BJTකතමං ච භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො, ඉදං වුච්චති මරණං. ඉති අයං ච ජරා ඉදං ච මරණං. ඉදං වුච්චති භික්ඛවෙ ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො. ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, ජරාමරණ කවරේද යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි දිරීමෙක් දිරුම්බවෙක් දත් වැටිමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයුපිරිහීමෙක් ඉඳුරන් මේරීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් වෙන් වීමෙක් වෙන්වන බවෙක් අතුරුදන් වීමෙක් මෘත්‍යු නම් වූ මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේ දැ, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදයය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
Pali BJTකතමා ච භික්ඛවෙ ජාති -පෙ- කතමො ච භික්ඛවෙ භවො -පෙ- කතමං ච භික්ඛවෙ උපාදානං -පෙ- කතමා ච භික්ඛවෙ තණ්හා -පෙ- කතමා ච භික්ඛවෙ වෙදනා -පෙ- කතමො ච භික්ඛවෙ ඵස්සො -පෙ- කතමං ච භික්ඛවෙ සළායතනං -පෙ- කතමං ච භික්ඛවෙ නාමරූපං -පෙ- කතමං ච භික්ඛවෙ විඤ්ඤාණං -පෙ- කතමෙ ච භික්ඛවෙ, සඞ්ඛාරා? තයො’මෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛාරා. අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, ජාතිය නම් කවර යත්: ... මහණෙනි, භවය නම් කවර යත් ... මහණෙනි, උපාදාන නම් කවර යත් ... මහණෙනි, තණ්හා නම් කවර යත් ... මහණෙනි, වේදනා නම් කවර යත් ... මහණෙනි, ඵස්ස නම් කවර යත් ... මහණෙනි, සළායතන නම් කවර යත් ... මහණෙනි, නාමරූප නම් කවර යත්: මහණෙනි, විඤ්ඤාණ නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර තුණෙකි: කාය සඞ්ඛාරය, විචීසඞ්ඛාරය, චිත්තසඞ්ඛාරය. මහණෙනි, මොහු සඞ්ඛාරයෝ යි කියනු ලැබෙත්. අවිද්‍යාසමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ම සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
Pali BJTයතො ඛො භික්ඛවෙ, භික්ඛු එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති -පෙ- එවං ජාතිං පජානාති -පෙ- එවං භවං -පෙ- එවං උපාදානං -පෙ- එවං තණ්හං -පෙ- එවං වෙදනං -පෙ- එවං ඵස්සං -පෙ- එවං සළායතනං -පෙ- එවං නාමරූපං -පෙ- එවං විඤ්ඤාණං -පෙ- එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති, එවං සඞ්ඛාරනිරොධං පජානාති. එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදයය දනී ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, ... මෙසේ ජාතිය දනී ද, ... මෙසේ භවය දනී ද, ... මෙසේ උපාදාන දනී ද, ... මෙසේ තෘෂ්ණාව ... මෙසේ වේදනාව ... මෙසේ ස්පර්‍ශය ... මෙසේ ෂඩායතන .. මෙසේ නාමරූප ... මෙසේ විඥානය ... මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාර නිරෝධය දනී ද, මෙසේ සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, මහණෙනි, මේ මහණ තෙමේ දෘෂ්ටිසම්පන්න යි ද, දර්‍ශනසම්පන්න යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ යි ද, මේ සද්ධර්‍මය දකී යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත යි ද, ශෛක්‍ෂ විද්‍යාවෙන් සමන්‍වාගත යි ද, ධර්‍මෙස්‍රෝතසට පැමිණියේ යි ද, ආර්‍ය්‍ය වූ නිර්වේධිකප්‍රඥා ඇත්තේ යි ද, නිවන් දොරට හැපී සිටී යි ද කියනු ලැබේ.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT29. සාවත්ථියං–
Sinhala BJT29. සැවැත්නුවර–